Saturday, April 16, 2016

71 පවුල




මාර්තුවේ මැදක් වෙද්දි දෙසවනෙන් ඇතුල්වෙලා මුලු හදවතම අමුතු ප්රීතියකින් පුරවන්න පුලුවන් අපූරු හඩ, ගායකයෙක්ගෙ නෙවී කැතම කැත කුරුල්ලෙක්ගෙ.කොහෝ...කොහෝ... හඩ තැලුවා.තමන් නගන ශබ්ධයට ගැලපෙන නමක් තියන එකම කුරුල්ලා කොහාද මන්ද...... අහ්,.. කාක්කත් ඉන්න්වනෙ, කොහාගෙයි උගෙයි නෑදෑකමකුත් තියනවනෙ ඉතින්.

කොහාගෙ ගීතයෙන් මත්වෙලා, සතුටු සිතින් පාසලේ පලවෙනි වාරෙ අහවර කරමින් ඉන්න අපිට දෙවට දිගේ පිපුනු රතුම රතු එරබදු මල් ගොන්න හිනාවෙවී කිව්වේ ලගදිම ලොකු සාද සමයක් එනව කියල.ඇගිලි ගැන ගැන හිටපු සාද සමේ හරියටම පටන් ගත්තෙ අවුරුදු නිවාඩුවට ඉස්කෝලෙ වැහුවට පස්සෙ.

අම්මට නම් ඉස්පාසුවක් තිබ්බෙම නෑ කුස්සියේ වැඩ,ගෙදර වැඩ,පවුලෙ උන්ට අලුත් ඇදුම් තෝරන වැඩ...අපේ අයියටයි මටයිත් ඉස්පාසුවක් නෑ, තරමට ගමේ උන් එක්ක සෙල්ලම.කඩමන්ඩියට ගොහින් අරන් ආපු අලුත් සරම් කෙටිත් ඇදගෙන රතට රතේ පිපුණු එරබදු මලින් හැඩවුනු දෙවට දිගේ ඉපනැල්ලට දුවල සෙල්ලම් කරපු අපේ ජීවිත ටිකෙන් ටික සෙල්ලමින් ඈත් වුනේ අපේ අයියා මට වඩා ඉක්මනින් තරු වියට පියවර තබමින් උන්නු නිසා...

අවුරුද්දෙන් අවුරුද්ද වේගයෙන් ගෙවිල යද්දි එක කාලයක් ආව මහ දවල්ටත් කරුවල වුනු,සින්හල අවුරුද්දක් නැතුවම රතිඤා වල සද්දෙ හැම රෑකම ඇහුනු,උදේට ඇහැරිලා දෙවට දිගේ යද්දි මල් සුවද වෙනුවට පුලුටු ගද දැනුනු,තැනින් තැන පිච්චිලා නිවිල ගිය කුණුගොඩවල් වගේ පොදි වලින් දුම් රොටු නැගුණු, සුදුපාට මල් එරබදු මල් වගේ රතු පාට වුණු,නාදලු දෙතොල්වලට හිනාවෙන්න අමතකවුණු,මොකක්දෝ මහ මූසලකමකින් පරිසරයම වැහී ගියපු.......
කෙලි දෙලින් ගත කල අපේ අයියා දිගින් දිගටම කල්පනා කරපු,කටට විරාමයක් දුන්නෙම නැතුවම විහිලු කරපු ඔහු මට නොතේරෙන ප්රාණ කියපු,අයියා තාත්තාට නොව තාත්තා අයියා දකිනවිට බියවුණු,බිය වෙලා සැනසුම් සුසුම් හෙලපු , රෑ තිස්සෙත් ගෙදර උවමනාවලට අයියව කඩේ යවපු අම්ම මහ දවල්ටවත් අයියව ගෙදරින් එලියට බස්සන්න බයවුණු,කවුදෝ එවුන් කටිටියක් ඇවිල්ල මහ රෑ ඔහුව කුදලගෙන ගියපු සින්හල අවුරුද්ද, 71...


එරබදු ගහේ කටු උඩට
මලක් වැටිලා පෙති පහම ඉරිලා
ගලන ලේ දැක්කාම
ගහ කැපුවෙ තාත්තා

අපේ ගෙට ලග ගහක
හැඩුව මුකලන් බස්සට
තාත්තා ගැසුව ගල
ගිහින් වැදුනේ කොහෙකුට

හැම අවුරුදු නැකතකට
රතිඤා පුපුරලා යනකොට
අම්මා හඩනවා කුස්සියේ
ඇයි කියන්නෑ අහුවාට

බිත්තියේ එල්ලිලා හිනැහෙන
අයියාගෙ රාමු කරපු රූපෙට
අහර අනුබවයෙ නැකතට
සිපගෙන අම්මා කදුලු පෙව්වේ පුරුද්දට



**පැදි පෙල නයි අයියාගේය(ඒ කියන්නේ කසුන් හේමන්ත)


4 comments:

  1. මෙහෙම ගෙවල් කීයක්නං ඇද්ද????? 71,89, 2009 වෙනකල්...

    ReplyDelete
    Replies
    1. ඔව්...අපිට හිතාගන්නවත් බැරි තරමට ඇති....අපිට නොපෙනුනාට හිත යටින් මේවාට හූල්ලන මිනිස්සු කොයිතරම් ඇතිද

      Delete
  2. Aththamayi!Oba mata ayemath ea 71 sinhala awurudda sihipath kala.Dahas ganan tharuna tharuniyan wada deela athurudahan karapu ea awurudda kohoma amathaka karannada?

    ReplyDelete
    Replies
    1. අදුරු මතක ආලෝකයේ හිදිමින් සිහිපත් කිරීම...

      Delete