Sunday, June 11, 2017

ජෙප්පනි , මේ අඹ හැර තවත් අඹ තිබේද?





මේ දවස් වල බුකියේ සුපිරිම hit එක අනුර අයියාගේ කොල්ලාය. කොල්ලා අල්ලාගෙන anti-ජෙප්පන් අනුර අයියාගෙන් පටන්ගෙන JVP එකෙනුත් නොනැවතී මුලු වාමාන්ශික ව්‍යාපාරයටම පහර දෙමින් සිටී. ඒ ප්‍රහාර වලට එදිරිව ඉදිරිපෙල සටන ගෙනියන්නේ ජවිපෙ දේශපාලකයන් නොව බුකී  වාසී ජෙප්පන් සැට් එකය. බුකී ජෙප්පන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අනුරගේ පුතාගේ ජීවිතය හෙවත් පෞද්ගලික ජීවිතය, අනුරගේ දේශපාලන ප්‍රතිපත්ති සමග පටලවා නොගත යුතු බවටත් එසේ පටලවා ගැනීම හෙන ලාමක වැඩක් බවටත් පවසති. කොල්ලාගේ ජීවිත කතාවම ලියවී තිබෙන්නේ ජෙප්පන්ගේ political interface එකට මුලුමනින්ම පරස්පර විදියටය. පොරගේ අධ්‍යාපනය, රැකියාව පමණක් නොව කෙල්ලන් සමග ගත් ආතල්ද සමස්ත jvp ප්‍රතිරූපයට නොගැලපෙන්නක් ලෙස හුවා දක්වමින් විරුද්ධවාදීන් හිටු කියලා පුල් ශොට් හුක් හොට් කෙලලා අරිති. මේ සියල්ලට පිළිතුරු බඳින්නෝ බුකී වාසී ජවිපෙ ප්‍රේමියෝය.

සැබවින්ම අනුර'ස් කොලුවාගේ වැඩ පියාගේ දේශපාලනය කෙලෙසන්නක්ද?....කොලුවා ඉගෙනගත්තේ SLIIT එකේය. ජවිපෙ SAITM එකට විරුද්ධය. කොල්ලා වැඩ කලේ මිහින් එකේය. දැන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකේය. ජවිපෙ මේ ආයතන දෙකම දූෂණ වලින් ගහන බවට හඬ නගයි. කොල්ලා sexy කෑලි කිහිපයක් සමග ගත් පොටෝ ඇත.ජවිපෙ sexy කෑලි වලට විරුද්ධ දැයි මම නොදනිමි.......ඉතින් මේව ප්‍රතිවිරෝධිතා ලෙස හුවා දක්වමින් ජවිපෙ විරුධ්ධවාදීන් හඬතලයි, මඩ ගසයි. ඒ ගසන මඩ වැරදිද?,,,,,,ඒ ඒ කරුණු දේශපාලනය සමග පෑහෙන්නේ නැති බව ජෙප්පන් තර්ක කරයි . ඒ තර්කය වැරදිද?........මට නම් සිතෙන්නේ මේ දෙකම වැරදි නැති බවයි. සරළවම කියන්නට ඇත්තේ ජවිපෙ නෙලාගනිමින් සිටින්නේ තමන් වැපිරූ බීජ වල ප්‍රතිපල බවයි.

අනුරගේ පුතා වැඩිහිටියෙකි. තමන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොහෙන්ද කියා තීරණයක් ගැනීම ඌ සතුය. ජවිපෙ අධ්‍යාපනය විකිණීමට විරුද්ධය. එය රාජ්‍ය ප්‍රතිපත්ත්ය හා ගැටෙන්නක් මිස පෞද්ගලික ආයතන වල ඉගෙනගන්නා සිසුන් සමග ගැටෙන්නක් නොවේ. ජවිපෙ විරුද්ධ වන්නේ රජයේ අධ්‍යාපනය මිල කිරීමට මිස ඒවාවල ඉගෙනගන්නා සිසුන්ට එරෙහිව නොවේ. වැඩිහිටියෙක් වන ඒ කොලුවා රැකියාව කරන්න තෝරාගත්තේ නීත්‍යානුකූල ආයතන දෙකකි. ඒවා සුදු අලි බවට ජවිපෙ කරනා සටන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සමග මිස එම ආයතන වල සේවකයන් සමග නොවේ. වැඩිහිටියෙක් වන ඒ කොලුවා ආශ්‍රය කරන කෙල්ලන් කවුදැයි කියා තීරණය කිරීම ඌ සතුය. එය ජවිපෙ සමග ගැටෙන විදිය මට තේරෙන්නේ නැත. ඉතින් තතු මෙසේ වෙද්දී මේ තරම් මඩ වදින්නේ කිම?.....සරළවම කියන්නට ඇත්තේ ජවිපෙ නෙලාගනිමින් සිටින්නේ තමන් වැපිරූ බීජ වල ප්‍රතිපල බවයි.

