ගිය සතියේ ලියන්නට ගොස් මග හැරුනු සිරි ලන්කන් music video වරුනාව අද කොටසින් මෙසේ දිග හැරෙන වගයි....
දෙසවන්
පලා මොලයට යන සින්දු කැටී
සින්දුව
පාට කර මැවෙනා රූප පොදී
අකමැති
වුවත් දැක ඇසුමට මේ වැල් ගී
බලයෙන්
ඇතුලුවේ මොලයට මට දුකදී
හැම
සින්දුවෙම ගින්දර කෙල්ලෙක් ඉන්නේ
ඒ
හැම කෙල්ල කොට ගවුමුයි ඇද ඉන්නේ
සුදු
කකුලුයි පිරි ලමැදැයි පෙන්වන්නේ
සින්දුව
චා උනත් කෙල්ලන් නම් දිලිසෙන්නේ
හැම
කෙල්ලගේ ඇහි බැම ඇත උගුලා
කොන්ඩය
තඹ පාට නැත්නම් කහ වීලා
තඹවන් කොන්ඩෙ
ඇත නියමෙට straight වෙලා
කුරුලු
පෙදක් සිහිවෙයි කෙස් පිල් දැකලා
කෙල්ල
මාර උඩගුය හෙන පන්ඩිතය
ඒකිට
තදින් පෙම දෙන කොල්ලෙක් වේය
එක්කෝ
ඌ කොල්ලාය නැත්නම් සැමියාය
ඒ
හැම කොල්ලො මල් වාගේ අහින්සක
කොල්ලා
love කරනා කල පෙරුම් පුරා
කෙල්ලට
ඇහැ දමයි තව අතකින් ආ හිවලා
මනමේ
කුමාරිත් වැටුනාවූ වූ රුදු වැද්දා
වාගේ
තමයි හිවලා හෙන මරුමුස්සා
කොල්ලා
බොක්කෙන් love මුත් කෙල්ල වෙත
එනමුත්
කෙල්ල හෙන චාටර් බඩුවක්ය
කොල්ලා
නැති විට හිවලා ඈ තුරුලේය
හැම
සින්දුවෙ ඉන්නෙ මේ වගේ චපලියොය
කෙල්ල කොටුව
පැනලා දුර ඇදෙන්නේ
කොල්ලා
ඉකි ගසා හඩලා පස් කන්නේ
අඩල අඩල
ඌ හෙන පිස්සෙක් වෙන්නේ
නැතිනම්
සිය දිවිය අවසන් කරගන්නේ
කෙල්ල කොටු
නොපනිනා අනිකුත් සින්දු වල
Cancer
එකක් ඇත කෙල්ලට හෝ ඇයගේ කොල්ලාට
Cancer
එකක් නැතිනම් මේ ජෝඩුවට
වාහනේක
හැපි මියැදෙයි ලේ විලක
මේ වගෙ
එක අච්චුවේ සින්දුම හදාලා
උදේට නගිනා
බස් එකෙ මේවා දමලා
කොච්චරවත්
දුකෙන් හඩන චොර ජීවිත දැකලා
යන්නේ අපි
වැඩට දවසම අජපල් වීලා
අලුත් ට්‍රෙන්ඩ් එකනේ ඉතින්..
ReplyDeleteඒ උනාට එක දිගට පැය 2,3ක් එක අච්චුවේ ඒවා බලද්දී අපිට පික්සු හැදෙනවනෙ මචන්...හික් හික්..
DeleteBe the Change...
ReplyDeleteඅනේ අම්මේ, මේක නම් සහතික ඇත්ත.
ReplyDeleteපුදුම විකාරයක් වෙලා තියෙන්නේ මේ තුප්පහි දෙකයි පනහේ සින්දු.
අර හැම සෙනසුරාදාම යන හිරු ටොප් 20 එකේ මුළු ප්ලේ ලිස්ට් එකම අඩනවා කියහන්කෝ..
හිත වාවන්නේ නැහැ එව්වා දැකලා./
උන් එක්ක උඹත් අඩහන්....අහින්සක කොල්ලෙක් අඩද්දී කොහොමද කියහන්කො අපි හිනාවෙලා ඉන්නේ
ReplyDelete