Saturday, October 31, 2015

මෙතෙක් කල් ගුටි කෑ සැමට...



ඊයේ දිනය ලාන්කීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේ සෙලවෙන්නට සැරටම පහර වැදුන දිනයක් වූයේය.ඉතිහාසය පුරා මර්ධනයෙන් ගිනියම් වෙමින් කිසිදා නිවී නොයමින් පවතින්නාවූ ඒ තරුණ ජවය නිසා අදටත් මෙරටේ නිදහස් අධ්‍යාපනය හුස්ම ගනිමින් තිබෙන්නේය.මර්ධනය හමුවේ සැලී ගිය අවස්ථා කොතෙකුත් තිබුනත් ඒ ජවයට තිත තබන්නට කිසිදු දුර්ධාන්ත පාලනයකට අවස්ථාව නොලැබුනේ හෙට උපදින දරුවන්ගේ වාසනාවටය.

ඊයේ සිදුවූ ම්ලේච්ඡ පහරදීම බොහෝ දෙනා බලනුයේ තම දේශපාලන උපැස් යුවල දමාගෙනය.මහින්ද්ට ඡන්දය දී තවමත් මහින්දගේ අවතාරය සමග නිදි වදින උන්ට මේ පහදීම හෙන චූන් එකකි."ආ දැන් ඇතිද උබලට කොරගත්තා මහින්දව ගෙදර යවලා.." අසමින් උන් දුක් වන්නේ ගුටිකෑ කොල්ලන් කෙල්ලන් ගැන නොව පැරදුනු මහින්ද ගැනය.MY3 ට ඡනදය දුන් උන් ඒ කාලේ ගහලා විතරක් හිටියේ නෑ අර කොල්ලො දෙන්නෙක්ව මැරුවත් එක්කනෙ.. කියමින් තමන් MY3ට ගැසූ කතිරය තමන් විසින්ම සාධාරණීකරනය කරගන්නේය.මේ uncleලා දෙන්නා ගැන නොසිතමින් සිද්ධිය දෙස බලන්නේ නම්, එහි ඇති කුරිරුකම, දේශපාලන කුහකත්වයෙන් තොරව බලන්නට හැකි නම් එය ඉතා වටින්නේය.

අපේ පොලීසියේ අයියලා ගැන ඉතින් කියන්නට දෙයක් නැත්තේය.පහු ගිය ටිකේ කොණ්ඩ්යා සමග ආතල් ගන්නට ගොහින් අම්බානක චාටර් වී ඉන්නා වේලේ මේ වගේ පඩත්තල කෙල්ලෝ ටිකකට නෙලා ඒ හිතේ අමාරුව හොද කරගන්නට ඇත්නම් ඉතින් ඊට වඩා ලල් එකක් තියෙන්නට බැරිය.කෙල්ලො කියලා බලන්නේ නැතුව ලේ පනින්න නෙලුවේ ඒ හිතේ අමාරුව නිසාය.නැත්නම් ඉතින් කවදාවත් අපේ පොලෝසියේ මහතුන් මේන් කියා අපිට නම් ඒ කාලේ අතක් උස්සලා නැත්තේය.

කොහොම උනත් ඉතින් කියන්නට ඇත්තේ මේ මාමිලා දෙන්නාගෙන්ම නිදහස් අධ්‍යපනය සුරකින,ඒක පුලුල් කරන, A/L සමත් සියලු දෙනාට රාජ්‍ය වි.වි ලබාදෙන වැනි සීනි බෝල බලාපොරොත්තු නොවන ලෙසයි.ඒක මේ මාමිලා දෙන්නාගේ වැරැද්ද නොව මේ නූතන ධනවාදී මෙව්වා එකේ හැටිය.ඒකේදී හැම මගුලටම මිලක් ඇති කල්හී, ගුණය වදවී යන්නේය.එකල්හී රාජ්‍ය-නිදහස් අධ්‍යාපනය යනු මෙලෝ කමකට නැති අමතර බරක්ය.ඒ නිසා මේ මයිත්‍රී කරන 2015 විදිය නොව පහු ගිය අවුරුදු ගණනාව පුරා අධ්‍යාපන අයිතීන් උදෙසා පාරට බැස්ස එවුන්ට ම්යිත්‍රී කිරීමේ සාමාණ්ය system එකය.
ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ උන්නතිය,පැවැත්ම හා සන්වර්ධනය වෙනුවෙන් තවත් බොහෝ ලේ දහඩිය හලන්නට සිදුවන්නට වනු ඇත්තේය.එය නිම නොවනා අරගලයකි.එය කරට, ගන්නට එය වෙනුවෙන් හඩ නගන්නට එහි ඵල විදිමින් සිටිනා උන් මෙන්ම ඵල නෙලූ උන්ටද වගකීමක් හා යුතුමක් ඇත්තේය.


