Wednesday, April 13, 2016

අපි හැමෝටම අවුරුදු





අවුරුද්ද උදා වෙමින් තිබෙන්නේය.කොහා දැන් මාසයක් පමණ තිස්සේ හඩ තලමින් කියා සිටියේ පොකැට් එකට තට්ටු වන කාලය ලග ලග එමින් තිබෙනා බවය.කොහා ලබා දුන් warning එකත් සමග උදාවූයේ අවුරුද්දට නයි හාමිනේ සමග shopping දුවනා කාලයයි.අවුරුදු shopping යාම නයියා අතිශය ගවුරව කරන රාජකාරියකි.මන්ද මේ බ්ලොග දැමීමට ෆුල් ගැම්මක් දුන් පලමු post එක ලියවුනේ ගිය අවුරුද්දේ අවුරුදු shopping යෑමත් සමග නිසාය.ඒ නිසා පෑ ගානක් ගෙවුනත් කකුල් කඩිත්තුව හැදිලා හෝ අවුරුදු shopping යෑම ගැන නයියා හාමිනේට දොස් පවරන්නේ නැත්තේය.

කොහොමත් නයියා පැටියා කාලයේ සිටම වසරේ කැමතිම කාලය අවුරුදු කාලයයි.ඒ දවස් වලට ඉස්කෝලේ නිවාඩු හම්බේන්නේය.ඒ නිසා හොදම එකෙන් සෙල්ලම් කොල හැකිය.හතර වටේ නෑදෑයින්ගෙන් ඇදුම් හමබෙනේ නයියා පවුලේ බාලයා වූ බැවිනි.ඉතින් අවුරුද්ද ඉවර වන විට නයි පැටියාට house of fashion එකේ තරම් රෙදි තිබෙන්නේය.ඒ සියල්ලටත් වඩා ඉතින් බඩ කට පිරෙන්නට කෑම ජාති දෝරේ ගලලාය.ආයේ ඉතින් වෙන දවස් වල මෙන් කන්නට දෙයක් ඉල්ලා අම්මා ලග නාහෙන් අඩන්නට ඕනෑ නැතිය.කන්න හිතෙන්නේ කොයි වෙලාවෙද ඕනෑ තරම කෑම බාජන වල ready වී සිටින්නේය. ඉතින් මීට වඩා හොද කාලයක් තවත් කොයින්ද?

පුන්චිකාලේ ඒ තිබූ සිගිති ආතල් දැන් නැතත් තවමත් නයියා අවුරුද්දට හෙනම කැමතිය.හැමදාම එකම ලෙස කැරකෙන මේ වල් වැදුනු ජීවිතේට නැවුම් වෙනසක් අලුත් අවුරුද්ද සමග එක්වන්නේය.හැමදාම  උදේ පාන්ද නැගිටල වැඩට ගොහින් රෑබෝවී ගෙදරවිත් තියන දෙයක් කාලා ඊට පස්සේ නින්ද යනකල් කාමරයට වී අන්තර්ජන්ජාලයේ සැරිසරනා කාලකන්නි හුදෙකලා ජීවිත වලට වෙනසක් එක් කල හැකි සමයකි මේ.රටේ බොහෝ දෙනා තම පවුලේ සියලු දෙනා සමග එක මේසේ ඉදගෙන කෑමක් කන එකම දවස අවුරුදු දවස වන්නේය.රාජකාරි තුලම හිරවෙමින් දුවන ලෝකය තුල හති දමමින් දිවීම නවතා තම වට පිටාවේ මිනිසුන් , නෑයින් සමග එකට එකතු වෙන්නට ලැබෙන වටිනා අවස්තාවකි.පවුලේ පලවෙනි තුන්වෙනි පරම්පරාවල් එකට මුහුවෙන කදිම කාලයකි.ඒ නිසා අවුරුද්ද අපිට වැදගත්ය.අවුරුද්ද හා බැදුනු නැකත් චාරිත්‍රබොහොමයක් පවතින අතර ඒවා නිසි වෙලාවට කිරීමෙන් යහපත් දෑ ජීවිතෙට ලැබෙබෙනේලු.නයියා නම් ඔය නැකැත් ශාස්ත්‍ර තුට්ටුවකට මායිම් නොකලත් අවුරුද්දේ ඒවා හරියටම කරන්නට සැදී පැහැදී ඉන්නේ අන් කවරක්වත් නිසා නොව එය මේ සරල රේකීයව ගලන මෙලෝ රහක් නැති ජීවිතේට අමුතුම වෙනස් වර්ණයක් එක් කරනා බැවිනි. කොහොමත් අවුරුද්දට පම්ණක් එකට එකතු කර ගත් හැකි කාර්යබහුල අපේ අයියලා අක්කලා හා උන්ගේ පොඩි උන් සමග මේවා අකුරටම ඉටු කරන එක මාරම මෙව්වා එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මේතරම් ආනන්දජනක වූ ඒ නැවුම් කාලය ගෙදර ඇත්තන් සමග ගත කොරන්නට නයියා මාසයක සිටම ඇගිලි ගනින්නේය.ඒ නිසා අප්‍රෙල් ලබන විටම ලොක්කාට නිවාඩු ඉල්ලිම් පත යවා නිවාඩු අනුමත කරගන්නේය.අවුරුදු දවස් වලට නිවාඩු පාඩුවේ ගෙදර ඇත්තන් සමග ෆුල් මාවලස් කාලයක් ගත කරන්නේය.නමුත්  නයියාට අවුරුදු කන්නට හැකිවෙන ලෙස තවත් බොහෝ දෙනා තම අවුර්දු නිවාඩුවේ පවා වැඩ කරති.රටේ අත්යවශ්ය සේවා වන රෝහල්,විදුලිය,ජලය,ආරක්ශාව ආදී සේවා ගනනාවක් අපි අවුරුදු කන මොහොතේ රෑ දවල් නොබලා ක්‍රියාත්මක වන්නේය.නයියා වැනි අවුරුද්දට පෙම් බදින උන් බොහොමයක්ද ඒ අතර ඇත.තම පොඩි උන් සමග් අවුරුද්දට කිරිබත් කටක් කන්නට නොලැබීම ගැන දුක් වෙන තාත්තලා බොහොමයක් ඒ අතර ඉන්නේය.ඉතින් තම රාජකාරිය වෙනුවෙන් කැපවී අපිට අවුරුද්ද කන්නට වරම් ලබාදෙන වැඩකරන ජනතාවටත් මුලු ලක් වැසි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ලැබී හිතේ පවතිනා සියලු කුහකකම්,මෝඩකම්,ජඩකම් පහවගොස් අවිද්යාව දුරුවී නැණස පහල වේවා...!!!

1 comment: