අයියේ අපි
පේරාදෙණිය campus එකේ,අපි රටේ දුශ්කර පාසලක්
වන.......මේ අයුරින්
පසුගිය සතියේ හමුවූ
හුරුබුහුටි නන්ගියෙක් කැටයක් දික් කරමින් කතාව ඇරබුවාය.ඇයගේ වචන මා හමුවේත් කියා
කාලය හා මහන්සිය වැය නොකලයුතු බැවින් මා ඇය නතර කලේ මාත් campus එකේ බව කියමිනි.පසු
ගිය සති දෙක තුල නන්ගිලා හා මල්ලිලා කිහිප දෙනෙක්ගේම කැට කීපයක් වූ අතර සෑම
කැටේකටම බැගින් ආධාර කර උන්ගේ සිත සතුටු කලෙමි.රුපියල් 50ක් කැටයට වැටෙන විට උන්ගේ මුවේ හා දෑසේ ඇදෙන
සතුට මීට වසර කීපයකට පෙර අපේ හිතෙත් මේ අයුරින්ම මැවුනා මට අමතක නැත
Campus එකේ පළමු වසර
තුල තිබූ එපා කරපුම වැඩේ කැට යාමය.ඒ දිනවල උදේ පාන්දර 4ට පමණ නැගිට hire එකට ගත් bus එකක නැගී එක එක town වලින් වැඩේට බහින අපි
හවස 5 විතර වෙන තුරු
කැට හොල්ලමින් බසයෙන් බසයට,කඩයෙන් කඩයට
ගොඩවෙමින් අම්මලා තාත්තලා,අයියලා,අක්කලාගෙන් කීයක් හරි
කැටයට ඔබාගන්න දුන් ගේම ලේසි පහසු එකක් නොවුනේය.කිය යුතු පණිවිඩය බොක්කටම වැදෙන්නට
කිව්වේ නැත්නම් ඉතින් බස් වල සිටිනා මගී ජනයාගෙන් ගානක් හොයාගන්නවා බොරුය.දිග අරින කතාවේ දිග පලල
නොබලා, හේතුව
නොබලා බොහෝ
දෙනෙක් රුපියල් 5ක් 10ක් දෙන්නේය.කතාව එලටම
කෙරුනොත් ඉතින් 20ක් විතර ගොඩ
දාගත හැක්කේය.ඊටත් එහා ගානක් දෙනවා නම් ඉතින් ඒ බොහෝ විට campus එකකට කෙසේ හෝ නෑකමක්
ඇත්තෙක්ම විය යුතුය. එක්තරා දවසක අපේ කැට
ගිය set එකකට අපේ campus එකේ හෙන කාලෙකට කලින්
ඉගෙනගත් සින්නෙක් හමුවී ඔහු හැම එකාගේම කැටයට සැලකියයුතු ගානක් දමා උන්ට දවල්ට
කන්නටත් අරන් දී තිබ්බා මට මතකය.ඒ ඉතින් කැට කිරීමේ කට්ට හොදින් කෑ අතීතය අමතක
නොවන එල කොල්ලෙක් නිසාය. අපිත්
දැන් අතරමගදී
හමුවන හැම පොඩි එකෙක්ගේම කැටේට හැකි තරම් වැඩියෙන් දමන්නේ ඒ කෑ කට්ට අමතක නැති
නිසාය.
අපේ පළමු කැටය
ගියේ campus එකේ කලා උළෙල කරන්නටය.ඒ සදහා කැට 3ක් විතර රටේ විවිධ පළාත් වලට ගාටන්නට අපිට සිදුවිය.ඊට
පස්සේ ප්‍රදර්ශන වලට,සම්මන්ත්‍රණ
කිරීම සදහා කැට යන්නට සිදුවුනේ ඕවාට ඕනෑ
කරන මුදල් කිසිදා campus එකෙන් නොලැබෙන නිසාය.ඒවා සැබවින්ම අවන්ක චේතනාවෙන් කල
කැට නිසා අපිත් කකුල් හන්දිපත් රිදෙන තුරුම කට්ට අවුවේ කට්ට කමින් කැට සෙලවූයෙමු. පෙර පාසලේ පිලි ගැනීම
කතාව කලාට පසු stage එකකට නැගී mike එකක් අතින් ගෙන කතා
කරන්නටද උනේ කැටයක් කරන්නට කෑගල්ලේ ගිය අවස්ථාවක O/L tuition class එකකට ගොඩවූ විටය.ඒ
කතාවට පොඩි උන්ගේ පට්ටම ප්‍රතිචාර ලැබුණු අතර උන් අන්තිමට මගෙන් සින්දුවක්ද request කලෝය.සින්දු කියන්නට
ගියා නම් උන් කැටේට දාන්න ඉන්න සල්ලි ආපසු සාක්කුවේ ඔබා ගන්නා එක ශුවර්ය.ගෙදරින්
ලැබෙන සොච්ච්ම පවා කැට වලට දමන්නට පොඩි උන් මැලි නොවුනේ අයියලා අක්කලාට උන් සිතින්
පෙම් බදින නිසාය.උන් සරසවි සිහිනය දකින නිසාය.
මේවාට අමතරව ඒ
දිනවල අන්තරේ උවමනාවල්වලටද කැට 2,3ක් විතර ගියා මතකය.ඒවා යන්නේ නිදහස් අධ්යාපනය සුරැකීමට
කියාය. ඒවා නම් ඉතින්
වැඩිපුරම ගියේ union අපේ කල එවුන්
ලගට විත් අනේ මචන් කොහොම හරි මේක කරල දියන්කෝ කියා නාහෙන් ඇඩීම නිසාය.Unionඑකේ හිටි උන් හොදම
යාලුවන් වූ නිසා උන්ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි බැවින් හරි හමන් අරමුණක්
නොදන්නා එවැනි කැට වලටද පාරවල් ගානේ කට්ට කෑමට සිදුවිය....ඔය කැට කෙරුවාව තුලදී
අතේ ඇති සතය පවා කැටයට හූරා දෙන අහින්සක දුප්පත් මිනිසුන්ද,හෙන හෙන ලොකු වාහන වලින් යනමුත් ආසාවට
රුපියල් 10ක් කැටයට නොදමනා හෙන
පොෂ් පොරවල්ද අනන්හවත් මුන ගැසී ඇත්තේය. වයසක ආච්චිලා තමන් සන්තකයේ ඇති අන්තිම
රුපියල වුවද කැටයට පුදන්නට
සූදානම් වන්නේ අප දුටු විට තම දරු මුනුපුරන් මතක් වී හිත උණුවී විය යුතුය. එවැනි
අවස්තාවල අපේ නෙත් කෙවෙනි තෙත් වූ අවස්තා බොහොමය. එවැනි සන්වේදී සිදුවීම් අතර, එපාවන සිද්දීන්ද එමට
ඇත ඔක්කෝටම වඩා එපා වන්නේ සමහර උන් අප කියනා කතාව මුලුමනින්ම අසා සිට තවත් හරස් ප්‍රශ්නත්
අසා ආ ගිය මුල ගිය තැන් සේරම දැනගන්නට විනාඩි 5ක,10 ක පමණ වෙනම interview එකක් තියා රුපියල් 2,3ක් දෙන එකය.මේවා වැඩියෙන්ම කරේ කඩවල සිටින
මුදලාලිලාය.සමහර උන් කැටය දකින විටම අප දෙස බලන්නේ ගූ ගොඩවල් දෙස බලන
අයුරින්ය.කොහොමත් ඔය නිදහස් අධ්යාපනය රැකගන්න කිආ කැට ගිය දින වලනම් වැඩිපුරම
සිදුවූයේ රට්ටුන්ගෙන් "මුන් මේ එපා කරපු ජෙප්පෝ" කියා පද අසා
ගැන්මටය. කොහොමින් කොහොම හරි පලමු වසර 1.5 අව්සන් වන විට කැට 10ක් විතර හා sticker විකිනීම් 5ක් විතර ගොඩ දැමූ fully qualified පොරවල් වීමට අපිට හැකිවිය.ඔය ගියාවූ කැට වලින් කලා උලෙල,අධ්‍යාපනික ප්‍රදර්ශන,සම්මන්ත්‍රන ආදී බොහෝ දේ සාර්ථකව සිදුවුනේය.ඉතුරුවූ මුදල් union එකේ account එකට බැර වුනේය.ඒවා ඉතින් නිරන්තරයෙන් සිදුවන වල picket වල poster,cutoutවලට,batch එකේ උන්ගේ මල ගෙවල් වලට,සරසවි සිසුන්ට එරෙහිව වැටෙන නඩු හබවලට වියදම් වූ බව අපිට පෙනුනි.තවත් සමහරෙක් කීවේ union එකේ උන් ඕවා ගසා ගන්නා බවය.නමුත් ඉතින් ඒවා ඔප්පු කල හැකි සාක්ශියක් නම් ලැබුනේ නැත්තේය.