මේ සියලු අල්ල පනල්ල අතරේ campus වල ඉගෙන ගන්න නන්ගිලා මල්ලිලාටද කිය්න්නට යමක් ඇත්තේය.උබලා ඕවාට ආවේ ලන්කාවේ මහා තොගයක් අතරින් තේරිලාය.ඒ විදින්නාවූ නිදහස් අධ්‍යාපනයේ මහගු ඵල අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උබලාගේ මෙන්ම එහි ඵල බුක්ති විදි අපේද යුතුකමක් වන්නේය.නමුත් උබලා ඔය කරනා සටන් වලින් වැඩි හරියක් බැනුම් අහන්නේ උබලාය.ඒයට් හේතුව වී ඇත්තේ උබලා කරන සටන රටේ සාමාන්ය ජනතාවගේ දැනුමට ගෝචර වී නැති නිසාය.එය එසේ වී ඇත්තේ උබලා කරන සටනේ තෙරුම උබලා නොදන්නා නිසාය.ඔය පිකට් වලට එන අති බහුතරය්ක් එවුන් එන්නේ වි.වි පද්ධතියේ ඇති සැබෑ ගැටලු ගැන මෙලෝ තේරුමකින් නොවන්නේය.සමහරු එන්නේ සින්නන්ට ඇති බය නිසාය,තවත් උන් එන්නේ යාලු fit එකටය,තවත් උන් එන්නේ ආතල් එකටය.එසේ පැමින මුලු රටක සාමාන්‍ය ජනයා යන එන පාරක් හරස් කරන් අපි පිකට් කරන්නෙමු.ඒ පිකට් වලින් වැඩිපුරම අසරණ වෙන්නෝ අන් කවරෙකුත් නොව අපේ නිද්හස් ඉගෙනුම වෙනුවෙන් බදු මුදල් ගෙවනා අපේම අම්මලා තාත්තලාය.ඉතින් ඒ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරමින් මේ කරනා අරගලය උබලා බොහෝ දෙනෙකුගේ හදවතේ නැති බව මම නම් ඉදුරාම දනිමි(අපේ campus කාලයේදීද ඒක එසේම වූ නිසාය).Campus ව්ල ඉන්න 80%ක් දෙනාට වි.වි පද්ධතියේ,තම උපාධියේ, තිබෙනා ගැටලු ගැන අවබෝධ්යක් නැත්තේය,union කරන උන්ට ඒවා සමස්ථ වි.වි සිසුන් අතර සන්වාදය බදුන් කිරීමට උවමනාවක් නැත්තෙය.උන් කොහෙන්වත් එන ඉල්ලීමක් අනුව අපිව පිකට් වලට දක්කාගෙන යන්නෝය.ඒවාට ගොහින් අපි බුදු මොරාල් පිට කෑ ගසන්නේය,පොලීසියට හූ කියන්නේය,කදුලු ගෑස් කා ලේ පෙරාගෙන ගෙදර එන්නේය,fb එකේ දවස් 2ක් පමන post share  කරන්නේය,ආයේ පිකට් එකක් එනතුරු වැඩේ එතනින් අහවර වන්නේය.ප්‍රශ්නය ඇත්තේ එතනය.අපේ නිදහ්ස් අධ්‍යාපනයට,අපේ උපාධි වල ඇති අඩුපාඩුකම් ගැන නොබිදෙන ගලායන  සන්වාදයක් වි.වි ශිෂ්‍ය ප්‍රජාව තුල නැති බැවින් අපේ මහා සමාජය තුල ඒ ගැටලු ගැන අවබෝධ්යක් නොමැත්තේය.උබලාගේ ඔය අධ්‍යාපන අයිතීන් කප්පාදු කරන එවුන්ගෙන්(අධ්‍යාපන නිලධාරීන්) 90%ක්ම රජයේ වි.වි තුල අධ්‍යාපනය හදාරා නිදහස් අධ්‍යාපයේ මහිමයෙන් ගොඩ ගිය උන්ය.උන් campus කාලේ උබලා මෙන්ම  නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් පාරේ අම්බ කටු කෑ එවුන්ය.නමුත් දැන් උන්ට ඒවා අමතකව ඇත්තේ උන් එදා ඕවා කලේ හදවතින් නොවන නිසාය.උන්ද එදා පාරට බැස්සේ කාගේ හෝ කීමකට විනා හදවතින් ප්‍රශ්නය දැකලා නොවේය. ඒ කාලේ පාරවල් වල හෙන ඩෙගා නැටූ,තාප්ප උඩ නැග අපට talks දුන් union leadersලා බොහෝ දෙනෙක්ට campus එකෙන් out වූ පසු නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද කියාවත් අද මතක නැත.campus වල ඉන්නා බොහෝ දෙනෙක්ටද 3rd year එකට යනවිට ඔය සටන් තමන්ගේ සටනක් නොවන්නේය.උන් කියන්නේ ඒවා 1st and 2nd yearsලාගේ සටන් විය යුතු බවය.ඉතින් අපේ අරගල ඔන්න ඔවැනි ඒවා බැවින් සාමාන්‍ය සමාජය තුල මේ සටන් ගැන අබමල් රේණුවක දැනුමක් පැහැදීමක් නැත්තේය.ඒ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වැලැක්වීම යනු ලේසි පහසු මෙව්වා එකක් නොවන්නේය.එය අපිට නොදැනිම අපේ අතේ ඇගිලි අතරින් දියවී යන්නේය

