Tuesday, December 29, 2015

Bra එකට MY3 කරමු (18+)






පසුගියදා, Enriqueට කෙල්ලක විසින් ගලවා( බොහෝ විට මෙය විසි කලේ ආතල් කොල්ලෙක් විය යුතුය ) විසි කල තිසර පට stage එකෙන් එහාට ගොස් ජනාධිපති මැදුර දක්වාම හුලගේ ගොස් ඇති බව දුටුවේ අතිගරු ජනපතිතුමාත් මේ සීන් එකට දෙහි කපනු දුටු විටය.ඒ ගැන නැටවෙන ගොන් ආතල් නයෙකි මේ.

මෙය ජිප්සීස්ලාගේ "මල්ලිකා" ගීතයේ තනුව අනුව ගැයීමෙන් මහත් ඵල අත්වනු ඇත




 



My3 My3 මට තව ඉන්න බෑ
My3 My3 තව ඉවසන්න බෑ
My3 My3 ඔයාට තේරෙන් නෑ
ඉවසුව ඉවසුව මෙච්චර ඉවසුව තව ඉවසන්න බෑ

ගිය අවුරුද්දේ රජරට පැත්තට මම trip එකක් ගියා
සීගිරි කියලා ගලකුත් නැග්ගා එහි චිත්‍රත් බැලුවා
ඒකෙ හිටපු ගෑනුන් හිටියේ බන් bra එක ගලවාලා
තිසරුන් එලියේ දාගෙන ඉන්න කොට මට ඉවසන්න බෑ

TV දෙරණේ anniversary එකට party එකක් තිබ්බා
රුවන්ගි අක්කා හෙන දිග ගවුමක් ඇදන් ඇවිත් හිටියා
ගවුම දිග නිසා bra එක අදින්න එයාට බැරිවීලා
Bra එක තිබිලත් අදින්නේ නැතිකොට මට ඉවසන්න බෑ

ලෝකෙ වටේ හෙන concert තියලා Enrique  මෙහි ආවා
අවුරුද්දේ අන්තිම කාලෙ නිසා මමත් ඒකට ගියා
කෙල්ලෙක් එක පාරට බ්‍රෙශියර් එක ගලවා විසික් කරා
ඇදන් ඉන්න එක ගැලවී යනකොට මට ඉවසන්න බෑ

ඕවා හිත හිත මම ඉන්නා කල ප්‍රව්‍රති ඇස ගැටුනා
My3 මාමා හෙන ආවේගෙන් කතා කරනු ඇසුනා
Bra එක ගැලවූ කෙල්ලට බැනලා මඩු වල්ගය ගත්තා
වල්ගේ අරන් Enriqueට තලද්දි මට ඉවසන්න බෑ

රට පුරාම concert ඇත මාමේ රෑ එලි වෙනකල්ම
ඒකට යන උන් ආතල් ගන්නව ඉතිහාසෙ පුරාම
මාමගේ වයසට ඔවා දැක්කම මලපනිනව ඇත්ත
ඒ උනාට වෙන ප්‍රශ්න නැද්ද කිම යනු bra අහුලන්න

My3 My3 මට තව ඉන්න බෑ
My3 My3 තව ඉවසන්න බෑ
My3 My3 ඔයාට තේරෙන් නෑ

Bra එකක් නිසා ආතල් දෙනු එපා මට ඉවසන්න බෑ




Thursday, December 24, 2015

මෙන්න අලුත් කෑල්ල, වරෙව් ආතල් ගන්න





හෙන කාලෙකින් නයෙක් අරගෙන බ්ලොග් දොරෙන් ඇතුල් වන්නට ලැබුනේ නැත.ඒ කාලේ තුල රටේ හෙන හෙන සිද්ධි වී තිබෙන්නේය.නයියා නයි හාමිනේත් සමග එක ගෙදරකට වන්නට දගලමින් සිටින බැවින් මේ දවස් වල නයි අරින්නට තරම් ඉස් පාසුවක් නැත්තේය.ඒ අල්ල පනල්ලේ නව රජයේ අය වැය මෙව්වා එක පැමින හෙන ගාල ගෝට්ටි උද්ඝෝශන මැද සම්මත වුනේය,සුදු රෙදි කෑල්ල වෙනුවට වවුචරයක් ආවේය,අපේ දොස්තර දෙයියලා තමන්ගේ ඒකාධිපති මෙව්වා එක නැවත එලියට දමා කාර් එක රැක ගත්හ,අග්නිදිග කොල්ලො කෙල්ලෝ කොලඹ ඇවිත් පාර වසන්නට ගොස් ලුණු ඇඹුල් ඇතුව රටේ එඩිතර අසාධාරණයට එරිහිව හඩනගනා පොදු ජනයාගෙන් අසාගත්තෝය,හිරුනිකා මැඩම් නඩු විසදන්නත් පටන් අරගෙන සාරිය පිටින්ම නාමින් සිටින්නේය, Enrique ගේ show එක බලන්නට ආ කෙල්ලෙක් ඒකාව බදාගේන සිපගත්තාය,තව කොහෙන්දෝ මන්දා bra එකකුත් ගැලවී stage එකට වැටී ඇත්තේය.ඔව්ව මෙව්වා ගොඩක් වී ඇති අතර මේ සියල්ල නයි අරින්නට හොද මාතෘකාම වන්නේය.නමුත් ඉතින් කලින් කිව්වාක් මෙන් මේ දින වල ඕවාට වෙලාවක් නැත්තේය.

ඒ නිසා Enrique ගේ බෙල්ලේ එල්ලුන කෙල්ල ගැන සිතමින් ඒකිගේ වගතුග සොයමින් ඒකි ගැන හිතමින් ස්වයන් වින්දනයේ යෙදෙන අසහන කාරයන් ගැන කතා කරන්නට පමනක් මේ ඉඩ කඩ වෙන් වෙන්නේය. Enrique  කාරයා ලන්කාවට ඊයේ පෙරෙදා දවසක ආවේ කොන්සට්ටුවක් සදහාය.එතෙර පැවැත්වෙන ඒකාගේ කොන්සට්ටු බොහොමයකදී කෙල්ලන් තමන්ගේ තන පටය ගලවා එකට විසි කර ඇත.ඒ මොකද කියා නයියාට නම් හිතාගන්නට බැරිය.සමහරවිට Enrique  ගේ සින්දු අසන විට රන හන්සයන්ටත් නටන්නට හිතෙන්වා වෙන්නට ඇතිය.Bra එක අස්සේ හිරවී ඔය objects දෙක නටනන්නට ගත් කල කෙල්ලන්ට කරදර බැවින් උන් bra  එක ගලවා විසි කරන්වා විය යුතුය.කොහොමින් කොහොමින් හරි Enrique  කාරයා ලන්කාවේ කල show එකේදීද bra එකක් stage එකට විසි වීම ගැන අපි සතුටු විය යුත්තේය.බ්‍රා එකක් උඩින් අවේ නැත කියන්නේ මෙහේ උන්ට කඩ්ඩ බෑ කියා ලෝකය හමුවේ අපි හෑල්ලු වීමකි.ඒ නිසා තම තන පටේ ගුවනේ පා කර හැරි ඒ නන්ගියාට අපි ස්තූති වන්ත වන්නෙමු.

ඔය අස්සේ තවත් කෙලි පොඩ්ඩක් stage එකට ගොඩවී Enrique  කාරයාව බදා ගත්තේය. Enrique  කාරය ඈට හාද්දකුත් දුන්නේලු.ඉතින් ඔව්වා මෙව්වා රටේ gossip site වල උණු උණුවේ විකිනෙන්නේය.අන්තිමට වැඩේ නැගලාම ගොස් එකට ගොඩ වුනු කෙල්ලගේ නම ගම හා fb account එක ගැනද පලවන්නේය.මේවා කියවන අපේ අසහනකාරී පොන්න රැල ඒ කෙල්ලට දන්නා කුණු හරුප ඔක්කොම කියමින් comment දාන්නේය.අපේ උන්ට දැන් හැදී ඇත්තේ පුදුමාකාර පශ්තාත් බාග අමාරුවක්ය.කවුරුහරි කෙල්ලෙක් අල්ලන් ඒකිට උඩ පැන ගෙන comment වලින් අතවර කරන්නට නැත්නම් උන්ට නින්ද නොයන්නේය,හරියට වැසිකිලි නොයන්නේය,කෑම නොගිලෙන්නේය.ඉතින් මේ පවතින රෝග වලට හොදම බෙහෙත රටේ නැති කුණු හොය හොය රටම ගද ගස්සවන ගොසිප් කාරයෝය.අපේ රටේ උන් බොහොමයක් දවසේ වැඩ අරබන්නේ දැන් ගොසිප් site වලට ගොඩවී ඒවයේ තියන කුණු ගද ගසනා ලබ්බවල් කියවීමෙන් අනතුරුවය.ඉස්සරනම් මිනිස්සු වැඩ පටන් ගත්තේ රටේ ජාතික පුවත් පතක් කියවලාය.රටේ වෙන වැධගත් දේ මොන්වාදැයි බලලාය.දැන් එවුන් වැඩ පටන් ගන්නේ අද කෙලවගන්නේ මොන ගෑනිදැයි බලලාය.නැත්නම් කෙල්වගනිමින් සිටින ගෑනිට අලුත් මඩ comment එකක් දමා හෝ පලවී ඇති අසහනකාරී මඩ කිය්වලාය.මේක දැන් මේනියාවක් වෙමින් ඇත්තේය.

