Saturday, June 18, 2016

On the way to Sri lankan Music Video...



මගුලක ගොහින් යලි එන මග ගාල්ලට
ගොඩවුණි හනික semi luxury  බසයකට
බලලා හිස් ඉඩක් වීදුරුවක් ගාව
ඉදගත්තා වටපිට බලමින් යන්න

ගියේ ටික දුරයි හිත මගෙ සැනසිල්ලෙ
ගින්දර කෑල්ලක් ඉදගති වම් පැත්තේ
දැන්නම් කිමට මග විසිතුරු නරබන්නේ
විසිතුරු ඇත්තෙ එලියේ නොව වම් පැත්තේ

බස් එක ගැස්සෙමින් ඉදිරියටම ඇදෙන්නා
කඩා වදින සුලගින් සලු විසිරෙන්නා
හන්ස ජෝඩුවක් ඉගිලෙන්නට තනන්නා
නෙත් කොන රිදේ උන්ගේ දග බලාලා

බලමින් නෙත් කොනින් රැගුමක් හන්ස
විදිමින් කියඹු වැල් ගෙනෙනා පහස මට
නිදිබර බවින් මා වෙතටම වාරු වෙන
සුරගන එපා නුඹෙ නිදිබර බිදගන්න

ලියන්න උනේ සන්දේශයේ හරි අඩකි
බස් එකෙ සින්දු සැට් එක හයියෙන් play කෙරුනි
ඒ මර හඩින් සුරගන නින්දෙන් මිදුණි
බහිනා තැන ලන් වී ඇති බව පෙනුණී

ලිහී තිබූ කෙහෙ රැල් එකිනෙක මිට මොලවා
සමනලයෙක් හැඩ ඇති කටුවක් අමුනා
සුලගට විසිර ගිය සලු නිසි ලෙස සකසා
ඊලග නැවතුමෙන් ඇය හනිකට බැස ගත්තා

වම් පස දග කෙරූ තිසරුන් ඉගිල ගියේ
කෙහෙරැල් ගෙනා මුදු කිතියත් නැතිව ගියේ
මහ සද්දෙන් play වෙන ගී වැල් අතරේ
එල්ලා ඇති TV  එකේ රූප මැවේ



දැන් මේකේ Music video ගැන මෙලෝ සදහනක් නැත්තේ ඇයි....?
කෑල්ල ගැන ලියූ වරුනාව දිග වැඩිවූ බැවින් TV එකේ මැවුනු Music video පෙල ගැන විස්තරේ next episode එකෙන් බලාපොරොත්තු වන්න.....
       




2 comments:

  1. අතිශය ත්‍රාසජනක සිදුවීමක් සරලව සුන්දරව කවියට නගා ඇති අපූරුව..

    අගෙයි අගෙයි..
    අති විශිෂ්ටයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභී...
      ඇත්තටම ත්‍රාසජනක තමයි...අපි ඉතින් මල් වගෙ අහින්සක කොලු ගැටවුනෙ....

      Delete