මගුලක
ගොහින් යලි එන මග ගාල්ලට
ගොඩවුණි
හනික semi luxury බසයකට
බලලා
හිස් ඉඩක් වීදුරුවක් ගාව
ඉදගත්තා
වටපිට බලමින් යන්න
ගියේ
ටික දුරයි හිත මගෙ සැනසිල්ලෙ
ගින්දර
කෑල්ලක් ඉදගති වම් පැත්තේ
දැන්නම්
කිමට මග විසිතුරු නරබන්නේ
විසිතුරු
ඇත්තෙ එලියේ නොව වම් පැත්තේ
බස්
එක ගැස්සෙමින් ඉදිරියටම ඇදෙන්නා
කඩා
වදින සුලගින් සලු විසිරෙන්නා
හන්ස
ජෝඩුවක් ඉගිලෙන්නට තනන්නා
නෙත්
කොන රිදේ උන්ගේ දග බලාලා
බලමින්
නෙත් කොනින් රැගුමක් හන්ස
විදිමින්
කියඹු වැල් ගෙනෙනා පහස මට
නිදිබර
බවින් මා වෙතටම වාරු වෙන
සුරගන
එපා නුඹෙ නිදිබර බිදගන්න
ලියන්න
උනේ සන්දේශයේ හරි අඩකි
බස් එකෙ
සින්දු සැට් එක හයියෙන් play කෙරුනි
ඒ මර හඩින්
සුරගන නින්දෙන් මිදුණි
බහිනා තැන
ලන් වී ඇති බව පෙනුණී
ලිහී තිබූ
කෙහෙ රැල් එකිනෙක මිට මොලවා
සමනලයෙක්
හැඩ ඇති කටුවක් අමුනා
සුලගට විසිර
ගිය සලු නිසි ලෙස සකසා
ඊලග නැවතුමෙන්
ඇය හනිකට බැස ගත්තා
වම් පස
දග කෙරූ තිසරුන් ඉගිල ගියේ
කෙහෙරැල්
ගෙනා මුදු කිතියත් නැතිව ගියේ
මහ සද්දෙන්
play වෙන ගී වැල් අතරේ
එල්ලා ඇති
TV එකේ රූප මැවේ
දැන් මේකේ Music video ගැන මෙලෝ සදහනක් නැත්තේ ඇයි....?
කෑල්ල ගැන ලියූ වරුනාව දිග වැඩිවූ බැවින් TV එකේ මැවුනු Music video පෙල ගැන විස්තරේ next episode එකෙන් බලාපොරොත්තු වන්න.....
අතිශය ත්‍රාසජනක සිදුවීමක් සරලව සුන්දරව කවියට නගා ඇති අපූරුව..
ReplyDeleteඅගෙයි අගෙයි..
අති විශිෂ්ටයි..
බොහොම ස්තූතියි විභී...
Deleteඇත්තටම ත්‍රාසජනක තමයි...අපි ඉතින් මල් වගෙ අහින්සක කොලු ගැටවුනෙ....