Saturday, November 28, 2015

නෙලුම් මල් පිපුන දෙවට දිගේ 2 හෙවත් ටියුශන් මතක



                       


පහුගිය සති දෙක තුනම බ්ලොගට අලුත් නයෙක් රින්ගවීමට වෙලාවක් තිබුනේම නැත.ඔපීසියේ වැඩවලින්ද,විනෝද චාර්‍රිකාවලින්ද,වෙඩිමේ වැඩවලින්ම පිරී ගිය ඉකුත් සති කීපය නිසා බ්ලොග පාලුවට ගොස් ඇත.අදත් වෙඩිමේ වැඩකටම පාරට බැස්ස වේලේ tuition පන්ති කීපයක්ම පසු කර ගියෙන්, ඒ කාලේ tuition මතක වලින් හිත වැසී ගියේය.නයියා නම් ඔය tuition යාමේ කෙරුවාවට වුනේ A/L කාලයේදීය.ඒ නිසා හා හා පුරා කියලා අත්දැකීමක් ලැබෙන්නේ අවුරුදු 17 දීය. tuition ගිය මුල් දවස් වල නම් තිබ්බ ලොකුම අවුල වූයේ ඉදගන්නට ලැබෙන හීනි ලෑලි බන්කුවේ පැය 3ක් පුරා සමනල තටු 2(ඒ කිව්වේ තට්ටම් 2) තබාගෙන සිටීමයි.නයියා පලමුවෙනම පා තැබුවේ චිත්‍රාල් sir ගේ physics class එකටය. ඒ දවස් වල ඒ class එක තිබ්බේ තට්ටු බිල්ඩිමක උඩම තට්ටුවේය.sir class එකට ආ පසු card mark කිරිල්ල ඇරඹුන අතර පලමුව එලියට දාන්නේ පන්තියේ කෙල්ලන් set එකය.උන් පඩිපෙල දෙපස සිටගෙන ඉන්න අතර ඉන් පසු කොල්ලන්ව ඒ මැදින් බස්සන්නේය.කෙල්ලන් 300ක් පඩිපෙල දෙපැතේ හිටගෙන ඉන්නා විට ඒ මැදින් උන්ගේ ඇගේ ගෑවී නොගෑවී බසින්නට කොල්ලන්ට සිදු වන්නේය. ඔය පඩිපෙල බහින අතර යන්තම් වත් අත එහ මෙහ උනොත් ඉතින් රණ තිසරු වල පහස ගේමක් නැතුව ලැබිය හැක්කේය.නමුත් ඉතින් අපි වැනි හොද ලමයි ඕවාට ගියේ නැත.හොද කමටත් වඩා තිබූ බයටය. අපි ඉතින් ඉතා කෝල සිතින් බිම බලාගෙනම පඩිපෙල බැස පහලට ගොස් පේලිය සැදී සිටින්නෙමු.

ඊට පසුව ගියේ Maths එකටය.ඒක ලේසි පහසු එකක් නොවුනේය.physics,chemistry මෙන් නොව maths class එක පැය 5ක් පැවැත්වුනේය.කල් යත්ම sirකාරයා paper class එකක්ද උදේට දැමූ අතර ඒ නිසා class එක පටන් ගත්තේ උදේ 5.30ටය.ඉවර වන්නේ දවල් 1ටය.ඒ දින වල උදේ 5.30ට එක අතට ගෙන අමාරුවේ වැටෙන මුල්ම ගාන හම්බෙන කල්ම බොක්කෙන් paper එක කරන අපි අමාරු ගානක් හම්බුනු ගමන් එතනින් paperය කිරිල්ල අමතක කොට වල wrestling match වල විස්තර,cricket match වල විස්තර කතා කරමින් උදේ කෑම වෙලාව එන තෙක් සිටින්නෙමු.maths class එකේ බලන්නට කියා ඇහැට කනට පේන්න කෙල්ලෙක්ද නොසිටි බැවින් කාලය යැවීම පහසු නොවේ.පන්තියේ සිටින් bright පොරවල් paper එක බොක්කෙන් කරන වෙලේ අපි උදෙ කෑමට අද කන්නේ මොනවාදැයි අහස පොලොව ගැටලමින් කල්පනා කලෙමු. Paper නොකර උදේ කෑම ගැනම සිතූ ඒ දිනවල පිහිටෙන් මුල සැරේ campus සිහිනය එකෙන්ම බොද කරගන්නට අපිට හැකි විය.

