තරමක් ඈතින් නොපැහැදිලි සන්ගීතයක් ඇසෙමින් ඇත.එය සැබෑවටම සන්ගීත නාදයක්ද නැතිනම් තම බමන හිස තුල කැරකෙමින් ඇති මායාවක්දැයි සුන්දර අප්පුට සිතාගත නොහේ.ඔහු යන්තමින් තම දෙනෙත් හැර වටපිට බැලුවේ, තමන්ට මදක් ඔබ්බෙන් පියවි සිහියට පත්වෙමින් සිටිනා තම ඇබේනිය හා සහෝදරයාව දුටුවේය.බොදවී ඇති දෙනෙත් යථා තත්වයට පත් කරගැන්මට ඔහු ඇගිලිවලින් තම දෙනෙත් කසන්නට ගති.කාල දොරටුව හරහා තමන් අනාගතය වෙත පැමිණ ඇති බව ඔහුට වැටහුනේ තම අවට පරිසරයේ සහ තමන්ගේ ඇදුම් පැලදුම් වල ඇතිවී ඇති වෙනස නිසාවෙනි.මද වේලාවකින් තිදෙනාගේම තෝන්තු ගතිය නැතිවී ගියෙන් ඔවුන් ඉදිරියට පිය මනින්නට පටන් ගත්හ.කාල දොරටුව හරහා අනාගතයට ප්‍රාදූර්භූත වෙද්දී තමන් හැද සිටින ඇදුම් පවා වෙනස්වී ඇති අයුරු ඒබරන් අප්පුට සිතා ගත නොහැක.අනෙක් දෙදෙනාට නම් කාල දොරටුවේ අත්දැකීම් මින් පෙර ඇති නිසා ඔවුන්ට ඒ පිලිබද එතරම් වගක් නැතිවාක් මෙනි.කාල දොරටුවට ඇතුලු වෙද්දී තමා හැද සිටි සරම හා බැනියම වෙනුවට දැන් ඇත්තේ පරංගි හේවායින් අදිනා අන්දමේ කලිසමක් හා කෝට් බෑයකි.ඒ මදිවට කකුල් දෙකට සපත්තු ජෝඩුවකුත් ඇවිල්ලාය.ගෙදර ගොම මැටි පොලවේ පමණක් නොව හේනේ, වෙල් ඉපනැල්ලේ, බොරලු පාරේත් ඔවුන් ඇවිද්දේ පයට කිසිවක් නොලාය.එහෙව් ඇවිදිල්ලකට හුරුවී ඇති ඒබරන්ට මේ සපත්තු ජෝඩුව පයලා ඇවිදීම නම් මහා කරුමයකි.ටික වේලාවක් යනතුරු ඔහු ඇවිද්දේ කොරෙකු මෙන්ය.දෙකකුල පැටලී කිහිප වතාවක්ම බිම ඇද වැටෙන්නට ගිය ඔහු යන්තම් මූණ කට තලා නොගත්තේ සුන්දර අප්පුගේ ඇගේ එල්ලීමෙනි.මේ සියලු විශ්මයන් හා දෙකකුලේ වේදනාව පරයා ඒබරන්ගේ හිත අමන්දානන්දයට පත්කලේ ආරියවතීගේ විපර්යාසයයි.
ඇය හැද සිටියේ අමුතුම පන්නයේ ඇදුමකි.ඒ ඇදුමට කියනා නමක් ඒබරන් නොදනී.එය පරංගි ගැහැණුන් අදිනා ගවුමේ හැඩයට යන්තමින් සමාන විය හැක.නමුත් එය පරංගි ගවුම් මෙන් ගෙලෙහි සිට පාදාන්තය දක්වා දිගු නොවීය.මෙය වියත් 4ක් වත් දිගු නොවන ගවුමකි.ඇගටම ඇලී ඇති ඇදුම නිසා ඇගේ පිරුණු පියවුරු හා මනා හැඩැති නිතඹ රවුම් වී පෙනේ.මේ ඉතා කෙටි ඇදුම ආරියවතීගේ අලන්කාර පා යුගළ සම්පූර්ණයෙන්ම වාගේ නිරාවරනය කර තිබේ.මනා හැඩයට පිහිටා ඇති කලවා යුග්මයේ පටන් ඇස්වටය දක්වා විහිදයන ඒ රන්වන් පැහැ දෙපා දෙස ඒබරන් බලා සිටියේ කෑදරකමිනි.සාමාන්‍යයෙන් ඈ අදින්නේ හැට්ටය හා චීත්තයයි.ඒ නිසා නිදිවදිද්දී චීත්තය ගලවා විසි කල විට මිසක් ඇගේ දෙපා මෙලෙස නිරාවරනය වී තිබෙනු ඒබරන් මීට පෙර දැක නැත.අනික චීත්තය ගලවා විසි කරන ඒබරන්ට කවදාවත් ඇගේ දෙපා වල සිරිය විදින්නට ඉවසිල්ලක් තිබුනේද නැත.ඇගේ දෙපය මෙතරම් අලන්කාර වෙද්දීත් ඒවා තමන්ගෙන් ගිලිහී යෑම ගැන ඒබරන්ට පුදුම සිතේ.
