Sunday, October 23, 2016

Registered ආගම නිසා මිථ්‍යාවන්ට කඩේ යාම






වර්ථමානයේ ආගම් වල හැසිරීම පිලිබද සොයා බැලීම හරිම interesting කාරණයක් කියල හිතෙනවා.මේක ලන්කාව හා ලෝක මට්ටමෙන් සොයා බලන්න පුලුවන්නම් ඉතා වටින කාරණයක්.ඉස්සරහට මේ පිලිබද දීර්ඝ ලිපි පෙලක් ලියන්නයි නයියාගේ අදහස.ඒකට තවදුරටත් ආගමික සන්කල්ප ගැන දැණුම වැඩි දියුණු කරගෙන ඉන්න අවශ්‍යයි.නමුත් දැනට අපි දන්නා කරුණු වලින් මේ පවතින ලෝකයේ ආගමික භාවිතාව පිලිබද අදහසක් ගන්න එක ඒ තරම් අමාරු දෙයකුත් නෙවි.

කොහොම නමුත් තවදුරටත් ආගම් තුලින් ලෝකය යහපත් තැනක් කල නොහැකි බව පැහැදිලියි.මොකද මේ වෙනකොටත් ආගම් විසින් කල යුතු උපරිම යහපත මානව ශිෂ්ඨාචාරය වෙනුවෙන් කරල ඉවරයි.ලෝකය ශිෂ්ඨාචාරගත කරන්න,මානව හිමිකම් පිලිබද අදහසක් ගේන්න, දැනට පවතින මූලික නීති රාමුව උනත් සකස් කරන්න ආගම් තුලින් විශාල සේවයක් වුණු බව පැහැදිලියි.ඇත්තටම මේ කරුණු ගැන මුලින්ම අදහස් පලවෙන්න ගත්තේ ආගම් තුලින් වියයුතුයි.ආගම් තුලින් ඉපිද ලෝක ජීවන ප්‍රවනතා වලට ඒවා නිසි ලෙස ඇතුලත් කිරීමේ උපරිම තැනට ආවට පස්සෙත් ආගම කර තියාගන්නට යෑමෙන් අපිව යොමු කරන්නේ අන්තවාදයට.තම තමන් විසින් ආගම් තුලින් ඉගැන්වෙන ගැඹුරු කරුණු ස්ව අධ්‍යයනයකට යොමු කරමින් ප්‍රගතිශීලී ගමනක් යනවා හැරෙන්නට තව දුරටත් වදිමින් පුදමින් කරතියාගන්න ගියොත් අන්තවාදයේ කෙලවර කරා යෑම හැර වෙන දෙයක් වෙන්නේ නැත.

බොහෝ ආගම් වල මානව නිදහස,ජීවත්වීමේ අයිතිය ආදී දැනට ලෝකයේ පිළිගැන්මට ලක්ව ඇති මූලික නීති රාමුවලට අදාල කරුණු ඉදිරිපත් කලාට පස්සෙ එතනින් එහාට යන ඒ ඒ ආගමට අනන්‍ය දේශනාවක් තියනවා.නමුත් බොහෝ දෙනා ඒ ගැඹුරු අධ්‍යයනයට යන්නේ නැතුව තම තමන්ගේ ආගමට විශේෂ උනු පුද පූජා හා භාවිතාවන් සමූහයකට කොටුවී ඉන්නවා.තමන් කොටු වෙන්නේ මොන පුද පූජා විශේෂයටද කියන එක තීරණය වෙන්නේ අපේ උත්පත්තියේදීම අපේ නමට ඉස්සරහ register වෙන ආගම කියන කොටුවේ තියන දත්තය මත.ඇත්තටම මේ උප්පැන්න සහතිකය ඉස්සරහ අපේ අනු දැනුමකින් තොරව, කොටින්ම ආගමික සන්කල්ප වලටත් විරුද්ධව යමින් පුද්ගලයාගේ තෝරාගැනීමකින් තොරව register කරන ආගම නිසා අපේ මුලු ජීවිත කාලය පුරා අපි කර තියන් යා යුතු විශ්වාස හා ඇදහිලි සමූහය අපේ උපතේදීම තීරණය වෙනවා.මේ ගැන දිගින් දිගට කතා කල යුතු උනත් ඒක ඉදිරියට කල් තබලා අද කියන්න ආපු දේ  කියන්නම්.ඒකත් අර කියපු registration එක හා සම්බන්ධ දෙයක්.

