අද
අපේ කථාව දෙයියො ගැන.අපේ සමාජෙට ඉතින් දෙයියො කියන්නෙ නැතුවම බැරි subject එකක්නෙ.නයියා නම් දෙවියන් හෝ යකුන් ගැන මෙලෝ විස්වාසයක් නැත.මේ මුලු ජීවිතේටම නයියාට දෙවියන් සිහිවුනේ ඉස්කෝලෙ යන කාලෙ විතරයි.ඒ ඉස්කොලෙ යන්න තියෙන කම්මැලි කමට අනේ අද වැහැපන් දෙයියනේ, ඉස්කෝලෙ යන්න බැරි වෙනතරමටම වැහැපන් කියල ජනේලෙන් අහස බලන් වැහි දෙයියන්ට කන්නලව් කරනකොට.ඒත් ඉතින් වැහි දෙයියා නයියාට කන් දුන්නේ ඉස්කොලෙ ගිය අවුරුදු 13ටම දෙපාරක් තුන්පාරක් විතරයි.ඉතින් මේ වගේ කී දෙනෙක්ගෙ ඉල්ලීම් දෙවියොන්ට එනවා ඇත්ද? ඔය
ඔක්කොම එක පාර ඉශ්ඨ කරන එකත් අමාරු වැඩක් නොවැ.එක දවසක් සුනිල් පෙරේර කිව්වා වගෙ, සුනිල් පෙරේර දෙවියො ඉස්සරහට ගිහින් අනේ දෙයියනේ මගේ දූගෙ love affair එක කඩල දෙන්න කියල ඉල්ලද්දි , එයාගේ දුව ගිහිල්ල අනේ දෙවියනේ අපේ තාත්තලා කියන ඒවා අහන්න එපා මගේ love එක
ගොඩ දාලා දෙන්න කියලා ඉල්ලද්දි දෙවියො උනත් අසරණ වෙනවා ගන්නෙ කාගෙ පැත්තද කියල………කොහොම නමුත් අද මේ ඉඩකඩ වෙන්වන්නෙ
නයියාගෙ ගොන් පාට් වලට නොව කැළණිය වි.වියේ පාලි හා බෞද්ධ අන්ශයේ හිටපු අන්ශාධිපති මහාචාර්‍ය
M.M.J.මාරසින්හ මහතාගේ "බුදු දහම සහ බුද්ධාගම" ග්‍රන්තයේ දෙවියන් ගැන් තිබෙන්නාවූ
කරුණු කිහිපයකට.
බෞද්ධ
පිටක ග්රන්ථවල දැක්වෙන දෙවිවරු තමන් විසින් අතීත භවයන්හීදී කරනලද පුණ්යකර්මවල ප්රතිඵල ලෙස ලබා ඇති දිව්‍ය ආත්ම භාවයේදී එම පින් අවසන් වනතෙක් අඛණ්ඩ සැපයෙන් කල්ගෙවා නැවත සසර ගමනට එක්වන සත්ව කොට්ඨාශකි.......
පුද්ගලයෙක්
පෘතක්ජන අවස්ථාවේ
සිට රහත් බව දක්වා ගමන් කිරීමේදී සීල,සමාධි,ප්රඥා මාර්ගය තුල ගමන් කිරීමෙන්, කායික
සන්වරය තුලින් ඇතිකරගත් ශීලයෙන් පසුව සමාධියට යොමුවේ.ඒ සදහා තමාට යෝග්‍ය වන භාවනා ක්රමයක් තුලින් පටන් ගන්නා මග පළමු,දෙවන,තෙවන හා සිව්වන ධ්යානයන්ට පැමිනීමෙන්
අනතුරුව තමාට අවැසි නම් දෙවියන් පිලිබ්ද ඥානය හෙවත් දෙවියන් හා සන්නිවේදනය ඇතිකර ගැනීමට හැකි බව දැක්වේ.නමුත් මෙය නිර්වාණ අවබෝධය සදහා අව්ශ්ය කොටසක් නොවන්නේය.බුදුන් විසින් අවබෝධ කොටගත් අට ආකාර වූ ඤාණයන් වලින් දෙවියන් පිලිබද මනා ලබා අවබෝධයක් ලබා ගත හැකි බව පෙනේ.
