Sunday, October 18, 2015

ගුරුවරුනි ගුරු ගීතය කියවමු..





පසුගියදා රටේ එක්තරා පාසලක ගුරුවරුන් ඉගැන්වීමට පන්තිවලට යාම ප්‍රතික්ශේප කරමින් වර්ජනයක නිරත විය.එයට ආසන්නතම හේතුව වූයේ කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ සර් කෙනෙක්ට පහර දීමට උත්සහ ගැනීම හා එම ලමුන්ගෙන් අනෙක් ගුරුවරුන්ට සිදුවන හින්සාවන් මුල් කරගෙනය(වැඩේ කියන්නේ ඒක ඉතින් මන් O/L වෙනකල් ගියපු ඉස්කෝලේ වෙන එකය).පාසල් ළමුන්ගේ විනය එන්න එන්නම පහතට වැටෙන බව රට වටෙන්ම චෝදනා නැගෙමින් තිබේ.උක්ත සිදුවීම එහි ආසන්නතම උදාහරණය වන්නේය.ලෝකයේ පාසල් ක්‍රමය ආරම්බවූ දා සිටම පාසල් ළමුන්ගේ හැසිරීම හොද එකක් වූයේ නැත.එය හැමදාම පිරිහෙමින් යනබව උකහා දක්වමින් විවේචනයට බාජනය වන මාතෘකාවක් වන්නේය.ඔය චෝඅදනාව කිසිදා නැතිවන චෝදනාවක් නොවන්නේ එම චෝදනාවේ මූලාශ්‍රය බවට පත්වන්නේ ඉස්කෝලේ යන උන්ගේත් ඉස්කෝලේ ගොහින් හමාර කල උන්ගේත් generation gap එක නිසාය.ඒ නිසා මේ කප විනාස වන තුරුම ඔය චෝදනාව නම් නැති වෙන්නේ නැත්තේය.

නමුත් එක්තරා කාල පරිච්චේදයක සිට මේ දක්වා පාසලෙන් කෙරෙන කාර්ය බාරය නියම ලෙස කියවා ගත් ගුරු පරම්පරාවක අඩුව නම් තදින්ම දැනෙමින් පවතින්නේය.අතීත එක් වකවානුවක පාසල් විශය නිර්දේශයෙන් සාහිත්ය,ඉතිහාසය, සමාජ විද්‍යාව විශයන් ගැලවීයාමත් සමග හුදු කටපාඩම් කිරීමේ syllabus එකක් ඇතිවූ අතර විචාරයෙන්,ගවේශණයෙන්,නිර්මාණශීලිත්වයෙන් තොර වූ පාසල් යුගයක මුල් සිසුපරපුර අසූ ගණන් වල සිට බිහිවූවා විය යුතුය.හුදෙක් ලකුණු පසු පස හඹා යන ඒ අධ්යාපන ක්‍රමය තුල ජය ගැනීම සදහා යාන්ත්‍රීකරණය වූ ඉගෙනුම් රටාවක් තුලට යනවා විනා අන් විසදුමක් තිබුනේ නැත්තේය.ඒ තරගය තුල සුරැකී සිටීමට නම් පාසලෙන් පමනක් බෙහෙත් බී මදිවන බවට මත්යක් ක්‍රමක්‍රම්යෙන් සමාජගත කිරීම ඇරඹුනේ tuition ගුරාලාගෙන්ය.

යන්තම් යන්තම් ඇරඹි tuition  ව්‍යාපාරය අද පෙර පාසල් යන පොඩි එකාට පවා පවත්වන අනිවාර්ය අධ්‍යාපන අවශ්‍යතාවක් බවට පත්වී හමාරය.ඒ නිසා අද පාසල යනු ළමුන් අධ්යාපනය ලබා ගන්න අමතර  ස්ථානයක්ය.ඒ තත්වයට පාසල තල්ලු කරනු ලැබුවේ හරිහැටි ප්‍රතිපත්තියකින් තොරවූ මේ රටේ අධ්‍යාපන රටාවය.ඒ නෝන්ජල් අධ්‍යාපන රටාවේ ළමුන්ටත් පෙර ගසාගෙන ගියේ ගුරුවරුන්ය.ඇතුල හිස් වූ ලොකු කලයක් වූ අධ්‍යාපන රටාවේ ගුනයක් නැති වුවත් එය මිලක් ඇති දෙයක් බව වටහාගත් අපේ ගුරු පරපුර පාසල දෙවනි කොට tuition එකෙන් අධ්‍යාපනය අලෙවි කිරීමට පටන් ගත්තේ පාසලෙන් සිදුවිය යුතු අනෙක් සියලු යුතුකම් වල පල්ලට දමමින්ය.

ඒවායේ ප්‍රතිඵල ලෙස අපේ ගුරුවරු අපේ සාහිත්‍ය රස බාවිතය,අපේ සමාජීය ආකල්ප හෝ අපේ ක්‍රීඩා හැකියාවක් ගැන නිකමටවත් නොසෙව්වෝය.එයාල පන්තියට ඇවිත් අච්චු පොත කරගෙන ගියහ.පුලුවන් උන් වැඩේ අල්ල ගත්තෝය,අනික් උන් පිස්සු කෙලියෝය.කෙසේ හෝ වාරය අවසන් වන විට අච්චු පොත ගොඩ දා ගන්නට අපේ සර්ලා මිස්ලාට හැකි වූ අතර අපේ උන් උදේට ඇවිත් ඉස්කෝලේ පුටුව රත් කොට හවසට tuition  එකේ බන්කුව රත් කිරීමට ගියෝය.කාලකන්නි කමේ බවේත් නිසරු බවේත් නියගයට  හසු වූ අධ්යාපන රටාවේ මුල් සිසු පරපුරවල් අද ගුරුවර ගුරුවරියන් බවට පත්වී වර්ථමාන පාසල් බාරගෙන ඇත්තේය.පසුගිය දශක දෙක,තුන තුල අයාලේ යන අධ්‍යාපන රටාවකින් උපන් අපේ ගුරු පරපුරවල් දැන් ඉගෙනගන්නා එවුන්ට හරි පාර පෙන්වයිද?...උන්ටත් ඒ කාලේ හරි පාර පෙන්වන්නට එකෙක් නොසිටිය කල මුන් කොහොම කරාවිද?...එනයින් බලන කල දැන් හැදෙන ඉස්කෝලෙ කොල්ලො ගුරුවරුන්ට ගහන්නට යන එක මිස්ලාට කරදර කරන එක අහන්න දෙයක් නැත. tuition පන්තියෙන් ඉතා හොදට text book එක කරන කල ආයේ ඒකම කරගන්නට ඉස්කෝලේ එන්නේ අහවල් එකටදැ?...වල් වැදී ගිය අධ්‍යාපන රටාවක උඩුගන් බලා පිහිනන ගුරුවරුන් වේ නම් ඒ ඉතා අල්පයක්ය.

ගුරුගීතයේ දුයිශෙන් තම ගෝලයන් කරේ තියන් ගගෙන් එතෙර කර උන්ව පාසල් ගෙන ගියේය.උනට අධ්යාපනයේ අගය පෙන්වුවේය.එයින් සැබෑ ලෙසම දැනුම හා ප්‍රඥාව ලද උන් එදා සිට බොහෝ කලක් දක්වා දැනුම හා ආකල්ප දරුවන්ට බෙදා දෙමින් උන් සැබෑ මිනිසුන් කරන්නට වෙහෙසුනහ.අපේ රටේත් එක්තරා වකවානුවක් වනතෙක්ම එය පැවතී ආවේය.පාසල යනු නියම මිනිසුන් නිර්මාණය කරන තැනක් බවට පත්වූ කාලයක් තිබ්බේය.එයින් බිහිවූ දරුවෝ උගතුන් මෙන්ම නියම සැබෑ මිනිසුන්ද වුවෝය.ඒ පාසල නැතිව ගොස් දැන් බොහෝ කල්ය.ඒ නැති වීම සිදු කලේ මේ රටේ අධ්‍යාපනය කර්වීමට බාරගත් මොට්ටයන් රැලය.


ළමයින් නරක නැත්තේය.උන්ට ගෙදරින් පසු පිටත ලෝකයක් හැටියට මුලින්ම දකිනේ පාසලය.එහෙව් එකේ ඒ පාසලේ උගන්වන ගුරුවරුන්ට ඒ පොඩි උන්ගේ වීරයන් වන්න්ට බැරි වන්නේ ජාතියේ පවටය. ඒ වීරයන් පාසලෙන් හමු නොවූ කල උන් ඒ වීරයන් සොයන්නේ අනන්තයෙන් එන තරු කුමාරයන් තුලය.ගුරුවරුන් පොත කට පාඩමේ උගන්වන යන්ත්‍ර නොවී දරුවන්ගේ හදවතට ආමන්ත්‍රනය කරන්නේ නම්,නිසි ආකල්ප ඇතිව යමින් කොන්ද කෙලින් කර ජීවත්වන්නට උන්ට උගන්වන්නේ නම්  උන් හරි මාවතේ යනු ඇත්තේය.උන්ගේ වීරයන් ලෙස උන් තමන්ගේ ගුරුවරයා තෝරා ගනු ඇත්තේය.තනිකරම ගුරු පවුලක් වූ අපේ ගෙදර මා එය හොදින්ම අත් දැක ඇත්තේය.එහි අග්‍ර ඵලය අපේ අයියාය.විද්‍යාව ගුරුවරයෙක් හැටියට ගෙදරින් පැය 10කටත් එහා තිබූ නමවත් අසා නොතිබූ පලාතක පාසලකට ගිය ඔහු ඒ පොඩි උන්ගේ විද්‍යා දැනුම පමණක් නොව උන්ගේ සාහිථ්‍ය,සින්හල දැනුම පමණක් නොව උන්ගේ ක්‍රීඩා හැකියාවද දියුණු කලේය.කිසිදා ඉස්කෝලේ sport meet එකෙන් එහා දෙයක් දැක නොතිබූ උන් පාසල් ඉතිහාසයේ පලමු වරට සමස්ත ලන්කා තරගාවලියේ තරග වැදීමට පලමු වරට කොලබට පය තියන්නේ අච්චු පොතෙන් එහා ගිය ලොවක් දුටු ගුරුවරයෙක් උන්ට ලැබුණු නිස්සය.උන් සියලු දෙනා දැන් වයස 27 පසු කල තරුනයන්ය.උන් රටේ හතර කොනේ කොන්ද කෙලින් තබා ගෙන වැඩ කරනා උන් බවට පත්වී ඇත්තේය.තවමත් අපේ අයියා කවි පොතක් හෝ වෙන කලා කටයුත්තක් කරනු දැනගත් විට උන් සියලු වැඩ පසෙකලා තිස්සමහාරාමයට එන්නේ මීට වසර 10කටත් පෙර උන් දුටු අච්චු පොතෙන් එහා ගිය තම ගුරු තරුවට කරන උපහාරයක් ලෙසය....මීටත් එහා තම දහදිය,මහන්සිය පමනක් නොව පඩි පතද කැපකරමින් ආලෝකවත් අනාගතයකට පිරුනු මොල හා හදවත් ඇති මිනිසුන් බිහි කල හා කරන ගුරු දෙවිවරු අදටත් රටේ බොහෝ සිටිනිනේය.නමුත් රටේ සමස්ත ගුරු සන්ක්‍යාව හා ගත් කල එය ඉතා කුඩා ප්‍රතිශතයක් වන්නේය.ඒ නිසා මේ ලෝකේ ඇති උතුම්ම සේවය කරනා ගුරු සහෝදරවරුනි ඔබට බාරදී ඇත්තේ රටේ අනාගතය බව අමතක නොකරන්න.උඹලාගේ ආකල්ප වර්ධනයට අවැසි අධ්යාපන වැඩපිලිවෙලක් එනතුරු ගුරු ගීතය කියවන්න.


1 comment:

  1. ගුරු ගීතය ටෙලියක් විදිහට ළඟදීම එනවලු...... සමහර විට ඒක බලාවි

    ReplyDelete