අශෝක
හදගමගේ ඇගේ ඇස අග චිත්රපටය, නයියාගේ ඇස මත චිත්රණය කලාවූ සිතුවම ගැනයි අද කථාව.මුලින්ම කියන්නට ඇත්තේ කාලෙකට පස්සෙ හොද film එකක් බැලීමේ අව්ස්ථාව හදයා අපිට උදාකර ඇති බවය.මොකද කියනවානම් අති බහුතරයක් සින්හල film බලා එකෙන් එලියට එද්දී දැනෙන කාලකන්නි මුස්පේන්තුකම,මොන රෙද්දකට මේක බැලුවද කියන හැගීම නයියාට let her cry බලා අවසන් කිරීමේදී ආවේ නැත.ඒ නිසාම ඒ ගැන වචනයක් දෙකක් ලියන්නට නයියාගේ හිත නයියාට බල කරන්නේය.ඒ නිසා ජීවිතේ පළමු වරට film එකක් ගැන පශ්චාත් විවරණයක් කිරීමකි මේ. අපි ඉතින් experienced විචාරකොයෝ නොවෙන බැවින් කියවන මහතුන් මේ ගැන උදහස් නොවේවා.
බොහෝ
දෙනෙක් දැනටම මේ චිත්රපටය ගැන දන්න බැවින් කථාව කීමේ අවශ්යතාවක් නොවේ(film එක නොබැලුවත් කථා සාරන්ශය බොහෝ තැන් වලින් කියවන්නට ලැබුනා නිසැකය ).කථාව ගෙතෙන්නේ වයසක මහාචාර්ය වරයෙකුත් ඔහුගේ වියපත් බිරිදත්,ඔවුන්ගේ දියණියත් හා තවත් කාගේදෝ දියණියක් වටාය.මේ කාගේදෝ දියණිය වි.වි ශිෂ්‍යාවකි,ගිණි සිලුවකි.කථාවේ මේ කිසිවෙක් හැදින්වීමට නම් ගම් බාවිතා නොකරන බැවින් අපි ඇයට රිතිකා කියන ඇගේ සැබෑ නමම යොදාගමු.
මහාචාර්යවරයාගේ පවුල, හුදු “පවුල” යන වචනය තුල දිරාපත් වෙමින් ඉරි තලා යමින් යාන්තම් පන අදින පවුලකි.පන අදින්නේ කන්න බොන්න නැති කමක් නිසා නොව පවුල යන වචනය තුලවූ ජීව ගුනය ඒ තුල නොමැති බැවිණි.මැදිවිය පසු කරමින් ජීවිතයේ සැදෑසමය පෙනෙන මානයේ සිටින සැමියෙක් හා බිරිදකි.මේ ගෙවෙමින් පවතින්නේ එකිනෙකා කෙරෙහි ඔවුන්ගේ තිබූ ශරීර ආකර්ශණය ගිලිහෙමින් පවතින්නාවූ කාලයයි.එය තවදුරටත් තරුණකමින් උතුරන රාග ආකර්ශනයක් සහිත ජවසම්පන්න ජීවිතයක් නොවේ. කයෙන් පහව යන ආකර්ෂණය ඔවුන්ගේ සිතින්ද පලා යමින් පවතී .අමරසිරි පීරිස්ගේ "රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද..." යන්නේ අරුත මොනවට පැහැදිලි වන දිවියකි එය.තවදුරටත් ඔවුනොවුන්ගේ ජීවිත තුල, එදවස නාදවූ ආදරයේ සීනුව නාදවන්නේ නැත. කාලය විසින් එම නාදයේ මිහිර අමතක කර ඇත.ඒ වියැකී යන සීනු හඩ තුල තම දියණියද තවත් එක් ජීවියෙක් පමනක් වෙන තරම දක්වා මහාචාර්ය තුමාගේ ආත්මය හිස් වී තිබේ. රූපවාහිනිය ඉදිරියේ ගෙවෙන ඇගේ ජීවිතය
තම පියා හා සම්බන්ධ වනුයේ ඔහු පුටුව මතට හෙලන රස කැවිල්ල ගැනීමට පමනි.එය පිය-දියණි
සම්බන්ධයකට වඩා පිය-පුටු සම්න්ධයකි.ඇය නිවසේ නැතත් ඔහු පුටුව මතට රස කැවිල්ල හෙලන්
යන්නේය.
ජීව
ගුනය ගිලිහෙමින් පන අදිමින් තිබෙන සෑම ජීවිතයකටම තමාගේම වූ ෆැන්ටසියක් තිබෙන්නේය.කයින් මහලු වන සෑම පිරිමියෙකුම අවිඥානිකව තම තරුණ දිවියේ ආශාවන් සමග ප්රේමයෙන් බැදෙන බවට සැක නැත. ස්ත්‍රිය යනු එහි ප්රබලතම ආශාවයි.ඉතින් තමන්ගේමවූ ෆැන්ටසියක වසන ඒ තරුණ කෙල්ල
තමන්ගේ මහලු බව නොසලකා තමන්ව සතුටු කරන්නේය.එය සොදුරුවූ නමුත් යථාර්තයෙන් දිනෙන් දිනම ඈත්වන තෘෂ්ණාධික සිහිනයක් පමණි.නමුත් අපේ මහාචර්ය තුමාට එසේ නොවේ. ඔහුට එම සිහිනය හැබෑවටම රසවිදීමේ අවස්ථාව හමුවන්නේ රිතිකාගෙනි.පෙර කීවාක් මෙන් ඇය ගිනි සිලුවකි.ඇය මේ වයසක මිනිසාගේ නිවී යන ආශාවේ පහන් සිල නැවත දල්වන්නේය.තමන් ඒ ගිනි පුපුරෙන් පිලිස්සිය හැකි බව දැන දැනම ඔහු එයට ඇදීයන්නේය.එය හුදෙක් කාම ආශාවක් පමනක් විය හැකිය නැතිනම් අපිට කිව නොහැකි තමන්ට
මග හැරුණු දෙයක් ඔහු ඇගෙන් සොයනවා විය හැකිය.කොහොමටත් මේ තෘෂ්ණාධික ලෝකයේ අපිට ලැබුණු
සෑම දෙයක මොකක්දෝ අඩුවක් ඇත්තේය .නමුත්
රිතිකාට එය එසේ නොවන බවක් පෙනේ. ඇයට එය හුදෙක් කාම සම්භෝයක් පමණක් නොවන්නේ ඇය මහාචාර්යවරයා ගෙන් කාමයට ඊට එහා ගිය ෆැන්ටසියක් ඉල්ලා සිටින බැවිනි.එය ආදරයක්ද,පරපීඩක අරමුණක්ද,කුඩා කල තමන්ට අහිමිව ගිය පියෙකුගේ රැකවරනයද යන්න අපැහැදිලිය.
දිරාපත්වෙමින් පන අදින, නමුත් මියනොයන අප්‍රසන්න යථාර්තයක් වූ කුටුම්බයත්, සියලු වර්ණයන්ගෙන් කල එලිවූ,ජවසම්පන්නවූ ෆැන්ටසියකත් අතරමන් වන අපේ වයසක හාදයගේ බිරිද මේ සියල්ල දැනගනී. ඇය ඒ සියලු වේදනාවන්,බලාපොරොත්තු කඩවීම්,තමන්ගෙන් ගිලිහී යන්නාවූ අශාවන් සියල්ල සිතින් වමාරනුයේ ගෙදර ඇති
බුදු පිලිමය
අබියස සිටය.බුදුන් වදිනා ඇගේ දෑසේ ඇති අසරණ බාවය ඔබට ඒ සියලු වේදනා පවසනු ඇත.නමුත් ඒ සියලු වේදනා උපේක්ෂාවෙන් ඉවසනා නියම සාම්ප්‍රදායික බිරිදක් මෙන්
තම සැමියාගේ වැරදි, ලෝකයෙන් වසන් කිරීමට උත්සුක වන්නීය.සියලු වේදනා හා නොසලකා හැරීම්
තමන් විසින්ම විදගතයුතු බවට තීරණය කරන්නීය. ඒ අතරම
තම සැමියාව, තම දිරායමින් යන සිරුර වෙතට නැවත ආකර්ෂණය
කර ගැනීමේ අසාර්ථක උත්සහයකද නිරත වන්නීය.නමුත් ඒ උතුරා යන හැගීම තමන්ටත් හොරා තමන්ගෙන්ම
පලා ගොස් ඇති බවට ඇයටද පසක් වේ.
ෆැන්ටසිය
ගෙදරට කැදවාගෙන ඒම හෙවත් සැමියාගේ රාගාධික ආශා, රතිකාව ගෙදරට වැඩම්මීම තුල විටෙක ඔහුගේ
යථාර්තයත් ෆැන්ටසියත් එකම වහල යට ජීවත් වන්නේය.නමුත් ෆැන්ටසියට මේ යථා ලොවට පැමිනීමට ලෙහෙසි වන්නේ නැත.තම මහලු පෙම්වතාගේ නිවසට ඇතුලු වන රිතිකාට ඔහුගේ නිවසේ දොර ලෙහෙසියෙන් අගුල් ලෑමට නොහැකි වන්නේය. මහාචාර්ය බිරිදත්,දුවත් කිසිදු අපහසුවකින් තොරව නිකන්ම හසුරුවන මේ දොර අගුල, අගුලු
ලෑමට ඇයට මහත් පරිශ්රමයක් දැරීමට සිදු වන්නේය.තම බෝඩිමේ දොර හිතෙන හිතෙන විට වසමින් අරිමින් ෆැන්ටසි ලෝකය තුල දග කරනා ඇයට මේ යථාර්තයේ දොරෙන් ඇතුලු වී එය අගුල් ලෑම ලේසි නැත..... මහත් පරිශ්‍රමයකින් යථාර්තයේ
නිවසට ඇතුලු වූ රිතිකාට කෙමෙන් කෙමෙන් තම සිහින ලොවේ වර්ණයන් මගහැරෙනේය.ඇයගේත් ඔහුගේත් ෆැන්ටසියේ චමත්කාරය මේ යථාර්තය තුල, පෙර මෙන් වර්ණවත් නොවේ.නමුත් පන අදින මලගෙයක් වූ මහාචාර්ය පවුලට ඇයගෙන් එලියක් ලැබෙන්නේය.සිනහව අමතකව ගිය ඒ පවුලට ඈ නිසා සිනහවක් ලැබෙන්නේය. දියණියට රූපවාහිනියෙන් එහා ලෝකයකුත් මහාචාර්ය බිරියට බුදුපිලිමයෙන් එහා ලෝකයකුත් ලැබෙනේය. හරියටම කියනවානම් විචිත්රවත්වූ ෆැනටසියේ වර්නයන්, අදුරු ගූඨ වූ යතාර්තය වෙත විසරණය වන්නේය.කුඩා කල විද්යාවට ඉගෙනගත්තාක් මෙන් උනුසුම් හා සීත වස්තු දෙකක් එක ලග තැබූ විට උණුසුම් වස්තුවේ සිට සීත
වස්තුව දෙසට තාපය ගලාගොස් අවසානයේ එම වස්තු දෙකම එකම උණුසුමක් ඇති වස්තූන් දෙකක් බවට පත්වන්නා මෙනි.එක නිවසක වසන මේ ජීවිතයෙන් තම අරමුණු සේදී යන බව වටහා ගන්නා රිතිකා අවසානයේ තම සුපුරුදු ජීවිතයට යාමට නැවත මහාචාර්ය නිවසේ දොර හරින්නට තැත් කලත් එයද ඇයට ලේසි නොවන්නේ යථාර්තයේ අළු පැහැයන්ට හුරුවූ
ඇයට නැවත ෆැන්ටසියට යාමට ලෙහෙසි නොවන බවට පසක් කරමිනි.
රිතිකා
අමාරුවෙන් ගැලවී එලියට ගියත් ඇයට එම නිවසින් තම හිස මත පැටවූ අලුත් පිලිවෙතක් ඇය රැගෙන යන්නීය.ඒ හිතෙන හිතෙන වෙලාවට පන්සල් යාමේ පුරුද්දයි.අනවබෝධයෙන් යුතුව අල්ලාගැනීම දුකක් බව දේශනා කරනා බුදුදහමේ හරයන්ට පිටුපා යමින් අල්ලාගත යුතු දේවල් තව තවත් අල්ලාගැනීම සදහා මිනිස්සු පන්සල් යති.අවසානයේ ෆැන්ටසියේ ජීවත්වූ කෙලිලොල් , දඩබ්බර රිතිකා
තම ආසාවන් වෙනුවෙන්
ප්‍රාර්ථනා කිරීමටත්,මහාචාර්ය බිරිය තමන්ගෙන් අත්හැරෙමින් යන ආසාව තද කර අල්ලාගැනීම වෙනුවෙනුත් පූජා කිරීම සදහා එකම පන්සල් බිමකට පැමිනෙන්නෙය.
එහිදී
වෙනත් පාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් සිතුවමට නගමින් චිත්‍රපටය අවසන් වෙන්නේය.එම ගැටුම ඇති වන්නේ අපේ මහාචාර්ය තුමාගේ පන්නයේම තුන්කොන් ප්රේම පලහිලව්වක් නිසාය.තව තවත් තද කර අල්ලාගැනීමේ ප්රාථනාවන් මුදුන්පත් කර ගැනීමට පැමිණි නියම සහ අනියම් බිරියන් අතර ගැටුමකි එය.එහෙදී ඇමති කෙනෙකුගේ නියම බිරිද පහන් වැටක් උගුලවාගෙන ඇමතිගේ අනියම් බිරිදට පහර දෙන්නට තැත්කිරීම නිසා පන්සල් භූමිය තුල මහා ගැටුමක් ඇතිවන්නේය.සිය ගනන් බැතිමතුන් තම සුවය ප්රාර්ථනා කරමින් දැල්වූ එම පහන් වැටේ බොහොමයක් පහන් දැවෙන්නේ තව එකෙකුගේ කෙලවීම ප්රාථනා පෙරදැරිව දැමූ පොල් තෙල් වලිනි.ඉතින් ඒ වයිරයේ වැටෙන්ම තම ආශාව උදුරා ගන්න සැතිරියට ඇනීම තෝරාගන්නා ඇමති බිරිද ඈ පසු
පස එලවා යද්දී අපේ කථා නායක පවුල( නියම සහ අනියම් ප්‍රේමයන්
) තම තමන් විසින් එකිනෙකාව ආරක්ශා කරගනිමින් එකම වාහනයක නැගී අපැහැදිලි අනාගතයක් කරා මහ වැස්සේ ගමන් අරඹන්නේය.ඒ අපැහැදිලි අනාගතයට යාමට පෙර ඒ ප්රේමවන්ත සිහිනෙන් ඇහෙරෙන්න කියා හදගම අපිට කියන්නේය.ඇහැරිය යුත්තේ තම තමගේ හිත් රවට්ටා ගනිමින් දිවෙන මේ ජීවිතයේ කුමන ස්ථානයෙන්ද කියා ඔබට,මට බාරය.
maxxa... Thanks. (Mamath eye baluwa :) )
ReplyDeleteවම් eye ද දකුණු eye ද :D
Delete