Saturday, February 11, 2017

වැලන්ටයින්, පෙනෙන තරමට රෝසපාට නැත







මේ ලිපිය ලියන්න සති කිහිපයක් තිස්සේම හිත හිත හිටියත් කම්මැලිකම විසින් මාව පස්සට ඇද්දා.නමුත් නැවත මේක ලිවිය යුතුමයි කියල හිතුනේ Billboard Women In Music 2016 සම්මානය දිනාගනිමින් මැඩෝනා  කල කතාව අසන්නට ලැබීමත් සමග.මේ කතාවෙන් ඉතා අපූරුවට මතු කරන දෙය තමයි අපේ මේ ලෝකය පිරිමින් විසින් වියන ලද්දක් බව.එහි ගැහැනිය යනු වස්තුවක් පමණයි.ඒ වස්තුව හැසිරිය යුතු ආකාරය තීරණය කලයුත්තේ පිරිමින් විසින්.කාලෙන් කාලෙට මේකේ physically updated versions එනවා.නමුත් කාන්තාවක් සදහා නිමවූ මූලික දෘශ්ටිවාද පද්ධතිය මේ physical updates වලින් වෙනස් වෙන්නේ නෑ.එම සීමාවන් වලින් එහාට සිතීමට හෝ අභියෝග කිරීමට වස්තුවකට හැකියාවක් නැහැ.වැධගත්ම දේ තම්යි එම සීමවන් අතික්‍රමණය කිරීමට උත්සහ කරන කාන්තාවන්ට පලමු ප්‍රහාරය එල්ල වන්නෙත් කාන්තාවන්ගෙන්ම වීම.ඒ හැසිරීම් රටාවත් පිරිමින් විසින්ම කාන්තා මනස තුල රෝපණය කරවූවක්. ගැහැණියක් අම්මා කෙනෙක් වුනාම ගෙදරට වෙලා දරුවො බලන් ඉන්න ඕනි, තමන්ගේ හැගීම් ආවේග සියල්ල පාලනය කලයුතුයි, ඒ සදහා "ගෙදර බුදුන් අම්මා" කියල title එකක් සිංහල සමාජ ක්‍රමය විසින් හදලා ගැහැණියව මුරුංගා අත්තේ නැග්ගුවෙත් එවැනිම රෝපණ ක්‍රියාවලියක් මගින්.

මීට මාසෙකට විතර කලින් බලපු Pink හින්දි චිත්‍රපටයෙත් පිරිමින් විසින් කාන්තාවන් උදෙසා වියනු ලැබූ රාමු වලින් පිටත හැසිරෙන්නට උත්සහ ගන්නා ගැහැණු ළමුන් තිදෙනෙකුට වෙන අකරතැබ්බය හොදින් නිරූපණය වුනා.එහිදීත් කියවුනේ ඔවුන්ට කැමත් විදියට අදින්නට පලදින්නට කතා කරන්නට, සිනහසෙන්නට, පිරිමියෙකු සමග තනිවෙන්නට හෝ මත්පැන් පානයට නිදහස දී තිබුණත් එම කතා බහෙන්, ඇඳුමෙන්, සිනහවෙන් හැගවෙන දෑ තීරණය කිරීමේ බලය ඇත්තේ පිරිමින්ට බව.ඇය යම් ඇදුමක් ඇන්දානම් එයින් කියවෙන නිශ්චිත අදහසක් පිරිමි මනස තුල ගොඩනැන්වෙනවා.එය තමයි නිවැරදි අර්ථකතනය. එය නැවත ප්‍රති අර්ථදැක්වීමට හෝ පිරිමින් විසින් වැරදියට වටහාගත් තම හැසිරීම සාධාරනීකරනය කරන්නට කාන්තාවකට අවසර නෑ.කරනවනම් කරන්නට තිබෙන්නේ තම නිදහස් ක්‍රියාකලාපය හකුලා ගැනීම පමණයි. සාම්ප්‍රදායික රාමුවලින් පිටතට යෑමේ නිදහස අද දවසේ කාන්තාවන්ට ලැබී තිබුණත් ඒ ප්‍රවේශයන්ගෙන් පිරිමි මනස තුල නිර්මාණය වන සිතුවිලි සහ නිගමනයන් තවමත් පවතින්නේ සුපුරුදු හමස් පෙට්ටි වලමයි. ක්‍රියාවන් සඳහා ඇති අවකාශය කොතරම් ලිබරල් වුනත් ඒවයින් ගොඩනංවාගන්නා අදහස් තවමත් බොහෝ දුරට ගතානුගතිකයි.

මේ අංශබාග ලිබරල්කරණය අද දවසේ ආදරය තුලට කඩාවැදිලා ඉවරයි. අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලෙට වඩා දැන් කාලේ ප්‍රේමය හෙනම ලිබරල්. ඒකාලෙ වගේ මාස ගනන් කට්ට කාලා ලෝකෙට හොරෙන් ලියුමක් දෙන්න , වචනයක් කතා කරන්න පැය ගානක් හන්දි ගානේ චාටර් වෙන්න උවමනාවක් දැන් නැහැ. තාක්ෂනයේ දියුණුවත් එක්කම ඒ දේවල් දැන් ලේසි වෙලා. ඒ වගේම ආර්ථික හා සමාජීය වෙනසත් සමග කෙල්ලෙක්ගෙන් yes එකක් ගන්න දැන් මහ කාලයක් ගත වෙන්නේ නෑ. Sms වලඉන් fb chat වලින් viber වලින් හා මෙකී නොකී සෑම digital application එකක්ම ආදර ක්‍රියාවලියේ initial steps ටික ඉක්මන් කරල දීල තියනවා.ඒ මූලික අදියරෙන් පස්සෙ ඉතුරු ටිකත් මුලදී කතා කරපු අංශබාග ලිබරල්කරණය යටතේ වේගවත් වෙලා. ඉස්සර වගේ කෙල්ලගේ අතින් අල්ලන්න කම්මුලට කිස් එකක් දෙන්න, අවසර ඉල්ලමින් වාත වෙන්න ඕනි නෑ. කොටින්ම sex කරන්නත් දැන් ඉස්සර වගේ කසාද බදිනකල්ම කට්ට ඕනි නෑනෙ. ඒවාට අවශ්‍ය සිතුවිලි වල නිවහල් බාවයත් යටිතල පහසුකම් ( ඉස්සර වගේ මල් වතු වල ගස් අස්සෙයි beach වල ගල් අස්සේයි රින්ගන්න ඕනි නෑ.දැන් හැම තැනම ඕනි පදම් rooms තියෙන්නෙ ) වල දියුණුවත් දැන් හොදින්ම නිර්මාණය වෙලා ඉවරයි.මේ කිසිවක් වැරදි දේවල් නෙවි, පුද්ගල නිදහස හා තීරණ ගැනීමේ අයිතිය ඉස්මතුවුණු අවස්ථාවන්

නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ වැරදිලාවත් මේ පටන් ගත්තල love එකක් break වෙන තැනකට ආවොත්....
මෙන්න මේ breakup steps ටික startup steps ටික ලිබරල්කරණය වුනු තරමින් ලිබරලකරණය වෙලා නෑ.ඇත්තටම කිව්වොත් වෙලා තියෙන්නේ ගෝත්‍රීකරණය වීමක්.ආදරය පටන් ගන්න ක්‍රියාවලිය සහ ඒක පවත්වා ගැනීම ඉතාම නිදහස් මතවාදී ලෙස සිද්ධ වුනත් වෙන්වී යාමකදී පිරිමි පාර්ශවය, මුලදී කිව්ව අධිකාරී බලය ඉතා නිහීන ලෙස පාවිච්චියට ගන්න යුගයක් මේක. කාන්තාවක්  ස්ව කැමැත්තට අනුව සම්බන්ධයක් නතර කරද්දි පිරිමින් විසින් ඇයගේ චරිතය ඉතාම ජඩ විදියට ඝාතනය කරන්න දැඩි උත්සහයක් ගන්නවා. videos, photos  අන්තර්ජාලයට මුදාහැරීම්, තවත් නොයෙකුත් හිරිහැර, තර්ජන ,බියවැද්දවීම් හා චරිත ඝාතන ප්‍රයත්න වල එන්න එන්නම වැඩිවීමක් පෙනෙනවා. මෙහෙම සිද්ධියකට මුහුණදීපු කාන්තාවක් සමාජ ජාල හරහා අනෙක් පිරිමින්ගේ ගොදුරක්බවට පත්වෙනවා. Fb pages වලට groups වලට සතිගානක් තලු මරන්න හොද බයිට් එකක් බවට පත්වෙනවා.ඒක තමයි මම මේක අංශභාග ලිබරල්කරණයක් කියල හැදින්වූයේ.

මේවා තුලින් පෙනෙන ප්‍රධානතම දේ තමයි තීරණ ගැනීමේ අයිතිය, ලිංගික ආශාවන් ඉටුකරගැනීමේ නිදහස,ඒ පිලිබඳ මතයක් දැරීමට ඇති අයිතිය කාන්තාවන් අතට දීමට මේ පුරුෂ වියමන තුල ඉඩ නැති කම. භෞතිකව කොයිතරම් නිදහස් විදියට පෙනුනත් අදහස් අතින් අධිකාරී බලය තවමත් තියෙන්නේ පිරිමින් අතේ.එයට අභියෝගකරන කාන්තාවන් හෙලා දැකීම හා පාගා පොඩි කරදැමීම ඉදිරියටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. පිරිමින් වෙනුවෙන්  වූ ඒ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේත් කාන්තාවන්මයි. බටහිර හැදී වැඩී ජීවිතය ගෙන යන මැඩෝනාගේ මේ වචන වලින් අපිට තහවුරු කරනවා බටහිර රටවල පවා අදහ්ස් වල ආධිපත්‍ය තවමත් පිරිමින් සතු බව. පිරිමින්ගේ ආශාවේ වස්තුව වන කාන්තාවට ලැබී ඇතැයි පෙනෙන වර්ණවත් කල එලිය හුදු මායාවක් පමණක් බව.

"...There are no rules, if you are a boy. If you are a girl you have to play the game..What is that game? . you are allowed to be pretty ,cute and sexy. But don't act too smart.Don't have an opinion.......
You are allowed  to be objectified by men and dressed like a slut but don't own your sluttiness and do not share your own sexual fantasies  with the world. Be what man want you to be. But more importantly be what women feel comfortable with you being around other men....." 

3 comments:


  1. මඩොල් දූව පොතේ මගඩි නාටකය කොටසේ රාක්සයාගේ කටින් යතුර අරගෙන කුමාරි බේරගත්ත වැලැන්ටයින් කුමාරයා කියා කෑල්ලක් තිබේ. මේ සටහන ඒ වැලැන්ටයින් කුමාරයා ගැන නොව වෙනත් වැලැන්ටයින් කෙනෙක් ගැනය​.

    වෛද්‍ය පීඨයේ පළවන , දෙවන සහ තෙවන වසරවල් වලදී මා ජීවත් වූයේ මහල් නවයකින් යුත් විශාල සිසු නේවාසිකාගාරයකය​. මෙම නව මහල් නේවාසිකාගාරයේ පාලන පහසුව සඳහා කොමෙන්ඩාන්ට් කෙනෙක් ද , ඉලෙක්ට්‍රික් වැඩ සඳහා විදුළි කාර්මිකයෙක් ද , ඇඳ රෙදි පිරිසිදු කරන්නියක් ද , කැන්ටින්කරුවෙක් ද වූහ​. මීට අමතරව පයිප්ප වැඩ කිරීමට වැලැන්ටයින් නම් කෙට්ටු පුද්ගලයෙකු ද විය​.

    මෙම වැලැන්ටයින් මට අමතක නොවන චරිතයකි. වැලැන්ටයින් නිතරම සිටියේ බීගත් ගමන් ය​. ඔහු කොමෙන්ඩාන්ට්ට අතිශයින් කීකරු විය​. එසේම වැසිකිලියක වතුර ලීක් එකක් පයිප්ප හිරවීමක් තිබුනහොත් එතනට වැලැන්ටයින් එයි. වැඩය කර දීමෙන් පසු විදේශ සිසුන් වැලැන්ටයින් අත රූබල් කීපයක් මිට මොලවති. එය රැගෙන ඔහු තැබෑරුමට ගොස් බොයි. නැතහොත් වොද්කා බෝතලයක් මිලට ගෙන පහත මාලයේ තිබෙන කුඩා පයිප්ප වැඩ කාමරයට ගොස් එය පානය කරයි.

    ReplyDelete
    Replies
    1. ඇඳ රෙදි පිරිසිදු කරන්නත් කට්ටිය හිටියද? ...මරුනෙ :D

      Delete