පහුගිය දවස් වල අපේ යාලුවෙක් අපූරු fb පෝස්ට් 2ක් share කලා.ඉන් එකක් අපේ ඤානානන්ද හාමුදුරුවන්ගේ එකක්.ඒකෙ කියවුනේ එක්තරා පුද්ගලයෙක්ගේ ඇගේ ලාටු වලින් හැදිච්ච ගෑනියක්  ඇලිලා ඉදලා ඔහුව ලෙඩ කරන් ඉදලා.ඔහුව සුවපත් කරල තියෙන්න අහසින් ආපු දේව බලේකින් ඔහුව අමතලා.අන්තිමට පොර උඩට ගිහිල්ලා ගුවනේ රැදී ඉදලා.ඒ වෙනකොට අන්ශබාගෙ ත්ත්වෙක හිටපු ඒ මත්මයාට තමන්ගේ නෝනව තනි අතින් උස්සන්න පුලුවන් උනා කියලත් තියනවා.ඉතින් අපේ හාමුදුරුවන්ගේ page එකට ගියොත් මේ වගේ දේව කතා,ලාටු ගෑනු කතා හා ශුක්‍රානු භූතයන්ගේ කතා ගොඩක් අපිට කියවන්නට ලැබෙනවා.

අපේ යාලුවා share කරපු අනික් post එක, අපේ ආසිරි වනිගරත්න මහත්තයගෙ  විනාඩි හතරෙන් දෙවියන්ව යාලු කරල දෙනව කියල තිබ්බ දැන්වීමක්.එතුමගේ page එකට ගියාමත් ඔය දෙවියො ගොඩදාගෙන විබාග පාස් වෙන ඒවා,මන්තර කියල පොත් කොට්ටෙ යට තියාගෙන දැනුම ලබා ගන්න ඒව වගේ ගොඩක් මන්තර බලයෙන් කල හපන්කම් අඩන්ගු වෙන ලිපි හා videos බලාගන්න පුලුවන්.ඒකෙ තියන එව්වා අනුව දෙවියන් කියන්නෙ තනිකර ආසිරි මහත්තයගෙ ක්‍රම වලින් ගොඩ දාගන්න පුලුවන් සැට් එකක්.

මේ පෝස්ට් දෙක ගැන අදහස් අපි අපේ යාලුවො සෑහෙන ප්‍රමානෙකින් විමසුවා.ඒ වගේම මේ පෝස්ට් දෙකට වැටුණු comments පවා හැදෑරුවා.මෙයින් අපේ හාමුදුරුවන්ගෙ ලිපිය ගැන fb comments දාලා තිබ්බේ මට මතක විදියට දෙන්නෙක් පමනයි.ඒ දෙදෙනාම බුදු දහම ගැන දීර්ඝ විස්තරයක් කරල ඔවුන්ට හැගෙන හැටියට හාමුදුරුවන් කියන  මේ කරුණු බුදු දහමට ගැලපෙන්නේ නැති බවට තර්ක කරල තිබ්බ.අපි වාචිකව අදහස් විමසපු බොහෝ දෙනා කිව්වේ "අනේ මන්ද බන් ඕවා" කියල.සමහරු කිව්වේ හාමුදුරුවන් කියන එක ප්‍රතික්ශේප කරන්න තමන්ට දැනුම මදී කියල.ඒ ගැන හදාරලා තමයි අපිට හසු නොවන මානයේ ඇති මේ වගේ දේවල් ගැන අදහස් දක්වන්න වෙන්නේ කියල.තවත් කිහිප දෙනෙක් බුදු දහමට ගැලපෙන්නේ නෑ වගේ නේද කියල ඇහුව.ඒක කියල අනේ මන්දා ඉතින් කියලත් කිව්වා.තවත් බොහෝ දෙනෙක් මේ කථාව 100%ක් නිවැරදි කියල ඇගට ගොඩ උනා ඒ ගැන පව්කාරයෝ වගේ තර්ක කරන්න එපා කියල.ඒ අය කිව්වේ අපි එක්ක ඒ ගැන තර්ක කරන එක පවා පව් පිරෙන වැඩක් කියලා

ඊට පස්සෙ අපි එන්නේ ආසිරි මහත්මයගෙ පෝස්ට් එක ගැන.මේ පෝස්ට් එක share කරලා පැය 6ක් යන්නටත් මත්තෙන් ඒකට වැටුනු comments ගනන 30කට ආසන්නයි.ඒ හැම එකේම තිබුනේ ආසිරි වන්චාකාරයෙක්,පිස්සෙක් හා ඒවා විශ්වාස කරන මිනිස්සු පුන්නක්කු කවන්න ඕනි හරක් වගේ ජාතියක්ය කියලා.වාචිකව අදහස් විමසපු අයත් කුණුහරුපෙනුත් එක්ක ආසිරිට අපහාස කරගෙන ගියා.

