Thursday, October 22, 2015

මාලඹේ උපාධි කඩය හා චරිත තුනක්






මේ දිනවල ආයේ මාළඹේ හොර උපාධි කඩේ පිලිබද ආරෝව එලියට ගෙන අපේ campus සහෝදර ප්‍රජාව එලියට බැස තිබෙන්නේය.මේකේ උපාධි පාඨමාලා කිහිපයක්ම පැවැත්වෙන අතරේ වැඩිම ආන්දෝලනයට ලක්වන්නේ එයින් පිරිනමන දොස්තර උපාධිය ගැනය.ඒකට ලන්කාවේ වයිද්ය සභාවේ අනුමැතිය හිමිවී නැත්තේය.ඊට අනුබද්ධ ශික්ෂණ රෝහලක් නැත්තේය.තව තව හුටපට ඇති බැවින් මේ මෙඩිකල් කොලීජිය අවශ්‍ය කරන standard එකට ලගාවී නැත්තේය.කලකට පෙර රජරට වයිද්ය පාටමාලාවේත් මෙවැනි හුටපට වගයක් තිබී ඒවා බේරා ගන්නට එහි සිසුන්ට පාරට බසින්නටම සිදුවුනේය.අන්තිමට පොලීසියෙන් අම්බාක කාගෙන වුවත් තම අයිතිය දිනා ගැනීමට ඔවුන්ට හැකි වුනේය.ඒ කොල්ලන්ගේ කෙල්ලන්ගේ තිබූ අප්‍රතිහත කැපවීම නිසාය.තම උපාධියට අවශ්‍ය කරන සම්මමත මට්ටම ලගා කරගැනීමට උන් කල සටන ඉතා වටිනේය.නමුත් SAITM එකේ එවැනි සටනක් යන්නේ නැත්තේය.ඒකේ කොල්ලන් කෙල්ලන් පාරට බසින්නේ නැත්තේය.ආන්ඩුවෙන් උන්ට අව්ශ්‍ය කරන standards  ලබාදීමට මැදිහත් නොව්න්නේය, SAITM එක තනම් කරන්නේද නැත.ව‍යිද්ය සභාව උන්ට ඔරවන්නේය.උන්ගේ medical degree එක valid නැතැයි පවසන්නේය.ඒ අතරේ අපේ campus වල එවුන් ඒක වසාදාන්නයි කියමින් පාරට ගොඩ වන්නේය.
එනයින් බලන කල case එකේ සිටින ප්‍රධාන පාර්ශව 3ක් පෙනෙන්නේය.එකක් ආණ්ඩුවය,අනෙක වයිද්ය සභාව ප්‍රමුඛ දොස්තරලාය.තුන්වැනි එක අපේ සරසවි සිසු ප්‍රජාවය.ඒ නිසා මේ තුන් ගොල්ලන්ගේ භූමිකාව පිලිබද නයියාට දැනෙන මෙව්වා වලින් ඇදීයන්නට සැරසෙන දගර නයෙකි මේ

ආණ්ඩුව හෙවත් රට කරවන ඇත්තෝ

ආණ්ඩුව කියා මෙතන අදහස් කරන්නේ දැන් පවතින් යහපාලාන ආණ්ඩුව පමනක් නොව මෙරට පසුගිය දශක 2,3 පුරා පැවති ආණ්ඩු සැට් එකය.ඒ ඒ ආණ්ඩුවල සිටි අති බහුතරයක් වූ තකතීරුවන්ට මෙරට අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් ගෙනවිත් ඒක හරි පාරට දමන්නට ඕනෑ උනේ නැත්තේය.පාසල් අධ්‍යාපනය නැත්තටම නැති වෙන තත්වයට දැන් ගෙන්විත් හමාරය.SB ලොක්කා campus වලට රින්ගා LTTE එකත් සමග යුද්ධ කරන්නාක් මෙන් කොල්ලන් කෙල්ලන්ගේ ජීවිත කාබාසිනියා කර දැම්මේය.ඊට අමතරව ඔය කොයි ආණ්ඩුවත් රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කොට ඒවායින් වෙන වෙන ඩෙගා නැටීමට ඇත්නම් හරිම කැමති බුවාලාය.ඒ නිසා SAITAM SLIIT ද මොරටුවද, පේරාදෙණියද නොව මොන අධ්‍යාපන ආයතනෑකින්වත් උන්ට මෙලෝ වැඩක් නැත්තේය. අපි ඉතින් කතිරය ගසා විල මැද බන්ගලාවට ඇර ඇති සැට් එක දිහා බැලුවාම මේ රටේ මෙහෙම හරි අධ්‍යාපන ක්‍රමයක් තිබීම ගැන අපි සතුටු විය යුතුය.

