Saturday, September 26, 2015

අද හවස මුකුත් කරනවද...?

"සුරාවෙහි ඇති අගයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමෝ මිස නොබොන දුදනෝ නොදනිත්..." යන පාඨය මුල් කරගෙන මේ ආතල් නයා කියවිය යුතුය.






කාලෙකින් අඩියක් ගසන්නට සෙට් වෙන්නට බැරි වුනු බැවින් ඉස්සර ගසපුවා(ගසපුවා කියන්නේ බීපුවා මිසක් වෙන ගැසිල්ලක් නොවේය ) මතක් කර හීනියට වෙරි වෙන්නට සිතේ.අපේ බොහෝ දෙනෙක් හා හා පුරා කියා බොන්නට පුරුදු වුනේ campus එකේදීය.මේ දැන් වෙරි වී ඇදන් වැටේද?,මේ දැන් කබ්බා යයිද?,මේ දැන් සිහිය නැතිවී පිස්සුවෙන් කෑගසන්න ගනීදැයි බියෙන් පලමු රහමෙර උගුරු 2 campus එකේ basketball coat එකට වී සීතලෙන් කිටි කිටියේ ගැසෙමින් කටට හලාගත් ගත් හැටි මට තවමත් සිහිවේ.අවසානයේ බෝතලයම ඉවර වෙනතෙක් ගැසුවද ඉහත කී මෙලෝ මගුලක් සිදු නොවුන බැවින් රහමෙර යනු කියන තරම් නරක දෙයක් නොවන බව මගේ ටිකිරි මොලයට වැටහුණි. ඉතින් එදා basketball coat එකේ Green Apple බෝතලයෙන් ඇරඹි ඒ ගමන තවමත් යන්නේය.  කාලේ ඉතින් අතේ සල්ලි එතරම් නැති බැවින් කොල්ලෝ වැඩිපුර බිව්වේ ගල්ය.ලාබෙට ගත හැකි බෝතලේ ඒක නිසාය.තැපෑලෙන් වදිනා ගල් වලට අකමැති වූ අපේ සැට් එක ගල් වලට වඩා මිලෙන් ඉහල ලාබෙට ගත හැකි whiskey ගෙනත් බොති (ලාබයි කිව්වේ දැන් කාලේ බොන එව්වාට සාපේක්ශවය).

ඒ දිනවල අපේ අපාය සහය මිත්‍රයා වන්නේ ටොකාය(ටොකා කියන්නේ උගේ card එක ). ඌට බීමට දොලදුකක් ඇති උන ගමන් ඌ අපේ ලගට විත් මචන් අද හවස මුකුත් කරනවාදැයි අසයි.අපේ අනුමැතිය ලබාගත් පසු ඌ අනිත් කාමරයේ ජනේලයෙන් එබී ඒ ප්‍රශ්නයම උන්ගෙනුත් අසයි.උන් ටික හා කියන තෙක්ම ටොකා ජනේලයේ එල්ලී කිරි ඉල්ලා හඩන පොඩි එකා මෙන් වැලපෙන්නේය.කොල්ලන්ගේ හිත් වෙඩරු පිඩ මෙන් උනු වී ටොකාගේ ඉල්ලීමට එක ලැබෙන් බැවින් නිතරම පාහේ ටොකාගේ ඉල්ලීම 2/3 බලයෙන් සම්මත වෙන්නේය.

ඔය මොනවා සම්මත උනත් ලොකුම අවුල උසාවියෙන් ගැලවෙන එකය.හවසට මුනගැසෙන එක cancel කල යුතුය,මුනගැසුනොත් කලින් පැනගත යුතුය,රෑට පැයගනන් මල් කඩන එකෙන් නිදහස් විය යුතුය.මේවාට ගැලපෙන හේතු හදා ගැනීම ලේසි නැත.වැරදිලාවත් වැඩේ ගැස්සිලා ගියොත් ඊලග දවස් 2,3 ඉතින් නඩු පිට නඩුය.phone එකේ battery බැසීම,කුප්පි දැමීමට තිබීම,හිසරදය හැදීම, batch meeting, union meeting ආදී මෙකී නොකී meeting තිබීම වැනි හේතු ගනනාවක් නිදහස පතා කියා ඇති මුත් ඔය මොක කිව්වත් ගෑණු ඉවට බොරු කිරීම ලේසි නැත.දන්නා දහන් ගැට සියල්ල දමා ඇගෙන් බේරුනු පසු පබහින්නෙන් රුපියල් 150 ට ගන්නා වීල් එකේ නැගී ගලගමට ගොස් බඩු ගෙන එන විට දැනෙන්නේ මාර kick එකකි. සබරේ කොල්ලන්ට ඉතින් ගලගම යාමට ඇති එකම හේතුව ගලගම දිමුතු wine store එකය.ඒ දවස් වල ඉතින් ගලගම යන්වා කියන්නේ ඉතින් රෑට set වීමක් කියන එකය.වැරදිලාවත් ඇගේ යාලුවෙක් අපි ගලගම සිටිනු දුටුවා කීවොත් ඉතින් මැටි ගසා රෝල් කර අබරා ගැසූ බොරු සේරම හබක් වන්නේය.ගලගම සිටිනු දුටුවොත් ආයේ උසාවියෙන් ඇප ගන්නවාත් බොරුය. එය ඉතින් මිනී මැරූ පිහියක ඇගිලි සලකුනු තිබී හමුවූවාක් මෙන් බෙල්ලටම හිර වන සාක්ශියක් නිසාය.

හොද හොද bite ගන්නට ඒ දවස් වල සල්ලි තිබුනේ නැති බැවින් ඉතින් හැමදාම bite එක වූයේ මුරුක්කු හා මයියොක්ක පෙති ටිකය.වැඩේ පටන් ගත් පසු ඉවර වෙන්නට පැය ගානක් යන්නේය.කලාව හා දේශපාලනය මූලික මාතෘකාවන් වන බැවින් වැඩේ නැගලාම යන්නේය.කලා විචාරකයන් හා දේශපාලන දැනමුත්තන් සිටින්නේ අපේ කාමරය තුලය.රටේ එලියෙන් ඉන්නා උන් මොක්කුන්ද ඇත්තටම?..දෙකක් දාගත් වෙලේ parliament එකට ගියානම් අපේ උන් ටික නියමෙට රට කරවනු ඇත.

සියලු දේශපාලන,කලා,ආර්ථික හා ක්‍රීඩා විචාර වලින් අනතුරුව එලබෙනුයේ ගී ගැයීමේ වේලාවයි.හොදට පදම් වූ සිත් සතන් වලින් හැකි උපරිමයෙන් ගීතයට සාධාරණයක් ඉටු කිරීමට අපි සැමවිටම උත්සහ ගතිමු....ඒ දිනවල අපේ hostel එකේ ප්‍රධාන බේබදු කල්ලි 3ක් තිබුණි.ඉන් එකක් මල අපතයෝ set එකකි.උන් බිවු දාට ගමේ උන් පැමින අපිට ගුටි කෙලින සම්බාවිතාව ඉතා ඉහලය.මන්ද උන් කියන්නට ගන්නා කුණු හරුප හා උන්ගේ කෑගැසිල්ල නියම අටපාස් බේබද්දන්ගේ දුශ්චරිතය විද්හා පාන බැවිනි.හැබැයි උන් set එකට පට්ටෙටම සින්දු කියන්නට පුලුවන්ය.උන් ගයන්නේ ජෝති හා මිල්ටන්ගේ ගීතයන්ය.අනෙක් set 2 smart විදියට බොන අපේ එක හා තවත් එකකි.අනික් එකේ උන් බීලා උන් සින්දු කියන යාමයේදී අපිට ඔක්කාරයට එන්නේ උන්ගේ සින්දු කීමේ හැකියාව නිසාය.උන් සින්දුව අනුබව කරන ආකාරය අසා සිටින අපිටද රෑ මැදියමේ ගල් කාලක් අමුවෙන් කටට හලා ගන්න්නට සිතෙන්නේ,   ගයන්නාවූ සෘතියෙන් පිට පනිනා ගීත හොද සිහියෙන් අසා සිටිය නොහැකි නිසාය.හැබැයි ඉතින් උන් හා අපි කියන සින්දු වලින් වද්යක් උනා නම් වූයේ අපේ hostel එකේ උන්ට මිස අසල්වාසී ගම් වැසියන්ට නොවේ.

කොහොම කොහොම හරි ගෙවී ගිය ජීවිතේ අපේ එවුන්ට තිබූ ලොකුම ආසාව මිලෙන් වැඩි brand එකක් ගැසීමය.ඒ නිසා එකට කොලඹ එන්නට කලින් කොහොම කොහොම හරි Red label එකක් ගැසීමට අපිට හැකිවිය.අපේ අහින්සක බේබදු ජීවිතයේ ලොකුම ජයග්‍රහ්න්ණය එය වූයේය.එදා campus ජීවිතේ අවසාන දවසේ set  දමිත්ගේ ලොකුම ආසාව වූයේ Red labelයෙන් එහාට ගොස් අපි එකට එක්වී black,gold label වලින් නතර නොවී blue label ද ගැසිය යුතු බවය.campus එකෙන් ගියත් අපි සැම මාස 3කට වතාවක්වත් එක්වී සැමරිය යුතු බව එදා ඒකමතිකව සම්මත වුනේය.


ඒ කාලේ මෙන් නොව අතමිට සරු මේ කාලේ, එදවස හීන මැවූ ලොකු ලොකු brand බොහොමයක් ගසන්නට set වෙන්නේය.නමුත් ඒ කිසිවකින් එදා අතේ යන්තම් තිබූ සල්ලි ටික වියදම් කර ගලගමට දුවලා ගොස් ගෙනා ලාබ whiskey  එක බොමින් බෙලිහුල්ඔය සීත සුලගෙන් වෙලීයන ගතින් හා මතින් බරවූ අඩවන් දෙනෙතෙන් රාත්‍රී අහස දෙස බලමින් ගී ගැයූ යුගය තරම් හිත නැලවිය හැකි මත්බර රාත්‍රීන් ආයේ නොඑන්නෙය

26 comments:

  1. මම ඇඩුවා මේක කියවලා :D :D

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒ කාලෙ ආතල් මතක් වෙද්දි අඩෙනවා තමයි කොමෝ....අඩෝ අපාය සහය ටොකා, මම හිටියෙ නෑ යකෝ highland queen දවසෙ

      Delete
    2. Hitiye na kiyala duk wenna epa.... mata tawama matakai uba nisa mama mage kan dekama kapa gatta... ara campus eken yannakalin.... matakada ottuwa?

      Delete
  2. මටත් කැම්පස් කාලෙ මතක් උනා. අන්තිම වාක්‍යය :(

    ReplyDelete
    Replies
    1. මොන්වා කරන්නද ඉතින්, අතීත සුවද ඉව අල්ලමින් විදිමු.එය පමනි අපිට උරුම සහෝ

      Delete
  3. Parayo thota akkage kade bite eka amataka una da? Ubata bonna one nam me widiyata huulla huulla innatiwa bus ekaka nagala wara...

    ReplyDelete
    Replies
    1. අනේ බෑ බන් මන් බීම නැවැත්තුවා...මම දැන් හොද ලමයෙක්

      Delete
  4. Replies
    1. Thanx machan...uba ithin ape set eke main speaker viddiyta sahena fun ekak dunna apita

      Delete
  5. අවංකවම සුපිරි ඈ..........

    ReplyDelete
    Replies
    1. ඔබේ අවන්ක කමට මගේ ප්‍රණාමය

      Delete
  6. ඒ ඒ බෝතලේ විදියට තමයි ආතල් එකත්..

    ගාන වැඩි උනාම රෙස්පට් එකත් වැඩියි...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...ඔය old keg වගේද Double black එකක් ඉස්සරහ තියන් අපි පස්සට වෙලා ගසනකොට තියන උජාරුව...

      Delete
  7. සුපිරි නයෙක් තමා..............

    ReplyDelete
    Replies
    1. Thanx කුරුට්ටා.මොකද කියන්නේ ගී පවුරෙ set එකත් එක්ක හවස් වෙලා මොනවත් කරමුද?

      Delete
  8. නයත් එහෙනම් අනුමත වෙනවා............... හ්ම්....

    ReplyDelete
    Replies
    1. බණ්ඩො උබ "හ්ම්" කියාගත්ත විදියට බය හිතෙනවනෙ....අනේ...!!!

      Delete
  9. Finally...! Finally you wrote something meaningful!!

    ReplyDelete
  10. බොන මිනිස්සු හිත හොඳ කට්ටිය කියලා තමයි මම නිරීක්ශණය කරලා තියෙන්නේ. අර කාණු ගානේ ඉන්න අය නෙමෙයි. මඳ පමණට අනුමත වෙන අය.

    ReplyDelete
    Replies
    1. කාණු ගානෙ ඉන්න වෙන්නෙ නැති විදියට බොන හැම එකාමත් හොද නෑ මචන්.ගැලපෙන මිනිස්සු විතරක් බෝතලේට set කරගන්නවනම් තම්යි හොද.ඒ කාලෙදි චාටර් පොරවල් හලල නියම,සුන්දර ,හිත හොද මිනිස්සු ටිකක් ලන් කරගත්ත නිසා තමයි මේ වගේ දෙයක් ලියන්න පුලුවන් උනේ

      Delete
    2. සුරාමේරය මජ්ජපමා ධට්ටානා කියන්නේ - සුරාව මඳ පමණ දෂ්ට කරන්න කියන එක තමයි, පව් නෑ.........

      Delete
  11. ගල් පොල් ගැන මල් වගේ ලිපියක්

    ReplyDelete
  12. //ඒ කාලේ මෙන් නොව අතමිට සරු මේ කාලේ, එදවස හීන මැවූ ලොකු ලොකු brand බොහොමයක් ගසන්නට set වෙන්නේය.නමුත් ඒ කිසිවකින් එදා අතේ යන්තම් තිබූ සල්ලි ටික වියදම් කර ගලගමට දුවලා ගොස් ගෙනා ලාබ whiskey එක බොමින් බෙලිහුල්ඔය සීත සුලගෙන් වෙලීයන ගතින් හා මතින් බරවූ අඩවන් දෙනෙතෙන් රාත්‍රී අහස දෙස බලමින් ගී ගැයූ යුගය තරම් හිත නැලවිය හැකි මත්බර රාත්‍රීන් ආයේ නොඑන්නෙය//

    මෙය බෙලිහුල්ඔයට පමණක් නොව සෑම තැනටම අදාල වන සදාකාලික සත්‍යයකි......

    ReplyDelete
  13. Havasata mukuth kalath Degreyath anumatha karagaththanam aulak na.

    ReplyDelete