ඉතින් මේ වෙනසට හේතුව කුමක්ද?....විවෘත මනසින් මේ කථන්දර 2 දෙස බලන ඕනෑම කෙනෙක්ට මේ දෙකම එක හා සමාන විකෘති ප්‍රකාශ 2ක් බව පැහැදිලියි.නමුත් හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ ඇත්තක් බව පිලිගන්නා අයට සහ එය ප්‍රතික්ශේප කිරීමට මැලි වන අයට ආසිරිගේ ප්‍රකාශය බැහැර කල හැක්කේ කෙසේද?....එයට හේතුව අපි මුලින් සදහන් කල අපේ නම ඉදිරියේ register කර ඇති ආගම නිසා බව ඔබට පැහැදිලි වනු ඇති.ආසිරි මහත්මයාත් සිවුරක් දරමින් තෙරුවන් ගාවා ගනිමින් තම මතය ගෙන ගියා නම් ඤානාන්ද හිමියන්ගේ ඉහත කී කරුණු සරණ  යන අය ඔහුවත් පිලිගන්නවා නොඅනුමානයි.

වර්ථමාන ධනවාදී, අධිපරිභෝජනවාදී ජීවන රටාව තුල දිනෙන් දින අධික ලෙස පරාරෝපණයට ලක්වන මිනිසා එහි ප්‍රභවය, අපිට නොපෙනෙන අත්භූත බලවේගයක් බව විශ්වාස කිරීමට පෙලබෙනවා.තමන් විසින්ම සන්කීර්ණ කරගන්නාවූ ලෝකයෙන් තමන්වම පෙලීමට ලක්වන විට මිනිසා වැඩි වැඩියෙන් මෙවැනි මිථ්‍යාවන් කරා යොමු වන බව පැහැදිලියි.මේ මිථ්‍යාවට නැඹුරුවීමේ අඩුවක් නම් දකින්නට නෑ.ඒ නිසා මුලින් කීවාක් මෙන් ආගම් වල ඇති හරවත් කියවීම පසෙකලා මිනිසුන් වැඩි වැඩියෙන් තම අසරණ භාවය මග හරවා ගැනීමට පුද පූජා කෙරෙහිම යොමු වෙනවා.කොටසක් වැදුම් පිදුම් කරමින් මිථ්‍යාව තුලම ගිලෙන අතර තවත් කොටසක් ඒ තුලින් අන්තවාදයටත් හින්සාවටත් යොමුවෙනවා.පසුගිය කාලය පුරාම ඉස්ලාමය තුල මෙය දැකිය හැකි වුනු අතර අන්තිම අවුරුදු 3,4 තුල බෞද්ධ අන්තවාදයක් කරාද සමාජය යොමුවෙමින් පවතින එකෙන් ඒ කරුණ සනාථ වෙනවා.

ඉදිරි ලිපි සැට් එක එනකල් මේ දෙකත් කියවන්න,


Wednesday, October 5, 2016

සිස්සත්වෙට මොකෑ උනේ ?






ඔබේ දරුවාත් මොන්ටිසෝරි කාලයේ සිටම දිවා රෑ නොබලා ටියුෂන් වන්දනාවේ යෙදුනාද?.ඊයේ නිකුත්වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව,


ළමයා සමත් ද? --- එසේ නම් කරුණාකර දුක් වන්න
                 ඔය සමත්වීමේ දක්ෂතාව තමාගේද නැතිනම් ටියුෂන් ගුරාලා සැට් එකේද කියා ඔබේ ළමයා දන්නේ නැත....ඔබ දන්නේද නැත.
දක්ෂතාවේ credit එක ළමයාටද,ඉස්කෝලෙටද,ටියුෂන් එකටද කියා ලිහා ගැන්ම ලේසි නැත
පහුගිය කාලය පුරා පන්සල් පල්ලි ගොස් පූජා කලා නම් ඒ ලිහාගැනිල්ල තවත් complex වනු ඇත.
ඔබේ දරුවාගේ නම පාසලේ දැන්වීම් වලත්, ටියුෂන් කඩවල බෝඩ් වලත් විකිනෙන product එකක් වනු ඇත.
ඉදිරි අවුරුදු 8 තුල ටියුශන් එකෙන් තොර අනාගතයක් ළමයාත් ඔබත් නොදකිනු ඇත,විශ්වාස නොකරනු ඇත.
තමන්ගේ හැකියාව ගැන සැක කරන 
ළමා කාලය අහිමිවූ දරුවෙක් අනාගතයට සූදානම් කෙරෙමින් ඇත....