දොස්තරලා හෙවත් පූජනීය හිටලර්ලා 

මේ අපේ රටේ A/l exam  එකේ bio stream එකෙන් වැඩිම ලකුණු ගෙන campus යන සැට් එකය.අපේ අතීත සමාජය campus යාම කියා දැන් සිටියේ දොස්තරලා හා ඉන්ජිනේරුවන් බිහි කරන එකය.කොහොමත් ඉතින් බුදුන්ගේ කාලයේ සිට බුද්ධදාස රජතුමා හරහා වෙද ඇදුරන්ට මිනිසුන්ගේ අපරිමිත ගරුත්වය හා භක්තියක් තිබුනේ ඔවුන් මිනිස් ජීවිත බේරා දෙන්නන් නිසාය...ඔය medical college  යන සැට් එක ගත් කල උන් කොහොමත් යන්නේ අඩි 2,3ක් උඩින්ය.උන් ඉතින් හෙන ඉහලින් A/L pass වූ නිසාත් ඒ කාලේ සිට දොස්තරලා යනු හෙන පූජනීය පොරවල්ලා නිසාත් උන් campus ගියදා පටන් ඒ දේව බලය හිසට ගසා සිටින්නේ, ඒ ලොකු සීන් එකෙන් මත්වෙලාය.මුලු සරසවි ප්‍රජාවම එලියට බැස සටන් කරන සටනකට පවා මෙඩ්ඩෝ එන්නේ අතිශය කලාතුරකින්ය. උන් ඉතින් සටනකට බැස්සොත් ඒ උන්ගේම අයිතිවාසි කමක් ඉල්ලීමක් දිනා ගැනීමටය.ඒ උන්ට වැඩ ගොඩක් ඇති නිසාය,ඉගෙන ගැනීමට ගොඩක් දෑ ඇති නිසාය.ඒ නිසා උන් ඉතින් අපි වැනි campus හාල් පාරුවන් සමග එලියට බැස පාරේ චාටර් වන්නට එන්නේ නැත.
උන් campus එකෙන් out වී දොස්තරලා වූ පසුද උන් එලෙසමය.දොස්තරලාගේ මොකක් හරි අවුලක් ආවොත් මුලු රෝගී ජනතාවම ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ මස් වැදැල්ල ලබාගන්නේය,ලන්කාවේ වයිද්ය වෘතිය තුල ඒකාධිපති බලයක් ඔසවාගෙන සිටින්නේය.පිටරට ගොහින් වෙද උපාධියක් රැගෙන එන එවුන්ට මේ රටේ දොස්තරකම් කරන්නට ලේසි නැත්තේ මෙහේ දොස්තරාල්ගේ ඒකාධිපති බලය නිසාය.කලකට පෙර සහකාර වයිද්ය වරුන් බිහි කිරීම අත්හිටුවන්නට රජයට සිදුවුනේ දොස්තරලා පෙනේ පුප්පාගෙන වැඩ් වර්ජනය කරමින් ඉදිරියට ආ නිසාය.ඒ නිසා මේ රටේ දොස්තරලා යනු රාජපක්ශ මොඩලයේ ඒකාධිපතියන්ය.තමන් ලබාගත් ස්ථානයට වෙන කිසිවෙක් එනවාට එයාලා කැමති නැත්තේය.ඔය saitam degree එකට ලෙඩේ අදින්නේ නිදහස් අධ්‍යාපනය ගැන ඇති කැක්කුමකට නොව තමන්ගේ field එකේ ඒකාධිපතීත්වය තබාගැනීමට ඇති කුහක කම නිසාය.

campus සිසු ප්‍රජාව or සමාජය කියන පරිදි ජෙප්පො රැල

ඉහත දෙගොල්ලන්ටම කීමට කිසිදු දෙයක් නැතත් මෙ සැට් එකට නම් කියන්නට නම් බොහෝ දේ ඇත්තේය.මන්ද රටට සැබෑ වෙනසක් ජීවයක් දීමට හැකි නම් ඒ මුන්ට පමනක් නිසාය....අපි සියල්ලෝම අවුරුදු 13ක් තිස්සේ, ගද ගසන කුජීත අධ්යාපන ක්‍රමයක් අවසාන කරන්නේ අතිශය තරගකාරී, මොලේ කර කරනා A/L exam එකෙන්ය.බොහෝ දෙනෙක් ඉන් සමත් උනත් එයින් සරසවි වරම් ලබනුයේ ඉතා කුඩා ප්‍රමාණයක්ය.ඒ අපේ රටේ ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් අපට ලබාදී ඇති සීමිත විශ්ව විද්‍යාල ප්‍රමාණය නිසාය.ඉතා ඉහල ලකුනු ලබාගත් සමහර පිරිසක් ඉතා අවාසනාවන්ත ලෙස තමා කැමති field එකෙන් සරසවියට යාමට නොහැකිව කැපී යන්නේය.බොහේ දෙනෙක් සරසවියට පිවිසෙන්නේ තමන් කැමති පාඨමාලවක් හැදෑරීමට නොව university entrance පොතෙන් තමාට ගලපාදෙන degree එකක් කිරීමටය.ඒක නිසා campus එන උන් බොහේ දෙනා campus එකට පය ගසන්නේ තමන් කරන්න යන degree එක ගැන මෙලෝ හසරක් නොදැනය.

