Saturday, September 5, 2015

දියවන්නාවේ අපේ අලුත් මෙව්වා එක..

අලුත් පාර්ලිමේන්තුව ඊයේ රැස්වුනේය.අලුත් පාර්ලිමේන්තුව මෙවර පත්වන්නේ නව කථානායක,අගමැති හා විපක්ශ නායකයෙක් සමගය.ඒ විතරද?..ඇයි අලුත් ඇමතිවරු.අලුත් කීවාට ඉතින් ඒකේ නම් එහෙමට අලුතක් නැත්තේය.ලෝකයා මොන මොන කතන්දර කීවත් සුපුරුදු පරිදි රනිල් මහත්ත්යා මුදල් පෙට්ටියේ වගකීම පරණ බඩ තඩි මුදලාලිටම පවරා ඇත.රනිල් උන්නැහේට ඉතින් මුදල් පෙට්ටිය බාරදීමට ඊට වඩා කෙනෙක් මේ ලන්කා ද්වීපයේ නැත්තෙය.ඒ නිසා රට්ටු මොන මොන චෝදනා නැගුවත් මුදල් පෙට්ටිය තඩි මුදලාලිටම දුන්නේය.

කැලෑවල සතුන් දඩයම් කිරීම තහනම් කල නිසාදෝ ඒ සාන්කාවට සරසවි සිසු දඩයම් කරමින් පසු ගිය වසර කීපය පුරා තම ලැජ්ජා නැති පහත් ආශා සපුරාගත් උන්නැහේට මෙවර සමාජය බලගන්නට එන්ජිම දීඇත.රටේ සරසවි ටික සදටම අඩපණ කරන්නට දැගලූ ඒ උන්ණෑහේ ස්මාජයවත් බලගන්වන තෙක් අපි බලා සිටිමු.පරණ පුරුද්දට මිනිසුන්වත් suspend කරන්නට නොගියොත් ඒ ඇතිය.

පසුගිය කාලය පුරා දිව හැරෙන හැරෙන පැත්ත්ට නවමින් ස්ථානෝචිත නුවණ යොදා ගනිමින් ත්ම කඩුල්ල ආරක්ශා කර ගනිමින් දිගටම පන්දුවට පහර දෙන්නට සමත් ඒ අසහාය ක්‍රීඩකයාට සෙල්ලම් පිටිය බාරදී ඇත්තේය්.එතුමා ඉතින් ඇති ගල් නැති කිරීමත් නැති ගල් ඇති කිරීමත් වැනි ජන ක්‍රීඩා අන්ශ වලද දක්ශතා දැක්වූවෙක් නිසා සෙල්ලම් පිට්ටනියද හොදින් බලා ගනු ඇත. කොහොමත් ඉතින් අපේ සෙල්ලම් පිට්ටනියේ එදා ඉදන්ම තිබ්බේ බෝල ගහන සෙල්ලම විතරක් නිසා ඒක බලාගෙන හිටියාම ඇතිය.


තවත් එකී මෙකී නොකී අය බොහෝ දෙනෙක් තම තම හැකියාවන්ට අදාලව ඇමති පට්ටම් ලබා ගෙන ඇත්තේය.19 ගෙනෙද්දී ඇමති මණ්ඩලය 30කට අඩු කරන්නට යෝජනාව සම්මත කලත් එවකට විපක්ශ්යේ සිටි අලි බබාගේ හොරු කන්ඩායම විසින් ජාතික ආණ්ඩුවකට යන විට ඇමති මණ්ඩලය සීම නැතිවියයුතු බවට කොන්දේසියක් දැමූ බැවින් වර්ථමාන ඇමති මණ්ඩලය වරින් වර යාවත්කාලින වනු ඇත. ඒ කාලේ හෙන සින්හ නාධ පැවැත්වූ සන්ධානේ එකා දෙන්නා බැගින් පැමිණ ඇමතිකම් හිගා කන යුගය ඉදිරියේ දිග හැරෙනු ඇත. ඉතින්  සමහරවිට එය මහින්දගේ වාර්තාගත ඇමති මණ්ඩලයේ ගාන කිට්ටුවටම එනු ඇත.ඔය ඇමතිකම් ගන්නේ ඉතින් අපේ සුබ සිද්ධිය තකාම නිසා අපි ඉතින් ඕවාට මුකුත් කියන්නට ඕනෑ නැත.අනික ඉතින් අපිට මේ යන system එක වෙනස් කරන්නටද මහා උවමනාවක් නැත්තේය.අලි බබා සහ හොරු set එක මෙවරත් පාර්ලිමේන්තුවට ගෙනාවේ ඒ නිසාය.යාන්තම් මහපුටුව මාමීගෙන් බේරාගන්නට පුලුවන් උනත් මාමීගේ කාලකන්නි ගෝල බාලයෝ සැට් එකෙන් නම් ලේසියෙන් බේරුමක් නැතිවන්නේය.එක සැට් එකක් ඇමති පට්ටම් ගෙන සැප විදින අතරේ තව සැට් එකක් විපක්ශ්යේ ඉදිමින් බිල්ලෝ පෙන්වන සෙල්ලම පටන් ගනු ඇත.අන්තිමට බලාගෙන යද්දී කෙල උනේ මාමිට පමණය. ගෝලයෝ සැට් එක තම සුපුරුදු පිනුම් ගසමින් ආතල් ගනු ඇත.මේ එකගෙයි කන සෙල්ලම නිසා අන්තිමට කිසිම වැඩක් හරියකට නම් කරන්න වෙන්නේ නැත්තේය.මාමීගේ සැට් එකක් ආන්ඩුව ඇතුලේත් පිටත් දෙකේම ඉන්නා නිසා මේකත් දින 100 වැඩේ දියාරු කර දැම්මාක් මෙන් දියාරු කිරීමට ඉඩ ඇත්තේය. රටේ දේශපාලන රාමුව වඩා යහපත් හා පිරිසිදු එකක් කරන්නට පසුගිය සමයේ ගෙනා සියලුම යෝජනා හා සන්ශෝදන යට ගියේ එවකට මාමිගේ ගෝලයෝ රැලට පින්සිදු වන්නටය. ඒ ගෝල බාලයෝ රැලට හුරු මඩගොඩනි සා ඒක සුද්ද කර දමනවාට උන් කැමති වූයේ නැත.ඒ ඔක්කොටම පෙර ඒ සැට් එකට අපි කැමති නිසා ඒ සැට් එක නැවත පාර්ලිමේන්තු ඇවිත් තිබෙන්නෙය.ඒ නිසා සුපුරුදු මඩ ගොඩ දිහා බලාගෙන වෙන දෙයක් වෙන්නට ඇර බලා සිටීම්ට අපට පුරුදු වනු ඇත.

