Saturday, May 7, 2016

කාටද පිස්සු...?




පසුගිය දිනෙක පැවැත්වුනු සිරස සටන වැඩසටහනේදී වයිද්ය වරුන්ගේ වෘතීය සමිතියේ ලේඛම්තුමා හා සිරසේ මාධ්ය වේදියෙකු වන සුරන්ග සේනානායක අතර ඇතිවූ කතා බහ සම්බන්දයෙන් විවිධ අදහස් හා පින්තූරු share වෙමින් ඇත්තේය. හැම එකකම පාහේ ඇත්තේ සුරන්ග පිස්සෙක් බවත් දොස්තර මහත්තයා දෙවියෙක් බවත් වගේ දෙයකි. පසුගිය වසර දෙකක පමන කාලය තුල දේශපාලකයන්ගෙන්ද  ඔවැනි පන්ඩිතකම් පාමින් අතපය විසි කරමින්, විටෙක දේශපාලකයින් කොර කරමින්ද විටෙක තමා පොර වෙන්නට තතනමින් පන්ඩිත action දමමින් කටයුතුකල සුරන්ග කිසිදා විවේචනයට පත් නොවුනි.නමුත් SAITM  අවුල ගැන දොස්තර මහත්තයා සමග කල කතාබහ නිසා සුරන්ගයා පිස්සෙක් ගානට වැටී ඇත.එයට හේතුව වශයෙන් දක්වන්නේ සුරන්ගගේ අන්ග චලනයන් බොහෝ වැඩි නිසා හා දොස්තර මහත්තයා අත පය නැති එකකු සේ නොසෙල්වී සිටීමත් නිසාය. ඒත් නයියාට නම් හිතෙන්නේ මේ සිදුවන්නේ කල ගුන සැලකීමක් කියලාය. බුකියේ වැඩි දෙනා ඉන්දියන් විරෝධීන් වන අතර, දොස්තර සන්ගමේ මේ උදවිය පහු ගිය ටිකේ ඉන්දියාවට විරුද්ධ ප්රහාරයක් වන ETCA එපා සටනට බොක්කෙන් සහයදීම නිසා වෙනුවෙන් බුකියෙන් ලැබෙන කලගුන පිදීමක්ය මේ වීගෙන යන්නෙ.නැතිනම් ඉතින් දොස්තරලා කියන්නේ කියන්නේ ඈත අතීතයේ සිට වැදුම් පිදූ ලැබූ අය නිසා එයට කරන ගරු කිරීමක් වෙන්නැ…

වැඩසටහනේ පැවසූ පරිදි දොස්තර සන්ගමේ පෞද්ගලික වි.වි සම්බන්දයෙන් ඉන්නේ උදාසීන මතයකය. කියන්නෙ  පිලිබද රජය ගන්නා ඕනෑම තීරනේකට එයලා සද්ද නැතුව ඉන්නවාය. හැබැයි පෞද්ගලික වයිද්ය විද්යාල දානවාට එයාල විරුද්ධය.ඒකට එක එක වෙලාවට එක එක ඒවා කියන්නේය.මුලින්ම කිව්වේ ඒවා නිසි ප්රමිතියෙන් තියන එව්වා නම් අවුලක් නෑකියලාය.ප්රමිතිය අනුව ආවොත් කැමතිද ඇහුවාම කියන්නේ රජය අධ්යාපනය පෞද්ගලීකරණයකොට පෞද්ගලික වෙද විදුහල් දමන බවට තම ප්රතිපත්ති ප්රකාශනයේ සදහන් කොට ඉන් ජනතාවරමක් ලබාගෙ ආවොත් අවුලක් නෑ කියලාය(තමන් ජනතාවට ගරු කරන බව කියන්නේය.රජය යනු ජනතාවගේ නියෝජිතයා බව කියන්නේය.එහෙනම් රජය ගන්නා තීරන අපි පිලිගත යුතුය යන තර්කය ආවිට). පෞද්ගලික වි.විද්යාලයක් පැමිනීම අධ්යාපන පෞද්ගලීකරණයක් වෙන්නේ කෙසේදැයි එතුමා කීවේ නැත. අනික දැන් බොහෝ කලක සිට උපාධි ලබාදෙන පෞද්ගලික ආඅයතන මෙරට තිබෙන නිසා බඩු දැනටමත් packet වී හමාරය.ඕකේ අමුතුවෙන් කියන්න දෙයක් නැති බව එතුමාට නොවැටහෙන්නේද ?එසේ නම් එතුමන්ලා පෞද්ගලික රෝහල් වල සල්ලි වලට බෙහෙත් දෙන නිසා නිදහස් සෞඛ සේවයකුත් මෙරට නැති බවත් ඒක නැති කරන්නට තමන් බොක්කෙන්ම දායක වූ බවත් එතුමා කිව යුතුය. එතුමාට ඒවා අමතකය.

සල්ලි වලට බෙහෙත් දීම නැවැත්වීමට දොස්තරලා කැමතිද ඇහුවාම කිව්වේ ජනතාව කියනවානම් නවත්වන බවය.එවිට සුරන්ග කිව්වේ තමා PP වලට අකමැති බවය.ඊලගට කිව්වේ එහෙම පිරිසක් කියූ පලියට බෑ කියාය.එසේ කරන්නට නම් රජයක් බලයට ඒමට පෙර තම ප්රතිපත්ති ප්රකාශනයට private practices අවලන්ගු කරන බවට වගන්තියක් එක් කලයුතු බවත් ඒක ඉදිරිපත් කරලා ඡන්දයෙන් බලයට ආවිට PP අවලන්ගු කලොත් තමන් එය නවත්වන්නට සූදානම් කියලාත්ය.. එයාලාට ජනතා මතය ඉතා වැධගත් කියන්නේය,ඊට ගරු කරන්නේයැයි කියන්නේය.......මේවා හරි අපූරු කතාය.අත පය එහේ මෙහේ විසි නොකර එකතැන නොසෙල්වී කියන මේ කතා පිස්සු කතා නොවේය.මන්ද එතුමන්ලාහැමදාම ස්ට්‍රයික් කරන්නට පෙරත් මුලින්ම ජනතාවගෙන් අහලා ඉන්නේය.නර්ස්ලාගේ පඩි ටිකක් වැඩි වගේ අපි ඒ නිසා ස්ට්‍රයික් කලාට කමක් නැද්ද කියා එයාලා ජනතාවගේන් අහලා ඉන්න්වාය.අපේ car permit එක නැති වෙලා අපිට එක නැතුව බෑ ඒ නිසා අපි ස්ට්‍රයික් කලාට කමක් නැද්ද කියා අසා ජනතාව අවසර දුන්නොත් පමනය එයාලා ස්ට්‍රයික් කොරන්නේ.ඊටත් එහා ගොස් රජයකින් තමන්ට කුමක් හෝ දීමනාවක් , වරප්‍රසාදයක් ලබාදුන්නත් එයාලා ඒක ලබා ගන්නේ හොදට හොයා බලලාය. දීමනාවක් ලබා දුන්නොත් හෝ දොස්තරාලාට තවත් කාර් එකක් ලබා දුන්නොත්, එයාල මුලින්ම රජය බලයට පත්වෙන්නට පෙර ගෙනා ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියවලා ඉන්නවාය.ඒකේ රජය බලයට ආවිට දොස්තර්ලාට කාර් දෙනවා කියා නැත්නම් එයාලා ඒවා බාර නොගන්නේය.නැවත ඡන්දයකට ගොස් ප්‍රතිපත්ති ප්‍රකාශනේට මේවා දමා ජනතා අනුමැතිය අරන් එන ලෙස රජයට කියන්නේය.......තම වෘතිය තුල තම සන්ගමේ ඒකාධිපති බලය රැක ගැනීම සදහා පමණක් වන දොස්තර සන්ගමේ මේ සටන අත පය නොසොල්වා තර්ක ගෙනාවා කියා සාධාරණ වන්නේ නැත.

දොස්තර සන්ගමේ ලේඛම්තුමා එසේ පික්සු talks දෙන අතරේ තවත් පික්සු talks දුන් අයෙක් එහේ වූයේය. විජේදාස රාජපක්ශ මැතිතුමාය.SAITM එක අරබා තිබෙන්නේ හොර ලියවිලි ගසලා බවත්, රටේ වයිද් වෘතියේ ගුනාත්මක භාවය පිලිබද තීරන ගන්නා නිසි ආයතනය වන වයිද් සභාව විසින් තීන්දු කරනා පරිදි SAITMහි අවශ් ප්රමිතීන් නැති නිසා වයිද් උපාධිය ලබාදීමට සුදුසු නැති බවත්,A/L සමත් නොවූ සිසුන් පවා එහි සිටින බව පැහැදිලිව ඔප්පුකර පෙන්වද්දී එතුමා පවසනුයේ එහෙනම් නීතිය ඉදිරියට ගොස් තීරණයක් ගන්න ලෙසය.රටේ උසස් අධ්යාපන අමාත්යානශයක් තිබෙද්දී මේවා පිලිබද තීරණ ගැනීමට උසාවියට යන ලෙස මේ ඇමතිතුමා පවසනන්නේය.එහෙනම් රජයක් කියා එකක් තියෙන්නේ අහවල් එකටධ?..රටකට උසාවියක් තිබ්බානම් හොදටෝම ඇතිය.SAITM එක ගැන වැඩිදුර ප්රශ්න අසද්දී එතුමා කිව්වේ තමන් SAITM එක ගැන හදාරලා ආවේ නැති බවත් තමන් ආවේ පෞද්ගලඉක වි.වි ගැන කතා කරන්නත් කියලාය. එතුමා බබාය.අනික් තුන් දෙනාම SAITM එක ගැන කතා කොරන්න ලෑස්තිවෙලා ඇවිල්ලා ඉද්දී අපේ ඇමතිතුමා SAITM එක ගැන අද්යයනය කරලා ඇවිත් නැත්තේය.එතුමා SAITM එක ගැන වැඩිය මුකුත් දන්නේත් නැතිය.හැබැයි ඒ උනාට SAITM එකේ ඉගෙන ගන්නා ලමයින්ගේ දෙමව්පියන්ට SAITM ප්‍රශ්නය ගැන එතුමා නීති උපදෙස් පවා දී තිබෙන බව බිමල් රත්නායක මහතා හෙලි කලේය.පෞද්ගලික වි.වි සම්බන්ධයෙන් කතා කරන විට SAITM යනු අනිවාර්යෙන් ඇදී එන මතෘකාවක් බව තේරුම් ගැනීමට එතුමාට නොහැකිවී ඇත.ඉතින් කාටද පිස්සු?

සාකච්චාව තුලදී දොස්තර හා ඇමතිතුමා රැගූ ගොන් පාට් ගැන තව බොහෝ දේ කියන්නට ඇතත් සටහන දිග වැඩි වන බැවින් අවසනකට ගෙන යුතුය........
මෙරට තරුන පරපුරේ උසස් අධ්යාපන අව්ශ්යතාව රජයට පමණක් පිරිමැසිය නොහැක්කේය. නිසා පෞද්ගලික අන්ශයේ මදිහත්වීමක් උසස් අධ්යාපනයට අවශ්යවේ. නමුත් SAITM යනු හොර පාරෙන් ගෙනා ආයතනයක් බවට විවාද නැත.රටේ නිල ආයතනයක් වන වයිද් සභාව පවා එහි ගුනාත්මක භාවය ප්රතික්ශේප කර ඇති අවස්තාවක මෙරට රජයන් බබා පාට් දාන එක මහ නරුම වැඩක් වන්නේය. නිසා SAITM එකේ වෙද උපාධිය තහනම් කලයුතුය. දොස්තර සන්ගමේ ඒකාධිපති බල පෙරේතකමේ ගොන් පාට් වලට බයේ නොව කලයුතු නිවැරදි දෙය එය නිසාය.

දැනටමත් එසේ උපාධි ලබාදෙන පෞද්ගලික ආයතන බොහොමයක් මෙරටේ තිබෙන්නේය.නමුත් ඒවා නිසි ප්රමිතියකින් පවත්වාගෙන යාම සදහා රජයේ නිසි නියාමන ප්රතිපත්තියක් නොමැත්තේය. නිසා අසාධාරණයට ලක්වන්නේ උසස් පෙලින් ඉහලම සාමාර්ථ ගෙන රටේ රාජ්‍ය වි.වි පද්ධතියේ ඉගෙන ගන්නා දරුවන්ය.එයට විරුද්ධව කෑගසන එක කුහක කමක් නොවන්නේය.මන්ද මෙරට රාජ් වි.වි පද්ධතියේ බොහෝ අඩුපාඩුකම් තිබෙනා නිසාය.ඒවා වහා විසදාදීමට රජයට වගකීමක් ඇත්තේය.කලින් පැවති රජයට එහි මෙලෝ උවමනාවක් තිබ්බේ නැත්තේය.දැන් මෙයාලාත් කරනුයේ බොරු ඉලක්කම් හරබයක් දාලා තම රජය අධ්යාපනයට දෙන මුදල වැඩිකල බවට පාරම්බානා එකය. නිසා මේ ගොන් පාට් නවතා රාජ් වි.වි පද්ධතියේ සියලු අඩු ලුහුඩුකම් මග හරවා ඒවා ලෝකයේ පිලිගත් මට්ටමකට ගෙන ඒමට රජයට නොපසුබස්නා උත්සාහයක් තිබිය යුතුය. අතරේ පෞද්ගලික උපාධි සදහා නිසි නියාමනයකින් යුත් ක්රමවේදයක් පවත්වාගත හැකිය.තමන්ගේ උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය,වි,වි යේ ප්රමිතිය,පර්යේශන කටයුතු ඉහල දමා ගැනීමට සටනක් වි.වි ශිෂ්යන් තුල තිබිය යුතුය.සටන ඇත්තේ සදහා මිස කොහේවත් ඇති ඒවා වසාදැමීමට පාරවල් වසා දමමින් අරගල කොරනා එක නොවේය. මෙවැනි ප්‍රශ්න විසදීම හෝ ඒවාට මැදිහත්වීම රටේ දරුවන්ට බාරනොදී නිසි පියවර ගැනීම දේශපාලකයන්ට හා අදාල වගකිවයුතු අන්ශ වලට බාරය.නමුත් ප්රශ්නේ ඇත්තේ මුන් ඒවා නොකරනා එකය...

7 comments:

  1. මෙය කියවා අවසන මා හට දැනුනේ ලේඛකයා යම් හිනමානයකින් පෙලෙන්නෙකු බවත් වැය කල කාලය අපතේ ගිය බවත්ය.

    ReplyDelete
    Replies
    1. ලේඛකයාට හීනමානයක් ඇති බව හිතුනේ මොන කරුණු වලින්ද?

      Delete
    2. හීනමානෙ මොකක් සම්බන්ධවද කියල කිව්වනම් වටිනවා

      Delete
  2. තර්කානුකූල ලියවිල්ලක්. ඒත්, 'ලේඛම්' වෙනුවට නිවැරදි වචනය වන 'ලේකම්' පාවිච්චි කලානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි...මට මතක තිබුනෙම "ඛ" යෙදෙනවා කියලා.
      නිවැරදිකලාට මගේ හදපිරි මෙව්වා එක..

      Delete
  3. දොස්තර හොරුනි
    හැකිනම් PP නවත්වන්න..

    ReplyDelete
    Replies
    1. උඹ ඔහොම කිව්වට බෑ ලහිරු..
      ඡන්දයක් එනකම් ඉන්න වෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනේ හදන්න... :P

      Delete