Friday, August 28, 2015

හිරේ යාමට නියමිතයි...



ලගදීම විවාහ බන්දනයට බදුන් වීමට නියමිත බැවින් දැන් දැන් TV එකේ යන්නාවූ wedding programs  බැලීමට ටිකක් විතර උත්සහ ගත්තෙමි.ඒවා බැලීමෙන් පෙම්වතිය පවසනා අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගතහැකියැයි සිතුන නිසා එසේ කිරීමට මා සිත පෙලඹිණි.නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිලිබ්ද කිසිදු දැනීමකින් තොරව ඔලුව වනන්නට යාම මගේ තත්වයට හොද නැතිවාක් මෙන්ම මගේ pocket එකටද හොද නැතිවිය හැක.

මීට වසර 3කට පමණ පෙරනම් මෙවැනි වැඩසටහනක් ගියේ සිරසේ පම්ණක් විය යුතුය.ඒ දින වල ගෙදරට වී එකේ Channel ටික මාරු කර කර ඔහේ කාලය ගෙවන විට මේවාගේ එව්වා දෑක තිබුනේ සිරසේ පමණි.ඒ දිනවල Channel මාරු කරන අස්සේ අපිට දිරවන්නේ නැති topic එකක් වූ මේ programs ලග ඇස නැවතුනේ ඒවායේ ඇහැට කනට පෙනෙන කෙල්ලන් පෙන්වූ වෙලාවට පමනි.දැන් නම් මේ වර්ගයේ වැඩසටහන් නැති Channel එකක් නැත.හැම එකේම අපේ කසාදය විය යුතු අයුරු පෙන්වන අතර ඒවාට උදාහරන ලෙස ජයටම පැවැත්වූ මගුල්ද පෙන්වයි.ඉස්සර නම් ගමේ රටේ මගුලක් වූ විට ඒක ඉතින් ආයේ බලන්න නම් ඉතින් video කල යුතුය.බැදලා මාස 2,3ක් යනකල් ගෙදරට එන හැම එකාටම video කරපු මගුල දමා පෙන්වන්නේය.අන්තිමට ගෙදර උන්ටම ඕක දැකලා එපා වෙන විට ඒ දර්ශ්නවාර නතර වන්නේය.මොකද ඕක නිතරම දකින කල අලුත බැදපු ජෝඩුවට තමන්වම එපා වෙන නිසාවෙනි.දැන් ඊට වඩා තත්වය වෙනස් අතර මගුල ජයටම කෙරෙන්නේ නම් ගෙදරට එන ඈයින්ට පමණක් නොව මුලු රටටම මගුල් ගෙදර පෙන්විය හැක්.ඒවා පෙන්විය හැකි වැඩසටහන් දැන් හැම Channel එකේම තිබෙන්නේය.ඕවා බලා අපිට තිබෙන්නේ ඒ ආදර්ශ අරගෙන අපේ මගුලත් ජයටම, එන එවුන්ට ඇඩෙන ලෙස සුපිරියටම ගන්නා එකය.

ඉතින් අමාරුවෙන් හෝ මේවා බලමින් යන විට අපේ මගුල් ගෙවල් සෑහෙන update වී ඇතිබවත් අපි නොදන්නා කරුණු බොහෝ ඇති බවත් පෙනේ.මනමාලියන්ගේ ඇදුම් නම් ඉතින් කතා කර වැඩක් නැත.ඒක අපේ දැනුමෙන් එහා ගිය හෙන සන්කීර්ණ concept එකකි.එහෙත් අද බැලූ වෙඩිමක ඒ මනමාලි ඇද තිබ්බේ modern Kandyan ඔසරියකි.මනමාලයා මුල් ඇදුමය.මනමාලි modern version එකක් ඇන්ද නිසා මනමාලයාද updated මුල් ඇදුමක් ඇදින්නට ඇත.මුලු ලෝකයම modern වෙමින් යන කල සාම්ප්‍රදායික උඩරට ඇදුම පමණක් ඉන් කෙසේ ගැලවෙන්නද.කෙසේ වෙතත් වැඩසටහනට අදහස් දැක්වූ වෙඩිමේ coordinator නම් කීවේ උඩරට සම්ප්‍රදායානුකූලව වෙඩිම පැවැට්වූ බවය.නමුත් වෙඩිම අතරතුර මනමාලිය හා දෙවනි මනාලියෝ රැලම(දැන් පෙන්වන වෙඩිමවල් වල දෙවන මනාල මනාලියෝ battalion එකක්ම සිටිති ) එක්වී dance එකක් ඉදිරිපත් කල අතර ඒ dance එක නම් දැම්මේ පට්ට අලුත් හින්දි සින්දුවකටය.එයද දැන් අලුතෙන් එක්වී ඇති අන්ගයකි.දැන් දැන් මගුල් වල මනමාල ජෝඩුව වෙනමම නථනයක් ඉදිරිපත් කරති.ඉතින් මේ නර්ථනය් පුහුණු වීම සදහා වෙනම ගුරෙකු අල්ලාගෙන පුහුණුවිය යුත්තේය.Dancing ඇගේ තියන couples නම් dance කරන විට එහි පට්ටම ලස්සනක් තිබුනත් dancing බැරි උන් පැමිණ හත්පලේ ගාගනිමින් තම්න්ගේ මගුල තම්න්ම මල මගුලක් කරමින් ආතල් දෙන විට නම් දුක හිතෙන්නේය.Couple එකේ dance වලට මතරව දෙවන මනාල battalion එකේ surprise dance ද දැන් බිහිව තිබෙන්නාවූ අලුත් අන්ගයක් වන අතර ඒකටද ඉහත කී theoryයම අදාලය.සමහර උන් dancing බින්දුවක් බැරිව මේ කරනා විගඩම දුටු විටා බලන් ඉන්න උන් සිරාවටම surprise වේ.

මේ දෙකට අමතරව තවත් නර්තන කණ්ඩායමක් ගෙන්වා පවත්වන ර්ථන අන්ගද දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී.ඉස්සර නම් තිබ්බේ band කන්ඩායමක් පැමින සින්දු කියන එක පමනක් වුවත් දැන් නර්තනයෙන්ද ඒවා හැඩ වැඩ වී ඇත.ඉතින් මෙවැනි මගුලකට යාමට set උනොත් ආයේ ඉතින් කිසි කම්මැලි කමක් නැත,කෙලින්ම Indoor musical show එකක් බලන්නට ගියා මෙනි.

ඊට පසුව Photography සම්බන්දයෙන් විස්තර වූ අතර ඡායාරූපකරණයේ සිදුව ඇත්තාවූ අතිශය පිබිදීම සමග wedding photography ද වේගයෙන් ඉදිරිය්ට ගොස් ඇත.පහු ගිය වසර දෙක තුල අලුතෙන්ම ආ item එක pre shoot එකය.පෙරහැරක් ලග ලග එන බවට මුලින්ම පවසන මල් බයිසිකල් කරුවන් මෙන් කසාදයක් වෙන්නට යන බව අපිට දැන් පවසන්නේ මේ pre shoot එකය.කසාදේට මාසෙකට පමණ් පෙර Fb එකේ පලවන්නාවූ pre shoot photos වලින් අපිට ඒ බව දැන ගත හැක.ලස්සන ලස්සන locations වලට ගොස් ඇදුම් වරග 4,5ක් මාරු කරමින් නලු නිලියන් advertisement වලට ඉන්නා ආකාරයත් පරදමින් ගත්තාවූ මේ ඡායාරූප, අඹු සැමි යුවලක නව වගකීම් ගොන්න කරට ගන්නට මත්තෙන් තමන් පෙමවතුන් ලේස ගෙවනා නිදහස් දිවියේ අවසාන දින කිහිපය මෙයයැයි අපිට පවසන කැඩපතක් වැන්නේය. ඒ කැඩපතෙන් අපි අපේ මූන බලාගන්නා අතර අපේ තරම ලෝකයට පෙන්වීමට ලොකු හෝටලයක වෙඩිම ගනිමින්,දින ගනනාවක් honeymoon යමින් රට වටේ කරක් ගසා නැවත ගෙදරට එන්නෙමු.


මේවාට අමතරව තවත් මෙකී නොකී තවත් අපූරු අමතර අන්ග ගනනාවක් අප විවාහ ක්‍රමය තුලට පසු ගිය වසර දෙක තුන තුල රින්ගා ඇත්තේය.ඒවා සැබවින්ම අලන්කාර මනස්කාන්ත විවාහ දිනයක් අපට ලබාදීමට සමත් අන්ගයන් වන අතර මිලෙන් ඉතා ඉහලය.කසාදය රූපවාහිනී වැඩසටහනක් බවට ක්‍රමක්‍රමයෙන් විකාශනය වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතුලට රින්ගා ගත් මේ අන්ගයන් වෙලදපොල උවමනාව මත බිහිවූ අන්ග මිස අන් කිසිවක් නොවේ.සෑම දේයකම  වටිනාකම හා පැවැතම් වෙලදපොල විසින් තීරණය කරන යුගයක අපේ විවාහ සන්ස්කෘතිය වේගයෙන් යාවත්කාලීන වෙමින් යන්නේය.ඒ updated wedding culture  එක ඉතා සුන්දර මෙන්ම මිලෙන් ඉතා අධිකය, ඉතා චාම් බව කියමින් ඔබව අධි සන්කර ලෝකයක් කරා කැදවාගෙන යන්නේය.තමන්ට පොරබැදිය නොහැකි හා දරාගත නොහැකි මේ updated wedding versionතුල රගන්නට ගිය බොහෝ දෙනා වර්තමානයේ ඇනගෙන ඇති බව වටපිට බැලූ විට පෙනෙන්නට තිබේ.ඉතින් වානිජකරණයට උපරිම ලෙස බාජනය වූ විවාහ සන්ස්කෘතියක් තුල අලුත කසාද බදින උන් ඉතා පරිස්සමින් තම උවමනාවන් තෝරා බේරාගත යුතුය.නැත්නම් ටිකෙන් ටික බිදෙන් බිද ගොඩදාගනිමින් මේ තරම් දුර ආ ආදරය කසාදයෙන් පසු ටිකෙන් ටික බිදෙන් බිද ඔබව ආර්ථික අගාධයකට කැදවාගෙන යාමට ඉඩ ඇත්තේය. 


පින්තූරය අන්තර්ජාලයෙන් උස්සන ලදී 

Saturday, August 22, 2015

මට හොද මගේ ආගම විතරද..?

අපේ ආගම අපිට ලැබෙනුයේ අපේ දෙමව්පියන්ගෙන්ය.අපි ඉපදෙන විට අපේ දෙමව්පියන් අදහමින් සිටින ආගම අපේ ආගම ලෙස ලියාපදින්චි වන අතර ඔවුන්ටද එය ලැබුණේ එලෙසටමය.එය දායාදයක් ලෙස අප උපතේදීම දෝත මත තබාගෙන එන දෙයක් විනා හැදෑරීමකින් අපිට ලැබෙන්නාවූ දෙයක් නොවේ.ජාතියද එසේමය.උපතේදී අපේ නමට ඉදිරියෙන් register  වූ ආගම හැදෑරීමේ අවශ්යතාවක් අපට තිබෙන්නේය.බොහෝ දුරට එය ලබාගනුයේ පාසලෙන් හා දහම් පාසලෙන්ය.

අපි ඒකාලේ ඉස්කෝලේ යනවිට ආගම period එකට බුද්ධාගම මිස් පන්තියට එනවිට මුස්ලිම් ලමයි ටික (අපි ඒ කාලේ කිව්වේ නම් තම්බියෝ ටික) ඉස්ලාම් ආගම හැදෑරීමට වෙනම පන්ති කාමරයකට ගියෝය.සතියේ දවස් 5 පාසලෙන් ආගම ඉගෙනගත් ලමයින් තම්න්ගේ ආගම විශේශයෙන් හදාරන්නට යන්නේ ඉරිදා දහම් පාසලටය.තම ආගමේ ඇති විශේශ ගැබුරු ආගමික කරුණු මෙන්ම පසුකාලීනව ආගම් මත පැටවුනාවූ සන්කල්ප,අර පූජා මේ පූජා,විවිදාකාර උත්සව ඔලුවට දමාගනුයේත් පුරුද්දක් කරගනුයේත් දහම් පාසල් වලින්ය.පාසල් වලින් ලබාගත්තාවූ ආගමේ තිබූ නියම හරය modify වී practically implement කල හැකිවන ප්‍රදර්ශනාත්මක මෙවලමක් බවට පත්වන්නේ දහම් පාසල් වලිනි(දහම් පාසල් වලින් වන සේවයක් නැතැයි මින් නොකියවෙන අතර ඒ වන්නාවූ සේවය අගය කල යුතුය.)

ඒ කෙසේ වෙතත් ආගමක් යනු හැදෑරිය යුතු තවත් එක් සන්කල්ප සමූහයක් හා මාර්ගෝපදේශනයක් විනා අන් කිසිවක් නොවේ.සෑම ආගමකම පාහේ ජීවිතය සාර්තක කරගැනීමට අවශ්ය මූලික මාර්ගෝපදෙශනයන් සපයා ඇති අතර ඒ තුලින් සෑම දෙනාට යහපතක් වන සමාජයක් සදහා පාර පෙන්වා ඇත.ඒ මූලික හරයන් ගත් කල සියලුම ආගම් වල දේශනාව සමාන වන්නේය. ඒ අතර ගැටීමක් බොහෝ විට නොමැත්තේය.
නමුත් එතනින් එහාට යන කල විවිද වූ කරුණු අරබයා විවිදාකරවූ සන්කල්ප ගොඩනැගී ඇති අතර ඒවා විවේචනයකින් හෝ තර්කානුකූල පෑහෑදිලි කිරීම් වලින් තොරව හුදෙක් බක්තිමත්වූ විශ්වාසයන් මත පිලිපෑදගෙන එන්නාවූ කරුණුය. ඒවා සන්වාදයට විවෘත නොවන අතර ඒවා තම ආගමේ නාමයෙන් දොහොත් මුදුන්දී පිලිගත යුතු කරුණුය.ඒ වැට කඩුලු බැදීම ආගමෙන් ආගමට අඩු වැඩි ලෙස ඇත.සමහර ආගම් වල ඒවා ප්‍රශ්න කිරීම පවා තහනම් කිරීමට තරම් රලුය.ඒ කාරණා කෙසේ වෙතත් සමාජයේ සාතිශය බහුතරය අනික් ආගම් වල සන්කල්ප හා දේශනාව පිලිබද මෙලෝ හසරක් දන්නේ නැත(ඇත්තෙන්ම තම්න්ගේ ආගම ගැනද කෙල පැමිනි දැනුමක් නැත )

අන් අයගේ සන්කල්ප ගැන ඇති නොදෑනීම හා තම්න්ගේ සන්කල්ප ගැන පවත්නාවූ අන්ධ විශ්වාසය හේතු කොටගෙන බොහෝ දෙනා තමන් ඉදිරියේ register නොවූ ආගම් ගැන දරන්නේ පහත් මතයකි,ඒවා දෙස බලනුයේ මිත්යාදෘශ්ටික ලේබලය ඇලවූ  නරක්වූ බාන්ඩ දෙස බලන බැල්මෙනි.මේ නිසා ආගම් පිලිබද වඩා කිට්ටු වූ හැදෑරීමක් අවශ්ය වන්නේය.කුඩා කල සිටම තමන්ගේ ආගමේ සන්කල්ප හදාරමින් න ලමුන්ට 6 වසරේ සිටවත් අනික් ආගම් ගෑන හැදෑරීමක්ද අවශ්ය වන්නේය.මේ හැදෑරීම ආගම් වල තිබෙන්නාවූ සන්කල්ප ගැන විය යුතු අතර ඒවා ඒ ඒ ආගම් වල ඇති පුරාජේරු කතා,වීර කතා හා මැජික් කතා වලින් තොර විය යුතුය(ඒ අදාල කතා තම්න්ට වෙන්වූ ආගම ඉගෙන ගන්නා විට කියා දිය හැක ). තමන්ගේ ආගම වෙනමම විශයක් ලෙස ඉගෙනගන්නා අතරතුර සියලු ආගම්වල කර ඇතිවූ දේශනාවන්, සන්කල්පයන් ලෙස(වදින පුදන දෑ ලෙස නොව )  වඩා ලගින් ඇසුරු කිරීමට ලමයින්ට මෙයින් අවස්ථාව ලැබේ.සමස්තයක් වශයෙන් ආගම් නම්වූ සන්කල්ප සමූහය යනු කුමක්ද? ඒවා කුමක් සදහාද ?..එයින් වඩා හොද ලෝකයකට අවැසි වන්නේ කිනම් කරුණුද ? පසුගාමී,විනාශකාරී හා මිත්යාවෙන් බරව තිබෙන්නාවූ, ඉවතලිය යුතු වන්නේ කිනම් කරුණුද? යන්න ආගම මත පදනම් නොවී තම තම නැණ පමනින් තෝර බේරා ගැනීමට ලමයින්ට මාර්ගයක් විවෘත කිරීමක් මෙයින් සිදුවේ.(මේ අරමුණු ඉටුවන්න නම් ඉතින් මේවා සමාජ ප්‍රගමනය තකාවූ ධනාත්මක චින්තනයෙන් යුතුව ඉගැන්විය යුතු  අතර මේ පවතින ඔල්මොරොන්දම් විබාග පස්සේ දුවන system එකේ තවත් එක් subject එකක් වන්නේනම් නම් මෙය හෙනම විකාරයක් පමනක් වන බවද කිය යුතුමය)

සාමාන්ය පෙල දක්වා ලබාදෙන සියලු ආගම් ගැන සන්කල්පමය හැදෑරීමේ මූලික අරමුණු විය යුත්තේ සියලු ආගම් වල පවත්නා මූලික කරුණු පුද්ගල ජීවිතය සාර්තක කරගනිමින් වඩා හොද සමාජයකට පාර කියන මාර්ගෝපදේශනයන් බව තහවුරු කිරීම හා සියලු ආගම් දෙස සන්කල්පමය හෑදෑරීමකට ලමයා යොමු කිරීමයි.ඒ තුලින් සියලු දෙනා තම තම්න් උපතින් දරා ගෙන ආ ආගම කරපින්නාගෙන ගමන් කිරීම වෙනුවට වඩා තර්කානුකූල පදනමක සිට දැනුවත් බාවයෙන් යුතුව තම ජීවන දර්ශනය සකස් කර ගැන්මට හුරු වනු ඇත.සමාජයේ පවත්නා සියලු සන්කල්පමය කරුණු සන්වාදයට විවෘත වන්නාසේ ආගමික සන්කල්පද සන්වාදයෙන් හා කිරා බැලීමකින් පසු තාර බර ඉවත් කර තම ජීවිතය හැඩ ගස්වා ගන්නා මෙවලමක් බවට පත් කර ගැනීමට මිනිසුන් හුරු කල යුතුය.තම නම ඉදිරියේ register වූ ආගම ආබරනයක් සේ සලකා  මිනීමරගන්නා තෑනට සමාජය තල්ලු කරවන සමයක ආගම යනු සන්කල්පමය මෙවලමක් බවත්, පුලුල් වූ සන්වාදමය හැදෑරීමකින් පසු ඒ ඒ ආගම් වල පවතින්නාවූ අඩුවැඩිය එකතු කරගනිමින්  වඩා යහපත් වූත් බෙදීම් වලින් අඩු වූත් ලෝකයක් කරා ගමන් කල හැකි රථයක් නිර්මාණය කල හැකි බව කුඩා කල සිටම අපේ දරුවන්ට අප කියා දියයුතුය.