ඔය පවත්නා බොහෝ උපාධි පාඨමාලා මීට අවුරුදු කිහිපයකට පෙර බලෙන් සරසවි වලට එබ්බවූ ඒවාය.ඒවායේ නිසි syllabus එකක් හෝ ඒවා ඉගැන්වීමට සමත් අචාර්‍ය වරුන්ද නැත්තේය. ඉන්නා බොහෝ එවුන් ඒ field එක ගැන අදුරේ අත පහ ගෑ එවුන් ටිකක්ය.ඒ නිසා ඒ degree වලට job field එකක් කියා දෙයක් බිහිවී නැතcampus වල research කියා දෙයක් ඇත්තේම නැති තරම්ය.ලෙචාලා කරන research කරන්නේ උඩින් පල්ලෙන්ය.සිසුන්ගෙන් ඒවාට සම්බන්ධ කරගැනීමක් වෙන්නේම නැති තරම්ය. රජයෙන් ඒවාට වෙන් කරන මුදල්ද ප්‍රමාණවත් නැත්තේය.ඇතැම් තැන්වල මුදල් තිබුනත් ඒවා නිසිලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිපාලකයන් නැත්තේය. Campus වල පැවතිය යුතු අධ්‍යාපන සම්පත්වල විශාල හිගයක් තිබෙන්නේය.Campus වලින් පිටවෙන එවුන්ගේ personality එක හා ආකල්ප පිලිබද විශාල ගැටලු ඇත්තේය.ඉතින් උබලා ඒවාට නිසි විසදුම් හොයනවා වෙනුවට මේ කොහේවත් යන SAITM එකක් අල්ලන් නහින්නට යන්නේය. සැබෑ ගැටලුව ඇත්තේ SAITM එකේ නොව රාජ්‍ය සරසවි පද්ධතියේය.අපේ පවතින සම්පත් වැඩිදියිණු කරගැනීමට අපි කතිකාවතක් සරසවිය තුල ආරම්භ කලයුතු වන්නේය. රාජ්‍ය සරසවි පද්ධතියේ ඇති ආචාර්‍ය හිගය ගැන ,අධ්‍යාපනයේ ගුණාත්මක බාවය පිලිබද,සිසුන්ගේ හැකියාවන් ගැන,උන්ගේ කලාව හා විචාරාත්ම්ක හැකියාව එලියට ගන්නා බුද්ධිමය කතිකාවත් සරසවි තුලින් බිහි කල් යුතුය.ඊඅට සියල්ලන් සම්බන්ද කරගනිමින් බුද්ධිමය ආමන්ත්‍රණයක් සරසවිය පුරා බිහි කිරීමය.ඒවා තුලින් වඩා හොද රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක් සදහා විශ්ව විද්‍යාල මට්ටමින් හා ජාතික මට්ටමින් සන්වාධයක් බිහි කර වි.වි වල අධ්‍යාපන මට්ටම ඉහල දමා ගැනීමය.ඒ සදහා දිනක පාරට බැස ගුටි කන්නට වුව මැලි විය යුතු නැත. 

නමුත් මේ සිදුවන්නේ අනෙකකි.ලන්කාවේ උසස් පෙල සමත් සියලු දෙනාට සරසවි වරම් ලැබිය යුත්තේය.අධ්යාපනය යනු සියලු දෙනාගේ අයිතියක් වන්නේය.හොද ලකුනු ලබා ගත් උන් රජයේ වි.වි වලට ඇතුල් වී නිදහස් අධ්‍යාපන්යේ ඵල නෙලා ගනු ඇත්තේය.අනික් උන් සල්ලි දීලා හෝ ඒ අධ්යාපනය ලබා ගැනීමේ ඇති වරද කිම.?.උනුත් මේ රටේ කොල්ලන් කෙල්ලන්ය.උන්ට උන්ටම ආවේනික වූ දක්ශතා ඇත්තේය.කරුම A/L පව පඩිසන් දුන් පලිය උන් ජීවිත කාලයම විදවිය යුතු නැත්තේය,උන් පාරේ කුනු අයින් කරන,ගෙවල් අතුගාන servantලා වියයුතු නැත්තේය.දැනටමත් ලන්කාවේ පරිඝනක හා කළමණාකරන අන්ශ වලින් උපාධි ලබාදෙන private එව්වා තිබෙන්නේය.ඒවා වලින් ගෙන එන එවුන් හොදට වැඩ කිඩද පෙන්වන්නේය.A/L  වලින්ලකුණු මදි වුනා කියා උන් නොසලකා හැරිය යුතු මෝඩයන් නොවන බව එය කදිම සාඛ්ෂියක් වන්නේය. මේ private degrees දෙන අතරතුරේ අපට ඇති සටන විය  යුත්තේ ලන්කාවේ ආණ්ඩු විසින් රාජ්‍ය අධ්‍යාපනය බල්ලාට දමන්නට නොදී රැක බලා ගැනීමය.ඒ සදහා සටන ඇත්තේ රාජ්‍ය වි.වි පද්ධතියේ ගුණාතමක බව වෙනුවෙන්ය.ඒව උන් සපයන්නේ නැත්නම් උබලාහෝ සන්විධානය වී විවිධ සමිති සමාගම් හරහා ලම්යින්ගේ බුද්ධිය,කුසලතා,කලාව හා ආකල්පමය වෙනසක් සදහා පය තැබිය යුතුය. සරසවි සිසු ප්‍රජාව නැවත පුස්ථකාලය පරිහරනය කරනා විදගධයින් බවට,මාසිකව සන්විධානය වන්නාවූ බුද්ධිමය සන්වාදවල කතිකා කරන කතිකයන් බවට,නව ලොව දැනුම සොයන සැබෑ දක්ශයන් බවට,රාජ්‍ය අධ්‍යාපනය සිදුවිය යුතු වෙනස් කම් ගැන ඉව අල්ලන්නාවූ ගවේශකයන් බවට හා අවැසි වූ විට තේරුමක් ඇතිව ප්‍රශ්නය වටහාගෙන සටන් කරනා වීදි සටන් කරුවන් බවට පත් කල යුතුය.සැබෑ වෙනසක් කරන්න මුල පිරිය යුත්තේ එසේය.එහෙම නැතුව SAITM  එක ඇතුලු private ඒවා වසන්නට යාම නොවේ.ඒ මතුවන්නේ දේශ්පාලන කුනු තැවරුණු අදිසි හස්තයන්ගෙන් නටවන්නාවූ කුහක කමය. ඒ කුහකකම් වලින් රැකගත හැකි අධ්‍යාපනයක් නොවන්නේය.

5 comments:

  1. Well said, especially the last part. The recognition for Sri Lankan universities in foreign countries used to be relatively high but NO more thanks to the standard of staff and research in SL universities.

    ReplyDelete
  2. පරිඝනක ක්ශේත්‍රයත් වෛද්‍යක්ශේත්‍රයත් සමාන කරන්න බෑ නේ.
    කොහොමත් වෛද්‍ය වෘත්තිය වගේ ඵකකට සෑහෙන දෑනුමක් තියෙන්න ඔන.සම්පත් අතින් කොච්චර පසුගාමී උනත් සේවය අතින් අපේ රටේ රෝහල් පද්දතිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ ලoකාවේ වෛද්‍ය වෘත්තියට සුදූකම් සහිත පුද්ගලයින් ඈතුලත් වෙන නිසයි.
    හෑමෝම ඉගනගන්න ඔන කියන බොහොම අහිoසක සටන්පාඨය ඉස්සරහට දාගෙන ආවට ඔක පිටිපස්සේ තියන උවමනාව ඵච්චර අහිoසක ඵකක් නම් නෙවෙයි.

    ඈත්තටම සයිටම් ඵකේ ලියාපදින්චිවෙලා ඉන්න කල්ලිය ගත්තොත් රටේ මෑති ඈමතිවරුන්ගෙයි වෛද්‍ය වෘත්තිකයන්ගෙයි මෝඩ පුතාලා දුවලා ටික තමයි 90%ක් ඉන්නේ.
    මේක මේ පිටරටින් වත් ඩිග්‍රි ගන්න බෑරි උන්ට ලoකාව ඈතුලෙදි, අප්පලගේන් පුතාලට ඩිග්‍රි ගන්න හදපු හොර ගුහාවක්.
    මේ විදියට ඵලියට ඵන මහත්තුරු තව අවුරුදු හයහතකින් තමුන්ගෙම මාෆියාවක් වෛද්‍ය වෘත්තිය ඈතුලෙ පටන්ගන්න ඵක වලක්වන්න බෑ.
    ඵ් වගේම තව අවුරුදු 5ක් ගියාට පස්සේ අසීමාන්තිකව මේකෙන් ඩිග්‍රි ඉශූකරන්න ගත්තටපස්සේ රටේ වෛද්‍ය වෘත්ත්කයන් වෑඩිවෙන නිසා අමාරුවෙන් මහන්සි වෙලා කෑම්පස් ගිය සෑබෑ දක්ශයන්ට කෙලින්න පටන්ගන්නවා.(60 දශකයේ ලකාවේ දොස්තරලාගේ අතිරික්තයක් තිබූ අතර ඵ් තුලින් වෘත්තියත් වෘත්තිකයන්ගේ තත්වයත් පහලට වෑටී තිබුනි.)

    ඔක පෞද්ගලීක අද්‍යාපනයට ඉඩදුන්න වෙනත් වෘත්තීන් වල දෑනටමත් සිද්දවෙන ඵ්කක්.
    දෑනට ඵ් තෑන්වල මහන්සිවෙලා විබාග පාස්වෙලා ආපු ලමයි නොවිදිනා දුක් විදිමින් කොන්කරලා තියනවා.නමුත් උපාදි කඩවලින් ආපු ලොකු ලොකු අයගේ මෝඩ පුතාලා දුලා බොහොම යෙහෙන් වෑජබෙනවා.
    මේක තමා ඵයාලගෙ සාදාරණය.

    අන්තිමට ගමේ ඵකා වෛද්‍ය විද්‍යාලය තුල රිපීට් කරකර නොමරා මරන්නත් සයිටම් ඵකා නිකන්ම උපාදිය ගන්නත් ඵ් තුලින් නිදහස් අද්‍යාපනයට, ඉස්පිරිතාලටිකට ප්‍රවාහනයට අත්කරලා දුන්න ඉරනම අත්කරලා දෙන්නත් ගහපු ගේමක්.
    අන්තිමට රටේ සාමාණ්‍ය පවුල්වල උන්ට ඈටෑන්ඩන් රස්සාවත් සල්ලිකාරයන්ගේ මෝඩ පුතාටට වෘත්තියත්, කියන තෑනට තමා වෑඩ සිද්දවෙන්නේ.

    සයිටම් මුදලාලිලාගේ සුරoගනකතා වලට රෑවටිලා හෑමටම පොදුවේ තියන නිදහස් අද්‍යාපනය, සල්ලිකාරයින්ගේ කෙලිබඩුවක් කලොත් මේ රටේ අහිසක අම්ම්ලා තාත්තලාගේ දක්ශ දරුවන්ගේ අනාගතය වලලලා දෑම්මා හා සමාන වේවි.

    අන්තිමට ජනතාව නරියගේ කපටි කතාවලට රෑවටිලා කේජු කෑල්ලට කෙලගත්ත කපුටා තත්වයට පත්වේවී.
    (කාලයක් ආස්චර්යත් කාලයක් යහපාලනයත් පස්සේ ගිය මෝඩ ජනතාව ගෑන ආය අමුතුවෙන් කියන්න ඔන නෑ නෑ.)

    අනික දොස්තරලා ඉස්ට්‍රයික් කරන නිසා අද්‍යාපනය පෞද්ගලීකරනය කරන්න ඔන වගේ මෝඩ කතාවක් තවත් නෑ.
    යුරෝපයේ ලක්ශ 25-50 වෑටුපකට රස්සාව කරන්න පුලුවන්කම තියෙද්දී ඔවුන් මේහේ ඉතා අඩු පඩියකට සේවයකරමින් නිදහස් අද්යාපනයට කලගුණ සලකන බව අපි අමතක කරන්න හොද නෑ.

    ඵම වෘත්තිකයන්ගේ අඩුපාඩු බොහෝඅමයි.(අපේ රටේ පිරිහිලා නෑත්තේ මොන වෘත්තියද? )
    නමුත් ඵකට උත්තරය වෘත්තියේ අනාගතය ජාවාරම්කාරයන් රොත්තකට බාරදීලා අනාගත පරපුර නන්නත්තාර කරන ඵක නම් නෙවෙයි.

    T.V

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. 1. වෛද්‍යක්ශේත්‍රයේ දැනුම දක්ශතාව මනින්නේ A/L result එකෙන් නෙවිනේ.ඒක තීරණය වෙන්නේ අදාල උපාධියේ ඒ ඒ පුද්ගලයින් ගන්න result එකෙන්.ඒ නිසා තම්යි පුද්ගලික උපාධි ආයතන වල තත්වය පිලිබද මනා නිරීක්ශනයක් අවැසි වන්නේ.ඒවා නිසි ප්‍රමිතියෙන් ක්‍රියාත්මක විය හැකි බවට තහවුරු කරගෙන ඒවාට ක්‍රියාත්මක වීමේ අවසරය හා දිගින් දිගටම ඒවාට ඇතුල් වන්න්නගේ සුදුසුකම් සොයා බැලිය හැකියි.
      2. SAITM එකේ දැනට ඉන්න එවුන් කාගේ දූල පුතාල උනත් උන් A/L pass වෙලා නම් ඉන්නේ එතනින් එහාට ඒ කතාවේ පලක් නෑ.හැබැයි එතන වි.වි ප්‍රවේශය සදහා අවෂ්‍ය සුදුසුකම් සපුරා නැති අයත් ඉන්නවනම් ඒවාට විරුද්ධ්ව ගත හැකි පියවර ගන්න රජය මැදිහත් විය යුතුයි.දැනට අතිරික්තයක් නෑනෙ doctorsලාගෙ.හිගයක් මිස.ඒවා නිවැරදිව විශ්ලේෂණය කරල හරියට තීරණය කරන්න වෙනම අධීක්ෂ්ණ මන්ඩලයක් ඕනෑ කරනව.
      3. රැකියාවේ සිදුවන අසාධාරණ කම් එක්ක private degrees ගලපන එක මෝඩ කමක්.ඒක ඒ ඒ තැන් වල පරිපාලකයන්ගේ වැරැද්ද.ඒක වෙනම ප්‍රශ්නයක්.ඒ වගේම විබාග පාස් වූ පමණින් ඒ ඒ රැකියාවල ඒ ඒ කෙනා දකවන දක්ශතාව සමානුපාතික නෑ.රැකියාවක ඉහලට ය්න්න ආකල්ප,සන්නිවේදන කුසලතා,නායකත්ව ලක්ශන හා කලමණාකරන කුසලතා ඕනි කරනවා. රජයේ ව්.වි වලින් පිටවන ළමයින්ගේ ඒ කුසලතා පහල මට්ටමක තියනවා සාපේක්ශව. අන්න ඒ අඩුව නැති කරන්න අවශ්‍ය වැඩපිලිවෙලක් රයයේ වි.වි වලට ඕනෑ කරනවා.මන් දැකලා තියන පරිදි වලට professional skills වැඩි දියුණු කරන වැඩසටහන් වලට අපේ campus වල කොල්ලො කෙල්ලො සහබාගි වෙන්නේ ඉතාම අඩුවෙන්.උන්ට ඒවායේ තියන වටිනාකම ගැන කියවීමක් නෑ.ඒ නිසා ඒ අඩුපාඩු හදාගෙන දැනුමත් සමග බද්ධ වූ කුසලතා සමග ඉදිරියට යෑමයි කල යුත්තේ.දැන් ඔය කරන්නේ අපේ තැන උන් ගනියි කියලා තියන බයට ,කුහක කමට කෑ ගහන එක

