Tuesday, July 3, 2018

චාඕ මල්ලි ගැම්මට පේස්බුක් ආවා...






//සනුකගේ චාඕ මල්ලී තාලයට ගයන්න යාලුවනේ



මාස එකයි දවස් දෙකයි ගෙවුනේ නම්
පේස් බුකියෙ කතන්දර මහ ගොඩයි බං
ලංකාවෙම මහ කුණු ගොඩ එතනයි දැන්
මේක නියම ළිඳ සංගමයක් බං

චන්දීමාල්ගේ
බර්ත් ඩේ පාර්ටියේ
කෙල්ලෝ පණ යනකල් නැටුවා
අයි ෆෝන් දුන් වෙලේ
සතුටට හිතුමතේ
රෙදි විසිවෙනකල් උඩ පැන්නා

චාඕ මල්ලි
ගැම්මට පේස්බුක් ආවා
චාඕ මල්ලි
අලුත්ම කුණු ටික බැලුවා
චාඕ මල්ලි
ලෙසටම මඩ ටික ගැහුවා
චාඕ මල්ලි.....

කැලේක හිටි කොටියෙක් වැලිගම යවලා
බලද්දි කොටියෙක් නොව ඌ පත දිවියෙක්
නෙලු තරමට වෙලා ඌ තුනී සව් කොලයක්
කරේ තියන් සෙල්පියකුත් ගහලා බන්

තුන්සිය හැට වෙලේ
ඩිල්කට උත්තරේ
සුජීව උඩ පැන පැන දුන්නා
චාපා ආ වෙලේ
මැද්දට පිනූ වෙලේ
විනාඩි දෙක දෙක ඉල්ලූවා


චාඕ මල්ලී
පදමට වොඩ්කා ගැහුවා
චාඕ මල්ලී
වාහනෙ අන්නා ගත්තා
චාඕ මල්ලී
බොතලේට වතුර පිරෙව්වා
චාඕ මල්ලී....

විජයකලා ප්‍රභාට තවමත් ලව් බන්
මෙහෙ සාදුට හිට්ලර් ඕනලු ආයෙත්
අනෙක් සාදු චීවරෙ ගලවල උරයෙන්
ජම්පරෙ දාගෙන ඉන්නව දැන් මැගසින්

චාඕ මල්ලී
දිවියට මැරෙන්න නෙලුවා
චාඕ මල්ලී
චීනෙන් වරාය හැදුවා
චාඕ මල්ලී
ඡන්දෙට සල්ලි බැස්සුවා
චාඕ මල්ලී

චාඕ මල්ලි
ගැම්මට පේස්බුක් ආවා
චාඕ මල්ලි
අලුත්ම කුණු ටික බැලුවා
චාඕ මල්ලි
ලෙසටම මඩ ටික ගැහුවා
චාඕ මල්ලි.....





No comments:

Post a Comment