Sunday, September 6, 2015

කවිය නුබ දුර ගිහින්

වැඩට යන්නට කලින් මගෙ මුහුන සිබලා
කොට රැවුල් ඇනී සිතම කිති කැවුනා
හිරු හැරෙයි අවරගිර සැගවෙන්න කියලා
මගේ රන්කද එන්න සද ඔට්ටු තියලා

අපි වැඩට යන්නට කලින් රැවුල නම් කවදාවත් කපන්නේ නැත.මන්ද අපේ බෝඩිමේ එකේ wash room එකේ එලිය මදි බැවිනි.ඒකට දාලා තියෙන්නේ අඩ අදුර ඇති රාගය දනවන light set එකක් නිසා ඒ එක හරියන්නේ වෙන වෙන වැඩවලට මිස රැවුල කැපීම වැනි මෙලෝ රහක් නැති වැඩවලට නොවේ.ඉතින් කොහොම හරි අමාරුවෙන් සෝදාගත් මූන කාටවත් ඉබින්නට නොදී පරිස්සම් කරගෙන office එකට ගියාට පසු රෑ 8,9 වෙනකල්වත් බෝඩිමට යෑමට නම් උවමනාවක් නැත.අපි එනකල් බලන් ඉන්න කිසිවෙක් නැති බැවින් වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා මග දෙපස සිරි නරඹමින්,අතේ සල්ලි තියන කල් ලොකු පොඩි හැම කඩේකින්ම බඩ පුරවාගනිමින් බෝඩිම දක්වා පල්ලම් බැසීම අපේ ජීවන රටාවයි.සදත් එක්ක ඔට්ටු දුවලා රෑ බෝ වීමට පෙර ගෙදරට ගොඩ වන හේතුවක් ඇත්නම් ඒ බෝඩිමේ අයියා ඉස්සරහ දොර lock කරයි කියලා ඇති බිය පමනය. ඒ යකා වැරදිලාවත් ඕක lock කරොත් ඒ දොර ඇරගන්න උගේ අම්මා අප්පා මතක් කර කර උගේ ගෙදර දොරට තඩි බාන්නට වෙන්නේය.උගේ දොරට තඩි බාන විට උගේ බල්ලා ඇවිත් අපේ රීරි මාන්ශය වලදන්නට තැත් කරන්නේය.

කියන්නට ඇති වැධගත් කරුන නම්  මේ අමුනා ඇති කවි පද නම් මගේ නොවන බවය.හා හා පුරා හිතට ආදරයක් රින්ගූ දවස් වල,දහස් වරක් ඇය දෙස බලමින්,ඒ මුවේ සුපිපෙන සිනා කැන්වල තිබුනාවූ ප්‍රහර්ශය,ඒ ප්‍රහර්ශයත් සමගම දිස්නේ ගසනා දෑසේ ඇති ආලෝකය,ඒ ආලෝකයෙන් සැනෙන් කල එළි වන්නාවූ මගේ ප්‍රේමය කියා ගත නොවුනු කල්හී පිටු ගනන් පුරා කවි පද ලියවුනු අතීතයක් මටත් තිබුනා ඕයි....ඒත් ඉතින් කාලයත් එක්ක අපි හෙන පොරවල් වූ බැවින්,කවියෙන් මෑත්ව fb එකේ political post දානා හෙන serious ඩයල් වූ බැවින් කවිය අපිට ඒ කිව්වේ මට පිටුපා දුර ඈතට ඉගිලී ගියා විය යුතුය.ඒ කාලේ පොතක් පිරෙන්න කවි ලියූවත් දැන් නම් ඇගේ උපන්දිනය දාට යවන්නත් කවි පද 4ක් ගලපාගන්නට යන විට ඉහෙන් කනෙන් දාඩිය දමන්නේය.ඒ තරමට කවිය අල්ලා ගන්නට හෙන ගේමක් දිය යුතුය.ඒකා ඒ තරමටම මගෙන් ඈතට ගිහිල්ලාය.ඒ නිසා මේ කවිය ඉස්සුවේ අපේ අයියාගේ උල්පත පාමුල කාව්ය සන්ග්‍රහයෙන්ය.

එසේ පැමිණ ඇදේ වැතිර රෑට ගන්න good night call එකේදී නැවත කවියක් ලියන්නට ඇත්නම් කියා මට සිතේ.මෙලොව වෙසෙන හැම කෙනෙක්ම කවදා හෝ එක කවියක් හෝ ලියා ඇතිවා විය යුතුය.බොහොමයක් කොල්ලන් කෙල්ලන් කවි ලියන්නට ගන්නේ හිතට ආදරයක් රින්ගූ විටය.සමහරුන්ට නම් එය සහජ හැකියාවකි.කෙසේ උවත් කවි ලියන්නට හැකි නම් එය අපූරු හැකියාවකි.මුලු මහත් සන්සිද්ධියක්,සිතුවිලි දාරවක්, පද කීපයකට අමුණා පේලි කිහිපයකින් නිමා කරන්නට ඇති හැකියාව සැබවින්ම අපූරු එකකි.ඒ හැකියාව එසේ තිබුනේ නම් මෙවැනි පල් හෑලි ලිවීමට මට සිදු වන්නේ නැත.ඒ නිසා කවියන් අපූරුය,විශිෂ්ඨය.මට බැරිවුනත් අපේ අයියාට කවි ලියන්නට හොදින් හැකි නිසා මාත් අපූර්වත්වයට ලන් වන්නේය(හික් හික්.. අනුන්ගේ කරේ එල්ලිලා හරි අපිත් ගොඩ යන්න එපාය බොලව්..).
ඉතින් ආයේ කවදා හෝ හොද කවියක් ලියන්නට මගේ සිතවෙහෙසෙන්නේය.ඒතෙක් ඒ කවි පද call එකේ සිටින ඇයට පමණක් බැරි බැරි ගානේ කොදුරමි.

වෙනකාටත් නෑසෙන්නට
ඔබටම විතරක් ඇහෙන්න
ඔබත් එක්ක කවි කියන්න
මටත් ටිකක් ඉඩක් තියන්න


කවි දෙක උස්සපු පොතේ(ඒ කියන්නෙ මගේ අයියගෙ පොතේ) රූපේ අලවා ඇත

3 comments:

  1. අයියාට සුභ පැතුවාය කියන්න.... කොහොම හරි හොයාගෙන කියවන්නම්...ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු...ඒත් මේක හොයාගන්න පුලුවන් වෙයිද කියල නම් සැකයි.මේක රට පුරා අලවි කරන අරමුණක් ඇතුව ලියපු එකක්ම නොවෙන නිසා..

      Delete
    2. කෙසේ වෙතත් මේක එලි දක්වන දවසෙ අපේ රටේ සැබෑ වියතෙක් වන මහින්ද කුමාර දලුපොත මහත්තයත් ආව අපිව දිරි ගන්වන්න.කිසිදු අය කිරීමක් නැතිව ඇදුනුම් කමක් නැතිව හිතේ උපන් ආශාවටම,සහය දෙන්න තරුන නිර්මාණ ශිල්පියෙක්ට.එවන් සැබෑ කලාකාමී හා නිහතමානී පුද්ගලයා ස්මග ගෙවුනු ඒ අපූරු දවස ගැනත් ඉදිරියේදී ලියන්නම්

      Delete