කොහොම උනත් ඉතින් අන්තිමට හදාගෙන ඇත්තේ කලින් තිබූ කොල ටිකම අස්සෙන් පස්සෙන් දමා අනනු ලැබූ පරන සූදු කූට්ටමය.ඒ නිසා ඉතින් ආර්ථිකය පුල් මාවලස් වූ දූශණයෙන් වන්චාවෙන් තොර රටක් ගැන හිතීම දැනට පෙනෙන පරිදි නම් දුශ්කරය…..ඒවා නැති උනත් අඩු ගානේ රට දේශපාලනයෙන් හා සන්හිදියාවෙන්වත් ඉදිරියට ගෙනයාමට මේ ආණ්ඩුවට පුලුවන් විය යුතුය.යුද්ධය ඉවර කල අපේ මාමී ජාතික ප්‍රශ්නය විසදීමට නම් කිසිදා අදහස් කලේ නැත්තේය.මාමීට ඕනෑ උනේ දෙමල සීන් මදිවාට මුස්ලිම් සීනුත් රටේ වපුරා එක එක සේනා යොදවා ඒවාට attack කර රටට  ෆුල් action film එකක් පෙන්වීමටය. තමන් නැති උනොත් බිල්ලන් එන බව පවසා තමන් film එකේ කොල්ලා වීමටය.රනිල් හා MY3 උන්නැහේලාට එවැනි මානසිකත්වයකින් තොරව රටේ ජාතික ප්‍රශ්නය සැබෑ දේශපාලන විසදුමක් දෙන්නට පුලුවන්නම් එය වටින්නේය.ජාතිවාදී කුහකයන්ගේ බිල්ලෝ පෙන්වන සෙල්ලම් වලට තිත තබා රටේ සියලු දෙනාට සාධාරණ සමාජයක් ගොඩ නගන්නට පුලුවන් ඒ ඇතිය.අනෙක් ඒවා වලින් ගන්න ලකුණු ගැන නම් ඉතින් වැඩි විශ්වාසයක් නොමැත්තේ bat කරන්නේත් ball කරන්නේත් එකම teamඑකේ කට්ටිය නිසාය.ඒ කට්ටිය කලින් හොද හොද පහරවල් ගැසූ නියම ඩයල් නිසාය.


මේ අනම් මනම් අස්සේ රටට අලුත් විපක්ශ නායකයෙක් ලැබෙන්නේය.බිල්ලන් පෙන්වමින්,බිල්ලන් ගැන සිහින දකිමින් ජීවත් වන කුහකයන්ට නම් මෙය ඇහැට කටු අනින සිදුවීමක් වුවත් රටේ ප්‍රජතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සෑම ජාතියකටම සමාන බව මොනවට පෙන්වන අවස්ථාවක්ම වන්නේය.දැන් ඉතින් සම්බන්දන් උන්නැහේට ලොකු වගකීමක් තිබෙන්නෙය.මෙතෙක් කල් කොටි වෙනුවෙන් තැන තැන නහයෙන් ඇඩූ තම කන්ඩායම දෙමල ජනතාවගේ සැබෑ හඩ ලෙස රටේ පිලිගැනීමට ලක්ව ඇති මොහොතේ තවත් කොටි වෙනුවෙන් ස්ත්‍රෝත ගායනයෙන් තොරව වගකිවයුතු පක්ශයක් ලෙස තම මතවාදය රට තුල සන්වාදයට ලක් කිරීමට ඔවුන්ට හැකි විය යුතුය, බෙදුම්වාදී සිහින පෙන්වා දෙමල ජනයා චූන් නොකරමින් ඒ තුලින් වඩා හොද ස්ථාවර විසදුමකට යෑමට  රටට ආරාධනා කල යුතුය.මෙතෙක් කල් උතුරේ දෙමල ලීයෙන් සැදි පුටුවක අසුන් ගෙන සිටි සම්බන්දන්ට දැන් රටේ උත්තරීතරම ස්ථානයේ මහ පුටු තුනෙන් එකෙක් හිමිව ඇත්තේය.එහි ඉද ගන්නා සෑම විටම සම්බන්දන්ට සිහිවිය යුතු කරුනක් ඇත්තේය එනම් තම්න් දැන් ඉද ගන්නා පුටුව ලාන්කීය ලීයෙන් සෑදූ එකක් බවයි.ඒ නිසා සම්බන්දන් ශ්‍රී ලන්කාවට චපල නොවිය යුතුය.

1 comment: