Saturday, April 29, 2017

ආශාවරී 4 - මත්බර හැන්දෑව.





තෙවන කොටසට......


ක්ෂිතිජ ඉම ලා රත් පැහැයෙන් තද රත් පැහැයට වර්ණය වෙනස් කරගනිමින් සිටී. සයුරු දිය තටාකය තුල මුහුණ ඔබා ගනිමින් දෝවනය වන සැඳෑ හිරුගේ ඇත්තේ කෙතරම් පහන් බවක්ද. දහවලදී නිමක් නැති චණ්ඩ හිරු රැසින් නගරයම දැවූමුත් සැන්දෑ බාගයේදී මුලු නගරයම වර්ණවත් සිත්තමකට දැහැන්ගත කරවා හෙතෙම මුහුදු දිය තුල සැඟව යන්නේ සඳවතියට නගරයට එන්නට පාර කියමිනි. ප්‍රතාපවත් හිරු තම වසඟයට ගත් නිසාදෝ මුහුදු රැල්ල තම කිරි සුදු දසන් පෙන්වා සිනා නගමින් ගල්පර මතින් කඩා ඉහිරේ.මුහුදු රැල්ලෙන් විසිරෙන පෙන පිඬුත් තම බීර වීදුරුව මත රැඳුනු පෙන කැටියත් අතර වෙනසක් නැතැයි සුන්දර අප්පුට සිතේ.අද නම් කදිම සැන්දෑවකි.නමුත් එහි මිහිර සිත්සේ විඳීමට තරම් ඔහු තැන්පත් නැත.


Jeena's villaවට ගිය මුල්ම දිනයේ ඇය ඔහු කැටුව කුඩා කාමරයකට වැදුනාය.ඔහුව සෙමෙන් සයනය මතට තල්ලු කල ඈ, නාන කාමරයට ගොස් හැඳ සිටි කෙටි ගවුම උනා  තුවායකින් පමණක් සැරසීවිත් ඔහු පසෙකින් හිඳ ගත්තාය.


"මේඝලතා".......ඔහු ඇගේ උරහිස ආදරයෙන් පිරිමදිමින් ඈ ඇමතුවාය.


"මේඝලතා....." ඇය අමුතුවෙන් ඔහු දෙස බලා හිඳ මහ හඬින් සිනා සීමට ගත්තාය.
"මම towel එක ගලවන්නත් කලින්ම ඔයාට සීගිරි අප්සරාවන් මතක් උනාද අනේ.......එයාල හිටියේ මේවා පෙන්නගත්ත ගමන්නෙ"...........ඇය ඔහුගේ අතක් ගෙන තම පියවුරක් මත තබමින් පැවසූවාය.


තුවායෙන් මිදී එලියට පනින්නට මාන බලමින් සිටින ඇගේ පුන් පියවුරු දෙස සුන්දර අප්පු කෑදර බැල්මක් හෙලීය. නමුත් ක්ෂනයකින් ඔහුගේ සිත කරදයෙන් වෙලිනි.ඇයට තමාව හඳුනා ගැනීමට නොහැක.ඇයට සීගිරි ඉතිහාසයත් කාශ්‍යප නිරිඳාත් අමතකව ඇත.........
එතැන් පටන් දින ගනනක ඔහුගේ කාලය ගෙවුනේ ඇයට අතීතය මතක් කර දීම වෙනුවෙන් මහන්සි වීමටය.දින දෙකක් යද්දී ඔහුට මේ villaව වයිෂ්‍යා අන්ගනයක් බවට වැටහිනි.සිහගිරි මහා රාජධානියේ , ප්‍රතාපවත් රජුගේ ප්‍රියම්බිකාවක් මෙලොවදී වයිෂ්‍යාවක් බවට පත්වුනේ කිනම් කරුමයක් පඩිසන් දීමෙන්දැයි සුන්දර අප්පුඅට සිතාගත නොහේ.ඔහු බොහෝ ඉවසුවේය. රජෙක් ලෙසවත් , පරංගි සමයේ දුප්පත් යටත් ගොවියෙක් ලෙසවත් නොඉවසූ ඉවසිල්ලකින් ඔහු කටයුතු කරමින් සිටියේය.ඒ අන් කිසිවක් සඳහා නොව මේනකාට ඇගේ මේඝලතා ඉතිහාසය මතක් කරදීම සඳහාමය.වයිෂ්‍යා මඩමකට විත් රමණය හැරදමා දවස් ගනන් අල්ලාප සල්ලාපයේ යෙදුනු එකම පිරිමියා ඔහු විය හැකිය. ඔව් ...ඔහු ඒ තරමට ඉවසුවේය....


"සර්,....තව මුකුත් ගන්නවාද ?"......වේටර් කොලුවාගේ බසෙන් සුන්දර අප්පු පියවි ලෝකයට ආවේය.


"ඔව් තව බියර් එකකුයි, ඔම්ලට් එකකුයි ගේන්න"


මේ අලුත් ලෝකයේ සුන්දර අප්පුට හමුවූ ප්‍රියතම පානය බියර් විය හැකිය. එය පරංගි සමයේ තොලගෑ රා වලට යම් සමාන කමක් ඇතයි ඔහුට සිතේ.රා තරම් ගන්ධයක් හා මිහිරි රසයක් නැතත් හැන්දෑවට  බියර් වීදුරුවක් බොන එක ඔහුට හිතට ඇල්ලූ වැඩයකි.


