Sunday, February 7, 2016

බැලලියන්ගේ සින්දු හා බූරුවන්ගේ මාධ්ය භාවිතය





"I don't think art is a competition , there are no number one
 singers and bad singers. It all depends on how you enjoy it what your taste is. For example i like metal but for most my friends it's just noise and screaming. Some people like EDM but for some it is merely a jam of electronic fart noises. Just because you don't like it doesn't mean it's bad.If you can't stand seeing something , then there is this amazing new invention called the "remote". So stop bitching , pick up the remote , and change the fucking channel."

මේ කියමන උපුටාගත්තා මාගේ හෙන බොක්කක් වන අති ගරු ගැබා මහතාගේ fb පෝස්ටුවකිනි.මේ පෝස්ටුවට ප්‍රස්තුත වන්නෙ අද වන විට බොහෝ දෙනා කතාවට ලක් කරන දන්නෝ බුදුන්ගේ ගීයේ ඔපෙරා version එක නිසා හටගෙන ඇති ආන්දෝලනය නිසාවෙනි.මේක මේ තරම් කතාබහට ලක් වූයේ ඔපෙරාවක අරුත,වින්දනය නොදත් ගොන් ආදන් රැලක් මේ ගායිකාවට කරන්න තිබෙන සියලු අන්දමේ අපහාස උපහාස කරමින් සුපුරුදු නූතනවාදී ලාන්කීය අභිමානය වන, social media හරහා ගෑනුන්ට උඩ දමාගෙන ඇරීමේ නිදහස උපරිමෙන් විදින්නට ගත් නිසාය.ඒකට පොහොර දැම්මේ මේ දවස් වල ලන්කාවේ පට්ට එඩිතර මාධ්‍යවේදී දෙපොලගෙන් එකෙකි.ඒකාට අනුව මේ ගීය බැලලියෝ කෑ ගසන්නාක් මෙන් ඇහෙන එකකි.කියන එකීට ගඩොල් බාගයකින් ගැසිය යුතු ගීයකි.නොදන්නා සන්ගීතයක් ගැන කතා කරන්නට යන මේ ගොන් හාදයෝ මේ අපහාස කරනුයේ ශ්‍රී ලක්න්කාවෙන් බිහිවූ විශිශ්ඨතම ඔපෙරා ශිල්පිනියටය.

නයියාටද ඔපෙරා දිරවන්නේ නැත.ඉස්සර ඛේමදාස මාස්ටර්ගේ ඔපෙරා සීන් එකක් අහන්නට ගිහිල්ලාද නයියාට එපාවී නයියා කලේ ගැබා කියන්නාක් මෙන් remote එක ගෙන channel එක මාරු කර වෙන ඉලව්වක් බලන එකය.අපිට රස නොවැටුනාට ඛේමදාසගේ ඔපෙරා හැකියාව ගැන මේ රටේ සන්ගීතය ගැන දන්නා විද්වතුන් මහත් භක්තියෙන් කතා කරති.ඉතින් එහෙව් විද්වතුන්ගේ පැසසුම් ලබනා ඛේමදාසගේ සන්ගීතය, සන්ගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා නයියා විවේචනය කරන්නේ කෙසේද?...මෙතනදීත් වී ඇත්තේ එවැන්නෙකි.ඛේමදාසටත් එහා යමින් ලෝක මට්ටමේ හැකියාවකින් ලෝකය දිනූ ශිල්පිනියකට පත්තර කියවන හාදයෙක් අපහාස කරන්නේය.ගෙදරදී තම ගෑනිත් එක්ක නිදි යහනේදී හෝ යාලුවෝ එක්ක වූ වෙලාවකදී නම් මේ වගේ අපහාස කලාට කමක් නැත.මේ ගොන් හාදයා තම වාචාල කටින් අපහාසය කරනුයේ රටම නර්ඹන රූපවාහිනී වැඩසටහනකදීය.මේ වගේ ගෝතයෝ මාධ්ය වලට ගත් පසු පත්තරේ තියන ලබ්බක් කියවලා ඉන්නේ නැතුව තම්න්ගේ බුද්ධි මහිමය දිග හරින්නට යන්න්නේය.ඉන් පසු හෙන පොරවල් වන්නේය.ජනතාවගේ වීරයෝ වන්නේය.දෙර්ණේ පත්තර කියවන ඩබලම මේ වෙද්දී යුගයේ super manලා වී හමාරය.

