Wednesday, September 30, 2015

අවුරුදු 17 කතා නැත..වැල බැලුවොත් දඩුවම් දෙනු






මීට සති කිහිපයකට කලින් රටම කම්පා කල අපරාධ සිද්ධියකට සැකකරුවෙක් වශයෙන් අවුරුදු 17ක කොලු ගැටයෙක් අත්අඩන්ගුවට ගැනින.රටටම කුණු ආතල්  සැපයූ මාද්ය සන්දර්ශන කිහිපයකින් අනතුරුව යන්තම් සාපරාධී අපරාධ චෝදනාවෙන් ගැලවීමට කොල්ලාට හැකිවිය.කොල්ලා ඒ අපරාධ චෝදනාවෙන් මිදුනද මුලු මහත් රටේම වාසනාවට ඒකා කල වෙන ලොකු අපරාධ සීන් එකක් එලි කරගැනීමට පොලෝසියට හැකිවිය.ඒ, කොලුවා තම කොම්පීතරයේ ගබඩා කර තිබූ වැල සම්බාරයක් සොයාගැනීමත් සමගය.

රටේ බොහෝ එවුන්ට මේවා ඉතා සුලු කරුණුය.උන් පොලීසියට උසුලු විසුලු කරමින් කඩප්පුලි ආතල් ගන්නෝය.සින්හල සන්ස්කෘතියට හා අපේ අතීත සම්ප්‍රදායන් කෙලසමින් මෙවැනි වැල බැලීම ලේසියෙන් ඉවත හෙලිය නොහැක්කේමය. අපේ මහා රාවණ රජතුමා නම් ඔය සුද්දන්ගේ වැල සීන් බල බල සිටියේ නැත.එතුමා කෙලින්ම දඩුමොනරයෙන් නැගීගොස් ඉන්දියාවෙන් කෑල්ලක් උස්සගෙනවිත් අපේ නම්බුව රැක්කේය. ඊට පස්සෙ ආ රජ්ජුරුගොල්ල ඉතින් ඉන්දියාවත් සමග ඇරගන්නට නොගිය බැවින්  ඔවුන් කලේ අන්තක්පුර ඉදිකරමින් රටේ කතුන්ටත් තමන්ටත් යහපතක් කිරීමේ උතුම් චේතනාව ඉදිරියට ගෙනයාමය. ඔය රැකියා ලක්ශ 10යේ concept එක උපන්නේ ඔය කාලයේය.ඒ කාලේ කීවේ හැබැයි කාන්තාවන් ලක්ශ 10කට තම රාජ්ය පාලනය තුල අත හිත හා තවත් මොනවාදෝ මෙව්වා එකක් දෙන බව කීමය.රටේ වෙසෙනා අනෙක් සාමාන්ය ගොයියන්ට බයියන්ට තිබ්බේ ගමේ කොහෙන් හෝ ලලනාවක් සැට් කොරන් ලමයින් 10ක් 12ක් හදා පවුල් කන එකය. ඒ ගෑනි interesting නැත්නම් happening මදි නම්, ඔය දොරවල් ජනෙල් හරිහැටි නැති, අගුල් දැමිය නොහැකි පස්සා දොරෙන් පැමිණ අල්ලපු ගෙවල් වල සිටිනා ලලනා  ඇසුරක් පැතීමය(රජ කාලේ විවාහ නීති හරි හැටි තිබ්බේ නැති නිසා කොටු පැනීම කියා දෙයක් නොවුනේය )

එසේ ආතල් එකක් තිබූ මේ රටේ ලල් එක කඩා දැමුයේ පරදේසක්කාරයන්ය.උන් ඇවිත් විවාහ නීති කියා මල සමයම් වගයක් දැමූ බැවින් අපේ ලාන්කීය නිදහස් සැක්ස් දිවියට තහන්චි වැටුනි.හිතුමතේ සැරිසැරීමට ඇහැක් වූ අපේ fun life එක, බැදගත් බෙරය ගැසිය යුතු එකක් බවට පත්වූයේ ඔය සුදු එවුන්ගේ කෙහෙම්මල් නීති නිසාය.ඒවා එසේ උනා කියා අපේ අයියලා වැඩේ අතඇරියේ නැත.හේනට කුබුරට යනගමන් පුරුදු පරිදි වටේ පිටේ ගෙවල් වලට රෑ පානේ බඩගෑමේ පුරුද්ද ලේසියෙන් අත අරින්නද?.ඒ නිසා කොටු පැනීම නමින් අලුත් ක්‍රීඩාවක් ආරම්බ විය.

කල් යත්ම අපේ උන්ට ඉතින් අපේ system එකට වඩා සුද්දගේ නීති ලොකු වූ බැවින්, කෙමෙන් කෙමෙන් නීති දැඩිවීම නිසාත් විදුලි බලය කියා මෙව්වා එකක් රට තුලට ඒම නිසාත් ඔය පස්සා දොරෙන් රෑට රින්ගන එක අමාරු වීගෙන එන්නට විය.ඒ නිසා කොටු පැනීමේ ක්‍රීඩාවෙන් තරමක් ඈත්වුනු අපේ මුතුන් මිත්තන් කලේ ගමේ නාන ළිද ලග,ගගේ නාන මන්කඩ ලග, හබරල පදුරකට මුවාවී කාන්තා ස්නානයේ කලාත්මක රසය විදගන්නා එකය.එවැනි view එකක් ලබා ගන්න අසීරු නම් ඔය සින්හල චිත්‍ර කතා පත්තරයක් හෙම බලා අල්ලේ පිහිට පැතීමය පැවතුනේ. අපේ උන් ඉතින් ඇන්දේත් සරම් නිසා ඔවැනි ක්‍රියාකරකම් කිරීම ඒහැටි අමාරුවක් වූයේද නැත.මේ ඉතින් 100%ක් සිය රටදේ සිරිසැපදේ ක්‍රමයෙන් ගලාගිය ලාන්කීය අනන්යතාව,සබ්යත්වය හා උරුමය රැකගත් ක්‍රියාකාරකම් වන්නේය.


නමුත් දැන්කාලේ හැදෙන ඇම්බැට්ටයින්ට අපේ සිරිත් අමතකව යන්නේය.උන්ට ඕනෑ සුද්දන්ට කබුරන්නටය.අධිරාජ්යවාදී ගැති මෙවැනි ඇම්බැට්ටයින් රටේ උරුමය,සබ්යත්වය පාවාදෙමින් පර සුද්දන්ගේ සුද්දියන්ගේ රති කෙලි බලමින් විනාස මුකයට අප රට දක්කනවා පමණක් නොව මෙවැනි අධිරාජ්යවාදී රතිකෙලි තම කොම්පීතර වල පුරවාගනිමින් නැවතත් අප රට යටත් විජිතයක් දක්වා ගෙනියන්නට දත කන්නේය.ඇමරිකාව හා බ්‍රිතාන්ය ප්‍රමුඛ අධිරාජ්යවාදීන්ගෙන් හා ඩයස්පෝරාවන්ගෙන් ලැබෙන ඩොලර් වලට යට වෙමින් සුද්දියන්ගේ මස් ගොබ වලට යටවී රටේ උරුමය හා අබිමානය පාවාදෙන මෙවැනි ඇම්බැට්ටයින්ට දැඩි දඩුවම් දිය යුත්තේය.අපේ සාම්ප්‍රදායික සැක්ස් procedures වලලා දමන්නාවූ මේ පරගැති වැල සම්ප්‍රදාය වහා වෙනස් කල යුත්තේය.අපේ වීර මුතුන් මිත්තන් lemon puff කා වතුර බි බී බේරාගත් රට, සුද්දියන්ගේ මස් වැදලි වලට යට වීමට ඉඩ නොදිය යුතුය.


පින්තූරය අන්තර්ජාලයෙන් උස්සන ලදී

Saturday, September 26, 2015

අද හවස මුකුත් කරනවද...?

"සුරාවෙහි ඇති අගයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමෝ මිස නොබොන දුදනෝ නොදනිත්..." යන පාඨය මුල් කරගෙන මේ ආතල් නයා කියවිය යුතුය.






කාලෙකින් අඩියක් ගසන්නට සෙට් වෙන්නට බැරි වුනු බැවින් ඉස්සර ගසපුවා(ගසපුවා කියන්නේ බීපුවා මිසක් වෙන ගැසිල්ලක් නොවේය ) මතක් කර හීනියට වෙරි වෙන්නට සිතේ.අපේ බොහෝ දෙනෙක් හා හා පුරා කියා බොන්නට පුරුදු වුනේ campus එකේදීය.මේ දැන් වෙරි වී ඇදන් වැටේද?,මේ දැන් කබ්බා යයිද?,මේ දැන් සිහිය නැතිවී පිස්සුවෙන් කෑගසන්න ගනීදැයි බියෙන් පලමු රහමෙර උගුරු 2 campus එකේ basketball coat එකට වී සීතලෙන් කිටි කිටියේ ගැසෙමින් කටට හලාගත් ගත් හැටි මට තවමත් සිහිවේ.අවසානයේ බෝතලයම ඉවර වෙනතෙක් ගැසුවද ඉහත කී මෙලෝ මගුලක් සිදු නොවුන බැවින් රහමෙර යනු කියන තරම් නරක දෙයක් නොවන බව මගේ ටිකිරි මොලයට වැටහුණි. ඉතින් එදා basketball coat එකේ Green Apple බෝතලයෙන් ඇරඹි ඒ ගමන තවමත් යන්නේය.  කාලේ ඉතින් අතේ සල්ලි එතරම් නැති බැවින් කොල්ලෝ වැඩිපුර බිව්වේ ගල්ය.ලාබෙට ගත හැකි බෝතලේ ඒක නිසාය.තැපෑලෙන් වදිනා ගල් වලට අකමැති වූ අපේ සැට් එක ගල් වලට වඩා මිලෙන් ඉහල ලාබෙට ගත හැකි whiskey ගෙනත් බොති (ලාබයි කිව්වේ දැන් කාලේ බොන එව්වාට සාපේක්ශවය).

ඒ දිනවල අපේ අපාය සහය මිත්‍රයා වන්නේ ටොකාය(ටොකා කියන්නේ උගේ card එක ). ඌට බීමට දොලදුකක් ඇති උන ගමන් ඌ අපේ ලගට විත් මචන් අද හවස මුකුත් කරනවාදැයි අසයි.අපේ අනුමැතිය ලබාගත් පසු ඌ අනිත් කාමරයේ ජනේලයෙන් එබී ඒ ප්‍රශ්නයම උන්ගෙනුත් අසයි.උන් ටික හා කියන තෙක්ම ටොකා ජනේලයේ එල්ලී කිරි ඉල්ලා හඩන පොඩි එකා මෙන් වැලපෙන්නේය.කොල්ලන්ගේ හිත් වෙඩරු පිඩ මෙන් උනු වී ටොකාගේ ඉල්ලීමට එක ලැබෙන් බැවින් නිතරම පාහේ ටොකාගේ ඉල්ලීම 2/3 බලයෙන් සම්මත වෙන්නේය.

ඔය මොනවා සම්මත උනත් ලොකුම අවුල උසාවියෙන් ගැලවෙන එකය.හවසට මුනගැසෙන එක cancel කල යුතුය,මුනගැසුනොත් කලින් පැනගත යුතුය,රෑට පැයගනන් මල් කඩන එකෙන් නිදහස් විය යුතුය.මේවාට ගැලපෙන හේතු හදා ගැනීම ලේසි නැත.වැරදිලාවත් වැඩේ ගැස්සිලා ගියොත් ඊලග දවස් 2,3 ඉතින් නඩු පිට නඩුය.phone එකේ battery බැසීම,කුප්පි දැමීමට තිබීම,හිසරදය හැදීම, batch meeting, union meeting ආදී මෙකී නොකී meeting තිබීම වැනි හේතු ගනනාවක් නිදහස පතා කියා ඇති මුත් ඔය මොක කිව්වත් ගෑණු ඉවට බොරු කිරීම ලේසි නැත.දන්නා දහන් ගැට සියල්ල දමා ඇගෙන් බේරුනු පසු පබහින්නෙන් රුපියල් 150 ට ගන්නා වීල් එකේ නැගී ගලගමට ගොස් බඩු ගෙන එන විට දැනෙන්නේ මාර kick එකකි. සබරේ කොල්ලන්ට ඉතින් ගලගම යාමට ඇති එකම හේතුව ගලගම දිමුතු wine store එකය.ඒ දවස් වල ඉතින් ගලගම යන්වා කියන්නේ ඉතින් රෑට set වීමක් කියන එකය.වැරදිලාවත් ඇගේ යාලුවෙක් අපි ගලගම සිටිනු දුටුවා කීවොත් ඉතින් මැටි ගසා රෝල් කර අබරා ගැසූ බොරු සේරම හබක් වන්නේය.ගලගම සිටිනු දුටුවොත් ආයේ උසාවියෙන් ඇප ගන්නවාත් බොරුය. එය ඉතින් මිනී මැරූ පිහියක ඇගිලි සලකුනු තිබී හමුවූවාක් මෙන් බෙල්ලටම හිර වන සාක්ශියක් නිසාය.

හොද හොද bite ගන්නට ඒ දවස් වල සල්ලි තිබුනේ නැති බැවින් ඉතින් හැමදාම bite එක වූයේ මුරුක්කු හා මයියොක්ක පෙති ටිකය.වැඩේ පටන් ගත් පසු ඉවර වෙන්නට පැය ගානක් යන්නේය.කලාව හා දේශපාලනය මූලික මාතෘකාවන් වන බැවින් වැඩේ නැගලාම යන්නේය.කලා විචාරකයන් හා දේශපාලන දැනමුත්තන් සිටින්නේ අපේ කාමරය තුලය.රටේ එලියෙන් ඉන්නා උන් මොක්කුන්ද ඇත්තටම?..දෙකක් දාගත් වෙලේ parliament එකට ගියානම් අපේ උන් ටික නියමෙට රට කරවනු ඇත.

සියලු දේශපාලන,කලා,ආර්ථික හා ක්‍රීඩා විචාර වලින් අනතුරුව එලබෙනුයේ ගී ගැයීමේ වේලාවයි.හොදට පදම් වූ සිත් සතන් වලින් හැකි උපරිමයෙන් ගීතයට සාධාරණයක් ඉටු කිරීමට අපි සැමවිටම උත්සහ ගතිමු....ඒ දිනවල අපේ hostel එකේ ප්‍රධාන බේබදු කල්ලි 3ක් තිබුණි.ඉන් එකක් මල අපතයෝ set එකකි.උන් බිවු දාට ගමේ උන් පැමින අපිට ගුටි කෙලින සම්බාවිතාව ඉතා ඉහලය.මන්ද උන් කියන්නට ගන්නා කුණු හරුප හා උන්ගේ කෑගැසිල්ල නියම අටපාස් බේබද්දන්ගේ දුශ්චරිතය විද්හා පාන බැවිනි.හැබැයි උන් set එකට පට්ටෙටම සින්දු කියන්නට පුලුවන්ය.උන් ගයන්නේ ජෝති හා මිල්ටන්ගේ ගීතයන්ය.අනෙක් set 2 smart විදියට බොන අපේ එක හා තවත් එකකි.අනික් එකේ උන් බීලා උන් සින්දු කියන යාමයේදී අපිට ඔක්කාරයට එන්නේ උන්ගේ සින්දු කීමේ හැකියාව නිසාය.උන් සින්දුව අනුබව කරන ආකාරය අසා සිටින අපිටද රෑ මැදියමේ ගල් කාලක් අමුවෙන් කටට හලා ගන්න්නට සිතෙන්නේ,   ගයන්නාවූ සෘතියෙන් පිට පනිනා ගීත හොද සිහියෙන් අසා සිටිය නොහැකි නිසාය.හැබැයි ඉතින් උන් හා අපි කියන සින්දු වලින් වද්යක් උනා නම් වූයේ අපේ hostel එකේ උන්ට මිස අසල්වාසී ගම් වැසියන්ට නොවේ.

කොහොම කොහොම හරි ගෙවී ගිය ජීවිතේ අපේ එවුන්ට තිබූ ලොකුම ආසාව මිලෙන් වැඩි brand එකක් ගැසීමය.ඒ නිසා එකට කොලඹ එන්නට කලින් කොහොම කොහොම හරි Red label එකක් ගැසීමට අපිට හැකිවිය.අපේ අහින්සක බේබදු ජීවිතයේ ලොකුම ජයග්‍රහ්න්ණය එය වූයේය.එදා campus ජීවිතේ අවසාන දවසේ set  දමිත්ගේ ලොකුම ආසාව වූයේ Red labelයෙන් එහාට ගොස් අපි එකට එක්වී black,gold label වලින් නතර නොවී blue label ද ගැසිය යුතු බවය.campus එකෙන් ගියත් අපි සැම මාස 3කට වතාවක්වත් එක්වී සැමරිය යුතු බව එදා ඒකමතිකව සම්මත වුනේය.


ඒ කාලේ මෙන් නොව අතමිට සරු මේ කාලේ, එදවස හීන මැවූ ලොකු ලොකු brand බොහොමයක් ගසන්නට set වෙන්නේය.නමුත් ඒ කිසිවකින් එදා අතේ යන්තම් තිබූ සල්ලි ටික වියදම් කර ගලගමට දුවලා ගොස් ගෙනා ලාබ whiskey  එක බොමින් බෙලිහුල්ඔය සීත සුලගෙන් වෙලීයන ගතින් හා මතින් බරවූ අඩවන් දෙනෙතෙන් රාත්‍රී අහස දෙස බලමින් ගී ගැයූ යුගය තරම් හිත නැලවිය හැකි මත්බර රාත්‍රීන් ආයේ නොඑන්නෙය

Saturday, September 19, 2015

එන්න අපි පින් කරමු..,නිවන් යමු







රුපියල් 1000ක් විතර වියදම කරල
දෝත පුරවාගෙන මහනෙල්
යන්න ඕනෙ මාත් පන්සල්
නිකන්ම නිකම් පන්සලකට නොව
බුදු පිලිම ගොඩකින්,දේව රූප ගොඩකින්
මල් ගස් ගොඩකින්,
රන්වැටවල් ඇති බෝගසින් ඇති හැඩවූ
පොලව ටයිල් කරපු පොශ් පන්සලකට
ගිහින් පුරවමි මානෙල් මල්
වැසෙන්නට  බුදු පිලිම
ඔලුවේ බැදලා දෑත්
කියනෙමි අලුතෙන් ආ
කවි ගාථා සැට් එකක්
පුදන්නෙමි ලොකු කුට්ටියක්
හදන්නට තව පිළිමයක්,චේතියක්
නිකන් චේතියක් නොව
රුවන්වැලියටත් එහා ගිය චේතියක්
රැස් කරමි පින් ගොඩක්
කිලෝ නොව ටොන් ගානක
කොයිතරම් පහසුයිද ජය ගන්න මේ සසර
අවැසි නැත සතර සත්ය - වීරියෙන් දැකගන්න
අවැසි නැත තණහාව - වීරියෙන් දුරලන්න
සතේ ඇත්නම් අතේ - වෙලා ඇතන්ම් දිනේ
යන්නටයි තියෙන්නේ - නිවන එතරම් දුර නැතේ
බුදුන්ටත් නොවැටහුන සැප පහසු මේ ක්‍රමය
සොයාගත් අපෙ හිමිවරුන් කවදා නිවන් යනු ඇත්ද


Tuesday, September 15, 2015

නිවැරදිව Toi යමු

ගිය සතියේ tripaක් ගොස් හදිසියෙන් සින්දුවක් කියන්නට ඕනෑ වූ අතර ඒ සදහා අතරමග තිබූ සුපිරි කඩයක wash room එක සොයා ගිය විට එහි තිබූ විස්තරාත්මක උපදෙස් මාලාව අපගේ මීලග ගොන් ආතල් නයා ලෙස මෙයින් ඉදිරිපත් කරමු...




යන එන විට අතරමගදි-කන බොන විට කෑම ජාති
හදිස්සියේ set වියහැකි-කරුම ලෙඩක් අපි ලග ඇති

කිටි කිටියේ හිර කරගෙන-ඉහෙන් කනෙන් දාදිය පෙර
දුවගෙනවිත් දොර ගාවට-දනි පනිගා දොර ඇරගෙන

ඇතුලට සතුටින් පනින්න-පැනපු ගමන් දොර වහන්න
පලවෙනි කොටුවෙන් පේන්නෙ-හරියට වැඩෙ කරන විදිය

පුටුව වගේ ඇති බාන්ඩේ-හැදුවේ ඉදගෙන ඉන්නට
ඉතින් පුතේ කරන වැඩක්-ඒකේ ඉදගෙන කරන්න

ඉදගන්නට ඇහැක් වෙද්දි-කිමදෝ අපි හිටගන්නේ
හිටගෙන වැඩ කරලා අපි-ඇයි හත් පොලෙ විසුරන්නේ

බින්දු බින්දු වැහි බින්දුයි-ලොකු ඇල දොල බිහි කෙරුවේ
ඒක නිසා දෙවනි කොටුවෙ-තාලෙට වැඩ නොකරන්නේ

සාද පුරා කරක් ගසා-කටගොන්නක් තොල තෙමලා
උබේ limit පන්නාගෙන-පුතණුව නුබ එන්න එපා

එසේ ඇවිත් මේක බදා-කබර ගොයින් අරින් එපා
නැතිනම් ඇග හදාගන්න-අල්ලන් ඩිප්ස් ගහන් එපා

පුටුවක් වගෙ බඩු හැදුවේ-උබලට ඉදගෙන ඉන්නයි
ඉතින් හතරෙ කොටුවෙ වගෙ-නැගල ඉන්නෙ උබේ පවටයි

පුටුවෙ දාරෙ හරි හීනයි-ඒ මදිවට එය ලිස්සයි
උඩ නැගලා බිම වැට්ටොත්-උබේ ඔලුව පැලිලම යයි

අපේ මුතුන් මිත්තො එදා-මාලු කෑව එල කොල්ලෝ
බෝට්ටු හෙම එන්න කලින්-බිලී බාල මාලු ගෙනෝ

අපිත් ඉතින් ඉදල හිටල-fun ගන්නට බෑව බිලී
ගොඩක් දුරට තෝර ගත්තේ-පොඩි වලවල් අතුර ඇතී

මේකෙත් පොඩි වතුර වලක් ඇත-එනමුදු මාලු නැතී
ඉතින් කුමන හුයන්නකට-මේකේ අපි බාමු බිලී

වැල්ල අයිනෙ අපෙ කොල්ලෝ-වැල්ලේ වැඩ අල්ලන්නෝ
ඒක් මතක් වීලා අපි-අන්තිම කතිරේ ගැසුවෝ

සල්ලි දීලා මෙව්වා හැදුවේ-එලියේ නොම කරන්නටයි
ඒ වගෙ ගොන් වැඩ කෙරුවොත්-මුලු කඩේම චොර වී යයි

මෙච්චර කියලත් තොපිලට-බැරිනම් හරියට කරන්න

කියනෙමි මම සුජි අයියට,....සුජී ඔය කොමඩ් එක දීපන් ලමයෙකුට

Sunday, September 6, 2015

කවිය නුබ දුර ගිහින්

වැඩට යන්නට කලින් මගෙ මුහුන සිබලා
කොට රැවුල් ඇනී සිතම කිති කැවුනා
හිරු හැරෙයි අවරගිර සැගවෙන්න කියලා
මගේ රන්කද එන්න සද ඔට්ටු තියලා

අපි වැඩට යන්නට කලින් රැවුල නම් කවදාවත් කපන්නේ නැත.මන්ද අපේ බෝඩිමේ එකේ wash room එකේ එලිය මදි බැවිනි.ඒකට දාලා තියෙන්නේ අඩ අදුර ඇති රාගය දනවන light set එකක් නිසා ඒ එක හරියන්නේ වෙන වෙන වැඩවලට මිස රැවුල කැපීම වැනි මෙලෝ රහක් නැති වැඩවලට නොවේ.ඉතින් කොහොම හරි අමාරුවෙන් සෝදාගත් මූන කාටවත් ඉබින්නට නොදී පරිස්සම් කරගෙන office එකට ගියාට පසු රෑ 8,9 වෙනකල්වත් බෝඩිමට යෑමට නම් උවමනාවක් නැත.අපි එනකල් බලන් ඉන්න කිසිවෙක් නැති බැවින් වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා මග දෙපස සිරි නරඹමින්,අතේ සල්ලි තියන කල් ලොකු පොඩි හැම කඩේකින්ම බඩ පුරවාගනිමින් බෝඩිම දක්වා පල්ලම් බැසීම අපේ ජීවන රටාවයි.සදත් එක්ක ඔට්ටු දුවලා රෑ බෝ වීමට පෙර ගෙදරට ගොඩ වන හේතුවක් ඇත්නම් ඒ බෝඩිමේ අයියා ඉස්සරහ දොර lock කරයි කියලා ඇති බිය පමනය. ඒ යකා වැරදිලාවත් ඕක lock කරොත් ඒ දොර ඇරගන්න උගේ අම්මා අප්පා මතක් කර කර උගේ ගෙදර දොරට තඩි බාන්නට වෙන්නේය.උගේ දොරට තඩි බාන විට උගේ බල්ලා ඇවිත් අපේ රීරි මාන්ශය වලදන්නට තැත් කරන්නේය.

කියන්නට ඇති වැධගත් කරුන නම්  මේ අමුනා ඇති කවි පද නම් මගේ නොවන බවය.හා හා පුරා හිතට ආදරයක් රින්ගූ දවස් වල,දහස් වරක් ඇය දෙස බලමින්,ඒ මුවේ සුපිපෙන සිනා කැන්වල තිබුනාවූ ප්‍රහර්ශය,ඒ ප්‍රහර්ශයත් සමගම දිස්නේ ගසනා දෑසේ ඇති ආලෝකය,ඒ ආලෝකයෙන් සැනෙන් කල එළි වන්නාවූ මගේ ප්‍රේමය කියා ගත නොවුනු කල්හී පිටු ගනන් පුරා කවි පද ලියවුනු අතීතයක් මටත් තිබුනා ඕයි....ඒත් ඉතින් කාලයත් එක්ක අපි හෙන පොරවල් වූ බැවින්,කවියෙන් මෑත්ව fb එකේ political post දානා හෙන serious ඩයල් වූ බැවින් කවිය අපිට ඒ කිව්වේ මට පිටුපා දුර ඈතට ඉගිලී ගියා විය යුතුය.ඒ කාලේ පොතක් පිරෙන්න කවි ලියූවත් දැන් නම් ඇගේ උපන්දිනය දාට යවන්නත් කවි පද 4ක් ගලපාගන්නට යන විට ඉහෙන් කනෙන් දාඩිය දමන්නේය.ඒ තරමට කවිය අල්ලා ගන්නට හෙන ගේමක් දිය යුතුය.ඒකා ඒ තරමටම මගෙන් ඈතට ගිහිල්ලාය.ඒ නිසා මේ කවිය ඉස්සුවේ අපේ අයියාගේ උල්පත පාමුල කාව්ය සන්ග්‍රහයෙන්ය.

එසේ පැමිණ ඇදේ වැතිර රෑට ගන්න good night call එකේදී නැවත කවියක් ලියන්නට ඇත්නම් කියා මට සිතේ.මෙලොව වෙසෙන හැම කෙනෙක්ම කවදා හෝ එක කවියක් හෝ ලියා ඇතිවා විය යුතුය.බොහොමයක් කොල්ලන් කෙල්ලන් කවි ලියන්නට ගන්නේ හිතට ආදරයක් රින්ගූ විටය.සමහරුන්ට නම් එය සහජ හැකියාවකි.කෙසේ උවත් කවි ලියන්නට හැකි නම් එය අපූරු හැකියාවකි.මුලු මහත් සන්සිද්ධියක්,සිතුවිලි දාරවක්, පද කීපයකට අමුණා පේලි කිහිපයකින් නිමා කරන්නට ඇති හැකියාව සැබවින්ම අපූරු එකකි.ඒ හැකියාව එසේ තිබුනේ නම් මෙවැනි පල් හෑලි ලිවීමට මට සිදු වන්නේ නැත.ඒ නිසා කවියන් අපූරුය,විශිෂ්ඨය.මට බැරිවුනත් අපේ අයියාට කවි ලියන්නට හොදින් හැකි නිසා මාත් අපූර්වත්වයට ලන් වන්නේය(හික් හික්.. අනුන්ගේ කරේ එල්ලිලා හරි අපිත් ගොඩ යන්න එපාය බොලව්..).
ඉතින් ආයේ කවදා හෝ හොද කවියක් ලියන්නට මගේ සිතවෙහෙසෙන්නේය.ඒතෙක් ඒ කවි පද call එකේ සිටින ඇයට පමණක් බැරි බැරි ගානේ කොදුරමි.

වෙනකාටත් නෑසෙන්නට
ඔබටම විතරක් ඇහෙන්න
ඔබත් එක්ක කවි කියන්න
මටත් ටිකක් ඉඩක් තියන්න


කවි දෙක උස්සපු පොතේ(ඒ කියන්නෙ මගේ අයියගෙ පොතේ) රූපේ අලවා ඇත

Saturday, September 5, 2015

දියවන්නාවේ අපේ අලුත් මෙව්වා එක..

අලුත් පාර්ලිමේන්තුව ඊයේ රැස්වුනේය.අලුත් පාර්ලිමේන්තුව මෙවර පත්වන්නේ නව කථානායක,අගමැති හා විපක්ශ නායකයෙක් සමගය.ඒ විතරද?..ඇයි අලුත් ඇමතිවරු.අලුත් කීවාට ඉතින් ඒකේ නම් එහෙමට අලුතක් නැත්තේය.ලෝකයා මොන මොන කතන්දර කීවත් සුපුරුදු පරිදි රනිල් මහත්ත්යා මුදල් පෙට්ටියේ වගකීම පරණ බඩ තඩි මුදලාලිටම පවරා ඇත.රනිල් උන්නැහේට ඉතින් මුදල් පෙට්ටිය බාරදීමට ඊට වඩා කෙනෙක් මේ ලන්කා ද්වීපයේ නැත්තෙය.ඒ නිසා රට්ටු මොන මොන චෝදනා නැගුවත් මුදල් පෙට්ටිය තඩි මුදලාලිටම දුන්නේය.

