ලගදීම විවාහ
බන්දනයට බදුන් වීමට නියමිත බැවින් දැන් දැන් TV එකේ යන්නාවූ wedding programs බැලීමට ටිකක් විතර උත්සහ ගත්තෙමි.ඒවා බැලීමෙන් පෙම්වතිය
පවසනා අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගතහැකියැයි සිතුන නිසා එසේ කිරීමට මා
සිත පෙලඹිණි.නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිලිබ්ද කිසිදු
දැනීමකින් තොරව ඔලුව වනන්නට යාම මගේ තත්වයට හොද නැතිවාක් මෙන්ම මගේ pocket එකටද හොද නැතිවිය හැක.
මීට වසර 3කට පමණ පෙරනම් මෙවැනි
වැඩසටහනක් ගියේ සිරසේ පම්ණක් විය යුතුය.ඒ දින වල ගෙදරට වී එකේ Channel ටික මාරු කර කර ඔහේ
කාලය ගෙවන විට මේවාගේ එව්වා දෑක තිබුනේ සිරසේ පමණි.ඒ දිනවල Channel මාරු කරන අස්සේ අපිට
දිරවන්නේ නැති topic එකක් වූ මේ programs ලග ඇස නැවතුනේ ඒවායේ
ඇහැට කනට පෙනෙන කෙල්ලන් පෙන්වූ වෙලාවට පමනි.දැන් නම් මේ වර්ගයේ වැඩසටහන් නැති Channel එකක් නැත.හැම එකේම අපේ
කසාදය විය යුතු අයුරු පෙන්වන අතර ඒවාට උදාහරන ලෙස ජයටම පැවැත්වූ මගුල්ද
පෙන්වයි.ඉස්සර නම් ගමේ රටේ මගුලක් වූ විට ඒක ඉතින් ආයේ බලන්න නම් ඉතින් video කල යුතුය.බැදලා මාස 2,3ක් යනකල් ගෙදරට එන හැම
එකාටම video කරපු මගුල
දමා පෙන්වන්නේය.අන්තිමට ගෙදර උන්ටම ඕක දැකලා එපා වෙන විට ඒ දර්ශ්නවාර නතර
වන්නේය.මොකද ඕක නිතරම දකින කල අලුත බැදපු ජෝඩුවට තමන්වම එපා වෙන නිසාවෙනි.දැන් ඊට
වඩා තත්වය වෙනස් අතර මගුල ජයටම කෙරෙන්නේ නම් ගෙදරට එන ඈයින්ට පමණක් නොව මුලු රටටම
මගුල් ගෙදර පෙන්විය හැක්.ඒවා පෙන්විය හැකි වැඩසටහන් දැන් හැම Channel එකේම තිබෙන්නේය.ඕවා
බලා අපිට තිබෙන්නේ ඒ ආදර්ශ අරගෙන අපේ මගුලත් ජයටම, එන එවුන්ට ඇඩෙන ලෙස සුපිරියටම ගන්නා එකය.
ඉතින්
අමාරුවෙන් හෝ මේවා බලමින් යන විට අපේ මගුල් ගෙවල් සෑහෙන update වී ඇතිබවත් අපි
නොදන්නා කරුණු බොහෝ ඇති බවත් පෙනේ.මනමාලියන්ගේ ඇදුම් නම් ඉතින් කතා කර වැඩක්
නැත.ඒක අපේ දැනුමෙන් එහා ගිය හෙන සන්කීර්ණ concept එකකි.එහෙත් අද බැලූ වෙඩිමක ඒ මනමාලි ඇද
තිබ්බේ modern Kandyan ඔසරියකි.මනමාලයා
මුල් ඇදුමය.මනමාලි modern version එකක් ඇන්ද නිසා මනමාලයාද updated මුල් ඇදුමක් ඇදින්නට
ඇත.මුලු ලෝකයම modern වෙමින් යන කල සාම්ප්රදායික උඩරට ඇදුම පමණක් ඉන් කෙසේ
ගැලවෙන්නද.කෙසේ වෙතත් වැඩසටහනට අදහස් දැක්වූ වෙඩිමේ coordinator
නම් කීවේ උඩරට
සම්ප්රදායානුකූලව වෙඩිම පැවැට්වූ බවය.නමුත් වෙඩිම අතරතුර මනමාලිය හා දෙවනි
මනාලියෝ රැලම(දැන් පෙන්වන වෙඩිමවල් වල දෙවන මනාල මනාලියෝ battalion එකක්ම සිටිති ) එක්වී dance එකක් ඉදිරිපත් කල අතර
ඒ dance එක නම්
දැම්මේ පට්ට අලුත් හින්දි සින්දුවකටය.එයද දැන් අලුතෙන් එක්වී ඇති අන්ගයකි.දැන්
දැන් මගුල් වල මනමාල ජෝඩුව වෙනමම නථනයක් ඉදිරිපත් කරති.ඉතින් මේ නර්ථනය් පුහුණු
වීම සදහා වෙනම ගුරෙකු අල්ලාගෙන පුහුණුවිය යුත්තේය.Dancing ඇගේ තියන couples නම් dance කරන විට එහි පට්ටම ලස්සනක් තිබුනත් dancing බැරි උන් පැමිණ හත්පලේ
ගාගනිමින් තම්න්ගේ මගුල තම්න්ම මල මගුලක් කරමින් ආතල් දෙන විට නම් දුක හිතෙන්නේය.Couple එකේ dance වලට මතරව දෙවන මනාල battalion එකේ surprise dance
ද දැන් බිහිව
තිබෙන්නාවූ අලුත් අන්ගයක් වන අතර ඒකටද ඉහත කී theoryයම අදාලය.සමහර උන් dancing බින්දුවක් බැරිව මේ
කරනා විගඩම දුටු විටා බලන් ඉන්න උන් සිරාවටම surprise වේ.
මේ දෙකට අමතරව
තවත් නර්තන කණ්ඩායමක් ගෙන්වා පවත්වන ර්ථන අන්ගද
දැන් දැන් ප්රචලිත වෙමින් පවතී.ඉස්සර නම් තිබ්බේ band කන්ඩායමක් පැමින සින්දු කියන එක පමනක් වුවත්
දැන් නර්තනයෙන්ද ඒවා හැඩ වැඩ වී ඇත.ඉතින් මෙවැනි මගුලකට යාමට set උනොත් ආයේ ඉතින් කිසි
කම්මැලි කමක් නැත,කෙලින්ම Indoor
musical show එකක් බලන්නට
ගියා මෙනි.
ඊට පසුව Photography
සම්බන්දයෙන් විස්තර
වූ අතර ඡායාරූපකරණයේ සිදුව ඇත්තාවූ අතිශය පිබිදීම සමග wedding
photography ද වේගයෙන්
ඉදිරිය්ට ගොස් ඇත.පහු ගිය වසර දෙක තුල අලුතෙන්ම ආ item එක pre shoot එකය.පෙරහැරක් ලග ලග එන බවට මුලින්ම පවසන මල්
බයිසිකල් කරුවන් මෙන් කසාදයක් වෙන්නට යන බව අපිට දැන් පවසන්නේ මේ pre shoot එකය.කසාදේට මාසෙකට
පමණ් පෙර Fb එකේ පලවන්නාවූ
pre
shoot photos වලින් අපිට ඒ
බව දැන ගත හැක.ලස්සන ලස්සන locations වලට ගොස් ඇදුම් වරග 4,5ක් මාරු කරමින් නලු නිලියන් advertisement
වලට ඉන්නා
ආකාරයත් පරදමින් ගත්තාවූ මේ ඡායාරූප, අඹු සැමි යුවලක නව වගකීම් ගොන්න කරට ගන්නට මත්තෙන් තමන්
පෙමවතුන් ලේස ගෙවනා නිදහස් දිවියේ අවසාන දින කිහිපය මෙයයැයි අපිට පවසන කැඩපතක්
වැන්නේය. ඒ කැඩපතෙන්
අපි අපේ මූන බලාගන්නා අතර අපේ තරම ලෝකයට පෙන්වීමට ලොකු හෝටලයක වෙඩිම ගනිමින්,දින ගනනාවක් honeymoon යමින් රට වටේ කරක් ගසා නැවත ගෙදරට එන්නෙමු.
