Sunday, May 8, 2016

රැග හෙවත් නෙල්ලි ගෙඩිය




මේ සටහන ලියවෙන්නේ නවකවදයේ ගුනදොස් විචාරය කිරීමට නොවේය.මේ දිනවල බුකිය පුරා නවකවදයේ අව්ශ්යතාව ගැන පිරිසක් සාධාරනීකරණය කරන අතර තවත් සැට් එකක් කැම්පස් එවුන්ගේ රෙදි ගලවන්නේ උන්  මානසික අසහනකාරයන් ලෙස හුවා දක්වමින්ය.නයියාගේ කැම්පස් කාලය ගෙවුනේ මෙරට බිහිවූ කාලකන්නිම උසස් අධ්යාපන ඇමතියා වන SB ලොක්කා කැම්පස් දඩයම කරගෙන ගිය කාලයේ මෙන්ම සබරගමුව SBගේ හොදම හෙන්චයියෙක් විසින් නටවමින් තිබූ කාලයේය.. අවුරුදු හතර පුරා මාසෙකට අඩුමගානේ 3,4ක්වත් suspend වෙන්නේය.තවත් මාසවල තොගපිටින් 50,60 suspend වෙන්නේය නැත්නම් ශිෂ්යභාවය අහෝසි වෙන්නේය.පුතා දගලනවා වැඩි කියා නිවෙස් වලට phone calls එන්නේය. දවස් වල අපේ තාත්තා දවසට 3 පාරක්වත් මට call කරන්නේ මුගේ ශිෂ් භාවය තවමත් තිබේද යන්න දැනගැනීමටය.ඉතින් අසීරු යුගයේ සරසවි ශිෂ්යන්ගේ හැසිරීම ගැන නයියාට පොතක් වුව ලිවිය හැක්කේය. දිනවල සබරේ රැග කෙසේ වූයේදැයි දන්නෝ දනිති.එතරම් තද රැගක් ඇගට හා ළුවට කාලාත් තම batch එක පාවාදුන් ගමේ දුප්පත් අම්මලාගේ දරුවෝත් දවස් ගනන් තම සහෝදරයන්ගේත් වි.වියේත් අනාගතය වෙනුවෙන් දින ගනන් සත්යග්රහ කල කොලඹ ලොකු ඉස්කෝලවලින් ආපු ඈයෝත් නයියා දැක ඇත්තේය (මෙතන දුප්පත් , පෝසත් කතාවක් ඇදලා ගත්තේ කැම්පස් වල බොහෝ විට මතය වන්නේ දුප්පත් එවුන් යනු හෙන අහින්සක ඉතා හොද පොරවල් බවත් පෝසත්,ලොකු ලොකු ඉස්කෝල වලට ගිය උන් ජරා පොරවලුත් ලෙස බැවිනි…ඒ නිසා පෝසත් එවුන් මුලදීම නම්නීකරය කරලා ගත යුතුය.නැත්නම් උන් හැමෝටම අරින්නේය ). විභාගය repeat කරන බව කියා කැම්පස් එක් ලියුම් එද්දී පවා තම සොයුරන්ගේ විභාග අයිතිය වෙනුවෙන් තම උපාධිය බිලිදෙන්නට සමත් සහෝදර කැක්කුමක් ඇති පිරිසකුත් තම ආත්මාර්ථය සදහා මුලු පීඨයකම ශිෂ්යාවන් පාවාදුන් කාලකන්නින්ගේ හැසිරීමත් නයියා හොදින් විද ඇත්තේය. තෙවන වසරට එද්දී රැගෙන් කියාදුන් බොහෝ හොද පාඩම් බොහෝ දෙනාට අමතක වන බවත් නයියා අත්දැකීමෙන් දන්නේය. ඉතින් මේ කැපකිරීම් හා පාවාදීම් සියල්ල කලේ ඔය කියනා රැග කාපු උන්ය. තතු කෙසේ උවත් රැග දෙන බොහෝ දෙනා ගන්නේ උන්ගේ පරපීඩක මානසිකත්වය පිනවාගැනීමය.තවත් උන්ට එය ආතල් එකකි.තවත් සුලු පිරිසක් නියම වටිනාකම් සමූහයක් හා වගකීම් සමූහයක් තම පහල batch එකට දෙන්නට වෑයම් කරන්නෝය. නයියාට තවමත් කැම්පස් කාලේ එසේ ඔලුවට ලබාදුන් වටිනා කියන පාඩම් මතක ඇත්තේය.ඒවා එලෙසම සිව් වන වසර දක්වාම ළුවේ තිබුනේ අතිශය සුලු පිරිසකට බවද කිව යුතුය.


ඉතින් සෑමදාටම වටිනා සිතුවිලි ළුවට දෙන්නට විවිධ ක්රම භාවිත වෙන්නේය. ක්රමය හැදින්වීමට වචන දෙකක් භාවිතාවේ පවතී.න් පලමු වැන්න "නවක වදය" වන අතර දෙවැන්න "නවක නම්නීකරණය"නම් වේ.බාහිර සමාජයට මේක වදයක් වෙද්දී කැම්පස් එක තුල එය නම්නීකරණයක් වන්නේය.ඔය මගුල් සන්ස්කෘත වචන දෙකම අතඇරල කාටත් තේරෙන සින්හලෙන් කියනවානම් ඔය process එකට කියන්නේ රැග් එක  කියලාය.ඉතින් රැග් එක තුලදී අලුතෙන් එන එකාගේ චින්තන රටාවට positive දෙයක් එකතු කිරීම හා කැම්පස් එකේ උපසන්ස්කෘතිය උගේ ඔලුවට දැමීම සැබවින්ම නම්නීකරනයකි.ඔය නම්නීකරනය කරනා විදිහ නම් ඒ කාලෙට සැබවින්ම වදයකි.ඕක කරන්න ඉතින් සින්නෝ තග දානවාය,ඔරවනවාය,කුනුහරුපෙන් බනිනවාය,සමහර තැන් වල නම් army training එකක් වගේ ශාරීරික  පුහුණු පාඨමාලාවකුත් හම්බෙනවාය.ජීවත් වෙනතුරා මතක් කරමින් හිනාවෙන්න පුලුවන් ආතල්ද තිබෙන්නේය. වි.වි පරපුරක් ඉදිරියට යනවානම් ඔය තියෙන අති හින්සනකාරී ක්රම අත්හල යුත්තේය(SB ලොක්කා මොනතරම් ජඩ වැඩ කලත් උන්දෑගේ අනුහසින් බොහෝ කැම්ප්ස් වල තිබූ මේ අති හින්සාකාරී ක්රම නම් බොහෝ දුරට වැලලී ගියේය.ඒකේ credit එක නම් නයියා උන්දෑට දෙනවාය ).  ඉතින් ශාරීරික හින්සා නැතිවී, රැවීම් ගෙරවීම්,කුනුහරුපෙන් බැනීම් පමණක් ඉතුරු උනත් ඒවාත් වදයක්ම වන්නේය.ඕවා කිරීමේ අවසාන අරමුන කොයිතරම් හොද එකක් උනත් කෙනෙකුට බැනීමට,අපහාස කිරීමට ,මානසික පීඩාවට ලක් කිරීමට තවත් කෙනෙකුට මෙරට නීතියෙන් අවසර නැත්තේය. නිසා මේ කරනුයේ දඩුවම් ලැබිය හැකි වැරැද්දක් බව අපේ සහෝදරවරු සිහි තබා ගත යුත්තේය.එකිනෙකාගේ දරා ගැනීමේ හැකියාවන් වෙනස් බැවින් ඔය කරනා තග දැමීමේ සීමාවක් define කල නොහැක්කේය. නිසා කරන මගුල අහූනෝතින් කෙලා හුටස් බව සිහි තබා ගත යුත්තේය.


දැන් පසුගියදා කැනියේ සිද්ධිය හැරෙමු.මේ සිදුවූ සිද්ධිය නිසාවෙන් සිසුන් කිහිප දෙනෙක් පොලිස් අත්ඩන්ගුවට පත්වුනේය.ඊට විරෝධය පාමින් රට පුරා සරසවි වල සැනින්  විරෝධතා දියත් විනි.එය අනුමත කල හැකි තත්වයක් නොවන්නේය.කොටින්ම රට පුරා ශිෂ්ය සන්ගම් මේ කරනුයේ ලැජ්ජා නැති වැඩක් වන්නේය.මුලින් කීවක් මෙන් රැගේ අවසාන අරමුන කුමක් වුවත් තමන් කරනුයේ තවකෙක් පෙලීම බව අප සිහි තබා ගතයුතුය. නිසා දඩුවමට සූදානමින් ඒවා කල යුතුය.ලොකුම ලැජ්ජා නැති වැඩේ වන්නේ අන්තරේ හා රට පුරා ශිෂ් සන්ගම් නවක වදේ නෑ අපි නම් ඔය වචනේ දන්නෙවත් නෑයි වගේ ගොන් පාට් දැමීමය.අපි first year සිටිද්දීත් අපේ සින්නෝ දෙන්නෙක්  රැග දී අතටම මාට්ටු වෙලා පන්ති තහනම් වූ විට අපේ ශිෂ් සන්ගම් එදා රැස්වී අපි පන්ති වර්ජනේ කලයුතු බව කීවේ ශිෂ් සන්ගමය නවක්වදයට ඉදුරාම විරුද්ධ බවත් අපේ කැම්පස් එකේ නවක වදයක් නොමැති බවත් පවසමිනි.පලු යන්න රැග කා සිටි අපිටම රැගක් නැත කියා මෙසේ talk කරන්නේ කුමක් නිසාදැයි එවෙලේ මට සිතා ගත නොහැකි විය(කැම්පස් එකෙන් එලියේ ඉන්න උන්ට ඕවා කිව්වානම් වෙනම කතාවකි.ඒත් ඉතින් ඕවා එවේලේ අසන්නට  ගියානම් හුකෑස් තමයි ).දැනුත් වෙන්නේ ටිකමය, ශිෂ්ය ව්යාපාරය කියන්නේ මේ රටේ නිදහස් අධ්යාපන අයිතීන් වෙනුවෙන්,වි.වි වල සුබසාදනයන් වෙනුවෙන් දිවි පුදා කැපවූ සහ තවමත් කැපවෙමින් තිබෙනා උත්තුන්ග තරුණ බලමුලුවකි.ඒත් මාගේ වැරදි වසා ගැනීමට ව්යාපාරය අනාචාරයේ යැවීම කිසිසේත් සුදුසු කටයුත්තක්  නොවන්නේය.තමන් කරන්නට යන කාර් යහපත් එකක් උවත් කරනා ක්‍රමේ වැරදීනම් කොන්ද කෙලින් තබා ගනිමින් වැරැද්ද පිලිගත යුතුය, නැතන්ම් ඒවා  සාකච්චාවෙන් සාමකාමීව විසදා ගතයුතුය.නමුත් මේ කරනුයේ රටේ පල් හොර දේශපාලකයන් මෙන් තම වැරදි වසා ගැනීමට පාරවල් ගානේ උද්ඝෝශන කරනා එකය,කෑ ගසන  එකය.ත්රිමා වෙනුරගේ නම් කියා රැග දෙන්නට ගොස් මාට්ටු වූවන් බේරන්නට පෙලපාලි යෑම නින්දාසහගත බව ධාරණය කරගන්නවානම් ඉතා හොදය.



15 comments:

  1. Nawaka nammi karanaya = nawaka wadaya = REG
    TRUTH FIRST BRO.. WELL SAID..

    ReplyDelete
  2. Nawaka nammi karanaya = nawaka wadaya = REG
    TRUTH FIRST BRO.. WELL SAID..

    ReplyDelete
  3. Ela...............

    ReplyDelete
  4. මේක මේ වැට බදු සංග්ර්හයෙන් ලෝන්තපෝල් වෙලා ඉන්න චන්දදායකයන්ගේ අවදානය වෙනතක හරවන්න පෙන්නපු සුටි සුටි මගඩි නාටකයකි.
    අපරාදේ කියන්න බැ ගොබ්බ ජනතාවත් හොදට ඇදාගන්නවා......................

    ReplyDelete
    Replies
    1. අපි ඉගෙන ගන්න කාලෙත් ඕවා කැම්පස් වල වුනා වැට් එක වැඩි නොවීම.....අනික ආන්ඩුව මාර plan එකක්නෙ ගහල තියෙන්නෙ.කොහොමද දන් නෑ ලමයි ටික තෝර්ගත්තෙ නාට්යෙ චරිත වලට

      Delete
    2. මොකද මචන් ඇත්ත තිත්තද?
      චරිත තොරණ එක එච්චර අමාරුයයැ හිටං............
      බෝතල් පත්තරයක් අල්ලගන්නවා............ඔය අල්ලාගෙන තියෙන්නේ විජේවර්ධන පවුලේ ගොම්බෙටිදිපය ........
      තමුන්ට කඩේයන ෆ්රෙෂෙක් අල්ලගන්නවා..........
      කැම්පස් එකේ ඇතත කතාකරන කොල්ලෝ කෙල්ලෝ ටිකක් බලලා පැමිනිල්ල දානවා........
      පත්තර කඩමල්ල හරහා පුල් පබ්ලිසිටිය දුන්නම උබලා හොදට ගාගෙන නාගෙන කාගන්නවා.........
      ඕක තමයි හැමදාම රගපෞ නාට්ටිය.............
      මේ පාර විතරක් නෙවෙයි .......කාලාන්තරයක් පටන් දෙන ආතල් එකක් ඕක.
      යහපාලනය නාගන්න හැමවෙලාවේම තාජුදින්ගේ මිනිය ගොඩගන්න එක හැමදාමත් කරන්න බැ නේ බන්....එ නිසා මේපාර උබලා වගේ මෝඩයන්ට පෙන්නපු නාට්ටිය ‘ඔපරේෂන් කැලණිය ‘
      ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි ඉතුරු හරිය මහින්ද මාමි දුන්නු ලෙසටම..............
      ඇතත කියන්නේ උබද මමද කියලා බලාගෙන හිටපන්කෝ දසුනයෝ...........

      Delete
  5. නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
    සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එතනින් මෙහා වචනයක් ඒකට නැහැ. තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.

    ReplyDelete
  6. //නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්. ??
    එහෙන්ම් ඕකට නවක "වදය" කියලා කියන්නෙ ඇයි... නවක "සොමිය" කියලා කිව්වනම් ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා මචෝ..
      ඕකට "වදය" කියන වචනේ එකතු වෙනකොට ලොකු ප්‍රශ්නයක් එනවා...

      Delete
    2. සුන්දර වෙන්නෙ රැග කෑවට පස්සෙනෙ විබීෂණ ලොක්කා.කනකොට වදයකනෙ.නෙල්ලි ගෙඩිය වගේම තමයි.කනකොට තිත්තයි...පස්සෙ පැණි රසයි

      Delete
    3. මේකත් හරියට විධායක ජනාධිපති ක්‍රමේ වගේ. හොඳ කෙනෙකුට හම්බවුනොත් ටිකක් හොඳයි. පිස්සෙකුට හම්බවුනොත් අන්තිමටම කපෝතියි.

      කෙසේ වෙතත් කෙනෙක් තවකෙකු කායික හෝ මානසික අපහසුතාවයකට පත් කිරීම ශිෂ්ඨ සමාජයක් කිසිසේත් අනුමත නොකරයි.

      Delete