Saturday, August 22, 2015

මට හොද මගේ ආගම විතරද..?

අපේ ආගම අපිට ලැබෙනුයේ අපේ දෙමව්පියන්ගෙන්ය.අපි ඉපදෙන විට අපේ දෙමව්පියන් අදහමින් සිටින ආගම අපේ ආගම ලෙස ලියාපදින්චි වන අතර ඔවුන්ටද එය ලැබුණේ එලෙසටමය.එය දායාදයක් ලෙස අප උපතේදීම දෝත මත තබාගෙන එන දෙයක් විනා හැදෑරීමකින් අපිට ලැබෙන්නාවූ දෙයක් නොවේ.ජාතියද එසේමය.උපතේදී අපේ නමට ඉදිරියෙන් register  වූ ආගම හැදෑරීමේ අවශ්යතාවක් අපට තිබෙන්නේය.බොහෝ දුරට එය ලබාගනුයේ පාසලෙන් හා දහම් පාසලෙන්ය.

අපි ඒකාලේ ඉස්කෝලේ යනවිට ආගම period එකට බුද්ධාගම මිස් පන්තියට එනවිට මුස්ලිම් ලමයි ටික (අපි ඒ කාලේ කිව්වේ නම් තම්බියෝ ටික) ඉස්ලාම් ආගම හැදෑරීමට වෙනම පන්ති කාමරයකට ගියෝය.සතියේ දවස් 5 පාසලෙන් ආගම ඉගෙනගත් ලමයින් තම්න්ගේ ආගම විශේශයෙන් හදාරන්නට යන්නේ ඉරිදා දහම් පාසලටය.තම ආගමේ ඇති විශේශ ගැබුරු ආගමික කරුණු මෙන්ම පසුකාලීනව ආගම් මත පැටවුනාවූ සන්කල්ප,අර පූජා මේ පූජා,විවිදාකාර උත්සව ඔලුවට දමාගනුයේත් පුරුද්දක් කරගනුයේත් දහම් පාසල් වලින්ය.පාසල් වලින් ලබාගත්තාවූ ආගමේ තිබූ නියම හරය modify වී practically implement කල හැකිවන ප්‍රදර්ශනාත්මක මෙවලමක් බවට පත්වන්නේ දහම් පාසල් වලිනි(දහම් පාසල් වලින් වන සේවයක් නැතැයි මින් නොකියවෙන අතර ඒ වන්නාවූ සේවය අගය කල යුතුය.)

ඒ කෙසේ වෙතත් ආගමක් යනු හැදෑරිය යුතු තවත් එක් සන්කල්ප සමූහයක් හා මාර්ගෝපදේශනයක් විනා අන් කිසිවක් නොවේ.සෑම ආගමකම පාහේ ජීවිතය සාර්තක කරගැනීමට අවශ්ය මූලික මාර්ගෝපදෙශනයන් සපයා ඇති අතර ඒ තුලින් සෑම දෙනාට යහපතක් වන සමාජයක් සදහා පාර පෙන්වා ඇත.ඒ මූලික හරයන් ගත් කල සියලුම ආගම් වල දේශනාව සමාන වන්නේය. ඒ අතර ගැටීමක් බොහෝ විට නොමැත්තේය.
නමුත් එතනින් එහාට යන කල විවිද වූ කරුණු අරබයා විවිදාකරවූ සන්කල්ප ගොඩනැගී ඇති අතර ඒවා විවේචනයකින් හෝ තර්කානුකූල පෑහෑදිලි කිරීම් වලින් තොරව හුදෙක් බක්තිමත්වූ විශ්වාසයන් මත පිලිපෑදගෙන එන්නාවූ කරුණුය. ඒවා සන්වාදයට විවෘත නොවන අතර ඒවා තම ආගමේ නාමයෙන් දොහොත් මුදුන්දී පිලිගත යුතු කරුණුය.ඒ වැට කඩුලු බැදීම ආගමෙන් ආගමට අඩු වැඩි ලෙස ඇත.සමහර ආගම් වල ඒවා ප්‍රශ්න කිරීම පවා තහනම් කිරීමට තරම් රලුය.ඒ කාරණා කෙසේ වෙතත් සමාජයේ සාතිශය බහුතරය අනික් ආගම් වල සන්කල්ප හා දේශනාව පිලිබද මෙලෝ හසරක් දන්නේ නැත(ඇත්තෙන්ම තම්න්ගේ ආගම ගැනද කෙල පැමිනි දැනුමක් නැත )

අන් අයගේ සන්කල්ප ගැන ඇති නොදෑනීම හා තම්න්ගේ සන්කල්ප ගැන පවත්නාවූ අන්ධ විශ්වාසය හේතු කොටගෙන බොහෝ දෙනා තමන් ඉදිරියේ register නොවූ ආගම් ගැන දරන්නේ පහත් මතයකි,ඒවා දෙස බලනුයේ මිත්යාදෘශ්ටික ලේබලය ඇලවූ  නරක්වූ බාන්ඩ දෙස බලන බැල්මෙනි.මේ නිසා ආගම් පිලිබද වඩා කිට්ටු වූ හැදෑරීමක් අවශ්ය වන්නේය.කුඩා කල සිටම තමන්ගේ ආගමේ සන්කල්ප හදාරමින් න ලමුන්ට 6 වසරේ සිටවත් අනික් ආගම් ගෑන හැදෑරීමක්ද අවශ්ය වන්නේය.මේ හැදෑරීම ආගම් වල තිබෙන්නාවූ සන්කල්ප ගැන විය යුතු අතර ඒවා ඒ ඒ ආගම් වල ඇති පුරාජේරු කතා,වීර කතා හා මැජික් කතා වලින් තොර විය යුතුය(ඒ අදාල කතා තම්න්ට වෙන්වූ ආගම ඉගෙන ගන්නා විට කියා දිය හැක ). තමන්ගේ ආගම වෙනමම විශයක් ලෙස ඉගෙනගන්නා අතරතුර සියලු ආගම්වල කර ඇතිවූ දේශනාවන්, සන්කල්පයන් ලෙස(වදින පුදන දෑ ලෙස නොව )  වඩා ලගින් ඇසුරු කිරීමට ලමයින්ට මෙයින් අවස්ථාව ලැබේ.සමස්තයක් වශයෙන් ආගම් නම්වූ සන්කල්ප සමූහය යනු කුමක්ද? ඒවා කුමක් සදහාද ?..එයින් වඩා හොද ලෝකයකට අවැසි වන්නේ කිනම් කරුණුද ? පසුගාමී,විනාශකාරී හා මිත්යාවෙන් බරව තිබෙන්නාවූ, ඉවතලිය යුතු වන්නේ කිනම් කරුණුද? යන්න ආගම මත පදනම් නොවී තම තම නැණ පමනින් තෝර බේරා ගැනීමට ලමයින්ට මාර්ගයක් විවෘත කිරීමක් මෙයින් සිදුවේ.(මේ අරමුණු ඉටුවන්න නම් ඉතින් මේවා සමාජ ප්‍රගමනය තකාවූ ධනාත්මක චින්තනයෙන් යුතුව ඉගැන්විය යුතු  අතර මේ පවතින ඔල්මොරොන්දම් විබාග පස්සේ දුවන system එකේ තවත් එක් subject එකක් වන්නේනම් නම් මෙය හෙනම විකාරයක් පමනක් වන බවද කිය යුතුමය)

සාමාන්ය පෙල දක්වා ලබාදෙන සියලු ආගම් ගැන සන්කල්පමය හැදෑරීමේ මූලික අරමුණු විය යුත්තේ සියලු ආගම් වල පවත්නා මූලික කරුණු පුද්ගල ජීවිතය සාර්තක කරගනිමින් වඩා හොද සමාජයකට පාර කියන මාර්ගෝපදේශනයන් බව තහවුරු කිරීම හා සියලු ආගම් දෙස සන්කල්පමය හෑදෑරීමකට ලමයා යොමු කිරීමයි.ඒ තුලින් සියලු දෙනා තම තම්න් උපතින් දරා ගෙන ආ ආගම කරපින්නාගෙන ගමන් කිරීම වෙනුවට වඩා තර්කානුකූල පදනමක සිට දැනුවත් බාවයෙන් යුතුව තම ජීවන දර්ශනය සකස් කර ගැන්මට හුරු වනු ඇත.සමාජයේ පවත්නා සියලු සන්කල්පමය කරුණු සන්වාදයට විවෘත වන්නාසේ ආගමික සන්කල්පද සන්වාදයෙන් හා කිරා බැලීමකින් පසු තාර බර ඉවත් කර තම ජීවිතය හැඩ ගස්වා ගන්නා මෙවලමක් බවට පත් කර ගැනීමට මිනිසුන් හුරු කල යුතුය.තම නම ඉදිරියේ register වූ ආගම ආබරනයක් සේ සලකා  මිනීමරගන්නා තෑනට සමාජය තල්ලු කරවන සමයක ආගම යනු සන්කල්පමය මෙවලමක් බවත්, පුලුල් වූ සන්වාදමය හැදෑරීමකින් පසු ඒ ඒ ආගම් වල පවතින්නාවූ අඩුවැඩිය එකතු කරගනිමින්  වඩා යහපත් වූත් බෙදීම් වලින් අඩු වූත් ලෝකයක් කරා ගමන් කල හැකි රථයක් නිර්මාණය කල හැකි බව කුඩා කල සිටම අපේ දරුවන්ට අප කියා දියයුතුය.


පින්තූරය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී


6 comments:

  1. සරලම දේ මේකයි.ඔච්චර ලොකුවට තමන් බෞද්ධයෙක්,ඉස්ලාම් බැතිමතෙක්,හින්දු භක්තිකයෙක්නම්....අඩුගානෙ තමන්ගේ ආගමෙන් උගන්නන දේ පිලිපැදල හිටපිය! පන්සිල් පද 5වත් රකින්නෙ නැති උන් තමයි කියන්නේ තමන් හෙන බෞද්ධයො කියලා.ආච්චිගේ රෙද්ද!
    (මෙය අනික් ආගම්වලටද එලෙසම බලපාන බව සලකන්න)

    ReplyDelete
    Replies
    1. අනිවා..ඒක තමයි සරලම විසදුම.ආගමකින් කියවෙන ප්‍රධානම දේ මිනිස්සු සමාජයේ ජීවත් වෙන්න ඕනි විදිය කියන එක.ඒක හැම ආගමකම සමානයි.ඒක එතනින් එහාටත් ඇද ගන්න යන එකෙන් තමයි අපි එකිනෙකාට වෙනස් වෙන්න පටන් ගන්නේ.

      Delete
    2. මලියා, දසුන්, එතකොට යම් ආගමිකයන් කොටසක් අනික් ආගමිකයන්ට, ජාතීන්ට හිරිහැර වෙන ආකාරයට තමන්ගේ නීතී... විශේෂයෙන්ම අනිත් ආගම් වලට විනාශ කාරී නිති හා මිනිසුන් පවා නොකල යුුතු දෑ තමන්ගේ ආගමක නීතය බවට පත් කරගත්තොත් ඔබලා ඔවුන්ට දෙන උත්තරය කුමක්ද?

      ඒක අපි විරුද්දයි කියලා වචනෙන් කියලා පැත්තකට වෙන එකද? නැත්තං ඒ ගැන කතා කරන අයට නම් පට බැදලා ඔවුන්වත් නවත්වන එකද?

      Delete
    3. මුදලාලිගෙ ප්‍රශ්නය මාතෘකාවෙන් පිට පැනලා අහන්නේ...නමුත් මම නම් හිතන්නේ පහුගියකාලේ ලොකුම අවුල උනේ වැරදි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාඅත්මක නොවීම.පාලකයො තමන්ගෙ ඡන්ද ගැන හිතල සමහර ජන කොටස් වලින් සිදුවන ආගමික අන්තවාදී ක්‍රියා වලට නීතිය බලාත්මක නොකිරීම.මේ නිසා මිනිස්සු නියම අන්තවාදීන් වෙන රජයට බලපෑම් කරනවා වෙනුවට ආගම් වලට හා ජාතීනට විරුද්ධව ආයුධ අතට ගන්න පෙලබුනා.නමුත් සැබවින්ම විය යුත්තේ සැවොම එක්ක නීතිය බලාත්මක කිරීමට රජයට බල කිරීමයි.හුදු ආගමික චින්තනයට යට නොවන රටේ සෑම පුරවැසියෙක්ටම ක්‍රියාත්මක නීතියක් වීම අවශ්යයි.රටේ ආරක්ශාව,නීතිය සදහාවූ ගන්නා තීන්දු රටවැසියන් සදහා ගන්න ඒවා මිස එක එක ආගමික සන්කල්ප වලට අනුකූලව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ඒවා නොවිය යුතුයි.

      ලිපියට අදාලව ගත්තොත් පොඩි කාලෙ ඉදලම ලමයින්ව තුලනාත්මක ආගමික අද්යාපනයකට යොමු කලොත් ලමයින් පොඩි කාලෙ ඉදලම ඉගෙන ගනී සෑඅම ආගමක හොද කරණු බුද්ධියෙන් දැකල ආගම කියන දේ ආබරනයක් කරගන්නේ නැතුව වඩා හොද ජීවිතයකට පාර කියන මෙවලමක් කරගන්න.ආගම කියන දේ ආබරණයක් කරගන්න ගියාම තමයි ඒක ගහ මරාගන්න තත්වෙට යන්නෙ.මේක සමහර ආගම් වල තියන අන්තවාදී ලක්ශනත් එක්ක බැලුවාම හොද උත්සහයක් වඩා විවුර්ත මනසකින් ලෝකය දකින්න කුඩා කාලයේ ඉදන්ම ලම්යින්ව පොලබවන..

      Delete
  2. ආගම යනු ලබ්ධියයි. ලබ්ධිය ඇතිනැන බුද්ධියට ඉඩ නැත.

    ReplyDelete
    Replies
    1. තමන් බුද්ධිමත් කියල හිතන් ඉන්න අය නම් එක එක විකාර මත හදාගෙන ඉන්නවා.

      Delete