කම්මුලක තැවරුනු
රතුපාට ලිප්ස්ටික්
අතින් පිහදා යවන වේගෙන්
හැකිවුනානම් මකාලන්නට
එදා දැනුනු කිතිකැවුනු සිසිලස
පුපුරු නොගහා තිබෙනු නිසැකයි
රැවුල් ගස් යට නිස්කලංකෙට අද
රතුපාට ලිප්ස්ටික්
අතින් පිහදා යවන වේගෙන්
හැකිවුනානම් මකාලන්නට
එදා දැනුනු කිතිකැවුනු සිසිලස
පුපුරු නොගහා තිබෙනු නිසැකයි
රැවුල් ගස් යට නිස්කලංකෙට අද
යන්න යන බව කියන්නට විත්
පාට වත්සුනු, දෙනෙත් අංජන
දියවෙමින් ඇඳුනු පාට සිත්තම
කමීසෙන් හෝදා මකන වේගෙන්
හැකිවුනා නම් ඉවත්කෙරුමට,
දැනුනු මහ බර උරිස්පත්තට
මේ දැනුත් රිදුම් දෙනවා
බාම් කුප්පිය මදි අතුල්ලන්නට...
පාට වත්සුනු, දෙනෙත් අංජන
දියවෙමින් ඇඳුනු පාට සිත්තම
කමීසෙන් හෝදා මකන වේගෙන්
හැකිවුනා නම් ඉවත්කෙරුමට,
දැනුනු මහ බර උරිස්පත්තට
මේ දැනුත් රිදුම් දෙනවා
බාම් කුප්පිය මදි අතුල්ලන්නට...
ඩිස්ප්‍රින් දෙකක් පැය අටකට වරක් ගන්න.
ReplyDeleteඉස්තූතියි.....අමාරුව සුව වුනා :p
Deleteඑකක් ගෙනත් දෙන්නං
ReplyDelete