Thursday, June 28, 2018

සීරුවෙන් සිටිමි





ගැස්සුනත් හිටිගමන්
නොහිතාපු තැනකදී
මුලු ඇඟම ගල් කරන්
සිටින්නෙමි සීරුවෙන්
ඉසිඹුවක් දෙනු රිසින්
බෙල්ල යන්තම් හැරව්වෙන්
ඇස ගැටුනි ලෙලදෙනා
සිංහ කොඩි දෙක තුනක්.
තේජසින් ඔද වැඩි සිහරජු,
අතේ ඇත කඩුවක්.
සසර කලකිරී ඇති මගෙ,
ඩෙනිමෙ ඇත කොපුවක්
සිංහයා දෙස බලමි මම හොඳින්
බැලින්නම් ඌ ඉන්නෙ එක පයක් උස්සමින්
ඌත් මං වගේමයි ,
මං ඉන්නේ තනි කකුලකින්,
හැබැයි හොඳටම සීරුවෙන්.
පහසුවෙන් ඉන්නට බොහො හිතයි මට
එහෙත් නැත ඉස්පාසුවක්
වටේ ඉන්නා හතර පස්දෙන,
ඇලී ඇඟටම නැත ඉඩක්.
ගෙල මුලින් උත්පාදවී
ගලායයි ඩා බිඳක්
පිට මැදදි වුනා එය,
සිහින් ඩා දිය ගඟක්,
දිගින් දිගටම ගලාවිත්
බේරේවි එය දෙකකුල් දිගෙත්
එය නිවන්නට සුළං රැල්ලක්
වැරදිලාවත් නැත ඇඟ සිඹින්නේ.
ගැස්සුනා හිටිගමන්
නොහිතාපු තැනකදී
වටේ හිටි හතර පස්දෙන
නොවේ විතරක්, තවත් මහ ජන ගඟක්
දිව ගියා හනි හනික
බනිස් කෑමේ තරඟයට මෙන්.
ගෑනු දුවත් සාරිය උස්ස ගනිමින්
පිරිමි දුවත් මග දිග වෙට්ටු දමමින්
උන් හනික දිව් නිසා
නිදහස මට පැමිණියා
සීරුවෙන් හිටුමට තවත් ඕනෑ කමක් නැත
හරි තුටින් පා දිගැදුනා..
ලෝකයේ ඇති ලොකුම සන්තොස
කකුල් දෙක දිග අරින එක මිස
වෙනින් මොන බක්කක්ද ?....
ගැස්සුනත් හිටිගමන්
නොහිතාපු තැනකදී
යළි ගමන් ඇරඹුවා
අප රුහුණු කුමාරී....