Tuesday, September 15, 2015

නිවැරදිව Toi යමු

ගිය සතියේ tripaක් ගොස් හදිසියෙන් සින්දුවක් කියන්නට ඕනෑ වූ අතර ඒ සදහා අතරමග තිබූ සුපිරි කඩයක wash room එක සොයා ගිය විට එහි තිබූ විස්තරාත්මක උපදෙස් මාලාව අපගේ මීලග ගොන් ආතල් නයා ලෙස මෙයින් ඉදිරිපත් කරමු...




යන එන විට අතරමගදි-කන බොන විට කෑම ජාති
හදිස්සියේ set වියහැකි-කරුම ලෙඩක් අපි ලග ඇති

කිටි කිටියේ හිර කරගෙන-ඉහෙන් කනෙන් දාදිය පෙර
දුවගෙනවිත් දොර ගාවට-දනි පනිගා දොර ඇරගෙන

ඇතුලට සතුටින් පනින්න-පැනපු ගමන් දොර වහන්න
පලවෙනි කොටුවෙන් පේන්නෙ-හරියට වැඩෙ කරන විදිය

පුටුව වගේ ඇති බාන්ඩේ-හැදුවේ ඉදගෙන ඉන්නට
ඉතින් පුතේ කරන වැඩක්-ඒකේ ඉදගෙන කරන්න

ඉදගන්නට ඇහැක් වෙද්දි-කිමදෝ අපි හිටගන්නේ
හිටගෙන වැඩ කරලා අපි-ඇයි හත් පොලෙ විසුරන්නේ

බින්දු බින්දු වැහි බින්දුයි-ලොකු ඇල දොල බිහි කෙරුවේ
ඒක නිසා දෙවනි කොටුවෙ-තාලෙට වැඩ නොකරන්නේ

සාද පුරා කරක් ගසා-කටගොන්නක් තොල තෙමලා
උබේ limit පන්නාගෙන-පුතණුව නුබ එන්න එපා

එසේ ඇවිත් මේක බදා-කබර ගොයින් අරින් එපා
නැතිනම් ඇග හදාගන්න-අල්ලන් ඩිප්ස් ගහන් එපා

පුටුවක් වගෙ බඩු හැදුවේ-උබලට ඉදගෙන ඉන්නයි
ඉතින් හතරෙ කොටුවෙ වගෙ-නැගල ඉන්නෙ උබේ පවටයි

පුටුවෙ දාරෙ හරි හීනයි-ඒ මදිවට එය ලිස්සයි
උඩ නැගලා බිම වැට්ටොත්-උබේ ඔලුව පැලිලම යයි

අපේ මුතුන් මිත්තො එදා-මාලු කෑව එල කොල්ලෝ
බෝට්ටු හෙම එන්න කලින්-බිලී බාල මාලු ගෙනෝ

අපිත් ඉතින් ඉදල හිටල-fun ගන්නට බෑව බිලී
ගොඩක් දුරට තෝර ගත්තේ-පොඩි වලවල් අතුර ඇතී

මේකෙත් පොඩි වතුර වලක් ඇත-එනමුදු මාලු නැතී
ඉතින් කුමන හුයන්නකට-මේකේ අපි බාමු බිලී

වැල්ල අයිනෙ අපෙ කොල්ලෝ-වැල්ලේ වැඩ අල්ලන්නෝ
ඒක් මතක් වීලා අපි-අන්තිම කතිරේ ගැසුවෝ

සල්ලි දීලා මෙව්වා හැදුවේ-එලියේ නොම කරන්නටයි
ඒ වගෙ ගොන් වැඩ කෙරුවොත්-මුලු කඩේම චොර වී යයි

මෙච්චර කියලත් තොපිලට-බැරිනම් හරියට කරන්න

කියනෙමි මම සුජි අයියට,....සුජී ඔය කොමඩ් එක දීපන් ලමයෙකුට

14 comments:

  1. ලමයට කොමඩ් එක දීලා සුජී කොහේද බොල එතකොට යන්නේ?

    ReplyDelete
    Replies
    1. සුජීට කියමු වැල්ලෙම වැඩේ කරගන්න කියල ඉස්සර වගේ...හික් හික්...

      Delete
  2. පබ්ලික් ටොයිලට් භාවිතා කරද්දී ගොඩක් ඒවා අපිරිසිදු හින්දා කාන්තා පාර්ශවය හරිම අපහසු තාවයට පත්වෙනවා.. දැන් ඒකට හරියන පොඩි ගැජට් එකක් තියනවා............ පහසුයි සරලයි........ හිටගෙනම වැඩේ කරන්න පුළුවන්.. මම කියන්නේ මේකට සම්මානයක් දෙන්න වටිනවා කියලා......
    http://www.ebay.com/itm/Female-Women-Urinal-Portable-Camping-Travel-Urination-Device-Funnel-Toilet-Urine-/281357800009

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි බණඩත් හොයගන්න ගැජට්ස්.එළ කොල්ලෙක්නෙ.උබව කාන්තා සුබ සාධන ඇමති විදියට මම යෝජනා කරන්වා බ්ණ්ඩො, මොකෝ කියන්නේ?

      Delete
    2. හා..... මන් කැමතියි

      Delete
  3. අපේ කොම්පැනියෙත් ඔහොම බෝඩ් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය වගේ එව්වා ගැන ජනතාව දැනුවත් කරන එක ගැන හොද ඔපීසි වල වගකීම

      Delete
  4. රෙන මග කවි සිත් පහලවීම සොබාවිකයි.මටත් එල අයිඩියාස් එනව ඔය වෙලාවට :D

    ReplyDelete
    Replies
    1. සිරාවට මන් හිතන්නේ ලෝකේ මුල්ම කවිය ලියවිලා තියෙන්නෙත් රෙන වෙලාවක වෙන්න ඕනි.ඒක එතරම්ම කලාකාමී place එකකි

      Delete
  5. හහා අඩෝ මැක්සා !

    ReplyDelete
    Replies
    1. Thanx මචන්.අමාරුවෙන් කවිපද ටිකක් ගලපගත්තා.උබේ පද තරම් දාර්ශනික නම් නෑ ඉතින්.අපි තාම පොඩි ලමයි නෙව

      Delete
    2. පිස්සුද යකෝ මගේ ඒවා මෙලෝ රහක් නෑ මේක ජාති :D

      Delete
  6. Replies
    1. අඩෝ කලූ...මන් මේකෙ printout එකක් අරන් ඇවිත් බෝඩිමේ wash room එකේ ගහන්න ඉන්නේ.උබලට ඉතින් මේව ගැන දැනුමක් නෑනෙ හරියට...හික් හික්..

      Delete