පින්තූරය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී


Sunday, August 16, 2015

Ring cut හෙවත් Missed call

බොහෝ දෙනා Blog ලියන නිසා උපන් තදියමට කාලයක් තිස්සේ Blog එකක් සෑදීමට බලා සිටි මා, මාස ගනනක් පෙරුම් පුරමින් සිට යාන්තම් Blogak අටවාගත්තත් අලුතෙන් ඈරීමට තරම් නයෙක් නොසිටි බෑවින් පරන නයින් ටික නෑවත නටවා Bloga පුරවාගත්තත්, Bloga කියවූ කීපදෙනෙක්ම දුරකතන ඈමතුම් දෙමින් තර්ජනය කලේ අලුතෙන් කිසිවක් ඒකේ පල නොවී ඈති බව කියවමිනි.වහාම අලුතෙන් නයෙක් යැවිය යුතු බව උන්ගේ මතය විය.සතියේ දවස් 5ම කොම්පීතරය ඉස්සහරට වී රස්සාව කලා මදිවට ගෙදර ඇවිල්ලාත් මේක් ඉස්සරහට වී කොටන්නට වීම හද කලකිරවන වැඩකි.නමුත් රසිකයන්ගේ ඉල්ලීම් වලට කන්දිය යුතු බෑවින් යාන්තම් මතක් වූ සිගිති ආතල් නයෙකි මේ.

අපේ අයියා මුලින්ම Mobile phone එකක් ගත්තේ 2002 දී වියයුතුය.එය ගඩොල් බාගෙකට චුට්ටක් විතර පොඩිවූ හෙන බර Alcatel එකකි.ඒක පට්ට වෑඩ කෑලි තිබූ Phone එකකි.ඒකෙන් Calls ගන්නවාට අමතරව SMS කියා ජාතියක් යවන්නත් පුලුවන් වූ අතර ඒක ගෙනාව දා සිට මිනිහාට උදේ නෑගිටින්නට අම්මා කතාකලයුතු නොවූයේ ඒකෙ Alarm එක තියන්නටත් පුලුවන් වූ නිසාය(SMS මදිවට Alarm තියන්නත් පුලුවන් කියහන්කො).ඊට වසර 1.5කට පසු අයියා තවත් Phone  එකක් ගත් අතර මුලින් ගත් Alcatel එක අපේ අම්මාට දුන්නේය.

ඒ දවස්වල මන් O/L ලියන නිසා උදෙන් නෑගිටීමට මන් Alarm එක තියාගත්තේ ඒ phone එකෙනි. ඉතින් රෑ 10 සිට උදේ 6 විතර කාලය දක්වා phone එක මට හිමිවිය.ඒකෙන් තියා උදේ 5ට විතර නෑගිට්ට විට මට තිබූ ප්‍රධානම වැඩේ වූයේ phone ඒකේ save කර තිබූ සියලුම Numbers වලට ring cut දී හෑම එකාම උදෙන්ම ඇහැරවීමයි.එය හෙන ආතල් වැඩකි.කොහොමටත් ඔය Numbers පෝලිමටම calls ගෙන ඉවර වෙන විට පැය බාගයක් විතර ගතවෙන්නේය.ඒ කාලේ ගොඩක් land phones වල CLI කියා දෙයක් තිබුනේ නැති නිසා ring cutදුන්නු එකා හොයාගන්නට බැරිය.නමුත් දැන් කාලේ මෙන් නොව ඒ කාලේ Outgoing call එකක මිනිත්තුවකට මිල රුපියල් 10ක් වූ බැවින් වැරදිලාවත් එහා පැත්තේ පොර නිකන්වත් answer කලොත් බඩු බනිස්ය.Ring cut වැඩ වැරදීමෙන් අපේ අම්මාට බොහෝ මුදලක් නිකරුනේ පාඩුවිය.ඒ සෙල්ලම නැවතුනේ ද්වස් දෙකම පිට පිටම අපේ බාප්පා call එක answer කිරීමෙනි.මගේ කාලකන්නි වැඩ නිසා නින්ද කඩාගන්නා අපේ බාප්පා කිසි ලෝබකමක් හෝ කේන්තිය්කින් තොරව Hello,Good Morning කියා call එකට answer කරන්නේ දවසම සුබ වෙන Tone එකකිනි.එය ඈසූ ගමන් මන් මේ පැත්තෙන් cut කල විට ඔහුට මොන දුකක්, කේන්තියක් හිතෙන්නේදැයි මගේ පුන්චි මොලයට කල්පනා වීම නිසා උදේ පාන්දර Ring cut දී මිනිසුන්ගේ නින්ද කෑඩීමේ කාලකන්නි විනෝදයෙන් අත්මිදීමට මම තීරනය කලෙමි.එයින් අපේ නෑදෑ හිත මිතුරන්ට උදෑසන හොද නින්දක් ලැබීමට හැකිවූ අතර අපේ අම්මාගේ මුදල්ද ඉතිරි විය.

එක සැරයක් අපේ ඉස්කෝලේ එකෙක් උගේ සීයා මැරුණු බව අපිට නොකීවේය.ඒකට මල පෑන්න අපි ඒගැන උගෙන් විමසූ විට ඌ කීවේ සීයා මැරුන බව කියා අපිට Missed call දුන් බවයි.....එවැනි මෝඩ කම් සිදුවන අතරේම විවිද ආකාරයේ පනිවිඩ හුවමාරු කරගැනීමේ signal එකක් වශයෙන් ring cut එක අප රට පුරා බාවිත වෙන්නේය.

ඉන් පසු නැවත Ring cut ආතල් එක පටන් ගත්තේ campus ගිය අලුතය.campus ආරම්බය සතියකට පමනක් සීමාවී මාස 6ක් එක දිගට ගෙදර ලගින්නට වූ අපිට අපි  campus ගිය බව හිතට දැනෙනුයේ ඒ දින වල අලුත හදුනාගත් campus යාලුවෙක්ගෙන් එන ring cut එකක් නිසාවෙන් පමනය.ඒ ලෑබෙන ring cut එක අලුත හදුනා ගත් කෙල්ලන්ගෙන් නම් හිතට දැනෙනුයේ පුදුමාකාර ලල් එකකි. ඒ එන Ring cut වලට අපිත් අනික් පෑත්තට Ring cut එකක් දී කලගුන සලකා මටත් ඔයාලව මතක් වෙන බවට signal එකක් දීමට තරම් අපි විනය ගරුක වීමු. ඉන්පසු අපේ උන් කුපාඩිකමට campus එකේ පාඩම් කරන විට උන්ට නිදිමත වීගෙන එද්දී රෑ 121ring cut දී අපේ නින්ද කඩති.

නමුත් ring cutයනු ජීවිතයට ඉතා වැදගත් වටිනා නාදයක් බව මට පසක් වූයේ එදවස ඇයගෙන් ලැබෙන පලමු ring cut එක වෙනුවෙන් සති 2ක් දුක් විදිමින් ලතවෙමින් බලා සිටි කාලයේය.ඒ ring cut එක මට නොලැබෙනුයේ මන් O/L කරන කාලයේ උදේ පාන්දර මිනිසුන්ගේ නින්ද කඩමින් කලාවූ ශාපය පලදී බව මට සිතෙමින් තිබුනි.නමුත් සති 2ක් ඇවෑමෙන් ඒ අගනාවූත් ආදරනීයවූත් ring cut එක පැමිනියේය.ඒ පෑමිනි ring cut එක දැන් වසර 5ක් පුරා cut නොවුනු ආදරණීය ඇමතුමක් බවටම පත්ව ඇත්තේය.ඒ නිසා අතීත කාලයේ ring cut දී මිනිසුන්ගේ නින්ද කැඩීම එතරම්  පාපයක් වී නෑත.




Blog එක නැති කාලෙ ඇරපු නයි -4 (2015,August)


අද අගෝස්තු 8 වෙනිදා.ඡන්දයට ඈත්තේ තව දින 9ක් පමණි.මෑතිවරණ වේදිකාව උනුසුම්වෙමින් පවතින බව කිව්වත් හෑමදාමත් මෙන් එය පිලුණුවූ දුගද හමන මඩ වලින් හා කුනු වලින් ගහන වූ කසල ගොඩක් පමණක්ම වී ඈත.අපේ දේශ්පාලනයේ මෙතෙක් කතාව සුන්දර වී ඈත්තේ පොරොන්දු කදුවලිනි ඒවා නුවර එලියේ යන විට පෙනෙන කදු මෙන් අපේ ඈස පිනවන්නේය.පන්ස්ලකට ගිය විට හමන මල් සුවද මෙන් අපේ දේශපාලනයද සුවද දෙන්නට තෑත් කලද හමන්නේ දශක ගනනාවක් තිස්සේ ගොඩ ගෑසූ මිනී ගොඩවල්වල මිනී කුනුගදය. අපි ඡන්දය දෙන්නේ වෑඩිම උස පොරොන්දු කන්ද සාදන හා මරා ඈති මිනී count එක ගනන් බලාය.සුද්දා ගිය දා සිට මේ තරග රටාවෙන් ගොඩ එන්නට අපට තවමත් නොහෑකිවී ඈත්තේය.
අපේ මෑතිවරන වේදිකාවේ, කිසිදාක පක්ශයක ප්‍රතිපත්ති කතා කරන්නේ නෑත්තේය කතා කලත් ඉතා අඩුවෙන්ය. ඈත්තටම අපටද ඒවා අහන්නට උවමනාවක්ද නෑතමහින්ද සුපුරුදු ලෙසම count මිනී එක compare කරමින් සිටී.තමන් නෑති උනොත් ආයේ දකුනට මිනී එන බව පවසයි.බස් වල බෝම්බ පිපිරී මිනිසුන් කෑලී වී යනු ඈති බව කියයි.JVP එක ඒ දවස් වල මිනිසුන් මරා දෑමූ හෑටි සිහි කරයි. ඊට විරුද්ධව රනිල් ටයර් සෑයවල් වල පුච්චා දෑමූ මිනිසුන් ගෑන කියයිමේ මහින්දගේ කුනු මිනී රසයයි.ඊට පසු ඔහුගේ පොරොන්දු කන්ද විවර කරයි.අලුත බදින් ජෝඩු වලට ලක්ශ 2ක් දෙන බව පවසයි.රජයේ පඩිය 25000කට ගෙන එන බව කියයි.
ඊලගට රනිල් එයි.තමන් රෑකියා ලක්ශ 10ක් දෙන බව කියයි.එක්සත් ජාතික පක්ශ ආන්ඩුවක් ආ විට අපිට කාර් ගන්නට පුලුවන් කියයි.ඒ රනිල්ගේ පොරොන්දු කන්දෙන් බිදකි.ඉන්පසු මහින්දගේ කාලයේ අතුරුදන් වූ හා මරාදෑමුනු මාධ්‍යවේදීන් ලෑයිස්තුව කියයි,වෙඩි තිය මරාදෑමුනු අහින්සක සිවිල් වෑසියන් ගනන,දේශපාලකයන් ගනන කියයි. අවුලුවන ලද ජාතිවාදී ආගම්වාදය ගෑන කතා කරයි..මේ රනිල්ගේ කුනු මිනී රසයයි. ඊටත් පසු මහින්දගේ වන්චා හා දූශ්න ලෑයිතුව දිග හරින්නට ගනී.ඒ ලෑයිතුව සම්පූර්නයෙන් කියන්නට ගියහොත් මහ මෑතිවරණය මේ කපේ පවත්වන්නට නොලෑබේ.
අනුර දිසානායක පෑමින මේ දෙගොල්ලන්ම රෑස්කර ඈති මිනී කදු ගෑනත් වන්චා දූශන ගෑනත් කියවයි.වේදිකාවේ සුපුරෞදු රෑලෙල්න් මිදීමට අනුරටත් අපසු වී ඈත.නමුත් එයින් මිදෙන්නට සෑබෑ උවමනාවක් ඔහුට තිබේන බව පෙනේ.
ඉතින් මේ අපේ රටේ ඡන්ද සට්න දශක ගනනාවක් පුරා දිගහෑරෙන හෑටිය.වසර 67ක් පුරා අපි කතා කරන්නේ මේවා නොවෙද.ඔබ ඔබේ හිතට තට්ටු කර අසා බලන්න, සෑබවින්ම අපි ලෑජජා විය යුතු නොවේද?...වසර 67ක් පුරා අපේ කතිරයෙන් අපි ඔස්වා තෑබූ දේශපාලකයන්ට කියන්නට ඈත්තේ එක එකාගේ මිනී count එක හා දූෂ්ණ ලෑයිතුව පමණකි.ඊට අමතරව පෙන්නන්නට ඈත්තේ පොරොන්දු කදු පමණි.රටේ මෑතිවරනයකදී සෑබවින්ම පක්ශයක් කතා කලයුතු වන්නේ තමන්ගේ ප්‍රතිපත්ති මාලාව ගෑනය.විවෙචනයට ලක් කලයුතු වන්නේ අබියෝගයට ලක් කලය්තු වන්නේ අනෙකාගේ ප්‍රතිපත්ති මාලාවය.නමුත් අපි පුරුදු වී ඈත්තේ දසත හමන මිනී කුණු සුගන්ධයට ඉව අල්ලමින් කුඩු දුමාරයේ සෑගවයන පොරොන්දු කන්ද දෙස බලා සිටීමටය.