කොහොම නමුත්
අන්තිමට කියන්නට ඇත්තේ ඔබ ලගට එන කැටය අතින් ගත් ඒ අහින්සක සරසවි සිසුවා බොහෝ දුරට
පැමිනෙණුයේ උත්තුන්ග අරමුණක් ඇතිව බවය. ඔබ දායක කරන
මුදලෙන් , සරසවි
සිසුන්ගේ මහන්සියෙන්,වීර්යෙන් මෙරට
දුශ්කර පාසල් වල දරුවන්ගේ නැණස පෑදීමට ගන්නා ක්‍රියාමාර්ග බොහෝ තිබෙන්නේය, සරසවියේ අධ්යාපන,කලා කටයුතු බොහොමයක්
සන්විධානය වන්නේය.එවැනි හොද කටයුතු අපේ දෙසවනට, දෙනෙතට මාධ්‍ය මගින් ගෙන එන්නේ නැත.මාධ්‍ය
විසින් ඔබේ මගේ සවන්පත් තුලට ගෙනෙනුයේ සරසවිය එපා කරනා හා සරසවි සිසුන් කාඩයන් ලෙස
හුවා දක්වනා පුවත් පමණක් වන්නේය.ඒ නිසා ඔබේ ලගට කැටයක් රැගෙන එන පොඩි එකාට පුලුවන්
උපකාරයක් කිරීමට මැලි නොවන්න.ඔබ ලගට එන ඒ පොඩි එකා බොහෝ දුරට සරසවියේ පළමු වසරේ
සිටිනා එකෙකි.උන් දන්නා සරසවි දේශපාලනයක් නොමැත්තේය.උන්ට ඕනෑ තමන්ගේ කැටය පුලුවන්
තරම් පුරවා තමන්ගේන් විය යුතු මෙහෙය තමන් කරන්නට යන පොදු අරමුණ වෙනුවෙන් ඉටුකර
නැවත ඉක්මනින් hostel එකට ගොස් hostel එකේ ඇදට වැටීමය.ඒ නිසා උන්ට ජෙප්පන් , පෙරටුගාමියන් කියා බැන
අපහාස නොකරන්න.මන්ද උන් බොහෝ දෙනා campus එකට පය ගැසුවා පමනක් වන නිසාය.උන් දන්නා ජෙප්පෙක් හෝ
පෙරෙට්ටෙක් නොමැත.
ඇත්තටම සමහර වෙලාවට දුකත් හිතෙනවා ඒ අය දැක්කම........ මංනං පුලුවන් විදිහට අනිවා දෙනවා...........
ReplyDeleteඅන්න එල කොල්ලෝ.පවුනෙ බන් පොඩි උන් මහන්සියෙන් කරන දේට සප් එකක් දෙන්න ඕනිනෙ
Deleteමමත් ඉස්සර දුන්නා... පස්සේ කව්ද කිව්වා ජෙප්පන්ට සල්ලි යන්නේ කියලා... ඊට පස්සේ දුන්නේ නෑ....
ReplyDeleteඅන්තරේ වෙනුවෙන් යන කැට සල්ලි නම් කැරකිලා කැරකිලා කොහේ යනවද කියලා පොඩි අවුලක් තියන්වා තම්යි.හැබැයි ගොඩක් කැට සිද්ධ වෙන්නේ campus එක ඇතුලේ යන මොකක් හරි අත්යාවශ්‍ය වැඩක් වෙනුවෙන්
Deleteෆස්ට් ඉයර් මතක් වෙනවා....
ReplyDeleteකැට නම් කලේ නෑ අපි එක එක ඒවා විකුණල සල්ලි හෙව්වා function වලට . එක මතකයක් තමයි දවසක් කොටහේන බස් එකකට නැගල විකුනන්න යද්දී කොන්දා "හිඟා කන්න එනවා මෙතන" යනුවෙන් අපහාසාත්මක ලෙස අපේ එකෙක්ට line එකක් දීමයි. නමුත් කොන්දාගේ අවාසනාවකට ඒ line එකේ receiving end එකේ සිටි අපේ කොල්ලා කොටහේන සිය නිජ බිම කරගත් නාහෙට අහන්නේ නැති එකෙක් විය. අන්තිමේදී කොන්දා ගේ ජීවිතය බේරා ගැනීමට අපිට සැහෙන ගේමක් දෙන්නට විය :D
ReplyDeleteඋබත් එක්ක ඉන්නකොට සෑහෙන ගේමක් දීල අපිත් ජීවිතේ බේරගෙන ඉන්නෙ..හික්..හික්
Delete