හවස් වේගෙන එන හින්ද දියතලාවේ සීතල වැඩිවෙන්මින් තිබුණා. මම සීතලෙන් ගැහි ගැහි එයත් එක්ක කතාව ඇරඹුවා. විනාඩි ගණනාවක් ගෙවී ගියත් මහ දෙයක් අපි අතර කතා වුනේ නෑ. වැඩි හරියක් තිබේ කතා නොකර ගෙවුණු හිස් තැන්. කතාව බෝරිං වේගෙන එන නිසා එයා දැන් යාලුවො ගාවට යන්න හදන බව මට තේරුණා. phone number එක ඉල්ලගන්නව නම් දැන්ම ඉල්ලපං බූරුවො නැත්නම් කෙල වෙනවා. මගේ හිත කෑගහන්න ගත්තා. ඔන්න කකුල් දෙකත් වෙව්ලගෙන එනවා වගේ ඒ පාර.
"ඔයාගේ phone number එක ගන්න පුලුවන්ද ?"....හම්මා..... ඒ මම ජීවිතේට කාගෙන් හරි අහපු අමාරුම ප්‍රශ්නෙ වෙන්න ඕනෙ.
නිමේෂිගේ මූණෙ ඇඳුනා ප්‍රශ්නාර්ථයක්....!!!! ඇස් දෙක ගිනි බෝල දෙකක් උනාද මන්දා......හුටා.....වැඩේ කෙල වුනා වගේ. මං කිව්වා තොට මේක හරියන්නේ නෑ කියලා. මං මගේ හිතට ශාප කලා හිතෙන්ම.
"නෑ ....මේ....මේ ......අපි හෙට ගෙදර යනවනෙ.....ඉතින් සීනියර්ස්ලා කිව්වා ඇතුලෙ ඉන්න අයගෙ නම්බර්ස් ටිකක් ඉල්ලගන්න කියලා......ඇතුලෙ වෙන දේවල් දැනගන්න පුලුවන්නෙ".........මම නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ගත්තා. කකුල් දෙක තවමත් වෙව්ලනවද කොහෙද.
"ඔයා ලඟ පෑනක් තියනවද ලියාගන්න. ?"......එයා අහපි.
මල කෙලියයි. මං කොල, පෑන් අරන් ආවේ නෑනෙ මේ නම්බර් නෙලීමේ කෙරුවාවට......වට පිට බලද්දී ඔන්න එනවා නලිනයා. මං දැක්කා ඌ වටේම් ඇවිද ඇවිද උදේ ඉඳන් නම්බර්ස් ලියා ගන්නවා. ඌ ගාව අනිවා පෑනක් ඇති. අම්මෝ මගේ දෙයියා වඩිනවා.
"මචන්, නලින්......පෑනක් දියන් පොඩ්ඩකට"
"පෑනක් නෑනෙ බන්. කොලයක් නම් දෙන්න පුලුවන්"
මොන බූරුවෙක්ද මේ.යකෝ උදේ ඉඳන් කෙල්ලොන්ගේ ෆෝන් නම්බර්ස් ලියා ගත්ත මූ ලඟ නෑ පෑනක්. නෙදකින් මූසලයා......
"හරි කමක් නෑ මචන්"........හිතට ආපු වචන කටින් පිට නොකර මම ඌට එහෙම කිව්වා.
"පෑනක් තමයි නැත්තේ නැත්තේ හොයගන්න"....මම මෝඩ හිනාවක් දාගෙන ඈට කිව්වා.එයාගේ යාලුවෙක් ආවා එතකොටම එයාව එක්කන් යන්න.
"කමක් නෑ. ඔයා මට ඔයාගේ නම්බර් එක කියන්නකෝ.මං මතක තියාගෙන ඔයාට ring එකක් දෙන්නම් රෑ වෙලා."......නිමේෂි කිව්වා.
මම කිව්වා මගේ නම්බරේ.
"හරි මට මතකයි. මගේ නම්බර් එකේ අන්තිමට 64.රෑට ring එකක් දෙන්නම්කෝ කියාගෙන එයා ගියා."
යකෝ එක පාරයි අහගත්තේ. එක පාරින් පුලුවන්ද ඉලක්කම් 10ක් මතක තියාගන්න.සමහරවිට එයාගේ මතකේ හොඳ ඇති. අන්තිමට 64.කෝකටත් මටත් තිබ්බේ එයාගේ නම්බර් එක අහගන්න. ඒත් දැන් පරක්කු වැඩි. කොහේද එහෙම දෙයක් කල්පනා වෙන්නේ. මං බයේ හිටියේ හින්දි film වල තියනවා වගේ සෙරප්පු පාරක් වදී කියලා.