ඔහු නැවත අතීතයට ගියේය.මේනකා ඔහුට බොහෝ කමති වූවාය.ඇගේ හිත කෙමෙන් කෙමෙන් දිනා ගනිමින් ඔහු ඇයට අතීතය මතක් කිරීමට වෙහෙස ගත්තේය.ඒ උත්සහයේම කොටසක් ලෙසින් ඔහු වැල්ලවත්ත Savoy එකට ඇය කැඳවාගෙන ගියේ "චතුර පුතා" චිත්‍රපටය පෙන්වීමටය.ඉතිහාස වීර කාව්‍යක් වූ එය, ඇයට සීගිරි ඉතිහාසය මතක් කර ගැනීම සඳහාත් යම් රුකුලක් වනු ඇතැයි ඔහු සිතුවේය.( චතුර පුතා කතාව මෙතැනින් )





වේටර් කොලුවා පැමිණ බියර් බෝතලයත් , දුම් දමන ඔම්ලට් එකත් මේසය තබා ගියේය. ශීත කල බියර් බෝතල්ය දිගේ තුෂාරයන් ගලා යයි. දැන් නම් හිරු මුහුද තුල සම්පූර්ණයෙන්ම සැඟවිලාය.හරියට මේනකා හෙවත් මේඝලතා නැවත වරක් තමන්ගෙන් සැඟව ගියාක් මෙන්ය.තමාව ඉතා හොඳින් ඇසුරු කරමින් සිටි ඇය හිටි හැටියේ Villaවත් හැරදා කොහි ගියා දැයි සුන්දරට සිතා ගත නොහේ.


දිනක් කතා බහේ යෙදී සිටි අතරතුරදී ඇය හිටි හැටියේ නාන කාමරයට දිව්වේ කටත් අතින් තද කරගෙනය.ඇය වමනය කරනවා ඔහුට ඇසුනේය.ඔහු එවෙලෙහි එය එතරම් ගනනකට නොගත්තේය.නමුත් ඊට දින දෙකකට පසු පැදුරටත් නොකියා ඇගේ නික්ම යෑම ඔහුට යමක් ඉඟි කරයි........ඇගේ හදිසි නික්ම යාමෙන් තෝන්තුවාවට පත් සුන්දර අප්පු පසුගිය දින කිහිපයම ගතකලේ පිස්සෙකු මෙන් මුලු කොළඹ පුරා ඇවිදිමිනි. මේඝලතාට තමාව හැරදමා පැනයාම දැන් පුරුද්දකට ගිහිල්ලාක් මෙන්ය.වසර සිය ගනනකට පසු තම දෑස්මානයට පැමිණි ඇය තමාගේ දෑගිලි වලින් සිර කර අල්ලා ගන්නට ඔහුට නොහැකි වී තිබේ. දිය දෝතක් ඇඟිලි වලින් මිරිකා අල්ලන්නට යන විට දෑඟිලි අතරින් රූරා යන්නාක් මෙන් ඇය තමාගෙන් ගිලිහී ගොස් ඇත. මේ පිලිබඳ සිතමින් දිනක් පාරෙහි පිස්සෙකු මෙන් ඇවිද යන ඔහුට දක්නට ලැබුනේ ඇස් අදහාගත නොහැකි දසුනකි. ඉතා ශාන්තවූත් පින්වත් පෙනුමැතිවූත් රනින් බබලන හිමි නමක් නෙක වර්ණවත් මලින් වැසුනු මාර්ගය ඔස්සේ තමන් දෙසට වැඩම කරයි.ඒ වඩිනුයේ සිරි සමන්ත බද්‍ර නම් රහතන් වහන්සේ යැයි කිසිවකු කියනු ඔහුගේ කන වැකිනි.සුන්දර අප්පුට තම දෙසවන් අදහාගත නොහූයෙන් දෑස් අයා හිමි නම දෙස බලමින් එදෙසට ඇවිද යන්නට විය.





"එදෙසින් නේක වර්නයෙන් සැදි මල් මත වඩිනා සමන්ත බද්‍රයෝය.මෙදෙසින් රත්ව දුම් දමනා තාර පාරෙහි ඇවිද එන සුන්දර අප්පුය.එදෙසින් මහා කරුණා ගුනයෙන් දෑස් බරවූ සමන්ත බද්‍රයෝය.මෙදෙසින් හැඬූ කඳුලෙන් නෙත් රතු කරගත් සුන්දර අප්පුය.එදෙසින් දුටුවන් සාධු සාධු කියන සමන්ත බද්‍රයෝය.මෙදෙසින් දුටුවන් අනේ අපොයි කියනා පෙනුමැති සුන්දර අප්පුය.එදෙසින් සියලු කෙලෙස් දමනය කලායි කියන සමන්ත බද්‍රයෝය.මෙදෙසින් ප්‍රේම විරහවෙන් හොට බිම...."


"සර් බාර් එක වහන්නයි යන්නේ. තව මොනවත් ගන්නවද ?".......වේටර් කොලුවා ආයේ මැද්දට පැන්නේය.