සිතිවිල්ලේ නිමග්න වෙමින් තිදෙනාම මේ වන විට විශාල නිවසක් වෙත පැමින සිටියෝය.එය ගමේ ගෙවල් මෙන් පිදුරු හෙවිකල මැටි ගෙයක් නොවේ.මාලිගාවක් තරම් විශාල ගෙයකි.සමහරවිට මෙය සැබවින්ම ගෙයක් නොව මාලිගාවක්ද විය හැකි බව ඒබරන්ට සිතිනි.මාලිගය හැම තැනම නොයෙක් පැහැ ආලෝක ධාර විහිදුවන ලාම්පු වැනි දෑ එල්ලා තිබේ.කන් බෙරය පැලීයන තරමේ සන්ගීත නාදයක් දෙසවන් තුලට රින්ගා යයි.ඒ කුමන ආකාරයේ සන්ගීතයක්දැයි තිදෙනාටම වැටහුනේ නැති.සෑම තැනකම තරුණ් ගැටව් හා ගැටිස්සියන් අල්ලාප සල්ලාපයේ යෙදෙති.උන් සියලු දෙනාම නොයෙක් අන්දමේ විලාසිතා වලින් සැරසිලාය.
වටපිට සිරි විදිමින් සිටින තිදෙනා ලගට කොල්ලෙක් මොනවාදෝ බීම වර්ගයක් රැගෙන පැමිණියේය.ඒවා තේ කහට හෝ තැඹිලි වතුර නම් නොවේ.
"මේ මොනවයි මලේ?"....සුන්දර අප්පු කොල්ලාගෙන් විමසීය.
" Whiskey and Vodka තමයි තියෙන්නේ සර්
.....Black label and Absolut "
කොල්ලා පැවසූ කිසිවක් සුන්දර අප්පුට වැටහුනේ නැති.මදක් තාවර වූ ඔහු තසිම මත වූ අවර්ණ පානයක් ඇති වීදුරුවක් අතට ගත්තේය.කොල්ලා තව මොනවදෝ බීම වර්ගයක් තම වීදුරුවට කවලම් කරන්නදැයි ඇසීමුත් අවශ්ය නොවන බව සුන්දර පැවසීය.අනික් දෙදෙනාද ඔහු අනුව යමින් ඒ අවර්ණ පානයම තෝරා ගත්හ.එහිවූයේ අමුතුම සුවදකි.මෙය නම් එකත් එකටම යම් කිසි රහමෙර වර්ගයක් විය යුතුය.ඒ නිසා ආරියවතීට ඒවා පානය නොකරන්නයැයි කීම සදහා සුන්දර ඇය සිටි දෙසට හැරුනු මුත් ඒ වෙද්දීත් ආරියවතී එක හුස්මට පානය කටේ හලාගෙන ඉවරය.පානය යන්තම් උගුරෙන් පහලට යනවාත් සමග ආරියවතීට තම උගුර,බඩ, පපුව සියල්ල පිච්චීගියාක් මෙන් දැනුනි.දෙකනින් දුම් පිට වෙනවා විය යුතුය.ටික වේලාවක් යනතුරු ඇය සිටියේ උතුර දකුණ මාරු වෙලාක් මෙන්ය.නමුත් තිදෙනාම ඉන් සැලුනේ නැති, ඔවුන් දෙවෙනි වඩිය දක්වාත් යෑමට තීරණය කලහ. තුන්වන වඩියත් අවසන්ව ටික වේලාවක් යද්දී ආරියවතී නන් දොඩවන්නට පටන් ගති.හුන් තැනින් නැගිට ඇවිදින්නට තැත් කලද ඇයට කෙලින් සිටීමටවත් නොහැකිය.සුන්දර අප්පු පැන අල්ලා නොගත්තේ නම් ඇය අසල ඇති කණුවක ඔලුව හප්පාගනු ඉස්තිරය.සුන්දර අප්පු ඇය වත්තන් කරගෙන කාමරයක් සොයා යන්නට විය.යන අතරමගදී ඔහුට බීම පිලිගැන්වූ කොල්ලා හමුවිය.