වාරියපොල කෙල්ලගෙන් පටන්ගෙන BMW අක්කා,සුජී,ශනුද්‍රි,රුවන්ගි,සුලේකා හරහා එලියට එමින් තිබෙන්නේ මේ රටේ අසහනකාරයන්ගේ හිරිකිත චරිත රටාවය.මුස්ලිම් ගෑනු බුර්කාව අදින විට උන් පෙලන බව කියමින් තම්බියන්ට බනින අතරේ රටේ ඉන්නා වෙනත් කාන්තා පරාණයක් විසින් සිදුවන කුඩා වැරැද්දක් පවා අල්ලාගෙන උන්ගේ චරිතය නැතිවෙලා යනකල්ම comment දාන්නේය,photos හදන්නේය.රට පුරා ගනිකා ජාවරම් සොයමින් ඒවලින් අල්ලගන්න කෙල්ලන්ගේ photos දමමින් " අලුතෙන්ම ඇග විකුනූ රූමතියෝ බලන්න මෙතනින් එන්න කියා  heading දමමින් තමන්ගේ site එක hit කරගන්නේය. සේයා ඝාතනය කල විට ඇගේ සිගිති ශරීරයේ පවා ඡායාරූප දමමින් මාස ගනක් කුණු රසය වික්කෝය. භාරත ඝාතනය කලවිට තම පියාගේ මිනිය බදාගෙන අඩන හිරුනිකගේ photos දමා "හිරුනිකාගේ තව ඒවා බලන්න මෙතන click කරන්න කියා link දමමින් මලගේ අස්සේත් ඇග වික්කෝය.මේ ලන්කාවේ gossip culture එකේ හැටිය.එය සෑදී තිබෙනෙන තමන්ට ලබා ගත නොහැකි කාන්තා ශරීර සමග වචනයෙන් හරි සන්සර්ගයේ යෙදීමට බලා සිටිනා අසහනකාරයන් රැලක් පිනවීම සදහාය.අදාල posts වලට යටින් පලවන්නාවූ comment කියවූ විට ඒ අසහනය හොදින් පෙනෙන්නේය.

රටේ ඉන්නා semi posh කෙල්ලෝ නොදැනුවත්ව ගොන් පාට් දමන්නේය.සමහර උන් ජනප්‍රිය වීම උදෙසා හිතලාම ගොන් ආතල් දෙන්නේය.මේ සියල්ල බලන් සිටිනා කුණු විකුනන ගොසිප් කාරයෝ තම site එක hit කර ගැනීමට මේවා එක දෙක කර පලකරන්නේ උන්ගේ හොද්ද බොර කර ගන්නටය.ඒ, හොද්ද බොර කරදීමට සමත් අසහනකාරී පරපීඩාකාමී මුග්දයන් රැලක් සෙවල පෙරමින් උදේ හවා බලා සිටින බව දනන්නා නිසාය.

Saturday, November 28, 2015

නෙලුම් මල් පිපුන දෙවට දිගේ 2 හෙවත් ටියුශන් මතක



                       


පහුගිය සති දෙක තුනම බ්ලොගට අලුත් නයෙක් රින්ගවීමට වෙලාවක් තිබුනේම නැත.ඔපීසියේ වැඩවලින්ද,විනෝද චාර්‍රිකාවලින්ද,වෙඩිමේ වැඩවලින්ම පිරී ගිය ඉකුත් සති කීපය නිසා බ්ලොග පාලුවට ගොස් ඇත.අදත් වෙඩිමේ වැඩකටම පාරට බැස්ස වේලේ tuition පන්ති කීපයක්ම පසු කර ගියෙන්, ඒ කාලේ tuition මතක වලින් හිත වැසී ගියේය.නයියා නම් ඔය tuition යාමේ කෙරුවාවට වුනේ A/L කාලයේදීය.ඒ නිසා හා හා පුරා කියලා අත්දැකීමක් ලැබෙන්නේ අවුරුදු 17 දීය. tuition ගිය මුල් දවස් වල නම් තිබ්බ ලොකුම අවුල වූයේ ඉදගන්නට ලැබෙන හීනි ලෑලි බන්කුවේ පැය 3ක් පුරා සමනල තටු 2(ඒ කිව්වේ තට්ටම් 2) තබාගෙන සිටීමයි.නයියා පලමුවෙනම පා තැබුවේ චිත්‍රාල් sir ගේ physics class එකටය. ඒ දවස් වල ඒ class එක තිබ්බේ තට්ටු බිල්ඩිමක උඩම තට්ටුවේය.sir class එකට ආ පසු card mark කිරිල්ල ඇරඹුන අතර පලමුව එලියට දාන්නේ පන්තියේ කෙල්ලන් set එකය.උන් පඩිපෙල දෙපස සිටගෙන ඉන්න අතර ඉන් පසු කොල්ලන්ව ඒ මැදින් බස්සන්නේය.කෙල්ලන් 300ක් පඩිපෙල දෙපැතේ හිටගෙන ඉන්නා විට ඒ මැදින් උන්ගේ ඇගේ ගෑවී නොගෑවී බසින්නට කොල්ලන්ට සිදු වන්නේය. ඔය පඩිපෙල බහින අතර යන්තම් වත් අත එහ මෙහ උනොත් ඉතින් රණ තිසරු වල පහස ගේමක් නැතුව ලැබිය හැක්කේය.නමුත් ඉතින් අපි වැනි හොද ලමයි ඕවාට ගියේ නැත.හොද කමටත් වඩා තිබූ බයටය. අපි ඉතින් ඉතා කෝල සිතින් බිම බලාගෙනම පඩිපෙල බැස පහලට ගොස් පේලිය සැදී සිටින්නෙමු.

ඊට පසුව ගියේ Maths එකටය.ඒක ලේසි පහසු එකක් නොවුනේය.physics,chemistry මෙන් නොව maths class එක පැය 5ක් පැවැත්වුනේය.කල් යත්ම sirකාරයා paper class එකක්ද උදේට දැමූ අතර ඒ නිසා class එක පටන් ගත්තේ උදේ 5.30ටය.ඉවර වන්නේ දවල් 1ටය.ඒ දින වල උදේ 5.30ට එක අතට ගෙන අමාරුවේ වැටෙන මුල්ම ගාන හම්බෙන කල්ම බොක්කෙන් paper එක කරන අපි අමාරු ගානක් හම්බුනු ගමන් එතනින් paperය කිරිල්ල අමතක කොට වල wrestling match වල විස්තර,cricket match වල විස්තර කතා කරමින් උදේ කෑම වෙලාව එන තෙක් සිටින්නෙමු.maths class එකේ බලන්නට කියා ඇහැට කනට පේන්න කෙල්ලෙක්ද නොසිටි බැවින් කාලය යැවීම පහසු නොවේ.පන්තියේ සිටින් bright පොරවල් paper එක බොක්කෙන් කරන වෙලේ අපි උදෙ කෑමට අද කන්නේ මොනවාදැයි අහස පොලොව ගැටලමින් කල්පනා කලෙමු. Paper නොකර උදේ කෑම ගැනම සිතූ ඒ දිනවල පිහිටෙන් මුල සැරේ campus සිහිනය එකෙන්ම බොද කරගන්නට අපිට හැකි විය.

ඔය දෙකටම වඩා නයියා ආසාවෙන් ගියේ chemistry class එකටය.නයියාගේ ආසම subject එක chemistry නිසා නොව නයියාගේ හිතට හා හා පුරා කියා කෙල්ලෙක් වැදුනේ chemistry class එකේදී නිසාය.sir ආ විට පන්තියේ ලමයින් සියල්ල එලියට දමා card mark කරන විට පලමුව පන්තිය ඇතුලට දමන්නේ කොල්ලන්ව වූ අතර පන්තියට ගොස් ඉද ගන්නා අපේ වැඩේ වූයේ එකින් එකා බැගින් ඇතුලට එන කෙල්ලන්ගේ ලස්සන බලා පන්තියේ queen තේරීමයි.ඔය queen තෝරනා එක දවසක නයියාගේ දෙනෙත් පැහැරගත් ඇය...........ඊට  පස්සේ ඉතින් නයියා queen තෝරන judge board එකේ තවදුරටත් සිටියේ නැත.එතැන් පටන් අවුරුදු 2ක් යන තෙක්ම නයියා class ආ විට බලා සිටියේ ඇය එනකල්ය. ඒ දවස් වල ඇය ඈත එනවා දකින විට, main hoon na film එකේ sharukhsusmitha sen දකින විට දෙපැත්තේ වයලීන් වදිනවා දැනෙන්නා සේ නයියාටත් ඇග කිලි පොලා යන්නේය.සින්දු මැවී පෙනෙන්නේය.ඒ නිසා chemistry class ඇති අගහරුවාදා දවස් වල අන්තිම period එකේ ඉස්කෝලෙන් පනින නයියා ගෙදරවිත් හොද t-shirt එකකින් හා ඩෙනිමකින් class  සැරසී යන්නේ ඉස්කෝලේ ඇදුමෙන් ගිය විට එතරම් ලකයක් නැති බැවිනි. .chemistry class එක boring වී නයියාගේ set එකේ හැම එකාම පන්තියෙන් අයින් වුනත්,නයියටත් chemistry වහ කදුරු මෙන් වුවත් නයියා බොක්කෙන්ම chemistry class ගියේය.අවුරුදු 2.5ක්ම chemistry class යමින් ඇය දෙස බලමින් අනිමිස ලෝචන පූජා පැවැත්වූවා මිස කටක් ඇර ඇයත් සමග වචනයක් කතා කරන්නට තරම් කශේරුකාවක් නයියාට නොතිබුනු බැවින් ඒ එකත් ඉතින් සිතින් විතරක් පෙම් කල common unexpressed love එකක්ම වුනේය.ඒ කාලේ ඇයත් කිහිප වරක්ම නයියා දෙස බලා එක signal දුන්නත් කටක් ඇර වචනයක් පවසන්නට යන විට නයියාගේ ද්කකුල් වෙවුලන බැවින් ඒක ඔහේ පාවී ගියේය. හැබැයි ඉතින් මෙතුවක් ඉතිහාසෙට නයියා දැක ඇති ලස්සනම හිනාව ඇත්තේ ඇයටය.ඒ තරම් හැඩ හිනාවක් film වල සිට්නා නිලියෙක්ගෙන්වත් තවම දැකලා නැත්තේය.

ඔය විදියට ආදර ගගුලේ සිතින් දිය බුන් ගහමින්,නිදි කිරා වැටෙමින් සිටින අපිට දවසේ වැදගත්ම කාලය වන්නේ interval  එක දෙන වෙලාවය.ඒ පන්තිය එහා පැත්තේ තිබෙන කඩෙන් බිත්තර රොටි කෑමට දුවන්නය.ඇත්තවශයෙන්ම යන කාලේ සොයාගත් වටිනාම දේ, ඒ ලැබූ දැනුමවත්,ලස්සනම හිනාව ඇති කෙල්ලවත් නොව රෝහණ අයියාගේ බිත්තර රොටි කඩේය.ජීවිතයේ පලමු වරට බිත්තර රොටි කපා හොදි දමා කන system එකක් ඇති බවට දැනගත්තේ රෝහණ අයියාගේ කඩේට ගොඩවූ දවසේය.එහි විශේශත්වය තිබ්බේ බිත්තර රොටියේ නොව රොහණ අයියා සාදාදෙන හොද්දේය. එහි හොදි වර්ග දෙකක් වූ අතර, එකක් chicken හොද්දක් වූ අතර අනික කිරි හොද්දකි.ජීවිතෙට chicken හොද්දේන් chickenකෑල්ලක් නම් අපිට හමු වී නැති උනත් ඒ හොද්දවල් දෙක mix වූ විට දැනෙන රසය නම් අයේ ලොවෙත් නැතිය.මේ වන විට රට වටෙන්ම බිත්තර රොටි කපලා හොදි සමග කා ඇති මුත් තවමත් රෝහණ අයියාගේ හොද්දට ගසනන්න හොද්දක් නම් හම්බුනේ නැත්තේය.ඒ නිසා තවමත් ඉද හිටල උදේම අම්බලන්ගොඩ යන්නට සෙට් උනොත් නොවරදවාම රෝහන අයියාගේ බිත්තර රොටි වල රස බලා යන්නට full try එක දෙන්නෙමු.

ඔයින් මෙයින් ඉතින් class ඉවර වෙලා හවස් වරුව එලබී එන විට පන්තියේ ඉන්නා සියලුම හොද ලමිස්සියන් අප පසු කර නිවෙස් වලට යන තෙක් සිටිනා අපි බසයකට ගොඩවී ගෙදර පැමිනෙන්නේ රෑ බෝවෙලාය. කෙල්ලන් සිටි අපේ යාලුවෝ කෙල්ලන් මුර කරමින් ඉක්මනින් ගෙවල් වලට ගිය අතර,බස් එකේ ඇබලකම් කල එවුන්ද ඉක්මනින් බසයට ගොඩ වී යන්නෝය. ඉදලා ඉදලා අන්තිමට බස් එකට ගොඩ වන අපේ උන්, නැග්ග වෙලේ සිට එහි කනක් ඇහිලා වෙන මිනිහෙක්ට සිටින්නට නොවනනේ කොල්ලන්ගේ දවසේ ක්‍රියාකරකම් වල සාරානශයන්ගෙන් හා නොයෙක් විහිලු තහලු වලින් බසය පිරී යන බැවිනි. සමහරක් වැඩිහිටියන් මේ කොලු රෑන දෙස රවමින් බලන අයිරුත් කුටු කුටු ගගා ලග සිටින අයත් සමග කොල්ලන්ගේ හැසිරීමට බනින අයුරුත් මම දැක ඇත්තෙමි. බසයට ගොඩ වූ අපේ කොතරම් සද්දයක් තියෙන්නට ඇත්දැයි වැටහෙන්නේ මේ දවස් වල අපි  බසයේ යන විට බසයට ගොඩ වන ඇට්ටර කොල්ලන්ගේ කෑ කෝව ඇසුන විටය. ඒ ගෝසාවට දැන් දැන් මල පැනගෙන එන්නේ අපි වයසට යමින් සිටිනා නිසා විය යුතුය.


Sunday, November 8, 2015

බොහීමියානුවාගෙන් උස්සන ලදී...


අපේ රටේ හැම තැනම හෙන හෙන අවුල්ය.සිදුවිය යුතු කාරණා කටයුතු බොහොමයක් සිදු වන්නේ රුවිතෙටය.ඒ නිසා සමාජ ප්‍රශ්න බොහොමයක් පැන නගින අතර ඒ ප්‍රශ්න විසදන්නට යන්නේ මෙලෝ කමකට නැති ගැලපීමක් නැති උන්ය.ඒ නිසා හත්පලේ ගාගෙන නාගෙන හොටු පෙරාගෙන නාහෙන් අඩනා සමාජයකි අපිට ඇත්තේ.බොහෝ දෙනාගේ මතය අනුව රටට මේ කලදසාව ලබා ඇත්තේ දේශපාලුවන් නිසාය.ඒ නිසා සමස්ථ ශ්‍රීලන්කා පුරවැසි සැට් එකම දේශපාලුවන් හැදෙනවානම් රට හදන්න පුලුවන් කියන්නේය.තවත් සැට් එකක් තමන්ට බලය දෙන ලෙස ඉල්ලමින් උන්ද ඒ මඩගොඩටම පැන රට  ගොඩ දාන්නට දේශපාලනයටම එන්න හදනවාය. නයියාගේ සරල මනසට වැටහෙන පරිදි නම් මේ රටට කෙලවී ඇත්තේ දේශපාලුවන් නිසා නොව පුරවැසියන්, ඒ කියන්නේ ඔහේලා මම වැනි උන් නිසා කියලාය.අපි උබල හිතන පතන විදිය වෙනස් කරන්නේ නැතුව, අපි මේ එදිනෙදා හැසිරෙන,කන බොන,පාරේ යන විදිය,අපේ ආකල්ප වෙනස් කරන්නේ නැතුව මේ දේශපාලුවන්ටම බැන බැන සිටිමු.කොහොම කොහොම හරි අන්තිමට කැරකිලා දේශපාලුවෙක් වෙන්නේ අපි අපිම නිසා මුලින් අපි හැදිලා ඉන්න එක හොදය,ඊට පසු හොද දේශපාලුවෙකු වී බලය අරන් ලොකු ලොකු වැඩ කල හැක්කේය.


නයියා සාමාන්‍යයෙන් ටෙලි නාට්ටි බලන්නේ නැත්තේ අපේ රටේ ඉතින් බලන්නට කියා වටිනා නාට්ටි විකාශය වන්නේ 2,3ක් වැනි අල්ප ප්‍රමාණයක් නිසාය.මේ දවස් වල නැගලා යන නාට්ටි 2ක් සෙට් වී ඇත්තේය.ඒ "ගොලු තාත්තා" සහ "බොහීමියානුවා"ය.නයියා හිතන පතන වැනිමවර්ගයේම talk  එකක් එදා බොහීමියානුවා එකේ ගියේය.ඒ වාක්‍ය කිහිපය පල කරමින් අද සටහන අවසන් කරන්නේ, උබලාටත් ඉහත කී නාට්‍ය 2 බලන්නට invite කොරමින්ය.





කතාව පටන් ගන්නේ රට යන අත වෙනස් කල යුතු යැයි අදහන , වෙනුවෙන් රෙගේ න්ගීතය තුලින්සමාජයට පනිවිඩයක් දෙන්න දගලන කොල්ලන් පිරිසක් ගයන JOHN LENNON ගේ සින්දුවකිනි.උන් ඒකේ තේරුම බොක්කටම අරගෙන පනිවිඩය අපේ සමාජයටත් දෙන්නට සිතා සිටින්නේය..




Power to the people, power to the people
Power to the people, power to the people

Power to the people, power to the people
Power to the people, power to the people, right on

You say we want a revolution
We better get on right away
Well, you get on your feet
And enter the street


මේ සින්දුව අසා උන්ට උපදෙස් ගුරුහරුකම් දෙනා චොප්රා අයියා පැමින මෙසේ කියන්නේය..


Power to the people….බලය මිනිස්සුන්ට.
ඒ කියන්නේ බලය පුර වැසියන්ට...
මෙහෙම හරියන් නෑ මල්ලිලා,බලය පුරවැසියන්ට දෙන්න කලින් හොද පුරවැසියෙක් හදාගන්න ඕනි.
පුරවැසිය කියල කියන්නේ, තමන් වෙසෙන පොලවෙ සන්ස්කෘතිය අදුනන,රටේ ව්‍යවහාරික නීතිය ගැන දන්න-ඒකට ගරු කරන,යුතුකම් වගකීම් දන්න,සමාජ සත්වයෙකුට...
එහෙම අය ඉන්නවද ලන්කාවේ...
එහෙම උන්ටද බලය දෙන්න හදන්නෙ
ලොකු ලොකු සන්කල්ප වැඩක් නෑ..පොඩි ලමයෙකුට කියල දෙන්න කූඹියෙකුගෙ ජීවිතේ වටිනාකම
මල් පෙත්තක මෘදු බව සුමුදු බව උගන්නපල්ල.....
දැන් බැන්කුවකට ගියහම පෝලිමක ඉන්න එකේ වැධගත්කම කියල දීපල්ල.
අඩුම තරමෙ කහ ඉරෙන් පනින්න,පාරෙ දකුණු පැත්තෙන් යන්න කියල දීපල්ල...ඒ ඇති,
ඊට පස්සෙ බලය ඉල්ලන්න


Saturday, October 31, 2015

මෙතෙක් කල් ගුටි කෑ සැමට...



ඊයේ දිනය ලාන්කීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේ සෙලවෙන්නට සැරටම පහර වැදුන දිනයක් වූයේය.ඉතිහාසය පුරා මර්ධනයෙන් ගිනියම් වෙමින් කිසිදා නිවී නොයමින් පවතින්නාවූ ඒ තරුණ ජවය නිසා අදටත් මෙරටේ නිදහස් අධ්‍යාපනය හුස්ම ගනිමින් තිබෙන්නේය.මර්ධනය හමුවේ සැලී ගිය අවස්ථා කොතෙකුත් තිබුනත් ඒ ජවයට තිත තබන්නට කිසිදු දුර්ධාන්ත පාලනයකට අවස්ථාව නොලැබුනේ හෙට උපදින දරුවන්ගේ වාසනාවටය.

ඊයේ සිදුවූ ම්ලේච්ඡ පහරදීම බොහෝ දෙනා බලනුයේ තම දේශපාලන උපැස් යුවල දමාගෙනය.මහින්ද්ට ඡන්දය දී තවමත් මහින්දගේ අවතාරය සමග නිදි වදින උන්ට මේ පහදීම හෙන චූන් එකකි."ආ දැන් ඇතිද උබලට කොරගත්තා මහින්දව ගෙදර යවලා.." අසමින් උන් දුක් වන්නේ ගුටිකෑ කොල්ලන් කෙල්ලන් ගැන නොව පැරදුනු මහින්ද ගැනය.MY3 ට ඡනදය දුන් උන් ඒ කාලේ ගහලා විතරක් හිටියේ නෑ අර කොල්ලො දෙන්නෙක්ව මැරුවත් එක්කනෙ.. කියමින් තමන් MY3ට ගැසූ කතිරය තමන් විසින්ම සාධාරණීකරනය කරගන්නේය.මේ uncleලා දෙන්නා ගැන නොසිතමින් සිද්ධිය දෙස බලන්නේ නම්, එහි ඇති කුරිරුකම, දේශපාලන කුහකත්වයෙන් තොරව බලන්නට හැකි නම් එය ඉතා වටින්නේය.

අපේ පොලීසියේ අයියලා ගැන ඉතින් කියන්නට දෙයක් නැත්තේය.පහු ගිය ටිකේ කොණ්ඩ්යා සමග ආතල් ගන්නට ගොහින් අම්බානක චාටර් වී ඉන්නා වේලේ මේ වගේ පඩත්තල කෙල්ලෝ ටිකකට නෙලා ඒ හිතේ අමාරුව හොද කරගන්නට ඇත්නම් ඉතින් ඊට වඩා ලල් එකක් තියෙන්නට බැරිය.කෙල්ලො කියලා බලන්නේ නැතුව ලේ පනින්න නෙලුවේ ඒ හිතේ අමාරුව නිසාය.නැත්නම් ඉතින් කවදාවත් අපේ පොලෝසියේ මහතුන් මේන් කියා අපිට නම් ඒ කාලේ අතක් උස්සලා නැත්තේය.

කොහොම උනත් ඉතින් කියන්නට ඇත්තේ මේ මාමිලා දෙන්නාගෙන්ම නිදහස් අධ්‍යපනය සුරකින,ඒක පුලුල් කරන, A/L සමත් සියලු දෙනාට රාජ්‍ය වි.වි ලබාදෙන වැනි සීනි බෝල බලාපොරොත්තු නොවන ලෙසයි.ඒක මේ මාමිලා දෙන්නාගේ වැරැද්ද නොව මේ නූතන ධනවාදී මෙව්වා එකේ හැටිය.ඒකේදී හැම මගුලටම මිලක් ඇති කල්හී, ගුණය වදවී යන්නේය.එකල්හී රාජ්‍ය-නිදහස් අධ්‍යාපනය යනු මෙලෝ කමකට නැති අමතර බරක්ය.ඒ නිසා මේ මයිත්‍රී කරන 2015 විදිය නොව පහු ගිය අවුරුදු ගණනාව පුරා අධ්‍යාපන අයිතීන් උදෙසා පාරට බැස්ස එවුන්ට ම්යිත්‍රී කිරීමේ සාමාණ්ය system එකය.
ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ උන්නතිය,පැවැත්ම හා සන්වර්ධනය වෙනුවෙන් තවත් බොහෝ ලේ දහඩිය හලන්නට සිදුවන්නට වනු ඇත්තේය.එය නිම නොවනා අරගලයකි.එය කරට, ගන්නට එය වෙනුවෙන් හඩ නගන්නට එහි ඵල විදිමින් සිටිනා උන් මෙන්ම ඵල නෙලූ උන්ටද වගකීමක් හා යුතුමක් ඇත්තේය.


මේ සියලු අල්ල පනල්ල අතරේ campus වල ඉගෙන ගන්න නන්ගිලා මල්ලිලාටද කිය්න්නට යමක් ඇත්තේය.උබලා ඕවාට ආවේ ලන්කාවේ මහා තොගයක් අතරින් තේරිලාය.ඒ විදින්නාවූ නිදහස් අධ්‍යාපනයේ මහගු ඵල අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උබලාගේ මෙන්ම එහි ඵල බුක්ති විදි අපේද යුතුකමක් වන්නේය.නමුත් උබලා ඔය කරනා සටන් වලින් වැඩි හරියක් බැනුම් අහන්නේ උබලාය.ඒයට් හේතුව වී ඇත්තේ උබලා කරන සටන රටේ සාමාන්ය ජනතාවගේ දැනුමට ගෝචර වී නැති නිසාය.එය එසේ වී ඇත්තේ උබලා කරන සටනේ තෙරුම උබලා නොදන්නා නිසාය.ඔය පිකට් වලට එන අති බහුතරය්ක් එවුන් එන්නේ වි.වි පද්ධතියේ ඇති සැබෑ ගැටලු ගැන මෙලෝ තේරුමකින් නොවන්නේය.සමහරු එන්නේ සින්නන්ට ඇති බය නිසාය,තවත් උන් එන්නේ යාලු fit එකටය,තවත් උන් එන්නේ ආතල් එකටය.එසේ පැමින මුලු රටක සාමාන්‍ය ජනයා යන එන පාරක් හරස් කරන් අපි පිකට් කරන්නෙමු.ඒ පිකට් වලින් වැඩිපුරම අසරණ වෙන්නෝ අන් කවරෙකුත් නොව අපේ නිද්හස් ඉගෙනුම වෙනුවෙන් බදු මුදල් ගෙවනා අපේම අම්මලා තාත්තලාය.ඉතින් ඒ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරමින් මේ කරනා අරගලය උබලා බොහෝ දෙනෙකුගේ හදවතේ නැති බව මම නම් ඉදුරාම දනිමි(අපේ campus කාලයේදීද ඒක එසේම වූ නිසාය).Campus ව්ල ඉන්න 80%ක් දෙනාට වි.වි පද්ධතියේ,තම උපාධියේ, තිබෙනා ගැටලු ගැන අවබෝධ්යක් නැත්තේය,union කරන උන්ට ඒවා සමස්ථ වි.වි සිසුන් අතර සන්වාදය බදුන් කිරීමට උවමනාවක් නැත්තෙය.උන් කොහෙන්වත් එන ඉල්ලීමක් අනුව අපිව පිකට් වලට දක්කාගෙන යන්නෝය.ඒවාට ගොහින් අපි බුදු මොරාල් පිට කෑ ගසන්නේය,පොලීසියට හූ කියන්නේය,කදුලු ගෑස් කා ලේ පෙරාගෙන ගෙදර එන්නේය,fb එකේ දවස් 2ක් පමන post share  කරන්නේය,ආයේ පිකට් එකක් එනතුරු වැඩේ එතනින් අහවර වන්නේය.ප්‍රශ්නය ඇත්තේ එතනය.අපේ නිදහ්ස් අධ්‍යාපනයට,අපේ උපාධි වල ඇති අඩුපාඩුකම් ගැන නොබිදෙන ගලායන  සන්වාදයක් වි.වි ශිෂ්‍ය ප්‍රජාව තුල නැති බැවින් අපේ මහා සමාජය තුල ඒ ගැටලු ගැන අවබෝධ්යක් නොමැත්තේය.උබලාගේ ඔය අධ්‍යාපන අයිතීන් කප්පාදු කරන එවුන්ගෙන්(අධ්‍යාපන නිලධාරීන්) 90%ක්ම රජයේ වි.වි තුල අධ්‍යාපනය හදාරා නිදහස් අධ්‍යාපයේ මහිමයෙන් ගොඩ ගිය උන්ය.උන් campus කාලේ උබලා මෙන්ම  නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් පාරේ අම්බ කටු කෑ එවුන්ය.නමුත් දැන් උන්ට ඒවා අමතකව ඇත්තේ උන් එදා ඕවා කලේ හදවතින් නොවන නිසාය.උන්ද එදා පාරට බැස්සේ කාගේ හෝ කීමකට විනා හදවතින් ප්‍රශ්නය දැකලා නොවේය. ඒ කාලේ පාරවල් වල හෙන ඩෙගා නැටූ,තාප්ප උඩ නැග අපට talks දුන් union leadersලා බොහෝ දෙනෙක්ට campus එකෙන් out වූ පසු නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද කියාවත් අද මතක නැත.campus වල ඉන්නා බොහෝ දෙනෙක්ටද 3rd year එකට යනවිට ඔය සටන් තමන්ගේ සටනක් නොවන්නේය.උන් කියන්නේ ඒවා 1st and 2nd yearsලාගේ සටන් විය යුතු බවය.ඉතින් අපේ අරගල ඔන්න ඔවැනි ඒවා බැවින් සාමාන්‍ය සමාජය තුල මේ සටන් ගැන අබමල් රේණුවක දැනුමක් පැහැදීමක් නැත්තේය.ඒ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වැලැක්වීම යනු ලේසි පහසු මෙව්වා එකක් නොවන්නේය.එය අපිට නොදැනිම අපේ අතේ ඇගිලි අතරින් දියවී යන්නේය

සමස්ථ අධ්‍යාපන්යේ ඇති අර්බුධය නොදකිමින් ඔහේ එන්නන් වාලේ පිකට් කලා නම්, ඊයේ ගුටි කෑ උබලාද සමාජයට බට දවසට මෙවැනි සිද්ධි දෙස ව්පර ඇහින් බලනවා නොඅනුමානය…ඒ නිසා සමස්ථ අධ්‍යාපන්යේ ගැටලු ගැන බුද්ධිමත් කතිකාවතක් වි.වි පද්ධතිය තුල ඇති කිරීමට උබලාට ශක්තිඅය ලැබේවා.එයින් බිහි වන සටන හුදෙක් වීදි සටනක් නොව සමස්ථ සමාජයේ සිතුවිලි වෙනස් කිරීමට හැකි ආකල්ප මූලික සටනක් වනු ඇත්තේය, එදාට උබලාගේ සටන නිකන්ම නිකන් campus කොල්ලො කෙල්ලන්ගේ සටනක් නොව මුලු මහත් සමාජයේ සටනක් වනු ඇත.


පින්තූරය අන්තර්ජාලයෙනි