ඔය දෙකටම වඩා නයියා ආසාවෙන් ගියේ chemistry class එකටය.නයියාගේ ආසම subject එක chemistry නිසා නොව නයියාගේ හිතට හා හා පුරා කියා කෙල්ලෙක් වැදුනේ chemistry class එකේදී නිසාය.sir ආ විට පන්තියේ ලමයින් සියල්ල එලියට දමා card mark කරන විට පලමුව පන්තිය ඇතුලට දමන්නේ කොල්ලන්ව වූ අතර පන්තියට ගොස් ඉද ගන්නා අපේ වැඩේ වූයේ එකින් එකා බැගින් ඇතුලට එන කෙල්ලන්ගේ ලස්සන බලා පන්තියේ queen තේරීමයි.ඔය queen තෝරනා එක දවසක නයියාගේ දෙනෙත් පැහැරගත් ඇය...........ඊට  පස්සේ ඉතින් නයියා queen තෝරන judge board එකේ තවදුරටත් සිටියේ නැත.එතැන් පටන් අවුරුදු 2ක් යන තෙක්ම නයියා class ආ විට බලා සිටියේ ඇය එනකල්ය. ඒ දවස් වල ඇය ඈත එනවා දකින විට, main hoon na film එකේ sharukhsusmitha sen දකින විට දෙපැත්තේ වයලීන් වදිනවා දැනෙන්නා සේ නයියාටත් ඇග කිලි පොලා යන්නේය.සින්දු මැවී පෙනෙන්නේය.ඒ නිසා chemistry class ඇති අගහරුවාදා දවස් වල අන්තිම period එකේ ඉස්කෝලෙන් පනින නයියා ගෙදරවිත් හොද t-shirt එකකින් හා ඩෙනිමකින් class  සැරසී යන්නේ ඉස්කෝලේ ඇදුමෙන් ගිය විට එතරම් ලකයක් නැති බැවිනි. .chemistry class එක boring වී නයියාගේ set එකේ හැම එකාම පන්තියෙන් අයින් වුනත්,නයියටත් chemistry වහ කදුරු මෙන් වුවත් නයියා බොක්කෙන්ම chemistry class ගියේය.අවුරුදු 2.5ක්ම chemistry class යමින් ඇය දෙස බලමින් අනිමිස ලෝචන පූජා පැවැත්වූවා මිස කටක් ඇර ඇයත් සමග වචනයක් කතා කරන්නට තරම් කශේරුකාවක් නයියාට නොතිබුනු බැවින් ඒ එකත් ඉතින් සිතින් විතරක් පෙම් කල common unexpressed love එකක්ම වුනේය.ඒ කාලේ ඇයත් කිහිප වරක්ම නයියා දෙස බලා එක signal දුන්නත් කටක් ඇර වචනයක් පවසන්නට යන විට නයියාගේ ද්කකුල් වෙවුලන බැවින් ඒක ඔහේ පාවී ගියේය. හැබැයි ඉතින් මෙතුවක් ඉතිහාසෙට නයියා දැක ඇති ලස්සනම හිනාව ඇත්තේ ඇයටය.ඒ තරම් හැඩ හිනාවක් film වල සිට්නා නිලියෙක්ගෙන්වත් තවම දැකලා නැත්තේය.

ඔය විදියට ආදර ගගුලේ සිතින් දිය බුන් ගහමින්,නිදි කිරා වැටෙමින් සිටින අපිට දවසේ වැදගත්ම කාලය වන්නේ interval  එක දෙන වෙලාවය.ඒ පන්තිය එහා පැත්තේ තිබෙන කඩෙන් බිත්තර රොටි කෑමට දුවන්නය.ඇත්තවශයෙන්ම යන කාලේ සොයාගත් වටිනාම දේ, ඒ ලැබූ දැනුමවත්,ලස්සනම හිනාව ඇති කෙල්ලවත් නොව රෝහණ අයියාගේ බිත්තර රොටි කඩේය.ජීවිතයේ පලමු වරට බිත්තර රොටි කපා හොදි දමා කන system එකක් ඇති බවට දැනගත්තේ රෝහණ අයියාගේ කඩේට ගොඩවූ දවසේය.එහි විශේශත්වය තිබ්බේ බිත්තර රොටියේ නොව රොහණ අයියා සාදාදෙන හොද්දේය. එහි හොදි වර්ග දෙකක් වූ අතර, එකක් chicken හොද්දක් වූ අතර අනික කිරි හොද්දකි.ජීවිතෙට chicken හොද්දේන් chickenකෑල්ලක් නම් අපිට හමු වී නැති උනත් ඒ හොද්දවල් දෙක mix වූ විට දැනෙන රසය නම් අයේ ලොවෙත් නැතිය.මේ වන විට රට වටෙන්ම බිත්තර රොටි කපලා හොදි සමග කා ඇති මුත් තවමත් රෝහණ අයියාගේ හොද්දට ගසනන්න හොද්දක් නම් හම්බුනේ නැත්තේය.ඒ නිසා තවමත් ඉද හිටල උදේම අම්බලන්ගොඩ යන්නට සෙට් උනොත් නොවරදවාම රෝහන අයියාගේ බිත්තර රොටි වල රස බලා යන්නට full try එක දෙන්නෙමු.

ඔයින් මෙයින් ඉතින් class ඉවර වෙලා හවස් වරුව එලබී එන විට පන්තියේ ඉන්නා සියලුම හොද ලමිස්සියන් අප පසු කර නිවෙස් වලට යන තෙක් සිටිනා අපි බසයකට ගොඩවී ගෙදර පැමිනෙන්නේ රෑ බෝවෙලාය. කෙල්ලන් සිටි අපේ යාලුවෝ කෙල්ලන් මුර කරමින් ඉක්මනින් ගෙවල් වලට ගිය අතර,බස් එකේ ඇබලකම් කල එවුන්ද ඉක්මනින් බසයට ගොඩ වී යන්නෝය. ඉදලා ඉදලා අන්තිමට බස් එකට ගොඩ වන අපේ උන්, නැග්ග වෙලේ සිට එහි කනක් ඇහිලා වෙන මිනිහෙක්ට සිටින්නට නොවනනේ කොල්ලන්ගේ දවසේ ක්‍රියාකරකම් වල සාරානශයන්ගෙන් හා නොයෙක් විහිලු තහලු වලින් බසය පිරී යන බැවිනි. සමහරක් වැඩිහිටියන් මේ කොලු රෑන දෙස රවමින් බලන අයිරුත් කුටු කුටු ගගා ලග සිටින අයත් සමග කොල්ලන්ගේ හැසිරීමට බනින අයුරුත් මම දැක ඇත්තෙමි. බසයට ගොඩ වූ අපේ කොතරම් සද්දයක් තියෙන්නට ඇත්දැයි වැටහෙන්නේ මේ දවස් වල අපි  බසයේ යන විට බසයට ගොඩ වන ඇට්ටර කොල්ලන්ගේ කෑ කෝව ඇසුන විටය. ඒ ගෝසාවට දැන් දැන් මල පැනගෙන එන්නේ අපි වයසට යමින් සිටිනා නිසා විය යුතුය.


No comments:

Post a Comment