අපේ
රටේ පිරිමින්ට ගැහැණුන් සමග ලොකු ඇරියස් එකක් තිබෙන්නේය.එය අතීතයේ පටන්ම එසේය.කසාද බදින විට ගෑණුන්ගෙන් දෑවැද්දක් ගන්නේත් උන්ගේ කන්‍යා භාවය බලන්නේත් ගෑණුන් අපිට වඩා පහත් ජාතියක් ලෙස සැලකූ නිසාය.ගැහැනියක් තමන් කසාද බදින පිරිමියාගේ මට්ටමට ඒමට නම්, ඇගේ පෙට්ටිය කඩා නොගෙන තවත් ලක්ෂ ගනන් වටිනා දෑවැද්දක් සමග පැමිනියොත් පමණි ඇයට පිරිමියාට සමවිය හැකි වුනේ. ඇයට යම් ගෞරවයක් ලැබුණානම් ලැබුනේ ඇය මවක් වීමෙන් අනතුරුවය.මවු පදවිය යනු ලොව උතුම්ම පදවිය ලෙස කියමින් වුවත් ලන්කාව තුල එය භාවිත වන්නේ මවු පදවි කිරුල පලන්දා ඇයව පොඩි මුරුන්ගා අත්තක එල්ලා තව තවත් ඇයගේ නිදහස දරුවන් නමැති යදමින් බැද සීමා කිරීම සදහාය.
ඒ අතීත ගොන් පුරුදු කෙමෙන් වියැකී යමින් පැවතියත් යලි යලි අලුත් මුහුනුවරින් මේ ඇරියස් එක මතු වෙන්නේය.මෙය තමන්ගේ බිරිද හෝ පෙම්වතිය පිටින් පමණක් යන අසහනයක්,කේන්තියක් නොව සමස්ථ ස්ත්‍රී ප්‍රජාව පිටින්ම පිට කර හරිනා ලින්ගික ඉරිසියාවක් හා කුහක කමකි.පසු ගිය කාලයේ ඒ කුහක කමට ගොදුරු වුනු අය අතර වාරියපොල කෙල්ල,BMW අක්කා,සුජී,ශනුද්රි,නදීශා හා ගන්වතුරේ selfie ගැසූ කෙල්ල වුනෝය. මේ සියලු දෙනා අන්තර්ජාලය තුල නොමද අපහාසයට පත් වෙන්නේ උන් ගැහැණුන් වීම නිසාය.නදීශාගේ සිල් බිදගත්ත video
එක තලු මර මර බලන එවුන් video
එක බැලුවේ kiss
එකෙන් එහා ගිය sex එකක් ඇතැයි බලාපොරොත්තුවෙනි.ඊට එහා ආතල් එකක් නොලැබුනත් ලැබුනු fun එක අරන් අන්තිමට පිටව යන්නේ නදීශාට කුනුහරුපෙන් බැනලාය.ඇය වේසියක්,බඩුවක්,සින්හල ජාතිය වනසනා සැතිරියක් බවට අපහාස කරලාය.උන්ට කලා නිර්මාණයකත් සැබෑ ලෝකයත්
අතර ඇති පරතරය හදුනා ගන්නට බැරිය.ඒක අස්සේත් හොයන්නේ තමන්ගේ ඇරියස් එක පියවා ගන්නට විදියක් මිස අන් කිසිවක් නොවේ.පසුගිය දවස් වල දෙහිවල දුම්රිය අනතුරෙන් මිය ගිය තරුණියන් දෙදෙනාට නිවන් සුව ප්රාර්ථනා කරමින් හෙන post තොගයක් fb
එකේ share විය.මේ හැම post
එකේම තිබ්බේ ඕනෑ එකෙක්ගේ ඇස් ඇදගන්නා පෙනුමැති තරුණියන් දෙදෙනාගේ hot photo එකකි. තරුණියන් දෙදෙනාව ජීවිතේට දැකලා නැති, තරුණියන් දෙදෙනාට කිසිම අදාලත්වයක්,ඥාතීත්වයක් නැති එවුන් හොටු පෙරමින් උන් දෙන්නාට නිවන් සැප පැතුවේ උන් කෙරෙහි ඇති දුකක් නිසා නොව තමන්ගේ අසහනය නිසාය.හැම මාසෙකටම එකෙක් කෝච්චියේ හැපිල මැරුනත් උන් එකෙකුටවත් නිවන් ප්රාර්ථනා නොකරන අපි ඒ දැරිවියන් දෙදෙනා වෙනුවේ පට්ටෙට හොටු හැලුවෙමු.
අද
සටහන ලියන්න විශේශයෙන් උත්සුක වුනේ ඇගේ ඇස අග ෆිලුමේ වි.වි ශිෂ්‍යාව සමග මොකක්දෝ පත්තරේක පලවූ interview එකක් කියවීමෙන් අනතුරුවය.ඒ interview එක කරපු එකාට මුලු interview එක පුරාම ඕනෑ වී තිබ්බේ චිත්රපටයේ අඩ නිරුවත් දර්ශන වල ඇත්තටම සිටියේ ඇයද ? නැද්ද ? යන්න සැක හැර දැන ගැනීමටය.සරලව කිව්වොත් අපි දුටු ඒ දෙතන ඇගේමද ? ,යන්න සැක හැර දැන ගැනීමටය.
කොහොමත්
ඉතින් ලන්කාවේ අපිට වටින්නේ ලන්කාවේ දේවල් බව ඇත්තය.සුද්දියන්ගේ වැල බලා හෙම්බත් වී සිටින අපිට ලන්කාවේ කෙල්ලෙක්ගේ වැලක් බලන්නට ඇත්නම් ඉතින් ඊට වඩා දෙයක් නැත.ඒත් ඉතින් made in sri lanka වැල කිසි ප්රමිතියක් නැති එව්වාය.Video
quality එක බින්දුවය,සද්දේ හරියට ඇහෙන්නේ නැත්තේය.ඉතින් අපේ made in sri lanka අසහනය දුරු කිරීමට ඒවා හරියන්නේ නැත.ඒ දවස් වල ලුවී වැන්ඩස්ටාර් වගේ නමක් ඇති පොරක් වැඩිහිටියන්ට පමණයි සින්හල ෆිලුම් පෝලිම්ක් හැදුවත් ඒවායේ සිටින කද බඩ මහත නිලියන් දගලන ගොන් දැගලිලි දැක්කාම අපේ බඩ දගලනවාය.උන්ට sex scene එකක් තියා හරියට තොලක්වත් දාගන්නට බැරිය.ඒ අතින් බැලූ කල හදයා පට්ට විදියට අදාල sex scene ටික කොරලා තියනවාය.චිත්රපටියේ මැද ඇති fantasy sex
scene එකේ
කලාත්මක බව හා සරාගී බව ආයේ මේ රටේ වෙන film එකකින් නම් සොයනවා බොරුය.ඒ සමග කියවෙන දෙබස් හා සන්ගීතයේ මුසු වීම ආයේ කියලා වැඩක් නැත.සාර්ථක
සිනමා නිර්මාණයක ලින්ගිකත්වය යොදා ගෙන ඇති අපූරුවට නයියා හෙනම කැමතිය.ඒක වැඩිත් නැතුව අඩුත් නැතුව තිබෙන්නේය.
දැන්
අපි නැවත පත්තරේ වූ interview එක දෙසට හැරෙමු.එහි මූලික අරමුණ වී තිබ්බේ රිතිකා ඇත්තටම ඇදුම් ගැලෙව්වාද ? ,නැත්නම් අපි දකින්නේ රිතිකාගේ නොවන වෙනත් ගැහැනියකට අයිති තන් දෙකක්ද ?,රිතිකාට ඒ scenes ටික කර්ද්දී ලැජ්ජාවක් සිතුනේ නැද්ද ? යන්න දැන ගැනීමටය.මීට කලින්ද ඉගිලෙන මාලුවෝ හි ගයේශා සමගද පැවැත්වූ interview series එකකම දිගින් දිගටම අහලා තිබ්බේ මේ ප්රශ්න ටිකමය.ඇත්තටම මේ ඉන්නේ ඔයාද ? ,මේ scene එක කරනකොට වටේ තව කට්ටිය හිටියද?,ඇත්තටමද scene එක කලේ ?නැත්නම් එහෙම පෙන්නනවා ඉතරද?.......මේවා ආච්චිගේ රෙද්දේ ප්රශ්නය.මෙවැනි ප්‍රශ්න වලින් පැහැදිලිව ප්‍රදර්ශනය කෙරෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ඇති ලින්ගික අසහනය හා කුහක කම නොවේද?.....