Saturday, April 23, 2016

අපේ FB group chat එක






හෙන කාලෙකට පසු අද නිදහසේ ගෙදරට වී ඉන්නට ලැබුනි.පහුගිය මාස කිහිපයේම අලුත කසාද බැදීමෙන් පසුව එලබෙන post wedding visit වලින් හා අවුරුදු නෑගම් වලින් පිරී තිබුණු අතර දූත සන්චාර වලින් මිදී ගෙදරට වී අලස සුවය විදින්නට ලැබුනු මහගු දවස අදය. දවසේත් ලල් එක කඩා ඉහිරවන්නට නයියාගේ ඉස්කෝලෙ කාලෙ මිතුරන් සැට් එක පැලෑන් කොරමින් සිටියේ හවස් ජාමයේ හීනියට whiskey shot එකක් ගසා rice පාරක් කන්නට එක්තරා restaurant එකකට යමුයි කියමිනි. කොහොමත් ඉතින් ගොඩක් රෑ වෙනකල් සැට් වීම දැන්  දැන් ඇගට ගුන නොවන බැවින් ටිකක් දුරින් ඇති restaurant  එකට හවස 4.30ට වත් යා යුතුය

මේ පැලෑන් ඔක්කොම කතිකා වෙන්නේ group chat එකකය.එකේ membersලා 7ක් සිටිති.ඒක හරි අපූරු group chat එකකි.ඒකේ සෑම වෙලාවේම පාහේ available එකෙක් ඇත්නම් නයියා පමනි.නයියා ඉතින් සිනිදු ඇදුම් ඉන්ජිනේරුවෙක් නිසා කොයි වෙලෙත් online ඉන්නේය.ඒකේ ඊලගට වඩාත් available එකා IT මැනේජරයෙකු වන වරුනයාය.තවත් උන් තුන් දෙනෙක් chat එකේ available වන්නේ දවසට දෙතුන් ගමක් වගේය.ඒත් විනාඩි කිහිපයකට පමනක් වන්නේය.අනික් උන් දෙන්නා එන්නේ දවස් දෙකකට පාරක් වගේය.

ඉතින් මොකෙක් හෝ එකෙක් යම් ප්රශ්නයක් ඔය chat එකෙන් ඇහුවොත්, ඉතින් ඉතුරු 6 දෙනාගේම උත්තර ගන්නනම් දවස් 3ක්වත් යන්නේය. නිසා ඔය chat එකේ යම් දෙයක් ගැන අහනවාට වඩා, ලියුමක් යවා උත්තර ලබාගන්නා එක ලේසිය.හැමදාම මොකක් හරි ගමනක් යන්නට idea එක උදේ පාන්දරම දාන්නේ වරුණයාය.ඊට පස්සේ හොයාගන්නට නැති වෙනවාය.අනික් උන් පැයෙන් පැයට වගේ reply එවා වැඩේ කොහොම set හරි කරගත්තත් වරුනයා ඒක නොදකින්නේ ආයේ online එන්නේ රෑට නිසාය.බොහෝ වෙලාවට හවසට phone එකත් silent දාන් නිදියන බැවින් call එකක් දීලාවත් ඌව ගෙන්නා ගන්නා එක ලේසි නොවේ

ඉතින් මුලදී කිවා වගේ අද restaurant එකේ සැට් වෙන්නත් උදේ පාන්දර chat එක දැමුවේ වරුනයාය.මේ අද දවසේ මේ දක්වා chat එක කාල වේලාවන් සමග ක්රියාත්මක වූ හැටිය( නම් ගම් මනක්කලිපිතය ),


වරුන 5.54 AM - අද කට්ටිය සෙට් වෙනවා කිව්වා නේද?

ගලා 7.24 AM - කීයටද?

නයියා 8.05 AM - මට නම් sure නෑ අද

කන්නාඩියා 9.02 AM - තෝ එදා කිව්වේ පුලුවන් කියලා

බඩා 10.00 AM - අද අපි බොන්න යනවා කිව්වා නේද?

ගලා 10.18 AM - ඒක තමයි යකෝ  මම උදේම ඇහුවේ?