අනික මේ සින්දුව අසා නැට්ට හපන් අඩන එවුන්ට තියන ලොකුම ප්‍රශ්නය මේකෙන් බුදු දහමට හා භක්තියට වන හානියයි.මේ ගීතයේ උපත ලබන්නේ පල්ලියේ ගීතිකා ආශ්‍රිත තනුවකින් බව මීට කලිනුත් අසා ඇත.ඒ වග මොකක් උනත්, බුදු දහම යනු  music style එකක් නොවේ.බුදු හාමුදුරුවෝ සින්දු කියූ ගායකයෙක් නොවන්නේය.උන්වහන්සේ ශ්‍රේශ්ඨ දර්ශනයක් මෙලොවට හදුන්වා ශාස්තෘ වරයෙකි.ඒ ගැන ඇති ගවුරවය හා පැහැදීම කරණකොටගෙන රචකයෝ ගී පද ලියති.භක්තිය තැවරී ඇත්තේ ඒ ලියවුන පද වැලේය.ඊට පස්සේ ඕකට කෙනෙක් තනුවක් යොදන්නේය.ඒ දාන තනුව classical එකක්ම විය යුතුයැයි බුදුහාමුදුරුවෝ දේශනා කොරලා නැත්තේය.ඒ දාන තනුව reggae, hip hop,six-eight හෝ ඔපෙරා එකක් විය හැකිය.එය එසේ විය නොහැකියැයි කොහේ වත් සම්මතයක් නැත.භක්තිය හා බුදු ගුණ අඩන්ගු වී ඇත්තේ පද වැල තුල මිසක් තනුවේ නෙවීය.මන්ද බුදු දහම යනු music style එකක් නොවන නිසාය.


භක්තිය තිබිය යුත්තේ උබලාගේ හිතේ මිස music එකේ නොවේය.ඒ නිසා නොදන්න ලබ්බවල් ගැන බන කියන්නට ගොස් නා ගන්නේ නැතුව තමන් අකමැති හෝ දිරවාගත නොහැකි දෙයක් විකාශය වන විට remote එක ගෙන channel එක මාරු කරාම වැඩේ අහවරය.ඒවාගේම media වල ඉන්නා මාධ්යවේදී වීර පුරුශයන් තමන් කියනා දේ ගැන දෙපාරක් නොව හත් අටවතාවක්ම හිතනවානම් හොදය.මන්ද ඔය වාචාල කටවල් වලින්  පිට වන වචන මුලු ලෝකයක් දකින අතර පසුව ඒවාට වලට තටු ලැබී විචාර බුද්ධියක් නැති මෝඩයන් හරහා මුලු සමාජයක් නොමග යැවිය හැකි බැවිණි

Thursday, February 4, 2016

ගැමුණු කෝලම







පසු ගිය දවස් වල අපේ දුටු ගැමුණු මහ රජතුමා නැවත උපන්නේය.ඒ පසුගිය දවස්වල Fb එක පුරා කරක් ගැසූ චින්තනගේ video clip එකක් නිසාය.චින්තන ධර්මදාස මේ අදහස් දක්වා තිබුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මස විකාශයවූ වැඩසටහනකදීය.බුකියේ සාප කරමින්,හූල්ලමින් වටේ දුවනා හද්ද ගොන් මහින්දවාදී හා ජාතිවාදී page එකක admin කාරයා චින්තන සහබාගී වූ වැඩසටහන දැක තිබුනේ පසු ගිය දිනකය.ඒ admin කාරයා  වැඩසටහනේ තත්පර ගනනක කෑලි කපා ගෙන post කරමින් චිතනයාව පට්ට ගසන්නට අපේ සින්හල බොදුනු වීරයන්ට බාර දුන්නේය.ඉතිහාසය,රට හා ජාතිය චින්තන වැනි හිපියන්ගෙන් රැක ගත යුතු බවට බොහේ දෙනා comment තිබුනෝය. තවත් බොහෝ දෙනා සුපුරුදු ලාන්කීය අභිමානය ප්‍රකට කරවමින් චින්තන්ගේ අම්මාගෙන් පටන්ගෙන පරම්පරාවටම වරුනාවන් ලබාදී තිබුණි. ඒ සියලු විවේචන අතරේ comment වලට පමනක් සීම නොවී තම වෙඩි මුරය video එකකින්ම එලි දැක්වූයේ අපේ රටේ අති දක්ශ නලුවෙක් වන පින් පොන් විසිනි.රජිත යන නම කෙසේ වෙතත් තමන්ට ලැබිය යුතු නියම නම පින් පොන් බව ඒ video එකෙන් ඒකා රටටම පෙන්වූයේය. ඒතනිනුත් වැඩේ නොනැවතී නෙත් බැලුම්ගලේත් මේ case එක සැරටම ඇදුනේය.ඒකේ වැඩසටහන මෙහෙයවූ ගොයියන් දෙදෙනා කියා සිටියේ අපේ රටේ වීරත්වය නැති කරන මෙහෙයුමක් මෙලෙස ක්‍රියාත්මක වන බවයි.මේකට රට වටෙන්ම කතා කල අපේ මාමලා,නැන්දලා බොහෝ දෙනෙක් චින්තනයාට පලු යන්නට බැන්නෝය.

