Saturday, April 22, 2017

ආශාවරී 3 - මේඝලතා මුනගැසීම


ඉරාජ් රූගත කරන, නයියා ලියන යුගයේ අප්සට්ම ප්‍රේම වෘතාන්තයේ අලුත්ම කොටසයි මේ....







වේලාව උදෑසන 10ටත් කිට්ටුය.පෙරදින මැදියම් රැයේ ඇරඹි ගමන මේවන තෙක් කිසිදු විඩාවකින් තොරව ගෙවී ඇත.ඇත්තටම විඩාවක් නැතිවා නොව, මේඝලතාගේ මතකයෙන් පිරී ඇති සිතටත් ගතටත් විඩාව නොදැනෙන්නේ වෙයි.මේ පැය ගනන තුල තමා මේ අලුත් ලෝකයට පුදුමාකර ලෙස අනුගත වී ඇති බව ඔහුට වැටහී තිබේ.තම කලිසම් සාක්කුවේ තිබෙන කුඩා හුරුබුහුටි උපකරණය ජංගම දුරකතනයක් බවත්, මාර්ගය ඔස්සේ හඩ නගා වේගයෙන් ඇදෙන යන්ත්‍රවලට කියන්නේ මෝටර් රත බවත් ඔහුට වැටහේ. පරංගින් ගොඩ බට ඒ කාලේ නම් තිබුනේ අස්ස කරත්ත පමනි. පැය ගනනක පා සැරිය තුල ඔහුට එකදු අස්ස කරත්තයක්වත් මුන ගැසුනේ නැති.දැන් අස්ස කරත්ත භාවිතයෙන් ඉවත් වෙලා විය යුතුය. සමහරවිට අශ්වයින්ද වඳ වී ගොස් වන්නට පුලුවන. සුන්දර අප්පු මදක් මදක් නැවතී වට පිට බැලුවේය. තමා සිටින්නේ කිසියම් විනෝද උද්‍යානයක් අසල වියයුතුය. මහා මාර්ගය පසෙකින් ගලා යන කුඩා ඇල පහරකි. එහි ඉවුරට ආසන්නයෙන් තැනූ විවේක මණ්ඩප කිහිපයක් පාරේ පසෙකින්  පිහිටා තිබේ.කෙමෙන් කෙමෙන් දැඩි වෙමින් ඇති හිරු එලිය වැදී ඇල පහර කැඩපතක් මෙන් බබලයි.ඇල දියෙන් පරාවර්තිත දීප්තියෙන් මිදෙනුවස් සුන්දර අප්පු මහ මාර්ගය දෙසට හැරුනේය.

