Sunday, August 16, 2015

Ring cut හෙවත් Missed call

බොහෝ දෙනා Blog ලියන නිසා උපන් තදියමට කාලයක් තිස්සේ Blog එකක් සෑදීමට බලා සිටි මා, මාස ගනනක් පෙරුම් පුරමින් සිට යාන්තම් Blogak අටවාගත්තත් අලුතෙන් ඈරීමට තරම් නයෙක් නොසිටි බෑවින් පරන නයින් ටික නෑවත නටවා Bloga පුරවාගත්තත්, Bloga කියවූ කීපදෙනෙක්ම දුරකතන ඈමතුම් දෙමින් තර්ජනය කලේ අලුතෙන් කිසිවක් ඒකේ පල නොවී ඈති බව කියවමිනි.වහාම අලුතෙන් නයෙක් යැවිය යුතු බව උන්ගේ මතය විය.සතියේ දවස් 5ම කොම්පීතරය ඉස්සහරට වී රස්සාව කලා මදිවට ගෙදර ඇවිල්ලාත් මේක් ඉස්සරහට වී කොටන්නට වීම හද කලකිරවන වැඩකි.නමුත් රසිකයන්ගේ ඉල්ලීම් වලට කන්දිය යුතු බෑවින් යාන්තම් මතක් වූ සිගිති ආතල් නයෙකි මේ.

අපේ අයියා මුලින්ම Mobile phone එකක් ගත්තේ 2002 දී වියයුතුය.එය ගඩොල් බාගෙකට චුට්ටක් විතර පොඩිවූ හෙන බර Alcatel එකකි.ඒක පට්ට වෑඩ කෑලි තිබූ Phone එකකි.ඒකෙන් Calls ගන්නවාට අමතරව SMS කියා ජාතියක් යවන්නත් පුලුවන් වූ අතර ඒක ගෙනාව දා සිට මිනිහාට උදේ නෑගිටින්නට අම්මා කතාකලයුතු නොවූයේ ඒකෙ Alarm එක තියන්නටත් පුලුවන් වූ නිසාය(SMS මදිවට Alarm තියන්නත් පුලුවන් කියහන්කො).ඊට වසර 1.5කට පසු අයියා තවත් Phone  එකක් ගත් අතර මුලින් ගත් Alcatel එක අපේ අම්මාට දුන්නේය.

ඒ දවස්වල මන් O/L ලියන නිසා උදෙන් නෑගිටීමට මන් Alarm එක තියාගත්තේ ඒ phone එකෙනි. ඉතින් රෑ 10 සිට උදේ 6 විතර කාලය දක්වා phone එක මට හිමිවිය.ඒකෙන් තියා උදේ 5ට විතර නෑගිට්ට විට මට තිබූ ප්‍රධානම වැඩේ වූයේ phone ඒකේ save කර තිබූ සියලුම Numbers වලට ring cut දී හෑම එකාම උදෙන්ම ඇහැරවීමයි.එය හෙන ආතල් වැඩකි.කොහොමටත් ඔය Numbers පෝලිමටම calls ගෙන ඉවර වෙන විට පැය බාගයක් විතර ගතවෙන්නේය.ඒ කාලේ ගොඩක් land phones වල CLI කියා දෙයක් තිබුනේ නැති නිසා ring cutදුන්නු එකා හොයාගන්නට බැරිය.නමුත් දැන් කාලේ මෙන් නොව ඒ කාලේ Outgoing call එකක මිනිත්තුවකට මිල රුපියල් 10ක් වූ බැවින් වැරදිලාවත් එහා පැත්තේ පොර නිකන්වත් answer කලොත් බඩු බනිස්ය.Ring cut වැඩ වැරදීමෙන් අපේ අම්මාට බොහෝ මුදලක් නිකරුනේ පාඩුවිය.ඒ සෙල්ලම නැවතුනේ ද්වස් දෙකම පිට පිටම අපේ බාප්පා call එක answer කිරීමෙනි.මගේ කාලකන්නි වැඩ නිසා නින්ද කඩාගන්නා අපේ බාප්පා කිසි ලෝබකමක් හෝ කේන්තිය්කින් තොරව Hello,Good Morning කියා call එකට answer කරන්නේ දවසම සුබ වෙන Tone එකකිනි.එය ඈසූ ගමන් මන් මේ පැත්තෙන් cut කල විට ඔහුට මොන දුකක්, කේන්තියක් හිතෙන්නේදැයි මගේ පුන්චි මොලයට කල්පනා වීම නිසා උදේ පාන්දර Ring cut දී මිනිසුන්ගේ නින්ද කෑඩීමේ කාලකන්නි විනෝදයෙන් අත්මිදීමට මම තීරනය කලෙමි.එයින් අපේ නෑදෑ හිත මිතුරන්ට උදෑසන හොද නින්දක් ලැබීමට හැකිවූ අතර අපේ අම්මාගේ මුදල්ද ඉතිරි විය.

එක සැරයක් අපේ ඉස්කෝලේ එකෙක් උගේ සීයා මැරුණු බව අපිට නොකීවේය.ඒකට මල පෑන්න අපි ඒගැන උගෙන් විමසූ විට ඌ කීවේ සීයා මැරුන බව කියා අපිට Missed call දුන් බවයි.....එවැනි මෝඩ කම් සිදුවන අතරේම විවිද ආකාරයේ පනිවිඩ හුවමාරු කරගැනීමේ signal එකක් වශයෙන් ring cut එක අප රට පුරා බාවිත වෙන්නේය.

ඉන් පසු නැවත Ring cut ආතල් එක පටන් ගත්තේ campus ගිය අලුතය.campus ආරම්බය සතියකට පමනක් සීමාවී මාස 6ක් එක දිගට ගෙදර ලගින්නට වූ අපිට අපි  campus ගිය බව හිතට දැනෙනුයේ ඒ දින වල අලුත හදුනාගත් campus යාලුවෙක්ගෙන් එන ring cut එකක් නිසාවෙන් පමනය.ඒ ලෑබෙන ring cut එක අලුත හදුනා ගත් කෙල්ලන්ගෙන් නම් හිතට දැනෙනුයේ පුදුමාකාර ලල් එකකි. ඒ එන Ring cut වලට අපිත් අනික් පෑත්තට Ring cut එකක් දී කලගුන සලකා මටත් ඔයාලව මතක් වෙන බවට signal එකක් දීමට තරම් අපි විනය ගරුක වීමු. ඉන්පසු අපේ උන් කුපාඩිකමට campus එකේ පාඩම් කරන විට උන්ට නිදිමත වීගෙන එද්දී රෑ 121ring cut දී අපේ නින්ද කඩති.

නමුත් ring cutයනු ජීවිතයට ඉතා වැදගත් වටිනා නාදයක් බව මට පසක් වූයේ එදවස ඇයගෙන් ලැබෙන පලමු ring cut එක වෙනුවෙන් සති 2ක් දුක් විදිමින් ලතවෙමින් බලා සිටි කාලයේය.ඒ ring cut එක මට නොලැබෙනුයේ මන් O/L කරන කාලයේ උදේ පාන්දර මිනිසුන්ගේ නින්ද කඩමින් කලාවූ ශාපය පලදී බව මට සිතෙමින් තිබුනි.නමුත් සති 2ක් ඇවෑමෙන් ඒ අගනාවූත් ආදරනීයවූත් ring cut එක පැමිනියේය.ඒ පෑමිනි ring cut එක දැන් වසර 5ක් පුරා cut නොවුනු ආදරණීය ඇමතුමක් බවටම පත්ව ඇත්තේය.ඒ නිසා අතීත කාලයේ ring cut දී මිනිසුන්ගේ නින්ද කැඩීම එතරම්  පාපයක් වී නෑත.




6 comments:

  1. ඉන්පසු අපේ උන් කුපාඩිකමට campus එකේ පාඩම් කරන විට උන්ට නිදිමත වීගෙන එද්දී රෑ 12ට 1ට ring cut දී අපේ නින්ද කඩති.
    :D :P

    ReplyDelete
    Replies
    1. Thanx thanx machan...කුපාඩි කමට නින්ද කැඩූ කොල්ලෙක් වුවත් ඔබේ දිරි දීමට මගේ ප්‍රණාමය...

      Delete