Monday, June 27, 2016

සිරි ලන්කන් රූප රචනාව


ගිය සතියේ ලියන්නට ගොස් මග හැරුනු සිරි ලන්කන් music video වරුනාව අද කොටසින් මෙසේ දිග හැරෙන වගයි....





දෙසවන් පලා මොලයට යන සින්දු කැටී
සින්දුව පාට කර මැවෙනා රූප පොදී
අකමැති වුවත් දැක ඇසුමට මේ වැල් ගී
බලයෙන් ඇතුලුවේ මොලයට මට දුකදී

හැම සින්දුවෙම ගින්දර කෙල්ලෙක් ඉන්නේ
හැම කෙල්ල කොට ගවුමුයි ඇද ඉන්නේ
සුදු කකුලුයි පිරි ලමැදැයි පෙන්වන්නේ
සින්දුව චා උනත් කෙල්ලන් නම් දිලිසෙන්නේ

හැම කෙල්ලගේ ඇහි බැම ඇත උගුලා
කොන්ඩය තඹ පාට නැත්නම් කහ වීලා
තඹවන්  කොන්ඩෙ ඇත නියමෙට  straight වෙලා
කුරුලු පෙදක් සිහිවෙයි කෙස් පිල් දැකලා

කෙල්ල මාර උඩගුය හෙන පන්ඩිතය
ඒකිට තදින් පෙම දෙන කොල්ලෙක් වේය
එක්කෝ කොල්ලාය නැත්නම් සැමියාය
හැම කොල්ලො මල් වාගේ අහින්සක

කොල්ලා love කරනා කල පෙරුම් පුරා
කෙල්ලට ඇහැ දමයි තව අතකින් හිවලා
මනමේ කුමාරිත් වැටුනාවූ වූ රුදු වැද්දා
වාගේ තමයි හිවලා හෙන මරුමුස්සා

කොල්ලා බොක්කෙන් love මුත් කෙල්ල වෙත
එනමුත් කෙල්ල හෙන චාටර් බඩුවක්ය
කොල්ලා නැති විට හිවලා තුරුලේය
හැම සින්දුවෙ ඉන්නෙ මේ වගේ චපලියොය

කෙල්ල කොටුව පැනලා දුර ඇදෙන්නේ
කොල්ලා ඉකි ගසා හඩලා පස් කන්නේ
අඩල අඩල ඌ හෙන පිස්සෙක් වෙන්නේ
නැතිනම් සිය දිවිය අවසන් කරගන්නේ

කෙල්ල කොටු නොපනිනා අනිකුත් සින්දු වල
Cancer එකක් ඇත කෙල්ලට හෝ ඇයගේ කොල්ලාට
Cancer එකක්  නැතිනම් මේ ජෝඩුවට
වාහනේක හැපි මියැදෙයි ලේ විලක

මේ වගෙ එක අච්චුවේ සින්දුම හදාලා
උදේට නගිනා බස් එකෙ මේවා දමලා
කොච්චරවත් දුකෙන් හඩන චොර ජීවිත දැකලා

යන්නේ අපි වැඩට දවසම අජපල් වීලා

5 comments:

  1. අලුත් ට්‍රෙන්ඩ් එකනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එක දිගට පැය 2,3ක් එක අච්චුවේ ඒවා බලද්දී අපිට පික්සු හැදෙනවනෙ මචන්...හික් හික්..

      Delete
  2. අනේ අම්මේ, මේක නම් සහතික ඇත්ත.
    පුදුම විකාරයක් වෙලා තියෙන්නේ මේ තුප්පහි දෙකයි පනහේ සින්දු.
    අර හැම සෙනසුරාදාම යන හිරු ටොප් 20 එකේ මුළු ප්ලේ ලිස්ට් එකම අඩනවා කියහන්කෝ..

    හිත වාවන්නේ නැහැ එව්වා දැකලා./

    ReplyDelete
  3. උන් එක්ක උඹත් අඩහන්....අහින්සක කොල්ලෙක් අඩද්දී කොහොමද කියහන්කො අපි හිනාවෙලා ඉන්නේ

    ReplyDelete