ඒ ක්ෂනයෙහිම ඔහු පසු කර ගිය තරුණිය නිසා සුන්දරගේ දෑස් නැවත නිලංකාර විය. සුන්දර මුලින්ම දුටුවේ රතු පාටින් වර්ණ ගැන්වුනු ඇගේ කෙස් කලඹයි. සුලඟට මුසු වී ඳග කරන රතු කෙහෙරැලි ඇත්තිය තම දුරකතනය කන තුලටම ඔබාගෙන විශාල කතාවක නිරත වෙමින් ඉදිරියටම ඇදුනාය.ඇය තමා පසු කර ඇදෙනවිට ඇගේ ගතෙන් හමා ආ කෘත්‍රිම මල් සුවඳ පරයා දැනුනු ආත්මීය සුගන්ධයෙන් සුන්දර අප්පු සසලවී ගියේය. එය තමන්ට ඉතා හුරු පුරුදු සුගන්ධයකි, ආත්ම ගනනාවක් පුරා ඔහු ආනන්දයෙන් මුසපත් කල සුගන්ධයකි. ඔහු වහ වහා ඇය පසු පස ඇදුනේය.ඈ හැඳ සිටියේ කුඩා මල් ලියකම් වලින් පිරි නිල් පැහැති ඉතා කෙටි ගවුමකි.එනිසා ඇගේ දිගැති දෙපා මැනවින් නිරාවරනය වී පෙනේ.සිහින් පාතුඩු වලින් පටන් ගෙන ක්‍රමයෙන් පෘශ්ටිමත්වෙමින් ඉහලට දිවෙන පා යුගලේ අවසානය සටහන් වෙන්නේ මනා හැඩයෙන් යුතු කලවා යුමයෙනි. ක්‍රමයෙන් දැඩිවන හිරු රැස් වැදී ඇගේ පා යුගල රන් පැහයෙන් දිලිසේ. මදක් ඉක්මනින් තබන පියවර නිසා දෙපසට නැලවෙන නිතඹ මනරම් මතකයන් අවදි කරනා දඟකාර මායාවක් වැනිය.නමුත් මේ සියල්ලට වඩා සුන්දර අප්පුට උවමනාවූයේ ඇගේ මුහුන බලා ගන්නටය.එක්වනම තරුණිය තම ගමන නවතා යමෙක් සොයන්නට මෙන් කොහේදෝ බැලුවාය. ඒ ඇසිල්ලේ සුන්දරගේ ජංගමයේ කැමරාව ක්‍රියාත්මක විය.දැන් වැඩේ හරිය.ඇගේ මුහුන දැන් ඔහුගේ ජංගමයේය. ඔහු වහා තමා ගත් ඡායාරූපය දෙස බැලීය.දුටු දසුනෙන් සුන්දර ගල් ගැසී ගියාද , විදුලි සැරයක් වැදුනාද කියා කිව නොහැක.ඔහු එක් වරම ගැස්සී ගොස් නිසල විය. දෙනෙත් අයා ගත් ඔහු ජන්ගම දුරකතනයේ තිරය දෙසම බලා සිටියේය.....එහි සිටියේ ...ඔව්, එහි සිටියේ.........මේඝලතා......වසර සිය ගනනක් පුරා සෙවූ මේඝලතා.......

සුන්දර අප්පු පියවි ලෝකයට පැමිණියේ පාරේ ගිය මෝටර් රථයක මහ හඬින් හැඬවු නලාව නිසාය.පාරේ මැද ගල් ගැසී සිටි ඔහු වාහනයට හසු නොවී ගැලවුනේ අනූ නවයෙනි. තමන් තාවර වූ තත්පර කිහිපයට තරුණිය තමා පසු කොට සැලකිය යුතු දුරක් ඇවිද ගොස් ඇති බව වට පිට බැලූ සුන්දර අප්පුට පෙනුනි. තම දෑස් හොඳින් පිස දැමූ ඔහු නැවත ඡායා රූපය දෙස බැලීය.දෙකක් නැත....මේ මේඝලතාමය. ඔහු අඩිය ඉක්මන් කරමින් ඇයව ලුහු බැඳීමට පටන්ගති.ටික දුරක් ගිය පසු සුන්දර අප්පු පැමිණ තිබුනේ ජනාකීර්න පෙදෙසකටය. මේඝලතා මහා මාර්ගය අද්දරම වූ සුදු පැහති මනරම් තට්ටු නිවාසයකට ඇතුලු වූවාය. සුන්දරඅප්පු ඇය ඇතුලට යනකල් සිට ගොනැගිල්ලේ දොරකඩට පැමිනියේ.එහි එල්ලා තිබූ බෝඩ් ලෑල්ලක Jeena's villa No7 ලෙස ලියා තිබුණි.






විවර කර තිබූ දොරෙන් එබිකම් කල බැලුවමුත් මේඝලතා පෙනෙන්නට නොවීය.දොර අසලම වූයේ රවුමට කරකැවෙමින් ඉහළට නැගෙන පඩිපෙලකි.නාදුනන ගෙයකට ගොඩවදින්නේ කේසේදැයි සිතමින් සුන්දර මිනිත්තු කිහිපයක් තාවර වුනේය. වසර සිය ගනනක් පුරා දැරූ නොතිත් උත්සහය නොසිතූ මොහොතක සාර්ථක වී තිබේ. එය මග නොහැරිය යුතුය.ඔහු සිතට දිරි ගෙන පඩිපෙල නැග නිවසේ විශාල ආලින්දයට පිවිසුනේය.
ඉත අලංකෘත වූත් නවීන වූත් ලෙස සකසන ලද ආලින්දයකට ඔහු පිවිසුනේය. ආලින්දයේ මැද තිබූ දිග පුටුවක හිඳ ගත් මැදි වියේ ගැහැනියකි.රතු පාට දිගු ඇඳුමකින් සැරසුනු ඈ පොතක් කියවමින් සිටී. සුන්දර අප්පු රතු හැඳගත් කාන්තාවට කිට්ටු විය.හිස ඔසවා තමන් දෙස බැලූ ගහැනියගේ මුහුනේ වම්පස, නහයට ඉහලින් මදක් විශාල ඉන්නෙකි. එය ඇගේ මුහුණ ලස්සන කරන්නේද අවලක්ශන කරන්නේදැයි කියා ප්‍රශ්නයක් සුන්දරගේ සිතට නැගිනි. තම ජංගමය අතටගත් සුන්දර, මේඝලතාගේ ඡායාරූපය රතු හැඳගත්තියට පෙන්වා.,
"මෙයා ඉන්නේ මෙහේද ?"...........කියා ඇසුවේය.

"Yes, of course "....... කාන්තාව ඉංගිරිසියෙන් කුමක්දෝ කීවාය.

කී දෙය නොතේරුනත් ඇගේ මුහුනේ ඉරියව් වලින් පෙනුනේ ඇය ඔව් කියා කියූ බවය.

"මට එයාව හම්බවෙන්න පුලුවන්ද ?"

"Sure.....She is available now"
Meanaka ....Come here darling"

"මේනකා".......එය ඇයගේ නම විය යුතුය.ඉතුරු කිසිඳු දෙයක් වැටහුනේ නැතිමුත් ඇය මේඝලතාට අඬගැසුවා විය යුතුය......
ඔහුගේ අනුමානය නිවැරදිය මේඝලතා පැමිණියාය.රතු හැඳගත්තිය මොනවාදෝ වේගයෙන් ඇයට කිවුව මුත් සුන්දරට ඒ කිසිවක් ග්‍රහනය කර ගැන්මටවත් නොහැකි විය.ඔහු කලේ ,මීට වසර 1500කටත් පෙර තමා වැඩියෙන්ම  ආලය කල ප්‍රියම්බිකාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටීම පමණි.හැඳ සිටි ඇඳුමත් හිසකේ වර්නයත් වෙනස්වී තිබුනද ඇගේ සුන්දරත්වයෙහි නම් කිසිදු අඩුවක් නොවීය. කතා බහ අවසන්විය.තරුණිය ඔහු දෙස කෝලයෙන් මෙන් බලා ඇසක් ඉඟි මැරුවාය.ඒ ඉහළ මාලයට යන්නට එන ලෙස තමාට කල ආරාධනයකි.ඇය තමාව අඳුන ගත්තාද ?.....ඒ ඉඟිය පෙර ඉතිහාසය පුරා සීගිරි බලකොටුවෙහි වූ පොකුණු දියෙහි  ජල කෙලියේ යෙදී උන් දඟකාර සරාගී මේඝලතාගේ මැයි. සුන්දරට තමන් එක්වනම තම රජ දවසට ගසා ගෙන ගියාක් මෙනි දැනුනේ.ඔහු සිහිනයෙන් මෙන් ඇය පසු පස ඇදෙන්නට විය.

"Excuse me sir...."
"You have to settle the payment first"  රතු හැඳගත්තිය තමන් අමතා මොනවාදෝ කීය.


එය වටහා ගත නොහී, සුන්දර ඇය දෙස විමසුම් දෑසින් බැලීය.

"සල්ලි ගෙවලම වැඩේ පටන් ගත්ත නම් තම්යි හොඳ ?"......ඇය සිනා මුසු මුහුනින්, කැඩිච්ච සින්හලෙන් පැවසුවාය.
"දහ දාහයි"......


සුන්දරට මේ සියල්ල අප්‍රභන්ශයක් විය. මේඝලතා හමුවීමට මුදල් ගෙවිය යුත්තේ මන්ද?...එය මේ කාලයේ සිරිතක්ද?.....ගෙදරකට ගොස් තරුණියක් මුන ගැසීමට මුදල් ගෙවිය යුතුද?......තම රජ දවසේදීවත් මෙලෙස කතාබස් කිරීම සඳහා බදු අය නොකෙරුනි?...මෙය කිනම් සංස්කෘතියක්ද?.....එක පිට එක ප්‍රශ්න වැලක් සුන්දරගේ සිතට ගලා එන්නට විය.නමුත් මේ ඒවා වචන වලට පෙරලා වාද කරගැනීමට කාලය නොවේ.ඉකමනින් මේඝලතා හා තනි විය යුතුය.සුන්දර පන්දහසේ කොල දෙකක් ගැහැනියට දී මේඝලතා හෙවත් මේනකා පසුපස ඉහළ මාලයට යන්නට විය.පඩිපෙල නගින මේනකාගේ නිතඹ මනා රිද්මයෙන් දෙපසට චලනය වේ.ඇඳ සිටි කෙටි ගවුම නිසා ඇගේ නිතඹ පෙනෙන්නට ඔන්න මෙන්නය.සුන්දරට මේ දැක ඉවසුම් නැති විය.නමුත් ඔහු අපහසුවෙන් තම හැඟීම් ඉවසා සිටියේය. ඔවුන් ඉහළ මාලයේ වූ කාමරයකට ලගාවිය.කාමරයේ දොර අසල කුඩා වීදුරු අසුරුමක පාට පාට පැකැට්ටු ගොන්නක් ගොඩ ගැසී තිබුනි.තමන්ට හොඳින් හුරු පුරුදු පැකට් කිහිපයක්ද ඒ අතර විය.පෙරදින රාත්‍රීයේ ආරියවතී සමග යහන්ගත වන්නට යනවිට ගෙදර සිටි සේවක කොලුවා දුන් පැකට්ටු වර්ගයයි ඒ. ඔහු මැදියම් රැයේ පිටව එද්දී පාවිච්චියට ගන්නට නොහැකිවූ එම පැකට්ටුව ඒබරන්ට දුන්නා මතකය..සුන්දර අප්පු ඒ පැකට්ටු වර්ගයේ නම මෙනෙහි කරන්නට විය....

"ආහ්...මතක් උනා........සමහන්"



පින්තූර "වස්සානේ හීනේ" ගීතයෙන් උපුටාගන්න ලදී.

8 comments:

  1. Hamboooo... ethi othanin nathara una..

    ReplyDelete
    Replies
    1. නතර උනේ නෑ දරුවා....ඊලඟ ටික ලඟදිම එනවා

      Delete
  2. ලියල තියන විදිහ නියමයි.ඔය වගේ නවකතාවක් ලියන්ඩකො අපිට රහට කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බක්කරේ.....ඔහොම දිරි ගන්වනකොට ලියන්න හිතෙනවා ඇත්තටම...
      තව අත්දැකීම් එකතු කරගෙන බලමුකෝ

      Delete
  3. Uba meka liyala tiyenne hariyata jackson ge abha film eka wage. Ekath patan ganna kalin iwara wenawane....

    ReplyDelete
    Replies
    1. ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියනවා...හික් හික්

      Delete
  4. ඊළඟ කෑල්ල තවත් රසවත් වෙයි නේ

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන්
      රහ කරලා ගන්න බලමු :)

      Delete