Saturday, September 19, 2015

එන්න අපි පින් කරමු..,නිවන් යමු







රුපියල් 1000ක් විතර වියදම කරල
දෝත පුරවාගෙන මහනෙල්
යන්න ඕනෙ මාත් පන්සල්
නිකන්ම නිකම් පන්සලකට නොව
බුදු පිලිම ගොඩකින්,දේව රූප ගොඩකින්
මල් ගස් ගොඩකින්,
රන්වැටවල් ඇති බෝගසින් ඇති හැඩවූ
පොලව ටයිල් කරපු පොශ් පන්සලකට
ගිහින් පුරවමි මානෙල් මල්
වැසෙන්නට  බුදු පිලිම
ඔලුවේ බැදලා දෑත්
කියනෙමි අලුතෙන් ආ
කවි ගාථා සැට් එකක්
පුදන්නෙමි ලොකු කුට්ටියක්
හදන්නට තව පිළිමයක්,චේතියක්
නිකන් චේතියක් නොව
රුවන්වැලියටත් එහා ගිය චේතියක්
රැස් කරමි පින් ගොඩක්
කිලෝ නොව ටොන් ගානක
කොයිතරම් පහසුයිද ජය ගන්න මේ සසර
අවැසි නැත සතර සත්ය - වීරියෙන් දැකගන්න
අවැසි නැත තණහාව - වීරියෙන් දුරලන්න
සතේ ඇත්නම් අතේ - වෙලා ඇතන්ම් දිනේ
යන්නටයි තියෙන්නේ - නිවන එතරම් දුර නැතේ
බුදුන්ටත් නොවැටහුන සැප පහසු මේ ක්‍රමය
සොයාගත් අපෙ හිමිවරුන් කවදා නිවන් යනු ඇත්ද


5 comments:

  1. අපේ ගෙවල් වල උන්
    ගමේ පන්සල් නොගිහින්
    යනවා කැළණි බෙල්ලන්
    එහෙ පින් වැඩිලු බලපන්

    ReplyDelete
    Replies
    1. පින් වැඩි නේන්නම්.පන්සල ලොකුවෙන තරමට පින වැඩි.ඔය ගමේ පොඩි පන්සලකට ගිහින් Fb එකට දාන්න හරි හමන් selfieයක්වත් ගන්න පුලුවන්ද මන් අහන්නෙ

      Delete
  2. පහසු වෙලාවක
    මේක කියවල බලන්න. You will not regret reading this.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොද ලිපියක්.මේ යථාර්තය කියන්න පුලුවන් හාමුදුරුවන්ලත් දැන් හරිම අඩුයි.හැමොම මිනිස්සුන්ව දක්කන්නේ ජනප්‍රිය පින් කෙරුවාවට.අත්හැරීම කියන දේ කියවෙන්නෙම නැති තරම්.බුදු දහමේ සැබෑ හරය මේ වගේ තැන්වලින්වත් එලියට එන ලොකු දෙයක්.Bookmark කරල තියාගන්නව අයෙ ආයෙ කියවන්න

      Delete