"මලේ , අපිට ඩිංගක් ඇලවෙන්න තැනක් පෙන්නපන්".......කොල්ලා ඔහුට කාමරයක දොරක් හැර දුන්නේය.
"මලේ, මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා නොවෑ.නැද්ද මුකුත් අත් බෙහෙතක්"
කොල්ලා තම සාක්කුවෙන් මොනවාදෝ පැකට්ටුවක් සුන්දර අතට දුන්නේය.
"මේක ටොප් බඩුවක් සර්. සමහන් කියලා කියන්නේ.ඔලුව රිදිල්ලට කියාපු දේ.....ඒ විතරක්ද ඔක ගත්තම කොන්ඩම් ඕන වෙන්නෙත් නෑ.කොන්ඩම් එකෙන් කෙරෙන වැඩෙත් මේකෙන් කෙරෙනවා.ගොඩක් වෙලා වැඩේ කරන්නත් පුලුවන්"......
කොල්ලා අන්තිම ටික කිව්වේ ඇස් නටවමින් මෙන්ය.නමුත් ඌ කිවූ දෙවල් වලින් අඩක්වත් සුන්දරට වැටහුනේ නැති.ඔහු කොල්ලට ස්තූති කරමින් පැකට්ටුව අතට ගති.කොල්ලා කාමරයේ දොර වසාගෙන නික්ම ගියේය.
සුන්දර අප්පු ආරියවතීව කාමරයේ වූ විශාල සයනය මත වැතිරෙව්වේය.ඇය මොනවාදෝ කියවමින් සයනයේ ඇලවුනි.කාමරයේ දොර වැසූ නිසා දැන් දැන් අර කන් බෙරය පැලී යන සන්ගීත රාවය ඇසෙන්නේ අඩුවෙනි.සුන්දරද සයනයේ පසෙකින් ඉද ගත්තේ, සන්ගීත රාවයට කන් දෙන්නට විය.
"ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා,
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නට වත් මට බෑ මෙදා...."
සාලය දෙසින් වාදනය වන සන්ගීත කන්ඩයයි ඒ.අම්මපා එය තමන්ටම වාදනය කරන එකක් මෙනි.එහි ආශාවරී වෙනුවට ආරියවතී යෙදුවානම් ගීතයේ තාලයටවත් හානියක් වන්නේ නැත.එදවස ඇය හා ගෙවූ දිවිය කෙතරම් ප්‍රීතිමත් හා සුන්දර , මියුරු එකක් වුනේද?....නමුත් දැන් ආරියවතී තමන්ට වඩා තම සොහොයුරා කෙරෙහි රාග ආශා උපදවාගෙන ඇතිබව සුන්දර දනී.ආරියවතී මෙතරම් වියරු වූයේ කෙසේද?.
සුන්දර ඇය දෙස බැලුවේය.ඇගේ නිරුවත් දෙපා සයනය මත අපූරුවට ගලා හැලේ.ඔහු ඇගේ නිතඹ සෙමින් පිරිමැද්දේය.ඉන්පසු ඇගේ දෙපා සියුම්ව පිරි මදිමින් පැමිණ ඇගේ පාවහන් ඉවත් කලේය.