සමස්ථ අධ්‍යාපන්යේ ඇති අර්බුධය නොදකිමින් ඔහේ එන්නන් වාලේ පිකට් කලා නම්, ඊයේ ගුටි කෑ උබලාද සමාජයට බට දවසට මෙවැනි සිද්ධි දෙස ව්පර ඇහින් බලනවා නොඅනුමානය…ඒ නිසා සමස්ථ අධ්‍යාපන්යේ ගැටලු ගැන බුද්ධිමත් කතිකාවතක් වි.වි පද්ධතිය තුල ඇති කිරීමට උබලාට ශක්තිඅය ලැබේවා.එයින් බිහි වන සටන හුදෙක් වීදි සටනක් නොව සමස්ථ සමාජයේ සිතුවිලි වෙනස් කිරීමට හැකි ආකල්ප මූලික සටනක් වනු ඇත්තේය, එදාට උබලාගේ සටන නිකන්ම නිකන් campus කොල්ලො කෙල්ලන්ගේ සටනක් නොව මුලු මහත් සමාජයේ සටනක් වනු ඇත.


පින්තූරය අන්තර්ජාලයෙනි

8 comments:

  1. ලේ උරා බොන රාජපක්ෂ ඩ්‍රකියුලා ගේ යුගයට වඩා මේ කාලය නං දහස් ගුණයක් හොඳය.

    ReplyDelete
    Replies
    1. ඔව් දැනට නම් අවුලක් නෑ......ඒ කාලේ SB මූසලයව දාගෙන බුරුතු පිටින් ලමයින්ව දඩයම් කරලා campus ටික කාබාසිනියා කරන්නමනෙ හැදුවෙ

      Delete
  2. Very well analysed.

    ReplyDelete
  3. ඊයේ මං අහගෙන අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමා කිව්වා

    //අද දැක්කාද දුවක්ට හොදට ම ගැහුවා//‍‍

    කියලා... අම්මපා මේ තාත්තා කිව්ව කතාවට පොළව පළාගෙන යන්න හිතුණා.... මට අමුතු සද්දයක් අැවිත් බලද්දි අමාරුවෙන් කට වහගෙන හිටියාට වෙන කොහෙන්දෝ මට හිනා ගිහිල්ලා...... හත්තිලව්වයි

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් එතුමා කිරිත් පෙව්වලුනෙ පිකට් ආපු ලමයින්ට...ඒ උනාට අපි ගියපු පිකට් වලට නම් ඔය දීපු කිරි පැකට හම්බුනේ නෑ.මන් හිතන්නේ පොලිස් කාරයො ටික එතුමා අපිට එව්ව ටික කිරි ටික බීලා අපිට කදුලු ගෑස්,බැටන් පාරවල් දුන්නා....පව් අපේ හිටපු ජනාධිපතිතුමා

      Delete
    2. හෙට උදේට රනිලයි , මය්ත්‍රී යි පාරට බැහැල පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට යනකන් අහිංසක මිනිස්සු කැති ගාගෙන , ගාගෙන ගියත් ... හෙට හවසට කුරුට්ට ගෙනුයි බස්සියි ගෙනුයි ඇහුවොත් මොනවද වෙන්නේ කියල , මුන් දෙන්න කියයි රාජපක්ෂය මෙහෙම කිව්වා , අරහෙම කිව්වා ඒවා අහල මට පඩ ගියා etc etc කියල.

      ඇත්තටම කුරුට්ට යි , බස්සියි වගේ තමාගේ හර්දය සාක්ෂිය බල්ලටම දාල මෙහෙම සුපිරියටම පුක දෙන එක කරන්න හැමෝටම බැහැ. උඹල දෙන්න අදහන්න වටිනවා බං. ඕක පට්ට ටැලන්ට් එකක් ලංකාවේ දියුණුවෙන්න බලාපොරොත්තු වෙන එහෙකුට. ! LOL Keep it up.

      Delete
  4. සම්පූර්ණ සටහනට සම්පූර්ණයෙන්ම එකඟයි...

    ReplyDelete