Thursday, May 18, 2017

නිදිගත් ආණ්ඩුව නැගිට්ටන්න SAITM බෙහෙත් ?






SAITM අවුල ගැන ආයේ නොලියන්නට හිතන් හිටියත් ඒ වැඩේ එන්න එන්නම අවුල් ජාලාවක් වෙමින් ඇති නිසා ලියන්නට දේවල් ඔලුවට පැමිණේ.........මේ රජය බලයට පැමිණීමත් සමග SAITM ප්‍රශ්නය තදටම කරළියට ආවේය. එසේ ආවේ මහින්දට බයේ නැට්ට පුකේ ගසාගෙන සිටි එවුන් මේ ආණ්ඩුවේ ලිහිල් බවින් සිංහයන් වූ නිසායැයි ඇතෙමෙක් පවසයි. ඒ කතාවේ යම් සත්‍යයක් ඇතත් නයියාට හිතෙන ලෙස මේ සටන දරුණුවටම නැග එන්නේ SAITM එකෙන් පිටවන පළමු උපාධිධාරීන් පිරිස පිටවුනේ මේ ආණ්ඩුව සමයේ නිසාය. එසේ පිටවන පිරිසට ලංකාව තුල වයිද්යවරුන් ලෙස කටයුතු කිරීම වලක්වන්නේ ශ්‍රී ලංකා වයිද්‍ය සභාව විසින්ය. ඒ SAITM ආයතනය වයිද්‍ය උපාධි පිරිනැමීමට සුදුසුකම් ලත් ආයතනයක් ලෙස තමන් පිළිනොගන්නා බව පවසමිනි. ඒ පිළිබඳ ඔවුන් අවස්තා කිහිපයකදීම වාර්තා එලි දක්වා ඇත.SLMC එක මේ තීරණ වලට එලඹුනු ආකාරය පිළිබඳ පසු ගිය කාලය පුරා ජනමාධ්‍ය මගින් වාර්තා විය. SLMC එක දුන් ඒ තීරණ වල හරි වැරැද්ද කීමට අපිට දැනුමක් නැත. ශ්‍රී ලන්කා වයිද්‍ය සභාව යනු වැටුප් ලබන ආයතනයක් නොවේ. එය රෝගී අයිතිවාසිකම් සහ ලංකාවේ වයිද්‍ය සේවයේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා  පිහිටවූ ගරු කටයුතු ආයතනයකි. අදාල ක්ශේත්‍රයේ ප්‍රවීනයන් වන ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම රජයක වගකීම වන අතර එම අදහස් හා නිර්දේශ අනුව වයිද්ය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජය සතුය.

පහුගිය අවුරුදු කිහිපය පුරා SAITM විරෝධී අරගලයේ ප්‍රධාන පාර්ශව දෙකක් සිටියහ. එකක් රජයේ වයිද්ය නිලධාරීන්ගේ සංගමයයි(GMOA) අනෙක අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. මේ දෙගොල්ලන්ගේ උවමනාවන් හා ක්‍රියාකාරකම් මීට පෙරත් කතා කල ඇති නිසා තවදුරටත් ඒ ගැන කතා කිරීම අව්ශ්‍ය නොවේ. නමුත් සැකෙවින් දක්වන්නේ නම් GMOA එක කියන පරිදි ඔවුන්ට ඕනෑ වයිද්‍ය උපාධියේ ගුණාත්මක බව රකින්නටය . අන්තරයේ මූලික පදනම අධ්‍යාපනය මුදලට විකිණීම නතර කල යුතු බවය. පාරවල් දෙකක යන මේ ගොල්ලන් පසුගිය තීරණාත්මක සමයේ එකට එකතු වී විශාල හඬක් නැගීමට සමත් වූ අතර ආණ්ඩුව ඒවා නෑසුනු ගානට සිටින්නට විය. වැඩේ ටිකක් රත් වෙන විට ආණ්ඩුව තම සුපුරුදු බයිලාව වන මහින්දට වරද පැටවීමේ න්‍යාය අනුගමනය කළෝය. SAITM එක ඇරියේ මහින්දගේ කාලයේ බවත් ඒ නිසා වැරැද්ද එයාගේ බවත් මේ පශ්නය තමන්ගේ වරදක් නොවන බවත් එයාලා කීවෝය.