දවස ගෙවෙමින් හැන්දෑ වෙමින් තිබුණා. ඇකඩමියෙ ground එක මුලුමනින්ම වැහෙන තරමට මීදුමේ ආධිපත්‍ය දැඩි වෙමින් තිබුණා. එකාට එකා නොපෙනෙන තරමට මීදුම ඝනයි. පස්සෙ නලියා මට පෑනක් හොයලා ගෙනත් දුන්නත්, තවත් කෙල්ලෙගෙන් නම්බරයක් ඉල්ලගන්න තරම් මට හයියක් තිබුනේ නෑ. නිමේෂිගෙන් නම්බරේ ඉල්ලගන්න මගේ හිතේ තිබ්බ සියලු ශක්තිය පාවිච්චි කරලයි තිබුනේ. කෙල්ලෙක්ගෙන් නම්බරේ ඉල්ලනවා වගේ භයානක වැඩක් අද දවසේ ආයේ කරන්න මට නම් බැරියෝ.
රෑ වෙද්දි අපි නැවත හොස්ටල් එකට ආවා. සින්නො ඇවිත් ලොකර් එකක දාලා තිබුණු අපේ phones අපිට බාර දුන්නා රෑ 8ට විතර. මම දඩි බිඩි ගාල phone එක on කරල බලන් හිටියා missed call alert එකක් එනකල් 64 අන්තිමට තියන ඉලක්කමකින්. ඒත් එහෙම එකක් ඇවිත් තිබ්බේ නෑ. ගෙදරින් විතරයි අරන් තිබ්බේ. අපිට ඉතින් වෙන කවුරු call කරන්නද......64 කිව්වට මේකිගේ මායම් 64ද කොහෙද, බොරුකාරි.....ඒත් තවම රෑ 8යිනෙ. එයාටත් phone එක හම්බුනේ දැන් වෙන්න ඇති. තව රෑ වෙද්දි call එකක් එයි. මම දිග සුසුමක් හෙලලා ඇඳේ දිග ඇදෙද්දිම දොර දඩෝරියං ගාල ඇරගෙන සින්නො සෙට් එකක් කාමරේට ඇතුල් උනා.
මුලින්ම සුපුරුදු නම් ගම් , ඉස්කෝලේ අහන ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් උනා අපි අට දෙනාටම. ඊට පස්සෙ තව තව ප්‍රශ්න ඉදිරිපත් උනා. හැබැයි කලින් දවස් වල තරම් සැර පරුෂ බවක් තිබුණේ නෑ. මම හිතන්නේ ඒ අපි ඊලඟ දවසෙ ගෙදර යන නිසා වෙන්න ඕනි.
"ඒයි උඹ දන්නවද රාජසිංහ අමුඩෙ ගහන විදිහ?"....උදාරයා දිහාට හැරුණ එක සින්නෙක් ඇහුවා. උදාරයා අන්ද මන්ද වෙලා වටපිට බැලුවා.
"උඹලා දන්නවද ?"...ඊලඟට ප්‍රශ්නය අපි හැමෝටම යොමු උනා......අපි කවුරුත් දැනන් හිටියේ නෑ. ඊට පස්සේ සින්නාගේ උපදෙස් පරිදි උදාරය ගැහුවා රාජසිංහ අමුඩෙ (දන්නේ නැති උන් රාජසිංහ අමුඩෙ කොහොම එකක්ද කියලා පුරාණ පොත පත කියවලා ඉගෙනගනිල්ලා ). රාජසිංහ අමුඩෙ ගස්සවපු උදාරයව දණ ගැස්සුවා උඩ ඇඳේ. අපිට හිනාව වාව ගන්න බෑ. ඒත් ඉතින් පනාව කපාගන්න ඕනි නිසා හිනාව තද කරන් ඉන්නවා. උදාරයටත් හිනා යන්න එනවා, ඒත් එක්කම ලැජ්ජාව නිසා උගේ කන් දෙකත් එක්ක රතු වෙලා.
"දැන් උඹ අමුඩෙ ගහපු ගොවියෙක්. හැබැයි ඉතින් රජ කෙනෙක්ගේ අමුඩෙ ගහපු ගොවියෙක්. ඉතින් ගොවියෝ කතාවක් කරපන් උඹේ උදැල්ල ගැන...."
තව සින්නෙක් උදාරයට කිව්වා.
"හැබැයි උදැල්ල කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට "ප#ය" කියලා කියපන්" (අපි ඒක මල්ලියා කියලා replace කරමුකෝ).
උදාරයා තව තවත් රතු වුනා වගේ. අපිට දැන් නම් හිනාව ඉවසගන්න බැරුව එනවා. උදාරයටත් වඩා අපේ මූණු රතු වෙලා හිනාව තද කරන් ඉඳලා. හිනාව හිර කරන් ඉන්න නිසා මූණයි බඩයි එන්න එන්නම පිම්බිලා එනවා.
"යකෝ තොපි හිනා නොවී ඉන්න එපා. පැලිලා යයි උබලව.....හෙට යන එකේ ඇති තරම් හිනා වෙයන්"......සින්නෙක් පනාව දාන්න අවසර දුන්නා.ඒ අවසරයෙන් අපි බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.
"හා,.... උඹ කතාව පටන් ගනින්"
උදාරයා තටම තටම ඉඳලා කතාව පටන් ගත්තා.
1. ගොවියාට තියන වැධගත්ම උපකරණෙ තමයි මල්ලියා.