මේවාට අමතරව
තවත් මෙකී නොකී තවත් අපූරු අමතර අන්ග ගනනාවක් අප විවාහ ක්රමය තුලට පසු ගිය වසර
දෙක තුන තුල රින්ගා ඇත්තේය.ඒවා සැබවින්ම අලන්කාර මනස්කාන්ත විවාහ දිනයක් අපට
ලබාදීමට සමත් අන්ගයන් වන අතර මිලෙන් ඉතා ඉහලය.කසාදය රූපවාහිනී වැඩසටහනක් බවට ක්රමක්රමයෙන්
විකාශනය වීමේ ප්රතිපලයක් ලෙස ඇතුලට රින්ගා ගත් මේ අන්ගයන් වෙලදපොල උවමනාව මත
බිහිවූ අන්ග මිස අන් කිසිවක් නොවේ.සෑම දේයකම
වටිනාකම හා පැවැතම් වෙලදපොල විසින් තීරණය කරන යුගයක අපේ විවාහ සන්ස්කෘතිය
වේගයෙන් යාවත්කාලීන වෙමින් යන්නේය.ඒ updated wedding culture එක ඉතා සුන්දර මෙන්ම මිලෙන් ඉතා අධිකය, ඉතා
චාම් බව
කියමින් ඔබව අධි සන්කර ලෝකයක් කරා කැදවාගෙන යන්නේය.තමන්ට පොරබැදිය නොහැකි හා දරාගත
නොහැකි මේ updated wedding versionතුල රගන්නට
ගිය බොහෝ දෙනා වර්තමානයේ ඇනගෙන ඇති බව වටපිට බැලූ විට පෙනෙන්නට තිබේ.ඉතින්
වානිජකරණයට උපරිම ලෙස බාජනය වූ විවාහ සන්ස්කෘතියක් තුල අලුත කසාද බදින උන් ඉතා
පරිස්සමින් තම උවමනාවන් තෝරා බේරාගත යුතුය.නැත්නම් ටිකෙන් ටික බිදෙන් බිද
ගොඩදාගනිමින් මේ තරම් දුර ආ ආදරය කසාදයෙන් පසු ටිකෙන් ටික බිදෙන් බිද ඔබව ආර්ථික
අගාධයකට කැදවාගෙන යාමට ඉඩ ඇත්තේය.
පින්තූරය අන්තර්ජාලයෙන් උස්සන ලදී
දැන් තියෙන්නෙ වෙඩින් නෙවෙයි කෙලින්ම ශෝට් ෆිල්ම් එකක් වගේ දෙයක්. අපි ඉතින් ඔය විගඩම් සේරම හොදට දැකලා තියෙනවනෙ. :D
ReplyDeleteඅනිවා Yashyantha .Dance තියනවා Romance තියනවා Happening තියනවා.මනමාල මහත්තයයි Best-manලා set එකයි එකතු වෙල පොඩි Fight කෑලලකුත් දැම්මානම් නියම Hindi film එක...
ReplyDeleteMeke wadagath ma kaallla uba lagadi badinawa kiyana tika...
ReplyDeleteuba badala inne kiyana ekath damma nam thawath wadagath
DeletePre shoot ekak karan nathuwa blog kallak liyala eka fb eke share karala wesding ekak enawa kiyana eka sira idea eka..
ReplyDelete- umba kiyana katawa sahathika aththa, loketa penna magul kala naya gewaganna baruwa Inna mage yaluwo one tharam innawa, ehema unath meken galawenna baa, wedding ekaka stakeholders wadiy ne..
හික් හික් එල එල ප්රගියා .....//Pre shoot ekak karan nathuwa blog kallak liyala eka fb eke share karala wesding ekak enawa kiyana eka sira idea eka..//
Deleteඋබට තේරුනා නේද මගේ trick එක.ඔයා හරිම හොරෙක්...:P ...උබත් මේවා බලලා දෙයක් ඉගෙනගෙන වියදම අඩුකරගනින්
තව ටිකක් කල් ඕවා බල බල ඉඳපන්. දැම්ම බන්දින්නනම් එපා............ මම කිව්වා කියලා කාටවත් කියන්නත් එපා :)
ReplyDeleteදැන්ම බදින්න ඕනි නෑ කියල, බැදල අත්දැකීම විදින උන් ගොඩ දෙනෙක් කියනව බන්ඩෝ.ඒත් මොනවා කරන්නද නරක කාලෙ ආවම...
Deleteඅජිත් කුමාරගේ සින්ඩියෙනුයි පාර අහගත්තේ... අපේ කුරුටු සින්ඩියටත් දා ගත්තා.. දිගට ම ලියමු.. අපි ඉන්නවා සහයට..... ජයවේවා
ReplyDeleteබොහෝම පින් අත හිත දුන්නට...අනිවා ලියන්න ඕනිනෙ, මේ වගෙ සප් එක දෙන මිනිස්සු ඉන්නකොට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ නයියෝ උඹටත් හිතෙන ඒවා... බයිසිකල් එනවා වගේම උඹේ මගුලත් ලග එනවා වගේ., දාකෝ කෙලිත් එක්ක උඹ බීවම දාන dance කෑල්ලක් කැම්පස් කාළේ මතක් වෙන්නත් එක්ක...
ReplyDeleteකින්නා ගිනි පාගපු දවසේ ටොකාගේ dance නම් ඕනි නෑ හොදේ
ඔව් ඔව් දාන්න ඕනි dance පාරක්.හැබැයි ඉතින් dance ඒකේ ලස්සන අවබෝධ කරගන්න නම් බලන් ඉන්න එවුන් ඔක්කොම බීලා ඉන්න ඕනි.
Deleteටොකා දාපු ඒවනම් ඉතින් ප්රසිද්ධ ස්ථාන වල දාන්න බෑනෙ බන්.