"නෑ ......ඇති......මගේ බිල ගේන්න"

මතකයන්ගෙන් හා බීර මතින් බමන හිස අපහසුවෙන් කෙලින් කරගත් ඔහු තම නවාතැන වෙත ඇදුනේය.කොළඹ නගරය තවමත් අවදියෙන්ය.නෙක පැහැයෙන් දැල්වුනු විදුලි බුබුලෙන් කාන්තිමත්වූ ගොඩනැගිලිද , නා නා ප්‍රකාර විසිතුරු ඇඳුමෙන් සැරසුනු රුවැත්තියෙන්ගෙන්ද  සිකුරාදා රාත්‍රිය හැඩවී ඇත.ඒ සිරි විඳිමින් ඔහු තම කුඩා නවාතැනට පැමිණියේය.නවාතැනට වැදී එහි දොරගුලු ලූ ඇසිල්ලේම ඔහුගේ දුක්බර මතක පොතේ අගුලු විවරවිය.සිගරට්ටුවක් දල්වාගත් ඔහු දඩාස් ගා ඇඳට වැටුනේය.සිගරට් දුම නාරිලතා රූ මවමින් ඔහුගේ හිස වටා පරිභ්‍රමණය වේ. ඇත්තටම කැරකෙන්නේ සිගරට් දුමද නැත්නම් තමාගේ හිසදැයි ඔහුට සිතාගත නොහේ. සිගරට් දුමෙහි මායාවෙන් මිදෙනුවස් ඔහු දෑස් තදින් පියාගන්නට තැත් කලේය. අනවසරයෙන් පිටතට ආ සිහින් කඳුලු දාරාවක් ඔහුගේ නෙත් අගින් ගලාගොස් කොට්ටය තෙත් කරයි.ඒ කඳුලු මේඝලතා වෙනුවෙන්ද නැත්නම් තමාම වෙනුවෙන්දැයි ඔහුට තෝරාබේරා ගත නොහැක.

බීර මතත් සිතේ වෙහෙසත් නිසා නිදි දෙව්දුව ඔහු කරා වේගයෙන් පැමිනියාය.නිදි දෙව්දුව තුරුලේ හුන් ඔහු දීර්ඝ සිහිනයකට පිවිසියේය. සිහිනයේ පිවිසුම් දොරටුවෙන් ඔහු ඇතුලුවූයේ පැවිදි ආශ්‍රමයකට වියයුතුය.කහ පැහැති සිවුරු දරාගත් ස්වාමීන්වහන්සේලා සමූහයක් මැදින් ඔහු ඇවිද ගියේය.ඒ සියලු දෙනා ඉතා හොඳින් කන් යොමා සිටින්නේ යම් වැධගත් දේශනාවක් කෙරෙහි විය යුතුය.නමුත් ඔහුටනම් කිසිවක් ඇසෙන්නේ නැති. එනමුදු ඔහු දුටුවේය. ඔහු ඉදිරියේ රන් පාටින් බබලමින් සිටියේ සිරි සමන්ත බද්‍ර හිමියන්ය.සුන්දර අප්පු සමන්ත හිමියන් පාමුල දන ඔබා නමස්කාර කලේය.නලල බිම ඔබා සිටි ඔහු සමන්ත බද්‍ර හිමි සිරස වටා දිදුලන කාන්තිමත් රැස් වළල්ල දුටුවේ නැත.....



පින්තූර වස්සානේ හීනේ ගීතයෙන් හා අන්තර්ජාලයෙනි

Saturday, April 22, 2017

ආශාවරී 3 - මේඝලතා මුනගැසීම


ඉරාජ් රූගත කරන, නයියා ලියන යුගයේ අප්සට්ම ප්‍රේම වෘතාන්තයේ අලුත්ම කොටසයි මේ....







වේලාව උදෑසන 10ටත් කිට්ටුය.පෙරදින මැදියම් රැයේ ඇරඹි ගමන මේවන තෙක් කිසිදු විඩාවකින් තොරව ගෙවී ඇත.ඇත්තටම විඩාවක් නැතිවා නොව, මේඝලතාගේ මතකයෙන් පිරී ඇති සිතටත් ගතටත් විඩාව නොදැනෙන්නේ වෙයි.මේ පැය ගනන තුල තමා මේ අලුත් ලෝකයට පුදුමාකර ලෙස අනුගත වී ඇති බව ඔහුට වැටහී තිබේ.තම කලිසම් සාක්කුවේ තිබෙන කුඩා හුරුබුහුටි උපකරණය ජංගම දුරකතනයක් බවත්, මාර්ගය ඔස්සේ හඩ නගා වේගයෙන් ඇදෙන යන්ත්‍රවලට කියන්නේ මෝටර් රත බවත් ඔහුට වැටහේ. පරංගින් ගොඩ බට ඒ කාලේ නම් තිබුනේ අස්ස කරත්ත පමනි. පැය ගනනක පා සැරිය තුල ඔහුට එකදු අස්ස කරත්තයක්වත් මුන ගැසුනේ නැති.දැන් අස්ස කරත්ත භාවිතයෙන් ඉවත් වෙලා විය යුතුය. සමහරවිට අශ්වයින්ද වඳ වී ගොස් වන්නට පුලුවන. සුන්දර අප්පු මදක් මදක් නැවතී වට පිට බැලුවේය. තමා සිටින්නේ කිසියම් විනෝද උද්‍යානයක් අසල වියයුතුය. මහා මාර්ගය පසෙකින් ගලා යන කුඩා ඇල පහරකි. එහි ඉවුරට ආසන්නයෙන් තැනූ විවේක මණ්ඩප කිහිපයක් පාරේ පසෙකින්  පිහිටා තිබේ.කෙමෙන් කෙමෙන් දැඩි වෙමින් ඇති හිරු එලිය වැදී ඇල පහර කැඩපතක් මෙන් බබලයි.ඇල දියෙන් පරාවර්තිත දීප්තියෙන් මිදෙනුවස් සුන්දර අප්පු මහ මාර්ගය දෙසට හැරුනේය.

ඒ ක්ෂනයෙහිම ඔහු පසු කර ගිය තරුණිය නිසා සුන්දරගේ දෑස් නැවත නිලංකාර විය. සුන්දර මුලින්ම දුටුවේ රතු පාටින් වර්ණ ගැන්වුනු ඇගේ කෙස් කලඹයි. සුලඟට මුසු වී ඳග කරන රතු කෙහෙරැලි ඇත්තිය තම දුරකතනය කන තුලටම ඔබාගෙන විශාල කතාවක නිරත වෙමින් ඉදිරියටම ඇදුනාය.ඇය තමා පසු කර ඇදෙනවිට ඇගේ ගතෙන් හමා ආ කෘත්‍රිම මල් සුවඳ පරයා දැනුනු ආත්මීය සුගන්ධයෙන් සුන්දර අප්පු සසලවී ගියේය. එය තමන්ට ඉතා හුරු පුරුදු සුගන්ධයකි, ආත්ම ගනනාවක් පුරා ඔහු ආනන්දයෙන් මුසපත් කල සුගන්ධයකි. ඔහු වහ වහා ඇය පසු පස ඇදුනේය.ඈ හැඳ සිටියේ කුඩා මල් ලියකම් වලින් පිරි නිල් පැහැති ඉතා කෙටි ගවුමකි.එනිසා ඇගේ දිගැති දෙපා මැනවින් නිරාවරනය වී පෙනේ.සිහින් පාතුඩු වලින් පටන් ගෙන ක්‍රමයෙන් පෘශ්ටිමත්වෙමින් ඉහලට දිවෙන පා යුගලේ අවසානය සටහන් වෙන්නේ මනා හැඩයෙන් යුතු කලවා යුමයෙනි. ක්‍රමයෙන් දැඩිවන හිරු රැස් වැදී ඇගේ පා යුගල රන් පැහයෙන් දිලිසේ. මදක් ඉක්මනින් තබන පියවර නිසා දෙපසට නැලවෙන නිතඹ මනරම් මතකයන් අවදි කරනා දඟකාර මායාවක් වැනිය.නමුත් මේ සියල්ලට වඩා සුන්දර අප්පුට උවමනාවූයේ ඇගේ මුහුන බලා ගන්නටය.එක්වනම තරුණිය තම ගමන නවතා යමෙක් සොයන්නට මෙන් කොහේදෝ බැලුවාය. ඒ ඇසිල්ලේ සුන්දරගේ ජංගමයේ කැමරාව ක්‍රියාත්මක විය.දැන් වැඩේ හරිය.ඇගේ මුහුන දැන් ඔහුගේ ජංගමයේය. ඔහු වහා තමා ගත් ඡායාරූපය දෙස බැලීය.දුටු දසුනෙන් සුන්දර ගල් ගැසී ගියාද , විදුලි සැරයක් වැදුනාද කියා කිව නොහැක.ඔහු එක් වරම ගැස්සී ගොස් නිසල විය. දෙනෙත් අයා ගත් ඔහු ජන්ගම දුරකතනයේ තිරය දෙසම බලා සිටියේය.....එහි සිටියේ ...ඔව්, එහි සිටියේ.........මේඝලතා......වසර සිය ගනනක් පුරා සෙවූ මේඝලතා.......

සුන්දර අප්පු පියවි ලෝකයට පැමිණියේ පාරේ ගිය මෝටර් රථයක මහ හඬින් හැඬවු නලාව නිසාය.පාරේ මැද ගල් ගැසී සිටි ඔහු වාහනයට හසු නොවී ගැලවුනේ අනූ නවයෙනි. තමන් තාවර වූ තත්පර කිහිපයට තරුණිය තමා පසු කොට සැලකිය යුතු දුරක් ඇවිද ගොස් ඇති බව වට පිට බැලූ සුන්දර අප්පුට පෙනුනි. තම දෑස් හොඳින් පිස දැමූ ඔහු නැවත ඡායා රූපය දෙස බැලීය.දෙකක් නැත....මේ මේඝලතාමය. ඔහු අඩිය ඉක්මන් කරමින් ඇයව ලුහු බැඳීමට පටන්ගති.ටික දුරක් ගිය පසු සුන්දර අප්පු පැමිණ තිබුනේ ජනාකීර්න පෙදෙසකටය. මේඝලතා මහා මාර්ගය අද්දරම වූ සුදු පැහති මනරම් තට්ටු නිවාසයකට ඇතුලු වූවාය. සුන්දරඅප්පු ඇය ඇතුලට යනකල් සිට ගොනැගිල්ලේ දොරකඩට පැමිනියේ.එහි එල්ලා තිබූ බෝඩ් ලෑල්ලක Jeena's villa No7 ලෙස ලියා තිබුණි.






විවර කර තිබූ දොරෙන් එබිකම් කල බැලුවමුත් මේඝලතා පෙනෙන්නට නොවීය.දොර අසලම වූයේ රවුමට කරකැවෙමින් ඉහළට නැගෙන පඩිපෙලකි.නාදුනන ගෙයකට ගොඩවදින්නේ කේසේදැයි සිතමින් සුන්දර මිනිත්තු කිහිපයක් තාවර වුනේය. වසර සිය ගනනක් පුරා දැරූ නොතිත් උත්සහය නොසිතූ මොහොතක සාර්ථක වී තිබේ. එය මග නොහැරිය යුතුය.ඔහු සිතට දිරි ගෙන පඩිපෙල නැග නිවසේ විශාල ආලින්දයට පිවිසුනේය.
ඉත අලංකෘත වූත් නවීන වූත් ලෙස සකසන ලද ආලින්දයකට ඔහු පිවිසුනේය. ආලින්දයේ මැද තිබූ දිග පුටුවක හිඳ ගත් මැදි වියේ ගැහැනියකි.රතු පාට දිගු ඇඳුමකින් සැරසුනු ඈ පොතක් කියවමින් සිටී. සුන්දර අප්පු රතු හැඳගත් කාන්තාවට කිට්ටු විය.හිස ඔසවා තමන් දෙස බැලූ ගහැනියගේ මුහුනේ වම්පස, නහයට ඉහලින් මදක් විශාල ඉන්නෙකි. එය ඇගේ මුහුණ ලස්සන කරන්නේද අවලක්ශන කරන්නේදැයි කියා ප්‍රශ්නයක් සුන්දරගේ සිතට නැගිනි. තම ජංගමය අතටගත් සුන්දර, මේඝලතාගේ ඡායාරූපය රතු හැඳගත්තියට පෙන්වා.,
"මෙයා ඉන්නේ මෙහේද ?"...........කියා ඇසුවේය.

"Yes, of course "....... කාන්තාව ඉංගිරිසියෙන් කුමක්දෝ කීවාය.

කී දෙය නොතේරුනත් ඇගේ මුහුනේ ඉරියව් වලින් පෙනුනේ ඇය ඔව් කියා කියූ බවය.

"මට එයාව හම්බවෙන්න පුලුවන්ද ?"

"Sure.....She is available now"
Meanaka ....Come here darling"

"මේනකා".......එය ඇයගේ නම විය යුතුය.ඉතුරු කිසිඳු දෙයක් වැටහුනේ නැතිමුත් ඇය මේඝලතාට අඬගැසුවා විය යුතුය......
ඔහුගේ අනුමානය නිවැරදිය මේඝලතා පැමිණියාය.රතු හැඳගත්තිය මොනවාදෝ වේගයෙන් ඇයට කිවුව මුත් සුන්දරට ඒ කිසිවක් ග්‍රහනය කර ගැන්මටවත් නොහැකි විය.ඔහු කලේ ,මීට වසර 1500කටත් පෙර තමා වැඩියෙන්ම  ආලය කල ප්‍රියම්බිකාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටීම පමණි.හැඳ සිටි ඇඳුමත් හිසකේ වර්නයත් වෙනස්වී තිබුනද ඇගේ සුන්දරත්වයෙහි නම් කිසිදු අඩුවක් නොවීය. කතා බහ අවසන්විය.තරුණිය ඔහු දෙස කෝලයෙන් මෙන් බලා ඇසක් ඉඟි මැරුවාය.ඒ ඉහළ මාලයට යන්නට එන ලෙස තමාට කල ආරාධනයකි.ඇය තමාව අඳුන ගත්තාද ?.....ඒ ඉඟිය පෙර ඉතිහාසය පුරා සීගිරි බලකොටුවෙහි වූ පොකුණු දියෙහි  ජල කෙලියේ යෙදී උන් දඟකාර සරාගී මේඝලතාගේ මැයි. සුන්දරට තමන් එක්වනම තම රජ දවසට ගසා ගෙන ගියාක් මෙනි දැනුනේ.ඔහු සිහිනයෙන් මෙන් ඇය පසු පස ඇදෙන්නට විය.

"Excuse me sir...."
"You have to settle the payment first"  රතු හැඳගත්තිය තමන් අමතා මොනවාදෝ කීය.


එය වටහා ගත නොහී, සුන්දර ඇය දෙස විමසුම් දෑසින් බැලීය.

"සල්ලි ගෙවලම වැඩේ පටන් ගත්ත නම් තම්යි හොඳ ?"......ඇය සිනා මුසු මුහුනින්, කැඩිච්ච සින්හලෙන් පැවසුවාය.
"දහ දාහයි"......


සුන්දරට මේ සියල්ල අප්‍රභන්ශයක් විය. මේඝලතා හමුවීමට මුදල් ගෙවිය යුත්තේ මන්ද?...එය මේ කාලයේ සිරිතක්ද?.....ගෙදරකට ගොස් තරුණියක් මුන ගැසීමට මුදල් ගෙවිය යුතුද?......තම රජ දවසේදීවත් මෙලෙස කතාබස් කිරීම සඳහා බදු අය නොකෙරුනි?...මෙය කිනම් සංස්කෘතියක්ද?.....එක පිට එක ප්‍රශ්න වැලක් සුන්දරගේ සිතට ගලා එන්නට විය.නමුත් මේ ඒවා වචන වලට පෙරලා වාද කරගැනීමට කාලය නොවේ.ඉකමනින් මේඝලතා හා තනි විය යුතුය.සුන්දර පන්දහසේ කොල දෙකක් ගැහැනියට දී මේඝලතා හෙවත් මේනකා පසුපස ඉහළ මාලයට යන්නට විය.පඩිපෙල නගින මේනකාගේ නිතඹ මනා රිද්මයෙන් දෙපසට චලනය වේ.ඇඳ සිටි කෙටි ගවුම නිසා ඇගේ නිතඹ පෙනෙන්නට ඔන්න මෙන්නය.සුන්දරට මේ දැක ඉවසුම් නැති විය.නමුත් ඔහු අපහසුවෙන් තම හැඟීම් ඉවසා සිටියේය. ඔවුන් ඉහළ මාලයේ වූ කාමරයකට ලගාවිය.කාමරයේ දොර අසල කුඩා වීදුරු අසුරුමක පාට පාට පැකැට්ටු ගොන්නක් ගොඩ ගැසී තිබුනි.තමන්ට හොඳින් හුරු පුරුදු පැකට් කිහිපයක්ද ඒ අතර විය.පෙරදින රාත්‍රීයේ ආරියවතී සමග යහන්ගත වන්නට යනවිට ගෙදර සිටි සේවක කොලුවා දුන් පැකට්ටු වර්ගයයි ඒ. ඔහු මැදියම් රැයේ පිටව එද්දී පාවිච්චියට ගන්නට නොහැකිවූ එම පැකට්ටුව ඒබරන්ට දුන්නා මතකය..සුන්දර අප්පු ඒ පැකට්ටු වර්ගයේ නම මෙනෙහි කරන්නට විය....

"ආහ්...මතක් උනා........සමහන්"



පින්තූර "වස්සානේ හීනේ" ගීතයෙන් උපුටාගන්න ලදී.

Saturday, April 1, 2017

අවුරුදු සොපින් කෙරුවාව





අලුතෙන් අවුරුද්දක් ලබලා එහෙ බලා මෙහේ බලද්දී ඕං හතරවෙනි මාසෙට , ඒ කියන්නේ බක් මාසෙටත් ඇවිල්ලාය. බක් මාසේ කියන්නේ සිංහල ක්‍රමේට අලුත් අවුරුද්දක් උදාවන  මාසෙටය. බක් මහේ තවත් විශේෂතා දෙකක් ඇත්තේය.එකක් බක් මහ අකුනු අනෙක, ඉහින් කනෙන් දාඩිය බේරෙනා පට්ට උනුසුම් කාලගුනය. ඉතින් මේ විශේෂ මාසේ ලඟ ලඟම එන බව අපිට කියන්නේ කොහාය. අපේ ආච්චිලා නම් අපිට කියා දුන්නේ කොහා ඔය මියුරු ස්වරෙන් කියන්නේ අවුරුදු ලඟ එනවා කියලාය. නමුත් අපේ බොක්කේ යාලුවෙක් වන ගැබා නම් කියන්නේ කොහා ඔය කෑ ගහන්නේ උගේ ඇඹේනියට කියාය. "පට්ට රස්නෙයි වේ*යේ ඔය ෆෑන් එක දාපන්., නැත්නම් මට බොන්න කූල් වතුර එකක් වත් ගෙනෙන්" ...ගැබාට අනුව කොහා කෑ ගසන්නේ එහෙම වලියක් නිසාය.උගේ කටහඬ පට්ට මිහිරි නිසා අපි හිතන්නේ ඌ අවුරුද්ද ගැන සින්දු කියනවා කියලාය.


කොහොමින් කොහොම හරි අවුරුද්ද ලඟම එන නිසා මෙදා සැරෙත් නයි හාමිනේ සමග සොපින් වන්දනාව ජයටම කෙරුනේය. වෙනදා මෙන් නොව නයියා මේ සැරේ සොපින් ගියේ හෙන කැමැත්තෙන්ය. නෙලුම් යායේ සම්මානෙකුත් හම්බුණු නිසා සොපින් ආපු කෙල්ලෝ නයියාව වට කරගෙන අත්සන ඉල්ලනු ඇත. ඒ කාලේ නයියා ලයින් දමද්දී ලොකු සීන් දුන් එකියන්ට මෙවර සම්මාන දිනූ නයියා දකින විට අයියෝ I missed him කියා ඇඬෙනු ඇත. ඉතින් ඔය සිහින සාප්පු හිතේ මවමින් නයියා රෙදි කඩ පුරා ඇවිද්දේ අඩි දෙකක් විතර උඩින්ය. ඒත් වැඩේ කියන්නේ තත්වය වෙනදා වාගේමය, එක කෙල්ලෙක්වත් නයියාව පයිසෙකට ගනන් ගත්තේ නැත. "Blog එකක්වත් නොකියවන මෝඩ ගස් ".....උන්ට හිතෙන් සාප කරමින් නයියා නැවත අඩි දෙකක් පහළට බැහැලා පොලවේ පය තිබ්බේය. පොලවේ පය ගැසුවා පමණි අවුරුදු සොපින් යාම නම් මහා දුක්ඛදායී සංග්‍රාමයේ ත්‍රාසය, භීතිය සහ දුක නයියාට දැනෙන්නට විය. මේ භයානක කෙරුවාව ගැන facebook සටහනක් නයියා මීට අවුරුදු දෙකකට කලින් දැම්මේය. ඇත්තටම නයියාට blog එකක් පටන් ගන්නට ප්‍රධානතම තල්ලුව ලැබුනේ ඒ post එක නිසාය.ඉතින් නෙලුම්යායේ ප්‍රීතියත් සමග blog ලොවට එන්නට ගැම්ම දුන් ඒ ලියවිල්ල නැවත පලකරන්නේ , ගිය සතියේ නෙලුම් සම්මාන ලැබූ , නොලැබූ සියලු ආදරණීය blog කරුවන්ට තව තවත් හොඳ දෑ ලියන්නට හැකිවේවායි බොක්කෙන්ම ප්‍රාර්තනා කරමිනි.

                                            
                                               *******************************


කොහා ගේ දොරකඩටමවිත් අවුරුදු ගීතය ගයන්නට ගෙන ඇත. ඒ අපූර්ව වූත් විචිත්‍ර වූත් නව වසර ලැබීමට ඇත්තේ තව සතියක පමන කාලයකි.මේ විචිත්‍රවත් යුගයේ , ඉතා අසීරු හා අපේ ඉවසීම පරීක්ශා කරන බයානක දවසක් ඇත. ඒ ඇයත් සමග shopping  යෑමේ දිනයයි. දින තුනක නිවාඩුවත් සමග ඒ දිනය සැමරීමට ( විඳවීමට ) මම පසුගියදා දෙහිවල හා වැල්ලවත්තේ කරක් ගැසීමි. විනාඩි 40ක් පුරා දෙහිවල හන්දියේ ඇය එන තුරු කට්ට කෑ මම, shopping තරඟයේ ආරම්බය දෙහිවල Nolimit එකෙන් ගතිමි. යන්තම් උදේ 9 පසුවී කඩේ විවෘත කලා පමනක් වුවත් Nolimit එක ඇතුලේ හෝගාලා සෙනගය. යාන්තමින් දෙවන මහලට පැමිණි පසු අපේ තරගය හරියටම ආරම්බ විය. කොනක සිට ඇඳුම් තේරීමට පටන්ගත් ඇයගේ පසු පසින්, මාද ගමනේ යෙදුනෙමි. ටික වේලාවක් යද්දී වෑඩේ boring වූ බැවින් වට පිටාව දෙසට ඇස් යොමන්නට වීමි…..පඩිපෙල ගාවම තිබූ පුටුපෙලක් මත වාඩිවීගත් පිරිමින් 4 දෙනෙකි. ඔවුන් හිස් බැල්මෙන් යුතුව කාන්තාවන් රෙදි තෝරන දිහාව දෙස නෙත් යොමා සිටී. තම බිරිද මේ ජනකාය අතරේ කොහේ හෝ සිට ඇඳුම් වල විසිතුරු බව විදිමින් සිටින අයුරු ඔවුන්ගේ නෙත ගෑටේයෑයි සිතීම උගහට වන්නේ ඒ තරම් සෙනගක් ඇඳුම් වල වවුලන් මෙන් එල්ලී සිටිනා නිසාය. (බොහෝ දෙනා තමන් අල්ලාගෙන සිටින ඇඳුම ගන්නේ නැත, ඒනමුදු එය අතාරින්නටද අදහසක් නෑතුවා වාගේය)
පිරිමින් 4 දෙනාගේම ඔඩොක්කුවේ පොඩීවුන්ය. තාත්තලාටත් වඩ උන්ට සසර එපා වී ඈති සෙයකි.උන් ඈනුම් අරිමින් ඇඟ මැලි කඩමින්,ඔලුව කසමින්, වරෙක තම පියවරුන් දෙසද වරෙක ඇඳුම් ගොන්නේ පීනමින් සතුටු වෙන ජනකාය දෙසද නොරිස්සුම් බැලුම් හෙලයි. පිරිමින් 4 දෙනා තම අත් ඔරලෝසු දෙස  බලමින් වරෙක කිසිවක් තමන්ටම මුමුනා ගනී. උන් ඔරලෝසුව දෙස බලන විට අපූරු විද්යාත්ම්ක මෙව්වා එකක් මට සිහි විය. ඔවුන්ගේ බිරින්දෑ වරුන් මේ මොහොතේ සිටිනුයේ කලු කුහරයක්(Black hole) තුලය. කලු කුහරයේ ඈති අධික ගුරුත්වය නිසා ,ඒ තුල කාලය යන්නේ පොලවට සාපේක්ශව ඉතා සෙමිනි. මේ බව මට කීවේ අපේ office එකේ ආතුවාය. ඒ Interstellar movie එක ගැන මතුව ආ සංවාදයකදීය. අබ්යවකාශයට ගිය film එකේ ප්‍රධාන නලුවාට වයස නොගිය අතර මිනිහාගේ දුව පොලවේ සිටිමින් අම්බානක වයසට යයි. ආතුවා  මොකක්දෝ curve එකක් ගසමින් කාලය සාපේක්ෂ බව හා තවත් මොනවාදෝ  කියමින් පරසක්වල ගැසුවද මට එය වැඩිය තේරුනේ නම් නෑත. කොහොම හරි සරලව කියන්නේ නම්,  කලුකුහරය තුල පැයක කාලයක්  පොලොවේ අවුරුද්දක් පමන වේ. ඉතින්, අවුරුදු ඇඳුම් සාගරය නමැති කලු කුහරය තුල සිටින බිරින්දෑවරුන්ට කාලය ගතවන්නේ තත්පර වලින් වුවද පඩිපෙල ලග පුටුවේ වාඩි වී සිටිනා පිරිමි 4දෙනාට කාලය ගතවන්නේ පැය ගනන් වලනි. පිරිමින්ගේ දොම්නසට හේතුව එවැනි විද්‍යාත්මක උබතෝකෝටිකයකි.


කව්දෝ එකෙක් ඇඟේ හැපී මගේ විදුසර ලෝකය බිඳී වෑටුනෙන්, ඇඟේ හැපුනු එකාට හිතින් සාප කරමින් එදෙසට හැරුනු විට දකින්න ලැබුනු දෙයින්, විදුසර ලෝකයට වඩා වැධගත්  තවත් සමාන්තර ලෝක ඇතිබව මට පසක්විය.ඇඟේ හැපී ඇත්තේ එකෙක් නොව නංගි කෙනෙකි. නංගි සුදුය, ලස්සනය, ඇඟටම කැපෙන ඇඳුමය. සාය, කොට හිර එකකි. එයින් ඇගේ නිතඹේත්, උකුලේත් හැඩය මොනවට කෑපී පෙනේ. ඇඳසිටි blouse එකද ඇඟටම හිර එකක් වූ බෑවින් ඈගේ නාරි දේහය මනාව උස් පහත් වී පෙනේ. දණ හිසටත් අඟල් 3ක් විතර උඩින් ඉවරවුනු කොට සායක් ඇඳල හිටපු නංගියාගේ කකුල් වල වරුනාව කියන්න දෙයක් නෑනෙ......නංගියාගේ නාරි දේහයේ  කාව්යමය සුන්දරත්වය විඳින කල එක වරම "මොනවද අනේ ඔය බලන්නේ,මෙන්න මේ blouse එක ලස්සනද බලන්නකෝ..." කියා කවුදෝ පිටට තට්ටු කර කීවාය. විදුලොවින් කවිලොවට ගොස් සිටි මම නැවත පියවි ලොවට ආවෙමි.



"මාත් එක්ක ඉන්නකොටවත් වෙන කෙල්ලො දිහා නොබල ඉන්න බැරිහැටි."..........පුන්චි නෝක්කඩුවකි.



Campus කාලේදී නම් මේවගේ සිදුවීම් වූකල අම්බානක   කන පිරෙන්න දේශනා අහගන්නට සිදුවුවත් වරද මගේ නොව මගේ කවි සිත බවට ඇයට පසක් වී ඇති නිසාදෝ දැන් කාලේ නම් වෑඩිපුර අහගන්නට වන්නේ නැත.



එනමුදු තවත් චාටර් විය නොහැකි බැවින් ඇය පසුපසින්ම යමින් මාද ඇඳුම් වල සිරි විසිතුරු නරබන්නට වීමි. ඊට පසු ඉතින් සුපුරුදු කෙලිය පටන් ගති. මට ලස්සන ඇඳුම් ඈට ලස්සන නැත, ඈ කැමති ඒවා මට හරි නැත. ඒත් ඉතින් ඇය කැමති වූ එකට මන් කැමති නෑ කියා උදැල්ල දමන්න ගියොත් තවත් මෙතන කට්ට කෑමට වන බැවින් මාද ඈගේ තේරීමට එකග වුනෙමි. දැන් කැමැත්ත ගැන අවුලක් නැත. ඊලගට blouse එකේ මිල බෑලූ ඈ කීව්වේ අනේ මේක ලාබ වැඩියිනේ කියාය.........අනේ අම්මපා අපට ගිය කලක්….ගිය අවුරුද්දේ ඔක්කෝටම කලින් price tag එක බලා අඩු මිල ඇඳුම් තේරූ අපි, දෑන් එය අන්තිමට බලා ,මිල අඩු නිසා ඇඳුම ගන්නට මැලිවන තරමට දියුනු වී ඈත.යහ පාලනය යටතේ රට ඉදිරියට ගොස් ඇති බවට මීට වඩා සාක්ශි කිම?


අවසානයේ සියලු සාධක වලට ගැලපෙන පරිදි ඇඳුම් කීපයක් එකතු කරගත් අපි nolimit එකෙන් පල්ලම් බසින්නට පටන් ගතිමු.ඒ අතරින් පතර අම්මලාගේ හා දූවරුන්ගේ කතාබහ ඈසේ. දුව ගත් ඇඳුම දනහිසින් තව ටිකක උඩට කොට වුනා නම් වඩා හොද බව අම්මා කියයි.මීට අවුරුදු 3කට පමන කලින් නම් වුනේ මේකේ අනික් පෑත්තය.ඒත් අපි වඩා liberal වී ඈති බැවින් දැන් වෙන්නේ  මෙහෙමය.නමුත් දැන් යන විදිය අම්මාටත්, දූටත්, අපිටත් (ඒ කියන්නේ පාරේ යන හුදී ජන පහන් සන්වේගය ඇති කොල්ලන්ට)  හොඳ බැවින් මෙහෙම යන එක හොඳය.


කොහොමින් කොහොම හරි පැය කිහිපයක චාරිකාවකින් පසු බිල ගෙවීම සදහා counter එක ලගට ඒමට අපිට හැකිවිය. අම්ම ගහයි බැට් එකෙන්, මේ මූ නේද?...කවුද?..පහු ගිය ටිකේ හම්බයන්ව fb එකෙන් පතුරු ගෑසූ, මුස්ලිම් කඩ වර්ජනය කරන්නට talks දුන් වීර සිංහල බෞද්ධ මල්ලි කෙනෙක්  Nolimit පෝලිමෙ බිල ගෙවන්නට සිටී. මල්ලියා ඒ කාලේ දෙසූ talks වල්ට මන් හිතුවේ මේ දවස් වල මල්ලි සිංහල රෙදි කඩ නගා සිටුවීමේ project එකක් පටන් ගෙන ඈති කියලාය. හම්බයන්ට විරුද්ධ උගේ  fb සන්ග්‍රාමය වෙත මගේ සිත එවර දුවන්නට ගති. එක්කෝ අවුලක් නැත. අවුරුදු කාලේ කියන්නේ සියලු තරහ මරහ අමතක කරන කාලයක් නිසා මල්ලිගේ තීරනය හරි විය යුතුය....බිල ගෙවන්නට ඊලගට සිටින්නේ මම බව ඈගේ කොනිත්තීමෙන් පියවි ලොවට වැටුණු මට ඒත්තු ගියෙන්, බිල ගෙවා කඩයෙන් එලියට බැස්සෙමු. Nolimit පෝලිමෙන් ගැලවුනු අපි, ඊලග තරගය සදහා වැල්ලවත්ත දෙසට කට්ට අව්වේම පිය නගන්නට වීමු…