2. ගොවියා උදේට කුඹුරට යද්දි මල්ලියාව කරේ තියාගෙන තමයි යන්නෙ
3. ඊට පස්සෙ මල්ලියව අත් දෙකට අරන් කොටාගෙන කොටාගෙන යනවා
4. සමහර මල්ලිලා කොටාගෙන යද්දි මොට වෙනවා.
5. කිඹුලා මල්ලියා තමයි හොඳම මල්ලියා. කිඹුලා මල්ලියා කපන්න කපන්න මුවහත් වෙනවා. අනික් මල්ලිලා වගේ නෙවී.
6. ගොවියා හවසට ගෙදර ඇවිල්ල ගම හාමිනේට දෙනවා මල්ලියව හෝදන්න කියලා.
7. ගම හාමිනේ තමයි ගොවියගේ මල්ලියව පිරිසිඳු කරලා ගන්නේ
හම්මේ ඒ කතාව .........අපි බඩ අල්ලන් පෙරලි පෙරලි හිනා උනා. දවස් 6ක් තිස්සේ නිදහසේ හිනා වෙන්න උනේ නැති එකේ පාඩුව හොඳට ඇල්ලුවා අපි. සින්නොන්ටත් හොඳටම හිනා.
"හා හා....දැන් ඇති දැන් අමුඩෙ ලිහලා සරම ඇඳගෙන බැහැපන් බිමට"........රාජසිංහ උදාරයා බැස්සා බිමට. අමුඩෙ ගහන් ඉන්නකොට උදාරයා රජකමටත් සුදුසුයි.
"දැන් උඹලා හෙට ගෙදර ගියාම......" කියල පටන් අරන් සින්නෙක් පටන් ගත්තා දේශනාවක්. ඒකේන් කිව්වේ ගෙදර ඉන්න කාලේ කැම්පස් එකත් එකත් තියන සම්බ්න්ධතාව තියා ගන්න හැටි ගැන. බණ දේශනාවක් අහන් ඉන්නව වගේ සැදැහැ සිතින් ඒක අහන් ඉද්දි මෙන්න එනවා call එකක් මට. දෙයියනේ නිමේෂි.....මට සින්නො ඉන්නව කියලත් අමතක උනා. දඩි බිඩි ගාල මං කොට්ටෙ යට තිබ්බ phone එක ගත්තා, දන්නෙ නැති අංකයක්, බැලුවා අන්තිම ඉලක්කම් දෙක ...64........නෙවී.....84. මොන මගුලක්ද?
"අඩෝ කවුද කතා කරන්නේ.".....සින්නෙක් ඇහුවා. අම්මටසිරි මුන් ටික තවම මෙතන නේද. මුන් ඉන්නවා කියල අමතක උනා ආපු තදියමට.
"දන්නෙ නෑ ජේෂ්ඨ උත්තමයා." ...
"බොරු කියන්න එපා. උබේ ගමේ කෑල්ල නේද?
"අපෝ නෑ. එහෙම එකක් නෑ."
"බොරු කියන්න එපා. හා හා උඹත් නැගපන් ඇඳ උඩට. කරපන් කතාවක් කෙල්ල උඹට සෙට් උනු විදිහ ගැන."
මේ මොන මරාලයක්ද මේ පහත් වෙන්න යන්නේ. ජීවිතේට කෙල්ලෙක් නොහිටපු මං කොහොම කියන්නද කෙල්ලෙක් සෙට් උනු හැටි. කිහිප පාරක්ම කෙල්ල නෙවී කිව්ව්ට උන් අහුවේ නෑ. ඉස්කෝලේ කාලේ කියවපු මල් කතාවක තිබ්බ කෑල්ලක්වත් මතක් කරගන්න ඕනි. මම උඩ ඇඳට නගිද්දිම වේගයෙන් දොර ඇරගෙන තව එකෙක් කාමරේට ඇතුල් උනා.
"සහෝ...ලොකුවටම එක" පොර කිව්වා.
"බැහැපිය ..ඇඳෙන්" කියාගෙන සෙට් එක පිට උනා.හම්මේ යාන්තම් බේරුනා. දඩි බිඩි ගාල ඇඳෙන් බැහැපු මම ගත්තා call එකක් අර නම්බරේට.සමහරවිට ඒ නිමේෂි වෙන්න ඇති. 64 මොකද 84 මොකද.
rings යනවා.
"හෙලෝ".....එහා පැත්තෙන් ඇමතුවා......
රෙද්ද... කොල්ලෙක්ගේ කටහඬක්.
"මේ නම්බරෙන් මට call එකක් ආව. කවුද මේ".....මම ඇහුවා
"ආහ් දසුනා ........මම කුෂාන්. මාත් ගත්ත බන් phone එකක්. ඒක කියන්න උඹට call කලේ"
"තොගෙ ආච්චිට #&*#!!!**#.........යකෝ වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද call කරන්න. බූරුවා. බලපන් හු** තෝ හින්දා තව ටිකෙන්......." මම ඌට දන්න ඔක්කෝම කුණුහර්ප ටික කියලා අමතන්න ගත්තා.
4 වෙනි කොටසට>>
4 වෙනි කොටසට>>
lol
ReplyDelete++++++++++++
ReplyDelete