වරුන 10.50 AM - යමන් හවස

ගලා 2.35 PM - අද හවස අනිවා යනවද කියපන් ....මට තව වැඩක් තියනවා

කන්නාඩියා 4.22 PM - මොකද කරන්නේ යන්වද නැද්ද?

බඩා 5.00 PM - කවුද එන්නේ යන්න ? ….hu….oooooooo තොපි එන්නේ නැද්ද

වරුන 7.00 PM - ඇයි බන් හු## අද නොගියේ.මොන ලබ්බක්ද.මට නින්ද ගියා කියහන්කො...



අනික් උන් දෙන්න තවම chat එක දැකලාවත් නැතිය.උන් දෙන්නාගේ reply  විට SET වෙන බලාපරොත්තුවෙන් නවතිමි…

Saturday, April 16, 2016

71 පවුල




මාර්තුවේ මැදක් වෙද්දි දෙසවනෙන් ඇතුල්වෙලා මුලු හදවතම අමුතු ප්රීතියකින් පුරවන්න පුලුවන් අපූරු හඩ, ගායකයෙක්ගෙ නෙවී කැතම කැත කුරුල්ලෙක්ගෙ.කොහෝ...කොහෝ... හඩ තැලුවා.තමන් නගන ශබ්ධයට ගැලපෙන නමක් තියන එකම කුරුල්ලා කොහාද මන්ද...... අහ්,.. කාක්කත් ඉන්න්වනෙ, කොහාගෙයි උගෙයි නෑදෑකමකුත් තියනවනෙ ඉතින්.

කොහාගෙ ගීතයෙන් මත්වෙලා, සතුටු සිතින් පාසලේ පලවෙනි වාරෙ අහවර කරමින් ඉන්න අපිට දෙවට දිගේ පිපුනු රතුම රතු එරබදු මල් ගොන්න හිනාවෙවී කිව්වේ ලගදිම ලොකු සාද සමයක් එනව කියල.ඇගිලි ගැන ගැන හිටපු සාද සමේ හරියටම පටන් ගත්තෙ අවුරුදු නිවාඩුවට ඉස්කෝලෙ වැහුවට පස්සෙ.

අම්මට නම් ඉස්පාසුවක් තිබ්බෙම නෑ කුස්සියේ වැඩ,ගෙදර වැඩ,පවුලෙ උන්ට අලුත් ඇදුම් තෝරන වැඩ...අපේ අයියටයි මටයිත් ඉස්පාසුවක් නෑ, තරමට ගමේ උන් එක්ක සෙල්ලම.කඩමන්ඩියට ගොහින් අරන් ආපු අලුත් සරම් කෙටිත් ඇදගෙන රතට රතේ පිපුණු එරබදු මලින් හැඩවුනු දෙවට දිගේ ඉපනැල්ලට දුවල සෙල්ලම් කරපු අපේ ජීවිත ටිකෙන් ටික සෙල්ලමින් ඈත් වුනේ අපේ අයියා මට වඩා ඉක්මනින් තරු වියට පියවර තබමින් උන්නු නිසා...

අවුරුද්දෙන් අවුරුද්ද වේගයෙන් ගෙවිල යද්දි එක කාලයක් ආව මහ දවල්ටත් කරුවල වුනු,සින්හල අවුරුද්දක් නැතුවම රතිඤා වල සද්දෙ හැම රෑකම ඇහුනු,උදේට ඇහැරිලා දෙවට දිගේ යද්දි මල් සුවද වෙනුවට පුලුටු ගද දැනුනු,තැනින් තැන පිච්චිලා නිවිල ගිය කුණුගොඩවල් වගේ පොදි වලින් දුම් රොටු නැගුණු, සුදුපාට මල් එරබදු මල් වගේ රතු පාට වුණු,නාදලු දෙතොල්වලට හිනාවෙන්න අමතකවුණු,මොකක්දෝ මහ මූසලකමකින් පරිසරයම වැහී ගියපු.......
කෙලි දෙලින් ගත කල අපේ අයියා දිගින් දිගටම කල්පනා කරපු,කටට විරාමයක් දුන්නෙම නැතුවම විහිලු කරපු ඔහු මට නොතේරෙන ප්රාණ කියපු,අයියා තාත්තාට නොව තාත්තා අයියා දකිනවිට බියවුණු,බිය වෙලා සැනසුම් සුසුම් හෙලපු , රෑ තිස්සෙත් ගෙදර උවමනාවලට අයියව කඩේ යවපු අම්ම මහ දවල්ටවත් අයියව ගෙදරින් එලියට බස්සන්න බයවුණු,කවුදෝ එවුන් කටිටියක් ඇවිල්ල මහ රෑ ඔහුව කුදලගෙන ගියපු සින්හල අවුරුද්ද, 71...


එරබදු ගහේ කටු උඩට
මලක් වැටිලා පෙති පහම ඉරිලා
ගලන ලේ දැක්කාම
ගහ කැපුවෙ තාත්තා

අපේ ගෙට ලග ගහක
හැඩුව මුකලන් බස්සට
තාත්තා ගැසුව ගල
ගිහින් වැදුනේ කොහෙකුට

හැම අවුරුදු නැකතකට
රතිඤා පුපුරලා යනකොට
අම්මා හඩනවා කුස්සියේ
ඇයි කියන්නෑ අහුවාට

බිත්තියේ එල්ලිලා හිනැහෙන
අයියාගෙ රාමු කරපු රූපෙට
අහර අනුබවයෙ නැකතට
සිපගෙන අම්මා කදුලු පෙව්වේ පුරුද්දට



**පැදි පෙල නයි අයියාගේය(ඒ කියන්නේ කසුන් හේමන්ත)


Wednesday, April 13, 2016

අපි හැමෝටම අවුරුදු





අවුරුද්ද උදා වෙමින් තිබෙන්නේය.කොහා දැන් මාසයක් පමණ තිස්සේ හඩ තලමින් කියා සිටියේ පොකැට් එකට තට්ටු වන කාලය ලග ලග එමින් තිබෙනා බවය.කොහා ලබා දුන් warning එකත් සමග උදාවූයේ අවුරුද්දට නයි හාමිනේ සමග shopping දුවනා කාලයයි.අවුරුදු shopping යාම නයියා අතිශය ගවුරව කරන රාජකාරියකි.මන්ද මේ බ්ලොග දැමීමට ෆුල් ගැම්මක් දුන් පලමු post එක ලියවුනේ ගිය අවුරුද්දේ අවුරුදු shopping යෑමත් සමග නිසාය.ඒ නිසා පෑ ගානක් ගෙවුනත් කකුල් කඩිත්තුව හැදිලා හෝ අවුරුදු shopping යෑම ගැන නයියා හාමිනේට දොස් පවරන්නේ නැත්තේය.

කොහොමත් නයියා පැටියා කාලයේ සිටම වසරේ කැමතිම කාලය අවුරුදු කාලයයි.ඒ දවස් වලට ඉස්කෝලේ නිවාඩු හම්බේන්නේය.ඒ නිසා හොදම එකෙන් සෙල්ලම් කොල හැකිය.හතර වටේ නෑදෑයින්ගෙන් ඇදුම් හමබෙනේ නයියා පවුලේ බාලයා වූ බැවිනි.ඉතින් අවුරුද්ද ඉවර වන විට නයි පැටියාට house of fashion එකේ තරම් රෙදි තිබෙන්නේය.ඒ සියල්ලටත් වඩා ඉතින් බඩ කට පිරෙන්නට කෑම ජාති දෝරේ ගලලාය.ආයේ ඉතින් වෙන දවස් වල මෙන් කන්නට දෙයක් ඉල්ලා අම්මා ලග නාහෙන් අඩන්නට ඕනෑ නැතිය.කන්න හිතෙන්නේ කොයි වෙලාවෙද ඕනෑ තරම කෑම බාජන වල ready වී සිටින්නේය. ඉතින් මීට වඩා හොද කාලයක් තවත් කොයින්ද?