මේ අතර ඒබරන් අප්පු කාමරයෙන් පිටත තාවර වෙමින් හුන්නේය.තම වැඩිමහල් සොහොයුරාට අමුඩ ලේන්සුව දොර මත එල්ලා යන්නටත් අමතක වී ඇත.ඔහුට ඒ තරම් තදියමක් ඇවිල්ලා වගේය.නමුත් මේ අලුත් ඇදුම් කට්ටලයේ අමුඩයක් නොමැති බව ඔහුට වැටහිනි.තමන්ගේ කලිසමට යටින් ඇත්තේ අමුඩයක් නොව වෙනත් වර්ගයේ යට ඇදුමකි.නමුත් ඒ යට ඇදුම හෝ දොරේ එල්ලා යාමට තම සොහොයුරාට අමතකවීම ගැන ඒබරන්ට ඇති වූයේ තරහකි.ඔහු තරමක් ශබ්ධයෙන් කැස්සේය.......ආරියවතීගේ කෙටි ගවුම ගලවන්නට මාන බලමින් සිටි සුන්දරට තම සොහොයුරා දොර අද්දර සිට කහිනු ඇසිනි.මුගේ අස්ස කුලප්පුවට ඩිංගක් ඉවසලා ඉන්ට බැරි හැටි.සුන්දර නවත ආරුයවතීගේ ගවුම ලෙහන්නට ඈවෙත හැරෙද්දී ඔහුට එක්වනම තමන් පැමිණි කාර්‍ය සිහිවිය......."මේඝලතා"....ඔව් "මේඝලතා". තමන් මෙහි පැමිණියේ ඇයව සොයන්නට නොවේද?.තමන් නිකරුනේ කාලය නාස්ති කරන බව සුන්දරට සිතිනි.ආරියවතීට තවමත් පියවි සිහියක් නැති බැවින් ඇයට මේඝලතා සෙවීමට පැමිනීමට නොහැක.තමන් තනියම හෝ ඇය සොයා යා ය්තුය.
......සුන්දර අප්පු කාමරයෙන් පිටතට එද්දී එබරන් ඔහු දෙස එක එල්ලේ බලා සිටියේය.
"මම යනවා මේඝලතා හොයන්න"
ඒබරන් කිසිත් නොකියා තවමත් ඔහු දෙස බලා සිටී.
"මේං මේකත් කාලම උඹේ අස්ප කුලප්පුවේ වැඩ අල්ලපන්." ඔහු තමන් ලග තිබූ සමහන් පැකට්ටුව ඒබරන්ට දුන්නේය.
"අක්කන්ඩිව හොදට බලාගනින්...උන්දැට තවම සිහියක් නෑ ඒ හැටි.......මම හෙට උදේ වෙද්දි එන්නම්"......කියූ සුන්දර අප්පු නික ගියේය.
ඒබරන් වහා කාමරයට ගොස් දොර වසාගත්තේය.දනි පනිගා තම ඇදුම් ඉවත් කල ඔහු ආරියවතීගේ ගවුම ඉරා දැමුවේය.ගවුම පරිස්සමෙන් ගලවන්නට ඔහුට ඉස්පාසුවක් වූයේ නැති.මහ පුදුමෙකි, ගවුම ඉරා දැමු පසුත් ආරියවතීගේ ඇගේ යට ඇදුම් දෙකක් ඉතිරිව තිබේ.එකක් ඇයගේ පුන් පියයුරු වසා තිබුණු අතර අනෙක යටිකය යන්තම් වසා තිබුනු රෙදි කඩකි.ඉස්සර නම් ඇගේ හැට්ටය ගලවා ඉවත් කල විගස ඒබරන්ට පෙනුනේ උල්වූ තන පුඩු සහිත ඇගේ මනරම් පියවුරු සගලයි.ඒ රණ තිසරුන් දකින සෑම විටම ඔහුට සිතුනේ උන් ඔහුගේ පහස ඉල්ලා කතා කරන බවය.ඉතින් එවිට ඔහු ඒවා උරා බොන්නේ අමුර්තය සොයන්නාක් මෙන් අශාවෙනි...චීත්තය ගලවා විසි කල පසුනම් ඒබරන්ට ඉතින් කිසිදාක ඉවසිල්ලක් තිබුනේ නැත....
මේ සිතුවිලි අතර සිරවූ ඒබරන් සලිතව ගිය තම සිත එක්තැන් කර ගැන්ම සදහා තම සොහොයුරා දුන් සමහන් පැකට්ටුවේ ඇති කුඩු සියල්ල එක්වරම කටේ හලා ගත්තේය.......සිදු වූයේ ගිනි විජ්ජුම්බරයකි, ඒබරන්ගේ ඉහ මොල රත්වෙමින්, පිට උගුරේ යමින්, බඩවැල් පිටේ යමින් ගලා ආවේ නිමක් නැති කැස්සකි.කැස්සේ තරම කොතරම්ද යත් ඔහුගේ දෑසින් කදුලු දෝරේ ගැලූ අතර අධෝ වාත කිහිපයක්ද පිටවිය.ඔහු වතුර ටිකක් සොයා ගැනීම පිනිස වේගයෙන් කාමරයෙන් එලියට දිව්වේ වැටි වැටී කහිමිනි.තමන් සිටින්නේ සම්පූර්ණ නිරුවතින් කියාවත් ඒබරන්ට මතක් වූයේ නැත.උතුර දකුණ මාරු වී දිවූ දිවිල්ලට ඔහු කොහේ නතර වූවාදැයි දන්නේ දෙවියන් පමණි.......
.......පැය කිහිපයක් ගෙවී ගියේය.උදෑසන හිරු එළිය පොළෝ තලය සිප ගන්නට කෙමින් කෙමින් උත්සුක වෙමින් තිබේ.කාමරයේ කවුලු වසා ලූ තිර රෙදි අතරින් හිරු රැසේ චුම්බනය යාන්තමින් ආරියවතී වැතිර සිටි සයනයට ගොඩවන්නට විය.ඒ හිරු රැසේ මද උණුසුම් චුම්බනයත් සමග ආරියවතී අපහසුවෙන් තම දෙනෙත් හැරියාය.ඒ විසල් කාමරයේ විසල් සැප පහසු සයනය මත තමන් තනිවී සිටී.ඇගේ හිස තවමත් පුපුරු ගසන්නාක් මෙනි.ලෝකය තවමත් කැරකෙමින් ඇති බව ඇයට සිතෙන්නේ කාමරයේ වූ දෑ යාන්තමට තවමත් කැරකෙන්නාක් මෙන් ඇයට දැනෙන නිසාය.මදින් මද තම පියවි සිහියට එද්දී තමන් හැද සිටි වස්ත්‍රය කවුරුන් විසින් හෝ ගලවා ඇති බව ඇයට වැටහිනි.සයනය අසල පොලවේ වූයේ ඒබරන් අප්පු හැද සිටි ඇදුම් කැඩුම් ටිකය.එසේ නම් තමන්ගේ වස්ත්‍රයද ඉවත් කරන්නට ඇත්තේ ඔහු විය යුතුය.නමුත් තමා සිටින්නේ සම්පූර්න නිරුවතින් නොවේ. තම යටිකය ඇදුම් ඉවත් කරන්නට ඒබරන් අප්පු උත්සුක වී නෑ වගේය. යටිකය ඇදුම් ඉවත් නොකරම ඒබරන් අප්පු තම රාග පිපාසය නිවාගෙනද?.....ඇය සයනයෙන් නැගී සිටියේ ඒබරන් අප්පුගේ අස්පගාය මතක් වී නැගුණු මද සිනහවක් සමගිනි.ඒබරන් කාමරයේ නොමැත.සුන්දරද එසේමය.ඇය සෙමින් සෙමින් අඩි තබමින් නාන කාමරය දෙසට යන්නට පටන් ගති.ඇයගේ පයට කුමක් හෝ පෑගුනි.ඇය පැකට්ටුව අතට ගෙන බැලුවාය.රන්වන් පාටින් බැබලුනු ඒ පැකට්ටුවේ ඉන්ගිරිසි අකුරු වලින් ලියා තිබෙන්නේ සමහන් කියා ඇය දැන සිටියේ නැත.....
"ආරියවතී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා,
ReplyDeleteආරියවතී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නට වත් මට බෑ මෙදා...."
උඹ නම් මහ පිස්සු හුත්තෙක් බුවා. ඔන්න සිංහලෙන්ම කිව්වා.
Deletehafoi malakeliyai...man eka compliment ekk vidiyata gannam :D
Delete:)
ReplyDeleteFB eke share kalata thanx lokka
Deleteහම්බෝ මේක!
ReplyDeleteහම්බෝ...ජුගුප්සාජනකයිද ? :P
Deleteආශාවරී...මේකනම් කියලා වැඩක් නෑ...
ReplyDeleteපුන්සිසි නියමයි ඒක