      4. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටන සැමදා පැවතිය යුත්තක්.ඒක් නවත්තන්න කියලා මේ ලිපියේ කියලා නෑ.අතීතයේ ලේ දහඩිය හෙලලා රැක ගත්ත ඒ නිදහස් අධ්‍යාපනය වල දාන්න කිසිවෙකුට ඉඩ දෙන්න අයිතියක් නෑ අපිට.නමුත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම යනු ප්වුද්ගලික අධ්‍යාපන ආයතන තහනම් කරණු කියන එක නෙවී.වර්ථමානයේ දැනුම කියන දේ හඹා යන දෙයක්.රටක් දියුනු වෙන්න නම් රටේ තරුණ පරම්පරාව දැනුමෙන් හා වෘතීය කුසලතාවෙන් පරිපූර්න විය යුතුයි.එය රජයේ වි.වි පද්ධතියෙන් පමණක් බිහි කරන්න හැකියාවක් නෑ.එතකොට private education වලට තියන අවශ්‍යතාව ඉහල යනවා.ඒ නිසා නිදහස් අධ්‍යාපන තුලින් බිහි වෙන රාජ්‍ය වි.වි පද්ධතිය පුලුල් කරන ගමන් ඒවායෙ ගුණාත්මක බව ඉහල දමා ගැනීමේ සටනක් හා වි.වි සිසුන් තුලින්ම ක්‍රියාත්මක වන ව්‍යායාමයක් අව්ශ්‍යයි.ඒක වඩා හොද රාජ්‍ය වි.වි පද්ධතියක් සදහාඅ අපිව ගෙනයාවි.

      5. දොස්තරලා strike කරන නිසා අද්‍යාපනය පෞද්ගලීකරනය කරන්න කියලා ප්‍රකාශයක් මේ post එකේකියල නෑ.ඒ නිසා ඒක වැරදි කියවීමක්.

      6. ඔය කාගෙ කාගෙත් ආකල්ප මත තමයි ජාවාරම් කාරයො බිහි වෙන්නේ.දැන් ඉන්න දොස්තරාලගේ තියෙන්නේ ඒකාධිකාරී බලයක් ඒ වෘතිය තුල.ඒ නිසා ඔවුන් ඒතන හොල්ලගෙන ඉන්නවා. ඔවුන් ඒක් කරන්නේ ඒක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ යහපත් ස්වුක්ය සේවයක් වෙනුවෙන් නොවේ.තනිකරම ඔවුන්ගේ ඒකාධිකාරී බලය තහවුරු කරගන්න.ඒකට හොදම උදාහරනය තමයි සම්පූර්නයෙන්ම නිදහස් අධ්‍යාපන හා රාජ්‍ය මැදිහත්වීම මත සිදු කෙරුනු සහකාර වෛද්‍ය පත්වීම් නතර කිරීමට අපේ රටේ දොස්තරලා ගෙනගිය සටන.private campus වලින් උන් ඕකට ආවොත් උනුත් ඔය වගෙ සන්ගම් දාගෙන ඕවා පටන් ගනී.ඒක සාමාන්‍යයි.ඉගෙන ගන්න කාලේ සිසුන් ලෙස ඔය හැමෝමටම තියෙන්නේ උන්ගේ degree එක ගොඩ දාගන්න ප්‍රශ්නෙ.ඒත් උන් රැකියාවට ආවාම උන්ගේ වෘතීය ප්‍රශ්න හා වෙනත් බලපෑම් මත එක එක පැති වලට හැරෙන්වා.ඒක වෘතීය සදාචාරයේ ,තමන්ගේ ගැටලු හා තන්ගේ ආකලප මත තීරණය වන ඒවා නිසා, ඒවා වෙනම කතා කල යුත්තක්.

