අද
අපි කතා කරන්න යන්නේ මුහුද ගැන.
මුහුද
හරි ලොකුයි, වතුර මහ ගොඩයි කියල නෙවී.මුහුද සමග මත්වීම ගැන.ඒ කියන්නේ මහ මුහුද කියවීම නැත්නම් විදීම තුලින් මුහුද
එක්ක කතා කිරීම ගැන.මේ සටහන ලියන්න නයියාට ආසාව ඇතිවෙන්නේ පසන් ජයතිලකගෙ "pasan-notes"
අඩවියේ තිබ්බ මත්වීම හා ජීවිත කියන සටහනෙන්.මේ සටහනෙ එක තැනක පසන් අපේ සන්ස්කෘතියෙ මුහුද කියන එක විදින ආකාරය කියල තිබ්බ.ඒකෙ තිබ්බ විදියටම ඇත්තටම අපිට මුහුද කියවීමේ සන්ස්කෘතියක් නෑ නේද කියල නයියටත් මතක් උනා.කුඩා කාලයේ ඉදන්ම මුහුදට පෙම් බැන්ද නයියා තවමත් සති අන්තය මුහුදු වෙරලේ ගත කරන්න උත්සහ ගන්නව.
කොහොමත්
අපේ රටේ බොහෝ වෙරල තීරයන් ජනතාවට
විවෘත වන්නේ සන්චාරක කර්මාන්තයට පින්සිද්ද
වෙන්න.ලන්කාවේ වෙරල තීර බොහොමයක් අතීතයේ තිබ්බේ මුදා
නොගත් ප්රදේශ වගේ.ඒ කියන්නේ සමහරක් ඒවාට ගොඩ වෙන්න බැරි විදියට කැලෑ රොදින් වැහිල.විවෘත වුනු ස්ථානත් සමාජය විසින් හැදින් වූයේ දරුණු මාලු කාරයො ගැවෙසෙන භයානක තැන් විදියට.ඉතින් බොහොමයක් ලස්සන වෙරල තීරයන් සුද්දො එන්න කලින් පාවිච්චියට ගත්තෙ ඒ ඒ ගම්වල ඉන්න බඩුකාරයො හා කුඩු කාරයො.ඒ නිසා සාමන්ය ජනතාවක් මුහුද රස විදින්න ආපු සන්ස්කෘතියක් තිබ්බෙ බොහෝ විට කොලඹ ආශ්රිතව පමනයි.නයියාත් ඉස්සර යාලුවො එක්ක ගම ආශ්රිත වෙරල තීරයන් කිහිපයක ඇවිදින්න යන්නෙ ගෙදරට හොරෙන්.ඒ තැන් වලට යන්න ගෙදරින් අවසර තිබ්බෙ නැත්තෙ ඉහත කාරනා නිසා.ඒ තැන් වලට ජීවිතේට කාන්තා පර්ශවයේ පැමිනීමක් තිබ්බේ නෑ බිය නිසා.ඉතින් මේ වගේ ගොඩක් තැන් ජනතාවට විවුර්ත වෙන්නේ සුද්දන් ඇවිල්ල ඒ තැන් විදින්න ගත්තට පස්සෙ ඒ ආශ්‍රිතව සිද්ද වෙන සමාජ වෙනස්කම් නිසා.
පොඩි
කාලෙ ඉදලම මුහුදට කැමැත්තක් තිබුනත් මුහුදත් එක්ක කතා කරන්න අපි බොහෝ දෙනෙක්ට අවස්ථාවක් නෑ.මොකද පොඩි කාලෙ ඉදලම අපේ අම්මලා අපිට කියල තියෙන්නේ මුහුද කියන්නෙ බයානක රකුසෙක් කියල.ඒක අපේ ජීවිත බිලිගන්න ඉන්න රාක්ශයෙක්.ඉතින් පුලුවන් තරම් ඈතින් හිටගෙනන ඉදල යන්තම් කකුල් දෙක මුහුදු වතුරෙන් තෙමාගන්න එක තමයි අපි බොහෝ දෙනෙක් හුරුවෙල තියෙන්නෙ.පසන් කියනවා වගේ තියන හොදම ඇදුමක් ඇදගෙන මුහුදු වෙරලට ගිහින් ඒ ඇදුම තෙමෙන්නෙ නැති විදියට,ඇගේ වැලි ටිකක් ගෑවෙන්නේ නැති විදියට තමයි එක කාන්ඩයක් මුහුද බලන්න එන්නේ.රැල්ලක් එනකොට මරන්න එනවා කෑගහන් ආයෙ වෙරලට දුවල මහ විකාර ආතල් එකක් ගැනිල්ලක් ඒක.ඒතන කියවීමක් නෑ.මගුල් ගෙවල් වල යන්න වගේ ඇවිල්ල මුහුදේ සබෑ දගකාරකම විදින්නවත් ඉස්පාසුවක් නැති අයට මුහුදත් එක්ක කතා කරන්න කොහොමටවත් වෙලාවක් නෑ.
අපේ
සමාජය මුහුදත් එක්ක ගනු දෙනුව හැදිල තියෙන්න ඔය මගුල් ගෙවල් වල යන්න වගේ හොදම ඇදුම් ඇදන් මුහුද බලලා යන්න එන උදවිය, පෙම් සුව විදීම එන පෙම්වතුන්,ඕප දූප දොඩවන්න එන්න කස්ටිය,නාන්න එන උදවිය, වැල්ලෙ cricket/foot ball ගහන්න එන කස්ටිය,කෑලි බලන්න එන කොල්ලො හා බොන්න හෝ බීලා වෙරි බහින්න නාන්න එන කොල්ලන් කියන කල්ලි වලින්.මේ සියලු දෙනා කෑ කොස්සන් ගහල දගලලා සෙල්ලම් කරලා යන්වා මිසක්, එක තැනක ඉදගෙන මුහුදු රැල්ල කියනා කතාව අහගෙන ඒකත් එක්ක සන්වාදයකට යන්න එන අය නෙවී.
වෙලාවකට
ඇසට සුවදායක නිල් පැහයකින් හැඩවී සිටිනාගැබුරු මුහුද, අපි දිහාට එවන කුඩා රල පහරවල් සමග එවන ශාන්තියේ පනිවිඩය කිරි පාට පෙන පිඩු බවට පත්වෙලා වෙරලේ වාඩිවෙලා ඉන්න අපේ ඇගිලි තුඩු වලින් අපේ ඇග ඇතුලට කාන්දු කාන්දු වෙන්නේ ඔබට මත් බවේ කෙලවරට
යන්න හැකි අලුත්ම drug එකක් ශරීර ගත කරමින්......ඒ රල
පහරවල් වෙරලේ ඇති ගල් අතරින් යද්දි එද්දි ඇතිවෙන පීඩනය හේතුවෙන් නැගෙන ගුම් ගුම් සන්ගීතය සොබාදහමේ මුල්ම ස්ව්රයන්ගෙන් එකක් විය හැකියි-සන්ගීතයේ උපත විය හැකී......ඒ සමග එන මුදු සුලන් රැල්ල අපේ ගතට ගෙනෙනා සුවය මේ පොලෝ තල්යේ බිහිවූ මුල්ම අනුරාගී ස්පර්ශය විය හැකී....තවත් වේලාවක් යන විට ලා නිල පාටින් කොල පාටට හැරී, බොර පැහැ නිල් පැහැයක් ගෙන මදක් විශාල රැලි වෙරලට එවා හෝ හෝ ගා පුපුරා යන්නේ,ඇයගේ පනිවිඩ්ය ඔබ තේරුම් නොගත් නිසා ඇතිවූ සියුම් තරහව විය හැකියි.සම්හර විට ඒක වෙන්න ඇති මේ මහ පොලවේ මුල්ම නෝක්කඩුව.අපේ පෙම්වතියොත් නෝක්කඩු කියන්න හුරු වුනේ මේ දායාදයෙන් වෙන්න ඇති......ඔබ තව දුරටත් මෝඩයෙක් වගේම උන්නොත් තද සුලගත් එක්ක එන වේගවත් රල පහර ඔබව නාවලම යාවි,ඔබ නාන්න අවේ නැතත්. එය වෙන්න පුලුවන් මේ විශ්වයේ මුල්ම මුශ්ටි ප්‍රහාරය....ඉතින් මේ සියලු දෑ සමග ඔබට පුලුවන් මුහුදත් සමග මත්වෙන්න. වෙරලේ ඉදගෙන ඔබේම සිතුවිලි අතර නිමග්නවී ඇයත් සමග ඔබේ සන්වාදය අරඹන්න.එන්න මුහුද සමග මත් වෙන්න....
අපි මුහුදෙන් වටවෙච්ච කුඩා දිවයිනක් වෙලත් බොහෝ අයට මුහුද හුරු නැත්තේ ඇයි කියන එකනම් ප්‍රශ්නයක් තමයි. ඒ කාලේ මිනිස්සු ඒ තරම් ගමන් බිමන් නොගිය තම තමන්ගේ ගම් නගරවලටම සීමාවෙලා ජීවත්වෙච්ච නිසාද මන්දා..තවමත් මුහුද නොදැකපු මිනිස්සුත් ඕන තරම් ඇති.
ReplyDelete