පාලි
පිටක ග්රන්ථවල දැක්වෙන දෙවියන් හා මිනිසුන් අතර කෙරෙන ගනුදෙනුවල ස්ව්භාවයේ ඉතා පැහැදිලි වෙනසක් දැකිය හැකි බව පෙනේ.දේවවාදී ආගම්වල මිනිසා ඉතා බැගෑපත්ව පුදපූජා හා යාඥා මගින් තම ඉල්ලීම් දෙවියන් වෙත ඉදිරිපත්කල යුතු අතර, වඩා හොද ප්රතිඵල ලබා ගැනීම සදහා ඒවා ඉදිරිපත් කලයුත්තේ පුද පූජා පිලිබද විශේෂඥැ දැනුමකින් යුත් පූජකතුමන්ලාගේ මාර්ගයෙන්ය. මිනිසාට කෙලින්ම දෙවියන් හා ගනුදෙනු
කිරීමේ හැකියාවක් නොමැති වීම මීට හේතු වශයෙන් දැක්වේ. බෞද්ධ පිටක ග්‍රන්ථ වල දැක්වෙන
දෙවිවරුන්, තමන්ගේ අව්ශ්‍යතා සදහා බුදුන් හා ශ්‍රාවකයන් වෙත පැමිනෙන අවස්ථ හැර, මිනිසාගේ
අව්ශ්‍යතාවයන් මත ළගා විය හැකි දේවාවලියක් ගැන පාලි පිඨක ග්රන්ථ වල නොදැක්වේ.
පාලි
පිටක ග්රන්ථවල දැක්වෙන දෙවිවරුන්, බුදුන්
හා ශ්රාවකයන් මුනගැසුන අවස්ථා ධ්යානයක් තුලදීම සිදුවූ කාර්යයන් බව සදහන් වේ. මෙසේ දෙවිවරුන් පිලිබද ඤාණ දර්ශනයට අනුව දෙවිවරුන් ප්රධාන වශයෙන් කොටස් දෙකකට අයත් බව පෙනේ.පලමු කොටස සාම්ප්රදායික ඉන්දීය දේවාවලිය ඇසුරෙන් සකස්කරගත් දෙවිවරුන් වන අතර දෙවැන්නට අයත් දෙවිවරුන් වනුයේ බුද්ධකාලීන සමාජයේ ක්රියාකාරී මිනිසුන් වශයෙන් ජීව්ත්ව සිට මරණයෙන් පසුව දෙවියන් වශයෙන් ඉපිදි දෙවිවරුන් වශයෙනි.මේ එකද දෙවියෙක්වත් තමන්ට අයත් පුද පූජා විශේශයකට හිමිකම් නොකියන අතර, ඔවු සදහා අනුමත වූ වන්දනා හෝ පූජාවිදි කිසිවක් ගැනද මුල් පාලි පිඨක ග්රන්ථ වල නොදැක්වේ. පියවි
ඇසට නොපෙන දෙවියන් නම් සත්ව කොට්ඨාශය ගැන බුදු දහමේ එන පැහැදිලි කිරීමේ සාරන්ශය මෙසේය
1. දෙවියන් ප්‍රකෘති ඇසට නොපෙනෙන නමුත් ඔවුන් හා සන්නිවේදනය කර ගැනීමේ හැකියාව පවතී( එය ප්‍රඤඤා අවබෝධයේ සතරවන
ධ්යානයෙන් පසුව උදා කරගත හැක )
2. අමරණීය
නොවේ.තම්න්ගේ ආයු කාලය නිමවූ පසු නැවත ස්න්සාර ගමනට එකතු විය යුතුය.
3. දෙවියන්
අභ්යවකාශයේ පිහිටි වෙනම ලෝකයක වාසය කරන්නන් නොවන අතර,ඔවුන් උසස් පහත් වශයෙන් දක්වා ඇත්තෙ ඔවුන්ගේ අධ්යාත්මික දියුණුව මතය.(එක් එක් ලෝක වල වසනා දෙවියන් පිලිබ්ද මතය හින්දු හා වෙනත් දේව දර්ශනයන් සමග පටලවා ගැනීම නිසා සිදුවූවක් බව පෙනේ )
4. නිර්වාණාවබෝධය
සදහා කිසිම දෙවියෙක්ට උපකාර කල නොහැකිය.
5. මිනිසාගෙන්
ලැබෙන පුද පූජා ලබා ගැනීමට හෝ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි සත්ව කොට්ඨාශයකි.
6. මිනිසා ජීවත්වන භෞතික පරිසරය තුලම වසනා දෙවියන්ට හා භූත කොටස් වලට මිනිසාගේ වැඩකටයුතු වලට කිසිම ආකාරයක බලපෑමක් කල නොහැක.
තවත්
කොටසක් පසුවට..