සෑබෑ වෙනසකට කාලය පෑමින ඈත්තේය.මේ කුණු ගොඩෙන් හා හොරු ගොඩෙන් ගෑලවී ප්‍රත්පත්තියක් ගෑන කතා කලහෑකි වේදිකාවක,පාර්ලිමේන්තුවක අවශ්යතාව ඔබට, මට දෑනිය යුතුය.ඒ වෙනස කිරීමට ඔබේ කතිරය සුපුරුදු කොටු දෙකෙන් එලියට පෑන තෙවන කොටුවක සටහන් කිරීමට ඔබ එඩිතර වියයුතුය.


Saturday, August 15, 2015

Blog එක නෑති කාලෙ ඈරපු නයි - 3 (2015,May)

වෙසක් පොහෝ දින ගෙවී යමින් පවතින්නේය.අපිට නම් ඉතින් වෙසක් යනු වෑඩි හරියක් වෙසක් කූඩු සෑදීමත් වෙසක් බෑලීමට යාමත් වන නිසා අපිට වෙසක් ලබන්නේ රෑ බොවී එන විටය. දෑන් මෙන් නොව හොදම වෙසක් සෑමරුම් තිබුනේ අපේ පාසල් කාලයේය. මුලින්ම ඒ ආරම්බය ලෑබෙන්නේ පන්සල එහා පෑත්තේ සිටින මගේ හොදම යලුවෙක්ගෙන් එන දුරකතන ඈමතුමකින්ය."මචන් අද නම් පන්සලට කෑලි ටිකක් බෑහෑලා ඉන්නවා පට්ට බන්.මුන් කොහෙන් ඈවිල්ලද මන්දා. වෙන පෝය දවස් වලට මෙච්චර ලස්සන උන් පන්සලට එන්නේ නෑ.උබත් වරෙන් දෑන්ම...."...මේ ඉතින් උගෙන් ලෑබෑන බෑතිබර වෙසක් පනිවිඩයයි.අපිට ඒ දවස් වල කෑමතිවුනු කෙල්ලෙක්ද නෑති බෑවින් උත්සහයක් දෑරීමට කදිම අවස්තාවක් වුවද වෑස්සකට්‍රවත් අවුරුදු ගානකින් පන්සලට ගොඩ නොවන මට රෙද්දක් ඈදගෙන ඒ වෙලාවට පන්සලට යමට නොහෑකි බව මම කනගාටුවෙන් වුවත් ඌට තේරුම් කර දුනිමි.ඔය වෙලාවට පන්සල් යාමට ගියොත් අපේ තාත්තාගේ මොලයට ඕවා ඉබේටම meter වෙන්නේය.ඊටත් වඩ අපේ පියා ඒ දවස් වල පන්සලේ ප්‍රධාන දායකයාය.දෑන් ඈත්තේ වෙසක් බෑලීමට පාරට බෑසීමේ කාලයයි.සාමාන්යෙන් අපි යන්න plan කරන්නේ 6.30 විතර වුවද පිටත් වන විට 8 පහු වන්නේ අප සතු වෙලාවට වෑඩ කිරීමේ පුරුද්ද නිසාය.මුලින්ම එන්නේ ඉහත කී යලුවාය.ඌ අවිත් පන්සලේ සිටි කෙල්ලන් ගෑන වරුනාව පටන් ගනී.උන්ගේ සිනාවද අග පසගද ඌ විස්තර කරන්නේ ගිලිහී ගිය chance එක ගෑන මගේ සසර කලකිරවමිනි.වෙසක් දවසේ කෙල්ලන් දෙස ඔය අයුරින් බෑලීම පවක් බව මගේ දහම් දෑනුම අනුව ඌට තේරුම් කර උගේ කට වසන මා මගේ හඩන සිත වසා ගනිමි.


කොහොමින් කොහොමින් කට්ටිය set කරගෙන වෙසක් බලන්නට ගිය එක් දිනක අපේ එකෙක් කිවේ කොස්ගොඩ හෙන ලොකු තොරනක් ඈති බවත් එය හෙන සිරා එකක් බවත්ය.අපි 7km පමන cycle පාගමින් තොරන බෑලීමට ගියෙමු. එතනට ගිය විට දෑනගන්නට ලෑබුනේ එම තොරන තිබෙන්නේ පොසොන් එකට බවයි.අපිව එක්කන් ගිය එකාට කටපුරා දහම් දෙසමින් අපි නෑවත 10km ක් පමන අම්බලන්ගොඩට cycle පෑගුවෙමු.කරුමේ කියන්නේ එදා මග දිගට එකදු දන්සෑලක්වත් නොතිබීමය බඩගින්නේම දාඩිය හලමින්, පිපාසාවෙන් cycle පාගන්නට එදා අපට සිදුවිය.



වෙසක් එකේ කොල්ලන්ගේ ප්‍රියතම අයිතමය දන්සෑල්ය.අපේ එවුන් ඒවායින් කන්නේ නෑති අතර ඒවා වන්දනා කරති.මුනගෑසෙන හෑම දන්සෑලකම පෝලිමේ පෑයගානක් හිද හෝ තම නොසන්සිදෙන බඩචාරිකම අස්වෑස්සීම සදහා උන් ඒවා වන්දනා කරති.පෙරේතකම වසාගන්නට යෙදෙන අපූරු නමකි වන්දනා කිරීම.මෙසේ එක දවසක් දන්සෑල් වන්දනා කර පෑමිනෙන විට අපේ එවුන් දෙන්නෙක් තම cycle පටලවාගෙන් පාර මෑද්දේ වෑටී රෝද 2 කඩාගත්තෝය.එදා නම් sure එකටම උනේ දන්සෑල් වලින් පෝලිමේ 2පාර ගානේ ගොස් කෑමේ දිට්ට දම්මය පලදීම වියයුතුය.කාපුව සියල්ල දිරවන තෙක්ම 5kmකට වඩා දුර මහ රෑ පයින් ගාටන්නට අපට සිදුවිය.එදා වෙසක් සවාරිය අවසන් වූයේ හොදටම පනගොස් පාන්දර 2 ත් පසුවී ගෙදර පෑමිනීමෙනි.ගෙදර ගේට්ටුවෙන් ඈතුලට ඔලුව පොවන විට අපූරුවට එලිය විහිදුවමින් තිබූ වෙසක් කූඩු ටික නිවීගොස් අදුරු වෙලාය,සමහරක් පිච්චී ගොස්ය,වෑස්ස දවසක් වුනොත් ඒවා වෑස්සට හසුවී බිම වෑටී දියව ගොස්ය.දවස් ගනනක මහන්සියෙන් උපදවා ගත් ලස්සන, පෑය ගනනකට සීමාවී විනාශව තිබෙන්නේය.බුදුන් වහන්සේ අපිට උගන්වන්නට තෑත් කරන්නේත් මේයම නොවේද.ඒවා වෑඩි දුර හිතෙන විටම නිදිමතට ඈස් පියවෙන බෑවින් අපේ සන්සාරය තව දික් වෙන්නේය.



ඉතින් අදත් එවෑනි ගමනකට අපූරු දවසකි.වෙසක් සද එලියේ නෑවෙන මාවත් දිග්ට විදුලි එලියෙන් රටා මවන artificial ලෝකය වන්දනා කරමින්, ඔලුවට දෑනෙන වෙසගේ නියම අරුත හදවතින් ප්‍රතික්ශේප කරමින්, කොලුකමින් වෙසක් එක විදින අවසන් අවුරුදු කීපය දෑන් එලබී ඈත..

Blog එක නෑති කාලෙ ඈරපු නයි - 2 (2015,April)

කොහා ගේ දොරකඩ ලගටමවිත් අවුරුදු ගීතය ගයන්නට වී ඈත.ඒ අපූර්ව වූත් විචිත්‍ර වූත් නව වසර ලෑබීමට ඈත්තේ තව සතියක පමන් කාලයකි.මේ විචිත්‍රවත් යුගයේ ඈති අසීරුතම හා අපේ ඉවසීම පරීක්ශා කරන බයානකම දවසනම් ඈයත් සමග shopping  යෑමේ දිනයයි.දින තුනක නිවාඩුවත් සමග ඒ දිනය සෑමරීමට මම පසුගියදා දෙහිවල හා වෑල්ලවත්තේ කරක් ගෑසීමි.විනාඩි 40ක් පුරා දෙහිවල හන්දියේ ඈය එන තුරු charter කෑ මම දවසේ ආරම්බය දෙහිවල Nolimit එකෙන් ගතිමි.යන්තම් උදේ 9 පසුවී කඩේ ඈරියා පමනක් වුවත් Nolimit එක ඈතුලේ හෝගාලා සෙනගය.යාන්තමින් දෙවන මහලට පෑමිනි පසු අපේ තරගය ආරම්බ විය.කොනක සිට ඈදුම් තේරීමට පටන්ගත් ඈයත් සමග මාද පසුපසින් යන්නට වීමි.ටික වේලාවක් යද්දී වෑඩේ boring බෑවින් වට පිටාව දේසට ඈස් යොමන්නට වීමි…..පඩිපෙල ගාවම තිබූ පුටුපෙලක් මත වාඩිවීගත් පිරිමින් 4 දෙනෙකි.ඔවුන් හිස් බෑල්මෙන් යුතුව කාන්තාවන් රෙදි තෝරන දිහාව දේස නෙත් යොමා සිටී.තම බිරිද මේ ජනකාය අතරේ කොහේ හෝ සිට ඈදුම් වල විසිතුරු බව විදිමින් සිටින අයුරු ඔවුන්ගේ නෙත ගෑටේයෑයි සිතීම උගහට වන්නේ ඒ තරම් සෙනගක් ඈදුම් වල වවුලන් මෙන් එල්ලී සිටිනා නිසාය. (බොහෝ දෙනා තමන් අල්ලාගෙන සිටින ඈදුම ගන්නේ නෑත ඒනමුදු එය අතාරින්නට අදහසක්ද නෑතුවා වාගේය)
පිරිමින් 4 දෙනාගේම ඔඩොක්කුවේ පොඩීවුන්ය.තාත්තලාටත් වඩ උන්ට සසර එපා වී ඈති සෙයකි.උන් ඈනුම් අරිමින් ඈග මෑලි කඩමින්,ඔලුව කසමින් වරෙක තම පියවරුන් දෙසද වරෙක ඈදුම් ගොන්නේ පීනමින් සතුටු වෙන ජනකාය දෙසද නොරිස්සුම් බෑලුම් හෙලයි.පිරිමින් 4 දෙනා තම ඔර්ලෝසු දෙස වරෙක බලමින් කිසිවක් තමන්ටම මුමුනා ගනී.උන් ඔරලෝසුව දේස බලන විට අපූරු විද්යාත්ම්ක මෙව්වා එකක් මට සිහි විය.ඔවුන්ගේ බිරින්දෑ වරුන් මේ මොහොතේ සිටිනුයේ කලු කුහරයක්(Black hole) තුලය.කලු කුහරයේ ඈති අදික ගුරුත්වය නිසා ඒ තුල කාලය යන්නේ පොලවට සාපේක්ශව ඉතා සෙමිනි(මේ බව මට කීවේ අපේ office එකේ ආතුවාය.එක ගෑන මතුවා ආ වාදයකදී අබ්යවකාශයට ගිය ඒකේ ප්‍රදාන නලුවාට වයස නොගිය අතර මිනිහාගේ දුවා පොලවේ සිටිමින් අම්බානක වයස යයි.ආතුවා එකක් ගසමින් කාලය නිර්පේක්ශ බව හා තවත් මොන්වාදෝ පුනා පුනා කියමින් මට ඔප්පු කර පෙන්වන්නට  හෑදුවද මට එය වෑඩිය තේරුනේ නම් නෑත).ඒ කියන්නේ කලුකුහරය තුල පෑයක් පොලොවේ අවුරුද්දක් පමන වේ.අවුරුදු ඈදුම් සාගරය නෑමති කලු කුහරය තුල සිටින බිරින්දෑවරුන්ට කාලය ගතවන්නේ තත්පර වලින් වුවද පඩිපෙල ලග පුටුවේවාඩි වී සිටිනා පිරිමි 4දෙනාට කාලය ගතවන්නේ පෑයගනන් වලනි. මේ අවුලට හේතුව එවෑනි කතන්දරයකි.

කව්දෝ එකෙක් ඈගේ හෑපුනු බෑවින් මගේ විදුසර ලෝකය බිදීවෑටුනෙන් හෑපුනු එකාට හිතින් සාප කරමින් එදෙසට හෑරුනු විට දකින්න ලෑබුනු දෙයින් විදුසර ලෝකයට වඩා තවත් වෑදගත් ලෝක ඈතිබව පසක්විය.ඈගේ හෑපී ඈත්තේ එකෙක් නොව නන්ගි කෙනෙකි.නන්ගි සුදුය ලස්සනය ඈගටම කෑපෙන ඈදුමය සාය කොට හිර එකකි.ඒයින් ඈගේ නිතබේත් උකුලේත් හෑඩය මනාවට කෑපී පෙනේ. ඈදසිටි blouse එකද ඈගට හිර එකක් වූ බෑවින් ඈගේ නාරි දේහය මනාව උස් පහත් වී පෙනේ. දෙකකුල් ගෑන ඉතින් කියන්න දෙයක් නෑනෙ...නන්ගිගේ කාව්යමය සුන්දරත්වය විදින කල එක වරම "මොනවද අනේ ඔය බලන්නේ,මෙන්න මේ blouse එක ලස්සනද බලන්නකෝ" කියා කවුදෝඅ පිටට තට්ටු කර කීවාය.විදුලොවින් කවිලොවට ගිය මම නෑවත පියවි ලොවට ආවෙමි."මාත් එක්ක ඉන්නකොටවත් වෙන කෙල්ලො දිහා නොබල ඉන්න බෑරිහෑටි.."පුන්චි නෝක්කඩුවකි.campus කාලේදී නම් මේවගේ සිස්දුවීම් වූකල අම්බාඅනක   කන පිරෙන්න දේශනා අහගන්නට සිදුවුවත් වරද මගේ නොව මගේ කවි සිත බවට ඈඅයට පසක් වී ඈති නිසාදෝ දේන් වෑඩිපුර අහගන්නට වන්නේ නෑත.


තවත් විය charter විය නෝහෑකි බෑවින් ඈයත් සමග පසුපසින්ම යමින් මාද ඈදුම් වල සිරි විසිතුරු නරබන්නට වීමි.ඊට පසු ඉතින් සුපුරුදු කෙලිය පටන් ගති.මට ලස්සන ඈදුම් ඈට ලස්සන නෑත ඈ කෑමති ඒවා මට හරි නෑත.ඒත් ඉතින් කෑමති වූ එකට මන් කෑමති නෑ කියා උදෑල්ල දමන්න ගියොත් තවත් මෙතන කට්ට කෑමට වන බෑවින් මාද ඈගේ තේරීමට එකග වුනෙමි. දෑන් කෑමෑත්ත ගෑන අවුලක් නෑත ඊලගට blouse එකේ මිල බෑලූ ඈය කීව්වේ අනේ මේක ලාබ වෑඩිනේ කියාය. අනේ අම්මපා අපට ගිය කලක්….ගිය අවුරුද්දේ ඔක්කෝටම කලින් price tag එක බලා අඩු මිල ඈදුම් තේරූ අපි දෑන් එය අන්තිමට බලා ,මිල අඩු නිසා ඒක ගන්නට මෑලිවෙන තරමට දියුනු වී ඈත.යහ පාලනය යටතේ රට ඉදිරියට ගොස් ඈති බවට මීට වඩා සාක්ශි කිම?

අවසානයේ සියලු සාධක වලට ගෑලපෙන පරිදි ඈදුම් කීපයක් එකත් කරගත් අපි nolimit එකෙන් පල්ලම් බසින්නට පටන් ගතිමු.ඒ අතරින් පතර අම්මලාගේ හා දූවරුන්ගේ කතාබහ ඈසේ.දුව ගත් ඈදුම දනහිසින් තව ටිකක උඩට කොට වුනා නම් වඩා හොද බව අම්ම කියයි.මීට අවුරුදු 3කට පමන කලින් නම් වුනේ මේකේ අනික් පෑත්තය.ඒත් අපි වඩා liberal වී ඈති බෑවින් දෑන් වෙන්නේ මෙහෙමය.නමුත් දෑන් යන විදිය අම්මාටත්, දූටත්, අපිටත්(ඒ කියන්නේ පාරේ යන හුදී ජන පහන් සන්වේගය ඈති කොල්ලන්ට)  හොද බෑවින් මෙහෙම යන එක හොදය.


කොහොමින් කොහොම හරි පෑය කීපය චාරිකාවකින් පසු බිල ගේවීම සදහා counter එක ලගට ඒමට අපිට හෑකිවිය.අම්ම ගහයි බෑට් එකෙන්,මේ මූ නේද?...කවුද?..පහු ගිය ටිකේ හම්බයන්ව fb එකෙන් පතුරු ගෑසූ,මුස්ලිම් කඩ වර්ජනය කරන්නට talks දුන් වීර සිනහල බවුද්ධ මල්ලි කෙනෙක් පෝලිමෙ බිල ගේවන්නට සිටී. මල්ලියා ඒ කාලේ දෙසූ talks වල්ට මන් හිතුවේ මේ දවස් වල මල්ලි සින්හල රෙදි කඩ නගා සිටුවීමේ project එකක් පටන් ගෙන ඈති කියය.උගේ හම්බයන්ට විරුද්ධ සන්ග්‍රාමය ගෑන මගේ සිත එවර දුවන්නට ගති.එක්කෝ අවුලක් නෑත අවුරුදු කාලේ කියන්නේ සියලු තරහ මරහ අමතක කරන කාලයක් නිසා මල්ලිගේ තීරනය හරි විය යුතුය....බිල ගෙවන්නට ඊලගට සිටින්නේ මම බව ඈගේ කොනිත්තීමෙන් පියවි ලොවට වෑටුනු මට ඒත්තු ගියෙන් බිල ගෙවා කඩයෙන් එලියට බෑස්සෙමු.ඉතින් nolimit පෝලිමෙන් ගෑලවුනු අපි ඊලග තරගය සදහා වෑල්ලවත්ත දේසට කට්ට අව්වේම පිය නගන්නට වීමු…