ඉතින් අපේ සැට් එකට මේ තරම් මල පැන්නේ ඇයි?...ලොකුම අවුල චින්තන විසින් අපේ ඉතිහාසයේ මහා වීරයා වන දුටු ගැමුණුගේ වෙනම මානයක් අප හමුවේ දිග හැරීමය.සාමකාමීව තිබූ රටක් තම බල කාමය නිසා යුද්ධයකට ඇද ගෙන ගොස් අවසානයේ තමන් නිසා විනාශවුන අසරණ ජීවිත වල ලතෝනියෙන්,මිනී කුණු ගදෙන් ගැලවුනු නොහී ගැමුණු සෑදූ රුවන් වැලියක් ගැන චින්තන මෙහිදී කීවේය.මීට අමතරව තවත් දේශපාලනික,කලාත්මක හා සමාජීය විවේචන බොහෝ ප්‍රමාණය්ක් ඔහු ඉදිරිපත් කලේය.නමුත් අපේ ඇත්තොන්ට ඌරු ජුවල් නැග්ගේ ගැමුනුගේ ඉතිහාසගත වීරත්වයේ හා අබිමානයේ සලු පිලි ගලවා දැමීමට චින්තන විසින් කටයුතු කල නිසාය.

චින්තන කියන්නාක් මෙන් ඉතිහාසය යනු ලියවිල්ලක්ය.එය ලියවෙන යුගයේ පරමාර්ත අනුව එක එක අය පොරවල් වෙන විදියට ඒ කතා ලියවෙන්නේය.එසේ බිහිවූ පොරවල් අතර දුටු ගැමුණු යනු එහි උච්චතම අවස්තාවයි.අපි පොඩි කාලේ සිටම ඉගෙන ගන්නා,අපේ ආච්චිලා අපට පත්තියම් කරනා වීර පුරුශයායි.රුවන්වැලිය යනු ඒ වීරපුරුශයා විසින් ගොඩනැගූ මහා බොදුනු භෞතික ආකෘතියයි.චින්තන ගලවන්නට තනන්නේ වසර ගනනාවක් පුරා ඔතන ලද සලු පිලියෙන් වසාලූ,අභිමානත්වයේ වර්ණයෙන් පාටකලාවූ ෆැන්ටසියයි.ඉතින් එසේ කල කල්හී මෙරට ජනතාවට චින්තනගේ අම්මා මුත්තා මතක් වීම අරුමයක් නොවන්නේය.අප ජීවත් වන්නේ ඉතිහාසයෙන් අපට දැකීමට හුරුකලාවූ අරුම ෆැන්ටසියකය.

අපේ ඉතිහාසය රචකයන් විසින් අපි දැකිය යුතු ඉතිහාසය ලියා තබා ඇත්තේය.ඒ සියල්ල විවේචනයෙන් විචාරයෙන් තොරව අපි දැකිය යුතුවන්නේය.ඒ ඉතිහාස කතා බුද්ධාගම හා සම්බන්ධ වන්නේ නම් එය සිහිනෙකින්වත් විචාරයට හෝ තර්කයට භාජනය නොවියයුතු වන්නේය.ලෝකයේ බොහෝ මිනිසුන් සිතනාකාරයට ආගම හා සබැදී දෑ කිසිසේත්ම විචාරයට විවෘත නොවේ.බුදුන් වහන්සේ දේශනාකොට වදාල දේශනාව අතිශය තර්කානුකූල එකක් වුවත් අතීත රජවරුන් විසින් අතට ගෙන තම දේශපාලන උවමනා සදහා සන්ඝයා වහන්සේලා ලවා modify කරමින් මැව්වා වූ බුද්ධාගම කිසිසේත් තර්කානුකූල එකක් නොවන්නේය.එය අනෙක් ආගම් වල සන්කල්ප හා වන්දනා ක්‍රම සමග mix කොට ගලපාගත්, විවේචන්යෙන් හා තර්කයෙන් වියුක්ත විය යුතුයුතු වත් පිලිවෙත් සමූහයක් පමණි.චින්තන තම මතවාදයෙන්ගල් ගසන්නට යන්නේ අන්ධ භක්තියෙන් වෙලනු ලැබූ ඒ දෙබරයටයි.එහි වෙසෙන දෙබරුන්ට යුද්ධයෙන් පසු ගැමුනුගේ මානසිකත්වය හා සිතුවිලි මාලාව කියවන්නට ඉතිහාසය විසින් වාරනය කොට ඇත්තේය. ඒ නිසා ගැමුණු සැමදා දෙමලුන්ට එරෙහි යුද්ධය තුලම සිරවී වීරකම් කරමින් සිටින්නේය. යුධ වින්දනයක් සදහා නොව අනාගත ව්‍යසනයකදී අවැසි වුනොත් යොදාගැනීමට 11000කට අධික හමුදාවක් ගැමුණු වෙනුවෙන් සදා දෙමින්,රට කෘෂිකර්මයෙන් සරුසාර කරන්නට වෙහෙසවූ දුරදක්නා නුවණක් ඇති කාවන්තිස්ස අපේ ඉතිහාස රචකයාට වීරයෙක් නොවුනේය.ඒ සැබෑ වීරත්වය අපේ මිනිසුන්ට කියවන්නට ඔහු ඉගැන්වූයේ නැත්තේය. චින්තන තර්ක කරමින්අදහස් කලේ අපේ රටේ සිනමාකරුවන් මේ ඉතිහාස  රචකයාගේ අඩිපාරේම නොගොස් ඉතිහාසකරුවාට මගඇරුණු හෝ හිතා මතා  යටපත් කලාවූ මේ සන්වේදී අව්ස්තා තම කාචය තුලින් ජනතාවට පෙන්විය යුතු බවයි.ඒ තර්ක, අන්ධ භක්තියෙන් වෙලී සිටින්නාවූ තර්කයෙන් තොරවූ විචාර බුද්ධියෙන් තොරවූ ජන කොටසකට දිරවාගත නොහැක්කේය. 

කොහොමින් කොහොම අන්තිමට කියන්නට ඇත්තේ මුලු මහත් සමාජයම මිත්යාව පසු පස දුවන මුග්ධයන බවට පත්ව ඇත්නම් අපිද එක ලෙස ඒ මුග්ධයන්ගේ කොටසක් බවය.ඒවාට එරෙහිව කැරලි ගැසිය යුත්තේ ඒ මිත්‍යා ක්‍රියාකාරකම් සමාජයට අයහපතක් කරන්නේ නම් පම්ණි.දුටු ගැමුණු මොන සිතුවිල්ලෙන් රුවන්වැලිය හැදුවත් අපිට කමක් නැත්තේය.පෞද්ගලිකව ගත් කල වෙහෙර වලට හා බෝ ගස් වලට කරන වන්දනාමාන ගැන ලොකු විවේචනයක් නයියාට තිබ්බත් ඒවා කලාට වැඩක් වන්නේ නැත.මන්ද තර්කයට හා බුද්ධියට ඉඩක් වර්ථමාන ආගමික සන්කල්ප වල නොමැති බැවිනි.එක අතකින් මිනිස්සු ඕවාට පැල් බැදගෙන ඇලී සිටියාට අපිටවත් සමාජයටවත් හානියක් නොවේ නම් තම සිත් සතන් සනසා ගැනීමට ඒවා කරන මිනිසුන්ට අපි අකුල් හෙලිය යුත්තේ නැත්තේය.ඒ නිසා විවේචනය කරන විට අපි වෙසෙන සමාජය කුමක්දැයි අවබෝධයෙන් ඒවා කියන එක හොදය.නැත්නම් අවසානයේ වෙන්නේ තමන් මෝඩයෙක් පිස්සෙක් බවට හන්වඩු ගැසීම හා ඔවැනි වචනයක් කටින් පිටවූ වහාම රට පුරා ගිනි අවුලවන්නට බලා සිටින මුග්ධයන්ගෙන් පිරි සන්විධාන ගනනාවක් රටේ ඇති නිසාය.බාවිතාවේ පවතින මතවාද හා ක්‍රියා කලාප මුග්ධ,මිත්‍යාවෙන් වැසුන ඒවා වුනත් එයින් සමාජයට හානියක් නැතිනම් ඉවසාගෙන සිටීම යහපති.


පින්තූර අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී