Saturday, October 3, 2015

FB shared videos සහ මාධ්‍ය අම්බරුවෝ




මේ ගෙවී යන කාලය ලන්කාවේ පොලෝසිය හා ජනමාධ්‍ය හත්පොලේ ගාගන්නා කාලයකි.පොලෝසිය සෙයාගේ ඝාතකයන් සමග හොරා පොලිස් සෙල්ලම් දමමින් දාන දාන වෙට්ටුව මාධ්‍යට කියන්නට යමින් හත්පොලේ ගාගනිති.පොලෝසිය කියන එව්වා මෙලෝ වගක් නැතුව කියා දමමින් මාධ්‍ය, පොලෝසිය අඹරා දෙන අසූචි රටපුරා පතුරවමින් හත්පොලේ ගා ගනිති.

ඊට අමතරව අපේ රටේ මාධ්‍ය පසු ගිය කාලය පුරා අලුත් සෙල්ලමක් සොයාගෙන ඇත.ඒ  Fb පුරා share වන ගොන් පාට් video උස්සා තම ප්‍රධාන ප්‍රවෘති විකාශයන්ගේ එල්ලා ගැනීමයි.වාරියපොල නන්ගි,BMW අක්කා, පාරෙ බැහැලා යන්නට බැරි තරමට රටපුරා ජනප්‍රිය වන්නේ මේ මාධ්‍ය අම්බරුවන්ගේ ක්‍රියාකලාපයන් නිසාය.ඒ series එකේ අලුත්ම episode එක පසුගියදා විකාශය වුනේය.ඒ කොල්ලන් දෙන්නෙක් එකතු වී කෙල්ලෙක්ට කම්මුල් පහරවල් ගසනා චාමරගේ video එකය.ගිය සතියේ fb එක පුරා කරක් ගැසූ මේ video එක අන්තිමේදී රටේ ප්‍රධාන ප්‍රවෘති විකාශයන් වලද  දක්නට ලැබුණි.දැන් හෙලි වන අන්දමට ඒ සිද්දිය වී ඇත්තේ 2014 වසරේදීය.පහර කෑ කෙල්ල හා පහර දුන් කොල්ලා දැන් කසාද බදින්නට යන්නේය(ගහපු අනික් එකා දෙවනි මනාලයාට ඉන්නවා විය යුතුය).Phone එක හදන්නට දුන් අවස්තාවේ phone එකෙන් උස්සන ලද video එක fb එක වටේ ගොස් අන්තිමේ පත්තර වල හා ප්‍රවෘති වලත් පෙන්වීම නිසා තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව කෙල්ල පවසන්නේය....කොල්ලා කෙල්ලට ගැසූ එක වැරදිය.ඒකේ විවාදයක් නැත.නමුත් එය කෙල්ලට උසුලන්නට බැරි තරම් වදයක් නම් ඇය එය පොලීසියට දන්වනු ඇත.එය හදිසි කෝපය නිසා එදා සිදුවූ පහරදීමක් වන්නට ඇත.අන්තිමේ උන් දෙන්නා නැවත යාලු වී දැන් බදින්නටද යන්නෝය.

වාරියපොල සිද්දියද මෙවැනිම එකක් විය. අන්තිමට කොල්ලා හොද එකා වී කෙල්ල බැල්ලියකගේ තත්වය වැටින.ඒක ඒ තත්වයට පත්කර රට පුරා market  කලේ මාධ්‍ය විසින්ය.මෙවැනි රන්ඩු සරුවල් ලන්කාව පුරා සෑම මිනිත්තුවකම සිදු වනවා ඇත.ඒ අසල smart phone එකක් ඇති, දකින දකින හැම මගුලම video කරන එකෙක් සිටියොත් ඌ ඒවා record කරනු ඇත.Recordකර Fb,Youtube දමනු ඇත.මල ගෙදරක ගියත් මිනියලගට වී selfie ගසා feeling sad කියා Fb දමන මේ කාලයේ මෙවැනි පජාත සිද්ධි record කර fb දැමීම නවත්වන්නට නොහැක්කේය.අනික අර මහින්ද මාමිගේ ඡන්ද ඇඩ් එකේ හිටි නන්ගි කියන්නාක් මෙන් facebook, social media ඇත්තේ fun ගන්නටය.වලියක්,මිනී මැරුමක්,ස්ත්‍රී දූශනයක් හෝ විහිලුවක් ඔය fb එකේ share වන්නේ fun එක හා කුණු රස බෙදා ගැනීමටය.නමුත් fb එකේ share වන හැම මගුලම හොයා බැලීමකින් තොරව රටේ ප්‍රධන ප්‍රවෘති වල විකාශය විය යුතුද?...Facebook වැනි අවිධිමත් මාධ්‍යක share වන දෑ  රටේ වගකිවයුතු නාලිකා කිසිදු සොයා බැලීමකින් තොරව මෙලෙස විකාශනය කිරීමෙන් අභියෝගයට හා ගර්හාවට පාත්‍ර වන්නේ රටේ මිනිස්සුන්ගේ පවුද්ගලික ජීවිතයයි.රටේ ගෑනු මිනිස්සු රන්ඩු වන්නේය. උන්ට ඒව රටටම පෙන්වන්නට ඕනෑනම් උන් ගෝල්ෆේස් එකට පැමින media වලටත් එන්න කියා ගහ මරාගනු ඇත.

ඒ දවස් වල අපේ hostel එකේ කොල්ලන් දෙදෙනෙක්ද උන්ගේ කෙල්ලන් හා phone එකෙන් රන්ඩු වෙන්නේ මහ හයියෙන් කුනු හරුප කියාගනිමිනි.නමුත් උන් ආයේ හවස් වෙද්දී යාලු වී අත් අල්ලන් පාරේ ඇවිදින්නේ අහින්සක කුරුලු ජෝඩු මෙනි.ඒ කාලේ අපි ඕවා record කර youtube දැමුවානම් ඒවා පට්ටෙට hit වනු ඇත.අන්තිමට hits වැඩි තරමට රාත්‍රී 7,8 news වලටද පෙන්වනු ඇත.අන්තිමට උන් රටේම පිලිකුල් සහගත චරිත වී පාරේ බැස යාමට බැරි වනු ඇත.රටේ සැමටම පවුද්ගලික ජීවිතයක් ඇත්තේය.මිනිස්සු රන්ඩු වෙන්නේය ඊටත් එහා ගොස් ගුටි ඇනද ගන්නේය.නමුත් ඒ සැම එකක්ම අපරාධ ගනයට නොවැටෙන හුදු කේන්තිය නිසා සිදුවන ඒවාය.ඕවා රටේ news වල හා පත්තර වල පලකලයුතු ඒවා නොවන්නේය.

මාධ්‍ය තුල පල කලයුත්තේ මොනවාද පොලීසිය විසින් මාධ්‍යට කරුණු වාර්තාකල යුත්තේ කෙසේද යන්න ගැන හොදම පාඩම සේයාගේ ඝාතනයට සැකකල 17ත් හැවිරිදි කොලුවාගේ සිද්දියෙන් අපට මොනවට පැහැදිලි කලේය.පොලීසියට සැක නම් ඕනෑ එකෙක් අත් අඩන්ගුවට ගත් හැක.නමුත් ඒකා පිලිබද හිතට එන හැම සැකයක්ම රටේ මාධ්‍ය සමග බෙදාගැනීම අව්ශ්ය නැත.එසේ බෙදා ගත්තත් ඒවා රටේම උන් එක්ක බෙදා ගන්නවාද නැද්ද යන්න තේරුම් ගැනීමට මාධ්‍යවල ඉන්නා උන්ට ඔලුවක් තිබිය යුතුය.එසේ ඔලුවක් නැති නිසා 17 හැවිරිදි කොලුවා blue film බැලූ  මෙරට පලමු පිරිමියා මෙන් ඉතිහාසගත් වුනේ තවත් ඝාතන චෝදනාවක්ද සමගය.දැන් අල්ලාගේන සිටින කොණ්ඩයාගේද අලුත් අලුත් hot activities  දවස පුරා එලියට එන්නේය.ඒවා මාධ්‍ය ඔස්සේ උණු කැවුම් මෙන් විකිනෙන්නේය. නමුත් තවමත් DNA පරීක්ශන වලින් කොණ්ඩයා මේ ඝාතනය කලේ දැයි  තහවුරු වී නැත්තේය.එය අන්තිමට අර වලහාගේ කතාව වැනි එකෙක් වන්නටද ඉඩ ඇත්තේය.


අවසාන වශයෙන් මධ්‍ය ආයතන වල සිටින ප්‍රවෘති අධ්‍යක්ශක වරුන්ට කියන්නට ඇත්තේ fb එකේ share වන හැම ලබ්බම සොයා බැලීමෙන් තොරව තමන්ගේ news වල එල්ලා ගන්නට එපා කියාය.තමන්ගේ news ව්ල කියන්නට නිසි දෙයක්  හොයා ගන්නට බැරිනම් ප්‍රවෘති අධ්‍යක්ශතුමෝ ඔය අධ්‍යක්ෂ පට්ටම දීපන් ළමයෙකුට...


පින්තූරු අන්තර්ජාලයෙනි

6 comments:

  1. //ඔය අධ්‍යක්ෂ පට්ටම දීපන් ළමයෙකුට...//

    ReplyDelete
    Replies
    1. දැන් ළමයින්ටත් හොදටම මල පැනනලු ඉන්නෙ හැමදේම උන්ගෙ ඇගේ ගහනවා කියලා

      Delete
  2. මූත්‍රා කරන්න පොදු වැසිකියකට යන්නත් බයයි දැන්.මුන් ඒවා විඩියෝ කරලා ප්‍රධාන ශිරස්තල යටතේ දානවනේ දැන්.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.දොර වහගෙන වැඩේ කරගන්න පුලුවන් එකකට යන එක හොදා...හික් හික්

      Delete
  3. ඕවා ගැන කතකොරලා වැඩක් නෑ කොල්ලෝ.....

    ReplyDelete
  4. ඔය ජනමාදිලියන් සමාජ පිළිකුලට ලක් විය යුතුයි.කිසිම ආචාර ධර්මයක් නැති කාලකන්නි. රෙන හැටි බුකියෙ වයිරල් වුනොත් මේ වේ**** පුතාල ඒකත් තුන් තිස් පැයේ පෙන්නයි. සමබර වාර්තාකරනය නම් දන්නෙම නෑ.

    ReplyDelete