කැලෑවල සතුන් දඩයම් කිරීම තහනම් කල නිසාදෝ ඒ සාන්කාවට සරසවි සිසු දඩයම් කරමින් පසු ගිය වසර කීපය පුරා තම ලැජ්ජා නැති පහත් ආශා සපුරාගත් උන්නැහේට මෙවර සමාජය බලගන්නට එන්ජිම දීඇත.රටේ සරසවි ටික සදටම අඩපණ කරන්නට දැගලූ ඒ උන්ණෑහේ ස්මාජයවත් බලගන්වන තෙක් අපි බලා සිටිමු.පරණ පුරුද්දට මිනිසුන්වත් suspend කරන්නට නොගියොත් ඒ ඇතිය.

පසුගිය කාලය පුරා දිව හැරෙන හැරෙන පැත්ත්ට නවමින් ස්ථානෝචිත නුවණ යොදා ගනිමින් ත්ම කඩුල්ල ආරක්ශා කර ගනිමින් දිගටම පන්දුවට පහර දෙන්නට සමත් ඒ අසහාය ක්‍රීඩකයාට සෙල්ලම් පිටිය බාරදී ඇත්තේය්.එතුමා ඉතින් ඇති ගල් නැති කිරීමත් නැති ගල් ඇති කිරීමත් වැනි ජන ක්‍රීඩා අන්ශ වලද දක්ශතා දැක්වූවෙක් නිසා සෙල්ලම් පිට්ටනියද හොදින් බලා ගනු ඇත. කොහොමත් ඉතින් අපේ සෙල්ලම් පිට්ටනියේ එදා ඉදන්ම තිබ්බේ බෝල ගහන සෙල්ලම විතරක් නිසා ඒක බලාගෙන හිටියාම ඇතිය.


තවත් එකී මෙකී නොකී අය බොහෝ දෙනෙක් තම තම හැකියාවන්ට අදාලව ඇමති පට්ටම් ලබා ගෙන ඇත්තේය.19 ගෙනෙද්දී ඇමති මණ්ඩලය 30කට අඩු කරන්නට යෝජනාව සම්මත කලත් එවකට විපක්ශ්යේ සිටි අලි බබාගේ හොරු කන්ඩායම විසින් ජාතික ආණ්ඩුවකට යන විට ඇමති මණ්ඩලය සීම නැතිවියයුතු බවට කොන්දේසියක් දැමූ බැවින් වර්ථමාන ඇමති මණ්ඩලය වරින් වර යාවත්කාලින වනු ඇත. ඒ කාලේ හෙන සින්හ නාධ පැවැත්වූ සන්ධානේ එකා දෙන්නා බැගින් පැමිණ ඇමතිකම් හිගා කන යුගය ඉදිරියේ දිග හැරෙනු ඇත. ඉතින්  සමහරවිට එය මහින්දගේ වාර්තාගත ඇමති මණ්ඩලයේ ගාන කිට්ටුවටම එනු ඇත.ඔය ඇමතිකම් ගන්නේ ඉතින් අපේ සුබ සිද්ධිය තකාම නිසා අපි ඉතින් ඕවාට මුකුත් කියන්නට ඕනෑ නැත.අනික ඉතින් අපිට මේ යන system එක වෙනස් කරන්නටද මහා උවමනාවක් නැත්තේය.අලි බබා සහ හොරු set එක මෙවරත් පාර්ලිමේන්තුවට ගෙනාවේ ඒ නිසාය.යාන්තම් මහපුටුව මාමීගෙන් බේරාගන්නට පුලුවන් උනත් මාමීගේ කාලකන්නි ගෝල බාලයෝ සැට් එකෙන් නම් ලේසියෙන් බේරුමක් නැතිවන්නේය.එක සැට් එකක් ඇමති පට්ටම් ගෙන සැප විදින අතරේ තව සැට් එකක් විපක්ශ්යේ ඉදිමින් බිල්ලෝ පෙන්වන සෙල්ලම පටන් ගනු ඇත.අන්තිමට බලාගෙන යද්දී කෙල උනේ මාමිට පමණය. ගෝලයෝ සැට් එක තම සුපුරුදු පිනුම් ගසමින් ආතල් ගනු ඇත.මේ එකගෙයි කන සෙල්ලම නිසා අන්තිමට කිසිම වැඩක් හරියකට නම් කරන්න වෙන්නේ නැත්තේය.මාමීගේ සැට් එකක් ආන්ඩුව ඇතුලේත් පිටත් දෙකේම ඉන්නා නිසා මේකත් දින 100 වැඩේ දියාරු කර දැම්මාක් මෙන් දියාරු කිරීමට ඉඩ ඇත්තේය. රටේ දේශපාලන රාමුව වඩා යහපත් හා පිරිසිදු එකක් කරන්නට පසුගිය සමයේ ගෙනා සියලුම යෝජනා හා සන්ශෝදන යට ගියේ එවකට මාමිගේ ගෝලයෝ රැලට පින්සිදු වන්නටය. ඒ ගෝල බාලයෝ රැලට හුරු මඩගොඩනි සා ඒක සුද්ද කර දමනවාට උන් කැමති වූයේ නැත.ඒ ඔක්කොටම පෙර ඒ සැට් එකට අපි කැමති නිසා ඒ සැට් එක නැවත පාර්ලිමේන්තු ඇවිත් තිබෙන්නෙය.ඒ නිසා සුපුරුදු මඩ ගොඩ දිහා බලාගෙන වෙන දෙයක් වෙන්නට ඇර බලා සිටීම්ට අපට පුරුදු වනු ඇත.

කොහොම උනත් ඉතින් අන්තිමට හදාගෙන ඇත්තේ කලින් තිබූ කොල ටිකම අස්සෙන් පස්සෙන් දමා අනනු ලැබූ පරන සූදු කූට්ටමය.ඒ නිසා ඉතින් ආර්ථිකය පුල් මාවලස් වූ දූශණයෙන් වන්චාවෙන් තොර රටක් ගැන හිතීම දැනට පෙනෙන පරිදි නම් දුශ්කරය…..ඒවා නැති උනත් අඩු ගානේ රට දේශපාලනයෙන් හා සන්හිදියාවෙන්වත් ඉදිරියට ගෙනයාමට මේ ආණ්ඩුවට පුලුවන් විය යුතුය.යුද්ධය ඉවර කල අපේ මාමී ජාතික ප්‍රශ්නය විසදීමට නම් කිසිදා අදහස් කලේ නැත්තේය.මාමීට ඕනෑ උනේ දෙමල සීන් මදිවාට මුස්ලිම් සීනුත් රටේ වපුරා එක එක සේනා යොදවා ඒවාට attack කර රටට  ෆුල් action film එකක් පෙන්වීමටය. තමන් නැති උනොත් බිල්ලන් එන බව පවසා තමන් film එකේ කොල්ලා වීමටය.රනිල් හා MY3 උන්නැහේලාට එවැනි මානසිකත්වයකින් තොරව රටේ ජාතික ප්‍රශ්නය සැබෑ දේශපාලන විසදුමක් දෙන්නට පුලුවන්නම් එය වටින්නේය.ජාතිවාදී කුහකයන්ගේ බිල්ලෝ පෙන්වන සෙල්ලම් වලට තිත තබා රටේ සියලු දෙනාට සාධාරණ සමාජයක් ගොඩ නගන්නට පුලුවන් ඒ ඇතිය.අනෙක් ඒවා වලින් ගන්න ලකුණු ගැන නම් ඉතින් වැඩි විශ්වාසයක් නොමැත්තේ bat කරන්නේත් ball කරන්නේත් එකම teamඑකේ කට්ටිය නිසාය.ඒ කට්ටිය කලින් හොද හොද පහරවල් ගැසූ නියම ඩයල් නිසාය.


මේ අනම් මනම් අස්සේ රටට අලුත් විපක්ශ නායකයෙක් ලැබෙන්නේය.බිල්ලන් පෙන්වමින්,බිල්ලන් ගැන සිහින දකිමින් ජීවත් වන කුහකයන්ට නම් මෙය ඇහැට කටු අනින සිදුවීමක් වුවත් රටේ ප්‍රජතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සෑම ජාතියකටම සමාන බව මොනවට පෙන්වන අවස්ථාවක්ම වන්නේය.දැන් ඉතින් සම්බන්දන් උන්නැහේට ලොකු වගකීමක් තිබෙන්නෙය.මෙතෙක් කල් කොටි වෙනුවෙන් තැන තැන නහයෙන් ඇඩූ තම කන්ඩායම දෙමල ජනතාවගේ සැබෑ හඩ ලෙස රටේ පිලිගැනීමට ලක්ව ඇති මොහොතේ තවත් කොටි වෙනුවෙන් ස්ත්‍රෝත ගායනයෙන් තොරව වගකිවයුතු පක්ශයක් ලෙස තම මතවාදය රට තුල සන්වාදයට ලක් කිරීමට ඔවුන්ට හැකි විය යුතුය, බෙදුම්වාදී සිහින පෙන්වා දෙමල ජනයා චූන් නොකරමින් ඒ තුලින් වඩා හොද ස්ථාවර විසදුමකට යෑමට  රටට ආරාධනා කල යුතුය.මෙතෙක් කල් උතුරේ දෙමල ලීයෙන් සැදි පුටුවක අසුන් ගෙන සිටි සම්බන්දන්ට දැන් රටේ උත්තරීතරම ස්ථානයේ මහ පුටු තුනෙන් එකෙක් හිමිව ඇත්තේය.එහි ඉද ගන්නා සෑම විටම සම්බන්දන්ට සිහිවිය යුතු කරුනක් ඇත්තේය එනම් තම්න් දැන් ඉද ගන්නා පුටුව ලාන්කීය ලීයෙන් සෑදූ එකක් බවයි.ඒ නිසා සම්බන්දන් ශ්‍රී ලන්කාවට චපල නොවිය යුතුය.