      කොහොම උනත් අවසාන ලෙස කියන්න තියෙන්නෙ නිදහස් අධ්‍යපනයේ රැක ගැනීම එහි ගුණාත්ම බාවය ඉහල දමාගැනීමේ පුලුල් කතිකාවක් වි.වි සිසුන් අතර ඇති විය යුතුයි.රාජ්ය වි.වි පිටවන් සිසුන් ලෙස තමන් පසුබා ඉන්නෙ කොතැනද කියන එක ගැන පුලුල් කියවීමක් සන්වාදයක් ඔවුන් තුල තිබිය යුතුයි.ඊට පස්සේ ඒවා අඩුනගෙන ඒවාට සන්විධානය වෙල යම් ඉදිරියට යෑමේ ක්‍රියාමරග ගත යුතුයි(පාරට බහින එක නෙවී තමන් එක් වෙලා විව්ද සම්පත් සොයගෙන සමිති සමාගම් පට ගෙන තමන් වෙනුවෙන් තමන්ට කල හැකි යමක්).ඒ හා සමාන්තරව ඒ අව්ශ්යතා සපුඅරාගැනීමට වි.වි පරිපාලනය හාඅ රජය සමග දිගින් දිගටම සටනක් තිබිය යුතුයි.ඒ සටන තමගේ තත්වය හා දකශතාව ඉහල දමා ගැනීම,රාජ්‍ය වි.වි පද්ධතියේ ගුනාත්මක බාවය ඉහල දමා ගැනීමේ සටනක් වින private එව්වා වහලා දාපිය යකෝ කියන සටනක් නෙවී, එතන තිබිය යුත්තේ private එව්වා නියම ලේස නියාමනය කරමින් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට රජයට බල කිරීමයි

      Delete
  3. බොරුවට වටේ යන්නේ නෑතුව ඔතන යන සෙල්ලම මම කෙලින්ම පෙන්නලා දෙන්නම්කෝ.ඵ් ඵක්කම ඔයාගේ තර්ක වලට උත්තර දෙන්නම්.

    //1. වෛද්‍යක්ශේත්‍රයේ දැනුම දක්ශතාව මනින්නේ A/L result එකෙන් නෙවිනේ.ඒක තීරණය වෙන්නේ අදාල උපාධියේ ඒ ඒ පුද්ගලයින් ගන්න result එකෙන්.ඒ නිසා තම්යි පුද්ගලික උපාධි ආයතන වල තත්වය පිලිබද මනා නිරීක්ශනයක් අවැසි වන්නේ.ඒවා නිසි ප්‍රමිතියෙන් ක්‍රියාත්මක විය හැකි බවට තහවුරු කරගෙන ඒවාට ක්‍රියාත්මක වීමේ අවසරය හා දිගින් දිගටම ඒවාට ඇතුල් වන්න්නගේ සුදුසුකම් සොයා බැලිය හැකියි. //

    ඉතින් ඵහෙම ඵකක් ඔය හොර ගුහාවේ නෑ නේ.
    ඔකේ විතරක් නෙවෙයි ''ඉන්ජිනේරූ'' ''නීති'' ලoකාවේ උපාදි කඩ ඵකකවත් කිසිම පිලිගත් ක්‍රමයක් නෑ.
    මේවා වල වෙන්නේ තාත්තලා සල්ලි දෙනවා පුතලව පාස් කරනවා.
    ඵච්චරයි.
    ඔය විබාග වල කිසිම ප්‍රමිතියක් නෑ.ඔවා වල තනිකර තියෙන්නේ සල්ලි ඩීල් සහ ගේම්.
    නියාමනයක් තියෙන්න ඔන කියලා තමයි අපිත් කියන්නේ.
    නමුත් දෑනටනම් තුන්වන ලෝකේ කාලකන්නි රටක් වූ ශ්‍රී ලoකාවේ උපාදි ටියුශන් කඩවල කිසිම ප්‍රමිතියක් නෑත.
    තාත්තලාට සල්ලි තියේ නම් පුතාලාට ඔනම ඩිග්‍රියක් ගතහෑක.

    ඈත්තම කතාව මේකයි.
    Aලෙවල් පාස් වෙලා කෑම්පස් යාගන්න බෑරිවෙන කොල්ලන්ට කෙල්ලන්ට උබලටත් මේ උපාඩි කඩවලින් ''දොස්තරකෙනෙක්'' ''ඉන්ජෙක්'' වෙන්න පුලුවන් කියලා බොරු හීන ලෝකයක් මවලා ජනතාවගේ අනුකම්පාව අරගෙන මහජන විරෝදය යටපත්කරලා උපාඩි කඩේ ඈරගන්නවා.

    මෙතන යන්නේ බිස්නස් ඵකක් නේ.බිස්නස් කියන්නේ ලාබය.
    ඔකේ ඉන්න උපාදි මුදලාලිලා ඵයාලාගේ ඉහල ලාබය සහ ඉහල පන්තියේ අය ඈතුලත් කරගෑනීම සදහා ඔවාට ඉහල මිලක් අයකරනවා.
    සාමාන්ය පවුල් වල උන්ට කෝටියක් දීලා උපාඩිය ගන්න තියා හිතන්නවත් බෑරි වෙයි.
    මොකද ලoකාවේ ජනගහනයෙන් 35%ක දවසක අදායම ඩොලර් 2ට අඩු ය.

    අනිත් අතට කෝටියක් වගේ ඉහල මිලක් ගෙවලා ඵයාලා ඵන්නේ හිස් අතින් ගෙදර යන්න නෙවෙයි.
    කෝටියක් හමාරක් ඔකට ගෙව්වට පස්සේ ඵක විබාගයක් වත් පාස් වෙන්න බෑරි උනත් ඔකෙ ඉන්න රජ පෑටවු නිකන් ගෙදර යයි කියලා ඔයා හිතනවද?
    ඵ් නිසා මොන මෝඩයෙක් ඔකේ ලියාපදිoචි උනත් පාස් නොකර ඉන්න බෑරි වෙයි.

    ඵතකොට ඔකේ ලියාපදිoචි වෙන සල්ලිකාරයන්ගේ හෑම මෝඩපුතාවම වෛද්‍ය විද්‍යාලයට රිoගවන්න සිද්දවෙනවා.
    ඵතකොට වසර කීපයක ඈවෑමෙන් උ.පෙළ විබාගයෙන් විද්‍යාලයට ගන්න 905ට අමතරව උපාදි කඩවලින් ඵන සෑහෙන පිරිසක් වෛද්‍ය විද්‍යාලයේ අවසන් විබාග වලට මුහුන දෙනවා
    .
    මුලින්ම ඔබතුමා රෑකියාවක සහ වෘත්තියක වෙනස කියන ඵක තේරුම් ගන්න.මේ දෙක හාත්පසින්ම වෙනස්.
    වෘත්තියක තත්වයක් පවාත්වාගෙන යන්න නම් ඔනම රටක ඵ් ඵ් වෘත්තීන් වල බලපත්‍රය ලබාගන්න වෘත්තිකයන් ගනන වියයුත්තේ ඵ රටට අවශ‍ය යම් පිළිගත් ගනනක් පමනයි.
    මොකද වෘත්තියක් සහ රෑකියාවක් වෙනස්.
    රෑකියාකරන්නන් ඔනෑම ගනනක් සිටිය හෑකි වුවත් ඵ් ඵ් වෘත්තීන් වල වෘත්තිකයන් සිටිය යුත්තේ ඵ් රටට ගෑලපෙන අවශ‍ය ප්‍රමානයට ඉහලම සුදුසුකම් ඈති අය පමනයි.
    ඵහෙහ නෑති වුනොත් වෘත්තියේ ප්‍රමිතිය පහල වෑටෙනවා.
    ඵක මුලු ලෝකෙම පිලිගත්ත තත්වයක්.
    ඵ් නිසා ඔනම රටක වසරකට වෘත්තියට යොමුකරන් වෙන්නේ ඉහලම සුදුසුකම් සහිත රටට අවශ‍ය ප්‍රමානයට සීමිත පිරිසක් පමනයි.(නමුත් රෑකියාවක ඵහෙම ඵකක් නෑ.)

    අන්තිමය උපාදි කඩවලින් ආපු අය තමුන්ගේ ඉහලම සල්ලිබලය සහ සම්බන්දතා පාවිච්චිකරමින් වෛද්‍ය වෘත්තිකයන් ලෙස වෘත්තියට එකතු වෙන අතර ගම්වලින් පෑමිනි දුප්පත් අවුල්වල අය විද්‍යාලය තුල රිපීට් කරමින් නොමරා මරන ඵක පටන්ගන්නවා.
    හරියට මහින්ද ඵයාගේ පුතා නාමල්ව හොර පෙරකදෝරුවෙක් කරනගමන් අද්‍යාපනය කප්පාදු කලා වගේ තමයි.

    මේක මගේ හිතේ මෑවුනු හිතලුවක් නෙවෙයි.
    දෑනටමත් අද්‍යාපනයට ඉඩදී ඈති අනෙක් අද්‍යාපන ආයතන වල ඔක ජාවාරමක් විදියට සිද්දවෙනවා.
    උපාදි කඩවලින් ආපු රජ පෑටවුන්ව කිසිම සුදුසුකමක් නෑතිව ඉහලටම යවන අතරේ විබාග පාස් වී ආපු අහිoසක ලමයි කොන් කරමින් රිපීට් කරමින් ඔවුන්ව නොමරා මරන තත්වයක් ඈතිවෙලා තියනවා.

    මේකේ අවසාන ප්‍රතිපලය රට අදුරු අගාදයකට ඈදවෑටීමයි.
    නෑවත වෑඩවසම් යුගයට රට ගෙනියන්න තමා මෙයාලාට ඔන කරලා තියෙන්නේ.ලස්සන ඈඩ්වටීස්මන්ට් දාගෙන ආවට මේකේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තනිකර මාෆියාවක්.
    සයිටම් ඵකත් කොකා-කෝලා කොම්පෑනිය වගේ තමයි.
    මෙන්න මේකද මහත්තයෝ ඔයාලාගේ අද්‍යාප්නයේ සම අවස්තාව කියන්නේ?

    අන්තීමට සුදුස්සන් ඵලියේ දලකාරයන් ඈතුලේ.......ඔකද සමානාත්මතාවය???

    රටේ දොස්තරලාගේ හිගයක් තියනවානම් මුලින්ම අවස්තාව ලෑබෙන්න ඔන A3ක් අරගෙන විද්‍යාලයට යන්න බෑරිවුන ලමයින්ට මිසක් කෝටි ගනන් සල්ලි විසිකරන සයිටම් ඵකේ ඉන්න ඈමතිලාගේ S3වත් ශුවර් නෑති වහුපෑටවුන්ට නෙවෙයි නේද?

    ReplyDelete