Wednesday, October 5, 2016

සිස්සත්වෙට මොකෑ උනේ ?






ඔබේ දරුවාත් මොන්ටිසෝරි කාලයේ සිටම දිවා රෑ නොබලා ටියුෂන් වන්දනාවේ යෙදුනාද?.ඊයේ නිකුත්වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව,


ළමයා සමත් ද? --- එසේ නම් කරුණාකර දුක් වන්න
                 ඔය සමත්වීමේ දක්ෂතාව තමාගේද නැතිනම් ටියුෂන් ගුරාලා සැට් එකේද කියා ඔබේ ළමයා දන්නේ නැත....ඔබ දන්නේද නැත.
දක්ෂතාවේ credit එක ළමයාටද,ඉස්කෝලෙටද,ටියුෂන් එකටද කියා ලිහා ගැන්ම ලේසි නැත
පහුගිය කාලය පුරා පන්සල් පල්ලි ගොස් පූජා කලා නම් ඒ ලිහාගැනිල්ල තවත් complex වනු ඇත.
ඔබේ දරුවාගේ නම පාසලේ දැන්වීම් වලත්, ටියුෂන් කඩවල බෝඩ් වලත් විකිනෙන product එකක් වනු ඇත.
ඉදිරි අවුරුදු 8 තුල ටියුශන් එකෙන් තොර අනාගතයක් ළමයාත් ඔබත් නොදකිනු ඇත,විශ්වාස නොකරනු ඇත.
තමන්ගේ හැකියාව ගැන සැක කරන 
ළමා කාලය අහිමිවූ දරුවෙක් අනාගතයට සූදානම් කෙරෙමින් ඇත....



ළමයා අසමත් ද? -- එක අතකින් සතුටු වන්න
මේ උදේ හවා දුවනා හුස්මක් කටක් නොගන්නා ටියුෂන් වන්දනාව මිත්‍යාවක් බව ඔබේ දරුවාටත් ඔබටත් පසක් කර ගත හැකි නිසාය.
පන්සලෙන් පල්ලියෙන් දෙන නූලෙන්,වතුර ටිකෙන් දැනුම නොලැබෙන බව ඔබට දැකිය හැකි නිසාය.
තමා ගැන විශ්වාස කරමින් අනාගතයට උත්සහා කරනා දරුවෙක් හදාගන්නට ඔබට වරම් ලැබෙන නිසාය...




ඒ නිසා අඩුම ගානේ මීලග අවුරුදු දෙකවත් ( හත වසර වෙනකල්වත්) මේ පොඩි උන්ට ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත්, පෙල පොත පාඩම් කරලා, ගෙදර වැඩ කරලා, යාලුවොත් එක්ක සෙල්ලම් කරලා , වට පිටාවෙන් දැනුම හොයලා විභාග ලියන්නට ඉඩ දෙන්න.ඉන් පසු උන්ගේ දක්ෂතා , දුර්වලතා හදුනාගත් පසු පමණක් උන්ව ටියුෂන් වන්දනාවේ යවන්න.



4 comments:

  1. අපේ ගෙදරට අල්ලපු ගෙදර අම්මා පේල්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ ගෙවල් පැත්තෙත් ලකුණු 170ට කිට්ටු වෙන්න ගත්ත අයගෙ ආච්චිලා පවා මැලවිලා ඉන්නේ.200ක්වත් ගන්න ඕනි වගේ...

      Delete
  2. ඇයි ඔබ ටියුෂන් වන්දනාවේ යවන්න කියන්නේ.. ටියුෂන් මාකටි එක දිගටම තියා ගන්නද..

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මම නම් හොදටම කැමතියි ලමයින්ට ටියුශන් නොගිහින්ම වැඩේ ගොඩ දා ගන්න දෙනවනම්, ......මම කියන්නේ මේ යන භයානක රැල්ල තුල අඩුගානේ ඒ අසරන පොඩි උන් අවුරුදු 2කටවත් බේරල දෙන්න කියල

      Delete