Friday, March 17, 2017

සිහිනයක් පාට පාටින්





කහ පාට තවරගත්
ව්‍යාජ වූ කෙහෙරැලිති ගොන්නෙන්,
මුවා උනු කලු පාට ඇස් දෙක
අව්‍යාජ බව දැනෙනවා මට,
තුන් හතර වර නෙත් පැටලවෙනකොට....

ලා රෝස පාට තොල්
මතට වඩිනා මද සිනහවට
ඉඩ දෙන්න පැකිලෙන නිසා නුඹ
ඇපල් රතු පැහැය ගන්නා
සුදු දෙකම්මුල් නලියමින් ඇති බව
ලඟට ඇවිදින් කියන්නද මම………

1 comment:

  1. ඇපල් රතු පැහැය ගන්නා
    සුදු දෙකම්මුල් නලියමින් ඇති බව
    ලඟට ඇවිදින් කියන්නද මම

    ReplyDelete