ළමයා අසමත් ද? -- එක අතකින් සතුටු වන්න
මේ උදේ හවා දුවනා හුස්මක් කටක් නොගන්නා ටියුෂන් වන්දනාව මිත්‍යාවක් බව ඔබේ දරුවාටත් ඔබටත් පසක් කර ගත හැකි නිසාය.
පන්සලෙන් පල්ලියෙන් දෙන නූලෙන්,වතුර ටිකෙන් දැනුම නොලැබෙන බව ඔබට දැකිය හැකි නිසාය.
තමා ගැන විශ්වාස කරමින් අනාගතයට උත්සහා කරනා දරුවෙක් හදාගන්නට ඔබට වරම් ලැබෙන නිසාය...




ඒ නිසා අඩුම ගානේ මීලග අවුරුදු දෙකවත් ( හත වසර වෙනකල්වත්) මේ පොඩි උන්ට ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත්, පෙල පොත පාඩම් කරලා, ගෙදර වැඩ කරලා, යාලුවොත් එක්ක සෙල්ලම් කරලා , වට පිටාවෙන් දැනුම හොයලා විභාග ලියන්නට ඉඩ දෙන්න.ඉන් පසු උන්ගේ දක්ෂතා , දුර්වලතා හදුනාගත් පසු පමණක් උන්ව ටියුෂන් වන්දනාවේ යවන්න.



Saturday, October 1, 2016

සිංහල සිනමා අංශභාගයෙන් මිදීම හෙවත් මායා





පසුගිය සතියේ නයියාගේ plan එක තිබ්බේ මෝටර්බයිසිකල් බලන්නට යන්න උනත් මෝටර්සයිකලේට පොල්ලක් තියන්න උනේ ඒක බලනවනම් ගාල්ලටම යන්න වෙන නිසායි.නයි කෑල්ල නයි හාමිනේ බවට පත් උනත් හරි ෆිලුමක් බලන්නට ගියේම නැති නිසා මායා බලල හරි වැඩේ shape කරගන්න හිතුන.මායා කියන්නේ Kanchana කියන දෙමළ ෆිලුමෙ remake එකක් කියල දැන ගන්න ලැබුනු නිසා බලන්න යන්න එතරම් ආසාවක් තිබුනෙත් නෑ.මොකද ඔය දෙමළ main stream template එක මට දිරවන්නේ නැති නිසා.මීට කලින් ඩොනල්ඩ් විසින්ම කරපු remake එකක් වෙන ප්‍රවේගයෙත් වැඩේ හරියට ගොඩ දාගෙන තිබුනෙ නෑ.ඒකේ හේමාල් සිනමා තරුවක් විදියට කරලියට ඒමේ  නැවුම් බවත් ජැකාගේ ජවසම්පන්න නැවත පැමිනීමත් හැරුනාම වෙන දෙයක් තිබුනෙ නෑති තරම්.Fight ටික නම් සැලකිය යුතු මට්ටමකට ගොඩ දාගෙන තිබුනා.නමුත් overall ගත්තාම ප්‍රවේගය සාර්ථක නිර්මාණයක් නෙවි කියල තිබූ හැගීම මායා වසාගෙනත් මගේ හිතේ පැතිරිලා තිබුණා.ඒ වුනත් වෙන කරන්න දෙයක් නොතිබ්බ හින්දා දෙන්නත් එක්ක ගියා අම්බලන්ගොඩ රීගල් එකට.

Film hall එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අම්මටසිරි කියල නයියට කියවුනා.රීගල් එකේ tickets ගන්න පෝලිමක්.පසුගිය වසර කිහිපය පුරාවටම අම්බලන්ගොඩ රීගල් එකේ tickets ගන්න පෝලිමක් නයියා ඔය දැක්කමයි.ඒ සෙනග ගොඩේ තරම වැටහුනේ film එක පටන් අරන් විනාඩි 10ක් 15ක් යනකොට මුලු බැල්කනි එකම පිරෙන තරමට සෙනග පැමිණිලා අවසන් නිසා.පසුගිය වසර 7,8 පුරාම නයියා මේ hall එකට ගොඩ වුනු අවස්ථාවලදී බැල්කනිය පිරෙන්න සෙනග හිටියේ සෝමරත්න දිසානායක උන්නැහේගෙ films ව්ලට විතරයි.ඒකත් ඉතින් උනේ ඉස්කෝලවලින් එතුමගෙ films බලන්න ළමයි දක්කන් ආපු නිසා.නමුත් මායාට ආපු සෙනග එහෙම දක්කන් අපු සෙනගක් නොවෙයි.අනික ඒ සෙනග අතරෙ පොඩි ළමයි හිටියෙ නැති තරම්.මෙතරම් ජනතාවක් ගෙන්න ගන්න තරම් මායාට හැකිවෙන්නේ ඇයි. වැඩේ qualityට තියනවද? නැත්නම් අපේ රන්ජන් උන්නැහේගේ ඉස්සර පෝලිමට ආපු ගොන් පාට් තියන films වලට ආසා කරන සැට් එකකින්ද මේ hall එක පිරිල තියෙන්නේ ? . මගේ හිත මගෙන්ම ප්‍රශ්න කලා.

ත්‍රාසය හා සිනහව නොඅඩුව මුසු වුනු අපූරු චිත්‍රපටයක් අප ඉදිරියේ දිගහැරුනේ ඉන් පසුවයි.ලංකාවේ පහුගිය කාලය පුරාම අනාගත්ත තැන තමයි comedy.ගොඩක් films වලට බලෙන් comedy ඔබ්බන්න ගිහින් තිබ්බේ දැන් සිටින විකට නලුවන් කිහිපයක් යොදාගෙන දෙපිට කැපෙන වචන කන්දරාවක් කියල.ඒ කිසි දෙයක් සාර්ථක වුනු උත්සහයන් නෙවී.මිනිස්සු කිති කවාගත්තත් ඒවාට හිනා ගියේ නෑ.නමුත් මායාහි ප්‍රධාන නලු නිලියන් සියල්ල එකතුව මැවූ සිනහව මුලු ප්‍රේක්ෂකාගාරය පුරා ලෝබකමක් නැතුව පැතිරිලා ගියා.ගෙදරට අරක්ගත් යක්ෂ ආත්මය එලවා දමන්න අම්මයි,ලේලියි කරන උත්සහයට comedy එක් කරල තිබ්බා වැඩියි කියල හිතෙන්වා.ඒකේ comedy අඩු වෙලා horror තව වැඩිවෙන්නයි තිබුනෙ .Horror concept එක ලංකාවේ films පසුගිය කාලෙටම වල භාවිතයට නොගත්ත පැත්තක්.ඒ අභියෝගයට අත තියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙද්දී මායාහී නිර්මාණකරුවන් ඒ අභියෝගය හොදින්ම ජය අරගෙන තිබුනා.අපිව බයෙන් සලිත කරවන ශබ්ධ, රූපරාමු ,වේගවත්කැමරා හැසිරවීම් සමග හොදින් මුසුවෙලා තිබුනා.ඒක සින්හල film එකකින් කවදාවත් බලාපොරොත්තු උනේ නැති දක්ෂතාවක්.චිත්‍රපටයෙ සන්ගීතය එහි ඇති හොල්මන් අවතාර ගුනයටත් විකට රසයටත් හොද සාධාරණයක් එක් කරනවා.ප්‍රවේගයේදී ඩොනල්ඩ් සන්ගීතය පැත්තෙන් අනාගෙන තිබුනත් මායාට එද්දී ඒ අඩුව වෙන්න දීලා නෑ.සින්දු දෙකකට විතරක් සීමා වීම හොද දෙයක්.නැතිනම් film එක තවත් දික් වෙලා වාතයක් වෙන්න තිබ්බා.

රන්ගනය දෙසට හැරුණොත් චිත්‍රපටය පුරාම අනසක පතුරුවන කෙනා පුබුදු.චරිත කිහිපයක් හරහා මාරු වෙමින් අති විශිෂ්ඨ රන්ගනයක යෙදෙන ඔහු අපේ අධ්‍යක්ෂවරුන්ට පණිවිඩයක් දෙනවා ඔවුන් තමන්ගෙන් වැඩ අරගෙන නෑ කියලා මෙතෙක් කල්.ප්‍රේක්ෂකයන් කුල්මත් කරන ඔහුගේ ප්‍රතිභාව main stream film එකක් තුලදී  මෙන්ම alternative stream වලදීත් අපිට ඉදිරියේදී දැකගන්න ලැබේවායි කියලයි නයියාගෙ ප්‍රාර්ථනය.පුබුදුට දෙවෙනි නොවන අපේ රන්ජාත් මෙතෙක් අපි නොදුටු දක්ෂතාවක් මෙහිදී අපිට පෙන්වනවා.පසු ගිය කාලය පුරා රන්ජා තමන් විසින්ම වියා ගත්ත දැලක පැටලිලා රන්ගනයෙන් නාස්ති වෙමින් හිටියා කියලයි නයියට දැනුනෙ.පසු ගියකාලෙ ඔහු රගපෑ චරිත දිහා බැලුවම ඒවාය ඔහු කරපු දෙයක් තිබුනේ නෑ. මෝඩ ජෝක් ටිකක් හා fight ටිකක් විතරමයි තිබුනේ.නමුත් මායා වලින් රන්ජන් නැවතත් ඉපදෙනවා.ඒ සන්ක්‍රාන්ති ලිංගිකයෙක් වශයෙන්.ඩොනල්ඩ් මේ චරිතය තුලින් කවදාවත් අපි නොහිතපු ප්‍රජාවක් වෙත අපේ අවධානය යොමු කරනවා.මෙතෙක් කල් සමාජයේ ගර්හාවටත් උපහාසයටත් ලක්වුනු සන්ක්‍රාන්ති ලින්ගිකයින් කියන්නේ විහිලුවක් නොවන බවට ඔහු අපිට පසක් කරනවා.ත්‍රාසය, භීතිය හා සිනහව පිරුණු චිත්‍රපටියක් මැද්දට ඔහු ගේන එන ඒ සන්වේදී මිනිත්තු කිහිපය හරිම වැධගත්.ඒක අපිට නැවත හිතන්න, වෙනස් වෙන්න බල කරනවා.

ඉතින් ඔය සාර්ථක ලක්ෂණ වලින් සපිරි මායා නිමවෙන්නේ සමස්ථ ප්‍රේක්ෂකාගාරයම සතුටු කරමින්.මන් ඉස්සෙල්ල කිව්වත් වගේ මේ මන් කැමති වර්ගයේ කථාවක් නෙවී.නමුත් මායා පහු ගිය කාලය පුරාම සිංහල චිත්‍රපටිවලට වැලදිලා තිබ්බ අංශභාග රෝගය හොදින්ම ජය ගන්නවා.ඒ අංශභාගය තමයි කථන්දරයක් හරියට ගොතන් කියලා ඉවර කරන්න බැරිවීමේ අන්ශභාගය.මේ රෝගය පහු ගිය කාලයේ බලපු 90%ක්ම films වල තිබ්බ දෙයක්.කථාව පටන් අරන් හොද මට්ටමක ගිහින් අන්තිමට ඉවරවෙද්දී මොකක්දෝ මහා හිස් බවක්, අඩුවක් හිතට දැනෙන එක තම්යි සින්හල films වල අනන්‍යතාවය.ඒක නිසා තම්යි ගොඩක් films බලලා hall එකෙන් එලියට එද්දී හිතෙන්නේ වැයකරපු කාලයයි සල්ලියි අපරාදෙ කියලා. කථන්දරේ හරියට කියල ඉවර කරගන්න බැරි ලෙඩේ නිසාම තමයි සිංහල චිත්‍රපටි කරා මිනිස්සු අද්දගන්න බැරිවෙන්නේ. සහබාගී වුනු සියලුම නලු නිලියන් හොදින්ම රගපෑ චිත්‍රපටයක් ලෙස නයියා හදුනාගත් ජැකාගේ ඇඩ්‍රස් නෑ වලත් මේ අනශභාගෙට ගොදුරු වෙලා තිබුණා.ඒ තරම් දක්ෂ රන්ගනයන් ගොඩක් තුල පැය දෙකක් ජීවත් වුනු ප්‍රේක්ෂකයන්ව, ජැකා අන්තිමට අනාථ කලා මෙලෝ වැඩකට නැති අවසානයකින්.නමුත් මායා ඒ රෝගයෙන් හොදින්ම මිදිලා තිබුනා.ඒකට හොදම සාක්ෂිය තමයි මායාට ඇති ඉල්ලුම.බොහෝ ශාලා වල අමතර දර්ශ්න වාරයකුත් ඇතැම් ශාලාවල රාත්‍රී 10.30 දර්ශනේකුත් අන්තර්ගතවීම, මේ කථන්දරේ නිසි ලෙස කීමේ ප්‍රතිපල.

කොහොමත් පසුගිය අවුරුද්දක කාලය තුල ආපු ඇඩ්‍රස් නෑ,හෝ ගානා පොකුන,ඇගේ ඇස අග, මායා හා මෝටර්බයිසිකල් කියන චිත්‍රපටි අපේ සිනමාවෙන් මග ඇරිලා ගිය වර්නයන් නැවත එක් කිරීමට සමත් වුනු බව හොදින්ම පේන්න තියන්වා.ඉතිහාස කතා ගොඩකට යටවෙලා එලිය එන්න බැරුව කුණු වෙවී පිලුණු වෙමින් තිබ්බ සිනමාව නැවත පාටවෙලා සින්දු කියන , හිනාවෙන, ගහගන්න තැනක් බවට පත්වීම ඉතා හොද දෙයක්.ලන්කාවේ වසරකට තිරගත වන films ප්‍රමාණයත් එක්ක බැලුවාම විකල්ප ධාරාවේ සින්මා කෘති වැඩි වීම එක් කාලයක දකින්න ලැබුනු දෙයක්.ඒක කාලාත්මක් වශයෙන් හොද උනත් සිනමාවේ වාණිජ අරමුණු සාක්ශාත් කරන්න ඒවාට බෑ.ඒ නිසා මායා වගෙ චිත්‍රපටි වැඩි වශයෙන් ශාලා වල තිරගත වෙන්න ඕනි.ඒ අතරට ඇගේ ඇස අග වැනි චිත්‍රපටි එන්න ඕනි.ප්‍රධාන ධාරාවේ සාර්ථක ආදායම් මැවිය හැකි චිත්‍රපටි ගොඩක් බිහි වෙනව නම් තමයි සිනමාව ලස්සන වෙන්නේ හා විකල්ප ධාරාවට ආලෝකයක් ලැබෙනේ.අනික ලන්කාවේ අදායම් අතින් සාර්ථක වෙන film එකක් තිරගත වෙන කාලය ඉතා වැඩියි මට හිතෙන ව්දියට.එහෙම සාර්ථක වෙන ගොඩක් ඒවා මාස 3කටත් වැඩි කාලයක් දුවනවා. ඒකෙන් වෙන්නේ සිනමා රසිකයෙකුට මාස 3 ක්ම යනකල් බලන්න වෙන්නේ එක film එකක් විතරයි. එය රසිකත්වයට කෙරෙන අසාධාරණයක් වගේම නිර්මාණකරුවන්ට වෙන ඉඩ අහුරා ලීමක්.ඒකට හොදම උදාහරණය තමයි චමීරගේ මෝටර්බයිසිකල්. අවුරුදු 3කටත් වැඩි කාලයක් පෝලිමේ ඉදලා තමයි ශාලාවට ආවේ.මේ නිසා ගොඩක් නිරමාණකරුවන්ට නිරමානයක් කරන්න එපා වෙනවා.නිෂ්පාදකවරු film එකකට සල්ලි දාන්න පැකිලෙනවා, මොකද එක කවදා පෙන්නගන්න ලැබෙයිද කියන අවිශ්වාසය නිසා.මේ නිසා කොයි තරම් සාර්ථක film එකක් උනත් ඒක දවස් 50කට එහා නොදුව හිටියා නම් තමයි හොද.එවිට තමයි සිනමාව විවිධ නිර්මාණ වලින් පිරී යන්නේ සහ ප්‍රේක්ශකයොන්ට  සිනමා ශාලාවට නිතර නිතර එන්න ලැබෙන්නේ.ඒ හරහා අලුත් විදියට හිතන හොද දේවල් කරන්න පොපියමින් බලන් ඉන්න නිර්මාණ කරුවන්ට උත්තේජනයක් ලැබෙනවා වහා වහා තමන්ගේ දක්ෂතා එලියට දමමින් ඔප්නන්වාගන්න.