Saturday, December 31, 2016

රුහුණු කුමාරියේ එතෙර කුමාරියට....





















රන් පාට කෙහෙ රැලිති
ගෙල දිගට පහළට ගලන්,
බලා ඉන්නේ නෝක්කඩුවෙන්
එනතුරා මදනලක් කවුලුවෙන් රින්ගලා....
අත්ල මත තැන්පත්වෙච්ච
දකුණු කම්මුල රතුවෙලා ඇති,
පැයක් තිස්සේ ඇස් පියාගෙන
නිදි ලොවේ සැරිසරනා නිසා
දෙපසටම නැළවෙමින් ගැස්සෙන,
හැල්මෙ දුවනා කොළොම්පුර,
රුහුණු කුමාරියට ගොඩවුනු
එතෙර කුමාරිය නුඹ තමා
කොළ පාට ඇස් යුගළ විවරකර බලාලා
කෝපි මල් දත් කැකුලු
සිනාගන්වනු මැනවි
නැවතුමත් දැන් ලග නිසා.....

Saturday, December 24, 2016

සමාජ ජාල පිළිලයේ මුහුණුවර







පසුගිය සතියේ අපේ කතාවට ලක්වුනේ සමාජ ජාල ප්‍රමුඛ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු නිසි විමසීමකින් තොරව විශ්වාස කිරීමටත් ඒවා ප්‍රචාරය කිරීමටත් අපේ ඇති පෙලඹීමයි.මෙවැනි අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය රටේ ජන ජීවිතයේ අනවශ්‍ය කැලඹීම් ඇතිකරලීමටත් පුද්ගල චරිත ඝාතනය කිරීමටත් හේතු වෙනවා.පසු ගිය මාසය-දෙක තිස්සේම රජයේ පාර්ශවයෙනුත්, සමාජ ජාල සම්න්ධ තොරතුරු ප්‍රචාර සම්බන්ධයෙන් පාලනයක්  අවශ්‍ය බවටත් අපහාස කිරීම් වලට එරෙහිව දැඩි නීති ගෙන එන බවටත් කථා වෙමින් තියෙනවා.රජය මේ සම්බන්ධයෙන් මැදිහත් වීම එතරම් හොද දෙයක් නොවන්නේ අදහස් ප්‍රකාශ කිරීම් සම්බ්න්ධ මාධ්‍යයන්ට රජයන්ගේ මැදිහත්වීම කිසිදිනෙක සද්භාවයෙන් සිදු නොවන්නක් නිසා.සෑම රජයක්ම මේ හරහා උත්සහ ගන්නේ තමන්ට එරෙහිව එන විවේචන මර්ධනය කිරීමට පොටක් පාදා ගැනීම.ඒ නිසා රජයන්ට මේවාට මැදිහත්වීමට දොරටුවක් විවර කර නොදෙන්නට සමාජ ජාලා තුල නිදහස බුක්ති විදිනා සියල්ලන්ම සැලකිලිමත් වියයුතුයි.එය කලහැක්කේ තොරතුරු තාක්ෂණයේ වර්ථමාන ප්‍රවනතාවන් බුද්ධිමත්ව භාවිතයට ගන්නට තමන්ට පුලුවන් බව ලෝකයාට පෙන්වමින්. 

ඒ ගැන ඔලුවේ තියාගෙන අපි බලමු අපේ අතින් වැඩිපුරම වෙන වැරදි මොනවද කියලා.

මින් ප්‍රධානතම එකක් තමයි මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම.මේක බොහෝ විට සිදුවන්නේ ආතල් එකට , විහිලුවට සෑදූ groups වලින්.සමාජ ජාලා තුල වීවිධ පුද්ගලයින් තම තමන්ගේ accounts වල පල කරන ඡායාරූප, දාපු status වල screenshots අරගෙන ඒවා public groupsවල, pages වල පල කිරීම තමයි මෙහිදී වෙන්නේ.කෙනෙක් තමන්ගේ account එකේ පින්තූරයක් දාන්නේ තමන්ගේ යාලුවන්ට,හිතවතුන්ට බලන්න මිසක් public groups වල ඉන්න රටේම මිනිස්සුන්ට ඒකෙන් කුණු ආතල්බෙදන්න නෙවී. ඒ නිසා යම් කෙනෙක්ගේ පින්තූරයක් අරගෙන හදන අපහාසාත්මක ප්‍රකාශ සහිත දේවල් share කරන එකෙන් අපිත් ඒ පුද්ගලයාගේ චරිත ඝාතනයට හවුල් වෙනවා. 

ඒ වාගේම දැන් ලෝකය පුරාම බෝ වෙලා තියන නරකම රැල්ලක් තමයි දකින දකින දේ video කරලා ඒවා අන්තර්ජාලය ඔස්සේ මුදා හරින එක.මගතොටේදී, බස් එකේදී , කාර්‍යාලයේදී සිදුවන පොඩි පොඩි රණ්ඩු , අත්වැරදීම් ආදිය video කරලා අන්තර්ජාලය හරහා ලෝකෙ පුරාම විසිරෙව්වම ඒ ඒ පුද්ගලයන්ගේ චරිතයන්ට වෙන හානිය කිසි කෙනෙක් කල්පනා කරන්නේ නෑ.Camera phone එකක් අතට ගත්තම දැන් කාලෙ හැමෝම තමන් මාධ්‍යවේදියෙක් කියන තත්වෙට පත්වෙලා. පහුගිය වසර කීහිපය පුරාම අපේ රටේ මග තොටේ උනු පොඩි පොඩි රණ්ඩු බහින් බස් වීම් මේ ආකාරයෙන් සමාජ ජාලා තුල සන්සරණය උනේ අදාල පුද්ගලයන්ට පාරෙ තොටේ බැහැලා යන්න බැරි තත්වයක් උද්ගත කරමින්.ලන්කාවේ නම් විශේශයෙන් මේ අපහාසයට ලක්වෙන්නේ කාන්තාවන්.ලගදිත් ධර්ම චක්‍ර සිද්ධියක් සම්බන්ධයෙන් හාමුදුරුවන්ලා සැට් එකකුත් camera phone අහු වුනු රිලව් වගේ හැසිරිලා තිබ්බ කට්ටිය දකින්න ඇතිනේ.එහිදීත් හාමුදුරුවන්ගේ ඒ මුග්ධ හින්සාවට ලක්වුනේ කාන්තාවක්.

එතනින් පස්සේ අපි එන්නේ sarcasm වලට. "උපහාසය"....මේක ලන්කාවේ බොහෝ දෙනෙක්ට හරියට තේරුම් ගන්න බැරි ශානරයක්.ගොඩක් fb pages වල උපහාසය කැටි කරගත් posts වලට වැටෙන comments දිහා බැලුවම තේරෙන දෙයක් තමයි සමහරු මේ posts වලින් කියවෙන දෑ ඉහටත් උඩින් විශ්වාස කරලා උපහාසයක් බව තේරුම් ගන්න බැරුව ගේම call කරන් ගිහින් තියන බව.කලකට ඉහත අපේ රාවණ රජතුමා සම්බන්ධ කරගනිමින් ලිය උනු අපූරු උපහාසාත්මක blog අඩවියක වැටුනු වයිරී සහගත/කේන්තියට පත් comments දැක්කාමත් තේරුණු දෙයක් තමයි බොහෝ දෙනෙක්ට ඒ ලිපි වල තිබ්බ උපහාසාත්මක අර්ථය වටහාගන්න බැරි බව.

අන්තිම වශයෙන් අපි එමු තියන ලොකුම අවුලට.ඒ තමයි මේ වන විට බිහිවෙලා තියන කප්පරක් gossip sites, fb pages/groups වලින් නිකුත් කරන අසත්‍ය ප්‍රවෘති.ගිය සතියෙත් කිව්වා වගේ මේවා නිකුත් වෙන්නේ ඉතා කෙටි ප්‍රකාශ විදියට (photo එකක් මත ලියපු වැකි කිහිපයක් ), නැත්නම් memes විදියට.ඉතින් කාර්‍ය බහුල ජීවිතයක නියැලිලා ඉන්න අපේ අසරණ ආත්ම, මේ පලවෙන පේළි දෙක තුනේ ප්‍රවෘති දැක්ක ගමන් විශ්වාස කරන්න පෙලඹිලා......කිසිදු වැඩි දුර සෙවීමකින් තොරව, fb pages වල පල වෙන මේ තොරතුරු කට්ටියත් එක්ක හෝ ගාලා share  කරනවා.අතීත සමජයේ අසත්‍ය ඕපා දූප කටින් කට පැතිරිලා යනවා වගේ වර්ථමානයේ මේ අසත්‍යයන් සමාජ ජාලා හරහා තටු ලැබී වේගයෙන් ඉගිල යනවා.මෙවැනි අසත්‍ය තොරතුරු බෙදා හැරීම නිසා සමාජය ලක්වන දරුණු නොමග යාම ගැන අපි නැවත නැවත හිතා බලන්න අවශ්‍යයයි

කොහොමද අපි වඩාත් වගකීම් සහගත ලෙස සමාජ ජාල ආශ්‍රිත ප්‍රවෘති හසුරවාගන්නෙ.මේක හසුරවාගන්න වෙන්නේ අපේම සහජ බුද්ධියෙන් තමයි.මේ නිසා ඔබ pages වලට groups වලට like දමද්දි ,සම්බන්ධ වෙද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන් මේ සම්බන්ධ වෙන්න යන්නේ විශ්වාස කලහැකි සමූහයකටද කියල.ඇත්තෙන්ම මේ විශ්වාසය තහවුරු කරගන්න එක නම් ලේසි නෑ. ඉතින් ඒ නිසා මෙවැනි fb communities වලින් වලින් ලැබෙන තොරතුරු නැවත විශ්වාසවන්ත මාර්ගයකින් තහවුරු කරගන්න. මේ වෙද්දී රටේ ප්‍රධානම පුවත්පත්,රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා සතුවත් news sites තිබෙනවා.ඒ නිසා ඉස්සර වගේ ඒ ඒ නාලිකා වල ප්‍රවෘති විකාශනය වෙනකල් ඉන්න ඕනි නෑ news දැනගන්න.මේ නාලිකා සතුව ඇති ප්‍රවෘති අඩවි නිරතුරුව යාවත්කාලීන වන නිසා ඔබට පුලුවන් සමාජ ජාල හරහා දකින්න ලැබෙන ප්‍රවෘතියක සත්‍ය අසථ්ය භාවය අර කිව්ව නාලිකා වල ප්‍රවෘති අඩවි වලට ගිහින් බලාගන්න..

එහ්මත් නැත්නම් මේ වෙද්දී ගොඩක් රාජ්‍ය ආයතන වල හදිසි ඇමතුම් අන්ක ලබාදී තිබෙනවා ඔබට තොරතුරු දැන ගන්න පුලුවන් වෙන්න.ඒ නිසා රාජ්‍යය කටයුත්තක් සම්බන්ධ සන්වේදී තොරතුරක් නම් ඔබට පුලුවන් මේ අන්ක වලට කතා කරලා නිරවද්ය භාවය තහවුරු කරගන්න.අඩුමගානෙ දැක්ක ගමන් සන්වේදී තොරතුරක් හතර අතේ share  කරන්නේ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්නවත් පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්.ඒ ඉන්න ගමන් ඔබට පුලුවන් වගකීම් සහිත තැනක සේවය කරන ඔබේ යම් හිතවතෙකුගෙන් අදාල තොරතුරක සත්‍ය අසත්‍ය භව දැනගන්න.එමෙන්ම ඔබ යම් මතවාදයක් දරනවානම් ඒ මතවාදයට අදාල බොහෝ fb pages වලට groups වලට ඔබ like කරනවා.ඉතින් එහෙම උනාම ඔබට මුලු දවස පුරාම දකින්න වෙන්නේ ඒ මතවාදය තහවුරු කරන දේවල්ම විතරයි. ඒකට හොදම උදාහරණයක් මගේ යාලුවෙකුගෙන් දැක්ක.ඔහු මුස්ලිම් විරෝධියෙක් . ඒ නිසා ඔහු fb එක පුරා ඇති සෑම මුස්ලිම් විරෝධී pages වලට like දාල තියෙන්නේ.එක දවසක් ඔහු උදෙම දුවන් ඇවිල්ල මුස්ලිම් මිනිස්සුන්ට බැන්නේ ඇමරිකාවේ මුසල්මානුවෙක් සුද්දෙක්ට පිහියෙන් ඇනපු සිද්ධියක් කියමින්.නමුත් ඔහුගේ නිවසට සමීපයේ පවුලක්ම කපා කොටා ඝාතනය කර ඇති බව ඔහු දැනන් හිටියේ නෑ.තම මතවාදය තහවුරු කරන pages  ගොන්නකට like දමා ඇති නිසා ඔහු උදේ පටන් රෑ වනතුරුම දකින්නේ මුස්ලිම් මිනිසුන්ගේ වැරදි ක්‍රියා කලාපයන්ගේ ප්‍රවෘති ගන්ගාවක්.

සමාජ ජාලා හරහා සම්බන්ධ වෙමින් පවතින ගනන දිනෙන් දිනම වැඩි වෙමින් පවතින මොහොතක මේ අයහපත් ප්‍රවනතාවයන් හදුනා ගැනීම හා ඒවා නිසි පරිදි කළමණාකරනය කර ගැනීම ඉතාම ඉක්මනින් සිදු විය යුතුයි.අධ්‍යතනයේ පාසල් යන 8,9 වසර දරුවන් පවා මේ වෙද්දී සමාජ ජාල භාවිතා කරනවා.ඒ නිසා සමාජ ජාල හරහා විසිරී යන පුවත් වල ඇත්ත නැත්ත වටහා ගැනීම, මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට හානි නොකිරීමට , තමන්ගේ මතය මෙලොව ඇති පරම සත්‍ය නොවන  බවට වටහා ගැනීමට වැඩිහිටි අපි ඉක්මනින් ඉගෙන ගත යුතුයි.නැතිනම් ඉන් විනාශයට පත් වන්නේ internet හරහා සම්බන්ධ වී සිටිනා අපේ ලමා පරපුරයි.වර්ථමානයේදී ළමයින් මේ තාක්ෂණික මාධ්‍ය වලින් ඈත් කර තැබීම යනු විහිලුවක්.බොහෝ වැඩිහිටියන් ළමයින්ව මේවා වලින් ඈත් කරන්නේ සමාජ ජාලා හා අන්තර්ජාලය යනු ලමයින්ට නරක තැනක් බව කියමින්.මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමටත් පහසු කිරීමටත් බිහිව ඇති තාක්ෂණික මාධ්‍යයන් අමනෝඥ ලෙස භාවිත කරන වැඩිහිටි පරම්පරාවක් නිසා තමයි මේ මාධ්යයන් නරක තැන් බවට පත්වී ඇත්තේ.ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතාව වගකීමෙන් හා අවබෝධයෙන් කරනුවස් සැමගේ අවධානය ඒ දෙසට යොමු වන්නේ නම් ඉතා වටී.

Saturday, December 17, 2016

සමාජ ජාල - ඉදිරි දශකයේ පිළිලය ද?






"සමාජ ජාලා වෙබ් අඩවි" අද වන විට මේක නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ ජාල අඩවි සහ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනවා.මේවායින් සපයන වැධගත් සේවය ගැන අමුතුවෙන් කියන්නට යන්න ඕන නෑනෙ.කොහොම නමුත් සමාජ ජාල අඩවි අද වන විට ජනප්‍රියව භාවිත වන්නේ ඒවායෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තු උනු මූලික අරමුණු වලට පරිබාහිරව කියලා කියන්නටත් පුලුවන්. ආරම්භයේදී, භෞතිකව දුරස්ථව සිටින සමීපතමයින් ලන්කර ගැනීමටත්,අලුත් මිතුරු මිතුරියන් හදුනා ගැනීමටත් භාවිත වූ සමාජ ජාල අඩවි අද එයින් එහාට විශාල පිම්මක් පැනලා ප්‍රකාශන මාධ්‍යයක් විදියට භාවිත වෙන්න අරගෙන තියනවා. අපිත් මුල් කාලයේදී අපෙන් ඈත් වුනු යාලුවෝ නැවත සමීප කරගන්න,අපේ photos upload කරන්න, ලස්සන ලස්සන කෙල්ලො හොයලා friendsලා විදියට add කරගන්න භාවිතා කරපු Facebook එක අද වන විට භාවිතා කරන්නේ අපේ හිතට එන අදහස් ලෝකයා සමග බෙදා ගන්න. මේ අයුරින් ප්‍රකාශන මාධ්‍යයක භූමිකාව දක්වා තම ප්‍රතිරූපය පරිණාමය කරගත්ත සමාජ ජාල අඩවි ඒ ප්‍රතිරූපය දිගින් දිගටම පවත්වාගන්න නොයෙක් පහසුකම් සපයමින් ඉන්නවා.උදාහරණයක් විදියට fb එකේ නම් pages,groups,events, fb live ආදී දේවල් හදුන්වන්න පුලුවන්.ඒ වගේම සමාජ ජාල වලින් පිටතත් ගොඩක් news sites, gossip sites, blogs හැදිලා තියෙන්නේ ඒ ප්‍රවනතාව තවත් පුලුල් කරමින්.

කොහොම උනත් අපේ රටේ නම් මේ සමාජ ජාල අඩවි හා අනෙකුත් news/gossip sites භාවිත කරන ප්‍රමාණය රටේ සමස්ථ ජනගහනයත් එක්ක බැලුවම නම් කුඩා කොටසක්.කලින් කිව්වා වගේ, යාලුවො අදුනගන්න , සින්දු අහන්න , photos upload කරන්න අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වුනු මේ පිරිසට අද වන විට තමන්ගේ ප්‍රධාන තොරතුරු දැනගැනීමේ මාධ්‍යය බවට පත් වෙලා තියෙන්නෙත් සමාජ ජාල අඩවිම තමයි.තවත් විදියකට කියනවනම් අද වන විට ගොඩක් දෙනෙක් fb එන්නේ news දැනගන්න.මුලදී කිව්වාක් වගේ මේ වෙද්දී හැදිලා තියන pages,groups හරහා මේ උවමනාව සන්සිදුවනවා. ඇත්තටම මේක තොරතුරු ප්‍රවාහයක්.මේ තොරතුරු ප්‍රවාහය දිනෙන් දිනම පුලුල් වෙනවා. කොටින්ම කිව්වොත් මේ වෙද්දී එම තොරතුරු ප්‍රවාහය අපිට දරාගන්න බැරි තරම් පුලුල් වෙලා ඉවරයි.අපිට ඕන වෙලාවට වගෙම අපිට ඕනෙ නැති වෙලාවටත් රටේ , ලෝකේ අහු මුලු වල සිද්ධවෙන වෙන ඕන දේයි, එපා දේයි හැම එකක්ම අපේ ඇස් වලින් ඇතුල් වෙලා මොලයට යනවා.අපි chill වෙන්න හිතාගෙන fb ගිය වෙලාවක උනත් මේ තොරතුරු ප්‍රවාහය අපේ අවසරයක් නැතුවම අපේ ඔලුවට ඇතුලු වෙනවා.ඇතුලු වෙලා අපේ mood එක අවුල් කරන්වා.



ඉස්සර නම් යම් පුද්ගලයෙක්ට තොරතුරක්,ප්‍රවෘතියක් දැනගන්න ඕනෑ උනාම එයාට තිබුණු මාධ්‍ය වුනේ රූපවාහිනිය, ගුවන් විදුලිය හා  පත්තරය. මේ මාධ්‍ය තුලින් අපිට තොරතුරු දැනගන්න පුලුවන් උනේ එක්තරා වේලාවකදී විතරයි.රූපවාහිනියෙ හා ගුවන් විදුලියෙ නම් ප්‍රවෘති විකාශනය වෙන වේලාව වෙනකල් ඉන්න වෙනවා.පත්තරේ  නම් ඊලග දවස වෙනකල්ම ඉන්න වෙනවා. නමුත් අන්තර්ජාලය තුල සෑම මොහොතකම යාවත්කාලීන වෙමින් තොරතුරු පල වෙනවා.ඒ නිසා තොරතුරු දැන ගැනීමට ඕන වෙලාවට අපිට ගිහිල්ලා තොරතුර බලාගන්න පුලුවන්.රූපවාහිනිය හෝ ගුවන්විදුලිය වගෙ ප්‍රවෘති කියන වෙලාව එනකල් බලන් ඉන්න ඕනි නෑ.ඒක හරිම පහසුවක් , ඒ වගේම අන්තර්ජාල සේවා හරහා පල වෙන ප්‍රවෘතියකට අපිට ඒ වෙලේ ප්‍රතිචාර දක්වන්නත් පුලුවන් comments හරහා හෝ e-mail හරහා.ඒ නිසා අන්තර්ජාල ආශ්‍රිත තොරතුරු සේවා වලින් පාඨකයන්ට interact වීමේ හැකියාව ලැබෙනවා.ඉතින් මේ කියන interact වීමේ හැකියාව , වේගය සහ ඕනෑම වේලාවක තොරතුරු ලබා ගැනීමේ හැකියාව හරහා ජනප්‍රිය උනු අන්තර්ජාල පුවත් සේවා සමාජ ජාල අඩවි තුලට රින්ගන්නේ pages හා groups විදියට. නැතිනම් ඒ ඒ අඩවි වලට ලබා දී ඇති fb share කිරීමේ පහසුකම මත.

දැන් එතකොට මොකක්ද මේ පිළිලයක් වෙන කථාව ?... ඒක වෙන්නේ මෙහෙමයි.මේ යන ප්‍රවනතාව එක්ක අපිටත් පාලනය කරගත නොහැකි මට්ටමින් අපේ ඔලුවට ගලා වැටෙන තොරතුරු ප්‍රවාහයේ ඇති හැම දෙයක්ම සත්‍ය තොරතුරුද ?...මුල ඉදලම තියෙන සම්ප්‍රදායික රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ පොදු සන්ඛ්‍යාත පරාසයක.ඒ කියන්නේ ඒවා මහජන දේපළ.ඒ නිසා ඔවුන් වාර්ථා කරන තොරතුරු,ප්‍රවෘති වල සත්‍ය භාවය පිලිබද වගකීමකින් ඔවුන් බැදී සිටිනවා.නිසි කර්තෘ මන්ඩලයක් සහිතව ක්‍රියාත්මක වන පුවත්පත් පවා එහෙමයි.නමුත් කර්තෘ අඥාත වන fb pages, groups හා blogs වලට මේ වගකීම බලපාන්නේ නෑ.ඒ කියන්නේ ඒවායේ adminලාට හිතට එන ඕනිම දෙයක් පල කරන්න පුලුවන් තමන් වගකීමකින් බැදී නැති නිසා.වර්ථමානයේ ගොඩක් fb pages හා  බැදුණු gossip sites වල news කියලා පල කරන්නේ memes හෝ යම් ප්‍රකාශයක් සදහන් photo එකක්.මේවා ඉතාම සන්ක්ෂිප්ත ආකර්ශනීය වාක්‍ය කිහිපයක් විනා විස්තරාත්මක  ප්‍රවෘති නොවෙයි.ඉතින් මේ පබදිනා වාක්‍ය කිහිපය හෝ පල කරන ඡායාරූපය මිනිසුන්ව ඉක්මනින් දපනෙ දාගන්න පුලුවන් අන්දමින් සකස් වෙන ඒවා බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.මෙවැනි ප්‍රකාශන මගින් ඉලක්ක කරන්නේ විනාඩියකට දෙකකට fb එකට ගොඩ වෙලා relax වෙන්න එන ජන සමූහයව.ඔවුන්ට යම් ප්‍රවෘතියක් විස්තරාත්මකව කියවගෙන යන්න ඉස්පහසුවක් නෑ.ඒ නිසා ප්‍රකාශයට පත් වෙන මෙවැනි news කෑලි වලට ඔවුන් කැමතියි.වඩාත්ම ප්‍රශ්නෙ වෙන්නෙ යම් දෙයක් නිසි පරිදි හොයා බලන්නට ඉස්පාසුවක් නැති මිනිස් ජීවිත මේ ආකාරයෙන් පලවෙන සදොස් වාර්ථා බොහොමයකට රැවටීම.යම් ප්‍රකාශනයක් සහිත එකක් photo දැක්ක ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක දිගට හරහට fb එකේ share කරන අයුරු මේ කාල සීමාවේ අරුමයක් නෙවී.මෙලෙසෙ share වන බොහොමයක් දෑ අසත්‍ය ඒවා.නමුත් කිසිවෙකුට එවැනි අසත්‍ය දෑ පල කලා කියලා  වරදකාරී හැගීමක් එන බවක් පේන්න නම් නෑ.

මෑතදී මෙවැනි සදොස් පුවත් ජාතිවාදය ඇවිලවීම සදහා නොනැවැත්වී භාවිත වෙන බවට නිරතුරුවම දැක ගත හැකී.ඒ වගේම පසුගිය කාලයේදී නලු නිලියන් පිරිසක් මිනී පෙට්ටියක් ලගට වෙලා හිනා වෙලා ගහපු selfie එකක් fb එක පුරා කරක් ගැහුවේ මුන් කොතරම් නැහැදුණු උන්ද කියලා ඔවුන්ට අපහාස කරලා.පසුව  දැනගත්තා ඔවුන් ඒ selfie එක ගහල තිබුනේ නාට්‍ය දර්ශනයක් අතරතුර කියලා.එමෙන්ම මීට මාස කිහිපයකට කලින් ඇති වුනු මහා ගන්වතුර තත්වයේදී යම් page එකක දාපු ප්‍රකාශයක් viber හා sms මගින් පවා ව්‍යාප්ත වුනා.ඒ ප්‍රකාශයේ තිබුනේ තවත් දවසක් වර්ශාව පැවතුනොත් මුලු ලංකාවටම විදුලිය,නළ ජලය හා ඉන්ධන නොමැතිව ලංකාවම ගල් යුගයට යන ඉතා භයානක පණිවිඩයක්.බොහෝදෙනා කිසිදු වගකීමකින් තොරව, නිසි විමසා බැලීමකින් තොරව මෙවැනි පුවත් හතර අතේ යවනවා.මේක ලේසි පහසු තත්වයක් නෙවී.ඒ වගේම ලගදිම උනු සිද්ධිය ගාලු මුවදොර නත්තල් ගහේ සිද්ධිය.මේ නත්තල් ගහේ වියදම එක් page එකක දැමූ photo එකක සදන් උනේ මිලියන 200ක් ලෙසින්. තවත් page එකක් එය වාර්ථා කරලා තිබ්බා මිලිය 600ක් ලෙසට.මේ දෙක share කරමින් බොහෝ දෙනා රජයට හෙන හත ඉල්ලා තිබුනේ අහස පොලව නුහුලන මේ වියදම් විශ්වාසයට ගනිමින්.

සමාජ ජාලා හරහා ප්‍රචාරය උනු මෙවැනි උදාහරණ පිටු ගනන් ලියන්න පුලුවන්.නමුත් කිසිවෙක් මේ තත්වය බරපතලෙට ගෙන නැත්තේ මෙවැනි ප්‍රචාර හරහා තවමත් මහ කලබැගෑනියක් මහ සමාජය තුල ඇති නොවුණු නිසා.ඒකට හේතුව වන්නේ පටන් ගනිද්දිම කීවාක් මෙන්  සමාජ ජාල හරහා සම්බන්ධ වන පිරිස සමස්ථ ජනගහනයත් එක්ක ගත්තතම තවම කුඩා ප්‍රමාණයක් වීමයි.මේ නිසා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව share කරන , fb එකේ ගහමරාගන්න මේ සාවධ්‍ය තොරතුරු මහ සමාජයට බලපෑමක් වෙන්නේ අඩුවෙන්.නමුත් නිසැකවම ඉදිරි දශකය තුල සමාජ ජාල සමග එක් වන රටේ ජන  ප්‍රමාණය පැහැදිලි බහුතරයක් බවට පත්වෙනවා. එවැනි විටෙකදී සමාජ ජාල ආශ්‍රිතව සන්සරණය වන තොරතුරු පිලිබද ඇති බුද්ධිමය සාක්ෂරතාවේ අඩුකම පැහැදිලි අර්බුධයක් බවට පත්වෙන එක වලක්වන්න බැරි වෙයි මේ විදිහට ගියොත්. දහස් ගනන් වූ අසත්‍ය තොරතුරු බෙදා හරින, ජාතිවාදය අවුලවන pages හා web sites සමූහයක් තුල ජීවත් වෙමින් ඒවායින් සත්‍ය අසත්‍ය වෙන් කර ගැනීමේ බුද්ධීමය සාක්ෂරතාව ඇති කරගැනීමට සැම දෙනාටම පුලුවන් විය යුතුයි කියමින් ඉතිරි ටික මීලග ලිපිය දක්වා කල් තබනවා.එතෙක් අපි මේ ගැන ඔබේ අත්දැකීම්  සන්වාද කරමු....

Wednesday, November 30, 2016

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ....




YAMUlk එකේ කස්ටිය ඊයේ පෙරේදා සිට හොදට අසාගනිමින් සිටිති.ඒ අම්පිටියේ සුමනරතන හිමියන් අලලා YAMU සැට් එක සෑදූ video එකක් නිසාය.YAMU සැට් එකේ ඔවැනි videos කිහිපයක්ම නයියා මීට කලින් නරඹා ඇත.ඒවායේ සිත් ගත් දෙය වූයේ උන් කියනා දේවල් නොව උන් එය ඉදිරිපත් කල ආකාරයයි.කුමක් හෝ සිද්ධියක් අරඹයා ඒ ගැන අපි වගේ හෑල්ලක් ලියනවා හෝ ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරනවා වෙනුවට උන් ගත් approach එක හෙන නිර්මාණාත්මක එකක්විය.නයියා ඒ videos වලට කැමති වූයේ අන්න ඒ නිර්මාණාත්මක ගුනයටය.යමු සැට් එක අපේ සජිත් මහත්තයා උස සිකුරුටි-මිටි කම්කරු රස්සා දෙන ක්‍රමේ අලලා සැකසූ video එක හෙනට ජප්‍රිය වුනා නයියාට මතකය.කස්ටිය ඒක උඩ දාගෙන share කලෝය.කලින් කීවාක් මෙන් මේ videos වල ඔලුවට ගන්නට මහ දෙයක් තිබුනේ නැත. ඒවායේ තිබුනේ කුමක් හෝ සිදුවීමක්,ප්‍රකාශයක් උපහාසයට ලක් කරමින් ඔවුන් ගත් නිර්මාණශීලී වෑයම පමණි.රටේ වෙන සිදුවීම් අලලා මෙවැනි උපහාසාත්මක දැන්වීම් මෙන්ම අපහාසාත්මක දැන්වීම්ද අද කාලයේ විරල නොවේ.ප්‍රකාශන නිදහස සාමාන්‍ය පුරවැසියාගේ ඇගිලි තුඩු මතට පවා ඉතා පහසුවෙන් ලැබී ඇත්තේ තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසාය.ඒ නිසා තමන්ගේ හිතට එන ඒවා කටින් කීමෙනුත්,අතින් ලිවීමෙනුත් නොනැවතී සැනකින් ඒවා පොදු අවකාශයට මුදා හැරීම දක්වා අද ප්‍රකාශනයේ නිදහස දසත පැතිරී ඇත.එබැවින් ඕනෑම සිදුවීමක් ගැන තොරතුරු,මතවාද,අදහස් හා උදහස් අපිට දරන්නට බැරි තරම් වේගයකින් අප වෙත ලගා වේ.ඉන් සමහරක් සාවද්‍ය ඒවාය, සමහරක් අන්තවාදී හා නොමග යවනසුලු ඒවාය.සත්‍ය බොහෝ විට යටපත් වී ඇත්තේය.ඒ නිසා මේ ගලා එන තොරතුරු ප්‍රවාහයට ඉවසීමෙන් මුහුන දීම යෙහෙකි.

දැන් අපි නැවත අම්පිටියේ හාමුදුරුවන් ගැන YMAU සැට් එකේ video එක දෙසට හැරෙමු.මේක, හාමුදුරුවන්ගේ ඉවසුම් රහිත හැසිරීම විද්‍යමාන වූ එක් අවස්ථාවක් අරඹයා නිමවන ලද video එකකි.ඉතින් යමු එකාලා ඒක ගැන උන්ගේ කටට එන දේ කියනවාය.ඒ කියන දේ කිසිවක වැරැද්දක් ඒ සිදුවීම හා ගැලපූ කල නොපෙනේ.මන්ද අපේ හාමුදුරුවන්ගේ එම අවසාවේ හැසිරීම ඒ තරමට කුජීත නිසාය.
YAMU සැට් එකට එල්ලවන විරෝධය දෘශ්ඨීන් දෙකක් නිසා ඇතිවී තිබේ.එකක් නම් බෞද්ධ ආගමට අපහාස කරන බවට එල්ලවන සුපුරුදු ඔලමොට්ටල වාහෙලාගේ අදෝනාවයි.දෙවැන්නා අම්පිටියේ හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපයට තුඩු දෙන පීඩාකාරී සාධක ගැන YAMU එවුන් නොදන්නා බවට ඇති චෝදනාව්යි.මේ දෙකම තර්කානුකූලව හෝ වැධගත් විවේචනයක ස්වරූපයකින්  මතුකරන්වා වෙනුවට එලියට එමින් ඇත්තේ සුපුරුදු කුනුහර්ප හා අසික්කිත කියමන් තුලින් YAMU සැට් එකේ උන්ගේ මව් පියන්ට පවා අපහාස කරනා වල්බූරු නැහැදුනු අනන්‍යතාවයි.

මින් පළමු වර්ගයේ චෝදනාවට පිළිතුරු දීමෙන් පලක් නැත.මන්ද ඒ කල්ලිය සෑදී ඇත්තේ බුදු දහම යනු චීවරය, බුදු පිලිම, බෝගස් හා දාගැබ් යන බවට විශ්වාස කරගත් නූගත් බූරු රැලකගෙන් වීමයි.උන්ට උත්තර දෙන්නට යාම යනු අපිද බූරුවන් ගානට වැටීමයි.නමුත් දෙවෙනි කරුණ සැබවින්ම සන්වේදී එකක් කියා නයියාටද සිතේ.මේ කියන හාමුදුරුවෝ වාසය කරනුයේ සින්හල-බෞද්ධ සුලුතරයක් ජීවත් වන ප්‍රදේශයකය.එය පහුගිය දශක කීපයේ කොටි ත්‍රස්ථයන්ගේ කෙනෙහිලිකම් වලටද නිබදව බදුන්වූවක් බව කියවේ.සුමනරතන හිමියන් පසු ගිය වසර ගනනාවක් මුලුල්ලේම ඒ පලාතේ සුලුතරයක් වූ සින්හල ජනයාගේ ඉල්ලීම් හා දුක් ගැනවිලි වෙනුවෙන් නොබියව පෙරට පැමිණි බවට විවාද නැත.නමුත් ගැටලුව ඇත්තේ එහිමියන්ගේ පාලනය කරගත නොහැකි කෝපය සමග ගලා එන පහත් වචන මාලාවයි.යමු වීඩියෝවේ අඩන්ගු වෙන්නේ සුමනරතන හිමියන් රාජ්‍ය නිලධාරියෙකුට අසැබි වචනයෙන් පරිබව කරන ආකාරයයි.එය කිසිසේත් නිවැරදි ක්‍රියාවක් නොවන්නේය.මේ නොපනත් හැසිරීම චීවරයට මුවා වී කරන නිර්ලජ්ජිත හැසිරීමක් බවට සැමගේ විවේචනයට භාජනය විය යුතුය.ඒ පහත් හැසිරීම සිවුරෙන් ආවාරණය කිරීමට ඉඩ දිය යුතු නැත.

ඒ මොනවා උනත් සුමනරතන හාමුදුරුවන් ගැන නයියාට ගෞරවයක් ඇත්තේය.මායිම් ගම්මානයකට වී කොටි තර්ජන ගර්ජන මැද, මුස්ලිම් කෙනෙහිලිකම් මැද උන්වහන්සේ තවමත් තම දායකයන් වෙනුවෙන් එහි ජීවත් වන්නේය.අසරණ මිනිසුන්ගේ හඩට ශක්තියක් වෙමින් සිටින්නේය.අවුල ඇත්තේ ශක්තියක් වෙන්නට යද්දී නොසන්සුන්කම නිසා break නැති කටින් පිටවෙන අප්‍රිය ජනක කුණු වදන් පෙල හා අසෝබන හැසිරීමයි.ඒ නිසා හාමුදුරුවන් කරුණාකරලා මීට වඩා හොද ඉවසීමෙන් හා හික්මීමෙන් හැසිරෙනවා මැනවි.ඔය අප්‍රිය ජනක හැසිරීම නිසා මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්නය යටගොස් උඩට මතුවන්නේ සුම්නරතනගේ අප්‍රියජනක හැසිරීමේ කථාන්දරයයි,බෞද්ධ අන්තවාදයක කථාන්දරයයි.ඒ නිසා සුමනරතන හිමියන් මොන අමාරු අවස්ථාවක උනත් වැධගත් ලෙස ප්‍රශ්න විසදීමට ඉගෙනගත යුතුය.ඉහත කීවාක් මෙන් සුමනරතන යනු මිනිසුන්ගේ සැබෑ දුකේදී මිනිසුන් සමග සිටිමින් ශක්තියක් වූ හිමි නමක් බවට සැක නැත.අර කන්ද උඩරට වෙසෙන පතෝල මහනායක ඩබල මෙන් නොව මුන් වහන්සේලා දාහෙන් සම්පතකි.එන එන සක්කිලි දේශපාලුවන්ගෙන් අටපිරිකර පොදිගහගන්නා මේ මහනායක පතෝල දෙනමට මෙරටේ සන්ඝ සමාජයේ ඇති කුල බේදය ගැන කටක් හොල්ලන්නට බැරිය,එයාලා දනට පිලිගන්නේ පළාතේ ලොකුම ධනපතියන්ගේ දාන මාන පමනක්ය,බලයේ සිටින හැම දේශපාලකයාටම ඔලුව වනමින් උන්ගෙන් යැපෙන්නේය.ඒ නිසා ඒ පතෝල දෙනම ගැන වීඩියෝවක් කලා නම් වඩා හොදය.එමෙන්ම සුමන හිමියන් නානසාර උන්දෑ මෙන් රට ගිනි තබමින් රට වටේ කරක් ගසන්නේද නැත.උන්වහන්සේ කථා කරනූයේ තමන් වසන ප්‍රදේශයට නිශ්චිත වූ ගැටලු සමුදායක් ගැනය.ඒ ගැන වගකිව යුත්තන් නිසි අවධානය යොමා විසදාදෙන්නේ නම් මේ ගිනි විජ්ජුම්බර මින් පසු ඇවිලෙන්නේ නොමැත.

අන්තිම වශයෙන් YAMU එකට කුණුහරුපෙන් බැනවදිමින්, උන්ට තර්ජනය කරමින් ප්‍රතිචාර දක්වන සැමට දෙයක් කිව යුතුය.පටන් ගනිද්දීම කීවාක් මෙන් ප්‍රකාශනයේ නිදහස අපේ ඇගිලි තුඩු අගට, දෙතොල් පෙති මතට ඕනෑවටත් වඩා වැඩම කර ඇති බව සැබෑය.ඒ නිදහස අපි සැමට අනුන්ගෙන් ආතල් ගැනීමට හොද අවකාශයක් සපයා ඇත.YAMU උන් සජිත්ගේ රස්සා බෙදිල්ල උපහාසයට ගන්න විට උඹලාට හෙන චූන් විය.සුජීගේ සීන් එකේ ඒ අසරණ ගැහැනිය තම ජන්ගම දුරකථනයෙන් පෞද්ගලිකව කියවූ කුණු හරුප උඹලාට හෙන ආතල් එකක් ගෙන දුනි.ඒ ගැන memes හද හදා හැමෝම දෙපැත්ටකට නොබෙදී හෙනම දැහැමෙන් සෙමෙන් ආතල් ගත්හ.නමුත් විවේචනයට සිවුරක් ගෑවුනු කල උබලාගේ ඉහ මොල රත් වෙන්නේය.දැන් ඒ උපහාසය උඹලා කැමති දෙයකට එදිරිව යොමුවන විට උඹලාගේ ගද ගහන පහත් ගති බොක්කේ සිටම මතුවී අනික් උන්ට තර්ජනේ කරන්නටත් උන්ට කුණු හරුපෙන් බනින්නටත්, උන්ගේ pages නැතිකරදමන්නටත් සැරසෙති. ඒවා කැත වැඩය.විරෝධයක් ඇත්නම් ඒ විරෝධය සාකච්ඡාවෙන්, තර්කයෙන් ගෙනයාමට උඹලා පුරුදු විය යුතුය.ඔය විදියට අනෙකා මත තමන්ගේ මර්ධනය මුදා හැරීමට උඹලා වලිකන්නේ නම් මේ ආණ්ඩුවත් තමන්ට විරුද්ධව හඩ නගන, උපහාස කරන pages,web sites block කරලා දමන්නටත් ඒවායේ සිටින කර්තෘවරුන්,adminලාත් අල්ලා සුදු වෑන් වලින් අතුරුදන් කරන්නට පටන් ගහ්තොත් ඒකටත් වැරැද්දක් කියන්නට බැරිය. ඒ නිසා කරනා විවේචනයක් ගරු සරු ඇතුව වැධගත් ලෙස කරගන්නට බැරි නම් මක බෑවී යන එක හොදය.සන්වාදයක් නිසි ලෙස වැධගත් ලෙස කරන්නට බැරි තරුණ පරපුරකින් රටට වැඩක් නැත.

Saturday, November 19, 2016

දේශපාලන හා ආගමික වහල්ලු





අන්තවාදී ප්‍රචාරණ හා ක්‍රියාමාර්ග නැවත නැවත නැගී එමින් පවතින බව පෙනෙන්නේය.කස්ටියක් සිරීපාදේ අල්ලන් නටන්නට ගත්තේ එහි ඇති පාරිසරික වැධගත්කම සලකා නොව තම්බිත් එක්ක ඇරගැනීමේ පොටක් පාදාගන්නටය.තවත් උන් ටිකක් ඒකේ නම සින්හලෙන් දමන්නට වලිකති.ආබාධිත සෙබලු සැට් එකක් උසි ගන්වාගත් මහින්ද පිලේ කාලකන්නි ටික නැවත තම වල ඉහගන්නට තැත් කලේ සිවුරු පෙරවාගත් මදාවි රැලක්ද ඉස්සර කරගෙනය.ඒ අස්සේ තව්හිද් ජමාද් හෝ ඒ වගේ නමක් ඇති මුස්ලිම් අන්තවාදී රැලක් මහදවල් ඩෙගා නැටුවේ කුඩා දැරියන් කෙලෙසීමට තමන්ට ඇති අයිතිය ඉල්ලමිනි.ඒ අතරම් මඩකලපුවේ හාන්දුරුවෝ හා නානසාර නැවත තම මදාවි පාට් දැමිල්ල පටන් ගෙන ඇත්තේය.ඒ සියලු කාරණා අතරේ අද කතා කොරන්නට යන්නේ අපේ ඇති දේශපාලන වහල්කම හා ආගමික වහල්කම ගැනය.

මීට මාසෙකට පමණ කලින් සිරිසේන ජනපතිතුමා ඇවන්ගාඩ් සිද්ධියට අදාලව චෝදනා ලැබූ ගෝඨාභය ලොක්කා වෙනුවෙන් හා නාවික හමුදාපතිවරුන් තිදෙනා වෙනුවෙන් රෙදි නැතුව මහා සභාවක කඩේ ගියේ යහපාලන ප්‍රතිපත්ති අමු අමුවේම කෙලෙසා දමමිනි.මේ කතාව අරබයා අපේ ගෙදර හෙන වාදයක් පැන නැගුනේ නයියා එම කතාවට විරුද්ධව දැක්වූ අදහසක් නිසාය.මේ අයුරින්ම මේ ආණ්ඩුව කරන්නාවූ හැම පක්කිලි වැඩක්ම සාධාරණීකරන්නට ලෑස්ති උදවිය බොහෝ දෙනෙක් අපේ වැඩිහිටි සමාජයේ සිටිති.ඔවුන් නිදහසට දක්වන මූලික තර්කය වන්නේ මහින්ද ජනපතිතුමාගේ කාලයේ කල වන්චා දූෂණ සහ මිනී මැරුම්ය.එයා ඉතින් කෙලින්න තියන ඔක්කෝටම හිතූ හැටියේ  ඇර ඇති නිසා මේ ආණ්ඩුවේ මැති ඇමතිගොල්ලා මෙන්ම උන්ට ඡ්න්දය දුන් ඡන්ද දායකයන්ද මහින්දගේ පක්කිලි වැඩ කන්ද පෙන්නා, ඒකට මුවාවී තම අශීලාචාරකම්, හොරකම් සගවා ගනිති. මෙයාලාට අනුව රටේ බදු බර වැඩිවන්නේ මහින්ද නිසාය.ජනතාවාට පීඩාවන හැම ලබ්බම සිදුවන්නේ මහින්දගේ කාලයේ සිදුවූ නොපනත්කම් නිසාය.නමුත් උන්දා හොදින් ඉන්නේය.මුන්ද තව තව සැප වැඩි කරගනිමින් ඉතා හොදින් වෙසෙති.මහින්දගේ කුණු අදින්න වෙලා තියෙන්නේ අපිටය.මේකේ ලොකුම අවුල ඇත්තේ යහපාලනේට කතිරේ ගැසූ සමහරක් වැඩිහිටියන් මේ යහපාලන විකට කතා ඉස් මුදුනෙන් පිලිගන්නා එකය.ඊට විරුද්ධව වචනයක් කී විට එයාලා රෙද්ද උස්සන් ඇගට ගොඩවන්නේය.මහින්දට ඡන්දය දුන් එවුන්ද මෙසේමය.හැබැයි උන්ගේ නම් වැඩිහිටි පොඩිහිටි කියා බේදයක් නොමැත්තේය.උන් ඔක්කොම එක ලෙස මෝඩ හරක් මෙන් මහින්දට විරුද්ධව වචනයක් කියූ ගමන් ඇගට කඩන් පනින්නේය.

සැබවින්ම ජනතාව මෙලෙස මුග්ධ වී ඇත්තේ ඇයි?...මැතිවරණ සමයකදී තමන් කැමති පක්ෂය හෝ අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටීම වෙනම කතාවකි.නමුත් ඡන්දයෙන් පසුවත් ඔවුන් කර මත තබාගෙන සිටීම යනු මුග්ධකමක් බව සැමදෙනා වටහා ගතයුතුය.මෙලෙස තම දේශපාලනඥයා හෝ පක්ෂය දිගින් දිගටම කර මත තබාගෙන සිටින්නවුන්ට සත්‍යක් දැකිය නොහැක්කේය.ඒ ඒ දේශපාලනඥයාට එල්ල කරන විවේචන තමන්ට එල්ල කරන චෝදනාවක් හා සමානව ඔවුන්ට දැනේ.ඒ නිසා අඩි පොලොවේ හප්පමින් තරහ ගනිමින් අනිකා සමග ගැටෙන්නට උත්සහා ගන්නේය.තමන් මැතිවරණයකදී යම් තැනැත්තෙක්ට මනාපය පල කල පමනින් තමා ඔහුව හැමවිටම සාධාරණීකරනය කල යුතු නැති බවත් ඔහුට විරුද්ධව නැගෙන මත තමාට එරෙහිව කරන චෝදනාවක් ලෙස පුද්ගලිකව ගත යුතු නැති බවත් මෙරට බොහෝ දෙනා වැටහෙන්නේ නැත.ඒ නිසා බොහෝ දෙනෙක්ට තමන් ඉදිරියේ වෙමින් පවතිනා දෙය තම පක්ෂයේ පාට කන්නාඩියෙන් තොරව දැක බලා ගන්නට නොහැකිව ඇත්තේය.එහි පිහිටෙන් මේ මැති ඇමති ගොල්ලෝ සැමදා යෙහෙන් වැජබෙත්.

මෙහිම තවත් ආකාරයේ අන්තවාදී ආගමික මුලාවක් පසුගියදා දැකගත හැකි විය.ඒ වැඩිවියට පසුවූ වහාම මුස්ලිම් දැරියන්ට විවාහ වීමට අයිතිය ඇති බවට හඩ නැගූ මුසල්මානු අන්තවාදීන් කොටසකගෙනි.ලන්කාවේ මූලික නීතිය අමු අමුවේ උල්ලන්ගනය කෙරෙන මේ මුස්ලිම් විවාහ නීතිය ලෝකයේ ළමා අයිතිවාසිකම් පවා නිර්ලජ්ජිතව කෙලෙසන්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.වයසක පිරිමි ගොන්නක් එකතු වී, කුඩා දැරියන් කෙලෙසීමට තමන්ට තිබෙන්නාවූ අයිතිය උදුරා නොගනු වස් කල උද්ඝෝෂණය, වලත්ත කතා වලින් පිරී තිබුණු බව ඇසුවෝ දනිති.ප්‍රතිසංස්කරණ වලට දැඩි ප්‍රතිරෝධයක් දක්වන ඉස්ලාම් ආගමෙහි මෙවැන්නන් ඇතිවීම පුදුමයක් නොවේ.නමුත් දුක කියන්නේ, අවුරුදු 7,8 දැරියන්ගේ ලින්ගික අසහනය පිලිබද මොරදී පවසන්නට ඉදිරිපත්වී ඇත්තේ නාකින් රැලක් හා ඉස්කොලේ යන වයසේ පොඩි කොල්ලන් සැට් එකක් වීමය.

රටකට තිබිය යුත්තේ එක් මූලික නීති පද්ධතියකි.එය රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම සමානව එක හා සමානව සැලකීමට ලක්වීමේ අයිතිය ප්‍රකාශ කරන්නක් විය යුතුය.ආගම,ජාතිය හා බැදුනු සිරිත් විරිත් කිසි ලෙසකින්වත් රටේ මූලික නීතිය යටපත් කරන්නක් නොවිය යුතුය.උඩරට නීති,තේසවලාමෙයි නීති,මුස්ලිම් විවාහ නීති,මුස්ලිම් බැන්කු පමණක් නොව ආගම් වලට වෙන්වූ පාසල් පවා තහනමට ලක් විය යුතුමය.නව ව්‍යවස්තාවක් සම්පාදනය වෙමින් තිබෙන කාලවකවානුවක මේවා පිලිබද අවධානය යොමු වෙන්නේ නම් හොදය.නමුත් මෙහිදී ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුව මේ විකාරරූපී නීතිය ඉවත් කරන්නට යන්නේ යුරෝපා සන්ගමයට ඕනෑ නිසාය.ඒ කියන්නේ GSP+ සහනය ගන්නට නොතිබ්බානම් ආණ්ඩුවට මේ පක්කිලි මුස්ලිම් විවාහ නීතිය පිලිබද කිසිදු අවුලක් නෑ කියනා එකය.අන්තවාදීන්ගේ ප්‍රධාන තර්කයක් වනේද මේයයි.එනම් බටහිරට ඕනෑ විදියට තම්න්ගේ සන්ස්කෘතිය වනසන්නට දිය නොහැක කියලාය.කොහොමත් මේ රටේ පැවතුණු හා පවතින ආණ්ඩු සියල්ල නටන්නේ ලෝක බැන්කුවේ හා IMF එකේ පදයට බව අමුතුවෙන් කිය යුතු නැත.හැබැයි එහි එක් හොදක් වන්නේ මේ තරමින් හෝ මෙරටේ මානව හිමිකම් රැකිලා තියෙන්නේ අපේ රටේ ආර්ථිකය නටවන බටහිරට පින්සිද්ධ වෙන්නට වීමයි.නැත්නම් ඉතින් අපිටත් ඉන්නේ වලහලුන් වගේම තමාය.ඔය යහපාලන් ලොක්කන් දෙදෙනාත් ගෙනෙන්නට තැනූ මර්ධනකාරී පනත් කිහිපයක්ම අකුලාගන්නට සිදුවුනේ බටහිර බලපෑමට හා මේරට සිවිල් සන්විධානවල අධිෂ්ටානශීලී විරෝධය නිසාය.ඒ නිසා බටහිර ඇත්තන්ට පින් දෙමින් හෝ මෙරට මානව හිමිකම් වලට කෙලවනා හා නිගාදෙන විකාර රූපී දේවල් අයින් කල යුතුය.තමන් පුක උඩන් තියන් වදින පුදන අවුරුදු දහස් ගනන් පැරණි ආගම් වල කුමක් සදන් වුනත් මිනිසුන් හැසිරිය යුත්තේ මිනිසත් කමට ගැලපෙන පරිදිය.ශිෂ්ඨාචාරගත වීමටත් ප්‍රගතිශීලී වීමටත් සූදානම් නැති ආගමික කැනහිලුන්ගෙන් වර්ථමාන ලෝකයට වැඩක් නැත.අපි උන්ගේ පදයට නැටිය යුතු නැත....

Sunday, October 23, 2016

Registered ආගම නිසා මිථ්‍යාවන්ට කඩේ යාම






වර්ථමානයේ ආගම් වල හැසිරීම පිලිබද සොයා බැලීම හරිම interesting කාරණයක් කියල හිතෙනවා.මේක ලන්කාව හා ලෝක මට්ටමෙන් සොයා බලන්න පුලුවන්නම් ඉතා වටින කාරණයක්.ඉස්සරහට මේ පිලිබද දීර්ඝ ලිපි පෙලක් ලියන්නයි නයියාගේ අදහස.ඒකට තවදුරටත් ආගමික සන්කල්ප ගැන දැණුම වැඩි දියුණු කරගෙන ඉන්න අවශ්‍යයි.නමුත් දැනට අපි දන්නා කරුණු වලින් මේ පවතින ලෝකයේ ආගමික භාවිතාව පිලිබද අදහසක් ගන්න එක ඒ තරම් අමාරු දෙයකුත් නෙවි.

කොහොම නමුත් තවදුරටත් ආගම් තුලින් ලෝකය යහපත් තැනක් කල නොහැකි බව පැහැදිලියි.මොකද මේ වෙනකොටත් ආගම් විසින් කල යුතු උපරිම යහපත මානව ශිෂ්ඨාචාරය වෙනුවෙන් කරල ඉවරයි.ලෝකය ශිෂ්ඨාචාරගත කරන්න,මානව හිමිකම් පිලිබද අදහසක් ගේන්න, දැනට පවතින මූලික නීති රාමුව උනත් සකස් කරන්න ආගම් තුලින් විශාල සේවයක් වුණු බව පැහැදිලියි.ඇත්තටම මේ කරුණු ගැන මුලින්ම අදහස් පලවෙන්න ගත්තේ ආගම් තුලින් වියයුතුයි.ආගම් තුලින් ඉපිද ලෝක ජීවන ප්‍රවනතා වලට ඒවා නිසි ලෙස ඇතුලත් කිරීමේ උපරිම තැනට ආවට පස්සෙත් ආගම කර තියාගන්නට යෑමෙන් අපිව යොමු කරන්නේ අන්තවාදයට.තම තමන් විසින් ආගම් තුලින් ඉගැන්වෙන ගැඹුරු කරුණු ස්ව අධ්‍යයනයකට යොමු කරමින් ප්‍රගතිශීලී ගමනක් යනවා හැරෙන්නට තව දුරටත් වදිමින් පුදමින් කරතියාගන්න ගියොත් අන්තවාදයේ කෙලවර කරා යෑම හැර වෙන දෙයක් වෙන්නේ නැත.

බොහෝ ආගම් වල මානව නිදහස,ජීවත්වීමේ අයිතිය ආදී දැනට ලෝකයේ පිළිගැන්මට ලක්ව ඇති මූලික නීති රාමුවලට අදාල කරුණු ඉදිරිපත් කලාට පස්සෙ එතනින් එහාට යන ඒ ඒ ආගමට අනන්‍ය දේශනාවක් තියනවා.නමුත් බොහෝ දෙනා ඒ ගැඹුරු අධ්‍යයනයට යන්නේ නැතුව තම තමන්ගේ ආගමට විශේෂ උනු පුද පූජා හා භාවිතාවන් සමූහයකට කොටුවී ඉන්නවා.තමන් කොටු වෙන්නේ මොන පුද පූජා විශේෂයටද කියන එක තීරණය වෙන්නේ අපේ උත්පත්තියේදීම අපේ නමට ඉස්සරහ register වෙන ආගම කියන කොටුවේ තියන දත්තය මත.ඇත්තටම මේ උප්පැන්න සහතිකය ඉස්සරහ අපේ අනු දැනුමකින් තොරව, කොටින්ම ආගමික සන්කල්ප වලටත් විරුද්ධව යමින් පුද්ගලයාගේ තෝරාගැනීමකින් තොරව register කරන ආගම නිසා අපේ මුලු ජීවිත කාලය පුරා අපි කර තියන් යා යුතු විශ්වාස හා ඇදහිලි සමූහය අපේ උපතේදීම තීරණය වෙනවා.මේ ගැන දිගින් දිගට කතා කල යුතු උනත් ඒක ඉදිරියට කල් තබලා අද කියන්න ආපු දේ  කියන්නම්.ඒකත් අර කියපු registration එක හා සම්බන්ධ දෙයක්.

පහුගිය දවස් වල අපේ යාලුවෙක් අපූරු fb පෝස්ට් 2ක් share කලා.ඉන් එකක් අපේ ඤානානන්ද හාමුදුරුවන්ගේ එකක්.ඒකෙ කියවුනේ එක්තරා පුද්ගලයෙක්ගේ ඇගේ ලාටු වලින් හැදිච්ච ගෑනියක්  ඇලිලා ඉදලා ඔහුව ලෙඩ කරන් ඉදලා.ඔහුව සුවපත් කරල තියෙන්න අහසින් ආපු දේව බලේකින් ඔහුව අමතලා.අන්තිමට පොර උඩට ගිහිල්ලා ගුවනේ රැදී ඉදලා.ඒ වෙනකොට අන්ශබාගෙ ත්ත්වෙක හිටපු ඒ මත්මයාට තමන්ගේ නෝනව තනි අතින් උස්සන්න පුලුවන් උනා කියලත් තියනවා.ඉතින් අපේ හාමුදුරුවන්ගේ page එකට ගියොත් මේ වගේ දේව කතා,ලාටු ගෑනු කතා හා ශුක්‍රානු භූතයන්ගේ කතා ගොඩක් අපිට කියවන්නට ලැබෙනවා.

අපේ යාලුවා share කරපු අනික් post එක, අපේ ආසිරි වනිගරත්න මහත්තයගෙ  විනාඩි හතරෙන් දෙවියන්ව යාලු කරල දෙනව කියල තිබ්බ දැන්වීමක්.එතුමගේ page එකට ගියාමත් ඔය දෙවියො ගොඩදාගෙන විබාග පාස් වෙන ඒවා,මන්තර කියල පොත් කොට්ටෙ යට තියාගෙන දැනුම ලබා ගන්න ඒව වගේ ගොඩක් මන්තර බලයෙන් කල හපන්කම් අඩන්ගු වෙන ලිපි හා videos බලාගන්න පුලුවන්.ඒකෙ තියන එව්වා අනුව දෙවියන් කියන්නෙ තනිකර ආසිරි මහත්තයගෙ ක්‍රම වලින් ගොඩ දාගන්න පුලුවන් සැට් එකක්.

මේ පෝස්ට් දෙක ගැන අදහස් අපි අපේ යාලුවො සෑහෙන ප්‍රමානෙකින් විමසුවා.ඒ වගේම මේ පෝස්ට් දෙකට වැටුණු comments පවා හැදෑරුවා.මෙයින් අපේ හාමුදුරුවන්ගෙ ලිපිය ගැන fb comments දාලා තිබ්බේ මට මතක විදියට දෙන්නෙක් පමනයි.ඒ දෙදෙනාම බුදු දහම ගැන දීර්ඝ විස්තරයක් කරල ඔවුන්ට හැගෙන හැටියට හාමුදුරුවන් කියන  මේ කරුණු බුදු දහමට ගැලපෙන්නේ නැති බවට තර්ක කරල තිබ්බ.අපි වාචිකව අදහස් විමසපු බොහෝ දෙනා කිව්වේ "අනේ මන්ද බන් ඕවා" කියල.සමහරු කිව්වේ හාමුදුරුවන් කියන එක ප්‍රතික්ශේප කරන්න තමන්ට දැනුම මදී කියල.ඒ ගැන හදාරලා තමයි අපිට හසු නොවන මානයේ ඇති මේ වගේ දේවල් ගැන අදහස් දක්වන්න වෙන්නේ කියල.තවත් කිහිප දෙනෙක් බුදු දහමට ගැලපෙන්නේ නෑ වගේ නේද කියල ඇහුව.ඒක කියල අනේ මන්දා ඉතින් කියලත් කිව්වා.තවත් බොහෝ දෙනෙක් මේ කථාව 100%ක් නිවැරදි කියල ඇගට ගොඩ උනා ඒ ගැන පව්කාරයෝ වගේ තර්ක කරන්න එපා කියල.ඒ අය කිව්වේ අපි එක්ක ඒ ගැන තර්ක කරන එක පවා පව් පිරෙන වැඩක් කියලා

ඊට පස්සෙ අපි එන්නේ ආසිරි මහත්මයගෙ පෝස්ට් එක ගැන.මේ පෝස්ට් එක share කරලා පැය 6ක් යන්නටත් මත්තෙන් ඒකට වැටුනු comments ගනන 30කට ආසන්නයි.ඒ හැම එකේම තිබුනේ ආසිරි වන්චාකාරයෙක්,පිස්සෙක් හා ඒවා විශ්වාස කරන මිනිස්සු පුන්නක්කු කවන්න ඕනි හරක් වගේ ජාතියක්ය කියලා.වාචිකව අදහස් විමසපු අයත් කුණුහරුපෙනුත් එක්ක ආසිරිට අපහාස කරගෙන ගියා.

ඉතින් මේ වෙනසට හේතුව කුමක්ද?....විවෘත මනසින් මේ කථන්දර 2 දෙස බලන ඕනෑම කෙනෙක්ට මේ දෙකම එක හා සමාන විකෘති ප්‍රකාශ 2ක් බව පැහැදිලියි.නමුත් හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ ඇත්තක් බව පිලිගන්නා අයට සහ එය ප්‍රතික්ශේප කිරීමට මැලි වන අයට ආසිරිගේ ප්‍රකාශය බැහැර කල හැක්කේ කෙසේද?....එයට හේතුව අපි මුලින් සදහන් කල අපේ නම ඉදිරියේ register කර ඇති ආගම නිසා බව ඔබට පැහැදිලි වනු ඇති.ආසිරි මහත්මයාත් සිවුරක් දරමින් තෙරුවන් ගාවා ගනිමින් තම මතය ගෙන ගියා නම් ඤානාන්ද හිමියන්ගේ ඉහත කී කරුණු සරණ  යන අය ඔහුවත් පිලිගන්නවා නොඅනුමානයි.

වර්ථමාන ධනවාදී, අධිපරිභෝජනවාදී ජීවන රටාව තුල දිනෙන් දින අධික ලෙස පරාරෝපණයට ලක්වන මිනිසා එහි ප්‍රභවය, අපිට නොපෙනෙන අත්භූත බලවේගයක් බව විශ්වාස කිරීමට පෙලබෙනවා.තමන් විසින්ම සන්කීර්ණ කරගන්නාවූ ලෝකයෙන් තමන්වම පෙලීමට ලක්වන විට මිනිසා වැඩි වැඩියෙන් මෙවැනි මිථ්‍යාවන් කරා යොමු වන බව පැහැදිලියි.මේ මිථ්‍යාවට නැඹුරුවීමේ අඩුවක් නම් දකින්නට නෑ.ඒ නිසා මුලින් කීවාක් මෙන් ආගම් වල ඇති හරවත් කියවීම පසෙකලා මිනිසුන් වැඩි වැඩියෙන් තම අසරණ භාවය මග හරවා ගැනීමට පුද පූජා කෙරෙහිම යොමු වෙනවා.කොටසක් වැදුම් පිදුම් කරමින් මිථ්‍යාව තුලම ගිලෙන අතර තවත් කොටසක් ඒ තුලින් අන්තවාදයටත් හින්සාවටත් යොමුවෙනවා.පසුගිය කාලය පුරාම ඉස්ලාමය තුල මෙය දැකිය හැකි වුනු අතර අන්තිම අවුරුදු 3,4 තුල බෞද්ධ අන්තවාදයක් කරාද සමාජය යොමුවෙමින් පවතින එකෙන් ඒ කරුණ සනාථ වෙනවා.

ඉදිරි ලිපි සැට් එක එනකල් මේ දෙකත් කියවන්න,


Wednesday, October 5, 2016

සිස්සත්වෙට මොකෑ උනේ ?






ඔබේ දරුවාත් මොන්ටිසෝරි කාලයේ සිටම දිවා රෑ නොබලා ටියුෂන් වන්දනාවේ යෙදුනාද?.ඊයේ නිකුත්වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව,


ළමයා සමත් ද? --- එසේ නම් කරුණාකර දුක් වන්න
                 ඔය සමත්වීමේ දක්ෂතාව තමාගේද නැතිනම් ටියුෂන් ගුරාලා සැට් එකේද කියා ඔබේ ළමයා දන්නේ නැත....ඔබ දන්නේද නැත.
දක්ෂතාවේ credit එක ළමයාටද,ඉස්කෝලෙටද,ටියුෂන් එකටද කියා ලිහා ගැන්ම ලේසි නැත
පහුගිය කාලය පුරා පන්සල් පල්ලි ගොස් පූජා කලා නම් ඒ ලිහාගැනිල්ල තවත් complex වනු ඇත.
ඔබේ දරුවාගේ නම පාසලේ දැන්වීම් වලත්, ටියුෂන් කඩවල බෝඩ් වලත් විකිනෙන product එකක් වනු ඇත.
ඉදිරි අවුරුදු 8 තුල ටියුශන් එකෙන් තොර අනාගතයක් ළමයාත් ඔබත් නොදකිනු ඇත,විශ්වාස නොකරනු ඇත.
තමන්ගේ හැකියාව ගැන සැක කරන 
ළමා කාලය අහිමිවූ දරුවෙක් අනාගතයට සූදානම් කෙරෙමින් ඇත....



ළමයා අසමත් ද? -- එක අතකින් සතුටු වන්න
මේ උදේ හවා දුවනා හුස්මක් කටක් නොගන්නා ටියුෂන් වන්දනාව මිත්‍යාවක් බව ඔබේ දරුවාටත් ඔබටත් පසක් කර ගත හැකි නිසාය.
පන්සලෙන් පල්ලියෙන් දෙන නූලෙන්,වතුර ටිකෙන් දැනුම නොලැබෙන බව ඔබට දැකිය හැකි නිසාය.
තමා ගැන විශ්වාස කරමින් අනාගතයට උත්සහා කරනා දරුවෙක් හදාගන්නට ඔබට වරම් ලැබෙන නිසාය...




ඒ නිසා අඩුම ගානේ මීලග අවුරුදු දෙකවත් ( හත වසර වෙනකල්වත්) මේ පොඩි උන්ට ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත්, පෙල පොත පාඩම් කරලා, ගෙදර වැඩ කරලා, යාලුවොත් එක්ක සෙල්ලම් කරලා , වට පිටාවෙන් දැනුම හොයලා විභාග ලියන්නට ඉඩ දෙන්න.ඉන් පසු උන්ගේ දක්ෂතා , දුර්වලතා හදුනාගත් පසු පමණක් උන්ව ටියුෂන් වන්දනාවේ යවන්න.



Saturday, October 1, 2016

සිංහල සිනමා අංශභාගයෙන් මිදීම හෙවත් මායා





පසුගිය සතියේ නයියාගේ plan එක තිබ්බේ මෝටර්බයිසිකල් බලන්නට යන්න උනත් මෝටර්සයිකලේට පොල්ලක් තියන්න උනේ ඒක බලනවනම් ගාල්ලටම යන්න වෙන නිසායි.නයි කෑල්ල නයි හාමිනේ බවට පත් උනත් හරි ෆිලුමක් බලන්නට ගියේම නැති නිසා මායා බලල හරි වැඩේ shape කරගන්න හිතුන.මායා කියන්නේ Kanchana කියන දෙමළ ෆිලුමෙ remake එකක් කියල දැන ගන්න ලැබුනු නිසා බලන්න යන්න එතරම් ආසාවක් තිබුනෙත් නෑ.මොකද ඔය දෙමළ main stream template එක මට දිරවන්නේ නැති නිසා.මීට කලින් ඩොනල්ඩ් විසින්ම කරපු remake එකක් වෙන ප්‍රවේගයෙත් වැඩේ හරියට ගොඩ දාගෙන තිබුනෙ නෑ.ඒකේ හේමාල් සිනමා තරුවක් විදියට කරලියට ඒමේ  නැවුම් බවත් ජැකාගේ ජවසම්පන්න නැවත පැමිනීමත් හැරුනාම වෙන දෙයක් තිබුනෙ නෑති තරම්.Fight ටික නම් සැලකිය යුතු මට්ටමකට ගොඩ දාගෙන තිබුනා.නමුත් overall ගත්තාම ප්‍රවේගය සාර්ථක නිර්මාණයක් නෙවි කියල තිබූ හැගීම මායා වසාගෙනත් මගේ හිතේ පැතිරිලා තිබුණා.ඒ වුනත් වෙන කරන්න දෙයක් නොතිබ්බ හින්දා දෙන්නත් එක්ක ගියා අම්බලන්ගොඩ රීගල් එකට.

Film hall එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අම්මටසිරි කියල නයියට කියවුනා.රීගල් එකේ tickets ගන්න පෝලිමක්.පසුගිය වසර කිහිපය පුරාවටම අම්බලන්ගොඩ රීගල් එකේ tickets ගන්න පෝලිමක් නයියා ඔය දැක්කමයි.ඒ සෙනග ගොඩේ තරම වැටහුනේ film එක පටන් අරන් විනාඩි 10ක් 15ක් යනකොට මුලු බැල්කනි එකම පිරෙන තරමට සෙනග පැමිණිලා අවසන් නිසා.පසුගිය වසර 7,8 පුරාම නයියා මේ hall එකට ගොඩ වුනු අවස්ථාවලදී බැල්කනිය පිරෙන්න සෙනග හිටියේ සෝමරත්න දිසානායක උන්නැහේගෙ films ව්ලට විතරයි.ඒකත් ඉතින් උනේ ඉස්කෝලවලින් එතුමගෙ films බලන්න ළමයි දක්කන් ආපු නිසා.නමුත් මායාට ආපු සෙනග එහෙම දක්කන් අපු සෙනගක් නොවෙයි.අනික ඒ සෙනග අතරෙ පොඩි ළමයි හිටියෙ නැති තරම්.මෙතරම් ජනතාවක් ගෙන්න ගන්න තරම් මායාට හැකිවෙන්නේ ඇයි. වැඩේ qualityට තියනවද? නැත්නම් අපේ රන්ජන් උන්නැහේගේ ඉස්සර පෝලිමට ආපු ගොන් පාට් තියන films වලට ආසා කරන සැට් එකකින්ද මේ hall එක පිරිල තියෙන්නේ ? . මගේ හිත මගෙන්ම ප්‍රශ්න කලා.

ත්‍රාසය හා සිනහව නොඅඩුව මුසු වුනු අපූරු චිත්‍රපටයක් අප ඉදිරියේ දිගහැරුනේ ඉන් පසුවයි.ලංකාවේ පහුගිය කාලය පුරාම අනාගත්ත තැන තමයි comedy.ගොඩක් films වලට බලෙන් comedy ඔබ්බන්න ගිහින් තිබ්බේ දැන් සිටින විකට නලුවන් කිහිපයක් යොදාගෙන දෙපිට කැපෙන වචන කන්දරාවක් කියල.ඒ කිසි දෙයක් සාර්ථක වුනු උත්සහයන් නෙවී.මිනිස්සු කිති කවාගත්තත් ඒවාට හිනා ගියේ නෑ.නමුත් මායාහි ප්‍රධාන නලු නිලියන් සියල්ල එකතුව මැවූ සිනහව මුලු ප්‍රේක්ෂකාගාරය පුරා ලෝබකමක් නැතුව පැතිරිලා ගියා.ගෙදරට අරක්ගත් යක්ෂ ආත්මය එලවා දමන්න අම්මයි,ලේලියි කරන උත්සහයට comedy එක් කරල තිබ්බා වැඩියි කියල හිතෙන්වා.ඒකේ comedy අඩු වෙලා horror තව වැඩිවෙන්නයි තිබුනෙ .Horror concept එක ලංකාවේ films පසුගිය කාලෙටම වල භාවිතයට නොගත්ත පැත්තක්.ඒ අභියෝගයට අත තියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙද්දී මායාහී නිර්මාණකරුවන් ඒ අභියෝගය හොදින්ම ජය අරගෙන තිබුනා.අපිව බයෙන් සලිත කරවන ශබ්ධ, රූපරාමු ,වේගවත්කැමරා හැසිරවීම් සමග හොදින් මුසුවෙලා තිබුනා.ඒක සින්හල film එකකින් කවදාවත් බලාපොරොත්තු උනේ නැති දක්ෂතාවක්.චිත්‍රපටයෙ සන්ගීතය එහි ඇති හොල්මන් අවතාර ගුනයටත් විකට රසයටත් හොද සාධාරණයක් එක් කරනවා.ප්‍රවේගයේදී ඩොනල්ඩ් සන්ගීතය පැත්තෙන් අනාගෙන තිබුනත් මායාට එද්දී ඒ අඩුව වෙන්න දීලා නෑ.සින්දු දෙකකට විතරක් සීමා වීම හොද දෙයක්.නැතිනම් film එක තවත් දික් වෙලා වාතයක් වෙන්න තිබ්බා.

රන්ගනය දෙසට හැරුණොත් චිත්‍රපටය පුරාම අනසක පතුරුවන කෙනා පුබුදු.චරිත කිහිපයක් හරහා මාරු වෙමින් අති විශිෂ්ඨ රන්ගනයක යෙදෙන ඔහු අපේ අධ්‍යක්ෂවරුන්ට පණිවිඩයක් දෙනවා ඔවුන් තමන්ගෙන් වැඩ අරගෙන නෑ කියලා මෙතෙක් කල්.ප්‍රේක්ෂකයන් කුල්මත් කරන ඔහුගේ ප්‍රතිභාව main stream film එකක් තුලදී  මෙන්ම alternative stream වලදීත් අපිට ඉදිරියේදී දැකගන්න ලැබේවායි කියලයි නයියාගෙ ප්‍රාර්ථනය.පුබුදුට දෙවෙනි නොවන අපේ රන්ජාත් මෙතෙක් අපි නොදුටු දක්ෂතාවක් මෙහිදී අපිට පෙන්වනවා.පසු ගිය කාලය පුරා රන්ජා තමන් විසින්ම වියා ගත්ත දැලක පැටලිලා රන්ගනයෙන් නාස්ති වෙමින් හිටියා කියලයි නයියට දැනුනෙ.පසු ගියකාලෙ ඔහු රගපෑ චරිත දිහා බැලුවම ඒවාය ඔහු කරපු දෙයක් තිබුනේ නෑ. මෝඩ ජෝක් ටිකක් හා fight ටිකක් විතරමයි තිබුනේ.නමුත් මායා වලින් රන්ජන් නැවතත් ඉපදෙනවා.ඒ සන්ක්‍රාන්ති ලිංගිකයෙක් වශයෙන්.ඩොනල්ඩ් මේ චරිතය තුලින් කවදාවත් අපි නොහිතපු ප්‍රජාවක් වෙත අපේ අවධානය යොමු කරනවා.මෙතෙක් කල් සමාජයේ ගර්හාවටත් උපහාසයටත් ලක්වුනු සන්ක්‍රාන්ති ලින්ගිකයින් කියන්නේ විහිලුවක් නොවන බවට ඔහු අපිට පසක් කරනවා.ත්‍රාසය, භීතිය හා සිනහව පිරුණු චිත්‍රපටියක් මැද්දට ඔහු ගේන එන ඒ සන්වේදී මිනිත්තු කිහිපය හරිම වැධගත්.ඒක අපිට නැවත හිතන්න, වෙනස් වෙන්න බල කරනවා.

ඉතින් ඔය සාර්ථක ලක්ෂණ වලින් සපිරි මායා නිමවෙන්නේ සමස්ථ ප්‍රේක්ෂකාගාරයම සතුටු කරමින්.මන් ඉස්සෙල්ල කිව්වත් වගේ මේ මන් කැමති වර්ගයේ කථාවක් නෙවී.නමුත් මායා පහු ගිය කාලය පුරාම සිංහල චිත්‍රපටිවලට වැලදිලා තිබ්බ අංශභාග රෝගය හොදින්ම ජය ගන්නවා.ඒ අංශභාගය තමයි කථන්දරයක් හරියට ගොතන් කියලා ඉවර කරන්න බැරිවීමේ අන්ශභාගය.මේ රෝගය පහු ගිය කාලයේ බලපු 90%ක්ම films වල තිබ්බ දෙයක්.කථාව පටන් අරන් හොද මට්ටමක ගිහින් අන්තිමට ඉවරවෙද්දී මොකක්දෝ මහා හිස් බවක්, අඩුවක් හිතට දැනෙන එක තම්යි සින්හල films වල අනන්‍යතාවය.ඒක නිසා තම්යි ගොඩක් films බලලා hall එකෙන් එලියට එද්දී හිතෙන්නේ වැයකරපු කාලයයි සල්ලියි අපරාදෙ කියලා. කථන්දරේ හරියට කියල ඉවර කරගන්න බැරි ලෙඩේ නිසාම තමයි සිංහල චිත්‍රපටි කරා මිනිස්සු අද්දගන්න බැරිවෙන්නේ. සහබාගී වුනු සියලුම නලු නිලියන් හොදින්ම රගපෑ චිත්‍රපටයක් ලෙස නයියා හදුනාගත් ජැකාගේ ඇඩ්‍රස් නෑ වලත් මේ අනශභාගෙට ගොදුරු වෙලා තිබුණා.ඒ තරම් දක්ෂ රන්ගනයන් ගොඩක් තුල පැය දෙකක් ජීවත් වුනු ප්‍රේක්ෂකයන්ව, ජැකා අන්තිමට අනාථ කලා මෙලෝ වැඩකට නැති අවසානයකින්.නමුත් මායා ඒ රෝගයෙන් හොදින්ම මිදිලා තිබුනා.ඒකට හොදම සාක්ෂිය තමයි මායාට ඇති ඉල්ලුම.බොහෝ ශාලා වල අමතර දර්ශ්න වාරයකුත් ඇතැම් ශාලාවල රාත්‍රී 10.30 දර්ශනේකුත් අන්තර්ගතවීම, මේ කථන්දරේ නිසි ලෙස කීමේ ප්‍රතිපල.

කොහොමත් පසුගිය අවුරුද්දක කාලය තුල ආපු ඇඩ්‍රස් නෑ,හෝ ගානා පොකුන,ඇගේ ඇස අග, මායා හා මෝටර්බයිසිකල් කියන චිත්‍රපටි අපේ සිනමාවෙන් මග ඇරිලා ගිය වර්නයන් නැවත එක් කිරීමට සමත් වුනු බව හොදින්ම පේන්න තියන්වා.ඉතිහාස කතා ගොඩකට යටවෙලා එලිය එන්න බැරුව කුණු වෙවී පිලුණු වෙමින් තිබ්බ සිනමාව නැවත පාටවෙලා සින්දු කියන , හිනාවෙන, ගහගන්න තැනක් බවට පත්වීම ඉතා හොද දෙයක්.ලන්කාවේ වසරකට තිරගත වන films ප්‍රමාණයත් එක්ක බැලුවාම විකල්ප ධාරාවේ සින්මා කෘති වැඩි වීම එක් කාලයක දකින්න ලැබුනු දෙයක්.ඒක කාලාත්මක් වශයෙන් හොද උනත් සිනමාවේ වාණිජ අරමුණු සාක්ශාත් කරන්න ඒවාට බෑ.ඒ නිසා මායා වගෙ චිත්‍රපටි වැඩි වශයෙන් ශාලා වල තිරගත වෙන්න ඕනි.ඒ අතරට ඇගේ ඇස අග වැනි චිත්‍රපටි එන්න ඕනි.ප්‍රධාන ධාරාවේ සාර්ථක ආදායම් මැවිය හැකි චිත්‍රපටි ගොඩක් බිහි වෙනව නම් තමයි සිනමාව ලස්සන වෙන්නේ හා විකල්ප ධාරාවට ආලෝකයක් ලැබෙනේ.අනික ලන්කාවේ අදායම් අතින් සාර්ථක වෙන film එකක් තිරගත වෙන කාලය ඉතා වැඩියි මට හිතෙන ව්දියට.එහෙම සාර්ථක වෙන ගොඩක් ඒවා මාස 3කටත් වැඩි කාලයක් දුවනවා. ඒකෙන් වෙන්නේ සිනමා රසිකයෙකුට මාස 3 ක්ම යනකල් බලන්න වෙන්නේ එක film එකක් විතරයි. එය රසිකත්වයට කෙරෙන අසාධාරණයක් වගේම නිර්මාණකරුවන්ට වෙන ඉඩ අහුරා ලීමක්.ඒකට හොදම උදාහරණය තමයි චමීරගේ මෝටර්බයිසිකල්. අවුරුදු 3කටත් වැඩි කාලයක් පෝලිමේ ඉදලා තමයි ශාලාවට ආවේ.මේ නිසා ගොඩක් නිරමාණකරුවන්ට නිරමානයක් කරන්න එපා වෙනවා.නිෂ්පාදකවරු film එකකට සල්ලි දාන්න පැකිලෙනවා, මොකද එක කවදා පෙන්නගන්න ලැබෙයිද කියන අවිශ්වාසය නිසා.මේ නිසා කොයි තරම් සාර්ථක film එකක් උනත් ඒක දවස් 50කට එහා නොදුව හිටියා නම් තමයි හොද.එවිට තමයි සිනමාව විවිධ නිර්මාණ වලින් පිරී යන්නේ සහ ප්‍රේක්ශකයොන්ට  සිනමා ශාලාවට නිතර නිතර එන්න ලැබෙන්නේ.ඒ හරහා අලුත් විදියට හිතන හොද දේවල් කරන්න පොපියමින් බලන් ඉන්න නිර්මාණ කරුවන්ට උත්තේජනයක් ලැබෙනවා වහා වහා තමන්ගේ දක්ෂතා එලියට දමමින් ඔප්නන්වාගන්න.

Saturday, September 24, 2016

ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම




කාශ්‍යප රජතුමා නැවත මහ වන මධ්‍යයට පිවිසුනේය.මීට ටික කලකට පෙර තමා කිසියම් කාල දොරටුවක් (something like stargate) හරහා වසර දහස් ගනනාවක් පසු කර අනාගත ලෝකයකට පිවිස ඇතිබව ඔහුට වැටහෙන්නට ගත්තේ සති කිහිපයකට පෙර සිටය.මේ 2016 වසරයි. "කසුන්"...ඒ ඔහුගේ වර්ථමාන නම.තමා සැබවින්ම කසුන් ද? නැතිනම් කාශ්‍යප ද? යන පැටලුම ලිහා ගැනීමේ දැඩි මානසික අර්බුධයක හෙතෙම පසුගිය සති කිහිපය පුරා පැටලී සිටියේය.නමුත් දැන් ඒ සියල්ල විසදා ගැනීමට ඔහුට පිලිවන්ව තිබේ.තමන් මෙහි පැමිණියේ තනිව නොව තමා ඉතා ප්‍රිය කල තම සුන්දරියන් දෙදෙනා වන විජ්ජුලතා හා මේඝලතා ද සමග බව දැන් කාශ්‍යප නිරිදානන්ට මතකය....
ඔහු පසුගිය දවස් කිහිපයම ගත කලේ මේඝනාගේ ඉව පසුපස යමිනි."මේඝනා...." ඒ මේඝලතාගේ මෙදවස නමය.ඇය මෙකල පරිසර පර්යේශිකාවක් වී, වන මැද විවිධාකරයේ පරීක්ෂණයන්හී නිරත වන බව කාශ්‍යප සොයාගත්තේය.දැන් ඔහු මේ වන මැදට පැමිණ තිබෙන්නේ ඇය සොයාගනු පිනිසය.මේ වනවිටත් ඔහු වන මැදට බොහෝ දුරක් ඇවිද විත් තිබේ.2016 ලෝකය තුල, කැලය මැද ගමනක් සදහාම උචිත අයුරින් සැකසුනු කසුන් හෙවත් කාශ්‍යප තම දසරුවෙහි එල්ලාගත් බෑගයත් සමග බොහෝ දුර ගමනේ යෙදුනේ හෙයින් දැන් විඩාබරය.තමා රාජ්‍යත්වයට පැමිනි පසු මාලිගාවෙන් පිටත එක මයිලක්වත් දෙපයින් ඇවිද නොගිය බව නිරිදුන්ට සිහිපත්වේ.එනයින් බලන කල මෙතරම් දුර ඇවිද ඔහු දැනටමත් කර ඇත්තේ එසේ මේසේ දෙයක් නොවේ.කාශ්යපට දැඩි පිපාසාවක් දැනුනි.ලග පාතින්ම ඉතා අලන්කාර වූ ඔයක් ගලා හැලෙන්නේ හෙයින්, දිය උගුරක් බී විඩාවා නිවා ගැන්මට ඔහුට සිතේ.ඔහු ඔය වෙත ගොස් විමසිල්ලෙන් වටපිටාව බලන්නේය.දිය පහරවල් ආසන්නයේදී අනතුරුදායක මෘගයන්ගේ පහර දීමට ලක්විය හැකි බව තම සටන් පුහුණුකරු ඔහුට උගන්වා තිබුනේ කාශ්‍යපගේ කුමාර අවදියේදීමය.ඒ පාඩම තවමත් ඔහුගේ මතකයෙන් ගිලිහී නොතිබීම ගැන ඔහුට සතුටක් දැනුනි.පාඩම අනුවම යමින් සින්හයෙක්ගේ විලසින් ඔහු දිය පානය ඇරබුවේය.තම දෑත්වලට වාරු දෙමින් කටින් දිය බීමට ගත්තේය.එය 2016 මිනිසුන්ගේ ක්‍රමය නොවේ.එය නියම සින්හ සටන් ශිල්පය හා ආරක්ශක ක්‍රම උගත් වීර නිරිදෙකුගේ ක්‍රමයයි.ඔහු සින්හ ඉරියව්වෙන් දිය පානයකරන කල ඔහුගේ දෙනෙත් හා දෙකන් සැමවිටම අවට පරිසරය කෙරෙහේ විමසිල්ලෙන් පසුවිය.



එක්වනම සවන පිනා යන ගීතයක් ඔහුගේ කන වැකේ.

"රැය හැර යන්නට නෑ සිත දෙන්නේ
හිත තව තව උණුසුම අයදින්නේ...."

මේ මහ වන මැද ඇසෙනා ඒ මියුරු හඩ තම සොදුරියක් වන මේඝලතාගේ නොවේද ?...ඇය ඒ ගීය ගයන්නේ තමා වෙනුවෙන්ම විය යුතුයැයි කාශ්‍යපට සිතේ.

"තුරුලු වෙලා යන් පාවෙලා
දුර ඈත මදු පිරුණු සිහිනේ බලා..."

ඔහු වහ වහා එම හඩ එන දෙසට දිවයයයි.පසු කරමින් මහ කදු වැටි ඕවිටි , ගස් මුල් වල පය හැපි හැපි වැටි වැටි දිව යන කාශ්‍යප විශාල ගල් කුලින් වටවී ස්වබාවිකවම සෑදූනු පොකුණක් අසලට පැමිනේ.මහ වන මැද මේ ස්වභාවිකව සැදි පොකුණ දුටු ඔහුට තම රජ මාලිහය වූ සීගිරියේ සෑදූ පොකුණු සිහිපත්වී සිතට අමුතුම මිහිරක් දැනුනි.එම මිහිර දෙගුන තෙගුණ කරමින් එක් වරම ගල් කුලක් මුදුනේ සිට ආ අඩ නිරුවත් ගැහැනියක් පොකුනට පැන්නාය.ඒ වෙන කිසිවෙකු නොව තමා මෙතුවක් කල් සොයමින් පැමිනි තම සුරගනක් වූ මේඝලතා බව ඔහු හදුනාගති.ඇය සැරසී සිටියේ 2016හි තරුණියන් තම යට ඇදුම් ලෙස පාවිච්චියට ගන්නා තිසර පටකින් හා පෑන්ටියකිනි.එදවස කලු පැහැයෙන් තෙද දුන් ඇයගේ කේශ කලාපය රන්වන් රන්වන් පාටට හුරු සුදු පැහැයකින් බැබලේ.එය සුදු පැහැති මේඝයකටම සමානයැයි කාශ්‍යපට සිතුනි.දැන් ඔහුගේ සිත ඉවසුම් නැත.යට ඇදුමකින් පමණක් ආවරනය වූ ඇගේ රන්වන් පැහැ ශරීරය ජලයෙන් තෙත්වී තව තවත් ශෘන්ගාරයෙන් උතුරායයි.ඔහුට සිතෙන්නේම තම නූතන ඇදුම් උනා දමා පොකුනට පැන ඇය හා ගැවසීමටය.නමුත් ඇය තවදුරටත් මේඝලතා නොවේ, මේඝනා මිස.ඇයට අතීතය පිලිබද මතකයක් නැත්නම්, තමා මේ අවස්ථාවේ දියට පැනීම එතරම් නුවනට හුරු දෙයක් නොවේ.ඇය දිය කෙලියෙහි යෙදී පැමිනෙන තෙක් මග රැකවල්ලා සිටීමට ඔහු තීරනය කරයි.ඔහු පොකුනෙන් මදක් ඉවතට යන්නේ ඒ සදහාය.

මේ අතරේ මේඝනා වන මැද ඇති සුන්දර ජල තලයෙහි සිසෙලෙන් තම මුලු ගතත් සිතත් නහවමින් ප්‍රීතිවන්නීය.තමා මේ අත්විදින්නේ කෙතරම් නැවුම්,නිස්කලන්ක සුවයක් ද?.තනිකමේ ඇති නිස්කලන්ක බව මෙලොව ඇති මිහිරිම සුවයක් බව සිතමින් ඇය සිසිල් ජල තලය මත දැහැන් ගත වන්නීය.ඇගේ දැහැන එක් විටම බිදුනේ පොකුණ කලම්බමින් යම් දෙයක් පොකුනට පතිත වූ බව දැනුනු නිසාවෙනි.එක්වනම ඇයට සිතුනේ භයානක මෘගයෙක් වතුරට පනින්නට ඇති බවයි.ඇය ක්ශණයෙන් පසු පස හැරී බැලුවාය.නමුත් විදුලියක් කෙටුවාක් මෙන් වතුරට පැන තිබුනේ මෘගයෙකු නොව ඉතා සුන්දර තරුණියක් බව ඇය දුටුවාය.මේ වන මැද මෘගයෙක් වෙනුවට මෙවැනි සුන්දර තරුණියක් දකින්නට ලැබීමෙන් මේගනා වික්ශිපත විය. 

තමා මෙන්ම යට ඇදුමෙන් පමණක් සැරසුනු ඇය තමා වෙතට කෙලින්ම ඇවිදන් එයි.ඇයගේ කෙස් රතු පැහැතිය.ඇයගේ යට ඇදුමත් එම වරණයෙන්ම නිම කල ඒවාය.මේඝනා වෙත කෙලින්ම පැමිණි ඇය,

"මේඝලතා, මම බොහෝ කලක් සොයා වෙහෙසුනෙමි.....ඔබව මෙහිදී හමුවීම කිනම් ප්‍රීතියක්ද "....ඇගේ මුහුනේ අප්‍රමාණ සොම්නසකි.

කවුද මේඝලතා, ඒ මොන නමක්ද ?.මෙය ඇයි අමුතු සින්හලෙන් කතා කරන්නේ ? මේඝනා වික්ශිප්ත වූවාය.

"මන් හිතන්නේ ඔයාට වැරදිලා.මම මේඝනා. ඔයා කිව්ව කෙනා නෙවී"

"නැත නැගණිය.මා හට කිසිවක් වැරදී නැත.ඔබට නම් යම් දෙයක්අමතක වී ඇති හැඩයි.එන්න මා ඔබට සියල්ල මතක් කර දෙන්නම්".....ඇය මේඝනාගේ උරහිස පිරිමදිමින් පැවසුවාය.මේඝනා බියවූයෙන් ඇයගෙන් ඉවතට යෑමට තැත් කලාය.නමුත් ඇය නොවේ මේඝනාට යන්නට දුන්නේ.ඇය මේඝනාව තමන් වෙතට ඇද ගත්තාය.



"කවුද ඔයා ?"

"මම විජ්ජුලතා වෙමි.මෙලොවදී මගේ නම විජිනි.......ඔබට මේ කිසිවක් තේරුම් ගැනීමට අපහසු බව මට වැටහේ.බලන්න මගේ දෙනෙත් දෙස.ඉන් පසු මා කියන දේ කරන්න"......

මේඝනා එක්වරම විජිනිගේ බසට අවනත වූයේ කිසියම් මායාවකට හසු වීමකින් වගේය.විජිනි මේඝනාට තම තන පටය අයින් කර දමන මෙන් පැවසීය.ඉන් පසු ඇය මේඝනාගේ තන පටයද ගලවා දැමුවාය.විජිනි මේ සියල්ල කරද්දී මේඝනා මායාවකට වශී වෙලාක් මෙන් ඇය දෙස බල සිටියාය.දැන් දෙදෙනාගේම උඩුකය නිරුවත්ය.විජිනි මේඝනාගේ පියවුරු සහ පිට ආදරයෙන් ස්පර්ශ කරමින් තමන් හා කාශ්‍යප රජු කාල අවකාශ දොරටුවෙන් 2016 වසරට ගසාගෙන ආ අයුරු විස්තර කලාය.මේඝනාට සියල්ල ටිකෙන් ටික මතක් වන්නට විය.

තමා මේඝලතා බවත් ඇය විජ්ජුලතා බවත් ඇයට පසක් වුනේ විජිනිහේ අලන්කාර පියවුරු දෙස බලා සිටින විටදීය.

"නැගනියට මතකද මා පස් පෙති මලක් ගෙන එහි පෙති එකින් එක විවර කරන අතරේ ඔබ කුන්ඩලාබරනයක් අතින් ගෙන එය කුමක්දැයි අසමින් විපිලිසර වූ හැටි...?

















"ඔව් ඔව් දැන් මට මතකයි,....... අක්කන්ඩි,ඒ කාලේ නම් අපි මේවා ඇග දැවටූයේ නැත නොවේද ?....ගලවා අයින් කරන ලද කොල පැහැති හා රතු පැහැති තිසර පට පෙන්වමින් මේඝලතා විමසීය.

"එසේය නැගණිය.., මේවා නූතන ධනේශ්වරයේ සිව් වන කාර්තුව නම් විදේශ බලවේග තුලින් අපේ කාන්තා ශරීර අවමානයට පත් කරලීමට සෑදූ සලු පිලි සමූහයකි.අපේ ප්‍රෞඩ වන්ශයට මේ කිසිත් නොගැලපේ.අපි කිසිදා රන තිසරුන් වැනි අපේ අලන්කාර පියවුරු ආවරණය කල ජාතියක් නොවේ."

"ඉතින් අක්කන්ඩි අපි කුමට තවත් මේවා ලග තබා ගෙන සිටිමුද?...අපි මේවා වීසි කරලමු"....කියූ මේඝලතා ඔවුන්ගේ තනපට විසි කර දැමීමට තැත් කරයි.නමුත් විජ්ජුලතා වහා ඉදිරිපත් වී ඇය වලකයි.

"නැත නැගනිය.මේ ඊට වේලාව නොවේ.අප දැන් සිටින නූතන රාජ්‍යය කරවන රජතුමා කාන්තාවන් තිසර පට විසිකිරීම දැඩිව හෙලා දකින පාලකයෙකි.ඔහු ලග එම වරද කරන කාන්තාවන් පෙලීම සදහා මඩු වලිගය නම් ඉතා භයානක ආයුධයක් පවා තිබේ"..

"එසේ නම් අක්කන්ඩි දැන් අපි කුමක් කරමුද ?"

"අපි දැන් අපේ නිරිදා වන කාශ්‍යප මහ රජතුමා සොයා යා යුතුය.නමුත් ඊට පෙර අපේ නිසි ඇදුමින් සැරසිය යුතුය.තිසර පට තවදුරටත් අවැසි නොවේ.නමුත් අපි මේවාත් ඉවත් කර ඒ සදහා අපේ නිසි ඇදුම සොයා ගත යුතුය.".....විජ්ජුලතා ඔවුන් ඇද සිටි පෑන්ටි පෙන්වමින් පැවසීය.

"අහ්...මිණිමෙව්ල. ඔව් අක්කන්ඩි අපි අපේ මිනි මෙවුල් සොයගෙන එය හැදගෙන අපේ රජතුමා සොයා පිටත් වෙමු"

සිය එකගතාව ඒ අනුව ඇති කරගත් විජ්ජු හා මේඝ තම මිනිමෙවුල් සොයා යාම සදහා පොකුනෙන් ගොඩට පැමිනෙන්නේ තම මිණිමෙවුල් හා ආදරණීය රජතුමා සොයා ගැනීමේ නොනිමි ආසාව සමගින්ය.

අපේ ඉරාජ් කොලුවා රූපයට නගා ඇත්තේ කාලයේ වැලි තලාවෙන් සැගව ගිය ඒ ඉතිහාස කතාවය..ඉතින් ඒ ඉතිහාස කතාව රූපයට නැගූ ඉරාජ් කොලුවාට අපේ ප්‍රණාමය... 
ආතල් කතාවක් බැවින් සීරියස් ගැනීමෙන් වලකින්න...හිකි ...හිකි..



Tuesday, September 13, 2016

දියවන්නාවේ රිලා ගති Campus වලින් මතු වීම






පෙරේදා පැවති SLIIT walk එක නිසා මේ දිනවල බුකිය තරමක් රත් වී ඇත.ඒ රත්වීම තුල private campus වල උන් හා රජයේ campus උන් අතර එකිනෙකාට මඩ ගසා ගැනීමේ ව්‍යාපාරයක් නැගලාම යමින් ඇත.මේ හදිසි සටහන ලියවෙන්නේ ඒ කාලකන්නි රිලා නාඩගම් දැක ඇතිවූ කලකිරීම නිසාය.මෙය පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය හෝ SAITM එක ගැන කෙරෙන විග්‍රහයක් නොවේ.ඒ පිලිබද නයියාගේ අදහස් මීට කලින් කීප විටකම ලියලා තියනවාය.අද සටහන වෙන්වන්නේ දියවන්නාවේ වීරවන්ශගේ , මර්වින්ගේ, කිරිඇල්ලගේ , ජොන්ස්ටන්ගේ වැනි උන්දලාගෙන් රිලා පාට් ඉගෙන ගෙන කුලල් කාගන්නා මෙරට රාජ්‍ය හා පෞද්ගලික වි.වි වල ඉගෙනගන්නා අපේ තාරුන්‍ය ගැන බොක්කෙන්ම උපන් දුක නිසාය.

මේ ආරෝව ඇරඹෙන්නේ SLIIT walk එකේදී එහි කොල්ලන් කෙල්ලන් උස්සන් ගිය බෝඩ් කිහිපයක ලියවී තිබූ දේවල් නිසාය.ඉන් සමහරක් රජයේ වි.වි තුල ඇති අරගල සම්බන්ධ විවේචන වූ අතර අනෙක්වා ආතල් ප්‍රකාශයන්ය.මේ ආතල් ප්‍රකාශයන් අතර ගෑවී නොගෑවී යන කුණුහරුප වූ අතර මේවා අල්ලන් රජයේ කැම්පස් උන්, Private campus උන්ට ප්‍රහාරය ඇරඹුවේ උන් උපාධි කඩ වලින් ඉගෙන ගන්නා නිසා  විනයක් නැති, කියමින් යන උන් කියලාය.ඒ අනුව පෞද්ගලික අධ්‍යාපන ආයතන තුල ඉන්නේ කුණුහරුප කියන,නට නටා පාරේ යන , පාගමන් ආතල් එකට ගත්තාවූ විනයක් නැති බඩු ටිකකි.රජයේ කැම්පස් වල උන් පාගමන් යන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න  වැනි මානව වාදී දේවල් වලටය.ඉතින් private campus  යනු සල්ලිකාර විනයක් නැති කොල්ලන් හා කෙල්ලන් සමූහයකගේ අවිනීත වැඩකි....................මෙරට බොහෝ පාසල් වල හා ආයතන වලින් පවත්නා ඔවැනි පාගමන් ඕනෑ තරම්ය.ඒවා බොහොමයක් ආතල් වලින් පිරුණු සින්දු කියමින්, නටමින් හුරේ දාමින්,පපරේ ගසමින් යන ඒවාය.ඔය ඉස්කෝල වලින් යන පාගමන් වලට මෙරට රජයේ වි.වි වල ඉගෙනගන්නා ඒ ඒ ඉස්කෝලවල ආදි ශිෂ්‍යන් බොහෝ සහබාගී වන්නේය.උනුත් යන්නේ නටමින් සින්දු කියමින්ය.සමහර උන් යන්නේ මත් පැනුත් තොල ගාගෙනය.එවිට නම් ඔය කියනා විනයක් නොතිබේ.කොහොමත් ඉතින් walkඑකක් යන විටදී match එකක් බලන විටදී ඔවැනි ආතල් ගන්නා එක සාමාන්‍ය දෙයකි, දෙපැත්ත  කැපෙන වචන ලියා බෝඩ් ඉස්සීමත් එහෙමය.නමුත් ඉතින් පෙරේදා එසවුනු එවැනි බෝඩ් දැකලා අපේ රජයේ වි.වි වල සහෝදරයන්ට හෙන ලැජ්ජාවකින් මූන රතු වී ඇත්තේ උන් ජීවිතේට කුණුහරුපයක් නොකියනා නිසා නිසාද?,...කැම්පස් උප සන්ස්කෘතියේ අමු කුණුහරුප සින්දු උබල කියලාම නැතිද?..අලුතෙන් එන ෆ්‍රෙශාලාට ෆ්‍රෙශීලට උබලා කුණුහරුපෙන් අමතන්නේ නැතිද?....ඉතින් ඔවැනි රජයේ වි.වි කොලුවන් කෙලියන් බොරු සුචරිතවාදී ඩයල් වීමට යන විට හෙන විහිලුවක් වන්නෙය.

අනෙක් අතින් පෞද්ගලික අධ්‍යාපන ආයතන වල සිසු පරපුරද කැම්පස් වල පවතින්නාවූ අරගල විහිලුවකට,අපහාසයකට ගෙන නින්දා කිරීමේ ව්‍යාපාරයකට අතගසා ඇත.උන්ට කියන්නට ඇත්තේ නොදන්න මගුල් කථා නොකර ඉන්නවානම් හොදයි කියලාය.මේ රටේ බිහිවූ හැම රජයක්ම පුලුවන් තරම් උත්සහ කලේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කර දමන්නටය.ඒ කාලේ ඉදන් රටේ වි.වි වල සිසු පරපුර ඊට විරුද්ධව සටන් නොකලා නම් අදවන විට මෙරට වි.වි පද්ධතිය ඇට්ට කුනාවූ නටබුන් බවට පත්වෙලාය.අපි කැම්පස් එකට පය තැබූ දිනවල අපිට දේශන සදහා තිබුනේ දැල් ගැසු පන්ති කාමර තුනකි ( ඒවා දේශන ශාලා කියලා කිසිසේත්ම හැදින් විය නොහැක ).අපේ පීඨයේ batch 4ම lectures ගියේ ඔය කාමර තුනට මාරුවෙන් මාරුවය.ඊට වඩා හොද පන්ති කාමර අපේ ගමේ ඉස්කෝලේ තිබුණේය.අපේ සින්නන් හා අපි එකතුවී පීඨ සන්කීර්නයක් ලබා ගැනීම සදහා කල අරගලයක තරම දන්නේ අපිම පමණි.ඊට කලින් සිටි උන් අපිට වඩා දහ දුක් විද පොලීසියෙන් ගුටිකමින්,මාස ගනන් උසාවි ගානේ නඩු යමින්, සති ගනන් උපවාස කර අපේ පීඨය සබරගමුවට නොගෙනාවනම් අපේ උපාධි අද වන විට වඳ වෙලා ගොහිල්ල්ලාය.අද සිටිනා උන් අභිමානයෙන් යුතුව තමන්ගේම කියා faculty complex වල ඉගෙන ගන්නේ හොද පහසුකම් සහිත labs වල පරීක්ශන කරන්නේත් කලින් සිටි උන් තමන්ගේ උපාධිය පමණක් නොව ජීවිතයද දෙවැනි කොට කෙරූ අරගල නිසාය.මෑත ඉතිහාසයට ඉතා ඉහතදී සිදුවූ භයානක අරගල ගැන ලියන්නේ නම් මෙය ලිපියක් නොව පොතක් බවට පත්වනු ඇත.ඒවා private campus වල ඉගෙන ගන්නා ඔබට සුරන්ගනා කතා පමනක්ම බැවින් අරගල ඉතිහාසය ගැන නොදන්නා ඉලව් කතා නොකර ඉන්නේ නම් මැනවි.

ඉතින් අපි එසේ අරගල කල නිසා රජයේ campus උන් හෙන උතුම් පොරවල් වන්නේත්  private campus වල උබලා අරගල නොකලා කියලා පජාත ඩයල් වන්නේවත් නැත.එකිනෙකාට ඒ ඒ පරිසර අවකාශයන් තුලදී මූන දෙන්නට වන සිදුවීම් මත ඒ ඒ පන්නරයන් ලැබෙන අතර විවිධ ක්‍රියාමාර්ග තෝරන්නට සිදුවේ.ඒවා එක් රාමුවක් තුලදී වීරකම් වන අතර අනෙක් රාමුව තුලින් බලන විට විකාර රූපී විය හැකිය.කෙසේ වෙතත් අතීතයේ සිදු කල අරගල බොහොමයක් වර්ථමානයේ වි.වි පද්ධතියේ සුරක්ශිතතාවට ඉවහල් වුනු බවට සැකයක් නැත්තේය.හැබැයි ඉතින් එසේ  උනා කියා අපි හෝ අපේ පෙර පරම්පරාව හෝ වර්ථමාන රජයේ වි.වි සිසු පරම්පරාව යනු පාරම් බාන්න තරම් පොරවල් නොවේය.දැන් ඔය රජයේ කැම්පස් වල ඉන්නා උන් හා out වුණු උන් කියනා ලෙස private එව්වා වල ඉන්නේ හෙන මැටි මෝල්,කවියක් ලියන්නට බැරි, කලාවක් රස විදින්නට බැරි, මානව දයාවක් නැති , ආදරයක් දන්නේනැති sex පමණක් හොයන අමු හරක් රැලක්ය.උන් කියනා ලෙස රජයේ වි.වි වල ඉන්නා උන් හෙන මානව වාදී, කලා රසයෙන් පිරිපුන් හෙන මීටර්ය.ඉතින් ඔවැනි බයිලා ගහන රජයේ campus වල නාම්බන්ට කියන්නට ඇත්තේ ඇට දෙක හපාගනින් කියලාය.ඔය බයිලා ගහන මානව වාදී බොහෝ ඩයල් වලට 3rd year එක වෙද්දී සියලු සහෝදරකම් හා අරගල අමතකව යනු නයියා ඇස් දෙකටම දැක තිබෙන්නේය.අනික ඔය කියන government uni උන් දන්න කලාවක් නැත්තේය.පෞද්ගලික ආයතන මගින් තම උසස් අධ්‍යාපනය හැදෑරූ සුපිරි දක්ශයන්, කලාකාමීන් හා හිත හොද පරාර්ථකාමීන් නයියා මේ වන විටත් ඕනෑ තරම් ඇසුරු කරමින් සිටින්නේය.මිනිසුන්ගේ කලාව, රසාස්වාදනය හා මානව දයාව දියුණු වෙන්නේ උන් ලබන උසස් අධ්‍යාපනයෙන් නම් ඉතින් මේ රටේ අති බහුතරයක් වනචාරීන් විය යුත්තේ උන් A/L වත් පාස් කොරලා නැති නිසාය.

අවසානයට කියන්නට ඇත්තේ government campus හා private campus වල ඉගෙන ගන්නා උබලා දෙගොල්ලන්ටම මෙරටේ අරගලයක් කරන්නට ඇත කියලාය.ඒ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් තහවුරු කරනා විධිමත් තාර්කික අධ්‍යාපන ක්‍රමයක් උදෙසා වන සටනය.අපේ රටේ අධ්‍යාපන ක්‍රමය එක වසරේ ඉදලාම කුනු වී ඕජස් ගලනා වනයකි.එය කටපාඩම් කරනා යන්ත්‍ර  බිහි කරනා ක්‍රමයක් විනා නිසි ආකල්ප හා කුසලතාවලින් පොහොසත්, බුද්ධිමත් මනුෂ්‍යයින් බිහි කරන්නක් නොවේ.අප සැම එක්වී අරගල කලයුත්තේ එවැන්නක් සදහාය.එය පාරට බැහැලා කෑගැසීමක් වන්නක්ම නොව මතවාදීමය වශයෙන් හෝ ඇති විය යුත්තකි.නමුත් මේ කරමින් ඉන්නේ දියවන්නාවේ වීරවන්ශගේ,මර්වින්ලාගේ , ජොන්ස්ටන්ලාගේ නූගත් රිලා පාට් ආදර්ශයට ගනිමින් මෙරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් එකිනෙකාට මඩ ගසා ගැනීමේ සම්ප්‍රදායකි.අපි ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, පාට පක්ශ වශයෙන් බෙදී ඕනෑ තරම් මඩ බාල්දි නොඅඩුව ගසාගනිමින් රට අවලස්සන කරමින් සිටිති.ඉතින් ඒකට  private campus හා government campus කියලා තවත් බෙදීමක් ඕනෑ නැත්තේය.දියවන්නාවේ නූගත් රිලා පාට් උසස් අධ්‍යාපනය හදාරන බුද්ධිමතුන්ට තරම් නොවේ.

Saturday, September 10, 2016

පොත් අස්සේ වල බහිමු...





ලොකු අකුරු ප්‍රින්ට් කරපු
රවුම් කර ඇති T එක ඇදලා 
පාට ගිය හිර ඩෙනිම 
කකුල් දෙකටම අන්දලා
කන් දෙකට ඇබ ගහන්
සින්දු ලෝකෙක හිරවෙමින්
fb,viber chat තුල වල බහින ගමන්
154ක නැගලා
ඇවිත් බහින්න...
කකුල් කඩිත්තුව හැදෙනකල්
ඇවිද ඇවිද බලන්න
හැමදාම බලන
ලස්සන සූටි නන්ගිල දිහා නෙවී
දහසක් අදහස්,මතවාද
සිතුවිලි,කතන්දර හිර කරන් 
දිලිසෙමින් ඉන්න පොත් ගොන්න දිහා
එක පොතක්වත් ගන්න
පිටු අතර සිරවන්න
තවත් ඇත්තේ සතියයි.....




Sunday, September 4, 2016

Sex ෆැන්ටසිය හා ජෙප්පෝ (18+)






අද කථාව සුරේඛාගේ "මේ කතාව" ගැනය.නයියා මේ කතාව මිලදී ගත්තේ ගිය අවුරුද්දේ BMICHහීදී පැවති පොත් ප්‍රදර්ශනයේදීය.එහිදී ගත් පොත් සැට් එකෙන් පලවෙනියට කියවූයේ මේ කථාව වන අතර ඊයේ පෙරේදා දින දෙකේදී මේ කථාව යලි කියවන්නට සිත් වූයේ ඔය පොත කියවූ කිහිප දෙනෙක්ගේ ලගකදී නැවත කන වැකීමෙන් පසුවය.ඒ කිහිප දෙනාම පැවසුයේ මේ කථාව හෙන ජරා පොතක් බවය.එහිදී එක එක්කෙනා ජරා කිව්වේ අන්ශ 2ක් මුල් කරගෙනය.එකක් පොතේ කුනුහරුප ඇති නිසාය අනික කතාව හරි මූසල සහ වල් එකක්ය කියලාය.තවත් දෙතුන් දෙනෙක් පැවසුයේ මේක කියවලා jvp කාරයෝ බෝධිසත්වයන් මෙන් සිටියත් හෙන පහත් එවුන් බව වැටහෙන බවත් ඒ නිසා ජෙප්පන්ව එපාමවී ගිය බවත්ය.

ඉතින් අය එසේ කියන්නේ ඇයිදැයි විනිශ්චය කර ගැනීමට නැවත මේ කථාව කියවීමි.පළමු කරුණු දෙක එනම් එය වල් හා ජරා පොතක් බවට පත්වූ ප්‍රධාන හේතු වන්නේ එහි කුණුහරුප අඩන්ගු වීමත් එහි හැමිනෙන සීන් බර ලොට් එකක් තිබීමත් වියයුතුයැයි අපිට සිතෙන මුත් sex content ඇති කතා ඕනෑ තරම් තවත් තිබෙන අතර ඒවා ගැන මේ තරම් මට මුන ගැසුනු උන් විවේචනය කරලා නැත. sex කෑලි ගොඩක් ගැන ලියලා තියන පොත් ගැන පිරිමින් කතා කරන්නේ හෙන ආතල් එකේය,බලපන් බලපන් ඒක මරු බව රහසින් කියලාය.ගැහැනුන් එවැනි පොත් මතක් කල විට කෝල වන්නේය.නමුත් මේ කථාවේ sex ගැන පිරිමින් මෙන්ම ගැහැනුන්ද බැනවදින්නේ ඇයි ?...එක් ප්රධාන හේතුවක්නම් එය ලියා තිබෙන්නේ ගැහැනියක් නිසාය.ගැහැනියකගේ අතින් ලියවෙන කථාවක කුනුහර්ප අඩන්ගු වී තිබෙන විට සමාජයේ මූන රතු වෙන්නේය,සැලෙන්නේය.එයා එහෙම ලියන්නේ කොහොමදැයි සිතන්නේය,අසන්නේය.....

කුනුහරුප සහිත වදන් මූනට දමා ගසන්නාක් මෙන් ලියවෙන්නේ පිරිමියෙක් අතින් නම්, ඔහු බය නැතුව කෙලින්ම ලියලා තියන කෙලින්පොරක් වන්නට ඉඩ තිබේ.නමුත් ගැහැනියෙක් අතින් "වේසිගේ පුතාල","බිජ්ජ එල්ලපන් මගේ කරේ" කියා ලියවෙන විට අපේ හාදයොන්ට එය දරාගන්නට අමාරුය.අනික මේ කථාවේ හැමිනෙන සීන් සැට් එකක්ම තිබෙන්නේය.ඒවා කිසි එකක් වැල රසය බෙදන්නට, කියවන පිරිමින්ගේ පොල්ල කෙලින් වෙන ලෙස හෝ කියවන ගැහැනුන්ට තිසරුන් පිරිමදිමින් කියවගන්නට සිතෙනා ලෙස ලියා නැත්තේය.ඒ එකකවත් සමන්තා මැනිකේගේ හෝ අරුන්දතීගේ පියවුරු වල වරුනාවක්,ඔවුන් ඇදන් සිටින දුහුල් නයිටිය යටින් පෙනෙනා ජන්ගිය ගැනවත්,පිරිමින් ඔවුන්ගේ පියවුරු උරා බොන ලස්සන ගැනවත්,ඔවුන්ගේ නාරි දේහයේ වරුනාවකින්වත් තොර වන්නේය.ඒ නිසා අපේ සැට් එකට ඒක හෙන අවුල්ය.කෙලින්ම කියා ඇත්තේ නිරුවතින් හැමිනෙනවා කියා පමණය, නැතිනම් ඒවා සිදුවන මොහොතේ බලපාන හා පලපෑ හේතූන් සමූහයක දේශපාලනික වටපිටාව හා යථාර්තයය.අනික් ලොකුම අවුල නම් මේකේ පිරිමින් සමග එක් වන ගැහැණු අඩන්නේ නැත්තේය.වෙන ඒවා වල නම් අනේ මගේ පතිවත, අනේ මගේ ජීවිතේ රැකගෙන ආ උතුම්ම දේ නැති වුනා කියා ගැහැනුන් වැලපෙන සීන් පිටු ගනන් ලියවෙන්නේය.තමන්ගේ ජීවිතේ මුදුන් මල්කඩක් ලෙස කන්‍යා භාවය හා  නාරි දේහය  සලකා එය තැලෙන පොඩිවන වාරයක් පාසා අනික් පොත්වල ගැහැනුන් හොටු පෙර පෙරා අඩති.තම ශරීරය පිරිමියෙකුට පුදා වැලපෙන ගැහැනු ගැන කියවන එක පිරිමින්ට හෙන ආතල්ය.නමුත් මේ කථාවේ ගැහැනු එසේ හඩන්නේ නැත.උන්ට sexකිරිල්ල යනු සාමාන්‍යෙන් කනවා බොනවා මෙන් වැඩකි.උන් sex කලාට පසු හඩන්නේ නැත.ඒ මදිවට අරුන්දතී තම ආශාවන් සන්තර්පනය කර ගැනීමට කොල්ලන්ව කඩේ යවන්නීය,උන්ගෙන් සැප ගන්නීය.මෝල කරවෙන කරවෙන මොහොතක් පාසා ගැහැනු සොයමින් උන්ගෙන්  සැප ගන්නා පිරිමි ඉන්නා කතා අතර,චිත්‍රපටි අතර ජීවත් වන පිරිමින්ගේ ෆැන්ටසිය මේ අරුන්දතී හරහා කුඩු වී යයි.ඇය තම ලින්ගික අවශ්‍යතා සදහා කොල්ලන් විටෙන් විට පාවිච්චි කරන්නීය.එවිට පිරිමින්ගේ ප්‍රතාපවත් හා බලවත් පරපීඩාකාමී ෆැන්ටසිය බිදෙන්නේය, එවිට උන්ට මේ කථාව ජරාවක් වන්නේය.

ඊලගට මේ පොත කියවන අපේ සැට් එකකටම ජෙප්පන් එපා වුනු බව කීවෝය.එයින් මා දන්නා වැඩිහිටියන් බොහොමයක් jvp එකට ඡන්දය දෙන්නන් හෝ එහි අනුගාමිකයින් නොවේ.එසේ වුනු අයට ජෙප්පන් එපා වෙන්නේ ඇයි.මේ කථාවේ 71න් පටන් ගෙන යුද්ධය ඉවර වෙන මොහොත දක්වා කියවෙන විප්ලවාදී පක්ශය ජ.වි.පෙ බව පැහැදිලිය ( පෙරටුගාමීන්ද සිටිනවා විය යුතුය).මේ විප්ලවවාදී පක්ශයේ දේශපාලන භාවිතාව හෝ ප්‍රතිපත්ති පිලිබද විවේචනයක් පොතේ සදහන්ව නැතත් පොත බැලූ සමහරුන්ට ජෙප්පන්ව එපා වූයේ ඇයි ?. ඒ වෙන එකක් නිසා නොව පොතේ සදහන් කාලසීමා දෙකකදීම විප්ලවවාදී පක්ශයේ වැඩකරනා පොරවල් දෙකක් එම පක්ශයේ තරුණියන් සමග බුදියා ගන්නා බව පැවසීම නිසාය.ඒ දෙදෙනම තරුණියන්ට බලහත්කාර කමක් කරන බවක් කියවෙන්නේ නැත.ඔවුනොවුන් යහන්ගත වෙන්නේ ස්වකැමැත්තෙන්ය.විප්ලවවාදී පක්ශයේ වැඩකරනා චරිත කිහිපයක්ම ගෑනු පෙරේතයෝය,හොද බෙබාලාය.නමුත් උන් ගැහැණු දූෂණය කරන උන් නොවේ.උන් වැඩුනු පිරිමින් ලෙස තම තමන්ගේ කැමැත්ත ගැහැනුන්ගෙන් ඉටු කරගන්නේ බලෙන් නොවේ.එවැනි පොරවල් හැම දේශ්පාලන පක්ශයක,හැම වුර්තියකම, හැම ආගමකම,හැම ජාතියකම ඉන්නේය.ඉතින් ජෙප්පන්ට පමණක් හොදට බිව්වා කියා කෙල්ලොත් එක්ක බුදිය ගත්තා කියා බනිනු කිම?....

ඔය තත්වය මෙරට මිනිස්සුන්ගේ ඔලුවට ඇතුල් කලේ ජෙප්පන්ම මිස වෙන කිසිවෙකුත් නොවේය.මා දැක ඇති බොහෝ සාකච්ඡා වලදී ජ.වි.පෙ ජාතික තලයේ බොහෝ නායකයන් තම පක්ශයේ අය හෙන සුචරිතවාදීන් ලෙස හැගෙන අයුරින් අදහස් පල කොට ඇත.ඒවාට අනුව ජෙප්පන් හැමෝම කැම්පස් ගිය,අරක්කු පොදක් කටේ තියන්නේ නැති,බස් එකකදී වැරදිලාවත් ජැකක් ගසා නැති,වැල බලන්නේ හෝ අදින්නේ නැති තමන්ගේ පෙම්වතිය හෝ බිරිද වෙනුවෙන් මිස පොල්ල කෙලින් කරගන්නේ නැති ජාතියක් බව බොහෝ දෙනා සිතන්නේය.මිනිසුන් තම ඡන්දය සීනුවට දුන්නත් නැතත් එවැනි බ්‍රහ්මචාරී type චරිතයක් ඔවුන්ගෙන් බලාපොරොත්තුද වන්නේය.පසු ගිය දිනෙක විජිත හේරත් වාහනේ හප්පාගත් විටදී බොහෝ උන් විමතියෙන්,කේන්තියෙන් කතා කලේ විජිත හේරත් බීල හිටි බවත් එසේ බිව්වා නම් එය ආනන්තරීය පාපකර්මයක් ලෙසත්ය.ඉතින් ඒ නිසා මේ කථාවේ  එන sex කරන්නට කැමති, මත් පැන් පානය කරන ජෙප්පන් ගැන කියවූ විට මිනිසුන්ගේ ජ.වි.පෙ ෆැන්ටසිය කුඩු වෙන්නේය. ඒ නිසා මේ පොත කියවලා හරි ජ.වි.පෙ තමන්ගේ පුද්ගලික චරිත ලක්ෂණ ගොන් විදියට උලුප්පන්න යන එක නවත්වනවා නම් හොදය.

අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ "මේ කථාව" කියන්නේ හොද උත්සාහයක් බවය.එය  ස්ත්‍රීවාදී වියමනක් වෙමින් සම්ප්‍රදායික පුරුෂ ආධිපත්‍ය සමග හරි හරියට සමාන්තරව යන,සවිමත්  ස්ත්‍රී චරිත බිහි කර ඇත.ඒවා සම්ප්‍රදායික ගැහැනුන්ට හා පිරිමින්ට දිරවාගන්නට අමාරුය.දිරවාගන්නට අමාරු දෑ කියවමින් ලියමින් ඉදිරියටයන්නට සුරේඛාටත් අපිටත් වාසනාව උදා වෙන සාහිත්‍ය මාසයකට ආසිරි පතමින් අද නයා අවසන් කරමි.