සිනමා නිර්මාණයක මවා පෙන්වන ලෝකයේ ඇති සියලු රස එක film hall ඇතුලේදී විද hall එකෙන් එලිය ආ විට සිනමා නිර්මාණය පිලිබද බුද්ධිමය හෝ නිර්මාණාත්මක කතිකාවක් වෙනුවට අපේ උන්ට අවශ්‍ය වනුයේ film එකේ ඉන්නා කෑලි ටිකත් එක්ක මනසින් බුදියා ගන්නය.නැත්නම් film එකේදී මේ sex සිද්ධි වූ ආකාරය පිලිබද හරියටම දැනගෙන ඒවා මතක් කරමින් වැල අදින්නටය.නැත්නම් එකේ රගපෑ නිලියන්ට දන්නා සියලු කුණුහරුප කියමින් අන්තර්ජාලය හරහා අපහාස කිරීමය.මේ ඉතින් ලන්කාවේ සමාජ වර්ගයා තුල ඇති පරපීඩාකාමි ලින්ගික කුහකත්වයයි.වරෙක ඉගිලෙන මාලුවෝ හි රගපෑ සම්පත් ජයවීරගෙන්ද පාරේදී හම්බෙන හබෙන උන් අසා තිබ්බේ sex scene එක ඇත්තටම කලාද කියලාය. පොලීසියේ ගොන් රාලහාමිලා ටිකක් අසා තිබ්බේ මාර ආතල් එකක් ගත්තා නේද කියලාය.
ඔය
ඉතින් සිනමාව ගැන අපේ රටේ ජනයාගේ කියවීමය.දන්නා පරිදි ඇගේ ඇස අග ෆිලුමේ මහාචාර්යවරයාගේ චරිතය සදහා තෝරාගත් මෙරට නලුවා එහි ඇති දර්ශන ඉදිරිපත් කරන්නට මැලිවී දාලා ගියේලු. එනයින් බලන කල රිතිකා භාරගෙන ඇත්තේ එසේ මෙසේ අභියෝගයක් නොවේ.එක දවසක් රූපවාහිනී වැඩසටහනකට පැමිනි ධනන්ජය සිරිවධන නම් රන්ගන ශිල්පියා කියා සිටියේද තමන් ලන්කාවේ ජීවත් විය යුතු නිසා නිරුවත් ජවනිකා ඇති පිටපත් භාර නොගන්නා බවය.මොකද වැරදිලාවත් ඔවැනි චරිතයක් කලොත් පිරිමියෙක්ට පවා පාරේ බැහැලා යන්න අමාරු බව සම්පත්ගේ කථාවේද කියවුනු බැවිණි.program ඒකේ අනික් පැත්තේ සිටි ජැකාගේ ලොකු කොලුවා තමගේ අප්පච්චී මෙන් හෙන පාණ්ඩිත්‍ය talks දෙන්නට යමින් සන්ස්කෘතිය හා සබ්‍යත්වය ගැන හෙන ගොන් talk එකක් ඇද බෑවේය.ඉතින් ලන්කාවේ සිනමාව කෙසේ මෝරා වැඩෙන්නද?
පාසල් විෂය පද්ධතියෙන් කලාව අතුගා දැමූ රටක,සන්ස්කෘතිය කියන්නේ මොකක්ද කියා පන්සලේ හාමුදුරුවන්ගෙන් හා අම්මා තාත්තාගෙන් අසා දැන ගන්නා පරපුරක් ඇති රටක,නිසි කියවීමක්,හැදෑරීමක් නොමැති ආකල්ප සන්වර්ධනයක් නොමැති ජනතාවක් වෙසෙන රටක සිනමා රසවින්දනය යනු විහිලුවක්ම පමණකි. සිනමාව රසවිදින්නට,විචාරන්නට අපිට සැබෑ ප්රේක්ශකාගාරයක් නොමැත්තේය.එහි එන්නේ රට පුරා විසිරී සිටින, ගෑනුන් මතින් තම ඇරියස් cover කර ගන්නට බලා සිටිනා පරපීඩාකාමී ලින්ගික අසහනයෙන් පෙලෙන්නාවූ පිරිමින් ගොඩක් හා ගැහැනුන්ගේ තීරණ ගැනීමේ අයිතියට හා දිනාගන්නට තනනා ස්වාධීනත්වයට ඉරිසියා කරමින් සැමදා අන්ධකාර් සිතුවිලි තුල සිරවී සිටින ගැහැනුන් ගොඩකුත් පමණි.
