Sunday, June 11, 2017

ජෙප්පනි , මේ අඹ හැර තවත් අඹ තිබේද?





මේ දවස් වල බුකියේ සුපිරිම hit එක අනුර අයියාගේ කොල්ලාය. කොල්ලා අල්ලාගෙන anti-ජෙප්පන් අනුර අයියාගෙන් පටන්ගෙන JVP එකෙනුත් නොනැවතී මුලු වාමාන්ශික ව්‍යාපාරයටම පහර දෙමින් සිටී. ඒ ප්‍රහාර වලට එදිරිව ඉදිරිපෙල සටන ගෙනියන්නේ ජවිපෙ දේශපාලකයන් නොව බුකී  වාසී ජෙප්පන් සැට් එකය. බුකී ජෙප්පන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අනුරගේ පුතාගේ ජීවිතය හෙවත් පෞද්ගලික ජීවිතය, අනුරගේ දේශපාලන ප්‍රතිපත්ති සමග පටලවා නොගත යුතු බවටත් එසේ පටලවා ගැනීම හෙන ලාමක වැඩක් බවටත් පවසති. කොල්ලාගේ ජීවිත කතාවම ලියවී තිබෙන්නේ ජෙප්පන්ගේ political interface එකට මුලුමනින්ම පරස්පර විදියටය. පොරගේ අධ්‍යාපනය, රැකියාව පමණක් නොව කෙල්ලන් සමග ගත් ආතල්ද සමස්ත jvp ප්‍රතිරූපයට නොගැලපෙන්නක් ලෙස හුවා දක්වමින් විරුද්ධවාදීන් හිටු කියලා පුල් ශොට් හුක් හොට් කෙලලා අරිති. මේ සියල්ලට පිළිතුරු බඳින්නෝ බුකී වාසී ජවිපෙ ප්‍රේමියෝය.

සැබවින්ම අනුර'ස් කොලුවාගේ වැඩ පියාගේ දේශපාලනය කෙලෙසන්නක්ද?....කොලුවා ඉගෙනගත්තේ SLIIT එකේය. ජවිපෙ SAITM එකට විරුද්ධය. කොල්ලා වැඩ කලේ මිහින් එකේය. දැන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකේය. ජවිපෙ මේ ආයතන දෙකම දූෂණ වලින් ගහන බවට හඬ නගයි. කොල්ලා sexy කෑලි කිහිපයක් සමග ගත් පොටෝ ඇත.ජවිපෙ sexy කෑලි වලට විරුද්ධ දැයි මම නොදනිමි.......ඉතින් මේව ප්‍රතිවිරෝධිතා ලෙස හුවා දක්වමින් ජවිපෙ විරුධ්ධවාදීන් හඬතලයි, මඩ ගසයි. ඒ ගසන මඩ වැරදිද?,,,,,,ඒ ඒ කරුණු දේශපාලනය සමග පෑහෙන්නේ නැති බව ජෙප්පන් තර්ක කරයි . ඒ තර්කය වැරදිද?........මට නම් සිතෙන්නේ මේ දෙකම වැරදි නැති බවයි. සරළවම කියන්නට ඇත්තේ ජවිපෙ නෙලාගනිමින් සිටින්නේ තමන් වැපිරූ බීජ වල ප්‍රතිපල බවයි.

අනුරගේ පුතා වැඩිහිටියෙකි. තමන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොහෙන්ද කියා තීරණයක් ගැනීම ඌ සතුය. ජවිපෙ අධ්‍යාපනය විකිණීමට විරුද්ධය. එය රාජ්‍ය ප්‍රතිපත්ත්ය හා ගැටෙන්නක් මිස පෞද්ගලික ආයතන වල ඉගෙනගන්නා සිසුන් සමග ගැටෙන්නක් නොවේ. ජවිපෙ විරුද්ධ වන්නේ රජයේ අධ්‍යාපනය මිල කිරීමට මිස ඒවාවල ඉගෙනගන්නා සිසුන්ට එරෙහිව නොවේ. වැඩිහිටියෙක් වන ඒ කොලුවා රැකියාව කරන්න තෝරාගත්තේ නීත්‍යානුකූල ආයතන දෙකකි. ඒවා සුදු අලි බවට ජවිපෙ කරනා සටන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සමග මිස එම ආයතන වල සේවකයන් සමග නොවේ. වැඩිහිටියෙක් වන ඒ කොලුවා ආශ්‍රය කරන කෙල්ලන් කවුදැයි කියා තීරණය කිරීම ඌ සතුය. එය ජවිපෙ සමග ගැටෙන විදිය මට තේරෙන්නේ නැත. ඉතින් තතු මෙසේ වෙද්දී මේ තරම් මඩ වදින්නේ කිම?.....සරළවම කියන්නට ඇත්තේ ජවිපෙ නෙලාගනිමින් සිටින්නේ තමන් වැපිරූ බීජ වල ප්‍රතිපල බවයි.

පසු ගිය වසර ගණනාවක කාලය පුරා ජවිපෙ තම තර්කානුකූල දේශපාලනයෙන් මිදී හර්ද සාක්ෂියදෝ මොකක්දෝ ඉලව්වක් පටන් ගත්තේය.ඒ ඉලව්ව යටතේ වැඩි වැඩියෙන් market වුනේ තර්කාණුකූල දේශපාලනයට වඩා පුද්ගල චරිත වල හැදියාව, අවංකකම හා සරල බව වාගේ දේවල්ය. ඒ පටන්ගත් සෙල්ලම හරහා මහින්දලාගේ සුඛෝපබෝගී දිවියට දිගට හරහාට ගැසුවේය. ඒ ගොල්ලෝ පිට රටින් බෙහෙත් ගද්දී අපි ගන්නේ ගමේ ඉස්පිරිතාලෙන්. ඒ ගොල්ලෝ ඉගෙනගන්න England යද්දී අපි යන්නේ ටකරන් මඩුවේ ඉස්කෝලෙට.ඒ ගොල්ලෝ ලොකු ලොකු තැන් වලින් කද්දී අපි කන්නේ පොලුයි බතුයි,එයාල මිලෙන් ඉතා ඉහළ Whiskey බොද්දී අපේ පක්ෂෙ උන්නම් අරක්කු බිඳක් කටේ තියන් නෑ......ඒ කියන්නේ ජවිපෙ දේශපාලකයන් ගතකරන්නේ සාධු ජීවිත වගේ මතයක්ය.වේදිකාවල වැඩියෙන් market වුනේ මේවාය.ඒවා වලින් මත් වුනු බුකී ජෙප්පෝ මහින්දගේ පුත්‍රයන් කෙල්ලෝ සමග ආතල් ගන්න ඒවා දමා අපහාස කරෝය. අනුර, සුනිල් රබර් සෙරෙප්පු දාගෙන බත් කන ඒවා post කර ඒවාට මල් තබා වැන්දෝය.රාජිතගේ ලේලිය SAITM යන විට රාජිතගේ SAITM මතය ඒ නිසා බව කීවෝය.ඒවා පෞද්ගලික ජීවිත නොවේද?

ඉතින් අවසන් වශයෙන් බුකී ජෙපි නිගාස්ලාට කියන්න ඇත්තේ දේශපාලනය හා  පෞද්ගලික දිවිය මුලින්ම පටලවාගත්තේ උඹලා බවයි. ජෙප්පන් හෙන සාධු ජීවිත ගත කරන උන් බව පෙන්නනට ජෙපි පාක්ෂිකයෝ නොකල මලදානයක් නැත. social media ආත්මය කරගත් ලෝකයක ඕනෑ දේයි එපා දේයි වෙලාවක් කලාවක් නැතුව එළියට එනවාය. ඒ නිසා නිසි තැන නිසි දේ පමණක් කතා කරන්නට කවුරු කවුරුත් ඉගෙනගත යුතුය. ඒවා පෞද්ගලික කාරණා සමග ටපලා ගන්නට ඕනෑ නැත. අනුරගේ පුත්‍රයාට SLIIT යන්නට මිහින් යන්නට පමණක් නොව ඕනෑ නම් මහින්දගේ stage එකට නගින්නටත් තනමක් නොවේ. රටේ නිදහස් පුරවැසියෙකු වන අනුර'ස් කොල්ලාගේ පෞද්ගලික ජීවිතය අනුරගේ දේශපාලන මතය සමග අදාලත්වයක් නැත. ඒ තර්කයම රාජිතගේ ලේලිටත් , නාමල්ටත් , යෝෂිතටත් , මර්වින් සිල්වාගේ පුතාට අදාලවත් එසේමය. ඒ නිසා අනුර පොල්සම්බලුයි බතුයි කන photo එක සුනිල් පොලේ යන photo එක පට්ට වටිනා ඒවා වීමත්  නාමල් ගල් ඉන්නෙන් පොලව කොටන එක පමණක් විහිලුවක් වීමත් විය නොහැක. ඒ නිසා මින් පසුවවත් තර්කාණුකූල දේශපාලන භාවිතාවකට උඹලා හුරු වෙනවානම් හොඳය. පසු ගිය කාලය පුරා ජනප්‍රිය දේශපාලනේට එන්නට ගොස් ජවිපෙ බ්‍රෝස්ලා සිස්ලා කරේම අනෙක් දේශපාලන චරිත වල පෞද්ගලික ජීවිත අල්ලා මඩගසමින් තමන්ගේ සරළ බව පිම්බීමය. ඒ නිසා රටේ උන් හිතන් ඉන්නේ ජෙප්පන් යනු කොල අතු අඳින , පයින්ම ගමන් යන , මෙලෝ රහක් නැති ගෑණු සමග මගුලක් නොකා හොරෙන් පැනලා යන උන් සැට් එකක් කියලාය.

රටක් වශයෙන් අපේ දේශපලාන දැනුම ඉතා අඩුය. තෙවරප්පෙරුම වතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන විට පාර්ලිමේන්තුවේ ඉන්න අනික් උන්ටත් ඇවිල්ල වතුරේ බැහැන් කට්ට කන්න බැරි ඇයි කියා සාප කරන්නේ ඒ නිසාය.අපේ මුලු දේශපාලන විඥානයම රැඳී ඇත්තේ එක එකාගේ පෞද්ගලික ජීවිතය අලලාය. ඒ නිසා දේශපාලකයන්ගේ දේශපාලන දැනුම  හෝ අදහස් කුණු කූඩයට ගොස් ඇත. ජවිපෙ පවා පාර්ලිමේන්තුකරනය වෙද්දී පෞද්ගලික ජීවිත market කරන්න පසු ගිය කාලය පුරා උත්සහා කලේ මේ රැල්ලට ගසාගෙන යෑම නිසාය. කොටින්ම අපි දේශපාලනේ පමණක් නොව ක්‍රීඩාව පවා විඳින්නේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතය සමග පටලවාගෙනය. සනත්ගේ වැල video එක ලීක් වූ විට ඒක බලා ගන්න ආතල් එකක් ගන්නේ නැතුව "සනත් අයියේ ඔයා රටට කරපු සේවය අපිට අමතක නෑ...තවමත් ඔයා අපේ හදවතේ වීරයා" කියා post දැමුවේ දේශපාලනය ගැන තබා ක්‍රීඩාව ගැනවත් විඥානයක් නැති ගෝතයන්ය.

Thursday, June 8, 2017

අලුත් බව පුරවගත් පරණ සුලඟක්





මේ සටහන ලියන්න හිතුනේ නිනෝ ලයිව් තිරගතවීම ඇරඹුණු චමත්කාර අවස්ථාවේ   ඡායාරූප දැකපුවහම. වසර 8කට ආසන්න කාලයක් පොදු ජන දැක්ම හීනයක් වෙමින් තිබ්බ නිනෝ ලයිව් පසුගිය දවසක තම රූපමය අනසක මෙරට ප්‍රේක්ෂකයා හමුවේ මුදාහරින්න සමත් උනා. වසර ගනනාවක් පුරා හමස් පෙට්ටියට දාල පුස් වෙන්න ඇරපු චිත්‍රපට බොහොමයක් පහුගිය වසර 2 තුල අපේ ඇස් ඉදිරියේ දිග හැරුණා. නමුත් ඇත්තටම ඒවා පුස් කාලා තිබුනේ නෑ. තරුණ ජවයේ  නැවුම්බව , අලුත් උත්සහයක සුවඳ ඒ හැම නිර්මාණයකම ගැබ් වෙලා තිබුනා.

වසර 7ක පමණ කාලයක් අපේ ජනප්‍රිය සිනමාව අරක් ගෙන තිබුණේ රජ කතා සහ බණ කතා ගොන්නක්. Film එකක් නම් ඉතින් රජ කතාවක් , බණ කතාවක් විය යුතුය එසේත් නැත්නම් ගැමි කතාවක් විය යුතුයි කියන පටු සීමාවක් දක්වා අපි පල්ලම් බැහැලා හිටියා. ඒ සීමාව තුල අපි මේ ගෙවන ජීවිතයේ කතන්දර වලට ඉඩක් තිබුණේ නෑ. පාට පාට හීන ලෝකවල ජීවත් වන ඩෙනිම ගහන කඩවසම් කොල්ලොන්ටවත් , කොන්ඩෙ පාට කරපු, කෙටි සායක් ඇඳපු පැඟිරි සෙක්සි කෙල්ලොන්ටවත් ඒ කතාවල ඉඩක් තිබුණේ නෑ. අපි ජීවත් වෙන ජනප්‍රිය ජීවිතේ ගැන වෙනුවට අපි සිනමාව ඇතුලෙ දුවල ගිහින් බදාගනිමින් හිටියේ අවුරුදු දහස් ගනන් පැරණි කතා සැට් එකක්. එහෙමත් නැත්නම් හද්දා පිටිසර ගමක්. ඒක අපි ගෙවන ජීවිතත් එක්ක බැලුවහම මාරම විසංවාදී cinema culture එකක්.  ඒ කියන්නේ අපි මේ ගෙවන ජීවිත ඇතුලේ සිනමාවට නැගිය හැකි දෙයක් නැත්ද?....නැතිනම් අපි මේ ගෙවන සහ හඹා යන ජීවිතේ මෙලෝ රහක් නැතිද?....ගෙවී යන සමයේ මධ්‍යම හා පහළ පාන්තික ජීවිතවල ලස්සනක් හෝ පරාරෝපණයක් ඇත්තේම නැතිද?............මොකෝ නැත්තේ?,  මේ ගෙවන ජීවිතේ ඇතුලේ හදනව නම් කතා එමටයි. නමුත් වසර ගනනාවක් පුරා ක්‍රියාත්මක වුනු රාජ්‍ය දෘශ්ටිවාදී ව්‍යාපෘතිය සිනමාවත් ඩැහැගත්තා.ඇත්තටම සිනමාව මොට්ට කරා කිව්වොත් නිවැරදියි. ගතවූ ඒකාකාරී සමයේ උඩුගං බලා පිහිනන්න තනපු තරුණයන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන්ගේ උත්සහයන් ඒ කාලයේ හැමූ කටෝර සුලඟින් ඈතට ඇදගෙන ගියා. විමුක්තිගේ සුලඟ ගිනි අරන් බලල මරණය විශ්ලේශනය කරන අතරම පාට පාට හීන ලන්තයක සැරි සරවන්න පුලුවන් ප්‍රශස්ත උත්සහයන් ගොන්නකුත් රිදී තිරයේ අනික් අන්තයෙන් මතු විය යුතුයි. එහෙම නොවුනොත් සිනමා සෞක්‍ය පැරලයිස් තත්වෙකට එනවා. කටෝර සුලඟ විසින් ඇති කරමින් තිබ්බේ ඒ අංශබාග තත්වය තමයි.

නමුත් දැන් හමන්නේ අලුත් හුලඟක් , ඒ අලුත් හුලඟ පරණ නිර්මාණ රාශියක් අපේ නෙත් ඉදිරියට අරන් එන්නේ ඒවා අන්තර්ගතයෙන් පරන වී නොමැති බව අපට පසක් කරමින්. ඒ නිර්මාණ බොහොමයක අපි මේ ගත කරන ජීවිතයේ පාට , සුවඳ හා මායාව රැඳිල තිබෙනවා. ප්‍රසන්න ජයකොඩි, ප්‍රසන්න විතාන්ගේ, හඳයා, විමුක්ති හා බූඩි එක්කහු වෙලා කලාවේ ගැඹුර වෙත අපිව ගෙනයමින් අපේ ඥානය වෙහෙසවද්දී, ශමීර, තිසර , වින්දන, චරිත් වගේ අය එකතු වෙලා අපිට ජනප්‍රිය සිනමාවේ සබෑ වර්ණයන් පෙන්වන්න උත්සහ ගන්නවා. මේ තරුණයන්ගේ නිර්මාණ අති සාර්ථක නිර්මාණ නොවුනත් ඒවායේ ගැබ් වෙලා තියෙන නිර්මාණාත්මක වෑයම ජනප්‍රිය සිනමා මාවතට ගහන හොඳ ටෝච් එලියක්. මෝටබයිසිකල්, ප්‍රේමය නම්, ජූලි හතයි, ප්‍රවේගය කියන්නේ ඒ ටෝච් එළිය දිගේ ආපු යම් වටිනා උත්සහයන්. බැරි මරගාතේ කරපු epics ගොඩක් ජනප්‍රිය සිනමාව ලෙස කරගහන් හිටපු සිනමා ප්‍රේක්ෂකාගාරයට ගහන මේ ටෝච් එළිය ලඟදිම හොඳ flash light පාරක් කරගන්න ලැබේවායි කියා පතමින් නිනෝ ලයිව් බලන්න එලියට බහිමු.