පුන්චිකාලේ ඒ තිබූ සිගිති ආතල් දැන් නැතත් තවමත් නයියා අවුරුද්දට හෙනම කැමතිය.හැමදාම එකම ලෙස කැරකෙන මේ වල් වැදුනු ජීවිතේට නැවුම් වෙනසක් අලුත් අවුරුද්ද සමග එක්වන්නේය.හැමදාම  උදේ පාන්ද නැගිටල වැඩට ගොහින් රෑබෝවී ගෙදරවිත් තියන දෙයක් කාලා ඊට පස්සේ නින්ද යනකල් කාමරයට වී අන්තර්ජන්ජාලයේ සැරිසරනා කාලකන්නි හුදෙකලා ජීවිත වලට වෙනසක් එක් කල හැකි සමයකි මේ.රටේ බොහෝ දෙනා තම පවුලේ සියලු දෙනා සමග එක මේසේ ඉදගෙන කෑමක් කන එකම දවස අවුරුදු දවස වන්නේය.රාජකාරි තුලම හිරවෙමින් දුවන ලෝකය තුල හති දමමින් දිවීම නවතා තම වට පිටාවේ මිනිසුන් , නෑයින් සමග එකට එකතු වෙන්නට ලැබෙන වටිනා අවස්තාවකි.පවුලේ පලවෙනි තුන්වෙනි පරම්පරාවල් එකට මුහුවෙන කදිම කාලයකි.ඒ නිසා අවුරුද්ද අපිට වැදගත්ය.අවුරුද්ද හා බැදුනු නැකත් චාරිත්‍රබොහොමයක් පවතින අතර ඒවා නිසි වෙලාවට කිරීමෙන් යහපත් දෑ ජීවිතෙට ලැබෙබෙනේලු.නයියා නම් ඔය නැකැත් ශාස්ත්‍ර තුට්ටුවකට මායිම් නොකලත් අවුරුද්දේ ඒවා හරියටම කරන්නට සැදී පැහැදී ඉන්නේ අන් කවරක්වත් නිසා නොව එය මේ සරල රේකීයව ගලන මෙලෝ රහක් නැති ජීවිතේට අමුතුම වෙනස් වර්ණයක් එක් කරනා බැවිනි. කොහොමත් අවුරුද්දට පම්ණක් එකට එකතු කර ගත් හැකි කාර්යබහුල අපේ අයියලා අක්කලා හා උන්ගේ පොඩි උන් සමග මේවා අකුරටම ඉටු කරන එක මාරම මෙව්වා එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මේතරම් ආනන්දජනක වූ ඒ නැවුම් කාලය ගෙදර ඇත්තන් සමග ගත කොරන්නට නයියා මාසයක සිටම ඇගිලි ගනින්නේය.ඒ නිසා අප්‍රෙල් ලබන විටම ලොක්කාට නිවාඩු ඉල්ලිම් පත යවා නිවාඩු අනුමත කරගන්නේය.අවුරුදු දවස් වලට නිවාඩු පාඩුවේ ගෙදර ඇත්තන් සමග ෆුල් මාවලස් කාලයක් ගත කරන්නේය.නමුත්  නයියාට අවුරුදු කන්නට හැකිවෙන ලෙස තවත් බොහෝ දෙනා තම අවුර්දු නිවාඩුවේ පවා වැඩ කරති.රටේ අත්යවශ්ය සේවා වන රෝහල්,විදුලිය,ජලය,ආරක්ශාව ආදී සේවා ගනනාවක් අපි අවුරුදු කන මොහොතේ රෑ දවල් නොබලා ක්‍රියාත්මක වන්නේය.නයියා වැනි අවුරුද්දට පෙම් බදින උන් බොහොමයක්ද ඒ අතර ඇත.තම පොඩි උන් සමග් අවුරුද්දට කිරිබත් කටක් කන්නට නොලැබීම ගැන දුක් වෙන තාත්තලා බොහොමයක් ඒ අතර ඉන්නේය.ඉතින් තම රාජකාරිය වෙනුවෙන් කැපවී අපිට අවුරුද්ද කන්නට වරම් ලබාදෙන වැඩකරන ජනතාවටත් මුලු ලක් වැසි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ලැබී හිතේ පවතිනා සියලු කුහකකම්,මෝඩකම්,ජඩකම් පහවගොස් අවිද්යාව දුරුවී නැණස පහල වේවා...!!!