Saturday, September 10, 2016

පොත් අස්සේ වල බහිමු...





ලොකු අකුරු ප්‍රින්ට් කරපු
රවුම් කර ඇති T එක ඇදලා 
පාට ගිය හිර ඩෙනිම 
කකුල් දෙකටම අන්දලා
කන් දෙකට ඇබ ගහන්
සින්දු ලෝකෙක හිරවෙමින්
fb,viber chat තුල වල බහින ගමන්
154ක නැගලා
ඇවිත් බහින්න...
කකුල් කඩිත්තුව හැදෙනකල්
ඇවිද ඇවිද බලන්න
හැමදාම බලන
ලස්සන සූටි නන්ගිල දිහා නෙවී
දහසක් අදහස්,මතවාද
සිතුවිලි,කතන්දර හිර කරන් 
දිලිසෙමින් ඉන්න පොත් ගොන්න දිහා
එක පොතක්වත් ගන්න
පිටු අතර සිරවන්න
තවත් ඇත්තේ සතියයි.....




4 comments:

  1. සැක් ..මේ මල ඉලව් ගෙයක් හදල මං බංකොලොත් උනා නොවැ....මේ පාර මට වන්දනාවෙ එන්ඩ වෙන් නැතුව.හිතේ දුකයි.මක් කොරන්ඩද

    ReplyDelete
    Replies
    1. හප්පා එහෙමද?.....පොඩියට හරි try එකක් දාන්න බලන්න

      Delete
  2. පොතක්වත් ගන්න
    පිටු අතර සිරවන්න/// escape

    ReplyDelete