පසු ගිය වසර ගණනාවක කාලය පුරා ජවිපෙ තම තර්කානුකූල දේශපාලනයෙන් මිදී හර්ද සාක්ෂියදෝ මොකක්දෝ ඉලව්වක් පටන් ගත්තේය.ඒ ඉලව්ව යටතේ වැඩි වැඩියෙන් market වුනේ තර්කාණුකූල දේශපාලනයට වඩා පුද්ගල චරිත වල හැදියාව, අවංකකම හා සරල බව වාගේ දේවල්ය. ඒ පටන්ගත් සෙල්ලම හරහා මහින්දලාගේ සුඛෝපබෝගී දිවියට දිගට හරහාට ගැසුවේය. ඒ ගොල්ලෝ පිට රටින් බෙහෙත් ගද්දී අපි ගන්නේ ගමේ ඉස්පිරිතාලෙන්. ඒ ගොල්ලෝ ඉගෙනගන්න England යද්දී අපි යන්නේ ටකරන් මඩුවේ ඉස්කෝලෙට.ඒ ගොල්ලෝ ලොකු ලොකු තැන් වලින් කද්දී අපි කන්නේ පොලුයි බතුයි,එයාල මිලෙන් ඉතා ඉහළ Whiskey බොද්දී අපේ පක්ෂෙ උන්නම් අරක්කු බිඳක් කටේ තියන් නෑ......ඒ කියන්නේ ජවිපෙ දේශපාලකයන් ගතකරන්නේ සාධු ජීවිත වගේ මතයක්ය.වේදිකාවල වැඩියෙන් market වුනේ මේවාය.ඒවා වලින් මත් වුනු බුකී ජෙප්පෝ මහින්දගේ පුත්‍රයන් කෙල්ලෝ සමග ආතල් ගන්න ඒවා දමා අපහාස කරෝය. අනුර, සුනිල් රබර් සෙරෙප්පු දාගෙන බත් කන ඒවා post කර ඒවාට මල් තබා වැන්දෝය.රාජිතගේ ලේලිය SAITM යන විට රාජිතගේ SAITM මතය ඒ නිසා බව කීවෝය.ඒවා පෞද්ගලික ජීවිත නොවේද?

ඉතින් අවසන් වශයෙන් බුකී ජෙපි නිගාස්ලාට කියන්න ඇත්තේ දේශපාලනය හා  පෞද්ගලික දිවිය මුලින්ම පටලවාගත්තේ උඹලා බවයි. ජෙප්පන් හෙන සාධු ජීවිත ගත කරන උන් බව පෙන්නනට ජෙපි පාක්ෂිකයෝ නොකල මලදානයක් නැත. social media ආත්මය කරගත් ලෝකයක ඕනෑ දේයි එපා දේයි වෙලාවක් කලාවක් නැතුව එළියට එනවාය. ඒ නිසා නිසි තැන නිසි දේ පමණක් කතා කරන්නට කවුරු කවුරුත් ඉගෙනගත යුතුය. ඒවා පෞද්ගලික කාරණා සමග ටපලා ගන්නට ඕනෑ නැත. අනුරගේ පුත්‍රයාට SLIIT යන්නට මිහින් යන්නට පමණක් නොව ඕනෑ නම් මහින්දගේ stage එකට නගින්නටත් තනමක් නොවේ. රටේ නිදහස් පුරවැසියෙකු වන අනුර'ස් කොල්ලාගේ පෞද්ගලික ජීවිතය අනුරගේ දේශපාලන මතය සමග අදාලත්වයක් නැත. ඒ තර්කයම රාජිතගේ ලේලිටත් , නාමල්ටත් , යෝෂිතටත් , මර්වින් සිල්වාගේ පුතාට අදාලවත් එසේමය. ඒ නිසා අනුර පොල්සම්බලුයි බතුයි කන photo එක සුනිල් පොලේ යන photo එක පට්ට වටිනා ඒවා වීමත්  නාමල් ගල් ඉන්නෙන් පොලව කොටන එක පමණක් විහිලුවක් වීමත් විය නොහැක. ඒ නිසා මින් පසුවවත් තර්කාණුකූල දේශපාලන භාවිතාවකට උඹලා හුරු වෙනවානම් හොඳය. පසු ගිය කාලය පුරා ජනප්‍රිය දේශපාලනේට එන්නට ගොස් ජවිපෙ බ්‍රෝස්ලා සිස්ලා කරේම අනෙක් දේශපාලන චරිත වල පෞද්ගලික ජීවිත අල්ලා මඩගසමින් තමන්ගේ සරළ බව පිම්බීමය. ඒ නිසා රටේ උන් හිතන් ඉන්නේ ජෙප්පන් යනු කොල අතු අඳින , පයින්ම ගමන් යන , මෙලෝ රහක් නැති ගෑණු සමග මගුලක් නොකා හොරෙන් පැනලා යන උන් සැට් එකක් කියලාය.

රටක් වශයෙන් අපේ දේශපලාන දැනුම ඉතා අඩුය. තෙවරප්පෙරුම වතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන විට පාර්ලිමේන්තුවේ ඉන්න අනික් උන්ටත් ඇවිල්ල වතුරේ බැහැන් කට්ට කන්න බැරි ඇයි කියා සාප කරන්නේ ඒ නිසාය.අපේ මුලු දේශපාලන විඥානයම රැඳී ඇත්තේ එක එකාගේ පෞද්ගලික ජීවිතය අලලාය. ඒ නිසා දේශපාලකයන්ගේ දේශපාලන දැනුම  හෝ අදහස් කුණු කූඩයට ගොස් ඇත. ජවිපෙ පවා පාර්ලිමේන්තුකරනය වෙද්දී පෞද්ගලික ජීවිත market කරන්න පසු ගිය කාලය පුරා උත්සහා කලේ මේ රැල්ලට ගසාගෙන යෑම නිසාය. කොටින්ම අපි දේශපාලනේ පමණක් නොව ක්‍රීඩාව පවා විඳින්නේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතය සමග පටලවාගෙනය. සනත්ගේ වැල video එක ලීක් වූ විට ඒක බලා ගන්න ආතල් එකක් ගන්නේ නැතුව "සනත් අයියේ ඔයා රටට කරපු සේවය අපිට අමතක නෑ...තවමත් ඔයා අපේ හදවතේ වීරයා" කියා post දැමුවේ දේශපාලනය ගැන තබා ක්‍රීඩාව ගැනවත් විඥානයක් නැති ගෝතයන්ය.

7 comments:

  1. ගල් ගහන්න කලිං බලන්න ඕන තමං ඉන්නෙ වීදුරු මාළිගාවකද නැත්තං බලකොටුව ක ද කියල
    අනුර එක බැලුවෙ නෑ මං හිතන්නෙ
    දැං ගහපු ගල් මුල් ආපහු එන්න පටං ඇරං
    තාම වදිනව ඒකයි සද්ද නැත්තෙ
    ටික දවසකිං සද්ද දාවි හෙහ්

    ReplyDelete
  2. "අනුරගේ පුතා වැඩිහිටියෙකි. තමන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොහෙන්ද කියා තීරණයක් ගැනීම ඌ සතුය"
    ඌ ලොකු වෙච්චබව හැබෑය. මෙතන ප්‍රශ්නය නම් අනුරගෙ කොලුවා තමන්ගේ මුදලින් ඉගෙන ගන්න රැකියාවක් හෝ බිස්නස් එකක් නොකළ නිසා ඌට කවුරුහරි වියදම් කළ යුතුය. තමන්ගෙ පඩියවත් නොගන්නා අනුරට, පුතාට වියදම් කරන්න සල්ලි කෝ ? අනුරගෙ ගෑණි, රැකියාවක් නොකරන්නියකි. අනුරයා උඩ පැන පැන කියන්නේ ඌ කලු වෙලා තියෙන්නෙත් පීඩිත පන්තියේ නිසා බැවින් ඌට වියදම් කරන්න සල්ලි නැතිනම්, අනුරයාගේ පුතාට වියදම් කළේ අනුරයාගෙ දෙමවිපියන්ගෙ බූදලයෙන්ද එහෙම නැත්නම් අනුරයාගේ සහෝදරයන් වියදම් කළාද යන්න හෙලි කළ යුතුය. පුද්ගලික දේවල් කියා බැහැර කරන්නේනම් උනුත් අනිකුත් දේශපාලුවනුත් අතර වෙනසක් නැතිය. අනික දේසපාලුවන් ජනතාවගේ මුදලින් නඩත්තුවන නිසා උන්ගේ පුද්ගලික ජීවිතය කියා වෙනම දෙයක් නැත. හැම ඡන්දයකටම පෙර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුත්තේද ඒ නිසාය.

    "ජවිපෙ අධ්‍යාපනය විකිණීමට විරුද්ධය. එය රාජ්‍ය ප්‍රතිපත්තිය හා ගැටෙන්නක් මිස පෞද්ගලික ආයතන වල ඉගෙනගන්නා සිසුන් සමග ගැටෙන්නක් නොවේ"
    සම්පූර්ණ වැරදි අර්ථකතනයකි.
    ජෙප්පන් සහ පෙරටුගාමීන් නිදහස් අධ්‍යාපනයට මුවාවී සිදු කරන්නේ අධ්‍යාපනයට ලැබීමට අයිතිය ඇති, එහෙත් ලංකාව දුප්පත් නිසා රජයේ විශ්ව විද්‍යාලවල අවස්ථාව නොලැබෙන, එහෙත් තමන්ට මුදල් ඇති නිසා හෝ ණයක් ලබා ගෙන ඉගෙනීමට හැකි මධ්‍යම පාන්තික දරුවන්ගේ අනාගතය කෙලවීමය.උන්ගේ අමන ප්‍රතිපත්ති නිසා මේවා වසා දැමීමට සිදු වුණොත්, යන එන මං නැතිවන්නේ එහි ධනපති පන්ති අයිතිකරුවන්ට නොව එහි ඉගෙන ගන්න ළමුන්ටය. ඒ නිසා උන් වක්‍රව විනාශ කරන්නේ ළමුන්ගේ අනාගතය මිස රජය හෝ ඒවාල අයිතිකරුවන් නොවේ.
    අනුරගෙ කොල්ලා මිහින් ලංකා හෝ ශ්‍රී ලංකන් වැඩ කරන්නේ කෙසේද ? අනුරයාම කිව් පරිදි ඒවායේ ජොබ් දී ඇත්තේ නිල් බලකායේ සමාජිකයන්ට හා නාමල්ගේ හොර බඩුවලටය. පුවත්පත් දැන්වීම් දමා සුදුසුකම්වලට බඳවා ගන්නේ පයිලට්ලා ඇතුළු සීමිත වෘත්තිකයන් පිරිසකි. ප්‍රශ්නයනම් අනුරයා කියන ඒවා, අනුරයාම බොරු කිරීමය. දැන් ඌට කට උත්තර නැතිවී සැඟවී සිටී. අනුරයාගෙ පුතා පමණක් නොව නිහාල් ගලප්පතිගේ පුතාද ඉගෙනගෙන ඇත්තේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. සයිටම් නොවැසුවොත් උන්ගේ පුතුන් ඒවාලද ඉගෙන ගනු ඇත. ඒ අතින් බලනකල සල්ලි හොරකම් කළත් එස්.බී යනු නියම ඉදිරිගාමියෙකි. කුහක වම්මුන්ට වඩා ඌ ගොඩක් ඉදිරියෙන් සිටී.

    ReplyDelete
  3. මේ මාතෙගෙ අඩවියේ මම දැමූ කොමෙන්ටුවකි
    බලමු රතු අලි පැටියා ලප කුමාරගෙ මෑත ඉතිහාසෙන් බිඳක්....
    1) විජේදාස රාජපක්ෂ ලප කුමාරට 2010 ජනපතිවරණයේදී මුදල්දීම හෙලි කිරීම-විජේදාස ඩීල් කාරයා ජවිපෙට බොරු අවලාද නගයි
    2) දිවයින පත්‍රය විසින් ලප කුමාරගේ රතු අලි පැටි ඩීල් එක විස්තර සහිතව හෙලි කිරීම - දිවයින මඩ පත්‍රයකි, අපි නඩුදානවා
    3)ලප කුමාර විසින් හොර අඹුවට මිලට ගත් අයර්ලන්ත නිවස. එම නිවස අයිති වෙන්නෙ සුද්දෙක්ට, විජිත හේරත් අයර්ලන්තෙ යවල අපි ගෙනාව ඔප්පු පිටපතක්.
    3)ලප කුමාර පුංචි අම්මව උස්සගෙන යාම සහ දෑවද්දට ලැබුණු පුංචි අම්මගෙ පුතාට පියාවීම- මෙව්වා පුද්ගලික මඩ ප්‍රහාර, අපිට අදාල නෑ
    4)ලප කුමාරගේ පුතා සහ නිහාල් ගලප්පතිගේ පුතුන් පුද්ගලික විශ්ව විද්‍යලවලින් ඉගෙන ගැනීම සහ මිහින් එයාර්, ශ්‍රී ලන්කන් වල සේවය කිරීම -දැනට දේශපාලන මණ්ඩලය රැස්වී උත්තර සොයමින් සිටී.
    අනාගතයේ මෙහෙමද විය හැක:
    මාජ්ජවේදියා: ඔබගේ පුතා සහ නිහාල් ගලප්පත්තිගේ පුතුන් පුග්ගලික විස්ස විද්‍යලවල ඉගෙනුම ලබා තිබෙනවා.
    ලප කුමාර: ඔව්, මොකක්ද ඒකෙ වැරැද්ද ? එව්වා නීති විරෝධී නෑනෙ.
    මා: ඔබලාගේ ප්‍රතිපත්තිය පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීම. එතකොට ඇයි ඔබලගෙ දරුවො යවන්නෙ?
    ල.කු: දැන් බලන්න අපි පළාත් සභාවලට විරුද්ධයි, ඒත් අපි එව්වට ඡන්දෙ ඉල්ලනවනෙ. මේකත් ඒ වගේ.
    මා: හරි දැන් මේ පුග්ගලික විස්ස විද්‍යාල වැහුවොත්, අපේ මධ්‍යම පන්තියෙ දරුවො ඉගෙන ගන්නෙ කොහෙද ? සීමිත පිරිසක්නෙ රාජ්‍ය විස්ස විද්‍යාලවලට ගන්නෙ.
    ල.කු: අපි අරගල කරන්න ඕනෙ, සියලු දෙනා බඳවගන්න කියලා.
    මා: ඒක ප්‍රායෝගික නෑනෙ
    ල.කු: ප්‍රායෝගික වෙනකම් අපි අරගල කරනවා, පාරෙ උද්ඝෝෂණය කරනවා, කඳුලු ගෑස් කනවා, පොලිසියෙන් ගුටි කනවා
    මා: හරි මොනවා කළත් බැරිනම්
    ල.කු: දිනනකම් අරගලය ඉදිරියට
    මේ අතර මධ්‍යම කාරක සභාවේ සමජිකයෙක් රහසින් මෙසේ අසයි: නායක සහෝදරයා, මේ පුග්ගලික විස්ස විද්‍යාල වැහුවොත් අපි ළමයිට මොකෑ වෙන්නෙ.
    ල.කු: කෑ නොගහ හිටපන්, මම මේ ජනතාව දැනුවත් කරනවා. අපේ ළමයි ගැන පක්ෂෙ බලා ගනී. පිටරට විස්ස විද්‍යාල වහන්නෙ නෑනෙ.

    ReplyDelete