Saturday, December 17, 2016

සමාජ ජාල - ඉදිරි දශකයේ පිළිලය ද?






"සමාජ ජාලා වෙබ් අඩවි" අද වන විට මේක නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ ජාල අඩවි සහ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනවා.මේවායින් සපයන වැධගත් සේවය ගැන අමුතුවෙන් කියන්නට යන්න ඕන නෑනෙ.කොහොම නමුත් සමාජ ජාල අඩවි අද වන විට ජනප්‍රියව භාවිත වන්නේ ඒවායෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තු උනු මූලික අරමුණු වලට පරිබාහිරව කියලා කියන්නටත් පුලුවන්. ආරම්භයේදී, භෞතිකව දුරස්ථව සිටින සමීපතමයින් ලන්කර ගැනීමටත්,අලුත් මිතුරු මිතුරියන් හදුනා ගැනීමටත් භාවිත වූ සමාජ ජාල අඩවි අද එයින් එහාට විශාල පිම්මක් පැනලා ප්‍රකාශන මාධ්‍යයක් විදියට භාවිත වෙන්න අරගෙන තියනවා. අපිත් මුල් කාලයේදී අපෙන් ඈත් වුනු යාලුවෝ නැවත සමීප කරගන්න,අපේ photos upload කරන්න, ලස්සන ලස්සන කෙල්ලො හොයලා friendsලා විදියට add කරගන්න භාවිතා කරපු Facebook එක අද වන විට භාවිතා කරන්නේ අපේ හිතට එන අදහස් ලෝකයා සමග බෙදා ගන්න. මේ අයුරින් ප්‍රකාශන මාධ්‍යයක භූමිකාව දක්වා තම ප්‍රතිරූපය පරිණාමය කරගත්ත සමාජ ජාල අඩවි ඒ ප්‍රතිරූපය දිගින් දිගටම පවත්වාගන්න නොයෙක් පහසුකම් සපයමින් ඉන්නවා.උදාහරණයක් විදියට fb එකේ නම් pages,groups,events, fb live ආදී දේවල් හදුන්වන්න පුලුවන්.ඒ වගේම සමාජ ජාල වලින් පිටතත් ගොඩක් news sites, gossip sites, blogs හැදිලා තියෙන්නේ ඒ ප්‍රවනතාව තවත් පුලුල් කරමින්.

කොහොම උනත් අපේ රටේ නම් මේ සමාජ ජාල අඩවි හා අනෙකුත් news/gossip sites භාවිත කරන ප්‍රමාණය රටේ සමස්ථ ජනගහනයත් එක්ක බැලුවම නම් කුඩා කොටසක්.කලින් කිව්වා වගේ, යාලුවො අදුනගන්න , සින්දු අහන්න , photos upload කරන්න අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වුනු මේ පිරිසට අද වන විට තමන්ගේ ප්‍රධාන තොරතුරු දැනගැනීමේ මාධ්‍යය බවට පත් වෙලා තියෙන්නෙත් සමාජ ජාල අඩවිම තමයි.තවත් විදියකට කියනවනම් අද වන විට ගොඩක් දෙනෙක් fb එන්නේ news දැනගන්න.මුලදී කිව්වාක් වගේ මේ වෙද්දී හැදිලා තියන pages,groups හරහා මේ උවමනාව සන්සිදුවනවා. ඇත්තටම මේක තොරතුරු ප්‍රවාහයක්.මේ තොරතුරු ප්‍රවාහය දිනෙන් දිනම පුලුල් වෙනවා. කොටින්ම කිව්වොත් මේ වෙද්දී එම තොරතුරු ප්‍රවාහය අපිට දරාගන්න බැරි තරම් පුලුල් වෙලා ඉවරයි.අපිට ඕන වෙලාවට වගෙම අපිට ඕනෙ නැති වෙලාවටත් රටේ , ලෝකේ අහු මුලු වල සිද්ධවෙන වෙන ඕන දේයි, එපා දේයි හැම එකක්ම අපේ ඇස් වලින් ඇතුල් වෙලා මොලයට යනවා.අපි chill වෙන්න හිතාගෙන fb ගිය වෙලාවක උනත් මේ තොරතුරු ප්‍රවාහය අපේ අවසරයක් නැතුවම අපේ ඔලුවට ඇතුලු වෙනවා.ඇතුලු වෙලා අපේ mood එක අවුල් කරන්වා.



ඉස්සර නම් යම් පුද්ගලයෙක්ට තොරතුරක්,ප්‍රවෘතියක් දැනගන්න ඕනෑ උනාම එයාට තිබුණු මාධ්‍ය වුනේ රූපවාහිනිය, ගුවන් විදුලිය හා  පත්තරය. මේ මාධ්‍ය තුලින් අපිට තොරතුරු දැනගන්න පුලුවන් උනේ එක්තරා වේලාවකදී විතරයි.රූපවාහිනියෙ හා ගුවන් විදුලියෙ නම් ප්‍රවෘති විකාශනය වෙන වේලාව වෙනකල් ඉන්න වෙනවා.පත්තරේ  නම් ඊලග දවස වෙනකල්ම ඉන්න වෙනවා. නමුත් අන්තර්ජාලය තුල සෑම මොහොතකම යාවත්කාලීන වෙමින් තොරතුරු පල වෙනවා.ඒ නිසා තොරතුරු දැන ගැනීමට ඕන වෙලාවට අපිට ගිහිල්ලා තොරතුර බලාගන්න පුලුවන්.රූපවාහිනිය හෝ ගුවන්විදුලිය වගෙ ප්‍රවෘති කියන වෙලාව එනකල් බලන් ඉන්න ඕනි නෑ.ඒක හරිම පහසුවක් , ඒ වගේම අන්තර්ජාල සේවා හරහා පල වෙන ප්‍රවෘතියකට අපිට ඒ වෙලේ ප්‍රතිචාර දක්වන්නත් පුලුවන් comments හරහා හෝ e-mail හරහා.ඒ නිසා අන්තර්ජාල ආශ්‍රිත තොරතුරු සේවා වලින් පාඨකයන්ට interact වීමේ හැකියාව ලැබෙනවා.ඉතින් මේ කියන interact වීමේ හැකියාව , වේගය සහ ඕනෑම වේලාවක තොරතුරු ලබා ගැනීමේ හැකියාව හරහා ජනප්‍රිය උනු අන්තර්ජාල පුවත් සේවා සමාජ ජාල අඩවි තුලට රින්ගන්නේ pages හා groups විදියට. නැතිනම් ඒ ඒ අඩවි වලට ලබා දී ඇති fb share කිරීමේ පහසුකම මත.

දැන් එතකොට මොකක්ද මේ පිළිලයක් වෙන කථාව ?... ඒක වෙන්නේ මෙහෙමයි.මේ යන ප්‍රවනතාව එක්ක අපිටත් පාලනය කරගත නොහැකි මට්ටමින් අපේ ඔලුවට ගලා වැටෙන තොරතුරු ප්‍රවාහයේ ඇති හැම දෙයක්ම සත්‍ය තොරතුරුද ?...මුල ඉදලම තියෙන සම්ප්‍රදායික රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ පොදු සන්ඛ්‍යාත පරාසයක.ඒ කියන්නේ ඒවා මහජන දේපළ.ඒ නිසා ඔවුන් වාර්ථා කරන තොරතුරු,ප්‍රවෘති වල සත්‍ය භාවය පිලිබද වගකීමකින් ඔවුන් බැදී සිටිනවා.නිසි කර්තෘ මන්ඩලයක් සහිතව ක්‍රියාත්මක වන පුවත්පත් පවා එහෙමයි.නමුත් කර්තෘ අඥාත වන fb pages, groups හා blogs වලට මේ වගකීම බලපාන්නේ නෑ.ඒ කියන්නේ ඒවායේ adminලාට හිතට එන ඕනිම දෙයක් පල කරන්න පුලුවන් තමන් වගකීමකින් බැදී නැති නිසා.වර්ථමානයේ ගොඩක් fb pages හා  බැදුණු gossip sites වල news කියලා පල කරන්නේ memes හෝ යම් ප්‍රකාශයක් සදහන් photo එකක්.මේවා ඉතාම සන්ක්ෂිප්ත ආකර්ශනීය වාක්‍ය කිහිපයක් විනා විස්තරාත්මක  ප්‍රවෘති නොවෙයි.ඉතින් මේ පබදිනා වාක්‍ය කිහිපය හෝ පල කරන ඡායාරූපය මිනිසුන්ව ඉක්මනින් දපනෙ දාගන්න පුලුවන් අන්දමින් සකස් වෙන ඒවා බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.මෙවැනි ප්‍රකාශන මගින් ඉලක්ක කරන්නේ විනාඩියකට දෙකකට fb එකට ගොඩ වෙලා relax වෙන්න එන ජන සමූහයව.ඔවුන්ට යම් ප්‍රවෘතියක් විස්තරාත්මකව කියවගෙන යන්න ඉස්පහසුවක් නෑ.ඒ නිසා ප්‍රකාශයට පත් වෙන මෙවැනි news කෑලි වලට ඔවුන් කැමතියි.වඩාත්ම ප්‍රශ්නෙ වෙන්නෙ යම් දෙයක් නිසි පරිදි හොයා බලන්නට ඉස්පාසුවක් නැති මිනිස් ජීවිත මේ ආකාරයෙන් පලවෙන සදොස් වාර්ථා බොහොමයකට රැවටීම.යම් ප්‍රකාශනයක් සහිත එකක් photo දැක්ක ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක දිගට හරහට fb එකේ share කරන අයුරු මේ කාල සීමාවේ අරුමයක් නෙවී.මෙලෙසෙ share වන බොහොමයක් දෑ අසත්‍ය ඒවා.නමුත් කිසිවෙකුට එවැනි අසත්‍ය දෑ පල කලා කියලා  වරදකාරී හැගීමක් එන බවක් පේන්න නම් නෑ.

මෑතදී මෙවැනි සදොස් පුවත් ජාතිවාදය ඇවිලවීම සදහා නොනැවැත්වී භාවිත වෙන බවට නිරතුරුවම දැක ගත හැකී.ඒ වගේම පසුගිය කාලයේදී නලු නිලියන් පිරිසක් මිනී පෙට්ටියක් ලගට වෙලා හිනා වෙලා ගහපු selfie එකක් fb එක පුරා කරක් ගැහුවේ මුන් කොතරම් නැහැදුණු උන්ද කියලා ඔවුන්ට අපහාස කරලා.පසුව  දැනගත්තා ඔවුන් ඒ selfie එක ගහල තිබුනේ නාට්‍ය දර්ශනයක් අතරතුර කියලා.එමෙන්ම මීට මාස කිහිපයකට කලින් ඇති වුනු මහා ගන්වතුර තත්වයේදී යම් page එකක දාපු ප්‍රකාශයක් viber හා sms මගින් පවා ව්‍යාප්ත වුනා.ඒ ප්‍රකාශයේ තිබුනේ තවත් දවසක් වර්ශාව පැවතුනොත් මුලු ලංකාවටම විදුලිය,නළ ජලය හා ඉන්ධන නොමැතිව ලංකාවම ගල් යුගයට යන ඉතා භයානක පණිවිඩයක්.බොහෝදෙනා කිසිදු වගකීමකින් තොරව, නිසි විමසා බැලීමකින් තොරව මෙවැනි පුවත් හතර අතේ යවනවා.මේක ලේසි පහසු තත්වයක් නෙවී.ඒ වගේම ලගදිම උනු සිද්ධිය ගාලු මුවදොර නත්තල් ගහේ සිද්ධිය.මේ නත්තල් ගහේ වියදම එක් page එකක දැමූ photo එකක සදන් උනේ මිලියන 200ක් ලෙසින්. තවත් page එකක් එය වාර්ථා කරලා තිබ්බා මිලිය 600ක් ලෙසට.මේ දෙක share කරමින් බොහෝ දෙනා රජයට හෙන හත ඉල්ලා තිබුනේ අහස පොලව නුහුලන මේ වියදම් විශ්වාසයට ගනිමින්.

සමාජ ජාලා හරහා ප්‍රචාරය උනු මෙවැනි උදාහරණ පිටු ගනන් ලියන්න පුලුවන්.නමුත් කිසිවෙක් මේ තත්වය බරපතලෙට ගෙන නැත්තේ මෙවැනි ප්‍රචාර හරහා තවමත් මහ කලබැගෑනියක් මහ සමාජය තුල ඇති නොවුණු නිසා.ඒකට හේතුව වන්නේ පටන් ගනිද්දිම කීවාක් මෙන්  සමාජ ජාල හරහා සම්බන්ධ වන පිරිස සමස්ථ ජනගහනයත් එක්ක ගත්තතම තවම කුඩා ප්‍රමාණයක් වීමයි.මේ නිසා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව share කරන , fb එකේ ගහමරාගන්න මේ සාවධ්‍ය තොරතුරු මහ සමාජයට බලපෑමක් වෙන්නේ අඩුවෙන්.නමුත් නිසැකවම ඉදිරි දශකය තුල සමාජ ජාල සමග එක් වන රටේ ජන  ප්‍රමාණය පැහැදිලි බහුතරයක් බවට පත්වෙනවා. එවැනි විටෙකදී සමාජ ජාල ආශ්‍රිතව සන්සරණය වන තොරතුරු පිලිබද ඇති බුද්ධිමය සාක්ෂරතාවේ අඩුකම පැහැදිලි අර්බුධයක් බවට පත්වෙන එක වලක්වන්න බැරි වෙයි මේ විදිහට ගියොත්. දහස් ගනන් වූ අසත්‍ය තොරතුරු බෙදා හරින, ජාතිවාදය අවුලවන pages හා web sites සමූහයක් තුල ජීවත් වෙමින් ඒවායින් සත්‍ය අසත්‍ය වෙන් කර ගැනීමේ බුද්ධීමය සාක්ෂරතාව ඇති කරගැනීමට සැම දෙනාටම පුලුවන් විය යුතුයි කියමින් ඉතිරි ටික මීලග ලිපිය දක්වා කල් තබනවා.එතෙක් අපි මේ ගැන ඔබේ අත්දැකීම්  සන්වාද කරමු....

6 comments:

  1. කියන්න කිසි දෙයක් නෑ, සම්පූර්ණයෙන්ම එකඟයි. ඒවයින් ගන්න ඕනෙ ප්‍රයෝජනය ගන්න නොදන්න මෝඩයො ඒවා භාවිතා කිරීමයි ගැටලුවට හේතුව.

    ReplyDelete
    Replies
    1. ඔව්...කිසිදු වගකීමක් නැති විදියට තොරතුරු විශ්වාසයට ගැනීම හ ඒවා බෙදා හැරීම සැබවින්ම මෝඩකමක්

      Delete