Saturday, January 28, 2017

ඇයි අනේ සෝමා පැන්නේ ?






කඩු සහ හෙල්ල අතින් ගත් අසරුවන් කිහිප දෙනෙක් අශ්ව කරත්තයක් පසු පස හඹා යයි.අශ්ව කරත්තයේ බියෙන් තැතිගෙන දෙනෙත් දල්වා බලාසිටින කාන්තාවන් දෙදෙනාට මැදිවූ කුඩා දරුවෙකි.තමන් පසු පස එලවා එන අසරුවන්ට පහරදීමට මාන බලමින් ගැල අද්දර උක්කුටියෙන් සිටින්නේ බියෙන් තැතිගත් වළගම්බා රජතුමාය.සතුරු අසරුවන් සමූහය තමන්ට ලන් වෙද්දී සලිත වන හෙතෙම ඉක්මනින් රථය පදවන ලෙස තම සේවකයාට නියෝග කරයි.නමුත් ගැල බර වැඩි හෙයින් තවත් වේගයෙන් යා නොහැකි බව සේවකයා පවසයි.ගැලෙහි උන් එක් කතක් වූ සෝමා දේවිය තම තුරුලේවූ පොඩි එකා අනෙක් බිසවට බාරදෙමින් මෙසේ පවසයි."රජතුමණි, මේ රටත් උතුම් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාවීමට නම් ඔබ තුමාගේ දිවි රැක ගතයුතුය".මෙසේ කියා ඇය ධාවනයවන කරත්තයෙන් බිමට පනී.රජතුමා සෝමාආආ......කියා කෑගසයි.

"ඇයි අනේ එයා පැන්නේ...." ඒ මගෙන් පිටුපස අසුනක ඉදගෙන සිටි තරුණියක් තම පෙම්වතාගෙන් ඇසූ ප්‍රශ්නයයි.

"ඇයි අනේ සෝමා දේවි පැන්නේ?" ඒ ගමන ප්‍රශ්නය නයි හාමිනේගෙන්ය.එකම ප්‍රශ්නය කෙල්ලන් අතර බෝවී යන්නා සේය.සමකාලීනයන්ට සම අදහස් පහල වන බව ඉස්සර අපේ ගණිත ගුරුතුමා පවසා තිබේ.ඉතින් එක චිත්‍රපට ශාලාවක් තුල එකම ප්‍රශ්නය කිහිප දෙනෙක්ට මතුවීම පුදුම විය යුතු නැත.අපි සිටියේ ආලෝකෝ උදපාදි නරඹමින්ය.
"ඒකවත් තේරෙන්නේ නැද්ද මැට්ටෝ" නයියා හාමිනේගෙන් ඇසුවේ ටිකක් මල පැනලාය.
ඉතිහාස කථාවට අනුව සෝමාදේවිය තම දිවි දෙවෙනි කොට ගැලෙන් පනිනුයේ රජතුමාගේ දිවි ගලවා ගැනීම අරමුණු කරගෙනය.ගැල මත පැටවුනු අධික බර නිසා තම ගමන් වේගය බාල වන බව වටහාගත් ඇය තම ආදරයේ නාමයෙන් ඔහුවෙනුවෙන් දිවි දීමට අදිටන් කරගත්තාය.ඉතින් ඒ උතුම් කාන්තාව කල ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය ගැන අපේ ගෑනුන්ට තේරුම් නොයන හැටි.......නමුත් ඇයගේ දිවි දීම චිත්‍රපටය තුල සංවේදී සිද්ධියක් වුනේ නැති බව ටික වේලාවක් යද්දී නයියාටද වැටහෙන්නට විය.ඇත්තටම සෝමා දේවියගේ කතාව දන්න එකෙකුට මිස චිත්‍රපටය තුල ඇය ගැලෙන් පනිනුයේ කුමක් සදහාදැයි එක්වර වටහාගන්නට නොහැකි බව තවදුරටත් සිහිපත්කිරීමේදී පෙනී යන්නේය.

මෙවැනි සංවේදී ස්ථාන ඉතා දුර්වල ලෙස මගහැර යාම වර්තමාන සිංහල සිනමාවේ ප්‍රධානතම අඩුපාඩුවකි.පසුගිය ලිපියකදී කීවාක් මෙන් සිංහල සිනමාවේ අංශභාගය වන්නේ නිසි පරිදි කතාවක් කියා ගැනීමට ඇති දුර්වලතාවයයි.ආලෝකෝ උදපාදි තුල අපිට ඒ අංශභාග තත්වය මුන නොගැසේ.සමහරවිට එසේ වන්නේ අපි කුඩාකල සිටම කථාව දන්නා නිසා විය හැක.ඒ නිසා කතාවේ වුනේ කුමක්දැයි කියා නොතේරීයාමක් වන්නේ නැත.නමුත් චිත්‍රපටයේ තිර පිටපත නම් ඉතා ඕලාරික හා පතෝල පන්නයේ එකක් වූ බව කිය යුතුමය.ඉහත සෝමා දේවියගේ සිද්ධිය  වැනි, සංවේදීව නිරූපනය කරන්නට තිබූ අවස්ථා ගනනාවක් තිරපිටපත මත නිකන්ම නිකන් ලියා දමා ඇත.

ඔය කරත්තෙන් පනින සිද්ධිය බොලිවුඩ් චිත්‍රපටයක් තිබ්බා නම් එය ඇඩෙන සීන් එකක් වෙනවා නොඅනුමානය.එසේ නම් කරත්තය තුල වූවන්ගේ බයෙන් ත්‍රස්තවූ මුහුණු , පොඩි එකාගේ හැඩීම්, ඇග ලොමු දැහැ ගැන්වෙමින් කරත්තයට ලන් වන අසරුවන් නිසා දැනෙන මරණ බය චිත්‍රපටය නරඹන අපටද දැනෙනු ඇත.අවසානයේ සෝමා කරත්තයෙන් පනිනු ඇත්තේ ඇගේ ආදරය නිසා කරනා ජීවිත පූජාවෙන් අප සැම සලිත කරමින්ය.එය දකින අපේ ගැහැණු ලොවෙත් අඩති, පිරිමි "අන්න යකෝ නියම ගෑනු"යි කියා සිතයි.සෝමා සතුරන්ට ගොදුරු වීමත් ඒ දකින රජුගේ හැගීම් පුපුරා යන මුහුනත් තත්පර කිහිපයක් තිරයේ රැදෙනු ඇත.ඒ දෙස බලා සිටින අපේ ලෝකය මොහොතකට නතර වනු ඇත......නමුත් ආලෝකෝහි එය වුනේ නැති.සෝමා පැන්නාය.අපි ඔහේ බලා සිටියෙමු.ප්‍රේක්ෂක සිත් සතන් සංවේදී කල හැකි ස්ථාන මෙලෙස දඩස් ගා පෙන්නා ඉවර කිරීම මෙරට සිනමාවේ හැමදාම දකින අත්වැරැද්දකි.හින්දි සහ දමිල චිත්‍රපට සමග දවස ගෙවන ප්‍රේක්ෂක ගොන්නක් සිටින අප වැනි රටක ජනප්‍රිය ධාරාවේ සිනමා කෘතීන් තුල මෙවැනි හදිසි ඉවරකිරීම් ලොවෙත් fail වන්නේය.සංවේදී සිද්ධි මීට වඩා ඉලාස්ටික් විය යුතුය.හදවත කම්පා කල යුතුය.

ප්‍රේක්ෂක සිත් සංවේදී කරමින් ඔවුන් ඇද බැද තබා ගත හැකි , ඔවුන්ව චිත්‍රපටය තුල ජීවත් කරවිය හැකි අවස්ථා ගනනාවක් තිරපිටපත තුලින් මග හැර තිබීම ඉතා කණගාටුදායක තත්වයකි.බැමිණිතියා සාය යනු මහාවන්ශය තුල අපිට හමුවන දරුණුතම සාගත වකවානුව විය යුතුය.තිය බමුණාගේ තම බැමිණියගේ උපදෙස් මත සියලු වැව් අමුණු , ගොවි බිම් විනාශ කිරීමෙන් අනතුරුව උද්ගතවන අහාර හිගයත් සමගම බද්ධ වන දැඩි  නියගයක් හේතුකොටගෙන මුලු ජන සමාජයම අන්ත අසරණ බාවයට ලක්වන්නාවූ එසමය අපේ ඇස් ඉදිරියේ මවන්නට චිත්‍රපටය කිසි ලෙසකින්වත් සමත් නොවේ.කුසට අහරක් උගුර තෙමා ගන්නට වතුර පොදක් නොමැති ජනයාගේ වේදනාව, එවැනි දරුණු සමයක සුවාසු දහසක් ධර්මස්කන්ධය මුඛ පරම්පරාගත ගෙනයන්නට වෙහෙස දරනා හිමි වරුන්ගේ කටුක ජීවිතය,වැසි පොදක පහස නොලැබූ භූමියක ඇති මරණීය මුස්පේන්තුකම චිත්‍රපටකරුවාට මගහැරී ගොස් තිබුණි.

ඒ නියං සමයේ වේදනාව දැනවීම්ට තිරපිටපතේ යොදා ගෙන තිබුනේ දෙබස් කිහිපයක් පමනි.මිනිසුන්ට කන්න නෑ නේද? කියා හමුදුරුවන්ලාත් මිනිස්සුත් කතා කරන අවස්තා කිහිපයක් හැරුණු කොට දෘශ්‍යමය වශයෙන් නියං සමයේ වේදනාව , අපහසුව අපේ ගතට සිතට දැනවීමක් නොවුනේමය.නමුත් චිත්‍රපටයේ අවසන් මිනිත්තු දහයේදී පමන ඒ නියගයේ වේදනාවෙන් අපේ මුලු ආත්මයම පසාරු කර යන දර්ශනයක් දිගහැරුනි.වැසි දියක පහස සොයමින්ම දිරාපත්ව ගිය ගස් වලින් බිමට පතිතවූ කොල නිසා මුලු පොලවම වැසිලාය.ඒ කොල ගොඩ මත අපහසුවෙන් හුස්ම ගනිමින් බිම වැතිරගත් හාමුදුරුවන් දෙනමකි.ඔවුන්ගේ සිවුරු හා මුහුණුද දිරාපත් කොල මෙන්ම දුර්වර්න වෙලාය, දිරා කෙඩෑරිව ගිය අතු සිහින් සුලගටත් සෙලවෙන්නාක් මෙන් ඔවුන්ගේ සිරුරුද දුර්වලවී ගැහෙමින් පවතී, තොල් පුපුරා ගොසින්ය.මහලු හිමිනම තම පුපුරා ගිය දෙතොලින් මොනාදෝ මුමුනයි.තරුන භික්ෂුව මහත් ආයසයෙන් ඒ දෙතොලට කන ලං කර තම වැඩිහිටි භික්ෂුව කියන දෑ අසාගන්නට වෑයක් කරයි.සමහරවිට තම මරණ මංචකයේ පවා ඔවුන් උත්සහා ගන්නේ  තම දෙඋර මතට ගත් වගකීම එනම් බුද්ධ භාශිතය රැක ගැනීමේ කර්තව්‍ය ඉටු කිරීමට විය හැක.වැලමිටෙන් වාරුගත් තරුණ හිමි නම ජවයකින් තොරවූ තම ගැහෙන සිරුර හැකිතාක් නැඹුරුකරමින් වැඩිහිටි හිමියන්ගේ පණිවුඩය අසා ගැන්මට වෑයම් කරන අතරතුර ගිලී ගිය දෑසින් අහස දෙස බලයි.......

මේ දර්ශනය  බැමිණිතියා සායේ වේදනාව අපේ ශරීරය පුරා දැනවිය හැකි එකකි.නමුත් එය ඇත්තේ චිත්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපය තුලය.නමුත් ඒවෙද්දී පෙරහැර ගොහින් අවසානය.මෙවැනි දර්ශනයන් මුලදී යොදා ගත්තේ නම් නියං සමයක වේදනාවත්, එදවස තෙරුන්වහන්සේලාගේ අප්‍රතිහත වීර්යත් මොනවට කියාපාන්නට චිත්‍රපටකරුවාට හැකියාව තිබිනි.එය එසේ කලා නම් තිරපිටපත් රචකයා වරින් වර උත්සහ කල සින්හල ජාතිය හා බුද්ධ ශාසනය උත්කර්ශවත් කිරීමේ බොලද උත්සහය මගහැරී ප්‍රේක්ශකයා තුල හාමුදුරුවන් වහන්සේලා කෙරෙහි සැබෑ ගරුත්වයක් ජනිත කරවන්නට තිබුනි.

මේ ලිපිය ලිව්වේ තිරපිටපත නිසා අලෝකෝ උදපාදී තුල ජනිත කරවූ අඳුර නිමිති කොට ගෙන ඇතිවූ බලාපොරොත්තු කඩවීම නිසාය. හොඳින් තාක්ෂණය භාවිතය, වේශ නිරූපනය හා විශිෂ්ට කැමරාකරණයක ලක්ෂණ චිත්‍රපටය පුරා දකින්නට තිබුණි.නමුත් ඒ සියල්ල පරයා මට නම් දැනුනේ කතාවේ තිබූ දුප්පත්කමයි.අන් සියල්ල මැනවින් එක් තැන් වුවත් හොඳ කතාවක් නැත්නම් චිත්‍රපටයක් අසාර්ථක බව කිය යුතුමය.ලාංකීය සිනමාවේ අංශභාගය වන කතන්දර හරියට ලියාගැනීමේ අවුල තවදුරටත් වෙමින් පවතී.අනික Epic නම් අපිට තව බොහෝ දුරය.පසුගිය වසර 20, 30ක අතීතය හැරී බැලුවොත් චිත්‍රපට ලෝකය සෙලවිය හැකි කතන්දර බොහොමයක් අපිට මේ ලංකා භූමියෙන් සොයාගත හැක.එනිසා වසර 1000ක්, 2000ක් පස්සට ගොහින් බැරිමරගාතේ epics කලයුතු නැත්තේය. 

Thursday, January 12, 2017

ආශාවරී 2 - සමහන් සොයාගැනීම










තරමක් ඈතින් නොපැහැදිලි සන්ගීතයක් ඇසෙමින් ඇත.එය සැබෑවටම සන්ගීත නාදයක්ද නැතිනම් තම බමන හිස තුල කැරකෙමින් ඇති මායාවක්දැයි සුන්දර අප්පුට සිතාගත නොහේ.ඔහු යන්තමින් තම දෙනෙත් හැර වටපිට බැලුවේ, තමන්ට මදක් ඔබ්බෙන් පියවි සිහියට පත්වෙමින් සිටිනා තම ඇබේනිය හා සහෝදරයාව දුටුවේය.බොදවී ඇති දෙනෙත් යථා තත්වයට පත් කරගැන්මට ඔහු ඇගිලිවලින් තම දෙනෙත් කසන්නට ගති.කාල දොරටුව හරහා තමන් අනාගතය වෙත පැමිණ ඇති බව ඔහුට වැටහුනේ තම අවට පරිසරයේ සහ තමන්ගේ ඇදුම් පැලදුම් වල ඇතිවී ඇති වෙනස නිසාවෙනි.මද වේලාවකින් තිදෙනාගේම තෝන්තු ගතිය නැතිවී ගියෙන් ඔවුන් ඉදිරියට පිය මනින්නට පටන් ගත්හ.කාල දොරටුව හරහා අනාගතයට ප්‍රාදූර්භූත වෙද්දී තමන් හැද සිටින ඇදුම් පවා වෙනස්වී ඇති අයුරු ඒබරන් අප්පුට සිතා ගත නොහැක.අනෙක් දෙදෙනාට නම් කාල දොරටුවේ අත්දැකීම් මින් පෙර ඇති නිසා ඔවුන්ට ඒ පිලිබද එතරම් වගක් නැතිවාක් මෙනි.කාල දොරටුවට ඇතුලු වෙද්දී තමා හැද සිටි සරම හා බැනියම වෙනුවට දැන් ඇත්තේ පරංගි හේවායින් අදිනා අන්දමේ කලිසමක් හා කෝට් බෑයකි.ඒ මදිවට කකුල් දෙකට සපත්තු ජෝඩුවකුත් ඇවිල්ලාය.ගෙදර ගොම මැටි පොලවේ පමණක් නොව හේනේ, වෙල් ඉපනැල්ලේ, බොරලු පාරේත් ඔවුන් ඇවිද්දේ පයට කිසිවක් නොලාය.එහෙව් ඇවිදිල්ලකට හුරුවී ඇති ඒබරන්ට මේ සපත්තු ජෝඩුව පයලා ඇවිදීම නම් මහා කරුමයකි.ටික වේලාවක් යනතුරු ඔහු ඇවිද්දේ කොරෙකු මෙන්ය.දෙකකුල පැටලී කිහිප වතාවක්ම බිම ඇද වැටෙන්නට ගිය ඔහු යන්තම් මූණ කට තලා නොගත්තේ සුන්දර අප්පුගේ ඇගේ එල්ලීමෙනි.මේ සියලු විශ්මයන් හා දෙකකුලේ වේදනාව පරයා ඒබරන්ගේ හිත අමන්දානන්දයට පත්කලේ ආරියවතීගේ විපර්යාසයයි.

ඇය හැද සිටියේ අමුතුම පන්නයේ ඇදුමකි.ඒ ඇදුමට කියනා නමක් ඒබරන් නොදනී.එය පරංගි ගැහැණුන් අදිනා ගවුමේ හැඩයට යන්තමින් සමාන විය හැක.නමුත් එය පරංගි ගවුම් මෙන් ගෙලෙහි සිට පාදාන්තය දක්වා දිගු නොවීය.මෙය වියත් 4ක් වත් දිගු නොවන ගවුමකි.ඇගටම ඇලී ඇති ඇදුම නිසා ඇගේ පිරුණු පියවුරු හා මනා හැඩැති නිතඹ රවුම් වී පෙනේ.මේ ඉතා කෙටි ඇදුම  ආරියවතීගේ අලන්කාර පා යුගළ සම්පූර්ණයෙන්ම වාගේ නිරාවරනය කර තිබේ.මනා හැඩයට පිහිටා ඇති කලවා යුග්මයේ පටන් ඇස්වටය දක්වා විහිදයන ඒ රන්වන් පැහැ දෙපා දෙස ඒබරන් බලා සිටියේ කෑදරකමිනි.සාමාන්‍යයෙන් ඈ අදින්නේ හැට්ටය හා චීත්තයයි.ඒ නිසා නිදිවදිද්දී චීත්තය ගලවා විසි කල විට මිසක් ඇගේ දෙපා මෙලෙස නිරාවරනය වී තිබෙනු ඒබරන් මීට පෙර දැක නැත.අනික චීත්තය ගලවා විසි කරන ඒබරන්ට කවදාවත් ඇගේ දෙපා වල සිරිය විදින්නට ඉවසිල්ලක් තිබුනේද නැත.ඇගේ දෙපය මෙතරම් අලන්කාර වෙද්දීත් ඒවා තමන්ගෙන් ගිලිහී යෑම ගැන ඒබරන්ට පුදුම සිතේ.

සිතිවිල්ලේ නිමග්න වෙමින් තිදෙනාම මේ වන විට විශාල නිවසක් වෙත පැමින සිටියෝය.එය ගමේ ගෙවල් මෙන් පිදුරු හෙවිකල මැටි ගෙයක් නොවේ.මාලිගාවක් තරම් විශාල ගෙයකි.සමහරවිට මෙය සැබවින්ම ගෙයක් නොව මාලිගාවක්ද විය හැකි බව ඒබරන්ට සිතිනි.මාලිගය හැම තැනම නොයෙක් පැහැ ආලෝක ධාර විහිදුවන ලාම්පු වැනි දෑ එල්ලා තිබේ.කන් බෙරය පැලීයන තරමේ සන්ගීත නාදයක් දෙසවන් තුලට රින්ගා යයි.ඒ කුමන ආකාරයේ සන්ගීතයක්දැයි තිදෙනාටම වැටහුනේ නැති.සෑම තැනකම තරුණ් ගැටව් හා ගැටිස්සියන් අල්ලාප සල්ලාපයේ යෙදෙති.උන් සියලු දෙනාම නොයෙක් අන්දමේ විලාසිතා වලින් සැරසිලාය.

වටපිට සිරි විදිමින් සිටින තිදෙනා ලගට කොල්ලෙක් මොනවාදෝ බීම වර්ගයක් රැගෙන පැමිණියේය.ඒවා තේ කහට හෝ තැඹිලි වතුර නම් නොවේ. 

"මේ මොනවයි මලේ?"....සුන්දර අප්පු කොල්ලාගෙන් විමසීය.

" Whiskey and Vodka තමයි තියෙන්නේ සර්
.....Black label and Absolut "

කොල්ලා පැවසූ කිසිවක් සුන්දර අප්පුට වැටහුනේ නැති.මදක් තාවර වූ ඔහු තසිම මත වූ අවර්ණ පානයක් ඇති වීදුරුවක් අතට ගත්තේය.කොල්ලා  තව මොනවදෝ බීම වර්ගයක් තම වීදුරුවට කවලම් කරන්නදැයි ඇසීමුත් අවශ්ය නොවන බව සුන්දර පැවසීය.අනික් දෙදෙනාද ඔහු අනුව යමින් ඒ අවර්ණ පානයම තෝරා ගත්හ.එහිවූයේ අමුතුම සුවදකි.මෙය නම් එකත් එකටම යම් කිසි රහමෙර වර්ගයක් විය යුතුය.ඒ නිසා ආරියවතීට ඒවා පානය නොකරන්නයැයි කීම සදහා සුන්දර ඇය සිටි දෙසට හැරුනු මුත් ඒ වෙද්දීත් ආරියවතී එක හුස්මට පානය කටේ හලාගෙන ඉවරය.පානය යන්තම් උගුරෙන් පහලට යනවාත් සමග ආරියවතීට තම උගුර,බඩ, පපුව සියල්ල පිච්චීගියාක් මෙන් දැනුනි.දෙකනින් දුම් පිට වෙනවා විය යුතුය.ටික වේලාවක් යනතුරු ඇය සිටියේ උතුර දකුණ මාරු වෙලාක් මෙන්ය.නමුත් තිදෙනාම ඉන් සැලුනේ නැති, ඔවුන් දෙවෙනි වඩිය දක්වාත් යෑමට තීරණය කලහ. තුන්වන වඩියත් අවසන්ව ටික වේලාවක් යද්දී ආරියවතී නන් දොඩවන්නට පටන් ගති.හුන් තැනින් නැගිට ඇවිදින්නට තැත් කලද ඇයට කෙලින් සිටීමටවත් නොහැකිය.සුන්දර අප්පු පැන අල්ලා නොගත්තේ නම් ඇය අසල ඇති කණුවක ඔලුව හප්පාගනු ඉස්තිරය.සුන්දර අප්පු ඇය වත්තන් කරගෙන කාමරයක් සොයා යන්නට විය.යන අතරමගදී ඔහුට බීම පිලිගැන්වූ කොල්ලා හමුවිය.

"මලේ , අපිට ඩිංගක් ඇලවෙන්න තැනක් පෙන්නපන්".......කොල්ලා ඔහුට කාමරයක දොරක් හැර දුන්නේය.

"මලේ, මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා නොවෑ.නැද්ද මුකුත් අත් බෙහෙතක්"

කොල්ලා තම සාක්කුවෙන් මොනවාදෝ පැකට්ටුවක් සුන්දර අතට දුන්නේය.

"මේක ටොප් බඩුවක් සර්. සමහන් කියලා කියන්නේ.ඔලුව රිදිල්ලට කියාපු දේ.....ඒ විතරක්ද ඔක ගත්තම කොන්ඩම් ඕන වෙන්නෙත් නෑ.කොන්ඩම් එකෙන් කෙරෙන වැඩෙත් මේකෙන් කෙරෙනවා.ගොඩක් වෙලා වැඩේ කරන්නත් පුලුවන්"......

කොල්ලා අන්තිම ටික කිව්වේ ඇස් නටවමින් මෙන්ය.නමුත් ඌ කිවූ දෙවල් වලින් අඩක්වත් සුන්දරට වැටහුනේ නැති.ඔහු කොල්ලට ස්තූති කරමින් පැකට්ටුව අතට ගති.කොල්ලා කාමරයේ දොර වසාගෙන නික්ම ගියේය.

සුන්දර අප්පු ආරියවතීව කාමරයේ වූ විශාල සයනය මත වැතිරෙව්වේය.ඇය මොනවාදෝ කියවමින් සයනයේ ඇලවුනි.කාමරයේ දොර වැසූ නිසා දැන් දැන් අර කන් බෙරය පැලී යන සන්ගීත රාවය ඇසෙන්නේ අඩුවෙනි.සුන්දරද සයනයේ පසෙකින් ඉද ගත්තේ, සන්ගීත රාවයට කන් දෙන්නට විය.

"ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා,
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නට වත් මට බෑ මෙදා...."

සාලය දෙසින් වාදනය වන සන්ගීත කන්ඩයයි ඒ.අම්මපා එය තමන්ටම වාදනය කරන එකක් මෙනි.එහි ආශාවරී වෙනුවට ආරියවතී යෙදුවානම් ගීතයේ තාලයටවත් හානියක් වන්නේ නැත.එදවස ඇය හා ගෙවූ දිවිය කෙතරම් ප්‍රීතිමත් හා සුන්දර , මියුරු එකක් වුනේද?....නමුත් දැන් ආරියවතී තමන්ට වඩා තම සොහොයුරා කෙරෙහි රාග ආශා උපදවාගෙන ඇතිබව සුන්දර දනී.ආරියවතී මෙතරම් වියරු වූයේ කෙසේද?.

සුන්දර ඇය දෙස බැලුවේය.ඇගේ නිරුවත් දෙපා සයනය මත අපූරුවට ගලා හැලේ.ඔහු ඇගේ නිතඹ සෙමින් පිරිමැද්දේය.ඉන්පසු ඇගේ දෙපා සියුම්ව පිරි මදිමින් පැමිණ ඇගේ පාවහන් ඉවත් කලේය.

මේ අතර ඒබරන් අප්පු කාමරයෙන් පිටත තාවර වෙමින් හුන්නේය.තම වැඩිමහල් සොහොයුරාට අමුඩ ලේන්සුව දොර මත එල්ලා යන්නටත් අමතක වී ඇත.ඔහුට ඒ තරම් තදියමක් ඇවිල්ලා වගේය.නමුත් මේ අලුත් ඇදුම් කට්ටලයේ අමුඩයක් නොමැති බව ඔහුට වැටහිනි.තමන්ගේ කලිසමට යටින් ඇත්තේ අමුඩයක් නොව වෙනත් වර්ගයේ යට ඇදුමකි.නමුත් ඒ යට ඇදුම හෝ දොරේ එල්ලා යාමට තම සොහොයුරාට අමතකවීම ගැන ඒබරන්ට ඇති වූයේ තරහකි.ඔහු තරමක් ශබ්ධයෙන් කැස්සේය.......ආරියවතීගේ කෙටි ගවුම ගලවන්නට මාන බලමින් සිටි සුන්දරට තම සොහොයුරා දොර අද්දර සිට කහිනු ඇසිනි.මුගේ අස්ස කුලප්පුවට ඩිංගක් ඉවසලා ඉන්ට බැරි හැටි.සුන්දර නවත ආරුයවතීගේ ගවුම ලෙහන්නට ඈවෙත හැරෙද්දී ඔහුට එක්වනම තමන් පැමිණි කාර්‍ය සිහිවිය......."මේඝලතා"....ඔව් "මේඝලතා". තමන් මෙහි පැමිණියේ ඇයව සොයන්නට නොවේද?.තමන් නිකරුනේ කාලය නාස්ති කරන බව සුන්දරට සිතිනි.ආරියවතීට තවමත් පියවි සිහියක් නැති බැවින් ඇයට මේඝලතා සෙවීමට පැමිනීමට නොහැක.තමන් තනියම හෝ ඇය සොයා යා ය්තුය.

......සුන්දර අප්පු කාමරයෙන් පිටතට එද්දී එබරන් ඔහු දෙස එක එල්ලේ බලා සිටියේය.

"මම යනවා මේඝලතා හොයන්න"
ඒබරන් කිසිත් නොකියා තවමත් ඔහු දෙස බලා සිටී.

"මේං මේකත් කාලම උඹේ අස්ප කුලප්පුවේ වැඩ අල්ලපන්."  ඔහු තමන් ලග තිබූ සමහන් පැකට්ටුව ඒබරන්ට දුන්නේය.





"අක්කන්ඩිව හොදට බලාගනින්...උන්දැට තවම සිහියක් නෑ ඒ හැටි.......මම හෙට උදේ වෙද්දි එන්නම්"......කියූ  සුන්දර අප්පු නික ගියේය.


ඒබරන් වහා කාමරයට ගොස් දොර වසාගත්තේය.දනි පනිගා තම ඇදුම් ඉවත් කල ඔහු ආරියවතීගේ ගවුම ඉරා දැමුවේය.ගවුම පරිස්සමෙන් ගලවන්නට ඔහුට ඉස්පාසුවක් වූයේ නැති.මහ පුදුමෙකි, ගවුම ඉරා දැමු පසුත් ආරියවතීගේ ඇගේ යට ඇදුම් දෙකක් ඉතිරිව තිබේ.එකක් ඇයගේ පුන් පියයුරු වසා තිබුණු අතර අනෙක යටිකය යන්තම් වසා තිබුනු රෙදි කඩකි.ඉස්සර නම් ඇගේ හැට්ටය ගලවා ඉවත් කල විගස ඒබරන්ට පෙනුනේ උල්වූ තන පුඩු සහිත ඇගේ මනරම් පියවුරු සගලයි.ඒ රණ තිසරුන් දකින සෑම විටම ඔහුට සිතුනේ උන් ඔහුගේ පහස ඉල්ලා කතා කරන බවය.ඉතින් එවිට ඔහු ඒවා උරා බොන්නේ අමුර්තය සොයන්නාක් මෙන් අශාවෙනි...චීත්තය ගලවා විසි කල පසුනම් ඒබරන්ට ඉතින් කිසිදාක ඉවසිල්ලක් තිබුනේ නැත....

මේ සිතුවිලි අතර සිරවූ ඒබරන් සලිතව ගිය තම සිත එක්තැන් කර ගැන්ම සදහා තම සොහොයුරා දුන් සමහන් පැකට්ටුවේ ඇති කුඩු සියල්ල එක්වරම කටේ හලා  ගත්තේය.......සිදු වූයේ ගිනි විජ්ජුම්බරයකි, ඒබරන්ගේ ඉහ මොල රත්වෙමින්, පිට උගුරේ යමින්, බඩවැල් පිටේ යමින් ගලා ආවේ නිමක් නැති කැස්සකි.කැස්සේ තරම කොතරම්ද යත් ඔහුගේ දෑසින් කදුලු දෝරේ ගැලූ අතර අධෝ වාත කිහිපයක්ද පිටවිය.ඔහු වතුර ටිකක් සොයා ගැනීම පිනිස වේගයෙන් කාමරයෙන් එලියට දිව්වේ වැටි වැටී කහිමිනි.තමන් සිටින්නේ සම්පූර්ණ නිරුවතින් කියාවත් ඒබරන්ට මතක් වූයේ නැත.උතුර දකුණ මාරු වී  දිවූ දිවිල්ලට ඔහු කොහේ නතර වූවාදැයි දන්නේ දෙවියන් පමණි.......

.......පැය කිහිපයක් ගෙවී ගියේය.උදෑසන හිරු එළිය පොළෝ තලය සිප ගන්නට කෙමින් කෙමින් උත්සුක වෙමින් තිබේ.කාමරයේ කවුලු වසා ලූ තිර රෙදි අතරින් හිරු රැසේ චුම්බනය යාන්තමින් ආරියවතී වැතිර සිටි සයනයට ගොඩවන්නට විය.ඒ හිරු රැසේ මද උණුසුම් චුම්බනයත් සමග ආරියවතී අපහසුවෙන් තම දෙනෙත් හැරියාය.ඒ විසල් කාමරයේ විසල් සැප පහසු සයනය මත තමන් තනිවී සිටී.ඇගේ හිස තවමත් පුපුරු ගසන්නාක් මෙනි.ලෝකය තවමත් කැරකෙමින් ඇති බව ඇයට සිතෙන්නේ කාමරයේ වූ දෑ යාන්තමට තවමත් කැරකෙන්නාක් මෙන් ඇයට දැනෙන නිසාය.මදින් මද තම පියවි සිහියට එද්දී තමන් හැද සිටි වස්ත්‍රය කවුරුන් විසින් හෝ ගලවා ඇති බව ඇයට වැටහිනි.සයනය අසල පොලවේ වූයේ ඒබරන් අප්පු හැද සිටි ඇදුම් කැඩුම් ටිකය.එසේ නම් තමන්ගේ වස්ත්‍රයද ඉවත් කරන්නට ඇත්තේ ඔහු විය යුතුය.නමුත් තමා සිටින්නේ සම්පූර්න නිරුවතින් නොවේ. තම යටිකය ඇදුම් ඉවත් කරන්නට ඒබරන් අප්පු උත්සුක වී නෑ වගේය. යටිකය ඇදුම් ඉවත් නොකරම ඒබරන් අප්පු තම රාග පිපාසය නිවාගෙනද?.....ඇය සයනයෙන් නැගී සිටියේ ඒබරන් අප්පුගේ අස්පගාය මතක් වී නැගුණු මද සිනහවක් සමගිනි.ඒබරන් කාමරයේ නොමැත.සුන්දරද එසේමය.ඇය සෙමින් සෙමින් අඩි තබමින් නාන කාමරය දෙසට යන්නට පටන් ගති.ඇයගේ පයට කුමක් හෝ පෑගුනි.ඇය පැකට්ටුව අතට ගෙන බැලුවාය.රන්වන් පාටින් බැබලුනු ඒ පැකට්ටුවේ ඉන්ගිරිසි අකුරු වලින් ලියා තිබෙන්නේ සමහන් කියා ඇය දැන සිටියේ නැත.....



Saturday, January 7, 2017

ඉරාජ්ගේ ආශාවරී - කාශ්‍යප රජුගේ නැවත ඉපදීම









ඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?...යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර ගන්නට හැකිවී ඇත්තේ මේ මුහුදුබඩ දනව්ව පමණක් වීමයි.රාජසිංහ රජුගේ විශිෂ්ඨ රණකාමීත්වය නිසා තවමත් පරංගින්ට මේ උතුම් දිවයින උන්ගේ අනසකට ගන්නට බැරි වී ඇත.තම පරම්පරාවේ වීර ධීර උරුමය තවමත් මෙරට රජ පරම්පරාව තුල මෙතුවක් හෝ රැදී තිබීම කොයිතරම් නම් දෙයක්ද ?.රටේ තත්වය ගැන එතරමින් හෝ හිත හදගත්තත් සුන්දර අප්පුගේ හිතට වද දෙන අනෙක් ලොකුම ගැටලුව තම බිරිද හා සොහොයුරාය.පෙර කල කාශ්‍යප නමින් රජකම් කල තමන් මේ ආත්මයේදී සුන්දර අප්පු නමින් පහත රැටියෙක්ව ඉපදීමත්, ඔහුගේ සිතැගිම ප්‍රියම්බිකාවක් වූ විජ්ජුලතා තම අඹුවම වී ආරියවතී නමින් උපත ලැබීමත් සැබවින්ම පුදුමයකි.

ඊටත් වඩා හද කීරි ගා යන, පුදුමයක් මෙන්ම දුකක් ඔහුට ඇත.මතකයට එන හැම මොහොතකම , නිදිවදින හැම මොහොතකම ඔහුගේ මොළයත්, හදවතත් පසාරු කර යන දුක, එකල ඔහුගේ මහාර්ඝතම ප්‍රියම්බිකාව වන මේඝලතාගේ අඩුවයි.තමන් හා විජ්ජුලතා එක් තැනක නැවත උපත ලබද්දී මේඝලතා මෙහි නොවූයේ මන්ද?..මේඝලතා වෙනුවට මෙලොවදී තමන්ට මුනගැසී ඇත්තේ සහෝදරයෙකි.බොහෝකල් යන තුරු සුන්දර අප්පු සිතුවේ තමන්ගේ සහෝදරයා ලෙස මෙලෙස උපත ලබා ඇත්තේ මේඝලතා කියාය.නමුත් ඒබරන් අප්පුට එවැනි අතීත මතකයක් නොවූයෙන් ඔහු මේඝලතා නොවන බව සුන්දර අප්පුට පැහැදිලි විය.එක අතකින් එය හොද දෙයකි.මේඝලතා පිරිමියෙකු වී උපත ලැබුවා නම් තමන්ට එය දරාගැනීම මීටත් වඩා අපහසු වන්නට ඉඩ තිබේ.නමුත් ආදරයත් රතියත් නිසා ඇතිවන සිත් පීඩා වලින් නම් මේ ආත්මයේ සුන්දර අප්පුට ගැලවීමක් නැත.එකල ඔහුගේ රාත්‍රිය මෙන්ම දහවලද ගෙවුනේ විජ්ජු හා මේඝ සමග පෑ ආලිංගන මතිනි.ඔවුන් දෙදෙනා හා එක්ව කල රතිකෙලි සුන්දරට තවමත් සිහිවේ.විටෙක් විජ්ජු හා මේඝ තම තමන්ගේ සුව විදිති.කාන්තාවන් දෙදෙනාගේ තම තමන්ගේ ස්ත්‍රී ශරීර තුල සුව විදිමින් නගනා උණුසුම් සුසුම් බලා,අසා සිටි කාශ්‍යපට එදවස රාත්‍රිය නින්දක් නම් නොවුනේය.

නමුත් මෙකල වී ඇත්තේ කුමක්ද ?...ඒ අපූරු සුරදූතියන් දෙදෙනාගේ පහස ලබමින් සිටි ඔහුට මෙවර, ඔහුගේ බිරින්දෑ තම සහෝදරයා සමග බෙදා හදා ගන්නට වී ඇත.එක ගෙයි කෑම නම් වූ මේ සිරිත කවදා කෙසේ ආරම්බ වූවක්දැයි සුන්දර නොදනී.නිදිවදින්නට යන හැම වේලේම සුන්දර මෙම අමන විවාහ සම්ප්‍රදාය ඇතිකල ද්‍රෝහීන්ට මුලු හිතින්ම ශාප කරයි.ගැහැනුන් දෙදෙනෙකුගේ පහස එක විට ලැබූ ඔහුට දැන් සිදුවී ඇත්තේ එක ගැහැණියක් තවත් පුරුෂයෙකු හා බෙදා ගැනීමටයි.ඔහුට මෙය කොතරම් චිත්ත පීඩාවක් වුවද ආරියවතීට නම් එය දුකක් නොවන බව ඇගේ හැසිරීම් වලින් ඔහුට පෙනෙයි. "ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන ?" කියා පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් කිව්වා සුන්දරට මතකය.නමුත් ඉතින් මෙය වරදක්ද නොවේ.එය මේ කාලයේ පවතිනා සමාජ සම්මතයකි.ඉතින් හඩා වැලප කුමක් කරන්නද?

දැන් කලක් තිස්සේ ආරියවතී සහ ඔහු, නැතිවූ මේඝලතා සොයා ගතයුතු බවට තීරණයකට එලඹ සිටිති.ගම් දනව් පුරා ඇයව සොයා ඔහු කල වෑයම අන්තිමේදී නතර වූයේ ක්‍රි.ව 4 වන සියවසේදී ඔවුන් මහත් අකරතැබ්බයකට (කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්න) ලක්කලාවූ කාල දොරටුව අබියසිනි.වසර දහසකට එහා ගතවී ඇතත් කාල දොරටුව තවමත් සැගව තිබෙන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.තමන් මෙතැනට ඇදී ආවේ අහම්බෙන්ද නැතිනම් අත්භූත බලයකින්දැයි සුන්දරට සිතා ගත නොහැකි විය.නමුත් එකක් පැහැදිලිය.මේඝලතා කාලය හරහා නැවත 2017 වසරට ගසාගෙන ගොස් ඇත.ඇය හැම තිස්සේම වලාකුලක් මෙන් තමාගෙන් ඉවතට පාව යයි......තවත් වීර ක්‍රියාවකට කාලය පැමින ඇත.සුන්දර එදා නිවස බලා ඇදුනේ කැලභීම සහ ප්‍රීතිය මුසුවූ හදකිනි.මේඝලතා සොයා ගැනීමේ නොතිත් ආශාවක් හා උවමනාවක් ආරියවතී තුලද ඇති බව ඔහු දනී.කාල දොරටුවේ තොරතුර ඇයගේ කණේ තබනකල් ඔහුට ඉවසුමක් නැත.ඔහු ඉපනැල්ල දිගේ හනි හනිකට පයතබමින් තම නිවස කරා ඇදෙන්නට විය.සැදෑ අදුර ටිකෙන් ටික වෙල්යාය පුරා පැතිරෙමින් ඇත. ඈත අහසේ කුරුලු සමූහයක් ශබ්ධ නගමින් වේගයෙන් පාව යයි.උන්ටද මේඝලතා සොයාගැනීමේ උනන්දුව ඇති වෙලාක් මෙන්ය.ක්‍රමයෙන් රත් පැහැ ගැන්වෙන අහස හෙට දිනට යෙදී ඇති වැධගත් කාර්‍ය සදහා සිත ගත සූදානම් කරන සැරසිල්ලක් වැනිය.පරිසරයේ අසිරිය තම සිතේ අසිරිය සමග ගලපමින් පැමිණි සුන්දර අප්පු නිවසේ කඩුල්ල ලගටම පැමිණ තිබුනේ වෙනදා මෙන් දෙතුන් ගුනයක වේගයෙනි.නිවස දකින ඔහුගේ හදවත ප්‍රීතියෙන් උඩ පනින්නේ පොඩි දරුවෙකුගේ මෙනි.ආරියවතීට පණිවිඩය කීමට කට හදා ගනිමින් ඔහු නිවස තුලට ගොඩ විය......

..........අදෝමැයි, නිවසේ වූ එකම නිදනා කාමරය වසා තිබුණි. වසා තිබූ දොර මත ඒබරන් අප්පුගේ අමුඩ කෙටිය එල්ලෙමින් තිබිනි.ඔහුගේ පපුව දනි පනි ගා ගැහැන්නට විය.සුබ ආරන්චියක්වත් හිත තන්තෝසෙන් කියාගන්න බැරි හැටි. ඒබරන්ගේ අශ්ව කුලප්පුවට රැයක් දවාලක් නැත.ඔහුගේ අශ්ව ගායට යටවුනු ආරියවතී නගන රමණ කෙදිරිය වාවාගත් නොහැකි සුන්දර අප්පු, පිලට ගොස් ඉද ගත්තේ තමා රජ කල කෙරූ විශාල කරුමයක් පඩිසන්දී ඇති බව සිතමිනි.ඔහුට තම අලන්කාර අධිරාජ්ය "සීගිරිය" සිහිවිය.තමා එකල සිත්තරුන්ට කියා විජ්ජුලතාගේත් මේඝලතාගේත් රූ සිහගිරි පර්වතය මත පින්තාරු කල අයුරු ඔහුට සිහිවිය.ඒ මේඝලතා දැන් ආගිය අතක් නැත.විජ්ජුලතා තමගේ අතට නුදුරෙන් වෙන එකෙකු හා නිදිවදිමින් කාම සන්තර්පණය ලබයි.මේවා සිහිවෙද්දී සුන්දරට පොලව පලාගෙන යන්නට සිතේ.....එක්වනම කාමරයේ දොර විවර වනු ඔහුට ඇසිනි. ප්‍රථමයෙන් ඉවතට පැමිණි ඒබරන් තම සහෝදරයා දෙස නෙත් කොනින් බලා කඩුල්ල දෙසට පිය මැන්නේය.ඔහු යන්නේ නිවස අද්දරින් ගලනා ඔයට විය යුතුය.

"උඹ මේ හැන්දෑ කොරේ ඔයට බැහැලා සෙම් කෝප කරගන්නවා එහෙම නෙවී"... සුන්දර කීවේය.

ඒබරන් කිසිවක් නෑසුනාක් මෙන් කඩුල්ල පැනයයි. තමන් ඒබරන්ට උපදෙස් දෙන්නේ තවමත් ඔහු නොදරුවෙක් මෙන් සිතන්නාක් මෙන් යැයි සිතුනු ඒබරන්ට හිනා එයි......ඌ මොන නොදරුවෙක්ද ?..ඇහුනේ නැතැයි උගේ අස්ප කුලප්පුවේ රගේ.සුන්දර තමන්ටම කියාගති.

"ආ....ඔහේ ආවයි  ?"
"ඇහුනෙවත් නෑනෙ ගෙට ගොඩ වෙනවා"......ආරියවතී ඔහු ලගින් හිද ගන්නා ගමන් පැවසීය.

ඇගේ පිරුණු ළැම තවමත් වේගයෙන් උස් පහත් වෙන්නේ ඇය තවමත් ඒබරන්ගේ රති සුවය සිහි කරමින් සතුටු වෙන්නාක් මෙන්යැයි සුන්දරට සිතුණි.ඇගේ උවනතින් බේරී එන දාබිදුවක් සුමුදු සුදුවන් දෙතන අතරින් ගලාගොස් අතුරුදන්ව යන අයුරු සුන්දර බන්ඩා ආශාවෙන් බලා සිටී.

"කොහේ ඇහෙන්නද?, තොපේ කුලප්පුවේ තරමට අහස කඩ වැටුනත් ඇහේද? "


ආරියවතී නිහඩව සිටියාය. සුන්දරගේ චෝදනාවෙන්, නලියමින් පැවති ඇගේ සරු ළැම හන්සයන්ද බිය වූවක් මෙනි.මදක් නිහඩව සිටි සුන්දර කාල දොරටුවේ විත්තිය ආරියවතී හා පැවසුවේය.කතාව කෙමෙන් කෙමෙන් ඇදී යද්දී ආරියවතීගේ දෑස් සතුටින් දිලිසෙනු සුන්දර අප්පුට පෙනුණි.මේඝලතාගේ අඩුව ඇයටද තදින් දැනුනු බව ඔහු දනී.දැන් ඒ සියල්ල හමාර කර ඇය සොයාගැනීමේ මාවත විවරව ඇත.හෙට උදෑසනම ඇය සෙවීමේ මෙහෙයුම ආරම්භ කල යුතු බවට දෙදෙනාම තීරණය කළහ.මීට වසර දහසකට පෙර ප්‍රීතියෙන් සහ අනුරාගයෙන් වෙලුනු ඔවුන් නැවත එක් වීමට කාලය ලගාවෙමින් තිබේ. සුන්දරගේ සිත සීගිරියේ නාන තටාකයේ සිට සිරියහන් ගබඩාව දක්වා දිවයන්නට ගත්තේ නිම්හිම් නැති සතුටකින් වෙලුනු සිහින් අනුරාගී හැගීමක්ද සමගිනි.

"ඒබරන් මලයවත් ඇන්න යමු"....ආරියවතී කීවාය.

ඒ ඇසූ සුන්දර අප්පුගේ ප්‍රීතියෙන් නලියමින් තිබූ පපු කැවුත්තට මන්න පහරක් දුන්නාක් මෙන් වේදනාවක් හට ගති.ඔහු විසල් වූ දෙනෙතින් ආරියවතී දෙස බැලුවේය.....




සුන්දර අප්පු සමහන් සොයාගත් හැටි මීලග කොටසින්.....

Tuesday, January 3, 2017

ඇගේ උපන් දිනට...
































මුළු දිනක වැඩ ගොන්න
කර නිමා පැමිනෙද්දි
ගලන්නාවූ සැන්දෑව
නොදේ මට සිසිලසක්
දාහයෙන් ගත වෙලී යනකල
දූලි මුසුකරන් හමනා සුළග
දහදියෙන් යට කරන්නේ ගතටත් වඩා සිතම
වාරු දී දෙපයටත් සිටතත්
පැමිනෙද්දි දොරකඩට
දොරෙන් අඩක් ඇරියාම එන්නේ
සිසිල් සිනා රැල්ලයි ඔබේ කිසිදාක පරණ නොවනා
වෙහෙස නිවනා දිව ඔසුව වන් දෑස් ඉගි මරමින්ම
ඉතින් ඒ දෑස් ඉපදුන
අද වගේ සුබ දිනක් ,
නොවේ තවත් එක් දාතමක්...