විවිධ පිරිස් මේ ප්‍රශ්නය මුල් කොටගෙන උසාවි යන බව දුටු ඔවුන් කීවේ උසාවියෙන් ප්‍රශ්නය විසඳලා දෙනු ඇති බවය. ඒ නිසා ඔවුන් GMOA එකේත් අන්තරයේත් සද්ද ගණනකට නොගෙන පැත්තකට වෙලා සිටියේ අධිකරණය මගින් ප්‍රශ්නේ ගොඩදාලා දෙනකල්ය. රටක වයිද්‍ය අධ්‍යාපනයත් වයිද්‍ය වරුන්ගේ ප්‍රමිතියත් නියාමනය කළ හැකි නිසි යාන්ත්‍රණයක් වන SLMC එකේ අදහස් කුණු කූඩයට දමමින් රජය, අධිකරණය දෙස බලා සිටියේය. රජය සිතූ ලෙසම අධිකරණ තීන්දුව SAITM එකේ පැත්තට ලැබුනු බැවින් රජය හිතුවේ ඒ උරචක්කර මාලෙන් තමන් ගැලවුනා කියලාය. නමුත් ඒ නිදහස් සිතුවිල්ලෙන් වැඩි කල් ප්‍රීති වන්නට ලැබුනේ නැත්තේ රජය සිහිනෙන්වත් නොසිතූ ලෙස SAITM විරෝධී බලවේගය තව තවත් බලවත් වෙමින් නැගී ආ නිසාය. අධිකරණ්ය පෙන්වා බය කරන්නට හැදුවත් වැඩේ නවතින පාටක් නැති නිසා රත්වූ රජය SAITM නියාමනය වෙනුවෙන් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය ගත්තේය. ඇත්තෙන්ම එම යෝජනා ඉතා හොඳ සහ පෙරටුගාමි යෝජනා ලෙසයි මට නම් පෙනෙන්නේ. නමුත් ඒ යෝජනා ඉදිරිපත් කිරීමට රජය ලොවෙත් නැති ලෙස පරක්කු වුනේය. එම ප්‍රගතිශීලී යෝජනාවලිය එළි දකින විට SAITM විරෝධී පෙරමුණ ඉතා ප්‍රචණ්ඩ සහ බලවත් එකක් වී හමාරය. එහි තිබෙන ශක්තිය නිසාම දැන් එය රජය ගෙනෙනා යෝජනා වෙනුවෙන් හිස නමන්නට සූදානම් නැත්තේය. එහි අරමුණ වන්නේ හොඳින් හෝ නරකින් SAITM රජයට පවරා ගන්නටමය. ඒ යෝජනාවලිය දෙස බැලූ විටම තේරුම් ගත හැක්කේ SAITM හී ප්‍රමිතියේ අවුලක් ඇති බව රජයද පිළිගන්නා බවයි. එනම් මෙතෙක් කල් රජය ඇස් කන් පියාගෙන සිටියේ සැබවින්ම බාල දොස්තරලා එළියට විත් මේ රටේ රෝගීන්ට බෙහෙත් කරනකල්ද?.....රටේ අධ්‍යාපනය ගැන කිසිදා අගයීමක් නැති අපේ රටේ දේශපාලකයන්ගේ තරම මොනවට මේ යෝජනා හරහා එලි වී තිබේ. SAITM විරෝධී අරගලය මේ තරම් පෙරට නොආවා නම් රජය මේ බාල ප්‍රමිතිය එසේම පවත්වාගන්නට ඉඩ දෙනු ඇත. මේවන් නිද්‍රාශීලි වගකීම් විරහිත ගෝතයන්ගෙන් අපි කවදා නිදහස් වනු ඇත්දැයි සිහිනෙන්වත් හිතා ගන්නට අපහසුය.

මේ රජය බලයට පත්ව පැවැත්වූ පළමු අයවැය කතාවේදීම පෞද්ගලික වි.වි රට අවශ්‍ය බව තමන් පිළිගන්නා බවත් ඒ සඳහා  දිරිගැන්වීම ලබාදෙන බවත් පැවසීය. නමුත් SAITM ප්‍රශ්නයේදී රජය හැසිරුනේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසය. මුල සිටම රජය ඒ වෙනුවෙන් දැම්මේ shape න්‍යායකි. අනේ අපි නම් ඕවට නෑ පන්නයේ පිළිවෙතකි. නමුත් වගකිවයුතු රජයක් ලෙස ඔවුන්ට කල යුතුව තිබුනේ SLMC නිර්දේශ පිළිගෙන ඒ අනුව SAITM හී ප්‍රමිතිය නිසි තැනට ගෙන ඒමට කටයුතු කිරීමයි. නිසි ප්‍රමිතියක පවතින පෞද්ගලික වි.වි සඳහා රජයේ වගවීම මොනවට පෙන්වන්නට තිබූ අවථාවකි එය. ඒ හරහා තවත් ආයෝජකයන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා උනන්දු කරවීමේ හැකියාවක් තිබිණි. SLMC එකත් සමග එක්වී නිසි නියාමන ප්‍රතිපත්තියක් සකසා සියලු වයිද්ය පීඨ සඳහා අවම ප්‍රමිතියක් ගෙන ආවා නම් එය මේ රටේ සෞක්‍යයයේත් අධ්‍යාපනයේත් අති මහත් ජයග්‍රහණයක් වනු ඇත. එසේ වූවානම් ගොබ්බ බේගල් තර්ක ඉදිරිපත් කරමින් රට රවටන GMOA මහත්වරුන්ගේ තර්ක ඉබේම පරඬැල්ව යනු ඇත. එතුමන්ලා ගෙන එන රැවටිලිකාර logic වල තරම පසුගියදා විකාශය වූ සලකුණ වැඩසටහ්නේදී මොනවට පැහැදිලිවිය. එනිසා මාසෙකට පමණ කලින් රජය ඉදිරිපත් කලේ මීට වසරකට පමණ කලින් ඉදිරිපත් කල යුතුව තිබූ යෝජනාවලියකි.

තතු එසේ වෙද්දී කියන්නට ඇත්තේ දැන් ඉතින් too late කියලාය. SAITM විරෝධී වි.වි ශිෂ්ය ප්‍රජාව එන්න එන්නම බලවත් ලෙස නැගී සිටින්නට පටන් ගෙන ඇත. එම බලවේගය ක්‍රම්ක්‍රමයෙන් ප්‍රචණ්ඩ බාවයටද පත්වෙමින් තිබෙන අතර දිගින් දිගටම ආරක්ෂක අංශ සමග ගැටීමේ ප්‍රවණතාව වැඩි වෙමින් ඇත. ඊයේ දිනයේදී පොලීසිය විහාරමහා දේවී උද්‍යානය තුලටද කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේය. කුඩා දරුවන් සමග තම විවේකය ගත කරන්නට ආ සාමාන්‍ය ජනයාද ඒ දරුණු ප්‍රහාරයට ලක්විය. දිගින් දිගටම ආරක්ෂක අංශ නිසා සහ රජය නිසා පීඩාවට පත්වන ජනයා එක් පෙරමුණකට ගොනු වීම වැලක්විය නොහැක. ඒ බව දිනෙන් දින පුළුල් වන SAITM විරෝධී වෘතීය සමිති එකමුතුවෙන් පෙනේ. පසු ගියදා කුරුණෑගලදීද පොලීසියට එරෙහිව ජනයා හඬ නැගුවේ SAITM අරගලයට සහය දෙමිනි.

නිද්‍රාශීලී වූත් වගකීම් විරහිතවූත් එකමුතුවක් නැති වූත් හවුල්  රජයක පිළිවෙත නිසා රට අරාජිකත්වයේ මාවතට පීලි පනින සෙයක් පෙනේ. සිසුන්වත් දොස්තරලාවත් අධිකරන නියෝග ගනනකට ගන්නේ නැත. ඒවා කකුලෙන් පාගා දමන එක දැන් දැන් fashion එකක් වීගෙන එයි. දොස්තරලා තමන්ගේ ඒකාධිකාරීත්වය රැකගන්ම සඳහාවූ බොරු ගොන්නෙන් රට රත් කරන්නේය. SAITM පාලක සභාව ද රජය කියනා දෙයක් කනකට ගන්නේ නැත. මේ උණුසුම පහවෙන තුරු බඳවාගැනීම් නතර කරන්නයැයි රජය විසින් කල ඉල්ලීම ඔවුන් කනකට ගත්තේ නැත. තමන් විසින්ම වෙඩි තියාගැනීමේ  රංගනයක් කල SAITM එකේ දොස්තර මහතාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා අපිට පෙනෙන්න්ට නැත. නමුත් වි.වි ශිෂ්‍යයන් හරක් පටවන්නා සේ පොලිස් ජීප් තුලට ගාල් කර දමා රැගෙන යන්නේය. නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන බවට ආදර්ශයක් අපේ පියවි ඇසට දර්ශනය වන්නේ නැත. නීතියේත් යුක්තියේත් සමබර බව ඇස් ඉදිරිපිට දර්ශනය නොවන කල්හී සමාජය අරාජිකත්වය දෙසටම පල්ලම් බහින්නේය.

8 comments:

  1. SAITM සිසුන්ට සායනික පුහුණුව දෙන එක ගැන ප්‍රශ්ණයට සෞඛ්‍ය අමාත්‍යාශය හෝ රජය මැදිහත් වුණේ අන්තරේ පිස්සුබල්ලන් මේකට පැමිණීමට පෙරයි. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එම සිසුන්ට සායනික පුහුණුව දීමටයි. ඒ සඳහා ගාස්තුවක් ගෙවීමටත් එකඟතාවයක් තිබ්බා මතකයි. එවිට ගොමා සංවිධානයක කලේ එය කඩා කප්පල් කර දැමීමයි. ගොමා සංවිධානය උත්සාහ කරන්නේ මහජනයාට යහපතක් කරන්න කීමේ බොරුව එයින් ඔප්පු වෙනවා.

    රජයේ රෝහල් වලට එන රෝගීන් එනේ තම රෝග වලට ප්‍රතිකාර ගැනීමට මිසක් වෛද්‍යවරුන් පුහුණු කිරීමට සහාය වීමට නෙවෙයි. ඒවාට මහජනයා වෙනුවෙන් වියදම් දරණ සහ මහජනයා වෙනුවෙන් අයිතිය දරණ සෞඛ්‍ය අමාත්‍යාංශය, සුඅස් අධ්‍යාපන අමාත්‍යාන්ශය යටතේ ඇති වෛද්‍ය විද්‍යාල වල සිසුන්ට සායනික පුහුණුව සඳහා ඒවායේ පහසුකම් ලබා දෙනවා වගේම පෞද්ගලික විද්‍යාල වල අයටත් ලබා දීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඒ සඳහා ගාස්තු අයකර ගැනීමටත් ඔවුන්ට අයිතියක් තිබෙනවා. එය කඩාකප්පල් කර ඊට පසු සායනික පුහුණුව ගැන අල්ලාගෙන කරන්නේ බොරුවක්.

    රජයේ සංනිවේදන දිර්වලතාවයත් අන්තරේ සංනිවේදන දක්ෂතාවයෙනුත් නූගත් අය රැවටේවා ඇති. එය නූගතුන්ට සීමා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය නිවැරදියි ඉයන්. ඒ ක්‍රමය තුලින් රජයටත් ආදායමක් එන මාවතක් විවර කරගන්න තිබුණා.

      මගේ තර්කය මේ රජය සෑහෙන කාලයක් මේ ප්‍රශ්නෙ දෙල් වෙනකල් කල් මැරුව වැඩී. පෞද්ගලික වි.වි පිළිගත් රජයක් ලෙස මීට වඩා කෙළින් සහ අවංක උවමනාවෙන් මේ ප්‍රශ්නයට මැදිහත් උනා නම් ගොමාලාගේ ශක්තිය අඩු වෙන්න තිබ්බා. කොහොමත් මේ රජයේ සන්නිවේදන හැකියාව නම් ඉතා පහළ මට්ටමක තියෙන්නේ. සන්නිවේදන ශක්‍යතාව දුර්වල වෙන්න ප්‍රධානම හේතුවක් රජයේ කිසිඳු එකමුතු බවක් නැති වීම.උගතුන් පවා නොමග යන්න පුලුවන් නිසි සන්නිවේදනයක් සිදු නොවුනොත්

      Delete
  2. ඔය ජොත්තර සංගමේට ඇති ගුණාත්මකභාවයක් නැත, අවශ්‍ය තාවය සයිටම් වසා දැමීමයි. හේතුව උන්ගෙ බමුණු කුලේ රැකගැනීම. වැඩිපිරිසක් ජොත්තරලා වුණොත්, පී.පී පාරක් කොරගෙන ඉන්නෙ කොහොමද? මගේ ළඟම ඥාති අක්කාද ගම්පහින් සමත්වී, රාගම ඉගෙන ජොත්තරවී ඇත. එකල මම, උසස් පෙල ඉන්ජිනියරින් යන්න ලකුණු මදිවී, හතර අතේ ණයවී ඉගෙන ගන්න පිටරට ගියෙමි. එකක ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබ්බේ නැත. මේ අක්කා මට නක්කලේ දැම්මේ, මා අදක්ෂයෙකු කියාය. අක්කා දැඩි ජෙප්පො සපෝටරයෙක් විය. පී.පී ප්‍රතික්ෂේප කළ ඇය, නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට කැප විය. නිතර ඔය විමල්ගේ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් සිටියාය. කාලය වෙනස් විය. ඇය ජොත්තරයෙක්වී ව්‍යාපාරිකයෙක් කසාද බැන්දාය. ළමයි ඉගෙන ගත්තේ ඉන්ටර්නැෂනල් ස්කූල්වලය. පසුව පී.පීද කළාය. රජයේ මුදලින් පශ්චාත් අධ්‍යාපනයට එංගලන්තෙ ගියාය. දැන් ඇය එහි රෝහලක වැඩය. මට පසුගිය දිනෙක ඇයව හමුවිය. මම ඇගේ පැරණි අතීතය සිහිපත් කළෙමි. ඇය සිනාසිනා පමණි. යථාර්තය මෙය නොවේද ?

    ReplyDelete
    Replies
    1. අනිවා, තම බමුණු කුලය පවත්වා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලාගත් බුද්ධිමතුන් ඔවුන් බව හුවා දක්වමින් පුහු මානයකින් වැජඹීමටත් තම ක්ෂේත්‍රයේ ඒකාධිපති බලය ගොමා සතුව තියා ගැනීමටත් ඔවුන් සෑහෙන උත්සහායක් ගන්නවා.

      උසස් පෙළ ප්‍රශ්න පත්‍රයෙන් මැනිය නොහැකි විශාල හැකියාවන් හා බුද්ධි සම්භාරයක් තිබෙන බව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය විසින් සෑහෙන කාලයක් අමතක කර තිබුණ නිසා තමයි ඔය බමුණු මාන්නේ වි.වි තුල පැතිර යන්න හේතුව.

      Delete