Saturday, August 15, 2015

Blog එක නෑති කාලෙ ඈරපු නයි - 1 (2014,October)

බුරන බල්ලන් සපා නොකයි යන්න එදා පෑවති කියමනකි.ඒ නිසා හපා කන බල්ලන් හපා කෑවේ හොරෙන්ය, සද්දයක් නෑතුවමය.මන්ද එවෑනි බලු වෑඩ එලිපිට සද්ද දමමින් කරන්නට බල්ලන්ද අකමෑති වූ බෑවිනි.නමුත් බලයෙන් මත් වූ ස්වාමිවරුන්ගේ බල්ලන්ද ඒ බලයෙන් උදම් වී තම්න්ගේ කාර්ය අමතක වී එලිපිටම සපාකන තෑනට පත්වීම පසුගිය කාලය පුරා දෑකගත හෑකිවිය.ගුරුවරියන් දන ගසන්නේත් වතුර ඉල්ලූ මිනිසුන් වෙඩිකා මෑරෙන්නේත් සාධාරණය තකා හඩ නෑගූ සියල්ල මර්ධනය කරමින් එලිපිට වහසි බස් දොඩවන්නේත් ඒ නිසාය.එහි අලුත්ම දිග හෑරුම පසුගිය සතියේ සිට දිගහෑරෙමින් පවතින්නේය

සරසවි සිසුන් මෑස්සන් කූඩෑල්ලන් ගානට දමමින් ඈමති එලිපිටම ගර්ජනාව කලේය, ඒ චන්දයක් නෑත්නම් ජල ප්‍රහාර වලින් එපිටට ගොස් හොදිනම සිසුනට සලකන බවය.
පෙර කීවාක් මෙන් බලයෙන් උදම් වූ සුනකයන්ද බුර බුරා හපන බව පෙන්වමින් ඊයේ රාත්‍රියේ සත්යග්‍රයේ නිරත සිසුන්ට මෑර ප්‍රහාරයක් එල්ල වී තිබේ.අට්ටාලය ගිනි තබා සිසුන් 13ක් රෝහල් ගත කරන්නටද මේ බත්බෑලයන් සමත් වී තිබේ.

මේ සියල්ල සිදුවන්නේ යුධ ජයග්‍රන ලබා අතිශය සන්වර්ධනාත්මක සමුර්දිමත් ආස්චර්යක කරා ගමන් කරන රටකය.කටපුරා අපි හරිම මානුශික මෙහෙයුම් කල පොරවල් යයි කියාගන්න පාලකයන් සිටින රටකය.

ඊටත් වඩා හෙනම අවුල වන්නේ දෑන් ගහන්නේ වෙඩිතියන්නේ ගිනිතියන්නේ ප්‍රසිද්ද වේදිකාවල ඒ පිලිබද talk එකක් දීමෙන් පසුවය.අපි ඒ තරමට මානුශික වී ඈති රජයක පුර්වෑසියන්ය.මන්ද ඒ රජයේ ඈමති පොරක් ගිනිතියන්නට කලින් ඒ පිලිබද ප්‍රසිද්ද වේදිකාවේ කියන්නේය.බ්ලාගෙන සිටින උන් ඒ අසා අත්පුඩි තලන්නේය,විසිල් ගහන්නේය.මේ පහර වදින්නේ උන්ගේම දරුවෙක්ටය,සහෝදරයෙක්ටය,අසල්වෑසියෙක්ටය කොටින්ම මේ පහර වදින්නේ උන්ටමය යන්න අමතක වන තරමට අපේ රටේ ජනයා දීන වී හමාරය.හපා කන බල්ලන් බුරමින් නොව පිනුම් ගසමින් හපාකන තරමට පිම්බී ඈතත් අපට තවමත් චූන්ය.

No comments:

Post a Comment